Saturday, February 16, 2013

ඔබේ ගතිගුණ කියාපාන ඔබේ අත්සන

මාගේ මිතුරකු වන අංජන ඉතා හොඳ කියවන්නෙක්. ඔහු දිනක් පැවසුවා Doodle Analysis නමැති විද්‍යාවක් ගැන. ඒ යම් සාකච්චාවක, දුරකථන ඇමතුමක, හෝ වෙනත් කල්පනාවක සිටින විට කඩදාසිය මත ඔබ කුරුටු ගැන දේ මගින්, එම අවස්ථාවේ ඔබේ සිතේ තිබූ අදහස් විශ්ලේෂණය කල හැකි බව. මෙය ඇසූ මොහොතේ සිට Doodle Analyst  කෙනෙකු වන්නට ඇත්නම් කියා මටත් සිතුනා. ඉන් පසුව මා ඒ පිළිබඳ ලියැවුණු යම් පොතක් වේ දැයි අන්තර්ජාලය පීරමින් සෙව්වත්, වෙනත් දෙයක් හොයද්දී ලැබුණු මේ ලිපිය කිහිප වරක්ම කියවූ අතර මෙහි තිබෙන දේ මගේ කාර්යාලීය මිතුරන්ගේ අත්සන් සමග සසඳා බැලුවා. මෙහි තිබෙන බොහෝ කරුණු සත්‍ය බවද වැටහුනා. අවසන් නම සහ වාසගම අතර පොඩි ප්‍රශනයක් තිබෙනවා. දමිළ ජාතිකයින්ට සහ මුස්ලිම් අයට වාසගමක් නෑ. ඔවුන් පියාගේ පසු නම ඔවුන්ගේ මුල් නම ලෙස යොදා ගන්නවා. මොනවා වුනත් මුල් නම සහ අවසන් නම යන්න හිතේ තබාගෙන මෙය කියවන්න. 
අත් අකුරු වල සැඟවී ඇති පුද්ගල ලක්ෂණ කියවීම ග්‍රාෆොලොජි(Graphology) ලෙස හඳුන්වනවා. මෙහි ඇති ක්‍රමවේදය ඉතා සරලයි. අත් අකුරු යනු මොලයේ තිබෙන විද්‍යුත් ආවේගයන් පිට කිරීමේ මාධ්‍යක්. එනිසා කෙනෙකුට එමගින් එම පුද්ගලයා ගැන ප්‍රකාශ කල හැක.


හොඳයි ඉතිං ඇයි අත්සන මේ සඳහා යොදා ගන්නේ ?

දවසින් දවස ඉලෙක්ට්‍රොනින් මාධ්‍යය ලබන දියුණුවත් සමග ඔබ නිතරම අතින් දෙයක් නොලියන තරම්. ඔබ ඊමේල් යැව්වත්, කෙටි පණිවුඩයක් යැවුවත් යවන්නේ ඒ ඒ මාධ්‍යයේ තිබෙන එක් ෆොන්ට් විශේෂයක් මගින් නිසා හැම කෙනෙකුම සමානව දකින්න පුළුවන්.

කොහොමවුනත් තවමත් ඔබ යම්-යම් ලිපි ලේඛන, කොන්ත්‍රාත්තු හෝ පෝර්ම  වලට අත්සන යොදනවා.  එහි ඔබේ පුද්ගල ස්වභාවය තිබෙනවා. ඔබේ පුද්ගලික ගතිලක්ෂණ එමගින් දකින්න පුළුවන්.

ඔබේ ළමා කාලය ගැන හිතන්න. ඔබේ මුල් ළමා කාලය ගැන, පාසල් ගිය මුල් අවුරුදු කිහිපය ගැන. ඔබට කී වාරයක් කියා දී ඇත්ද කොහොමද අකුරු ලියන්නේ කියා? ඔබගේ ගුරුවරුන්, දෙමව්පියන් සැලකිය යුතු කාලයක් ගත කරන්නට ඇති හැමදෙනාම ප්‍රිය කරන වැල් අකුරු ඔබට පුහුණු කරවන්න. එහෙත්, අප සියලු දෙනාම අවසානයේ අපට අවෙනික් ශෛලීයකින් ලියනවා නොවේද ?

ඒ අපි එකිනෙකාගෙන් වෙනස් ආවේනික ලක්ෂණ සහිත ,  වෙනමම උවමනාවන් ඇති,  ඉගෙනීමේ විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් වීම නිසා. එනිසා ඔබේ අත් අකුරු වෙන කිසිවක් නොව ඔබේ පුද්ගල ස්වභාවය කඩදාසිය මත විදහා දැක්වීමක්.

ඔබේ අත්සන, ඔබේ පුද්ගල ස්වභාවයේ අහඹු ලෙස ගත චායාරුපයක්.
අත්සන විශ්ලේෂණය කල හැකි මුලික නීති




  • අත්සනේ ප්‍රමාණය
  •  අස්ත්සනේ මුල් අකුරේ ප්‍රමාණය
  •  ආනත භාවය
  •  මුල් නම භාවිතය, අවසන් නම භාවිතය හෝ අකාරාදිය
  •  යටින් ඉරි ඇඳීම
  •  තිත් තැබීම





අත්සනේ පළමු අකුරේ ප්‍රමාණය


අත්සනක පළමු අකුරේ ප්‍රමාණයන් යම් අදහසක් ගන්න පුළුවන් එම පුද්ගලයා  තමන්ව සෙසු ලෝකයට සාපේක්ෂව හෝ සැසඳීමේදී සිතන ආකාරය පිළිබඳව. 

මෙහි වෙනස තිබෙන්නේ අකුරේ ඉහලම තැන සහ පහලම තැන අතරයි.  ඉහල කොටසින් තමාවද පහල කොටසින් සෙසු ලෝකය ලෙසද තේරුම් ගන්නවා. මෙය සමහර විට අහංකාර කම මැනීමටද උපකාර වනවා.

සමහර වෙනස් වීම් භාවිතා කරනවා 


  • මුල් අකුර කැපිටල් අකුරක් නම්, තමා වැදගත් කොට සලකනවා
  • මුල් අකුර සිම්පල් අකුරක් නම්, පුද්ගලයා බොහෝ විට පොලවේ පය ගසා ඉන්නා කෙනෙක්.
අත්සනක ආනත භාවය

අත්සනක ආරම්භය පහලින් සහ අවසානය ඉහලින් අවසන් වන විටෙක : පුද්ගලයා බලාපොරොත්තු සහිත වන අතර ඉදිරිය ගැන සිතන අයෙක්.

කෙලින්ම ඇති අත්සන (තිරස්ව) : ජීවිතය හෝ රාජකාරිය ලෙස ගත්තොත් ඔහු හෝ ඇය සමබර කෙනෙක්.

ඉහලින් පටන් ගෙන පහලින් අවසන් වන්නක් නම්, උදාහරණයකට ඉරි ඇති පොතක ඉරට උඩින් ආරම්බ කර ඉරෙන් පහලට ගමන් කරයි නම් : ඉන් පැහැදිලි වන්නේ එම පුද්ගලයා තමා ගැන විශ්වාසය අවම පුද්ගලයකු වන බවයි.

මුල් නම භාවිතය, වාසගම භාවිතය හෝ අකරාදිය  


බොහෝ දෙනෙක් මෙම නම් දෙකම එනම් මුල් නම හා වාසගම යන දෙකම අත්සන සඳහා භාවිතා කරනවා. නමුත් මේ කරුණු පැහැදිලි කරනවා ඒවායින් අදහස් වන්නේ කුමක්ද කියා 



  • මුල් නම පමණක් යොදා ගැනීම : ඔහු හෝ ඇය තමා ගැන විශ්වාස කරන අතර තම පවුලට පිහිට වන කෙනෙක් නොවේ. නිතරම නිදහස් අදහස් ඇත්තෙකු වන අතර බොහෝවිට වැඩ වලින් ඉවතට වී සිටියි.  මුදල් ඉපයීම ගැන ඉතාමත් උනන්දු වෙයි.
  • වාසගම පමණක් යොදා ගත් අය : පවුලත් සමග නිතරම ජීවත් වන්නෙකි. පවුලට ආදරය කරයි. ලැබෙන රැකවරණයෙන් පිටදී ඔහුට ජීවත් වීමේ ගැටළු තිබේ.
  • මුලකුරු සමග වාසගම : සමබරයි.
  • වාසගම මුලින් ලියා අත්සන් කරන අය : තමාට පෙර පවුල ඉදිරියෙන් තබන්නෙකි
අත්සන යටින් ඉරි ඇඳීම 

යටින් ඉරි ඇඳ නැතිනම් :  කිසිවක් පිලි නොගන්න පුද්ගලයෙක්. එතරම කලබල නොවන්නෙකි. තම වටිනාකම කිසිවකුට විස්තර නොකරයි. 

අත්සන යටින් එක් ඉරක් ඇත්නම් : තමා කියා කෙනෙකු සිටින බව අන් අයට ඇඟවීමට කැමතියි. එමෙන්ම තමා ගැන කථා කිරීමට කැමැත්තක් දක්වයි. එහෙත් එය සාමාන්‍ය ප්‍රමානයෙනි.  තමා සිටිනා බව ඇඟවීමට කැමතියි.

අත්සනට යටින් ඉරි දෙකක් අඳියි නම් :  කීර්තිය ලැබීමට කැමතියි. අන් අයට තමා කල උපකාර මතක් දීමට කැමතියි. 

අත්සන කපාගෙන යන රේඛාව :  තම වචනය ආපස්සට ගනී.  තමා මුලින් කතා කල දේට ප්‍රතිවිරුද්ද දේ පසුව කතා කරයි. 

තිත් තැබීම 

සමහරු අත්සනෙහි තිත් තබයි. බොහෝ අය තම අත්සනට යටින් ඉරි ඇඳීමෙන් පසුව එසේ තිත් තබයි. ඉරි ඇඳීමෙන් තමාගේ පැවතීම සහතික කාරයි. එහෙත් තිත් තැබීම නරකය. 

එක තිතක් තබයි නම් : ඔබ දැන ගත යුතුයි මා කවුද කියා, මම කරන්නේ මොනවාද කියා සහ මම කලේ මොනවාද කියා, මේ යලි මතක් කිරීමකි. 

තිත් දෙකක් තබයි නම් : අමතක කරන්න එපා කවුද මේ දේ කලේ කියා.

පිටු පසින් පටන් ගන්න තොණ්ඩු 

එවන්නම් තිබේ නම් එයින් පහත සඳහන් අදහස් වලින් එකක් ගැලපේ 
  • හැම දෙයක් ගැනම ඕනෑවට වඩා සිතන කෙනෙක්
  • හැමදේම තමාගේ කරගෙන වැඩ කර වටේ සිටින සියලු දෙනා සතුටු වන තුරු තැවුලෙන් පසු වේ.
  • එකම තැන කැරකි-කැරකී යම් දෙයක් ගැන විස්තර කරයි. 
  • අවශ්‍ය වේ නම කුමක් හෝ බොරුවක් ගොතා පවසයි.
ඔබට කල හැකි දේ 

අත් අකුරු විශ්ලේෂණය හෝ අත්සන් විශ්ලේෂණය හරියටම විද්‍යාවක් නොවේ. ඇත්තටම මෙහි සඳහන් කල කාරණා සමග ඔබටම ආවේණික සලකුණු ටිකක් වර්ධනය කර ගත යුතු වේ.

මා අවුරුදු ගණනාවකට පෙර සිට ආරම්භ කර නිර්මාණය කර ගත්තා චිත්ත ආකෘතියක්. මා එය භාවිතා කරන්නේ මෙලෙසින්

  • කෙනෙකුගේ සේවාව ඔබට අවශ්‍ය නම්, අත් අකුරු සහ අත්සන පමණක් යොදා ගැනීමෙන් තීරණය නොකරන්න.
  • මම සාදා ගන්නවා  සාමාන්‍ය මතයක් {කවුරුත් වගේ මුල් දර්ශනය(1st impression) මත}. ඉන්පසුව ඉවතට ගන්නවා හෝ එම චිත්තරුපයට  යම් දේ එකතු කරනවා. 
එහෙත් මෙන්න වැදගත්ම කොටස

ඔබට වෙනස් විය හැකයි, ඔබේ භාහිර ස්වභාවය, ටිකෙන් ටික, හෙමිහිට,  නමුත් ඔබේ අත්සන වෙනස් කිරීම. ඔබේ අදහස් දක්වන්න, මා පවසන්නම් කල යුත්තේ කුමක්ද කියා.

එහෙම කියන්නේ සුදීක නොවෙයි. මෙන්න මෙයා  prabhjotbedi profile image ප්‍රබ්ජෝත් බෙඩි. ඔහුගේ බ්ලොග් අඩවිය වන http://prabhjotbedi.hubpages.com න්. ඉතිං ඔබට යම්කිසි ගැටලුවක් ඇති වුනා නම්. කමෙන්ට් එකක් ලෙස ඉදිරිපත් කරන්න. ගැලපෙන ප්‍රශ්නයක් ඔහුගේ ලිපියට මීට කලින් ඉදිරිපත් කර, ඔහු පිළිතුරු ලබා දී තිබේ නම් එය කියවා ඔබට දන ගන්නට සලස්වන්නම්. ඔහුගේ ලිපියට  ප්‍රතිචාර 220ක් ලැබී තිබෙනවා. 

________________________________
ප.ලි. 
මම කලින් වැඩ කරපු තැන, අත්සන් හොර කරපු ලොකු වංචාවක් සිදු වුණා. ඒක විමර්ෂණය කරන්න ආපු රහස් පොලිස් නිලධාරීන් හැමෝගෙන්ම කොළ විස්සක අත්සන් 50 ගානේ වගේ ගත්තා. එහෙම කරන්න ඇත්තේ අත්සන වෙනස් කරලා ගහන්න ට්‍රයි කලොත්, එකම වෙනස්කම 1000ක් කරන්න බැරි නිසා. ඒ වගේම ඒ ඇයට පිටපත් ලියන්නත් දුන්නා ඉංග්‍රීසි සඟරාවක් බලාගෙන. 

ඕනෑම කෙනෙකුගේ අත්සන යොදා ගන්නා වාර ගණන අනුව, ටික කාලෙකදී සංකේතයක් බවට පත් වෙනවා. චිත්‍ර වලට දක්ෂ ඇයගේ අත්සන අලංකාරයි. මේවා මගේ අත්දැකීම් වලින් කියන ඒවා. 

116 comments:

  1. මාරයි...
    සමහර එවුවනං ඇත්ත වගේ....
    මගේ අත්සනනං 10ක් ගැහුවොත් 10 විදිහක්...
    ඒකෙං මොකක්ද දන්නෑ කියවෙන්නේ නේද සුභාෂ් අයියේ.....

    ReplyDelete
    Replies
    1. එකෙන් කියවෙන්නේ තරියා චංචල පුද්ගලයෙක් කියලා. :D

      Delete
    2. මමත් චංචල මිනිහෙක්. කීපාරක් ගැහුවත් අස්සන වෙනස්. :D

      Delete
    3. සැබෑ කෙනා තමන්ගේ අත්සන හැම වෙලාවෙකම කුමක් හෝ වෙනසකින් ගහන්නේ. හොර අත්සන 100 සැරයක් ගැහුවත් එකම විදියයි..

      Delete
    4. මම හිතුවෙ ඕක මට විතරක් වෙන සීන් එකක් කියලා :D

      Delete
    5. අපෝ වැඩක් නෑ ඈ.... :)

      Delete
    6. හුරේ මමත් මේ සන්විදානේමයි :D

      Delete
    7. මාත් ඉන්නෝ....... කලබල උනාම අත්සනේ කෑලිත් හැලෙනවා.. හි හි

      Delete
    8. මේ සංවිධානේ නැති කෙනෙක් නෑ.

      Delete
    9. මමත් ඔහොමයි...කාලෙන් කාලෙට මම අත්සන මොඩිෆයි කරනවා...පරණ බැංකු කාඩ් පත් වල පිටිපස්සෙ තියෙන අත්සන අවුරුදු දෙකක් යද්දි වෙනස්...

      Delete
  2. මටත් රස්සාවට එනකොට තිබුනා හෙන දිග අත්සනක්.දැන් ඉතින් දවසකට අත්සන් 200 ක් 300 ක් ගහන නිසා ඒක පරිනාමනයවෙලා කාටවත් කියවන්න බැහැ මං ඒ අත්සන් කරන්නේ මගේ නම කියලා.

    ඉහත කාරනා ගැන කියනවනම් මං අත්සන් කරන්නේ මගේ මුල් නම.තිරස්‌ අතට අත්සන් කරන්නේ,යටින් ඉරි අදින්නේවත් තිත් තියන්නේවත් නැහැ.ඔන්න දැන් මං කවුරුවගේ කෙනෙක්ද කියලා හිතාගන්න හොදේ...

    ReplyDelete
    Replies
    1. ඕනෑම කෙනෙක් මුලින්ම අත්සන යොදන්නේ අකුරු වලින්. පස්සේ එක සංකේතයක් බවට පත් වෙනවා. අකුරු මොනම විදියකටවත් අඳුරන්න බැරි විදියට. ඒත් සමහර අයගේ අත්සන් අකුරු විදියටම පවතිනවා.

      Delete
  3. හපොයි මටත් එක විදියකට අත්සන් කරන්න බෑනෙ.

    ReplyDelete
  4. මාරම තොරතුරු ගොන්නක් නේ දැන්ම බලන්න ඕන අත්සන ගැන... හොඳ ලිපියක් සුදික..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති නලින්. මම කලේ පරිවර්තනයක්.

      Delete
  5. අත්සනේ තියන දේවල්.. මගේ අත්සන නම් දකුණට ඇල වුනු, මුල් අකුර ලොකු, යටින් ඉරක් ඇඳෙන එකක්. කාලයක් සිංහලෙන් පාවිච්චි කළා. ඒකත් ඔය විදිහම තමයි. මේ විස්තරේ මං දැකල තියන පුද්ගල අත්සන් එක්කත් සැසඳෙනව වගේ පේනවා.

    ReplyDelete
  6. මගේ බ්ලොග් අඩවියේ මෑතක සිට සෑම ලිපියකම අවසානයේ මා අත්සන යොදා තිබෙනවා. ඔන්න මේ ලිපිය අනුව ඒ අත්සන ගැන ඔබට යම් අදහසක් ගන්න පුළුවන්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  7. හපොයි! මම බාගෙට මහ චාටර් මිනිහෙක් කියල ඔප්පු වුණා! :D

    ReplyDelete
    Replies
    1. හැක් ... හැක්.... හැක්...

      Delete
  8. මචං සුදීක.
    ඩූඩ්ලිං ගැන මම ඉස්සර කියවලා තියෙනෙවා. සමහර විට එහි යම් ඇත්තක් ඇති බව පෙනුනා. ඒ වගේම අත් අකුරු විශ්ලේෂණයේදිත් සමහර විට යම් ඇත්තක් ඇති බව පේනවා. නමුත් දෙන්නෙක් එකම දේ විශ්ලේෂනය කරන්නෙ දෙවිදියකට කියලත් පේන්න තියෙනවා.

    මේ අත්සන ගැන නම් බොහෝ ගැටලු තියෙනවා.

    උදා:

    මුල් අකුර කැපිටල් අකුරක් නම්, තමා වැදගත් කොට සලකනවා
    මුල් අකුර සිම්පල් අකුරක් නම්, පුද්ගලයා බොහෝ විට පොලවේ පය ගසා ඉන්නා කෙනෙක්.

    මේක හබ්බයක් වෙන්නෙ ඉංග්‍රීසියෙන් (රෝමන් අකුරු) යොදාගන්නන් ඕනෙම අත්සන් කරන ඕනෙම පුද්ගලයෙක් කැපිටල් අකුරකින් පටන් ගන්න නිසායි.

    තිත් තැබීම: අයි අකුරු තිත් නැතිව ලියන්නෙ කොහොමද? එතකොට තිත් සංඛ්‍යාව තිත් ගානට සමාන වන නිසා අවුල තියෙන්නෙ අත්සනේනෙවෙයි නමේ නෙවෙයිද?

    ඒ වගේම අත්සන පටන් ගන්න තැන ඉහල සිට පහලටද යන එකින් යෝජනා කරන ලක්ෂනය තව දේකින් නිශ්ප්‍රභා වෙනවා.

    අනික මේ නිසාම අත්සනක් වෙනස් කලාම මොනතරම් නීතිමය ගැටලු ඇතිවෙයිද!

    ReplyDelete
    Replies
    1. ඩූඩා : මේක ලියලා තියෙන්නේ හින්දි කෙනෙක් වුනාට ඉංග්‍රීසි අත්සන් ගැන විතරයි කියන්නේ. අඩුම ගානේ හින්දි ගැනවත් සටහනක් නෑ. ඉතිං සිංහල ගැන මොනවා කියන්නද?

      මෙතන තිත් යටින් තියන ඒවා ගැන තමයි ලිපියෙන් කියන්නේ.

      Delete
    2. හනේ දැක්කෙ නෑනෙ බං අත්සන යටින් කතාව. :)

      Delete
    3. ඒක විශේෂයෙන් සඳහන් කරලා නෑ. ඒත් සමහරු රැල්ලට වගේ යටින් තිත් තියනවා මමත් දැකලා තියෙනවා.

      Delete
    4. මාත් මේ කඩාගෙන ආවේ ඔය කැපිටල් අකුරු කතාව ගැන කියන්න... පොඩි කාලේ ඉඳලා පුරදු වෙලා තියෙනනේ නමක් ලියනකොට මුල අකුර කැපිටල් ලියන්න නිසා, ආසාවට වත් සිම්පල් වලින් පටන් ගන්න බෑ දැං... ඒක නිසා ඒක නම් ඇත්තටම ඇත්ත කියලා මට හිතෙන්නේ නෑ....

      තිත් ගැන කියනවා නම් මගේ නමේ අයි දෙකක් තියෙනවා.. ඒ දෙකටම තිත් තියන්න පුරුද්දත් අක්ෂර වින්‍යාසය ගැන හිතන නිසා ආව එකක්... සිංහලෙන් අත්සන් කරන කාලෙදි නම් ඒක යටින් අඳින ඉරට අවසානයෙන් තියෙන තිතක් විතරයි.. එතනදි නම් කියපු දේ හරි... මොකද ඒ තිතෙන් කියවෙන්න ඕනේ ස්ථිර බවක්... මේ මම, වෙන කෙනෙක් හෙම නෙවෙයි කියලා වගේ... හි හි

      Delete
  9. මටත් තියෙන්නේ හරි අමුතු අත්සනක්, කියල තියෙන විස්තර අනුවනම වරදක් නැහැ වගේ.. ඒත් උඩින් පටන් අරගෙන පහලින් අහවර වෙන්නේ.

    ReplyDelete
  10. මමත් මුලින්ම අත්සන පුරුදු වෙද්දී භාවිතා කලේ දිග අත්සනක්. ඒකට නමත් වාසගමත් එකතුව හැදුන එකක්. ඒත් ටික කාලයකින් මම ඒ අත්සනින් මිදිලා ඊට වඩා පහසු අකුරු මිශ්‍රකල අත්සනකට හුරු උනා. හඳුනා ගන්න අපහසු ආකාරයට.දැන් ඒ අත්සන තමා මගේ අත්සන. සුදීක කියනවා වගේ මුල අකුරු කැපිටල්වලින් පටන් අරගෙන අත්සන ඉවර කරන කෙලවර ඉදන් ආපස්සට ඉරක් ගසා තිතක් තැබීම පුරුද්දක්..

    අනේ මන්දා..මම ඒකට හුරුවෙලා නිසා වෙනසක් කරන්න නම් දැන් බැරි හැඩැයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රබ්ජෝත් බෙඩි කියන්නේ අත්සන වෙනස් කරන්න හැදුවට එහෙම වෙන්නේ නෑ කියලා. මමත් එක කාලයක් ට්‍රයි කළා. ඒත් වැඩි කල්පනාවක් නැතිව අත්සන ගහන්න ගියාම පරණ පුරුදු එකම ගැහෙනවා.

      Delete
    2. හැබැයි සුදීක, අත්සන් කාලයත්/භාවිතයත් එක්ක මාර විදිහට වෙනස් වෙනවා...මගෙ අත්සන් පටන් ගත්තු කාලෙ ඕන කෙනෙකුට කියවන්න පුලුවන්.. දැන් මෙලෝ යකෙකුට කියවන්න බෑ.. සමහරු කියනවා මම ඉංග්‍රීසියෙන් අත්සන් කරන්නෙ කියලත් :-)

      Delete
    3. අත්සන ටික කාලෙකින් සංකේතයක් බවට පත් වෙනවා. ඒ වගේම කාලෙන් කාලෙට වෙනස් වෙනවා යම් තරමකින්. බෙඩි කියන විදියට ඒ ඒ කාලෙට තියෙන හැංගීම් තමා මේවට බලපාන්නේ.

      Delete
  11. මට හොයා ගන්න බැරි උනානේ! මොකෝ මම අත්සන් කරන්නේ සිංහලෙන්!!!

    ReplyDelete
    Replies
    1. කොහොම හරි ට්‍රයි කරපං කොලුවෝ ඉංගිරිසියෙන් අස්සං කොරන්න.

      Delete
  12. මගේ අත්සන වාසගම විතරයි. කැපිටල් ඒ එකේ මැද්ද ඉර අත්සනේ භාගයක් විටහ්ර කැපෙනවා. යටින් ඉරක් ගහනවා. අනේ මන්දා ඔර කෙහෙල් මල වෙනස් කරන්න ට්‍රයි කළා වෙනස් වෙන්නේ නැහැ. කල්පනාව නැතිව ගැහුවොත් පරණ එකමයි ගැහෙන්නේ. වැදගත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. //කල්පනාව නැතිව ගැහුවොත් පරණ එකමයි ගැහෙන්නේ.// මේ කතාව තමයි බෙඩි මහත්තයා කියල තියෙන්නෙත්.

      Delete
  13. මමත් මේ ගැන අහලා තියෙනවා. මම සාමාන්‍යයෙන් භාවිතා කරන අත්සන පහලින් පටන් අරන් ඉහලින් අවසන් වන එකක්. මට කොච්චර ලස්සනට කෙලින්වකුරු ලියන්න පුළුවන් උනත් කවදාවත් අත්සන කෙළින් ලියවෙන්නෙම නෑ. හැබයි මගෙ අත්සනේ යටින් වගේම උඩිනුත් ඉරක් තියෙනවා. යට ඉර අවසානෙට තිතකුත් තියෙනවා.. ඒ වගේම මම කෙටි අත්සනකුත් භාවිත කරනවා. මුලදි එකෙ අකුරු තිබ්බත් දැන් ඒක ලෝගො එකක් වගේ තමා. හී හී.....

    ReplyDelete
    Replies
    1. දැන් මගේ පොස්ට් ටික බලලා ඉවරයි වගේ. :). මේ බෙඩි මහත්තයා කියන්නේ අත්සන වෙනස් කරන්න බැහැ කියලා.

      Delete
    2. ඉවරායි.... දවස් තුනෙන් වගේ ඉවර කලා ඔයාගෙ බ්ලොග් එක. හී..හී..හරිම interesting පොස්ටු ගොඩාක් තිබ්බා.ඒත් criticize කරන්න තරම් මම ලොක්කියක් නෙවි නිසා එව්ව කිව්වෙ නැහැ. කරන්න ලින්ක් එකක් වත් තිබ්බ නම් අපි වගෙ පමා වී පැමිනෙන අයගේ ප්‍රතිචාරත් ඒවාට එකතු වේවි. හී හී... මට දැනගන්න ඕන අත්සනට උඩිනුයි යටිනුයි දෙපැත්තෙන්ම ඉරි අඳින මම වගේ අය ගැන ඔය මහත්තයා මක්කෙයි කියන්නෙ කියලා. . .

      Delete
    3. likeකරන්න ලින්ක් එකක් වත් තිබ්බ නම් අපි වගෙ පමා වී පැමිනෙන අයගේ ප්‍රතිචාරත් ඒවාට එකතු වේවි.

      Delete
  14. මගේ අත්සන, යටින් පටන් අරන් උඩට යනවා. අත්සන් කරන්නෙ සිංහලෙන්, මුල්නමයි වාසගමයි තමා පාවිච්චි කරන්නෙ, අත්සන ගහලා යටින් ඉරක් අදිනවා, ඒ ඉරට යටින් ඇමෙරිකානු ක්‍රමයට දිනය දානවා ( Feb 16, 2013 ). සූදික මම ගැන මොනවා හරි කියන්නකො.. :-)

    මේක මම සම්බන්ධයෙන් අමූලික බොරු.

    "අත්සන යටින් එක් ඉරක් ඇත්නම් : තමා කියා කෙනෙකු සිටින බව අන් අයට ඇඟවීමට කැමතියි. එමෙන්ම තමා ගැන කථා කිරීමට කැමැත්තක් දක්වයි. එහෙත් එය සාමාන්‍ය ප්‍රමානයෙනි. තමා සිටිනා බව ඇඟවීමට කැමතියි."

    ReplyDelete
    Replies
    1. මමත් යටින් ඉරක් අඳිනවා. දැන් එක ඉතාම පුංචියට. :)

      Delete
  15. මගේ අත්සනත් ඇලවෙලා තියෙන්නේ.

    ReplyDelete
  16. හොද ලිපියක් සුදීක.. ඔව් අත්සන විතරක් නෙමේ ලියන දෙයින් පවා මිනිහෙක් සාමාන්‍යෙයන් මොන වගේද කියා අපට චිත්ත රූප මැවෙනවා. ඒකෙන් ගති ගුණ පිළිබද අදහසක් ගන්න පුළුවන්.. මා මේ කාරණය ගැන කියවා තිබෙන නිසා ඒ ගැන දැනුවත්. ඒත් කියන්න දුකයි බං.. බෙඩිටවත් මගේ අත්සන නං විස්ලේෂනය කොරන්න බැරි වේවි. ඒකේ එක අකුරක් නෑ බං.. නිකං සයින් එකක්... හැක්...

    ReplyDelete
    Replies
    1. මම උඩින් දැම්ම මේකට උත්තරේ. ඕනෑම කෙනෙක්ගේ අත්සන සංකේතයක් බවට පත් වෙනවා කල් ගත වෙත්දී. මම දන්නා තව කාරණයක් කියන්නම් චිත්‍ර හොඳ අයගේ අත්සනෙත් යම් කලාත්මක බවක් තියෙනවා. අනිත් දේ තමයි කකුලේ මහපට ඇඟිල්ලෙන් වැලි පොලවෙත් ඔය විදියටම ලියන්න පුළුවන්.

      Delete
  17. මගේ අත්සනේ නමේ මුලකුරු කැපිටල් ලෙසත් වාසගේ මුලකුර කැපිටල් ලෙසත් තිරස් අතට .වාසගමනම් සම්පුර්ණයෙන් යොදානවා . ඉරි තිත්නම් මොනවත් යොදාගන්නෙ නෑ.
    …හොඳ ලිපියක් සුදීක .

    ReplyDelete
    Replies
    1. ලිපිය විදියට ඔයාටත් හොඳයි නේද? බොහොම ස්තුතියි.

      Delete
  18. මල හත්තිලව්වයිනේ සුදීක් අයියේ, මගේ අස්සන මහ දරුදඩු ගාම්භීර පුද්ගලයෙක්ගේ එකක් වගේ වෙනෝ මේක කියවද්දි, O.o

    ReplyDelete
    Replies
    1. ඉතිං කවුද දන්නේ? ඔයා තාම පොඩි කෙල්ලනේ.

      Delete
  19. එක දවසක් ලෝයර් කෙනෙක් ඉස්සරහ මම අත්සනක් ගහල මෑන් මට නඩුවකුත් දාන්න හැදුව, මම අත්සන් කරන්නේ සිංහලෙන් එත් මිනිහ පිළිගන්නේ නෑ. මේ තියෙන්නේ ඉංගිරිසි අකුරු ලු. අකුරෙන් අකුර ලියල පෙන්නලා තමයි යන්තම් ගොඩදාගත්තෙ.
    සුදිකගේ අත්සනත් ඕන නම් මට ගහන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. හොඳ හැකියාවක්. වැරදියට පාවිච්චි නොකලොත්.

      Delete
  20. වෙනස් ගනයේ ලිපියක්........පොඩ්ඩක් හිතන්න දෙයක් තියනවා.....කොහොමත් මිනිස්සු නොහිත කරන ගොඩක් දේවල් වල මිනිසුන්ගේ අධ්‍යාත්මිය දේවල් කියවෙනවා. මේවා කියවලා අපේ කස්ටියත් ෂලොක් හෝම්ස්ලා වෙයිද දන් නැහැ.......මටනම් මොන මගුල කරත් එකම අත්සන හරිය ඒ විදිහට ගහන්නම බැහැ බං.............

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. ශර්කොක්ස් හෝම්ස් පොත් හැමෝම කියවල තියෙනවනේ.

      Delete
  21. අත්සන ‍තවත් කෙනෙකුට තේරුම් ගන්න බැරි අකුරු ටිකක් උනොත්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. එහෙමෙ තමයි ගොඩක් අත්සන් තියෙන්නේ.

      Delete
  22. හැමදාම වගේ වටිනා දෙයක් වෙනස් දෙයක් තම සුදීක ගේන්නේ. මගේ අත්සන පටන්ගන්නේ ඉංග්‍රීසි 'L' අකුර කැපිටල් වලින් ලියල අනිත්පැත්තට.එක ඉරකුත් තිතකුත්. එකට ඇතුලත්. එත් මාමා කැමති මගේ අත්සන සිංහලෙන් යොදන්න. අත්සන වෙනස් කරන්න හරි අමාරුනේ.

    ReplyDelete
    Replies
    1. බෙඩී මහත්තයා කියන්නේ වෙනස් කලාට වෙනස් වෙන්නේ නෑ කියලා. අමතක වෙලා පරණ එක ගැහෙන වෙලාවල් තියෙනවා.

      Delete
  23. මම ගන්නේ මගේ නමේ දෙවනි කොටස, Himesh කියන එක... H අකුර කැපිටල් වලින් ලියලා වැල් අකුරු වලින් වගේ imesh කියන කෑල්ල කියනවා...අන්තිම h එක පහලට ඇදුන ඉරක් විතරයි... ඊට කලින් තමා යටින් ඉරක් අඳින්නේ... අනේ මන්දා.... මේක ලියපු පොරට මගේ අත්සන ගැන වෙනම විස්තරයක් හදන්න වෙයි වගේ :D

    ReplyDelete
  24. මුලින්ම කියන්න එපෑ..මට මගේ අත්සන ඇරෙන්න අනිත් ඕනම කෙනෙකුගේ අත්සන බලං ඉදලා හරියටම ගැහුවැකි... මගේ එකනං කොච්චර කලත් එකකට එකක් සමාන නැහැ... :D

    අත්සන ගැන කියනවනං මං අත්සන් කරන්නෙත් ඉංගිරිසියෙන්... සීටීකුමාර කියලාම තමා අත්සන් කරන්නේ..සී එක ටොම්බ සයිස්... කුමාර එකේ අවසාන ඒ අකුරෙන් පටන් ගන්න ඉරක් අත්සනට යටින් දිවෙනවා... ටී අකුරේ හරස් ඉර අත්සනට උඩින් දිවෙනවා..පිටින් බැළුවම සමාන්තර රේකා දෙකක් අතරේ දුවන අත්සනක් තියෙන්නේ මට.. එයිට අමතරව ටී අකුරේ හරස් ඉර උඩින් මං තිත් තුනක් තියනවා... හරියට මේ මං ටයිප් කරද්දි තියන තිත් තුන වගේ... (අර සමහරු මගේ කමෙන්ට් කියලා හිතෙන්න ඇනෝ කමෙන්ට් දාන්න යද්දිත් ඔය තිත් තුන තියනවා මං දකිනවා.. :D යකෝ මං ඇනෝ දාද්දී තිත් තියන්න මට පිස්සුයෑ.. :P) මේකේ තියෙන්නේ තිත් දෙකක් තියන අය ගැන විතරයිනේ.. තිත් තුන ගැන මොනවත් නැහැනේ..?

    අවසාන වශයෙන් අත්සන සම්බන්ධව ඔය කියලා තියෙන හැම එකම මගේ අත්සන සම්බන්ධව බොරු වෙනවා කියලා මං පැහැදිලිවම කියනවා.. ඒ ඇයි..? පුළුවන් නම් උත්තර දෙමු බලන්න..?

    ReplyDelete
    Replies
    1. බෙඩීගේ පොස්ට් එකට කමෙන්ට් එවපු හැමෝටම අත්සන ස්කෑන් කරලා එවන්න කියලා තියෙනවා. මමත් මැසේජ් එකක් දැම්ම අපේ ටිකත් එවන්නද කියලා. හොඳ උත්තරයක් ලැබුනොත් බලමු.

      Delete
  25. මගේ අත්සන නම් පහළින් පටන් අරගෙන ඉහළට යන එකක්. ඒ වගේමයි නමේ මුලකුරු සහ වාසගම තමා අත්සනේ තියෙන්නේ. අත්සන පහළින් දිග ඉරක් ඉහළට යනවා. අත්සන් ආරම්භය විශාලයි. අවසානයට යද්දි කුඩායි

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ හසිත මගෙ අත්සන කොපි කරලා.. :)

      Delete
    2. ඔය දෙන්නගේ යම් සමානත්වයක් මටත් පේනවා.

      Delete
    3. @ සෙන්නා

      අයියාගේ අත්සන අමු සිංහලනේ. මගේ අත්සන අමු ඉංග්‍රීසි :) අනික මම මුලින් ඉරි කෑලි දෙකක් [උස වෙනස්] සමාන්තරව පැත්තට ලියලා ඒක H අකුර වෙන්න ඒකත් කපාගෙන යන විදිහට තමා G අකුරෙන් පටන් අරගෙන ගුණසිංහ කියලා ලියන්නේ.

      පස්සේ ගුණසිංහ කියලා තියෙන කොටසට යටින් ඉරක් අඳිනවා ටිකක් දිගට :)

      Delete
    4. විහිළුවක් කළේ හසිත :).. හැබැයි අර ඔයා කලින් කියලා තිබුන විස්තරය මගේ අත්සනට හැම අතින්ම සමානයි.. ඒකයි මම එහෙම කිව්වෙ..

      සුදීක කියන්නෙ අපි දෙන්නගෙ සමානත්වයක් තියනවා කියලා.. :-)

      Delete
    5. @ සෙන්නා

      අපි එකම රෑනේ කුරුල්ලොනේ අයියා :)

      Delete
    6. වෙලාවකට මට දෙන්නව පැටලෙනවා.

      Delete
  26. //මුල් අකුර සිම්පල් අකුරක් නම්, පුද්ගලයා බොහෝ විට පොලවේ පය ගසා ඉන්නා කෙනෙක්// මමත් එහෙනම් ඒ වගේ වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොටත් ඒක තේරිලා තියෙන්නේ.

      Delete
  27. අද මම කාර්යාලෙ අත්සන් කරන පොතේ දන්න කියන අයගෙ අත්සන් ටික බැලුවෙ මේ සටහන ඔළුවෙ තියාගෙන. මම හොඳින්ම දන්න අයගෙ චරිත ලක්ෂණ එක්ක ඒ අයගෙ අත්සන් සැලකිය යුතු තරමකට ගැලපෙනව කියල මට හිතෙනව. හැබැයි ඕකත් අර ජ්‍යෝතිශ්‍ය වගේ එකක් නිසා හරීයටම ඒකමයි කියල හිතන්න බෑ. නමුත් සාමාන්‍ය තරමින් ගැලපෙන තැන් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මේක ජොතිශය තරම්ම නරක නෑ. ඔයාට උනත් ක්‍රමයක් develop කර ගන්න පුලුවන්.

      Delete
  28. මම නම් අත්සන් කරන්නේ සුද්ධ සිංහලෙන්....අත්සන ටිකක් දිගයි...යට ඉඳං ඉහලට යන එකක්...මුළු නමම ලියනවා...

    ReplyDelete
    Replies
    1. ඉඩකඩ ප්‍රශ්ණ එහෙම ඇති වෙලා නැතිව ඇති ?

      Delete
  29. අපේ අයියත් මමත් ගහන්නේ ශ්‍රීමන්ත කියල. දෙකම එක වගේ.. ඒක මාර අහම්බයක් බං !

    ReplyDelete
    Replies
    1. ශ්‍රීමන්ත බ්‍රදර්ස්.

      Delete
  30. Replies
    1. විද්‍යාවක් නිසා තමයි මමත් පිලි ගන්නේ.

      Delete
  31. මම,

    කැපිටල් අකුරකින් පටන් අරන්...
    මුල් නම ලියලා...
    උඩින් ගැට...
    යටින් ගැට...
    යටින් තිත් 2යි...
    උඩින් එක තිතයි... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ යෝග ... රාජ යෝග ... ලේසි නෑ.

      Delete
  32. අත්සන බැඳි අකුරින් නමේ මුල් අකුරුත් වාසගමත් ලියැවෙනවා. වෙනත් රටක වැඩ කරද්දි විවිධ ලියකියවිලි සඳහා අඩුම තරමෙ මාස ගණනකට සැරයක්වත් ඕන වෙන අත්සන එකම අත්සන එක විදිහකට ගහගන්න බැරි අය අතර මමත් ඉන්නවා.. :D

    මං අත්සන පුරුදු වුණේ 9 වසරදි වගේ.. පසුව මට හම්බවුණා ලොකු තාත්තගෙ හැඳුනුම් පත.. ඒ වෙද්දි ලොකු තාත්තා නැතිවෙලා ගොඩක් කල්. මං කවදාවත් දැකලා නැහැ අත්අකුරුවත්. පුදුමයක් වුණේ ලොකු තාත්තගෙ අත්සනත් මගෙ අත්සනත් බාහිරෙන් බලද්දි එකම විදිහ. පස්සෙ මං ඒ අත්සන වෙනස් කරගත්තා.

    ස්තූතියි මේ වටින තොරතුරුවලට.. :)

    ReplyDelete
  33. මම නම් සිංහලෙන් අත්සන් කරන්නෙ...යටින් ඉරක් ඇඳීම නම් වෙනවාමයි..ඒ ඉර කපාගෙන තම්යි අනිත් අකුරු ලියවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉරි කපල පොලීසියට එහෙම අහු වෙන්න එපා.

      Delete
  34. \\ඉහලින් පටන් ගෙන පහලින් අවසන් වන්නක් නම්, උදාහරණයකට ඉරි ඇති පොතක ඉරට උඩින් ආරම්බ කර ඉරෙන් පහලට ගමන් කරයි නම් : ඉන් පැහැදිලි වන්නේ එම පුද්ගලයා තමා ගැන විශ්වාසය අවම පුද්ගලයකු වන බවයි.//

    \\මුල් නම පමණක් යොදා ගැනීම : ඔහු හෝ ඇය තමා ගැන විශ්වාස කරන අතර...//

    මට මෙතන පරස්පරතාවයක් ඇති වෙනවනේ මගේ අත්සන සම්බන්ධයෙන්.

    ReplyDelete
  35. අපුරු ලිපියක් ජයෙන් ජය...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මෙය පරිවර්තනයක් පමණයි.

      Delete
  36. අත්සනකට මේතරම් ලොකු කතාවක්....
    අනේ මන්දා සමහරුනම් අත්සන විදිහට සම්පූර්ණ නමම ලියනවා.

    ReplyDelete
    Replies
    1. සමහර පුංචි දේවල් වල ලොකු ගැඹුරක් තියෙනවා.

      Delete
  37. මගේ අත්සන නම් සමබරයි. ඕනිම කෙනෙකුට ලේසියෙන් කොපි කල හැකි එකක්.

    සුදීක ඔක්කොමලාමගේ අත්සන් ටික දැන් දන්නවා නේද? :)

    ReplyDelete
    Replies
    1. මම විතරද ? හැමෝටම බලා ගන්න පුළුවන් නේ. :)

      Delete
  38. මම මගේ අත්සන ගහන ගමන්ම මේක කියවන් ගියා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ලේසි වැඩක් නෙවෙයි. අත්සන හරියටම වැදිලද කියලා බලන්න.

      Delete
  39. කලින් තැන් තැන් වල කියපු දේවලටම අමතරව මගේ අත්සන ටිකක් කලාබරයි.. හි හි.. චිත්‍ර කරපු කාලේ නම් මීටත් වගේ කලාබරයි.. හැබැයි ඕනේ කෙනෙක්ට කියවන්න පුළුවන් තාමත්... අත්සන කිසිම කෙනෙකුට එකම විදියට දෙපාරක් ගහන්න බැරි බව කියනවනේ.. මට නම් වෙන්නේ ඇත්තටම කලබල උනාම අත වෙවුලලා අත්සනේ කෑලි හැලෙන එක තමයි... එහෙම වෙන්නේ දැන් අත්සන පාවිච්චි වෙන්නේ ගොඩාත් කලාතුරකින් නිසා... බොහෝ දුරට අත්සනට යටින් දිනය දමීමේ පුරුද්දක් තිබ්බත් දැන් නම් ඒක ටිකක් අඩු වෙලා..

    ReplyDelete
    Replies
    1. මටත් ඉස්සර දිනය දැමීමේ පුරුද්ද තිබ්බා. ඒත් පස්සේ ඒක ඇත අරින්න වුනේ, බැංකුවේ සමහර දේවල් පහුවුන දින වලට අදාළ නිසා.

      Delete
  40. මං මේකට කොමෙන්ට් එකක් දැම්මනෙ. කෝ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ කෑවැයි.

      Delete
  41. මම නම් ඉතින් අත්සන සිංහලෙන් ගහන්නෙ.හිතන්නකො බටහිර අය හුගක් ඉන්න තැනක අපි අපේ මව්භාෂාවෙන් අත්සන ගහන කොට කොයි තරම් ලස්සනද කියලා.අපි වෙන කාගෙවත් දෙයක් කොපි කරල අපේ අනන්‍යතාව පෙන්නන්න ඕනෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඒක එක්-එක්කෙනාගේ තේරීම. සිංහලෙන් අත්සන් කරනවානම් හොඳයි. ඒත් කෙනෙක් මුලින්ම අත්සනක් ගැන උනන්න්දු වෙන්නේ අවිරුදු 16දී විතර. ඒත් මම අවරුදු 13 දී විතර ඉඳන් අත්සන් කරනවා. මොකද කෝච්චි සීසන් ගන්න ඉස්කෝලෙන් දෙන තුණ්ඩුව බාර ගත්තා කියල අත්සන් කරන්න තියෙනවනේ. :)

      Delete
  42. මං මේක උදේ ෆෝන් එකෙන් බැලුවා ක්ලාස් එකේ ඉන්නැද්දි. ඒ වෙලාවේම ඇටෙන්ඩන්ස් ශීට් එක ආවා. බැලුවා. හුටා. කස්ටියගේ චරිත ලක්ෂණ හරි වගේ. මගේ එක ගත්තත් ඒ වගේ. :)

    ආ... කියන්න බැරිඋනා. ඔයාව කමෙන්ට් වලදී අනික් අයගේ පොස්ට්වලදී හම්බ වෙලා තිබුනට අද උදේ තමයි මේ පැත්තේ ආවෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? එහෙනම් දිගටම කියවල ගුණ දොස් කියන්නකෝ.

      Delete
  43. මම නම් අත්සන් කරන්නෙ සිංහලෙන්, ඒක වෙන කෙනෙකුට කොපි කරන්න පුළුවන් වුනත් ඒ හැටියෙන්ම කරන්න බැරිවෙයි.
    මුලින්ම තිතක් තියලයි පටන්ගන්නෙ....යටින් ඉරක් ගහනවා, ඊට පස්සෙත් තිතක් තියනවා.

    ReplyDelete
  44. අඩේ හිතන්නෙම නැති තැනකට උඹ මගේ හිත යෙදිව්වා බැංකුවේ අපට අත්සන් ඉතා වැදගත් බෙල්ල ගහලයන්ඩ ඇහිපිල්ලමක් ගැහුවත් ඇති නෙද මචං

    ReplyDelete
    Replies
    1. බැංකුවේ ගහන ඒවානම් පරිස්සමට රාජෝ.

      Delete
  45. අනිත් අයව පහසුවෙන් අඳුන ගන්න විදිහක් වෙයි වගේ..ෂර්ලොක් හෝම්ස් සීරීස් එකෙත් මේ අත්සන් වලින් ගැටළු විසඳපු අවස්තා ගොඩක් තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. අත්සන් වල වේගය, අත තද කරන ප්‍රමාණය, වගේ කාරණා වලින් හොර අත්සන් අඳුන ගන්න පුළුවන්.

      Delete
  46. අත්සන යට මෙච්චර විද්‍යාවක් තියෙනවා කියලා අද තමා දැනගත්තෙ...දැනුවත් කිරීම ගැන ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. කොළ බර ගණනකට අත්සන් කරන්න වුනොත් හොඳ සැලකිල්ලෙන් අත්සන් කරන්න ඕනේ. මොකද ඔය අතර හිස් කොලත් තියෙන්න පුළුවන්.

      Delete
  47. Replies
    1. බොහොම ස්තුතියි සංජීව.

      Delete
  48. හරියට අත බලලා සාස්තර කියනවා වගේ වෙන්න ඇති...

    ReplyDelete
  49. සිංහලෙන් අත්සන් කරන අය ගැන මොකුත් නෑ නේහ්

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...