Monday, September 15, 2014

ලොල්ද මන්දා අංක 16 : සුද්දාගේ අමුතු යෝජනවා ...... Indecent proposal from a Guest

මේ කතාව මට අහන්න ලැබුණේ මම රිවරිනා හොටෙල් එකේ වැඩ කරපු කාලේ. මම වැඩ කරේ එකවුන්ට්ස් සෙක්ෂන් එකේ. අපේ ඔෆිස් එකත් එක්කම යාබදව තමයි රිසෙප්ෂන් එක එහෙම නැත්නම් පිළිගැනීමේ අංශය තිබුණේ. ඉතිං අපි දෙගොල්ලෝ එකට තමයි තේ විවේකයේදී කෝප්ප උස්සගෙන අපේ ඔෆිස් එකයි, රිසෙප්ෂන් එකයි අතර තිබ්බ මුල්ලට සෙට් වෙන්නේ. ඔය වෙලාවේදී තමයි අපේ රැකියාවල නිරත වෙත්දී වෙච්ච දුක්මුසු, හාස්‍යජනක, ත්‍රාසජනක, භියජනක, කෙල්ලන්ට නම් අයුතු යෝජනා, අඩම්තේට්ටම් වෙච්ච වගේම පිට ඉඳලා එන අය ඒ අතරතුරදී මුහුණදීපු අත්දැකීම් බෙදා ගත්තේ. 


මෙයට අමතරව අපේ ඔෆිස් එකෙන් රිසෙප්ෂන් එක පැත්තට ඔලුව දාපු ගමන් තියෙනවා ගෙස්ට්ලා තමන් ළඟ තියෙන පොත් පත් සඟරා හුවමාරු කර ගන්න ඩෙස්ක් එකක්. තමන් කියවපු/බලපු පොත් පත් සඟරා එතන දාලා, නොබලපු ඒවා අරගෙන යනවා. සුද්දෝ ඉතිං සුද්දෝම තමයි. කිසි දාක වංචා කරන්නේ නෑ. එතනින් එකක් ගන්නවා නම්, එතනට දෙකක් දානව. අපිත් පාන්දර ආපු දවසට ඔතන තියෙන මැගසින් උස්සනවා. ප්‍රංශ, ජර්මන් ඉතාලි තියා ග්‍රීක් වලින් තිබුණත් අපි බලන්නේ පින්තූර විතරයි. පොත් නම් ගන්නේ අපිත් එක්ක හිටිය ෂොක්මන් විතරයි. ඒත් ඉංග්‍රීසි ඒවා. අපෙත් එක්ක හිටපු බැසිල් තමයි ඒවායේ තියෙන පින්තූර විශ්ලේෂණය කරන්නේ. අපෙත් එක්ක වැඩ කරපු ෂොක්මන් මම දැකපු හොඳම කියවන පුද්ගලයෙක්. දවසේ වැඩ කරන්න ගන්න මිනිත්තු කිහිපය ඇරුනහම මිනිහගේ වැඩේ කියවන එක. ඩේලි නිව්ස් එක අකුරක් නෑර කියවනවා. අපේ ජී.එම්.ට වුණත් මොනවා හරි පත්තරේ තිබ්බ දෙයක් ගැන දැන ගන්න ඕන වුණොත් මිනිහාගෙන් තමයි අහන්නේ.

උදේට කාලා අපේ ආසන වල වාඩි වුණාට පස්සේ, ආයේ නැගිටිනවා බොරු. එහෙම යනවා නම් මොකක් හරි රාජකාරි වැඩකට තමයි. මම කරපු රාජකාරියේ හැටියට මට ටිකක් නිදහස තිබුණා ස්ටෝර්ස් එකට යන්න. මතක් වුණ වෙලාවේ මේ එක්කම අතුරු කතාවක් තියෙනවා ලියලා දාන්න. ඔය ස්ටෝර්ස් එකට යන්න අවසර ඇතුව හෝ නැතුව අපිට සාධාරණ හේතු තිබුණා. අපි උදේ අටට වැඩට වාඩි වෙන්න කලින් පහළ කුස්සිය, ස්ටෝරුව තියෙන පැත්තේ තියෙන අපට අදාළ කැන්ටින් වලින් ආහාරය ගන්න ඕනේ. මේවා නිකංම දෙන්නෙත් නෑ. මීල් චිට් කියලා, එක්-එක් ශ්‍රේණියට අදාලා වර්ණයන්ගෙන් යුත් කෝච්චි ටිකට් එකක් තරම්, හරියට මුද්දර වගේ මැදින් කඩන්න පුළුවන් ටිකට් වර්ගයක් අපට නිකුත් කරනවා. ඒ ගැන ගණනය කිරීමක් කලින් දවසේ සිදු වෙනවා. අදාළ අංශයට එදා කලින් දවසේ හවස මේ මීල් ටිකට් හම්බ වෙනවා. ලොක්කෝ කොච්චර අපිව බෙදලා තියෙන්න හැදුවත්, මේ කෑම කන තැන් වලදී අපි පන්ති භේදය අත ඇරලා සහෝදරයෝ වගේ උන්නා. මේ බොහෝ දෙනෙක් අපි එක්ක කථාවට කැමතියි. ඒ ඊළඟ මාසේ දහවෙනිදට ලැබෙන සර්විස් චාජ් එක කීයක් විතර වෙයිද කියලා දැන ගන්න. 

මේ සර්විස් චාජ් එක, තම තමන්ගේ දෙපාර්තමේන්තුවට දැනෙන විදියට ගණනය කර ගන්න, ඒ ඒ දෙපාර්තමේන්තු වල පැරණි සේවකයින් සමත් වෙලා තිබුණා. නයිට් ඔඩිටර්වරු දෙදෙනා විදියට කටයුතු කරපු මයිකල්-ශාන්ත දෙපල තමයි වඩාත් කිට්ටුවට නිවැරදි අගය කිව්වේ. ඒ නමුත් සර්වි චාර්ජ් එක ගණනය කරන එකේ සමීකරණය අනෙක් දෙපාර්තමේන්තු වලට අයට පමණක් නෙවෙයි සමහර ගිණුම් අංශයේ සේවකයන්ටත් ටිකක් විතර බරපතල වෙලා තිබුණා. මේ වගේ ආයතන වල සේවය කරන අය තමන්ගේ රැකියාවේ සුරක්ෂිත භාවය ආරක්ෂා කර ගත්තේ, මේ වගේ බැරෑරුම් දේවල් පිලිබඳ රහස් සඟවගෙන ඉඳීමෙන්. මේක තවත් කෙනෙකුට උගන්වන්නේ බොහොම අමාරුවෙන් තමයි. එහෙම ඉගැන්නුවත් කොටසක් අඩුවෙන්. ඒ නිසා වැඩේ දැනගත්තත් කවුරුවත් චන්ඩි වගේ මේවා හදන්න ඉදිරිපත් වුනේ නෑ. පසුකාලීනව මේ ගණනය කිරීම් කරන විදිය තිතටම ඉගෙන ගන්න මට පුළුවන් වුණා. උසස්පෙලට ගණිතය කරලා, එන්.අයි.බී.එම් එකේ පරිගණය පාටමාලාවට උසස් ගණිතය සහ උසස් මට්ටමක සංඛ්‍යානය ඉගෙන ගත නිසා මට ඒවා අල්ල ගන්න එතරම අපහසු වුනේ නෑ.

අතුරු කතාව අස්සේ තවත් අතුරු කතාවක් කියවුනා. සර්විස් චාර්ජ් ගණනය ඒ තරම් රසවත්. අතුරු කතාව තමයි, අර කියපු මීල් චිට් වලට කෑම නිකුත් කරන එක උදෑසන හතයි පනහට හරියටම අවසන් කළා. එතන ලබා දීපු කෑම ගැන අපේ ඒ තරම ප්‍රසාදයක් තිබුණේ නෑ. ඩප්පරා කියලා ජීවිතේට කාපු නැති, බ්ලේඩ් එකෙන් කැපුවා වගේ හරි හතරැස්, මෙලෝ රහක් නැති මාළු ජාතියක් තමයි අපිට කෑමට දුන්නේ. ඒ මදිවට කිරිබත් කන්න - කිරි හොදි ! බොහෝවිට කිරට උයපු මේ මාළු. අපේ ඇඟේ මාළු නටපු වාර අනන්තයි. ඇයි ඉතිං, පාන් එක්ක කිරි මාළු සහ මිරිස් මාළු නැත්නම් කිරිබත්. බොහෝවිට ඔය දෙකම එහා මෙහා කර කර දුන්නා. වතුර පුදුම ජරාවක්. ඒ හෝටලේ තියෙන මුහුදුබඩ පළාතේ ලුණු මිශ්‍ර හිරිගල් පොලවෙන් එන්නෙම කිවුල් වතුර. ඒ මදිවට කුඩා පනුවෝ ජාතියක් ඉන්නවා. ඒ වගේ ජරා වතුරක් මම දැක්කේ පහුකාලීනව බැංකුවේ සේවයට ගිය වෙලාවක අරලගංවිලදී. එහෙට හොඳට වහින කාලෙක වතුරේ කුඩා කූනිස්සෝ වර්ගයක් ඉන්න බව දැකලා, එහෙදීත් බිව්වේ උණු-උණු ගින්දර වගේ වතුර. මේ හෝටලේ නම් ලෝබ කමටමයි එහෙම කලේ. ඒවා හොයා බලන්න කවුරුවත් ඒ කාලේ හිටියේ නෑ. හරිනම් තරු ලබා දෙත්දී සේවක සුබසාධනයත් බලන්න ඕනේ. අනේ මන්දා ඒවා කොහොම සිද්ද වුණාද කියලා. 

ආයෙත් පිට පැන්නා. හතයි පනහට ආහාර ගන්න බැරි වුනොත්, ආයේ උදේ දහයට දෙන කිරි තේ එක ඇරෙන්න දවල් වෙනකං මොනවත් නීතියානුකූලව ලැබෙන්නේ නෑ. ඒ කියමනෙම රැඳිලා තියෙනවා "හොරෙන් කන්න පුළුවන්" කියන එක. එකවුන්ට්ස් එකේ හිටපු අපිට ඔෆිස් එකට යාබදව තිබුන කොෆී ෂොප් එකෙන් හරි පහළ ලොකු කුස්සියෙන් හරි කෑම ටිකක් ලබා ගන්න බැරි වෙන්නේ නෑ. ඒත් අපි ඉන්නා තැනට ගෙන්වා ගන්න පුළුවන් කොෆී ෂොප් එකෙන් විතරයි. ඒකෙ වැඩ කරපු ච්බ්බා නොහොත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු (ජීවතුන් අතර නැති බව මෑතකදී දැන ගන්නට ලැබුණා. අපෙත් එක්ක ක්‍රිකට් තරග වලට යත්දී රස ගුලාවක් මවපු සැබෑ චීනෙකුගේ පෙනුම සහිත තඩි මහතා පුද්ගලයෙක්) නොහොත් චබ්බා අපිට එහෙම ඉල්ලපු දවසකට ඊයම් කොලවල ඔතපු තම්බපු බිත්තර, බ්‍රෙඩ් රෝල්, ක්‍රොසේන්ස්, ඇම්බුම් කෙසෙල් ගෙනත් දෙනවා. නමුත් මතක ඇතිව කෙසෙල් ගෙඩියේ ලෙල්ල ගෙනියන්න ඔහු වග බලා ගත්තා. ඒ ඔහුගේ දිනය අවසන තුලනයන් කරන්න. ඒ තරම් පාළනයකින් තමයි ඒ ආයතන දිව්වේ. නමුත් වර්ෂ අවසාන බෝනස් එක හැමෝටම රුපියල් පන්දාහයි. ඒවා ගැන කථා කරලා වැඩක් නෑ. ඒවායේ තිබුන නාම මාත්‍ර යුනියන් වලට ඒවාට සටන් කරන්න බෑ. 

පහළ ලොකු කිචන් එකෙන් කෑම ටිකක් දෛනිකව ඉල්ලා ගන්න ඒ කාලේ අපි වග බලා ගත්තා. ඒ උදේට පරක්කු වෙන අයට සහ ඒ යුගයේ බද්‍ර යෞවනයේ උන් අපට. එහෙම කිව්වට වයසක අයත් අත ඇරියේ නෑ. සමහර දවස් වලට ඉම්පොට්ඩ් ටෙන්ඩර් ලොයින් කියලා රටින් ගෙන්වපු හරක් මස් කන්න ලැබුණා. අපිට මේවා ලැබෙන්නේ ගාබේජ් බෑග් එකක් පුරවලා. ස්ටෝස් එකේ ඉන්න ආනන්ද හෝ ෂර්ලි කරන්නේ මේ ටික අරගෙන නිතර අරින්නේ නැති ලිපිද්‍රව්‍ය ගබඩාවේ රාක්කයක් සඟවනවා. ඊට පස්සේ ඉන්ට කොම් එකෙන් අපිට පණිවුඩය දෙනවා. අපි කට්ටිය හිමිහිට ස්ටෝරුවට පල්ලම් බහින්නේ එකම දොරෙන් නෙවෙයි. කෙනෙක් අර ඉහලින් පේන කහ පාට තැනින් ගිහින්, ටී.වී. කාමරයෙන් හෝ කොෆී ෂොප් එකෙන් පිටුපස කොරිඩෝවට පිවිසෙනවා. අපි දෙදෙනෙක් විතර අපේ පිටුපස දොරින් ස්ටෝරුව බලා යනවා. තවත් කෙනෙක් ජී.එම් ඉන්න පැත්තෙන් ගිහින් ඩිස්කෝ එකෙන් පිටුපස කොරිඩෝවට එනවා. බැරිම කෙනෙක් තව රවුමක් ගහලා බිම් මහලේ තියෙන ස්ටෝරුවට එනවා. ආනන්ද හරි ෂර්ලි හරි කරන්නේ අපිව මේ කාමරයට දාලා දොර වහලා යතුර සාක්කුවේ දාගෙන තමන් වැඩ කරන ආහාර ගබඩාවේ වැඩ කරන එක. අපි කාලා ඉවර ඇති කියලා හිතෙන වෙලාවක ඇවිත් දොර අරිනවා. ෆෑන් එකක් නැති නිසාත්, වටෙන්ම බිත්ති තිබෙන නිසාත් මේක පෝරණුවක් වෙන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නෑ. කාලා ඉවර වෙනකොට අපි ඉන්නේ දාඩිය පෙරාගෙන. මොනවා වුණත් සංචාරකයන් වෙනුවෙන් නිමවෙන ආහාර වල තියෙන නැවුම් රසය නිසා මේ වගේ පරිසර තත්ත්ව ඉවසගෙන ඉන්නවා. 

දවසක් අපි කාලා බලාගෙන ඉන්නවා දැන් දොර අරියි, දැන් දොර අරියි කියලා. ඒ වුණත් පැය එකහාමාරක් විතර ගත වෙනකම් දොර ඇරුණේ නෑ. අන්තිමට අපි නිකං බැදපු කන්කුන් වගේ මැල වෙලා ඉන්නකොට තමයි ෂර්ලි ඇවිත් දොර ඇරියේ. ඒ වෙලාවේ අපි මොනවා කිව්වද කියලා අපිට මතක නෑ. කෙනෙක් අමු තිත්ත කුණු හර්පෙන් බනිද්දී අපි ඉක්මනට දුවලා ගියේ අපේ ආසන වලට.  මේ වෙනකොට අපිව හොයනවා ඇති කියන බයයි. ඔෆිස් එකේ ඒ.සී. තියෙන නිසා සිසිල් වෙන්නයි බලාගෙන. නමුත් වාසනාවකට කාවවත් හොයලා නෑ. එදා වෙලා තියෙන්නේ ජී.එම්. මොනවා හරි හදිසි කටයුත්තකට ශර්ලිව ගෙන්නලා. කථාව පැය ගණනක් ඇදිලා ගිහින්. එදායින් පස්සේ ඒ ගමන යනවා නම්, දෙතුන් වරක් ෂර්ලිට හරි ආනන්දට හරි කොහේ හරි යනවා නම් අපිව එලියට දාන පොරොන්දුවට තමයි ඇතුලට යන්නේ. දවසක් ලීටරේ ඇපල් ජූස් එකක් කියලා, අපි බිව්වේ තක්කාලි ජූස් එකක්. දවස් දෙකක් යනකං මුළු ඇඟම ගිනි තියලා වගේ. මම වතුර කොච්චර බිව්වද කියලා මතක නෑ. සුද්දන්ට ටුමාටෝ ජූස් හරි ගියාට අපිට හරි යන්නේ නෑ. 

අතුරු කතාවල් ඉවර නිසා දැන් බහිමු අපේ ප්‍රධාන කතාවට. අපේ රිසෙප්ෂන් එකට ආවේ ඉතිං ලස්සන කෙල්ලෝ නේ. මට දැන් හරියට මතක නැතත් දිනේෂා, රොමේන්, අංජලිකා අරකා-මේකා ඕනෑම නමක් තියෙන අය එනවා. සමහරු එන ඉක්මනින්ම යනවා. සමහරු කාලයක් ඉන්නවා. සුදු, ලස්සන, මහත, උස එක එක විදියේ අය එනවා. මේ ය දැක්කම සංචාරකයන්ට විවිධ අදහස් පහල වෙන එක පුදුමයක් නෑ. අපෙත් එක්ක හිටි සමහර ලොක්කොත් මේ අයගේ පස්සේ වැටිලා හිටියේ. එක ලස්සන, සුදු මහතා කෙල්ලෙක් හිටියා, කෙල්ල කිව්වත් මෙයා අවුරුදු තිහක විතර කෙනෙක්. නමුත් රුසියානු පෙනුමක් තිබුණේ. දවසක් මගෙන් ඉල්ලා ගත්ත මාකර් පෙන් එකක් ආපහු නොදී මගෙනුත් බැනුම් අහ ගත්තා වගේ මතකයි. පස්සේ "මෙයා පුංචියට හිටියට හරියට කේන්ති යනවා" කියලා මට තේ වෙලාවේදී විහිළු කළා. මෙහෙම ඉන්නකොට දවසක් හවස හයට විතර මේ කෙල්ල මූණත් රතු කරගෙන අපේ ඔෆිස් එක පැත්තට දුවගෙන ආවා. පපුවට අත තියාගෙන, වේගයෙන් හුස්ම ගන්නවා. මේ වෙලාවේ ඔෆිස් එකේ හිටියේ මම, ෆාහිම් සහ සේනාරත්න ඇතළු කිහිප දෙනෙක්. අපි බැළුවා මොකක්ද මෙයාට වෙලා තියෙන්නේ. කිසි සබකෝලයක් නැති කෙනා, එකපාරට ලජ්ජාවෙන් මුහුණ රතු කරගෙන. මට අදත් මැවිලා පේනවා, ඒ මූණේ තිබුන තැති ගැන්ම, ඒ වගේම අපේක්ෂා භංගත්වය. අන්තිමට මේසයක් උඩ තිබ්බ වතුර බෝතලය කටේ තියාගෙන බීලා කථා කරන්න පටන් ගත්තා.
"මමනම් හෙටම අස් වෙලා ගෙදර යනවා. අපි උඩරට බොහොම ලැජ්ජාවට බයට හැදුන අය"
එයා වේගයෙන් කියාගෙන ගියා. වෙනදා එයාගේ වචන වල තිබ්බ ලාලිත්‍යය මොහොතකට ගිලිහිලා.  මේ වගේ විවිධ චරිත රඟපාන දේවල් දැකලා අපිටත් මේවා කිසිම ගානක් නැති තත්වයේ හිටියේ. මුස්ලිම් වුනත් ෆාහිම් උඩරට පැත්තේ, ඒකට හරියන්න සේනාරත්න කෑගල්ලේ. මේ වෙලාවේ මේගොල්ලන්ගේ උඩරට ගතිය එලියට ආවා.
"කියන්න - කියන්න මොකද වුණේ. කවුරු හරි ඔයාට කරදර කරන්න ආවද ?"
කෙල්ල ඔලුවෙන් සන් කරමින් ඒ අදහස අනුමත කළා. දැන් අපිට කාරණය පැහැදිලියි. මේ හෝටල් වල එහා මෙහා යත්දී අහුමුළු වලදී කෙල්ලන්ගේ අතනින් මෙතැනින් මිරිකන පුරුද්දක් ලොක්කන්ට වගේම අනිත් අයටත් තිබුණා. හැබැයි මෙයාලාගේ ඇඟට අත තියන්න පහල සේවකයන් බයයි. එහෙම කලානම් එක්කෝ එයාලත් එක්ක ඉන්න කෙනෙක් වෙන්න ඕනේ, නැතිනම් ලොක්කෙක් වෙන්න ඕනේ.

"සුද්දෙක් ඇවිත් මට කි...ව්....වා... මට කිව්වා.. "
"ඔය ගොත ගැහිල්ලා තියලා ඉක්මනට කියාපන් නංගියේ, ඌ මොනවද උඹට කලේ ?"
ජාති ආලය ඉහ-වහා ගිහින් සේනා අත්දිග ෂර්ට් එකේ මදක් නවාපු අත්, වැලමිටෙන් උඩටම ඇද ගත්තේ "ගනු කඩුවට - එනු සටනට " සටන් පාඨය සිහි ගන්වමින්.

"සුද්දා මට කිව්වා අයි වොන් ටු ෆක් කියලා. ඇයි අයියේ මෙහෙම ප්‍රසිද්ධියේ ඔහොම අහයි කියලා කවුද හිතන්නේ. අපි මෙතන ඇවිත් ඉන්නේ වැඩ ඉගෙන ගන්ට. උන්ට ඕන - ඕන දේවල් කරන්ට නෙවෙයිනේ. ඌ බීලද කොහෙද"
මේ වෙලාවේ රස්සාව පැත්තක තියන්න අපි කාටත් හිතට ආවා. වීර පුරන් අප්පුගේ පරපුරේ අය වගේ සුද්දා හොයාගෙන යන්න හදනකොටම, රිසෙප්ෂන් එකේ ඉන්න අනිත් කෙනා උස මහත සුදු රොමේන් දුවගෙන එනවා කට පුරා හිනා වේගෙන.
"මෙයාට තියෙන්නේ පුදුම කලබලයක් අනේ. බලන්න අර සුද්දා ලියුමත් තියාගෙන බලාගෙන ඉන්නවා. යමු යමු"

කියලා දම් පාට බතික් සාරියකින් සැරසිලා කඳුළු පෙරන්න ඔන්න මෙන්න මුහුණින් ඉන්න අරයට කියනව. 
"මේ රොමේන් උඹ පැත්තකට වෙයං, අපි දෙන්නං සුද්දට උත්තර. උන්ට ඕනේ ඕනේ දේවල් කරන්න දෙන්න පුලුවන්ද ?"
"හරි දැන් අයියලා කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා"
"අනේ උඹට නොතේරෙන්න උඹ පොඩි එකානේ. වරෙන් කිරි ටිකක් පොවලා හරහට නලවන්න. ඇයි බං සුද්දා මේකිට අඬගහලා තියෙන්නේ මොකටද කියලා එතනම හිටිය උඹට ඇහුනේ නෑනේ. උඹ ඉතිං කොහොමත් ලංසි බඩුවනේ"
මේ මොනවා කිව්වත් රොමේන් හිනාව පුරවාගෙන ඉන්නවා. අතින් කට වහගෙන හොඳටම හිනා වෙලා මෙහෙම කිව්වා
"ඒ සුද්දට ඕනේ වෙලා තියෙන්නේ ෆැක්ස් එකක් යවන්න. දන්නේ නැද්ද ජර්මන් කාරයන්ගේ ඉංග්ලිෂ් ප්‍රනවුන්සියේෂන්. මෙයාට ඇහිලා තියෙන්නේ වෙන එකක්"
 ඊට පස්සේ මේක මුළු හෝටලේම ඉන්න සේවකයනේ කණින් කනට යන්න ගත වුණේ පැය දොළහකට අඩු කාලයක්. ඒ 1991 වගේ කාලෙයේ ජංගම දුරකථන බොහොම දුර්ලභ යුගයක් නිසා. අද වගේ දවසක නම් විනාඩි දෙකයි. ඊට පස්සේ අරයව දකින ඕනෙම කෙනෙක් අතට අහු වෙන කොළ කෑල්ලක් පෙන්නලා කිසිම කැතක් නැතිව 
"අයි වෝන්ට් ටු ෆක්"

කියන්න අමතක කලේ නෑ. ටික කාලෙකින් මේ සුන්දරිය වෙනත් රැකියාවක් හොයාගෙන ගියා. 

75 comments:

  1. හික්ස් ...! අද කතා මල්ලක් . "අයි වෝන්ට් ටු ෆක්" පට්ට ඈ . මෙකෙ මාතෘකාව එක උනානම් කියල හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. මුලින්ම මාතෘකාව එහෙම දාන්න හිතාගෙන තමයි ලියන්න පටන් ගත්තේ. නමුත් මේ අතුරු කතා ටික ලියන්න ගිහිං කතාව දිග වුණ නිසා, පස්සේ හිතුණා ඔය තියෙන විදිය හොඳයි කියල.

      Delete
    2. සිරාවටම ඒක ටයිට්ල් එක කරන්න සුදීක අයියේ. නියමෙට ගැලපෙනව වගේම කතාවට අවුලකුත් නෑ ඒ ටයිට්ල් එකෙන්

      Delete
    3. හි හි ,, මුන් දෙන්නගේ අදහස බලහල්ලකෝ ,

      Delete
    4. දැන් හැදෙන එවුන්ගේ හැටි. අපි නම් ලැජ්ජාවට බයට හැදිච්ච එවුන් නේද ඔමා.

      Delete
  2. හා.........පෝ............අරයගෙ හිතේ තියෙන්නම ඇත්තේ කවදාද කවුද එයාගෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ කියලා වෙන්න ඇති. ඉතිං යන්තම් ෆ......ඇහුණා විතරයි මෙයා හිස්තැන සම්පූර්ණ කරගෙන.

    ReplyDelete
    Replies
    1. ඔව්. මටත් හිතුණේ එහම තමා. නැත්නම් මෙලෝ විචාරයක් නැතිව දඟලන්න ඕනේ නෑනේ. අර "අම්මා අප්පා දෙන්න කැමති නම් - කසාදයට බොහොම කැමති මං" වගේ සීන් එකක් තමයි බලාගෙන යනකොට.

      Delete
  3. අර ගෑල්ලමයට ෆැක්ස් මැෂින් දකිද්දීත් බඩේ රුජාව හැදෙන්න ඇති පස්සේ!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඉතින් ෆැක්ස් මැෂින් බොහොම දුර්ලභ වස්තු නේ. හැමෝටම අල්ලන්න ලැබෙන්නේ නෑ.

      Delete
  4. ෆැක්ස් එකක් නිසා උනු හදියක්.!

    කොහොම හ‍රි අර ළමයට වහා කන්න හිතෙන්න ඇති. :) :D

    ReplyDelete
    Replies
    1. එයාට ඒක සුළු දෙයක් :)

      Delete
  5. ෆැක්ස් සින් එකක් නේ :v :v

    //සුද්දාගේ අමුතු යෝජනාව// කියල තියෙන නිසා dim වෙලා ආවේ :D

    ReplyDelete
    Replies
    1. අපි දැක්කා රෙපා එක්ක ජෝඩු දාලා ගලක් බදාගෙන ඉන්නවා. එහෙම සුද්දොත් ඉන්නවා.

      Delete
  6. කෙල්ල නිකන් හරි සුද්දට කිව්වනම්...
    යු වොන්ටු ෆක්? ඔිකේ.. නව් ඔි ලේටර්? ෂැල් වි ෆක්..
    You want to a fuck? OK... now or later? shall we fuck?
    You want to a Fax? OK...Now or later? Shall we Fax?
    සුද්දා කලන්තේ දාලා වැටෙනවා...

    ReplyDelete
    Replies
    1. සුද්දා : I want to fax

      කෙල්ල : No sir you can't I don't like

      සුද්දා : Whether you like it or not I want to Fax

      කෙල්ල : Ok It will cost you 10,000

      සුද්දා : I don't want then. I will try somewhere outside.

      Delete
  7. හිහිහි... උදේ පාන්දරම ඇති වෙන්න හිනා උනා. ෆට්ට කතාව ඈ....

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ මේ අක්කගේ නම මට මතක නැති එකනේ.

      Delete
  8. ෆැක්ස් ෆක් වී ඇසීම කනේ දෝෂයකට වඩා හිතේ දොෂයකැයි හැගේ...
    ජර්මනු වුනත් උං ටිකක් අපිට වඩා අන්ඩයන් වන බැවින් පොරසිද්ධියේ ඕවා අහන්න නොයන බව මගේ අත්දැකීමයි

    ReplyDelete
    Replies
    1. අරයට ෆිල්ටර් වෙලා තියෙන්නේ වැරදියට. හැබැයි මේ වගේ Communication Gaps නිසා ඕන තරම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ මටත් එහෙම එකක් වුණා. කියන කෙනා අදහස් කරන එක නෙවෙයි අහන කෙනෙ තේරුම් ගන්නේ.

      Delete
  9. කොහොම උනත් පස්සේ උබලා දාපු නෝන්ඩිය සැර වැඩියි. නැත්නම් උබලා ගෙන් කාටහරි ෆක් එකක් ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. අපි ඒ කාලේ පොඩි උන්. ඕවා තේරෙන්නේ නෑ.

      Delete
  10. හයියෝ වෙලා තියෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. එයා සීරියස් ගත්ත තරමක් තමයි ඔය.

      Delete
  11. Replies
    1. උඹට හිනා ගියා කියන්නේ ලොල්ම තමා.

      Delete
  12. නෑ..නෑ සුද්දා ඇත්තටම කියලා තියෙන්නේ අර කථාව තමයිලු පස්සේ වැඩේ චාටර් වෙද්දී බොරු කිව්වලු ..:D

    (මට කිව්වේ සුද්දා )

    ReplyDelete
  13. හෙක් හෙක් යකෝ කනවා කියලා ඔහොමත් දුම දාගෙන කනවද සුදීක අයියේ?, හෙක් හෙක් පෝරණුවක වෙලා කනකොට හෙන අතල් ඇති නේද? මොක උනත් ඔය බීල තියෙන්නේ තක්කාලි ජූසුත් :D

    අනේ අර මිසීට වෙච්ච දේ, ඔය වගේ වැඩක් අපිටත් උනා, එක සැරයක් නැවක රෙපෙයාර් එකකට වරායට අවම අපේ සෙට් එක එකේ එන්ජින් එකේ ටර්බෝ චාජරයක් පන්නගෙන ඇවිල්ල වර්ක්ෂොප් එකට, එත් මස් කරන්න ඕන කරන ටුල් සෙට් එක එකටම ආවේනිකයි, ඉතින් එක නැතිව මස් කරන්න විදියක් නැතිව මාවයි තව එකෙකුයි යැව්වා නැවට එක ඉල්ලන් එන්න, අපි දැන් සුද්දට දන්නා කඩ්ඩෙන් කියනවා ටූල් බොක්ස් එක ඕන කියලා, ඌ නොර්වේජියන් එකෙක්ද කොහෙද, උ මොනවා කිව්වද කියලා ටෙරෙන් නා අපිට, මේ අස්සේ මගේ අනිත් එකා අමු තිතක කුණුහරුපෙන් "හු&^$(&නෝ තොගේ ටූල් බොක්ස් එක දියණ පරයෝ කිව්වා" අරූ ඒ පාර බාසාව වෙනස් කරලා මොන මොනවාද කියන්න ගත්තම තව සුද්දෝ වගයක් ආවා, ඒ පාර නම් හොඳටම බය උනා මුන්ගෙන් කන්න තමා වෙන්නේ කියලා, පස්සේ එතන එකෙක් හිමීට බොක එක දුන්නා, අරු මට කියනවා ඒ හුත්තලට කුනුහබ්බයක් කිව්වම තමාලු මොලේ පෑදෙන්නේ කියලා.:D

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට කන්නේ මොනවද කියලා බලන්නේ නෑ ඔහේ ඇරලා දානවා.

      Delete
    2. මේ කෑම නොලැබෙන දවසුත් තියෙනවා. අපි මොනවද දන්නවද කලේ ? සෙලර් එකේ දොර ඇරලා. එකේ තියෙන කිලේ එකේ කුකිං චොක්ලට් බාර් එක කෙලවර බිම අනිනවා. එතකොට අඟල් දෙකක විතර කෑල්ලක් කැඩෙනවා. පෑනෙන් ඉරක් ඇඳලා ඉටි කොලේ ඉරලා, අර කෑල්ල එලියට ගන්නවා. ඒක තමයි උදේ ආහාරේ. එක සැරයක් ඔඩිට් එකේ ආපු කෙල්ලෙකුයි, මමයි මුළු දවසක්ම මේ සෙලර් එකේ ස්ටොක් ගත්තා. :)

      Delete
    3. //එක සැරයක් ඔඩිට් එකේ ආපු කෙල්ලෙකුයි, මමයි මුළු දවසක්ම මේ සෙලර් එකේ ස්ටොක් ගත්තා//

      ස්ටොක් ගත්තද ??? ස්ටොක් කලාද ???

      Delete
  14. හග් හා එ ලමයගෙ හිතෙ නෙ අවුල තිබිල තියෙන්නෙ.5000ක් හරි බොනස් දුන්න මැදැ බොලා කාපු හැටියට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හෝටලේ වපු නැති එක බලන් ගියාම ලොකු දෙයක්

      Delete
    2. අපි කන ඒවාට ඒ වෙනකොට ආදායම හොයලත් ඉවරයි.

      Delete
  15. අද නං රස කතා මහ ගොඩයි.කට්ටිය ස්ටෝස් එක ඇතුලෙ රස්නෙට පිච්චි පිච්චි කන හැටි මැවිල පෙනුනා.ඇයි සුදීක ජරාවතුර දුන්නෙ ඒ කාලෙ වතුර බෝතල් තිබ්බේ නැතුවයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ බෝතල් වතුර තිබුණේ මම හිතන්නේ අලියා එකේ මිනරල් වෝටර් විතරයි. මම දන්නා විදියට ටේබල් වෝටර් ලංකාවේ තිබුණේ 1998 දී විතරයි.

      Delete
  16. හෙහ් හෙහ් මරු සීන් එක... අපිටත් ඔය භාෂා අවුල නිසා එක එක ආතල් තියෙනවා.. මෙච්චරම චාටර් සීන් නම් තාම වෙලා නෑ

    ReplyDelete
    Replies
    1. දැන් ඒ වගේ ඒවා වෙන්න ඉඩ නෑ. නමුත් හෝටල් වල වැඩ කල බොහෝ දෙනෙක් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙනවා.

      Delete
  17. මුල ජේදය ඇතුලේ පුදුම වේගයක්,, අගමුල සම්බන්ද කරගන්න අමාරුගතියක් දැනුණා මට නම්,, කතා ටික මරු,, ඔයත් අපි වගේම පෙරේතයෙක්

    ReplyDelete
    Replies
    1. මුලින් ලියන්න බලාපොරොත්තු වුනේ ෆැක්ස් කතාව විතරයි. පස්සේ තමයි අනිත් ටික එකතු වුණේ. අනිත් කාරණේ මුලින්ම පළමු ඡේදේ ලියලා පස්සේ තමයි අනිත් ටික ලිව්වේ. මම පෙරේත නම් නෑ, ඒත් එදා වේල අවශ්‍ය නිසා තමයි එහෙම ගියේ.

      Delete
  18. අපෝ සුද්දන්ගේ ඇක්සන්ට්....... මට තේරෙන්නේ නෑ කොහොමවත්. මට තියා අවුරුදු දෙකකට කිට්ටු වෙන්න මෙහෙ හිටපු මහත්තයාටත් සමහර ඒවා ඇහෙනකොට පිස්සු වගේලු .

    ReplyDelete
    Replies
    1. කොහොමටවත් තේරෙන්නේ නෑ තමයි.

      Delete
  19. Ei, Suddeka Hotel ekaka weda karapu Kellek suddek ekka Germaniyata gihin samahara wachanath ahulagena(samahru inne wachayak Dekak allagena nahina) Apahu lankawata ewilla.Ithin meya Ammata kiyanawalu,Amma Mata Wasa tikak denna kiyala,Ea amma danne nene,Amma kiwwalu,THOTA NEWEI Matai wasa Bonna wela thiyenne kiyala, (Wasser, kiyanne wathura walata) (ranjan)

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු කතාවක් තමයි.

      Delete
  20. සුදීක අයි වෝන්ට් ටු ෆක් යු

    ReplyDelete
    Replies
    1. සර්..නව් යු කාන්ට් හියර්.. පිලිස් ට්‍රයිටු පයින්ඩ් ද අවුට් සයිඩ්..

      Delete
    2. සොරි අයි ඩෝන්ට් ලයික් ගේස්.

      Delete
  21. පව් සුද්දා. :D

    හෝටල්වල වැඩ කරන අයට ඔයිට වඩා හොඳ කෑම වේලක් දුන්නා නම් හොඳයි කියලා හිතුණා.

    ReplyDelete
    Replies
    1. සුද්දත් පව් අපිත් පව්.

      Delete
  22. උඹේ කතාව නිසා අතුරු කතා දෙකක් මතක් වුනා. Croissant කියන එක වෙන්නැති උඹ ක්‍රොසේන්ස් කියලා ලිව්වේ නමුත් ඕක මම දන්න විදියට කියවන්නේ ක්වාසා කියලයි. ඔන්න දන්න එකෙක් නිවැරදි කරපල්ලා බලන්න, ඔය හොටෙල්ස් වල ඉන්න උන්, ප්‍රංශ දන්න උන්හෙම.

    තක්කාලි යුෂ සුද්දන්ට හරි ගියාට අපිට හරියන්නේ නෑ කිව්වට තක්කලි යුෂ මගෙත් ප්‍රියතම පානයක්. මටත් එක එක දේවල් වලට අසාත්මිකතාවයන් තිබුනට තක්කාලි වලට එහෙම නෑ. පොඩි මළකඩ රහක් වගේ තිබුනට මට නම් තිබහේ ඉන්නවෙලාවට මතක් වෙන බීමක් තමයි තක්කාලි යුෂ. අනික ඔය උඹ කියන ඇඟ දැවිල්ල ගැනිලි, වතුර තිබහ හැදිලි මොකුත් නෑ.

    ඔය ආයතනය හෙන අමානුෂිකයිනේ බං සේවකයන්ට සලකන විදිය. මට නම් හිතෙන්නේ එහෙමයි.

    උඹේ ලොල් කතාවට සමාන කතාවක් තියෙනවා The Italian in New York කියලා. ඌ ඉටැලියන් ඇක්සෙන්ට් එකෙන් කියන දේවල් හෝටලේ උන් තේරුම් ගන්නේ වැරදියට. ඌ කියන්නේ 'අයි වෝන්ත ෆක්' (I want a fork) කියලා ඌට ගෑරුප්පුවක් ඕනේ වෙලා. ඌ ආයෙම කියනවා 'අයි වෝන්ත ෆක් ඔන් ද තේබල්' (I want a fork on the table) කියලා. ඌට ඇඳට ෂීට් එකක් ඕනෙ වෙලා කියන්නේ 'අයි වෝන්ත ශිත්(ත) ඔන් දා බෙද්(දා)' [I want a sheet on the bed]කියලා.

    ReplyDelete
    Replies
    1. මටනං ඔය ටික ඇති පොස්ට් එකකට.

      Delete
  23. ලොල් ද මන්දා නෙමේ මේකනම් ලොල් ම තමා. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තට කාන්තා පාර්ශවය මේකට කැමතියි තමයි.

      Delete
  24. " ඩප්පරා'=කොප්පරා ද?

    ReplyDelete
    Replies
    1. කොප්පර කොහොම ඉව්වත් රස මාළුවක් නේද මචෝ.....

      Delete
    2. ඩප්පරාම තමයි.

      Delete
  25. අපොයි, මාස ගාන්ක පිච්චුන ලේ පිරිසිදු වුනා.. රිවරිනා හෝටලේ මට ගොඩාක් විශේෂ තැනක්. හැබැයි අපි ගියේ සුනාමියෙන් පස්සේ ඒ වෙද්දිත් අමුතු ගදක් තිබුනා කාමර වල.

    ReplyDelete
    Replies
    1. ළමය ලියවිල්ල නවතලයි........

      Delete
    2. ඒක තමයි. මමත් මේ අහන්න හිටියේ.

      Delete
    3. හිතේ එකලාසයක් තිබුනේ නෑ,,, දැන් ටික ටික සේරම විසදගෙන යනවා.. හෙමින් සැරේ ලියන්න පටන් ගන්නම්...

      Delete
  26. අද මම දැක්කා කොල්ලුපිටියෙ ගාලු පාර අයිනෙ මාහා සයිස් අකුරෙන් ෆක් කියලා ගහලා තිබුනා...

    ReplyDelete
    Replies
    1. තාප්පෙක වෙන්ටෑ ........ ස්ප්‍රේ කෑන් වලින් ඔහොම K කොල්ලො ලියනව මචං .....

      Delete
    2. අනේ නෑ බන් ලොකුම ලොකු සාප්පුවක උඩම ලොකුම ලොකු පොල් අකුරින් ගහලා තිබුනේ Fcuk කියලා. ඒ මදිවට ඒකට ලයිටුත් දාලා.. බලහන්කො මුන්ගෙ තියන නැහැදිච්චකමක තරම.. :)

      Delete
    3. ෆෙයාලයින් එක මොඩිෆයි කරලා හදපු ෂොපින් මෝල් එකේ තියෙනවා ෂොප් එකක් මමත් දැක්කා.

      Delete
  27. නිදිමතේ කියෙව්වෙ. නිදිමතත් නැති වුණා හිනා ගිහින්

    ReplyDelete
  28. එල කතාව.......හොටෙල් කතා අහල තිබ්බට ...... මේ කතාවක් ඇහැව්වමයි ....

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කෙන්ජයියා.

      Delete
  29. අනේ පව් අර ගෑණු ලමයා :D

    ReplyDelete
    Replies
    1. මලේ කොහේද කොල්ලෝ ගියේ ?

      Delete
  30. ඒක නියම ලොල් කථාව...ඔය කියන පිළිගැනීමේ රැකියාව චරිතය බේරගෙන කරන්න හැකියාවක් තිබුනෙම නැද්ද හැබෑට ලොක්කන්ගෙන් බේරිලා...කොන්ෆීෆි සමාගම් සමූහයට නේද මේ හෝටලය අයිති...

    ReplyDelete
    Replies
    1. බේරුනේ එහෙමත් කෙනෙක්. දැන් නම් කොන්ෆිෆි සමූහය නැහැ. LOL කම්පනිය අරගත්තා. මම කිව්වේ LOLC.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...