මම ද්විතීක අධ්‍යාපනය ලැබුවේ කළුතර මහ විද්‍යාලය ලෙස එකල හැඳින්වූ, අද කළුතර විද්‍යාලය ජාතික පාසල නමින් හඳුන්වන, දැයට දක්ෂයන් රැසක් බිහිකළ විදුපියසෙන් බව මා කියවන ඔබට නොරහසකි. එම විදුහලේ අධ්‍යාපනය ලැබූ කාලය ගැන මට ඇත්තේ මිශ්‍ර හැගීමකි. මන්ද මා අධ්‍යාපනය කල කාලයේ විටෙක මුහුණ දුන් දුක් ගැහැට, සහ තවත් වරෙක නිදහසේ කෙළිදෙලෙන් ගතකළ ඒ සොඳුරු ගැටවර විය දෙස වැඩිහිටියෙකු ලෙස ආපසු හැරී බලන විට සෑහීමකට පත් විය නොහැකි බැවිනි. අධ්‍යාපනයට කිසිදු තරගයක් නොතිබූ එහි, කැමති අය කැමති දෙය කළ යුගයක් පසුකළ, ජීවිතයේ ඉවක්-බවක් නැතිව ඔහේ ගෙවුණු කාලය අලි-ඇතුන් ලවා වත් අද්දවා ගත නොහැකිය.
මේ පසුතැවිල්ල පසු කාලයක එක්තරා විදියට වෛරයකට පෙරළිණි. අවසාන මා උගත් පාසලට ශාප කරන තත්වයකට පත් විය. ඒ උසස් අධ්‍යාපනය නිසි ලෙස සම්පූර්ණ කර ගැනීමට එහි වූ කණ්ඩායමට කිසිදු වගක් නොතිබුණද, අධ්‍යාපනය ලබා සරසවි වරම් ගන්නට සැබෑ උවමනාවකින් පසුවූ අතළොස්සක ඉදිරියෙන්ම වූ මා වැනි පුද්ගලයෙකුට අස්වැසිල්ලක් ලබන්නට එහි කිසිවක් නොතිබූ නිසාය. පළමු උත්සාහයේදී මා නියමිත ලකුණු සීමාවට පසුපසින් සිටියද, දෙවන උත්සාහක් ගැනීමට එය කාලය නොවන බව මගේ ළදරු විය ඉක්මවා ගිය පුංචි මොළයට අවුබෝධ වෙමින් පැවතිණ. කැම්පස් යනවාද, වලපල්ලට යනවාද එකල තාරුණ්‍යයේ පසු වූ අප නිතරම අපේ ඇතුළත සිටින පුද්ගලයාගෙන් විමසු පැනයයි.
මේ වෛරය තවත් කාලයකදී එකල තාරුණ්‍යය මර්දනය කළ රජය වෙතද, තාරුණ්‍යය ප්‍රචණ්ඩත්වය කරා ඇදගෙන ගිය ජවිපෙය වෙතද දෝලනය විය. පසු කාලයකයදී මා හිත හදා ගත්තේ, අද අප ජීවත් වීමම, මදිද යන සිතුවිල්ලෙනි. මෙය "මට එහෙම නොවුනානම් අරෙහම කරන්න තිබුණා, මෙහම කරන්න තිබුණා" යන, බොහෝ දෙනා සිත සනසාගන්නට කරන සාම්ප්‍රදායික ප්‍රයෝගය නොවේ. මා ගැන එවකට අනාවැකි පළකළ බොහේ දෙනෙකු විශේෂයෙන්ම පාසලේ සහ ඉන්පිටතදී අධ්‍යාපනය ලබාදුන්ම ගුරුවරු විමතියට පත්කළ, මාගේ ප්‍රතිඵලය ඒ තැන මා බොහෝකලක් රඳවා තබන්නට සමත් විය.
මා කොළඹට සංක්‍රමණය වූ පසු මගේ පාසැල හෝ මිතුරන් සමග තිබෙන සබඳතා සහමුලින්ම නැති වූ අතර, අතරින් පතර අහම්බෙන් මුණගැසුණු කෙනෙකු සමග අතීතයට යාම පමණක් සිදු කෙරිණි. බැංකුවේ රාජකාරියට ආ විගසම වාගේ කළුතර ශාඛාවට රාජකාරි කටයුතු වලට යාමට සිදු වීම එක්තරා අස්වැසිල්ලක් විය. කළුතර නගරයේ සියලු අහුමුලු අතැඹුලක් සේ දත් මාහට, රාජකාරි මිතුරන් සමග මේ ස්ථාන වල කරක් ගැසීමට හැකි විය. ඒත් නිකමට හෝ පාසැලට පිය නගන්නට හිත එකඟ කර ගැනීමට නොහැකි වූයේ මගේ සිතේ පැහැවමින් තිබුණු පෙරකී වෛරයයි. විශේෂයෙන්ම මාගේ භෞතික විද්‍යාව සඳහා වූ ප්‍රායෝගික සටහන් පොත සොරකම් කිරීම ගැන තිබුණු පසුතැවිල්ල වචනයෙන් විග්‍රහ කල නොහැකි එකකි. මගේ පියා විභාග අධීක්ෂණයට ගොස් එකතු කරගෙනවිත් තිබු ප්‍රස්ථාර කොළ එක් කරමින් මවිසින්ම බැඳී එම පොත සහ සියලු පොත් වලට මම අසීමිතව ආදරය කළෙමි. විශේෂයෙන්ම ඒවායේ ඇති අන්තර්ගතයට මම ප්‍රේම කළෙමි. පොත පතින් උගත් දේ ප්‍රායෝගිකව අත්දකින විට ලැබෙන සතුට මේ යයි කිව නොහැකිය. ඒ මා හුදෙක් විභාගය රවටා ඉදිරියට ගිය පුද්ගලයෙකුට වඩා, උගත යුතු දේ උගෙන, විභාගය යකාට ගියදෙන් කියා සිතූවකු බැවිනි.
වරක් පන්තියේ සියලු සිසුන් අධ්‍යාපනය හෝ ප්‍රායෝගික කටයුතු නොකරන කලෙක, මාගේ ගුරුභවතුන්ගේ ලබාගත් විශේෂ අවසරයකින් මා විද්‍යාගාරයට ගොස් තනිවම පරීක්ෂණ කළා අද මෙන් මතකය. නියත පීඩන උපකරණය අත්වැරදීමකින් පෙරළී මුළු විද්‍යාගාරය පුරාම ජලය විසිරුණු ආකාරයද, ඒ මොහොතේ එම විද්‍යාගාරයේම සාමාන්‍යපෙළ විද්‍යා සිසුන් සමග සකච්ඡාවක නිරත වූ විදුහල්පති තුමාගේ අවධානයට යොමු වූ කල්හී මා තරමක් භීතියට පත් වුවද, මා සැහැල්ලුවට පත් කලේ මගේ ගුරුවරියගෙන් මා පිළිබඳ විස්තර අසා සාමාන්‍යපෙළ සිසුන්ට ආදර්ශයට මා පෙන්වූ විටය.
සමාජ මාධ්‍ය ජාලාවලට අතීතය ප්‍රතිනිර්මාණය කළ හැකි බව මා වටහා ගත්තේ 2008 වසරේ අග භාගයේදීය. ඒ බොහෝදෙනා පිල්ලියක් සේ දකින ෆේස්බුක් ගිණුමක් ඇරඹීමත් සමගය. විවිධ වර්ග වල ඊ මේල් ගිණුම් අත්හදා තිබුණද, ඊ මේල් සමූහයන්ගෙන් යම් - යම් සමාජ බැඳීම් ගොඩනගාගෙන තිබුණද, ෆේස්බුක් තරම් ඉතා වේගයෙන් අතීතය ප්‍රතිනිර්මාණය කරන වෙනත් මෙවලමක් නැතැයි මා බිය නැතිවම පවසන්නේ පසුකලෙක නයාට අඳුකොළ මෙන් පැවති පාසල සමග මා සෙනෙහෙන් එක් කරන්නට මේ කදිම මෙවලම සමත් වීම නිසාය.
ෆේස්බුක් ගිණුම අරඹා ටික කලකින් එහි හතරකොන දිග් විජය කල මා හට වැටහුණේ, මගේ පාසැලට ෆේස්බුක් පිටුවක් ඇරඹුවහොත්, කාලයත් සමග ගිලිහී ගිය මිතුරන් එකෙකු දෙන්නෙකු හෝ සොයා ගත හැක යන සිතුවිල්ලයි. හිතට ආ දේ දෙවතාවක් නොසිතාම සිදුකළද, එය එතරම් ජනප්‍රිය වේදෝයි යන කුකුස මා තුළ විය. මෙම විදුහලෙන් අධ්‍යාපනය ලබා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින අතළොස්සෙන් කෙනෙකු වන මා එය ඉටු කල යුතු බව මට හැඟිණි. නොබෝ දිනකින්ම මේ සිතුවිල්ල මල්ඵල ගැන්විණි. ආදී සුසුන් මෙන්ම පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් එය සමග එක්කාසු වූවා පමණක් නොව, මගේ පුද්ගලික මිතුරන් බවටද පත් විය.
පසුකාලීනව ආදී ශිෂ්‍ය සංගමයට මා එකතු කරගැනීමට එහි ක්‍රියාකාරිකයින් කටයුතු කරන ලද අතර, 70 වෙනි වර්ෂ පූර්ණ සැමරුම සඳහා සුදානම් කල පා ගමනට එකතු වන්නට මට සිදු වූයේ එවකට එහි ප්‍රධාන සංවිධායකත්වය උරදී කටයුතු කල සෝමවංශ අමරසිංහ මහතාට මා මුණගැසීමට ඇවසි බව ආදී ශිෂ්‍ය සංගමයේ තවත් ක්‍රියාකාරිකයෙකු වූ රංග හරහා මා දැනුවත් කොට තිබීමය. මා එම හමුව ගැන පසු වූයේ යම් තැතිගැන්මකිනි. මා අතින් වරදක් සිදු වූවාදැයි මා නැවත-නැවතත් මෙනෙහි කළෙමි.
ඒ වනවිට ෆේස්බුක් හරහාම යම් මිත්‍රත්වයක් ගොඩ නගාගෙන සිටි රන්ජන් (පරණවිතාන) අයියාගෙන් ඒ ගැන විමසා සිටි අතර, මා එයට සහභාගී වනවාට ඔහුද සතුට පළ කළේය. එය යම් තරමක දිරිගන්වීමක්ද විය. එදින ඉතා ආනන්දජනක උදෑසනක් විය. නමුත් මගේ සහභාගීත්වය මගේ පැරණි මිතුරන් බොහෝ දෙනෙකුට ප්‍රහේලිකාවක් විය. ඒ කොළඹ ජීවත් වෙමින්, දියණියක සිටින කෙනෙකු පාසල පිළිබඳ මෙතරම් උනන්දුවක් දක්වන්නේ මන්ද ? යන ගැටලුව නිසාය. ඒ වනවිට මට මුණගැසුණු කිසිවෙකු ෆේස්බුක් ගිණුමකට හිමිකම් නොකීවේය. පා ගමනේදී මා පත්තර වාර්තාකරුවකුගේ රාජකාරියට පනපෙවුවේ මගේ පැරණි මිතුරෙකු වූ ජනක සමගය. රූපවාහිනියේ සේවය කල හෙතෙම පාගමන රූගත කළේය. මා ජංගම දුරකථනය ආධාරයෙන් චායරුපකරණයේ නිරත විය.
ගමන අවසානයේ මෙහි ප්‍රධාන අරමුණ සිහි ගැන්වී රංග සොයාගෙන ගමන් ගත්තේ මාගේ බාල සොයුරියගේ පුතණුවන්ද සමගය. රංග මොහොතක් හෝ ප්‍රමාද නොවී මා සෝමවංශ අමරසිංහයන් වෙත කැඳවාගෙන යන ලදී. ජවිපෙය වැනි පක්ෂයක නායකයෙකු කුමන ආකාරයේ කෙනෙකුදැයි මට ඒ වෙනතුරු නිනව්වක් නොමැති විය. නමුත් ඉතා සැහැල්ලුවෙන් සිනහාමුසුව මා සමග දොඩමළු වූයේ කලෙක පටන් දන්නා කෙනෙකු සමග මෙනි. සොයුරියගේ පුතණුවන් දැක, මාගේ පුතාදැයි විමසා,
"පුළුවන්නම්පිට මට පිටරටවල් වල ඉන්න අයගේ ඊ මේල් ඇඩ්‍රස් ටික එවන්නකෝ. මේ ඉස්කෝලේ වැඩ වලට පොඩි දඩයක් ගහන්න"යි සිනාමුසු මුහුණින්ම පැවසීය.
නිතරම රතු වස්ත්‍රාභරණයෙන් සැරසෙන ඔහු එදින කොළපැහැති ඇඳුමෙන් සිටිනු දකින මගේ සිත සිනහවකින් පිරවූවද, සොහුගේ නිහතමානී, සැහැල්ලු ඒ වාගේම කැපවීම දකින විට වෙනත් සතුටකින් මගේ සිත පිරී තිබුණි. අදද ඔහු මුණගැසීම මගේ දිවියේ සිදු වූ ගෞරවාන්විත සිදු වීමක් සේ හඟිමි. මන්ද ඒ ඔහුට මා මුණගැසීමට ඇවසි බව පණිවුඩයකින් දන්වා තිබු නිසාය. ඒ මා කළ සැඟවුණු මෙහෙයට ලැබුණු මහා ත්‍යාගය එය වූ නිසාය.
සෝමවංශ අමරසිංහ නමැති කළුතර මහා විදුහලේ ආදී සිසුවාගේ අභාවය වෙනුවෙන් ලියන්නට යෙදුණු මේ සටහන පල කරන්නට පමා වීම ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරමි. එතුමා වැනි සුන්දර මිනිසුන් නිර්වාණය සාක්ෂාත් කරගත යුතුමය. සොයුරාණනි ඔබට නිවන් සුව !!!