Friday, April 19, 2019

ලෝක කුසලාන ඉතිහාසයේ සදානුස්මරණීය තරග දහය : අංක 10 - ඔබ අතින් ගිලිහුනේ ලෝක කුසලානයයි ......

එළැඹෙන 2019 ලෝක කුසලානය අභිමුවේ එදා මෙදාතුර පැවති ලෝක කුසලාන තරගාවලි එකොළහ තුළ පවත්වන්නට යෙදුණු තරග අතුරින් වඩාත් උද්වේගකර තරග පිලිබඳ අපූරු සටහනක් සුප්‍රකට ඊ.එස්.පී.එන්. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අයත්, ද ක්‍රිකට් මන්ත්ලි නම් වෙබ් සඟරාවේ ඵල කෙරුණා. ඒ  "Greatest World Cup Matches" යන ශීර්ෂය සහිතව. අද සිට එම ලිපි මාලාවේ පරිවර්තනයක් මෙහි ඵල කිරීමට තීරණය කළා. මේ එහි පළමු වන්නැයි.  

 ඇලන් ගාර්ඩ්නර් විසිත් රචිත "You've Just dropped the World Cup" ලිපියේ සිංහල පරිවර්තනයකි මේ.

1999 දී ලීඩ්ස් හී පැවති ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර සුපිරි හය දෙනාගේ වටයේ තරගය.

ඕස්ට්‍රේලියාව එම තරගය කඩුලු පහකින් ජය ගනු ලැබුවා.
පින්තූරය ගත්තේ : www.thecricketmonthly.com වෙතින්

සිදු වුයේ කුමක්ද ?

මූලික වටයේ තරග වලදී නවසීලන්තය සහ පකිස්තානය හමුවේ ලැබූ පරාජයන් නිසා ඕස්ට්‍රේලියාව පසු වුයේ විශාල පසුබෑමකය. සුපිරි යහ දෙනාගේ වටයට යනවිටත්, තමන්ට ඉදිරියට යාමට නම්  දකුණු අප්‍රිකානු කණ්ඩායම  අනිවාර්යයෙන් පරාජය කලයුතු බව ස්ටීව් වෝගේ කණ්ඩායම දැනගෙන සිටියා.    හර්ෂල් ගිබ්ස්ගේ ලකුණු 100ත් සමග ඔස්ට්‍රේලියාට ලකුණු 272ක් හඹා යාමේ අභියෝගයක් ලැබුණද, ලෝක කුසලාන ඉතිහාසයේදී ගිබ්ස් විසින්  ලබාදුන් සුවිශේෂී දායකත්වය මෙයම නොවීය. ලකුණු 48කට කඩුලු 3ක් දැවී සිටියදී මන්දගාමීව සිටි වෝට එකතු වූ රිකී පොන්ටිං, උවමනාවෙන්ම තීව්‍ර කළ, පන්දු 47කින් ලබාගත් ලකුණු 50 නිසා හඹා යාමට නව ජීවයක් එකතු කළේය. ඉන්පසුව මාරක අවස්ථාව උදා වුයේ, ලකුණු 56ක් ලබා සිටියදී ලාන්ස් ක්ලුස්නර්ගේ පන්දුවක් මිඩ් විකට් කලාපයට ෆ්ලික් කලවිටය. ගිබ්ස් උඩපන්දුව ලබා ගත් නමුත්, එය ගුවනට මුසු කළ මොහොතේදී, එය ඔහුගේ ග්‍රහණයෙන් මිදීනි. "ඔබ අතින් ගිලිහුනේ ලෝක කුසලානයමයි" , වෝගේ (අවාසනාවට අභූත) ප්‍රතිචාරය විය. ඔහු නොදැවුණු ලකුණු 120ක් සමගින් ජයග්‍රණය තහවුරු කළේය. 
මෙය ස්ටීව් වෝගේ ඉනිමේ වීඩියෝ දර්ශනයකි.අවාසනාවකට එය අපගේ
කළාපයේ ප්‍රදර්ශණය සඳහා විවෘත්ත නැත. 
එය සදානුස්මරණීය වන්නේ ඇයි ?


වෝගේ ඉනිම, ඒ දක්වා ඔහු ක්‍රීඩා කර ඇති සීමිත ඕවර් තරග 266 තුළදී ලබාගත් දෙවන ශතකය වෙයි, එය පීඩනයට යටතේ අයිස් මෙන් සිසිලසකින්, සන්සුන්ව පිතිකරණයේ යෙදීමට ඔහුට ඇති  කීර්තිය නොපෙන්වන ලකුණු රැස් කිරීමකි.  පන්දු දෙකක් ඉතිරිව තිබියදී ලද ජය ඕස්ට්‍රේලියාව අර්ධ අවසාන තරගයට ගෙනගිය ගමන් මග විය - පරාජය වූවානම් සිම්බාබ්වේ කණ්ඩායම් අවසන් කණ්ඩායම් හතර සඳහා සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණි - නමුදු ප්‍රතිඵලය තවත් විශාල වශයෙන්සු විශේෂී ඉනිමක් ක්‍රියාත්මක වීමට හේතු විය. එම කණ්ඩායම් දෙකම තවත් දින හතරක අවෑමෙන් දෙවන අවසන් පූර්ව තරගයේදී, බර්මින්හැම්හිදී යලි මුණ ගැසිණි, නමුත් එය අවසාන වුයේ කලබල සහිත ලකුණු සම වීමකිණි,  සුපිරිය හය වටයේදී දකුණු අප්‍රිකාව හමුවේ ලබාගත් ජය නිසා ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගය වෙත යවන ලදී(එම තරගාවලියේදී ධල ලකුණු ලබා ගැනීමේ වේගයට පෙර ඇතුව දෙදෙනා අතර තරගයේ ප්‍රතිඵල සැලකිල්ලට ගැනිණි, එනමුදු ඒ වනවිටත් ඔස්ට්‍රේලියාව එම ලකුණු ලබා ගැනීමේ වාසියද සහිතව පසුවිණි).

ඔවුන් මෙසේ පැවසීය 

"ඔබ තේරුම් ගත්තාද, ඔබ ඔබේ  කණ්ඩායමේ තරගයෙහි වටිනාකම අත්හළ බව"
- ඇත්තටම ස්ටීව් වෝ හර්ෂල් ගිබ්ස්ට පැවසු දෙය(ඔහුගේ ජීවිත කතාවේ සඳහා පරිදි)

"ඔහු අතින් එය ගිලිහිණ, මට එය විශ්වාස කළ නොහැකියි ! එය ඇදහිය නොහැකියි ! ඔහු එය ඉවත දැම්මා, ඔහු හිතුවේ ඔහු එය රැක ගත් බවයි ... හොඳයි, මෙය මේ තරගයේ ගමන් මග වෙනස් කිරීමට හේතු වන බව එක්කන්තයි"
- ටෝනි ග්‍රෙග් විස්තර විචාරය අතරතුර. 

ඇලන් ගාර්ඩ්නර් ඊ.එස්.පී.එන්. ක්‍රික්ඉන්ෆෝ හි නියෝජ්‍ය කතෘ වරයාය. 

කරුණාකර මෙය උපුටා  දක්වනවා නම් මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බව සහ ක්‍රික්ඉන්ෆෝ හී ඵලවූ ලිපියක් බව සඳහන් කිරීමට කාරුණික වන්න. 

ඉඩ ලැබෙන පරිදි කෙසේ හෝ මෙම වාර්තා දහය පරිවර්තනය කිරීමට උත්සාහ කරන්නම්. 

13 comments:

  1. එල! පරිවර්තනය එහෙම පිටින්ම නැතුව තේරෙන සිංහලන් උඹේ වචන වලින් ලියුවානම් මිට වඩා ඉන්ටරෙස්ට් වෙයි. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දාන්නේ හතරවෙනි වතාවට. පලවෙනි එකේදී තේරෙන සිංහලෙන් ලිවුවා. ඒක ගිලුණා. ආයි දාන වෙලාවේ ඊළඟ පොස්ට් එක ලියන්නම්.

      Delete
  2. ගිබ්ස් බෝලේ අතහැරුනාම ඒක ගැන කලබල වෙන්නේ නැතුව අත් දෙක උඩ දාලා සෙලිබ්රේට් කළා නම් බෝලේ අත හැරුනා කියා කොහොමවත් ඔප්පු වෙන්නේ නැහැ. බෝලය අල්ලා ගත් පසුව එය පාලනයෙන් තොරව වැටුනාද, හිතාමතාම වැටෙන්න සැලස්වූවාද කියන එක රඳා පවතින්නේ බොඩි ලැන්ග්වේජ් එක මතයි. මෙතනදී ගිබ්ස් හැසිරුනේ ""හරියටම ලෝක කුසලානය බිම වැටුනා '' කියන බොඩි ලැන්ග්වේජ් එක කාහටත් පෙනෙන ආකාරයටයි. හන්සේ මේකට අවුට් එක ඉල්ලුවාට ලැබුනේ නැත්තේ බෝලේ බිම වැටුනේ තමාට පාලනය කර ගැනීමට නොහැකි කමින් බව පෙනෙන ආකාරයට ගිබ්ස් හැසිරුණ නිසයි.
    මේ මැච් එකෙන් පාඩමක් ඉගෙන ගෙන වත්, සිහිකල්පනාවෙන් සෙල්ලම් කරලා සෙමි ෆයිනල් එකේදී වත් අතට ආපු දිනුම භුක්ති විඳින්න තරම් වාසනාවක් ඔවුනට නොලැබීම ''කරුමේ'' මිසක් නොහැකියාව නොවෙයි. "සූළු" ෆ්ලෙමින්ග් ට අන්තිම ඕවරේ බවුන්ඩ්රි දෙක ගහනකොට වෙලාව(ඕස්ට්‍රේලියාවේ) පාන්දර 3.45 ට විතර ඇති. ඒ සන්තෝසෙට ඔස්ට්‍රේලියාව පරදින හැටි පෙන්නන්න මම ගිහිං වයිෆ් ව ඇහැරවාගෙන ආවා. ඒකත් හරියට මහින්ද රාජපක්ෂ මහත්තයා වර්ල්ඩ් කප් ෆයිනල් බලන්න ගියා වගේ තමයි. දුක විතරයි.
    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ගිබ්ස්ටත් පසුව තරග පාවාදීමේ චෝදනා තිබුණ නිසා එහෙම දෙයක් කළාද දන්නේ නෑ. ඔබේ මතකය ඉතා වටිනවා. ඉදිරි ලිපි කිහිපයත් බලන්න එන්න.

      Delete
  3. මේ කතාව මට ලාවට මතකයි. 1999 ලෝක කුසලානයේදී එවකට ලෝක ශූරයන් පළමු වටයෙන්ම ගෙදර ආවා කියලනම් හොදට මතකයි...

    සුදික Chainaman පොත කියවලා තියනව ද? මම මේ දවස් වල ඒක කියවනවා. කියවලා නැත්නම් කියවන්න, සුදීක වගේ cricket පිස්සෙක්ට ගොඩක් ආස හිතෙන පොතක්..

    ReplyDelete
    Replies
    1. අනුනවයේදී රොෂාන් මහානමා ගහපු එක පාරකට සුනිල් ගවෙස්කාර් කිවුවේ ඇග්රිකල්චරල් ෂොට් කියළා. ඒ පාර අපි වේලාසනින්ම අකුලාගෙන ආවා. මහේලගේ ඉනිමක කමෙන්ට්‍රියක් දීපු වට්මෝර් කිවුවේ, මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනාගත ආයෝජන කියළා ඒක ඇත්ත වුණා.

      චයිනමන් පොත භාගෙට බැලුවා. මං ගාවත් තියෙනවා. ඒකෙ අග මුල ගැට ගහගන්න අමාරු එක තමයි වැඩේ.

      Delete
    2. පොත සම්පූර්ණයෙන්ම කියෙව්වම අග මුල ගානට ගැලපෙනව, අමතර පැහැදිලි කිරීම් පස්සේ බලන්න පුලුවං. ඕන නම්!

      Delete
  4. සමලිංගික මිනිසුන්ට අපගේ සහය මෙසේ දක්වා සිටිමු.

    ReplyDelete
    Replies
    1. තේරුණේ නෑ. ඔයාට තැන මාරු වුණාද ?

      Delete
  5. අවුරුද්ද මතක නෑ. එංගලන්ත ඕස්ට්‍රේලියා සෙමි ෆයිනල් එකකත් ඔහොම කැච් එකක් අත ඇරුනා මට මතක විදියට ස්ලිප් හිටිය ගුඩ් ගේ අතින්. ඒ වෙලාවෙ ඕස්ට්‍රේලියා බැට්මන් (මට නම අමතකයි) කිව්වා පුතා උඹ ඔය බිම දැම්මේ වර්ල්ඩ් කප් එක කියල.

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ ඉතිහාසය යලි යලිත් සිදු වෙමින් යනවා කියළා.

      Delete
  6. වැට ගැහුවේ උද ඇනෝගේ කමෙන්ට් එකටද ?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...