සිංහල බ්ලොග් අවකාශයම මේ පසුකරමින් යන්නේ නිද්‍රාශීලී යුගයක් (Ice Age ) කියලා හිතෙන තරමට මෙහි බ්ලොග් සටහන් වැටීම අකර්මන්‍ය වෙලා. මම නිරතුරුව පොස්ට් එකතු නොකරන නිසාම නෙවෙයි. නමුත් අප මෙහි පැමිණි 2012 කාලය සහ ඉන්පසු අවුරුද්ද වූ 2013 කාලයේ කෙතරම් වේගයකින් එකල උන් සියළු දෙනා බ්ලොග් සටහන් එකතු කළාද යන්න එවක සක්‍රීයව සිටි සියල්ලන්ට නොරහසක්. එසේ වුයේ කුමන හේතුවකින්ද යන්න සොයාබැලීම මේ සටහනේ අරමුණ නොවේ.
මේ දිනවල ලංකාවේ බොහෝ පළාත් වලට නොකඩවා ඇදහැලෙන වර්ෂාව මෙහි වෙසෙන ඔබසැමද මම මෙන් අත්විඳින්නට ඇතැයි සිතමි. වැස්ස සමහරෙකුට ආශිර්වාදයක් වනවිට, තවත් කෙනෙකුට ශාපයක් වේ. සමස්තයක් දෙනාට මෙය කටුක අත්දැකීමක් බව නොරහසකි. අපගේ ගෘහ සේවිකාව වන අයිල් දවස් දෙකක නිවාඩු ඉල්ලා ගිය ගමන සතියක් දක්වා දීර්ඝ විය. ඒ කාලයේ මාගේ දියණියගේ කටයුතු සියල්ල සිදු කිරීමට මා හට සිදු වීම නිසා නිවාඩු ලබාගෙන නිවසෙහි උන්නෙමි. ඒ සිටින විට රූපවාහිනියට නිරතුරු දෑස් යොමු කරමින් ඇඳෙහි සයනය කරනවිට ඉහත කී නිද්‍රාව පරදින දැඩි නින්දකට වැටීම නොවැලක්විය හැකිය. එසේ නින්දට වැටුණු පසු අවධි වන සෑම මොහොතකම නැවතත් දෑස් පියවෙයි. බ්ලොග් ලිවීමටද වුයේ එයමය. ලියන්නට අවශ්‍ය යයි සිතා පරිගණයක ඉදිරියේ හිඳගත් සෑම මොහොතකම පෙරකී නිද්‍රාශීලී බව එය යටපත් කළේය.
සියළු දේ සදාකාලික නොවේ යන සත්‍යය පසක් කරමින්, කොයි මොහොතේ හෝ අප සැවොම පුරුදු පීල්ලට වැටෙන්නේය. ඒ මොහොත සියල්ලන්ට එකලෙස උදා නොවේ. අද එයට අවශ්‍ය කාලය, ද්වීපය, කුලය ආදී පස්මහා බැළුම් සියල්ල එකතැන් කරගැනීමට හැකි විය. එය නිරායාසයෙන් සිදු වුවකි. මෙම බ්ලොග් අඩවියට එකතු කරන නවමු කාණ්ඩය වූ "සුන්දර ඇබැද්දි" එකතු වන්නේ පසුගිය දින කිහිපය ඇවාමෙන් පිළිසිඳගත් අදහස් ගොන්නක් මල්පල ගැනීමක් ලෙසය. සුන්දර ඇබැද්දි කී විගස ඔබේ සිහියට එන්නේ මොනවාද ? සරලව යම් කෙනෙකු මුහුණ දුන් කරදරකාරී සිදුවීමක්, පසුව මෙනෙහි කරනවිට ඇති රසවත් බවය. මෙවැනි අත්දැකීම ඔබටත් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. මේවා සිදු වූ ආකාරයෙන්ම ඉදිරිපත් නොකලද කාළයට අනුරූපව මතකයට නැගෙන පරිද්දෙන් ඉදිරිපත් කරන්නට සිත් විය.
අද මා කියන්නට යන ඇබැද්දියට මුහුණ දෙන්නෝ පිරිමි පාර්ශවය වන අපය. කාන්තාවන් මේ පිලිබඳව ඇති සැලකිල්ල නිසාම ඔවුන්ට මේ ඇබැද්දි වලට මුහුණ දීමට සිදු නොවේ. සිදු වුවත් වන්නේ බොහොම කලාතුරකිනි. ඒවාට ආවේණික හේතූන් ඇත. කාන්තාව නිර්මාණය කර ඇත්තේ වෙසෙස් දරා ගැනීමේ හැකියාවක් සමග බව දිනක් මා සමග බසයේ එකම අසුනේ උන් මගේ මිතුරෙකු පැවසුවේ, හිස් වන අසුනට පොරකා පිරිමින් රිංගන විට, ඒ ගැන අඩු සැලකිල්ලක් දක්වා තමන් සතු මලු කිහිපයක්ද දරාගෙන හිටගෙන උන් මැදිවියේ කාන්තාව මුහුණ දෙන අපහසුතාවය පිලිබඳ මා දැක්වූ අදහසට පිළිතුරු දෙමිණි. නමුත් සොබාදහම ඔවුන්ට දරා ගැනීමට නොහැකි දේ කිහිපයක්ම නිර්මාණය කර ඇත. මා ඒවා පිලිබඳ මෙහිදී සඳහන් නොකරන්නේ, දැලි පිහියෙන් මී කිරි කෑම කොහොමත් අනතුරුදායක නිසාය.
කාන්තාවන් මුහුණදෙන සුන්දර ඇබැද්දිය ලෙස පතල පිළිසිඳ ගැනීම මා කියන්නට යන කතාව හා පටලවා ගතයුතු නොවේ. මේ කතාව කියනවිට බොහෝදෙනාගේ මතකයට එන කාරණාව එය වුවද, ඔවුන්ට එය දරා ගැනීමට මනා ශක්තියක් සපයා ඇත. එනිසා එයත් මා මුහුණදුන් අත්දැකීමත් වෙනස් කාරණා දෙකකි. වැහිකාලයත් සමග ගහට පොත්ත මෙන් සබඳතාවක් ඇති මහා බරක් ගැන ඔබට සිතා ගත හැකිද ? අහස වලාකුලින් බර වීම, නිවෙස් වල වහලවල් බර වීම, ඇඳ සිටින ඇඳුම් තෙතබරිත වීම. මේවා ඔබගේ හිතටත් එන්නට ඇති. නමුත් මේක මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට කීවාක් සේ ඇතිවන බරකි.
මා උසස්පෙළ ආරම්භ කල කාලයේද අද මෙන් එකදිගට වැසි ඇදහැලෙන්නට විය. සෙනසුරාදා ටිල්නි ද සිල්වා ගුරුතුමාගේ භෞතික විද්‍යා පන්තියට කළුතර යා යුතුය. නිවසේ සිට කිලෝමීටර් දහතුනක දුර ගෙවා දමන්නට එකල අප ගමන්ගත් 30 ශ්‍රී 155 නොහොත් 155 පාසල් බස්රථය ගත්තේ මිනිත්තු විසිපහක කාලයක් වුවද, බට්ටෝ බස් එක නොහොත් ඉසුසු එල්ෆ් වැන් කටුවක් ගන්නා කාලය මිනිත්තු හතළිස්පහක් හෝ පැයක් වේ. එකල මේ බස්රථ හා බැඳී වෙනමම සංස්කෘතියක් විය. ඉදිරි අසුනේ හිඳ ගැනීම වෙනමම සටනකි. එම මගී ප්‍රවාහනය සමග අත්වැල් බැඳගත් ජැක් සංස්කෘතිය අනෙක් කාරණයයි. එකල ඒවා සුලබ කරුණුය. තමාට ජැක් තැබුවේ කවුද ? තමා ජැක් තැබුවේ කාටද යන්න රහසක්ව පවතී නිසා දෙපාර්ශවයම මෙහිදී යම් එකඟත්වයක් දැක්වූ බව නොරහසකි. නමුත් මා කියන්නට යන සුන්දර ඇබැද්දිය මෙය නොවේ.
පෙරකී ප්‍රවාහන අපහසුතාව නිසාම සවස එකට පැවැත්වෙන පන්තියට මා නිවසින් පිටත් වන්නේ පෙරවරු 11:30ට පමණය. සෙනසුරාදා උදෑසන කොහේ හෝ රස්තියාදුවක යන මා හැල්මේ නිවසට දිව එන්නේ පන්තියට දිව යාමේ දැඩි අවශ්‍යතාවය නිසාය. ක්‍රෂ් එකක් යනු කුමක්දැයි නොදන්නා සමයක මට ක්‍රෂ් එකක් සිටි බව මේ මොහොතේ මගේ මතකයට නැගේ. ඒ මාගේ ගණන් සැදීමේ දක්ෂතාවය නිසාය. මා සමග පන්තියේ උන් සෙසු අය සමග සසඳන විට අඩු ප්‍රියමනාප පෙනුමක් තිබූ මාහට කෙල්ලක් ආකර්ෂණය වීමට වෙනත් සාධාරණ හේතුවක් නොවිණ. මා පන්තියට දිව යන්නට තිබු ඉන්සෙන්ටිවූ එක එය විය. නමුත් කෙල්ලන් සමග කථාවට මා දැක්වූ බියසුලු ස්වභාවය එය යථාර්ථයක් බවට පත් කිරීමට ඉවහල් නොවිණි. එසේනම් මා කියන්නට යන සුන්දර ඇබැද්දියට එයද හේතුවක් නොවිණි.
මාගේ රචනා කියවන සහෘදයෙකු "සුදීකත් පඳුරු තැලිල්ලට දක්ෂයි" යයි වරක් ප්‍රකාශ කළේය. එහි තිබෙන අල් තයන්නෙන් කියවෙන්නේ තමාද එයට දක්ෂ බව නොවේදැයි මට සිතේ. ඔය අල් තයන්න දමන බොහෝ දෙනා ඉන් අදහස් කරන්නේ ඔයාටත් මට වගේම පුළුවන් බවය. ඒ ගැන පොඩ්ඩක් සොයා බලන්න. උදේ 11:30 ට නිවසින් පිටවන මා අම්මා භාගෙට උයන ලද බත් සහ එක් මාලුවක් හෝ දෙකක් සමග උණු උණුවේම බත් ගුලි කිහිපයක් ගිල දමන්නේ කිඹුලා කිරිමැටි ගිලීම සිහිපත් කරමිනි. එහි කිසිදු රසයක් දැනෙන්නේ නැත. කට පිච්චීම සහ බඩ පුරවා ගැනීම හැර ඇති දෙයක් නැත. ඉතින් සුන්දර ඇබැද්දිය එයද නොවේ. හිතවත් කියවන සහෘදයිනි, මා තවත් ඔබ වෙහෙසට පත් කරන්නට බලාපොරොත්තු නෙවෙමි. එකොළහයි තිහට ගෙදරින් පිටත් වන මා එකොළහයි හතළිස්පහ වනවිට අලුත්ගම බස් නැවතුම් පොළේය. පයින් ගමන් ගන්නා දිනකද, බසයෙන් යන වැහි දිනකද එසේය. වේගයෙන් ඇවිදීම අපේ පරම්පරාවේ පුරුද්දක් බව පවසන්නේ අසල්වසියන්ය.
බස්රථයේ ඉඳගෙන සිටින විටද පුංචි මුත්‍රාබරක් දැනුනද, ඉදිරි පේලි වල බංකුවක හිඳ ගැනීමද, පෙරකී ගැහැණු ළමයා අසලින් ගැවසෙන බංකුවක් වීමද අත්‍යවශ්‍ය සාධකයක් විය. නමුත් ඒ සඳහා මා හිතනවාටත් වඩා මාගේ මිතුරන් වන දයාරත්න, ජයවික්‍රම, පූජිත, සහ ජනක පරිශ්‍රමය දැරීය. මට තිබුනේ ඔවුන් පෙන්වන තැන හිඳ ගැනීමය. අර ළමයා හොරැහින් මා දෙස බලන බව ඔවුන් සාක්ෂි දරයි. නමුත් එකල මගේ සිත පැහැරගෙන තිබුණේ වෙනත් කෙනෙකි. ඒ ගැන පසුව කථා කරමු. පස්වරු දොළහයි තිහ වන විට මා පන්තිය පැවැත්වෙන කළුතර බාලිකාව පිටුපස ඇති ස්ථානයට ලඟා වුනෙමි. මිතුරන් සමග අල්ලාප සල්ලාපයෙන් පසුව පන්තියට රිංගා ගත්තේ, පෙරකී සුදුසු අසුන ස්ථිර කර ගැනීමටය. ඉන්සෙන්ටිවූ එක අසලම අසුන(බංකුවේ කෙලවර) මට වෙන්කරගෙන මා මිතුරු ජයවික්‍රම බලා හිඳී. මා ලඟා වනවිට ඇසෙන් ඉන්සෙන්ටිව් එක පෙන්වූ හෙතෙම සිනහව ගිලගෙන සිටී. මා තනිකර එලියට යන්නට ඔහු සහ දයාරත්න සුදානම් වුවද, මාද ඔවුන් පසුපස වැටී එලියට පනින්නේ ඔවුන්ගේ නොවක් බැනුම් මැදය. පෙරකී මුත්‍රබර තිබුනද එය පන්තිය අවසානයට කල් දැමු මම පන්තියට රිංගා ගතිමි.
පන්තියේ වැඩකටයුතු වලට යොමු වූ විට මා කිසිදු කාරණයක් ගැන සිත් යොමු නොකලද, මගේ මිතුරන් පිරිස ඇයගේ හැසිරීම අධ්‍යනය කරති. ගුරුතුමා වැඩදමා කියාදෙන දේ තේරුම් ගෙන ඔහු ඉදිරිපත් කරන ගැටළු මුලින්ම විසඳීමේ අරමුණ හැර වෙනෙකක් මට නැත. එතුමාට කලින්ම උත්තරය කියන්නට සැදී පැහැදී කණ්ඩායමක් සිටියද, මා කරන්නේ උත්තරය මගේ මිතුරන්ට පැවසීමය. මේ පවසන දෙයට සවන් දීමට තුන්වන පාර්ශවයේ කෙනෙකුද අප අසල වේ. ඒ පෙරකී ඉන්සෙන්ටිවූ එකය. මගේ මිතුරන් පවසන කාරණාව සත්‍යයක් බව වැඩි දිනක් නොගොසින්ම මටද පසක් විය. නමුත් මා කුමක් කලයුතුද යන්න මට හැඟීමක් නැත. මෙය අහම්බයකි. මගේ සිතේ වෙනත් බලාපොරොත්තුවකි. මේ කෙලීගේ තොරතුරු සම්පාදනය කලේ නාලන්දයට යන අප හා පන්තියට එක වූ වෙනත් මිතුරෙකි. ඔහු කලින් අප පාසලේ සිට ඇත. බාලිකාවේ සිටින තමන්ගේ සොයුරිය හරහා මේ තොරතු අප වෙත සම්ප්‍රේෂණය වෙයි. නමුත් බීරි අලින්ට වීනා වාදනය පලක් නැත. මගේ බලාපොරොත්තුව ගැන ජනක හොඳින් දන්නා නිසා මෙය නොකෙරෙන දීගයක් බව සැමට පවසා ඇත.
පන්තිය පැවැත්වෙත්දීද, පන්තිය අවසනද චුරු-චුරු වැස්ස එකදිගට අැද හැලිනි. ඒ ගැන අපට නිනව්වක් නැත. මුත්‍රා බර නොහොත් චූ බර සැහැල්ලු කර ගැනීමට නම් තවත් බොහෝ වෙලාවක් බලාගෙන සිටිය යුතුය. එයට කල් ගතහොත් අලුත්ගම බලා ගමන් ගන්නා බස් රථයේ තිබෙන සොමිය මිස් වේ. කළුතර විද්‍යාලයේ අපගේ කණ්ඩායම සහ හොඳින් පෑහුණු අලුත්ගම විද්‍යාලයේ කණ්ඩායම එක් වී සංගීතයක් දමයි. ඒ අතර යන උසුළු විසුළුද මේ සමාගම තවත් ප්‍රිය වන්නට හේතුය. මේ අතරට කොළඹ පාසල් යන කිහිප දෙනෙකුද එක් වූ විට මුළු බස් රථයේම පාළනය අප අතේය. කොන්දොස්තර මහතාද අපව හොඳින් හඳුනයි. සීසන් එකෙන් ගමන් ගන්නා අප පවත්වන සංගීත සාජ්ජය ඔවුන්ද ප්‍රිය කරයි. මා සිටියේ හිඳගෙනය. බස් රථය කටුකුරුන්ද, පයාගල, මග්ගොන පසුකර බේරුවළට ලඟා වෙත්ම සෙනග භාගයට අඩු වේ. බොහෝ දෙනාට අසුන් ලැබීමත් සමග සංගීතයද බේරුවළින් අවසන් වේ. මගේ යටිබඩ ප්‍රදේශයේ හැගීම් දැනීම් දැන් නොදැනෙන තරමට මගේ චූබර උත්සන්න වී ඇත.
මා සමග ගමන් ගන්නා චමින්ද සහ ජනක බැස ගිය පසු මගේ සුළුදිය පහ කිරීමේ අවශ්‍යතාව වැඩි-වැඩියෙන් දැනෙන්නට විය. බැරිම තැන මොරගල්ල මාර ගහ අසල ඉස්කාගාරය අසලින් බසයෙන් බැස ගතිමි. මා බහින විට බස් රථයේ වූ අජිත් ගාමිණි "මොකද ගෙවල් මාරු කරලාද ?" යනුවෙන් ප්‍රශ්න කලද, ඔහුට උත්තරයක් නොදී අත වනා බසය ගියපසු හෙමින්-හෙමින් සෙනග නැති අඳුරු මුල්ලකට රිංගා මගේ අවශ්‍යතාව ඉටු කර ගතිමි. එය කෙතරම් සැහැල්ලුවක්දැයි ඔබට අමුතුවෙන් විස්තර කල යුතු නැත. මා මෙතරම් වතුරක් බිව්වාදැයි හිතෙන තරමටම එය දීර්ඝ විය. එය අවසන් කර පාරට පිවිසෙන විටම තවත් ලංගම බස් රථයක් ලැබුණේ මගේ වාසනවකටය. මුත්‍රාශය හිස් කලද එතැන ගල්ගෙඩියක් ඔබා ඇති සෙයක් තවමත් දැනේ. එය යථා තත්වයට පත් වීමට තවත් පැයක් දෙකක් ගත වේ. ගෙදර ගොස් මේ ඇබැද්දිය පැවසු විට දෙකන් පිරෙන්නට අම්මාගෙන් බැනුම් ලැබිණි.
මෙවැනි සුන්දර ඇබැද්දි වලට ඔබසැම මුහුණ දී ඇතුවාට කිසිම සැකයක් නැත. මේ ඒ මොහොතේදී කෙතරම් වෙදානතමක වුවද, පසුව ස්මරණය කිරීමේදී සොඳුරු මතකයන්ය. දෙවෙනි මතකය මෙහි ලීවොත් ඔබ මට දොස් නගනවා ස්ථිරය. එය ඊළඟ කොටසට.

පින්තූරය ගත්තේ : gossiplankahotnews.com |