Sunday, December 31, 2017

අවදි වන්න - අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ ......

අහෝ සිංහල බ්ලොග් කළාවට සිදු වූ දෙයක් ! මෙය නිතර බ්ලොග් කියවන මාගේ කාර්යාලීය මිතුරෙකුගේ මුවින් පිටවූ වදන්ය. දින කිහිපයකට උඩදී මා මුණගැසුණු ඔහු පවසා සිටියේ දැන් කිසිවකුත් බ්ලොග් ලියන්නේ නැත යන්නයි. දැන් බොහෝ දෙනා තමන්ගේ අදහස් මුහුණු පොතේ සටහන් කරනවා යන්න බොහෝ දෙනා පවසන කරුණකි. එය සත්‍යයක්ද ? ඒසේනම් බ්ලොග් යනු යල් පීනු ක්‍රමවේදයක්ද ? එය සතයක් යයි පිළිගන්නට මා නම් සුදානම් නැත.  මන්ද මුහුණුපොත බොහෝ පාඨකයන් පිරිසක් ග්‍රහණය කර ගැනීමට හැකි මාධ්‍ය වුවද, එය බ්ලොග් සඳහාම වෙන්වූ අවකාශයක් නොවන නිසාය. 

බ්ලොග් වල තිබෙන සුව්ශේෂී ලක්ෂණ  කිහිපයක්ම  වෙයි.  ඒ ඔබ සඳහාම වෙන් වූ ඉඩකඩක් තිබීම, සෙවුම් යන්ත්‍ර වලට ඔබ තබන ලද සටහන් හසු වීම, ඒ සඳහාම වෙන් වූ පාඨකයන් පිරිසක් සිටීම වැනි කාරණාය. නමුත් බ්ලොග් වලට නැති මුහුණු පොතට ඇති එක් සුවිශේෂී ලක්ෂණයක් වෙයි. එනම් ඔබේ සටහන ප්‍රවර්ධනයට එයින් ලැබෙන පිටුවහලය.ඔබගේ මිතුරු ලැයිස්තුවේ සිටින සියල්ලන් වෙතම ඔබගේ සටහන විකාශණය  කිරීමේ හැකියාවය. එහිදී ඔවුන් කැමති අකමැති භාවය පිලිබඳ විමසිල්ලක් කෙරෙන්නේ නැත.  නමුත් එය නොකියවා මග හැරීමේ හැකියාව සහ නිදහස ඔවුන් වෙත අත. අනික් අතින් බ්ලොග් ලියන්නා ඒවා ප්‍රවර්ධනයට බොහෝ විට භාවිතා කරන්නේ ෆේස්බුක් පිටු සහ කාණ්ඩයන්ය. ඒවාට ගොනු වී සිටින්නේ කියවීමේ රුචිය ඇති පුද්ගලයන්ය. 

කළෙක මේ ෆේස්බුක් පිටු වලට දිනකට වැටෙන බ්ලොග් සටහන් ප්‍රමාණය වැඩි නිසා තමන්ගේ සටහන ඒවා හරහා බෙදා ගැනීමේ හොඳම වේලාවන් පිලිබඳ කථිකා පවා ඇති විය. බ්ලොග් ප්‍රවර්ධනය සඳහා ගූගල් විසින් ලබා දී ඇති ගූගල් ප්ලස් මාධ්‍යය, ෆේස්බුක් තරම් ජනප්‍රිය නැති වීම පාඩුවකි. කළෙක පාඨකයාට කියවා ගන්නටත් බැරි තරමට බ්ලොග් ලියවුණි. නමුදු අද තත්වය ශෝචනීය වී ඇත. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වී ඇති තත්වය හා සම කළ හැක. ඒ මහේල, සංගා, දිල්ශාන්, මුරලි වැනි ජය කෙහෙළි නැංවූ ක්‍රීඩකයන් ළඟ-ළඟ සමු ගනිත්දී, එම රික්තය පිරවීමට පැමිණියවුන් වල්මත් වීමය. මෙහිද මුරලිලා, සනත්ලා, මහේල-සංගා වැනියන් සිටි කාළය අපට මතකය. මා බ්ලොග් කරණයට පිවිසුණේ එවන් කාළයක බව කිව යුතුය. 

එකළ බොහෝ දෙනෙකු සිංහල බ්ලොග් කියවීමට යොදා ගත් සින්ඩිකේටරය වුයේ සිංහල බ්ලොග් කියවනයයි. එම සින්ඩිකේටරය නතර වූ පසු එය හරහා මෙහි  පැමිණි පිරිස අතරමං වුවා විය යුතුය. ඔවුන්ට සොයා සොයා බ්ලොග් කියවන්නට කාළයක් හෝ ක්‍රමයක් නොතිබුණා විය හැකිය. මෙය සොයා බැලිය යුතු තත්වයකි. මේ සඳහා එකතු වූ රචකයන් අතර පැවති විවිධ මතභේදද ලියන්නන් මන්දෝත්සාහී කළ කාරණාවකි. දැන් මේ සඳහා පොස්ට් මොටම් තැබීමට ප්‍රමාද වැඩිද යන්න මගේ සිතේ තිබෙන අනෙක් ගැටලුවයි. 

එනමුත් 12-31 දිනය මට අමතක නොවන දිනයකි. ඒ මා, පළමුවෙන්ම සිංහල බ්ලොග් අඩවියක් සඳහා රචනා එකතු කළ දිනය වන බැවිණි. එදින ආරම්භ කලද පළමු සටහන මා තැබුයේ 2012 ජනවාරි පළමු වැනිදාය. මුල් වසර කිහිපය ඇතුලත මෙය ඉතා සක්‍රීයව පවත්වාගෙන යාමට මා හට හැකි විය. එකළ බ්ලොග්කරණය තුළ තිබුණු තරගයද ඊට හේතු වන්නට ඇත. නමුත් මේ සටහන තබන අද වනවිට කිසිදු තරගයක් නැත. නමුත් ලියන්නන්ද නැ ත. වැරදුනේ කොතැනද? කළෙක අපට නින්ද නොයා ඇහැරාවන්ට මෙන්ඩා නමැති බ්ලොග් ප්‍රේමීයා හුදෙකළා සටනක යෙදිණි. නමුත් අද ඔහුද නිහඬ තත්වයට පත් වී ඇත. බ්ලොග් තැබීමෙන් අරඹා විවිධ අවස්ථා උදා කරගෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත පිවිසුන අයද සිටි අතර, ප්‍රධාන ධාරාවේ අයද බ්ලොග් වෙත යොමු වූ කාළයක් විය. ඒසේනම් ඒ මතකයන් ඔස්සේ පිවිස මාසයකට එකක් හෝ සලාක දානයක් මෙන් බ්ලොග් පොස්ට් තබන්නයි සියලුම සහෝදර බ්ලොග් කරුවන්ගෙන් මා ඉල්ලා සිටිමි. ඒ බ්ලොග් හරහා මා උදා කරගත් අවස්ථා වලට කෘතගුණ දැක්වීමක් වශයෙනි. බ්ලොග් හරහා හඳුනාගත් සොඳුරු මිනිසුන් වෙනුවෙනි. යළිත් ක්‍රියාකාරී වීමට කාළය එළඹ ඇත.

එළඹෙන 2018 වසර බ්ලොග් ලියන්නන්ටත් කියවන්නන්ටත් සුබ වන්නට පතන ගමන් මේ බ්ලොග් අඩවිය සය වසරක් සැපිරූ බවද සටහන් කරමි.

39 comments:

  1. 2011 ඉඳල මමත් බ්ලොග් කියවනවාය. වැඩිය ලියන්නේ නැති උනත් 2014 වගේ වෙනකන් තිබ්බ තරඟකාරී සිංහල බ්ලොග් එකට එක සැරේ මොකක් හරි උනා කියලනම් බුදු ෂුවර්.

    ඔබට සුභ නව වසරක්..!!

    ReplyDelete
    Replies
    1. ටික්කා මේ ටිකේ ඉතා උනන්දුවෙන් බ්ලොග් කියවාගෙන යන බව පැහැදිළිය. ඒ මා ෆලෝ කළ පොස්ට් වළින් ලැබෙන නෝටිෆිකේෂන් නිසාය. 2011 ඉඳන් කියෙව්වනම් මම කියන කතාව සහසුද්දෙන් තේරෙනවා අත. මෙය ගිණි කන්දක් ලෙස යලිත් සක්‍රීය වීමට ඉඩකඩ ඇත. එතෙක් මෙය ඇදගෙන යාම හැකි සියලු දෙනාගේ යුතුකමය.

      Delete
  2. ආ සර්. කොහොමද කාළෙකින්. ඔබගේ බ්ලොග් සඳහා වන පැතුම මෙන්ම අනික් පැතුම්ද සැබෑ වන නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සර්. ලියවීමට මෙන්ම කියවීමට කාළයක් වෙන් කරගැනීමට අමතක වීම තමයි ප්‍රධාන ප්‍රශ්නේ.

      Delete
  3. අඩියක් ගහලා සමරන්න ඔනෙ කරනයක් ...ජයවෙවා

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල්...

      නෙමෙයි වෙන මොනවද.

      Delete
    2. බ්‍රාමෙන්ඩා ආමෙන්

      Delete
    3. උබලා ඔය සින්හල කොටනවා වගෙ කොටාගෙන කොටගෙන යන්න මටත් සින්හල හදලා ඩියල්ලකො ...එතකොට අර කතවෙ ඉතුරු ටික කොටගෙන කොටගෙන යන්න ප්ලුවන්

      Delete
    4. ඇත්තටම අපිට ඒ වැඩෙත් මේ වැඩේ නිසා මිස් වෙනවා නේද?

      Delete
  4. එළඹෙන වසරෙදිවත් ඔහේල වගේ අය බ්ලොග් කෑලි ටික වල්මත් නොවී පවත්වාගනී කියල කො.කා. සංගමය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනව.

    සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ආපහු පාරක් සේරම කට්ටිය අවදි කරවන්න, කොන්ක්‍රීට් බ්ලොග් එකේ පොස්ට් එකක් දාමු.

      Delete
  5. ඇත්ත ආසාවෙන් කියවපු හෙනරිලා. මාරයාල. වෙනිල ගෙ බ්ලොග් දැං වහල දාලා ගානයි. බ්ලොග් ලියවෙන්නේම නැතිය කියන එක ෆැන්ටසි යක හිරවීමක් විතරයි. රසවත් වැදගත් බ්ලොග් දැං ලියවෙනවා. සුදීක පරන තැනක එල්ලිලයි ඉන්නෙ. ලියවෙන බ්ලොග් කියවන්න අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය හරි මාතගේ සින්ඩිය හරි බලන්න. මොකද සංගල මහේලල හැමදාම ක්‍රිකට් ගහන්නෙත් නෑනෙ. සුනවේ සුදීක

    ReplyDelete
    Replies
    1. කවුද බොල වෙනී අයිය බ්ලොග්ගල් කපන් නෑ කියන්නෙ.

      Delete
    2. හෑ... වෙනියා ඔය රාජකාරියටම ගොඩකවෙල එනවද බං?

      Delete
    3. ඇත්ත දේශා. ටික අපි කියවනවා නම් අලුතෙන් බ්ලොග් බිහිවීමේ හැකියාව වැඩියි. මට අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය අමතක වුණා. කොටින්ම බ්ලොග් කියවන්න වෙන් කරන් තිබුණ කාළය දැන් වෙනත් වල්පල් වලට වෙන් වෙලා.
      ප්‍රසන්නට උත්තරේ හැලපේ දීලා තියෙන නිසා මම උත්තර දෙන්න යන්නේ නෑ.

      Delete
  6. සුබම සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  7. ඇත්තට බ්ලොග් වලට ගිය කල නේද.. මාව බ්ලොග් ලියන්න පොළඹවපු අඩවි එකක් වත් දැන් ලියවෙන්නේ නෑ. ලෝකෝ ලංකා, මාරයාගේ හෝරාව, හිරු නැති හෝරාව, පොඩි කුමාරිහාමි, රජාගේ අඩවිය, දුමීගේ කට කහන කතා... අම්මෝ ඒ කාලේ ක්ලාස් යන ගමනුත් බ්ලොග් කියෙව්වා ෆෝන් එකෙන්. ඒකෙ සිංහල නැතුව සිංග්ලිෂ් වලින් කමෙන්ට් දාන්න ගිහිං අහගෙනත් තියනවා කට්ටියගෙන් සුද්ධ සිංහලෙන්.
    මගෙත් දැන් ලියවිල්ල යලට මහට තමා. පැරණි පාඨක හවුල නැති වීමත් ඒකට එක හේතුවක් කිව්වහැකි.
    මේ අවුරුද්දේ ඉඳන්වත් ආපහු ලියන්න බලන්න ඕනේ.
    එහෙනම් සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නාඩියා අපි මේ වැඩේට බැස්ස කාලේ, බ්ලොග් ලිවිල්ල ලොකු අභියෝගයක් වුණා. එතකොට නවකයන් පැරණි ජනප්‍රිය අය සමග සටනක් දෙන්න කරපු උත්සාහය නිසා, බ්ලොග් ලිවිල්ල ඉතා වේගවත් වුණා. ඒක පුදුමාකාර තරගයක්. රෑ නින්දෙන් ඇහැරුනත් වැටුණු කමෙන්ට් කියවනවා. බ්ලොග් පොස්ට් අස්සේ ඇති වෙච්ච තර්ක-විතර්ක නිසා එහෙම කරන්නම සිදු වෙනවා. කොහොම වුණත් බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය යලිත් සක්‍රීය වෙලා තියෙන බව පේනවා. ඒ සිංහල අවුරුදු උත්සවයක් තියන්න. එහෙනං එකට සමගාමීව මාසෙකට එකක් වත් ලියමු.

      Delete
    2. සොරි අඟහරුවා, නාඩියා කියළා ලිව්වේ

      Delete
  8. අනේ මන්දා අයියේ... ලියන්න කියලා ඉද්දි වෙලාව නෑ. ලියන්න එව්වා තියෙද්දී වෙලාව නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වෙලාවට කරන්න ඕනේ දේ මෙන්න මේක

      Delete
  9. සුභ නව වසරක්..!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ප්‍රදීප්.

      Delete
  10. සුබ නව වසරක් වේවා! මට නම් කියව ගන්න බැරි තරම් බ්ලොග් සටහන් තියෙනවා. මට නම් ඔය කියන විදියේ අවුලක් පෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම මේකේ සක්‍රීයව ඉන්න කාලේ අඩුයි. ඉතිං බ්ලොග් රෝලේ පෙනෙන අඩුව තමයි.

      Delete
  11. අඳුරට බැන බැන ඉන්නේ නැතුව උඹ පටන් ගනින් එක පහනක් හරි පත්තු කරන්න..

    2018 දිනේවා!

    ReplyDelete
    Replies
    1. අම්මපල්ල මං පහන(බෝම්ඹේ) පත්තු කරනවා.

      Delete
    2. ලෙඩේ තියෙන්නේ මගේ බ්ලොග් රෝලේ, උඹේ එකේ දැක්කම ඒක මතක් වුණේ.

      Delete

  12. ලයිට් බිල 960/=
    ගෙදර කුලිය 15000/=
    බබගෙ ඉස්කුල් බස් 600/=
    ල්යිට් බිල 960
    කඩෙට 5400/=
    බබට බෙහෙත් ගන්න 1600/=
    ගෙදර කුලිය 15000/=
    වතුර බිල 340/=
    බබගෙ ඉස්කුල් විල් එකට 600/=
    බෙහෙත් ගන්න - බබා 1600/=
    කඩෙට 5400/=
    වතුර බිල 340/=

    (අස්සෙන් අස්සෙන් ගහලා එකම්යි කරකලා තියෙන්නෙ...........)
    (විහිලුවට)

    ReplyDelete
    Replies
    1. සදු මට ගෙදර විය්දම ලියලා පෙන්නන්නවා වගෙ....

      Delete
  13. පැමිණියෙමි කියවුවෙමි සිතට ගත්තෙමි.

    ReplyDelete
    Replies
    1. පැමිණියාට ස්තුතියි. අලුත් පොස්ට් එක බලන්න.

      Delete
  14. ඔබගේ 6 වසරට සුබ පැතුම් . බ්ලොගය සකියව පවත්වා ගැනීමට අවශ ශක්තිය ලැබේවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, මේ වසරේ වත් බලමු.

      Delete
  15. මම හමදාම ක්යනවා වගෙ ..දහ සැරයක් කියෙවත් එපා වෙන්නෙ නැති උබලගෙ පොස්ට් උබලා ලියන්නෙ නත්තෙ අපෙ කරුමෙට බන්

    ReplyDelete
    Replies
    1. උඹ මේ වගේ කියනකොට, නොලිය කොහොමද. අලුත් පොස්ට් එක බලපන්.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...