Sunday, May 4, 2014

ඔබත් නිතර බැකප් එකක් ගන්නවද ? ...... Are you getting Backups Frequently ?

මගෙත් එක්ක නිතර කථා බහේ යෙදෙන මිත්‍රයෙකුට අද මම ඇමතුමක් ගත්තා. එක පාරටම මේකා ඇහුවේ නැද්ද "කවුද මේ ?" කියලා. මම හිතුවා විහිළුවක් වත් කරනවාද කියල. නමුත් ඔහු තේරුම් කරන දුන් පසුව මෙය බොහෝ දෙනෙකුට ඇති වන ප්‍රශ්නයක් බව පැහැදිලි වුණා. ඔහුගේ ජංගමයේ කන්ටැක්ට් සියල්ල මැකී ගිහින්. නමුත් සතුටින් කියන්නේ මේ වැඩේ එකම වතාවක්වත් මට වෙලා නෑ. හේතුව මම තාක්ෂණය සමග ජීවත් වුනත් තාක්ෂනය ගැන 100% විශ්වාස නොකිරීම. ඔබ විශ්වාස කරයිද මන්දා මම ඉඳහිට ඩයරියක් අරන් ෆෝන් එකේ තියෙන කන්ටැක්ට් ලියාගෙන ලියාගෙන යනවා. සමහර දවසකට මෙහෙම ලියලා දවස් කිහිපයකින් ෆෝන් එක වැඩකරන්නේ නැතිව යනවා. ඔබේ හිතටත් මේ වගේ අණතුරු ඇඟවීම් දැනිලා ඇති. එහෙම දැනුනොත් දෙපාරක් හිතන්න එපා ලියන්න පටන් ගන්න. මේක මහා කම්මැලි වැඩක් වගේ දැනෙයි. ඒත් එහි වටිනාකම ගැන වචන වලින් විස්තර කරන්න ඕනේ නෑ. මේ දේ නොවුන කෙනෙකුත් නැති තරම්.  අද මට කතා කරපු මිත්‍රයටත් මම දුන්නේ ඔය උපදෙසමයි. 
අතින් තැබූ දුරකථන අංක ලැයිස්තු ටෙලිෆෝන් ඉන්ඩෙක්ස්

මම මේ වගේ ලියා ගත්තු ලැයිස්තු කිහිපයක්ම තවම මගේ බෑග් එකේ තියෙනවා. ඉස්සර නම් ඕන කෙනෙක් ගාව ටෙලිෆෝන් ඉන්ඩෙක්ස් එකක් වැරදුනේ නෑ. දැන් එහෙමත් කෙනෙක් ගාව තමයි තියෙන්නේ. එහෙම කළාම තියෙන එක වටිනාකමක් තමයි, ඔබේ ජංගම දුරකථනය නැති වුනත්, බිම වැටිලා එක පාරම වැඩ කරන්නේ නැතිව ගියත්, අලුත් එකක් ගත්තම පරණ කන්ටැක්ට් වලින් අවශ්‍ය ඒවා පමණක් ඇතුලත් කරගෙන, ඒවා අතරේ නිසි කළමනාකරණය පවත්වා ගැනීමේ හැකියාව. දැන් කන්ටැක්ට් වලට සීමාවක් නැති වුණත්, ඉස්සර ලබා දීපු සිම් කාඩ් පතක තැන්පත් කරන්නක පුළුවන් ප්‍රමාණයක් තිබුණා. 100ක්, 250ක් ආදී වශයෙන්. පසුව සුපර් සිම් වගේ ජාති ආවා. ඒ එක්කම ජංගම දුරකථනයේ ඉඩ ප්‍රමාණය මත අවශ්‍ය ප්‍රමාණයක් තබා ගන්න හැකියාව වර්ධනය වුණා. දැන් ඒවා කෙතරම් දියුණුද කියනවා නම්, මිතුරාගේ පින්තූරය, QR කේතය, ඊ-මේල් ලිපිනය, වෙබ් අඩවිය, ආදී ඕනෑම දෙයක් සටහන් කර ගන්න පුළුවන්. මෑතකදී වින්ඩෝස් ෆෝන් එකකට මාරු වූ පසු හරි අපූරු Application  එකක් හමු වුණා. ඒ CamCard. එමගින් ඔබට ලැබෙන ව්‍යාපාරික කාඩ්පත් ස්කෑන් කිරීමකින් සියලු තොරතුරු එක් රැස් කර ගන්න පුලුවන්. මම හිතන්නේ Android, BlackBerry වලට මීට වඩා හොඳ Apps තියෙනවා. ඒ වුණාට මතක තබා ගන්න හොඳම මාධ්‍යය කඩදාසිය බව.
කැම් කාර්ඩ් කාඩ් CamCard ජංගම දුරකථන වින්ඩෝස් 8 මෘදුකාංගය

අපේ දෛනික රාජකාරී වල අපට තිබෙන වැදගත්ම වගකීමක් තමයි අප බලා ගන්නා පද්දති වල Backup ලබා ගැනීම. මොනවා අතපහු කලත්, අමතක නොකර කලයුතු කාරියක් තමයි Backup කිරීම. මගේ මැනේජර්ට අපි කියන්නේ Mr. Backup කියලා. ඒ ඔහු නිතරම මේ ගැන සොයා බලන නිසා. දවසකට අපි පද්දති දෙකක බැකප් හයක් ගන්නවා. ඒවා විවිධ ස්ථාන වලට යැවීමත් වැදගත්. පද්දතිය තිබෙන ස්ථානයේ බැකප් පිටපත් තැබීම ගින්නකදී, බෝම්බ පිපිරීමකදී වගේ අවස්තාවක කිසිසේත් ප්‍රයෝජනවත් වන්නේ නෑ. ඩිස්කට් වලින් පටන් ගත්ත බැකප් කිරීම, Tanberg Tape, DAT Tape දක්වා වර්ධනය වෙලා දැන් DVD හෝ External Hard Disk දක්වා දියුණු වෙලා තියෙනවා. බැකප් කිරීම කොයි තරම් වැදගත්ද කියලා දැනෙන්නේ ඔබ වැඩ කරන පද්දතියක් බිඳ වැටුණු විට. ඉස්සර අපගේ පද්දති Stand Alone හෝ Distributed විදියට තිබුණු කාලේ, අපි ශාඛා වල පද්දති නිලධාරියාට දැඩි අවධාරණයෙන් දෙන  උපදෙස තමයි, දවස අවසාන කටයුතු වලට පෙරත්, පසුවත් නොවැරදීම බැකප් එකක් ලබා ගන්නා ලෙස. එහෙම අතපහු වුණ වෙලාවකට අන්තිමට ගත්තු බැකප් එක පද්දතියට ලෝඩ් කරලා. එතන ඉඳන් කරපු ගනුදෙනු ඇතුලත් කරන්න සිද්ධ වෙනවා. එහෙම දවස් හය - හත ඇතුලත් කරන්න වුණු අත්දැකීම් පවා අපට තියෙනවා. ඒ කාලේ අඩක් අත්හුරු ක්‍රමයට තිබුණ නිසා ඒ වගේ කටයුතු ගැටළුවක් වුණේ නෑ. 

මේ කතාව අතරේ මට සිද්ධ වුණු ලස්සන සිදුවීමක් මතක් වුණා. අලුතෙන්ම ශාඛාව පරිගණකගත කරපු මුල සතියේ කාර්යබහුල නැති දවසක මගේ අත්වැරදීමකින් Master File එකක ගිණුම් අංක උඩින් වෙනත් අංක වගයක් සටහන් වුණා. මට එක පාරටම වෙන්න යන භයානක තත්වය වැටහුනා. මම කෙලින්ම දිව ගියේ ශාඛාවේ කළමනාකාර තුමා වෙත, ඔහු ඉතාම කාරුණික නිලධාරියෙක්. මගේ විස්තරය අහගෙන ඉඳලා 

"හරි මල්ලි දැන් මොකක්ද මගෙන් කෙරෙන්න ඕනේ?" කියලා ඇහුවා. 

මම වෙන්න ඕනේ දේ විස්තර කරා. ඉන්පසු මා මා නතර වුවේ වොෂ්රූම් එකේ. එදින වැඩ ආරම්භ කර මිනිත්තු කිහිපයකට පසුව සිදු වූ දෙයක් නමුත්, මෙය ආපසු හරවන්න ගත වන කාලයත් සමග සසඳා, පෙරදින බැකප් එක ස්ථාපනය කර, එදින කල ගනුදෙනු නැවතත් ඇතුලත් කිරීම පහසු බව මට වැටහුණා. තවත් මිනිත්තු කිහිපයකදී අපට වරද නිවැරදි කර ගන්න හැකි වුණා. ඒ අප පෙරදිනයේ බැකප් කිරීම නිවැරදිව කර තිබූ නිසාවෙන්. ඉතිං ඕනෑම දෙයක බැකප් එකක් අරන් තැබීම ඉතාම ප්‍රඥාගෝචර දෙයක්. ඔබ ළඟ තිබෙන සියලු ඉලෙක්ට්‍රොනික් මෙවලම් වල බැකප් එකක් කර ගන්න. ජංගම දුරකථනයේ කන්ටැක්ට් සහ වැදගත් දේ බැකප් කිරීම Schedule කරන්න පුළුවන්. එහෙම කරන්න නම් මෙමරි කාඩ්පතක් එහි අඩංගු වෙන්න ඕනේ. හැබැයි දැන් අළුත් ක්‍රම තියෙනවා.  දැන් ජංගම දුරකථන වලින් දුරකතනයකට දත්ත සම්ප්‍රේෂණය කරන්නේ ඊ-මේල් ගිණුමක් හරහා නැතිනම් ස්කයිව් ඩ්‍රයිව් හෝ ගූගල් ඩ්‍රයිව් වැනි දුරස්ථ මතකයක් ආධාරයෙන්. මගේ නව දුරකථනයට එකදු දුරකථන අංකයක් ඇතුලත් කරන්න මට සිදු වූයේ නෑ. ඒ වින්ඩෝස් ජංගම දුරකථන සක්‍රීය කරන්නේ හොට්මේල් ගිණුමක් හරහා නිසා. කලින් මේ හොට්මේල් ගිණුමට කැන්ටෑක්ට් සහ වෙනත් වැදගත් දේ අප්ලෝඩ් කර පසුව නව දුරකථනය සක්‍රීය කළා. එවිට් ඒ සියලු දත්ත නව දුරකථනයේ. 

මා සමග ටික කලකට පෙර සේවය කළා ගුහානන්ද නමැති දමිළ මිතුරෙක්. ඔහුට මිනිත්තු දහයකට සැරයක් බැකප් එකක් නොගත්තොත් ඉන්න අමාරුයි. එවැනි තත්ව නම් විස්තර කල හැක්කේ ආත්ම විශ්වාසයේ(Self Confidence) අඩු කමක් ලෙස. ඔහු ඉතා කලබල වන්නෙක්(Panic) චරිතයක්. පුංචි දෙයටත් ලොකු තොයිල් නටන්න සූදානම් පුද්ගලයෙක්. ඔහු ගැන වෙනම ලිපියකින් ඔබ වෙත එන්නම්. ඔහු අකාලයේ මිය ගියේ පිළිකාවකට ගොදුරු වෙලා. 

ඉතිං බැකප් අමතක කරන්න එපා. ඕනෑම දෙයක බැකප් එකක් තබා ගන්න. හොඳම එක කඩදාසිය(Paper Backup). ඒ කියන්නේ ඡායා පිටපත්, පරිගණක මුද්‍රිත, අතින් තැබූ සටහන් මේ සඳහා යොදා ගන්න පුළුවන්. තවමත් මා විශ්වාස කරන්නේ මුද්‍රිත සහ අතින් තැබූ සටහන්. Magnetic Memory ගැන මට තියෙන්නේ බොහොම අඩු විශ්වාසයක්. ඔබේ ජංගම දුරකථනයට පුළුවන් මේ දත්ත මකා දමන්න. ඉතිං බොහොම ප්‍රවේසමෙන් මේවා හසුරුවන්න ඕනේ. ඔබගේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් වල තිබෙන Magnetic Strip (චුම්බිත තීරුව) මකා දමන්න එය සමත්. එනිසා මේ දෙක එකට තබා ගන්න එපා. කෙසේ නමුත් ඔබේ කාඩ්පත් වල බැකප් ගන්න උත්සාහ කරන්නත් එපා. එය නීති විරෝධී ක්‍රියාවක්. නමුත් ඔබේ කාඩ් අංක වල ඡායා පිටපත් හෝ පින්තූරයක් ලබා ගන්න පුළුවන් නම් එය වැදගත් වේවි. 

___________________________________________
මෙය මා තබන 300 වෙනි සටහන බවත් සඳහන් කරන්න ඕනේ.

ඩයලොග් එක අවුරුදු කිහිපයකට කලින් ඔබේ කන්ටැක්ට් බැකප් කරන්න ක්‍රමයක් හඳුන්වා දුන්නා. කම්මලිමනම් එය භාවිතා කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මුදල් අය කරන එක. 

89 comments:

  1. මම නම් කන්ටෑක්ස් සේවු කරන්නෙ.... ගූගල් එකේ.....ඒක ලේසියි..... බැක් අප් ගැන වදවෙන්න දේකුත් නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන වුනත් ඒ හැටි විශ්වාසයක් තියන්න හොඳ නෑ. පුළුවන් නම් ප්‍රින්ට් අවුට් එකක් ගහලා සුරක්ෂිත තැනකින් තියන්න. පස්සේ ඕන වෙයි.

      Delete
    2. මමත් ඒ විදිහට තමයි කරලා තියෙන් ගූගල් එකේ තියෙන්නෙ. හැබැයි සුදීක අයියාට එකඟයි.. ප්‍රින්ටවුට් එකක් අරන් තියන්න ඕනෙ.

      Delete
  2. ඇත්තටම ෆෝන් එකක් අරන් අවුරුද්දක් වගේ වෙද්දී ෆෝන් එකේ හැර මතකයේ කිසිම නම්බර් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා මං පුරුද්දක් විදියට ගොඩක් අවශ්‍ය වෙන ෆෝන් නම්බර්ස් ලියන්න වගේම මතකයේ තියාගන්න පුරුදු වුණා, ඒ මේ වගේම ලිපියක් කොහේදී හෝ කියෝලා. දැන් ෆෝන් එකේ නම්බර් හොයන එක හරිම අමාරුයි g මේල් ඊ මේල් ඔක්කොම ෆෝන් එකේ තියෙන නිසා එවල ක්න්ටක්ට් ඔක්කොමත් එනවා දහස් ගානක් එතන . හැමදාමත් වගේ එදිනෙදා ජිවිතයට වැදගත් ලිපියක්.. ස්තුති ඒ වෙනුවෙන්, ඒ වගේම 300 ක් ලීවා වගේම ඉදිරියට හරවත් පෝස්ට් ලියන්න ශක්තිය සහ නිදහස ලැබේවා. නිරෝගිකම ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඕක හැම කෙනාටම වගේ වෙන දෙයක්. ඒ වුනත් මමත් අත්‍යවශ්‍ය අංක ටිකක් තියෙනවා ඩයල් කරලම ගන්නේ. බොහොම ස්තුතියි.

      Delete
  3. Valuable Advice..Thank you very much!!!

    ReplyDelete
  4. මාත් නම් කොලේ බැකප් වැඩේ කරනවා... ෆොන් එක කැඩෙන එක වෙනම දෙයක්.. පාරක තොටක ඉන්න වෙලාවෙ බැට්‍රිබැස්සත් ඇතිනේ ඔක්කොම ඊ බැකප් වලින් වැඩක් නැති වෙන්ඩඃ

    ReplyDelete
  5. අහ් 300ට සුබ පැතුම්... :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි.

      Delete
  6. ඉස්සෙල්ලාම කියන්න ඕන උඹ නොම්මර එකේ බ්ලොග්කාරයෙක් .

    කෙලඋනා කියන්නේ සුදීකයා සුපිරියටම , මං මේ තාම හිතන්නේ මොකක්ද මං කරගත්තේ ( උන වැරුද්ද මොකක්ද ) කියල .

    අනික උඔ දන්නවා මම මේ ජීවිතයේ තීරණාත්මක තීරණයක් ගන්න හදන වෙලාව ,

    පරණ ෆොන් එකේ තිබුන නොම්මර දාහක් නැ , සිම් දෙකක තිබුන 500ක් නැ ,

    ගුගල් එකේ තිබිලනං දෙදාස් ගානක් බෑවා , ඒවා වැඩිහරියක තියෙන්‍ේ මෙල් එක විතරයි ,

    හිතහං ඔය සමහරක් අයව මම දැකලත් නැ , ඒ උනාට කෝල් එකක් දුන්නහම ‍නොදන්න දෙයක් දැනගන්න පුළුවන් , සමහරක් අයව අවුරුදු ගානකින් හම්බ වෙලා නැ , එයාලව දන්න කෙනෙකුත් නැ .

    හොදම ගණුදෙනු කාරයොත් ගොඩක් එතන හිටියා , මං හෙනම හෙන අප්ෂට් එකේ හිටියේ .

    චුට්ටං චාන්ස් එකක් දැන් ටිකකට කලින් ලැබුනා අත්‍ය අවහ්‍යම නොම්බර එකසිය හතලිස් ගානක් හාමිනේගේ සිම් එකට සේව් කරල තිබිලා දැන් ටිකකට කලින් ලැබුනා.

    උඹ මේක ලියපු එක හොදයි

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ ඔය අත්දැකීමේ හොඳම අයිතිකාරය

      Delete
    2. අදවත් පටන් ගනින් කොහේ හරි ලියන්න.

      Delete
  7. මගෙත් ලොකුම පුරුද්දක් තමයි බැකප් කරන එක. cloud services තොගයක් මම පාවිච්චි කරනවා data lose වෙයි කියන බයට.
    ඔය ෆෝන් නම්බර් ටික පොතක ලියන පුරුද්ද මටත් තිබ්බ. දැන්නම් Google contacts පාවිච්චි කරන්නේ.

    ReplyDelete
    Replies
    1. පිටරටක වුනත් තියෙන සිලිකන් මෙමරියක් මත යැපෙන්නේ නැතිව අඩුම ගානේ ප්‍රින්ට් අවුට් එකක් වත් ගහ ගනින් මල්ලියේ.

      Delete
  8. මේක ඇත්ත අයියෙ... කවුදෝ කියල තිබුණ තාක්ෂණය මිනිස්සුන්ට පහසු කරන්න ගෙනාව එකක් කියල- පට්ට බොරුවක් ඒක...
    තාක්ෂනය කිය්නනෙ තනිකරම මිනිස්සුන්ව කම්මැලියො කරන එකක් !

    ReplyDelete
    Replies
    1. මේ නිසා නැති වෙන්නේ මිනිස්සුන්ගේ දත්ත විතරක් නෙවෙයි. හැකියාවන් පවා විනාශ වෙනවා.

      Delete
  9. බොහොම වටින පෝස්ට් එකක් සුදීක අයියේ... මම නං බැකප් එක ෂෙඩුල් කරලා තියෙන්නේ.. හැබැයි වදිනවද කියල නං චෙක් කරේ නෑ..ඒක වැරැද්දක් .ඔක්කොම වැදගත් ෆයිල්ස් වීඩියෝ, ඉමේජ් එක්ස්ටනල් එකකට ගහලා අරන් තිබ්බා..

    සිස්ටම් රිස්ටෝර් පොයින්ට් එකත් සතියකට විතර පාරක් කරල දානවා.. ක්න්ටෑක්ට්ස් නං සිම් එකෙයි ෆෝන් එකෙයි දෙකේම සේව් කරලා තියෙන්නේ.. ඒ උනාට ඔයා කිව්ව වගේ කොලේක ලියාගත්තනං හොඳයි තමා..
    බොහොම ස්තූතියි..වැදගත් මතක් කිරීමක්.

    ReplyDelete
    Replies
    1. කිව්වම මතක් වුනේ. මගේ පරණ ෆෝන් එකෙත් බැකප් එකක් ෂෙඩූල් එකක් තියෙනවා මෙමරි කාඩ් එකට ගහපු. පැත්තකින් අරන් තියන්න ඕනේ.

      Delete
  10. හැම තිස්සෙම අපිට වටිනා උපදෙස් ගොඩක් දෙන සුදීකගේ 300 වෙනි පෝස්ටුවට සුබ පැතුම්...

    මෙවැනි ලිපි දහස් ගනනින් ලියැවේවා...

    මාත් පොඩි පොතක වැදගත් නොම්මර ලියලා තියාගන්නවා. මේ විදියට අනෙක් ඒවටත් අපිට backup තියාගන්ට වෙයිද සුදීක? :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොඩ්ඩි. මගේ බොහොමයක් පොස්ට් කියවපු කෙනෙක් විදියට, මේ දෙන දිරිය වැදගත්.

      අනෙක් ඒවාගේ Original Copy එකක් හදා ගන්න පුළුවන් නම් හොඳයි.

      Delete
  11. මම් ලියනකොට සාමන්‍යයෙන් බැකප් එකක් දාගන්නවා නෝට් පෑඩ් එකක. ඒක මට කරන්න බැරිවුන එකම අවස්තාව ඊයේ. ලියලා තිබුනු ගාර්-ඩි-ලියෝන් දෙවෙනි කොටසෙ සෑහෙන කෑල්ලක් මිසින්.. මොනවා වුනාද කියලා හිතා ගන්න බෑ.. ආයෙ ලියනවා කියලා හිතෙද්දි ඇඟ හිරි වැටෙනවා.. මම බ්ලොග් එකේ බැකප් එකකුත් සාමන්‍යයෙන් ඉඳ්ලා හිටලා ගන්නවා. ඔය බැකප් ගැනිල්ලේ වැඩේ ඕක නිතරම අමතක වෙන එක..

    ReplyDelete
    Replies
    1. ලියපු එකක් ආයේ ලියන එකනම් හිතන්නවත් බෑ. ලියවෙන්නේ වෙනත් එකක්.

      Delete
  12. වටින උපදෙස් ලිපියක්....
    300 සුභ පැතුම් මල්ලි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජයියා.

      Delete
  13. තුන්සිය වෙනි සටහනට උණුසුම් සුභපැතුම් !! සුදීක ලියන විදිහේ පෝස්ට් තුන්සියයක් ලියන එක ලේසිපාසු කාරියක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෙන්නා. සමහර ඒවා නම් ඔහේ ලියාගෙන යන ඒවා. මගේ හිතට හරි යන එකක් ලියන්න බැරි වුණා ගොඩ කාලෙකින්.

      Delete
  14. බැකප් ගන්න එක අත්‍යවශ්‍ය වගේම , නිරන්තර අවධානයෙන් හිඳිමින් කල යුතු වැඩක් , එකමදේ වෙන්නේ ඔය වැඩේට තියෙන කම්මැලිකම.

    සුදීක කියන්නේ හරවත් බ්ලොග් ලියන්නෙක් , ඔබේ 300 වෙනි පොස්ට් එකට සුභ පැතුම් .. හැකි තරම් බ්ලොග් පොස්ට් ලියමින් ඇවිද්ද පයෙන් තව බොහෝ දුර ඇවිදින්නට ලැබේවා.

    ඇවිද්ද පය දහස් වටී ...
    සුදීකයා රටක් වටී...........

    ReplyDelete
    Replies
    1. //ඇවිද්ද පය දහස් වටී ...
      සුදීකයා රටක් වටී...........//
      ++++++++++++++++

      Delete
    2. සුදීකයා රටක් වටී
      ඉවානයා බලු නොවටී ...

      ඕ යේස් !!!

      Delete
    3. @ඉවාන් : තනි පයින් හරි යනවා.

      @ප්‍රියා : අනේ මන්දා මලේ.

      @පත්තරේ : මම ඇතුළු කිහිප දෙනෙක් විතරයි දන්නේ, උඹගේ මේ ඉවානයා එක්ක තියෙන ආරෝව, සුන්දර වලියක් කියලා. ඕවා ඇත්තට ගන්න එවුනුත් ඉන්න නිසා ප්‍රවේසමෙන්.

      Delete
    4. අඩෝ පත්තරේ -

      කිව්වට මම බලු නොවටී
      බලපිය උඹේ හොම්බේ හැටී

      Delete
  15. බැකප් අපි කරන්නෙනම නැති වැඩක්.. ස්තුතියි දැනුවත් කරාට..

    300 ට සුභ පැතුම්..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කරන එක වටිනවා කියලා තේරෙන දවසක් එනවා.

      බොහොම ස්තූතියි විදා.

      Delete
  16. මුලින්ම 300 සුභ පැතුම්.හොද පුරුද්දක්.මටත් එක සැරයක් ලැපෙ හාර්ඩ් එකට කෙලවෙලා බොහොම අමාරුවෙන් වටින ඩෙට ටික බෙර ගත්තෙ.එත් තාමත් බැකප්නම් නැ/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දමියා.

      එහෙම වුණා මටත් ඉස්සර. දැන්නම් පොර්ටබල් සහ පෙන් වලට ගහ ගන්නවා.

      Delete
  17. 300ට සුභ පැතුම්.

    කොලේ ලියපු කන්ටැක්ට්ස් වටින්නේ පෝං එක ඕෆ් වෙච්ච වෙලාවට තමා. කමියුනිකේෂන් එකකින් හරි කෝල් එකක් ගන්න.

    නැතුව බැකප් එක කොලේ ලියල වැඩක් නැහැ බං. ඇන්ඩ්‍රොයිඩ් වල මරු ඇප් තියෙනවා බැකප් වෙන්න. මගේ හැම කන්ටැක්ට් එකක්ම ඔටෝ බැකප් වෙනවා. දෛයිනිකව. අනික පෝං එක නැති වුනත් ඒක නැවත ගන්න පුලුවන් ජීමේල් එකටත් බැකප් වෙන නිසා.

    :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෑමා.

      ඔව්. මේ ක්‍රමයට තමයි මගේ ෆෝන් දෙක අතර කන්ටැක්ට් ටික මාරු වුණේ. මීට කලින් අවස්ථාවේ බ්ලුටූත් වලින් මුළු රැයක් ෆෝන් දෙක අතරේ මැසේජ් විදියට යැව්වේ. එකින් එක සේව් කරන්න වුණා.

      Delete
    2. @සෑම්
      ටයිටේනියම් බැකප්ද, මයි බැකප් ද ?

      Delete
  18. අනෙ හප්පේ ඇත්තට මම මේ කල්පනා කලෙ මගේ ෆෝන් නම්බර් එක හැර වෙන එකක් මට මතක නෑ නොවැ. :(

    අදම ලියා ගන්න ඕන.

    ඇවිද්ද පයේ 300 වෙනි පියව‍රට හදින්ම සුබ පැතුම් අයියෙ. තවත් අර්ථාන්විත පියවර එසවේවා……!!!

    ReplyDelete
    Replies
    1. ඔය අංක මතක තියා ගන්න කෙටි ක්‍රමත් තියෙනවා. මගේ හිතේ මම හිතැන්නේ අංක 100 විතර තියෙනවා.

      බොහොම ස්තුතියි මලේ.

      Delete
  19. Replies
    1. තව ටිකක් ඉඩ අරගෙන ඔයාගේ ෆෝරම් එකේ කෙරෙන දේවලුත් විස්තර කරන්න.

      Delete
  20. මටත් ඔය කතන්දරේ කී සැරයක් වෙලා තියේද? කිව්වත් වගේ හොදම බැක්අප් එක තමා කඩදාසියේ තියාගන්න එක. දැන් නං කන්ටැක්ට් වැඩක් නැති නිසා ලියන්නෑ ඒ දවස් වල මුළු පෝන් මෙමරි එකම ඩයරියේ ලිව්වා මං. ඒක මාර වැදගත් උනා..

    ReplyDelete
    Replies
    1. වැඩිය ඕනේ නෑ අවුරුද්දකට සැරයක් ලියන්න. මේ අවුරුද්ද ඇතුලත එකතු වුණු ඒවා මේ අවුරුද්දේ ඩයරියේ ලියන්න. එහෙම ඩයරි ටික එකට තිබුනොත් කිසිම අවුලක් වෙන්නේ නෑ.

      Delete
  21. මගේ කන්ටැක්ට් මං සේව් කරන්නේ අවුට්ලුක්වල. ඕන වෙලාවක ගන්න හැකියි. 300ට සුබපැතුම් සුදික.

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව අවුට්ලුක් එකේ බැකප් එකක් පෙන් එකකට දා ගන්න.

      බොහොම ස්තුතියි නලීන්.

      Delete
  22. අර කියල තියෙනව වගේ හදිස්සියෙ ෆෝන් එකේ බැටරි බැස්සොත් කොමියුනිකේෂන් එකකින්වත් කෝල් එකක ගන්න ඔය නොම්බර කොළේක ලියාගෙන ඉන්න එක වැදගත් වෙනව. මමනං අත්‍යාවශ්‍යම නොම්බර ටික විතරක් එහෙම ලියාගෙන ඉන්නෙ.

    ඔය අපේ ගැජට් අයියටත් කොච්චර ගැජට් තිබුණත් අන්තිමට පිහිට උනේ A4 කොලයක් කියලනේ ලෝකයා කියන්නෙ. :D

    300 වෙනි සටහනට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. දැන් මිනිහා A4 කොලේ දිය යටින් ගෙනියන විදියක් හොයනවා කියන්නේ.

      බොහොම ස්තුතියි ප්‍රසා.

      Delete
  23. 300 ට සුබ පැතුම් ..... තාක්ශනේ දියුණුව ගැන මනින්න හොඳම උදාහරණය තමයි මෙහෙ නැතිවෙච්ච ප්ලේන් එකේ සිද්දිය.... දැන්වත් අසීමිතව විස්වාසකරන තාක්ෂනය ගැන තව වරක් සිතා බලන්න (mh ප්ලේන්වල ගුවන්ගමන් යෙදීමෙන් වලකින්න - ඒ අවවාදය ශ්‍රී ලන්කන් එයාර් ලයින් වෙතින්)

    ReplyDelete
    Replies
    1. මිහින් ලංකා වලින් ගමන් පහසුව සලසාගන්න. :D

      Delete
    2. විශ්වාස කලාට කමක් නෑ නමුත් බැකප් ප්ලෑන් එකක් ගැනත් හිතන්න ඕනේ. අපි නම් මිහින් එයාර් ගිහින් තියෙනවා. ඒ ගැන බය වෙන්න දෙයක් නෑ. උඩට උස්සන හැම ප්ලේන් එකකම තියෙන්න අවශ්‍ය තාක්ෂණික මට්ටම ගැන සහතිකයක් නැතිව ඒවා දුවන්න බෑ.

      Delete
  24. බැකප් එකක් තියාගන්න එක කලයුතුම වුනත් මමත් නොකරනම දෙයක්.සුදීකගෙ 300 ට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ ඩේටා වල :) නැත්නම් හැලප අක්කා හොයාගෙන ඇවිත් මගේ ඔලුව අනික් පැත්තට හරවයි.

      බොහොම ස්තුතියි හැලපේ.

      Delete
  25. ත්‍රිත්ව ශතකයට සුබ පැතුම්.
    මේ ෆෝන් මගුලක් හින්දා එක number එකක් වත් මතක තියෙන්නෙ නෑනෙ. සමහර වෙලාවට මට මගේම number එක අමතක වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      මගෙත් අමතර අංක ටික මතක නෑ.

      Delete
  26. දැන් නම් ඉතින් contact බැකප් කරන්න ඕන නෑ නේ. google එකෙන් අපි වෙනුවෙන් ඒක කරනවා නේ. මගේ පරන පින්තුර, මතක සටහන් සැහෙන්න ගානක් නැති වෙලා ගියා ගෙදර කොම්පිතරේ හාඩ් එක ගියපු එකෙන්. ඒ නිසා දැන් නම් පින්තුර සහ අනෙක් වැදගත් ගොනු ඔක්කොම කෙලින්ම ගුගල් ඩ්‍රයිව් එකට හරි වෙන මොකක් හරි වලකුලකට පටවන එක තමයි කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය වලාකුල් කාරයෝ පස්සේ සල්ලි ඉල්ලයිද කියන එකයි මගේ බය.

      Delete
  27. මට ඔය බැකප් කිරීමේ වැදගත් කම ලඟදි හොඳට තේරුනා.. මම ලංකාවෙන් මෙහෙට එනකොට මෙච්චර කාලයක් තිස්සේ පාවිච්චි කරපු කොම්පියුටර් වලින් පරිස්සම් කරගෙන අරගෙන ආපු ෆොටෝස්, විඩියෝස්, ඔය කරපු ප්‍රොජෙක්ට් වගේ ඒවා එක්ස්ටර්නල් හාර්ඩ් ඩ්‍රයිව් එකක දාගෙන අරගෙන ආව..

    හැමදාම ඔපිස් වලින් දෙන ලැප්ටොප් පාවිච්චි කරන නිසා මටම කියල මැෂිමක් දැන් අවුරුදු 7-8ක් තිස්සෙම නෑ.. ඉතින් සියලු දේ තිබුනේ අර හාර්ඩ් ඩ්‍රයිව් එකේ..

    දැන් ටික කාලෙක ඉඳන් අර හාර්ඩ් එක හරියට රීඩ් කරන්න බෑ... ඒ කියන්නේ සමහර ෆයිල්ස් දැන් කියව ගන්න බෑ..

    වැඩේ දුර දිග යන්න කලින් මම තව ඒවගේ ම හාර්ඩ් ඩ්‍රයිව් එකක් අරන් ගන්න පුළුවන් ෆයිල්ස් ටික ආයේ බැකප් කළා..

    මම දැන් තීරණේ කරලා තියෙන්නේ මෙච්චර කාලයක් තිස්සේ ඩිජිටල් විදියට පරිස්සම් කරගෙන ආපු මට වැදගත් වෙන ෆොටෝස් ඔක්කොම පරණ ක්‍රමේට ප්‍රින්ට් කරලා ලැමිනේට් කරල ඇල්බම් හදනවා කියන එක.. විඩියෝස් නම් කරන්න දෙයක් නෑ ඉතින්.. ෆෝන් නම්බර්ස් නම් තාම කොලෙකට අරන් නෑ.. අවශ්‍යම කරන ඒවා මතක් තියාගෙන ඉන්නවා..



    ReplyDelete
    Replies
    1. වීඩියෝස් පුළුවන් නම් DVD ටිකකට ගහ ගන්න. පෙන් ඩ්‍රයිව් එකක් වුනත් හොඳයි වැඩිය පාවිච්චි නොකරන.

      Delete
  28. එක පාරක් මගෙත් කන්ටැක්ට්ස් 60ක් විතර නැති වුනා. දුක කියන්නෙ එතනිනුත් 50ක් විතර ගෑණු ළමයින්ගෙ. ජීවිතේ කවදාවත් හොයාගන්න බැරි විදිහට අක්කල කීප දෙනෙක්ම නැති වුනා. ඩයලොග් ගොයියගෙන් මාස 3ක බැකප් ලොග් රිපොර්ට් එකක් ගන්න රුපියල් 9000ක් ඕනි වුනා. ඒක ගෙදරින් දුන්නෙ නැති නිසා සදහටම සමහරු වෙන් වුනා :'(

    ReplyDelete
    Replies
    1. ඉතින් අර අක්කලා වත් හොයලා බලන්නේ නැද්ද මල්ලියා ගැන ?

      Delete
  29. අපේ නෝනා වෙනුවට වෙන හියුමන් බැක්අප් එකක් නැද්ද බං සුදීකෝ..

    ReplyDelete
    Replies
    1. මේක නෝනට පෙන්නුවා නම් උඹගේ ඔලුවට ගහයි නෝනලා දෙන්නෙක් පේන්න. අන්න ඒක තමයි බැකප් එක. :)

      Delete
  30. උපදෙස නම් වටිනවා... ක්‍රියාත්මක කොරන එක නොවැ මාර කම්මැලි :-))

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ කුරුටු ගානවා වගේ ඕවත් ලියා ගන්න බැරිද ? මට හිතෙනවා එහෙම ලියන සමාගමක් දා ගන්න.

      Delete
  31. 300 ට සුපැතුම්... මගේ නම් මැයි දිනේට ලියපු කවිය 500.. හිට්ස් ලක්ෂ 9 යාන්තන් පන්න ගත්තා.. ඒකත් එක ත්‍රිල් එකක් තමයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතේ. ඔයා තමයි අපිට මේවා සමරන්න ඉගැන්නුවේ.

      Delete
  32. මමත් අත්‍යවශ්‍ය අංක ටික නම් ලියල තියෙන්නේ . ෆෝන් එක නැති වුනොත් හෙම කියල .

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකේ මෙමරිය ගැන නම් තඹේකට විශ්වාස කරන්න එපා. කොළ කෑල්ල වටිනවා.

      Delete
  33. මමත් දැන් mumbers ලියන්නේ නැ.... මේ phone එකක් හින්ද....දවසක් law battery වෙලා , boy friend ට වත් කතා කරගන්න බැරිව හිටියේ....

    ReplyDelete
    Replies
    1. ඕක අනිත් පැත්තට වුණා නම් ඒ අහිංසකයා පත් වෙන තත්වේ මම හිතුවේ. :(

      Delete
  34. hoda lipiyak ..
    300 ට magenuth සුබ පැතුම් ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුමාරේ.

      Delete
  35. කතාව නම් ඇත්ත තමා.. අපිටත් මතකයේ තියෙන්නේ නිතරම ගන්න නොම්බර දෙක තුනක් විතරමනේ.. මං නම් තාම ඔය ලියන්න තියාගෙන ඉන්නේ ඉස්කෝලේ යන කාලේ ඉදන්ම ලිවුව පොසි පොත තමා..

    300 වෙනි පෝස්ට් එකට හදවතින්ම සුබ පැතුම් අයියේ..

    ReplyDelete
  36. ලිපි 300 ක් පළකිරීම ගැන පළමුවෙන්ම සුභ පැතුම්. එහෙම ලියන එක පහසු දෙයක් නෙමෙයි. දෙවෙනුව බැකප් කිරීමේ වැදගත්කම මතක් කරපු එක හරිම වැදගත්.මගේ හොඳම පරීක්ෂණ නිබන්ධනයක් කොපියක් තියාගත්තේ නැති නිසා අතුරුදන් උනා.දැන් මම කොහොමටත් කොපියක් තියා ගන්නවා.

    ReplyDelete
  37. පේපර් බැකප් උනත් වැඩක් වෙන්නෙ නෑ ගින්නක්, ගං වතුරක් වගේ වෙලාවක. අනික අපි දුරක ගියොත් ඒව අමතකවෙලා. ඒත් සයිබර් අවකාශය තුල බැකප් එකක් තියාගත්තනම් අත්දෙක වන වන ගියත් කැෆේ එක්කට ගොඩ උනත් අදාල දේවල් අපේ අතට ගත්තැකි. විනාශ කල නොහැකි අයුරින් ඉතාම ආරාක්ෂාකාරී ලෙස ගූගල් වැනි ආයතන දත්ත බැකප් කරන නිසා ඒව නැතිවෙයි කියල බයක් මටනම් නෑ. ඒත් ඉතින් සයිබර් හොරු ගැන තමා ටිකක් හරි බය.

    ReplyDelete
  38. සුබපතනවා ඔබට 300 වැනි පෝස්ට්ටුව වෙනුවෙන්. වටිනා උපදෙස් ලබා දෙමින් ඔබ මේ කරන සමාජ මෙහෙවර තවත් ඉතා දීර්ග කාලයක් කිරීමට ඔබට ශක්තිය හා දිරිය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  39. 300 යට මගෙත් සුබ පැතුම්.
    මේ ඇත්තට දන්නේ නැති දෙයක් අහන්නේ කොහොමද බ්ලොග් එකේ බැකප් එකක් අරන් තියා ගන්නේ...?

    ReplyDelete
  40. මේ කතාවට නං මම එකගයි මොකද අපි හැමදේම පහසුවට නෙව කරගන්න හදන්නෙ... ඒ හිංද තමා මේ වගේ බැකප් යූස් කරන්නෙ...
    ඒත් අංතිමේට ඇදගෙන නාල..
    ඒක නිකං මැනුවල් ගියර් තියෙන වාහනේට වඩා ඔටෝ ගියර් තියෙන ඒවට කැමති වෙනව වගේ වැඩක්...
    හොදයි කියල හිතග ගන්නව...
    ඒත් අංතිමට බලපුවාම මේ ලෝතෙ රහකට නෑ

    ReplyDelete
  41. මඩ පුවක් බැකප් එකක් ගත්ත පොරක් ගැන මතකද කට්ටියට?

    ReplyDelete
    Replies
    1. මොකද අමතක කොමඩ් එකක නේද ගත්තේ ,පින්සිබොල් කෙනෙක් ..

      Delete
  42. 300 වෙනි සටහනට මගේ අක්මාවෙන්ම උණුසුම් සුභ පැතුම්....දැන් නම් ෆෝන් වලින් බැක්අප් එක කම්පියුටරේටම ගන්න පුලුවන් ක්‍රම තියෙනවා නොවැ...මම ඒ ක්‍රමය තමයි පාවිච්චි කරන්නෙ...මේ උපකරණ දෙකම එක සැරේ ක්‍රියාවිරහිත වෙන්නෙ නෑ කියලයි මගේ අදහස...

    ReplyDelete
  43. ඉස්සරනම් මමත් පොතක ලිව්වා , එක්සෙල් ෂිට් එකක ටයිප් කරලා තියා ගත්තා.. දැන්නම් ගුගල් එකේ තමයි. ගොඩක් දේවල් බැකප් කරන්නේ . හැබැයි කවදාවත් ෆෝන් මෙමරි එකේ නම් නම්බර් සේව් කරන්නේ නැහැ...
    වාසනාවට තවම මට ගැටලුවක් වෙලා නැහැ සියලුම නම්බර් සහ අතවශ්‍ය ඩිටෙල්ස් සුරක්ෂිතයි .

    ReplyDelete
  44. මට නම් මේවා ගැන එච්චර තේරුමක් නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. මට මතක හොඳම බැකප් එක කාබන් කොළයක් දාලා ලියන එක.

    සුදීකගේ 300ට ජයවේවා!!

    ReplyDelete
  45. 3000 පොස්ට් එකට මගෙන් සුභ පැතුම්. තව තවත් ලියන්න. මගේ contacts නම් තාම තියෙන්නේ google එකේ මේ වෙනකම්නම් කිසි ප්‍රශ්ණයක් නෑ, එත් comments ටික කියෙව්වම නම් හිතුනා print කරලා තියාගත්තට පාඩු නෑ කියලා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...