Monday, February 11, 2013

සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන්ද ?

මා සිංහල බ්ලොග් අවකාශයේ තවමත් ළමා විය පසු කරන්නෙක්මි. එහෙත් මට වයසින් බාල වුවද අවුරුදු හතරකට පහකට පෙර සිට බ්ලොග් ලියන්නන් ස්වල්ප වශයෙන් හෝ තවමත් දැක ගත හැක. මා බ්ලොග් ලෝකයට අහම්බෙන් කඩා වැටුනෙක් බව මා පුන-පුනා කීවෙමි. අවුරුද්දකුත් මාස එකහමාරකට ආසන්න මගේ බ්ලොග් ඉතිහාසයද මට පවසන්නේ සිංහල බ්ලොග් ලෝකය දවසින් දවස පරිහානිය කරා ගමන් කරන බවයි. විවිධ අය විවිධ බලාපොරොත්තු වලින් තමන්ගේ බ්ලොග් අඩවියට ලිපි එකතු කරමින් සිටියි. මෙය දැනට ලෝකයේ තිබෙන නිදහසම මාධ්‍යය වන නිසා සාරවත් දේ මෙන්ම අසාරවත් දේද මෙතුලින් විකාශණය වීම වැළක්විය නොහැක. දළදා මාලිගාවට හෝ ජය ශ්‍රී මහ බෝධිය වඳින්නට ධර්මය නිරතුරු ඇසුරු කරන සුපින්වතුන් මෙන්ම සොරුන්, මංකොල්ලකරුවන් හා දාමරිකයන්ද පැමිණේ. ඉතිං අන්තර්ජාලය සුදනන් සෙවීම හරියට නයි මල්ලක ආඳා සොයනවා වගේ වැඩකි. 

සාමාන්‍යයෙන් කෙනෙකුගේ නියම ස්වභාවය ඔහු කියන කරන, දෙයින් හෝ ලියන ලිපියකින් තෝරා ගත නොහැක. මන්ද මිනිසා පැහැදිලිවම අයිස් බර්ග් එකකට සමාන බැවිනි. පාවෙන අයිස් කුට්ටියකින දිය මතුපිටින් දිස් වන්නේ 1/8 කි. ඉතිරි 7/8 ම ඇත්තේ ජලයෙන් යටය. මා පහුගිය අප්‍රේල් මාසයේ පැවති සයිබරයේ සිහින බක් මහා උළෙලට සහභාගී වූවෙමි. එහිදී පැරණි බ්ලොග් කරුවන් බොහොමයක් මෙන්ම මා වැනි නවකය සුලුතරයක්ද අඳුනා ගන්නට ලැබිණි. ගම්පහ ගෙට්ටුව ඒ හා සැසඳුව හොත් එයට සහභාගී වූවන්ගෙන් බහුතරය නවකයන්ය. එහි වරදක් හෝ හොඳක් මා දකින්නේ නැත. ඕනෑම සමාජයක  රිලේ තරගයක් ආකාරයට බැටන් එක අතින් අතකට මාරු විය යුතුයි. පැරැන්නන් බලා සිටියදී ඒ තැන නවකයන් ගත යුතුය. එහි වරදක් නැත. නමුත් මෑතක සිට බ්ලොග් අවකාශයේ පැරැන්නන්ගේ සහභාගීත්වයද හීන වීගෙන යන සෙයක් අප දකිමු. මෙය 100% ම නොවේ. ඉඳහිට ලිපියකින් මතකය අලුත් කරන්නන් නැත්තේම නොවේ. 

මා බ්ලොග් ලියන්න පටන් ගන්නා විට සිංහල බ්ලොග් කියවනය තුල බ්ලොග් කරුවන් 1000 කට මදක් වැඩි ප්‍රමාණයක් ක්‍රියාකාරී බ්ලොග් කරුවන් සිටි බව මට හොඳින්ම මතකය. නමුත් අද එය 587 දක්වා පහල බැස ඇත. කලක් ඉතාම ජනප්‍රිය බ්ලොග් කරුවකු වූ සඳරුවන් පවා අද බ්ලොග් පොස්ට් එකක් දමන්නේ නැත. නමුත් දිගටම තම රාජකාරිය කරගෙන යන කතන්දර කාරයා, මාරයා, පොඩි කුමාරිහාමි වැනි අය  තවමත් තම ගමන නොවෙනස්ව පවත්වාගෙන යයි. මෑතකදී රෙප් මහත්තයා ලියන අරුණ මෙහි ඉතිහාසය පිලිබඳ සවිස්තර පොස්ට් එකක් මහත් පරිශ්‍රමයකින් ලියා තිබෙනු දුටිමි. එය කියවූ විට මෙහි ගමන් මග ගැන දල අවුබෝධයක් ලබා ගත හැක. 

මේ ලිපිය ලියන මොහොතේදී පවා මගේ හිතට වද දෙන සිතුවිල්ල නම්, මෙවැන්නක් ලිවීමට මාහට සුදුසුකම් තිබේද ? යන්නයි. මන්ද එක් අතකින් මෙවැනි ලිපියකට සැමගෙන් ලැබෙන අදහස් ඉතා වැදගත්යක්, අනෙක් අතින් මා වැනි මුළු ඉතිහාසය නොදත් අයෙක් ලියද්දී බොහෝ වැදගත් කරුණු අතපහු වීම, හෝ හිඟ වීම නොවැලක්විය හැකි කරුණක් වීමය. මෙය ලිවීමේ අරමුණ මෑතකදී බ්ලොග් ලෝකයට එකතු වී මෙය සරසන මගේ සමකාලීන සහ මෑතකාලීන මිතුරු කැල අදෛර්යය  කිරීම නොව, යන ගමන හරියට දැනගෙන යාම අප කාටත් නුවනට හුරු බැවිණි. මගේ මේ උත්සාහයද ඒ ස්වර්ණමය අතීතය සහ වර්ථමානය නොබිඳෙන හුයකින් ගැට ගැසීමයි. පොස්ට් එකක් නොලියා ඉන්න ඔබට මෙන්ම මටද සාධාරණ හේතු 1001 තිබෙන්නට පුළුවන. එහෙත් මෙවැනි පොස්ට් එකකට කමෙන්ට් එකක් එක් කර ඔබ සිටිනවා හෝ ඔබ තවමත් කියවනවා යන්න තහවුරු කල හැක. 

අම්පාර පාසල් සත්කාරයට යන ගමනේදී නම මතක නැති එක පැරන්නෙකු පවසා තිබුණේ ඕනෑම බ්ලොග් ලියන්නෙකු අවරුදු තුනකට වඩා ලියන්නේ නැති බවයි. එය 100%ක්ම සත්‍යදැයි මා නොදනිමි. නමුත් අද අපි දකින යම් ක්‍රියාකලාපයන් තුල එම කියමනට අවශ්‍ය සාක්කි සැඟවී ඇත. මේ නැගෙන චෝදනාවට පිළිතුරු දිය හැක්කේ අද දවසේ ලියන්නන් වී තිබෙන අපටමය. "අප එසේ නොවේ, අපද ඔබ ගෙනගියාට වඩා හොඳින් මේ දේ කරනවා" යන අභියෝගය බාර ගැනීමට අද අකුරු කරන අපට හැක. 

මීට සතියකට දෙකකට පෙර සිට කන්දක් විලි ලා වැදූ මී පැටියෙක්ගේ අසාර්ථක උත්සාහය අප දුටුවෙමු. මේ ගැන අදහස් දක්වූ බොහෝ දෙනාගේ අදහස වුයේ මේවා තඹ දොයිතුවකට වත් මායිම් නොකළ යුතු බවය. මාද ඒ අදහස දැරුවෙමි. එයින් ප්‍රහාරයට ලක් වූ ඇතාගේ ඇඟට මේ මී පැටියා පැන කරන දැඟලීම දැනෙන පාටක් නැත. නමුත් මීයා පාරම් බාන්නේ තමා කරගෙන ගිය වැඩේ ඇතාට හොඳටම දැනුනා යන්නයි. එහෙත් සැබෑව නම් කිතුල යට සිට කිතුල් බඩ කමින් සිටි ඇතාගේ පිටට කිතුල් මලක් වැටීමය. එය පිටට වැටුන පාරට ඇතා යම් කෙඳිරියක් නිකුත් කල විට මී පැටියා සිතා ගත්තේ තමාගේ ප්‍රහාරය ඇතාට දනී ඇති බවය. මී පැටියාගේ ගුලටම අත දමා එලියට ඇද දැමීමට හැකි වුවද, අප මී පැටියාට ඔහේ වසන්නට ඉඩ හරිමු. මන්ද ඌත් මේ ලෝකය තුල ක්‍රියාත්මක වන ආහාර දාමයේ කොටසක් වන බැවිනි. 
පින්තුරය ගත්තේ : http://www.focuskenya.org
බ්ලොග් කරුවන් ලිපි ලියන්නේ විවිධ අදහස් හිත දරාගෙනය, විවිධ බලාපොරොත්තු ඇතිවය. මටද එවැනි බලාපොරොත්තු ඇත. හැමටම ඕනෑම දෙයක් ලිවීමේ නිදහසද ඇත. සමහරු කාන්සිය නිවා ගන්නද, සමහරු පොරවල් වන්නටද, තවෙකෙක් තමන්ගේ හැකියාවන් එලි දක්වන්නද, තවත් අයෙකු "අපේ චූන් අපට චූන්" ප්‍රතිපදාවද අනුගමනය කරමින් ලියති. දැනුම බෙදන අයද, දැනුම හොරා කන අයද මේ අතර වෙති. පිටරට සිට අප ලියන දෙයක් කියවා අපට මුව නොසෑහෙන්න ස්තුති කරන හිතවතුන්ද, කෙනෙක් දියුණු වී ඉහලට යනවා බලා සිටින්නට බැරි අයද හිඟ නොවේ. තනිකරම කුණුහර්පද, ඩබල් මීනින්ද, අහිංසක විහිළු, වටිනා කවි පංති, වටිනා අදහස් ඉදිරිපත් කරන්නන්ද විරල නොවේ. මේ අතරතුර තමන්ගේ පහත් ආශාවන් ඉටු කර ගන්නන්ද එසේත් නැතිනම් සමස්ථ මානව සමාජය දෙස කුහකත්වයෙන් බලන හීනමානයෙන් දවසම ගෙවන්නන්ද ඇත. වඩාත් වේදනාකාරී දෙයනම් බැටළු හම් පොරවාගෙන සිටින වෘක්කයන්ද මේ අතර සිටීමය.  සමහරු අනුන්ගේ ගිණුම් වලට බැර වන්නට ඇති පදම්අකුරු ගොණු කරමින් සිටිති. 

සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන් වීද යන්න මා හට ඒ හැටි නිනව්වක් නැත. එහෙත් ඒ පිලිබඳ දන ගැනීමට මා හට මෙන්ම ඔබටද ආශාවක් ඇතැයි යන්න මගේ විශ්වාසයයි. මා ඒ වෙනුවෙන් පුංචි අදහස් විමසීමක් මාගේ බ්ලොග් පොස්ටුවට වම් පැත්තෙන් විජට්ටුවක් ලෙස එක් කර ඇත. එහි නිවැරදි තාවය ඔබ සපයන චන්දය මත තීරණය වනු ඇත. මෙය කියවීම මෙන ඒ ගැන ඔබ දන්නා තරමින් නිසි පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. එය මෙය කියවන අප සියලු දෙනාට වැදගත් තොරතුරු වේ. එවිට අපටද පැරණි බ්ලොග් පීරා රත්ත්‍රන් සොයා ගත හැක. එවැනි වටිනා බ්ලොග් වලට ලින්ක් සපයන්න්ද නොමසුරු වන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිමි. එය බ්ලොග් කියවන සියළු දෙනා වෙනුවෙනි. 

කෙනෙකුගේ මුළු ජීවිතයම බ්ලොග් ලිවීම හෝ කියවීම නොවේ. අපට අපේ පවුල් වල මෙන්ම රාජකාරී වශයෙන් බොහෝ යුතුකම් සහ වගකීම් ඇත. මේ සියල්ල කරන්නේ ඒවා කරමින් යන අතරතුරය. බුදුදහමට අනුව තමන් විසින් ජීවිතයේදී එකතු කර ගන්න පිං සහ කුසල කර්මයන් මෙන්ම පව් සහ අකුසල කර්මයන් වල ශේෂය මීළඟ ආත්මය කරා ගෙන යනවා ඇත. මිනිස් ජීවිතයක් ලැබෙන්නේ කණ කැස්බා නෙත විය සිදුරින් සඳ බලනවා වැනි දුර්ලභ අවස්ථාවක්  බව බෞද්ද ඉතිහාසය සාක්ෂි දරයි. ඉතිං මේ ලැබූ දුර්ලභ මිනිස් බවයේදී ඔබ එකතු කර ගන්නේ මොනවාදැයි ඔබම තීරණය කරන්න.     

180 comments:

  1. කාලීනයි....
    ස්වර්ණමය යුගය ගැනනං මගේ පැහැදිලි අදහසක් නෑ මොකද මාත් නවකයෙක් නිසා...
    සුදීක අයියගේ මේ උත්සහය සාර්ථක වේවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරියා. මලයාගේ උත්සාහයත් සාර්ථක වේවා (අර අනුෂා ගැන තියෙන අදහස :D)

      Delete
  2. මමත් ඉතින් මේකේ කරක් ගහන්න පටන් අරන් පුංචි කාලයක් වෙන්නේ. ඒත් මමත් දැකපු දෙයක් තමයි කාලෙකට ඉහත පටන් ගත්තු මේ වෙද්දී අප්ඩේට් නොවන බ්ලොග් අඩවි. ඔවුන්ට ඇතැම් විට නොලියන්න මොනවා හෝ හේතු ඇති. ඒත් මමත් කැමතියි ඒ බ්ලොග් ආයේ ලියවෙනවා නම්. මට තව ලොකු කැමැත්තක් තියනවා මුල්ම සිංහල බ්ලොග් එක කියවන්න. ඒත් ඒ මොකක්ද කියල තවම හොයා ගන්න බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මෙන්න මේක කියලා

      කොම්පුටරේ

      සිංහල බ්ලොග් කියවනයේ යටම තියෙන්නේ මෙන්න මේක. හැබැයි 2008 පොස්ට් දාපු අයත් ඉන්නවා.

      Delete
    2. බොහොම ස්තුතියි සුදීක අයියා තොරතුරට. මං ගිහින් බලන්නම්.

      Delete
    3. මේක පටන් අරන් තියෙන්නේ 2009 නේද?

      2008 ජනවාරි පටන් ගත්ත එකක් හම්බ උනා..

      http://blog.sudaraka.com/page/24/

      මාරයලා එහෙම පටන් ගත්තේ ඊටත් කලින්ද දන්නෙත් නෑ.

      Delete
    4. http://biththiya.blogspot.com/2006/08/blog-post.html
      මන් නම් දන්න තාමත් ලිපි ලියවෙන පරණම සිංහල බ්ලොග් එක මේක.
      මාරයා පටන් ගත්තේ සුදාරකලට පස්සේ

      Delete
    5. @ම

      ඒක 2006 පටන් ගත්තු එකක් නේද.. ගිහින් මුල්ම ලිපියත් බලල ආවේ.

      @ම සහ සයුරි

      ලින්ක් දෙක දුන්නට දෙන්නටම ස්තුතියි..!

      Delete
    6. එහෙනම් පරණම බ්ලොග් එක බිත්තිය වෙන්න ඕනේ.. :)

      Delete
    7. මමත් බිත්තිය බැලුවා. ඔහු මගේ සාහර පොස්ට් වලට කමෙන්ට් පවා දමා තිබෙනවා.

      Delete
    8. මෙන්න 2005 එකක් හම්බ වුනා
      http://srishanu.blogspot.com/

      Delete
  3. මමත් නවකයෙක් නිසා වැඩි දැනීමක් නැහැ, ගෙට්ටුවට කලින් කීප දෙනෙක් සිංහල බ්ලොග් ඉතිහාසය ගැන ලිපි දාලා තිබුණු ඒවයින් තමයි දැනගත්තේ.. මේ ලිපියෙනුත් හුගක් දේවල් ඔලුවට දාගන්න පුළුවන උනා ... :) ආයෙත් අර ලිපි ටික කියවලාම විජේට්ටුවට පිළිතුරු ලබා දෙන්නම්, හරි වැටහීමක් නැතුව මුකුත් කරන්න බැහැනේ තවම අලුත් නිසා..

    ReplyDelete
    Replies
    1. ඔව් අපි ඔක්කොම නවකයි. පැරණි අයගේ කමෙන්ට් ටික බලමු.

      Delete
  4. කවුරුන් කෙසේ හෝ මෙම විමර්ශනය කරනවානම් එය විය යුත්තක්. නමුත් මා විජෙක්ටුවට පිළිතුරු දීමට අපොහොසත්. මන්ද යත් මා බ්ලොග් අවකාශයට ආධුනිකයි. එබැවින් මට කිව හැක්කේ මා සැරිසරන ලද කාලාන්තරයට අනුරූපියවයි.

    සිංහල බ්ලොග් කලාව වැඩියෙන්ම සංසරණය වනුයේ බ්ලොග් ලියන්නන් අතරේමය. අපට කිසියම් ක්‍රමයකින් අනෙකුත් අන්තර්ජාල පරිශීලකයන් ද කැඳවිය හැකිනම්.... තවදුරටත් බ්ලොග් කලාව පුළුල් වේ කියා සිතනවා.

    ReplyDelete
    Replies
    1. //සිංහල බ්ලොග් කලාව වැඩියෙන්ම සංසරණය වනුයේ බ්ලොග් ලියන්නන් අතරේමය.//

      මෙය සම්පූර්ණ ඇත්තකි. අපේ උත්සාහය විය යුත්තේ එය අන් ය අතරට ගෙන යාමටය.

      හරියට හරි.

      Delete
    2. වටිනාම කමෙන්ටුව නිර්මලාගේ.. අප උත්සාහ කළ යුත්තේ ඒ අරමුණ ඉටු කර ගැන්මටයි.

      Delete
  5. මමත් පටන් අරං වැඩි කාලයක් නෑ...හැබැයි මොකක් හරි අවුලක් මටත් තේරෙනවා....

    ReplyDelete
    Replies
    1. මොන වගේ එකක්ද ?

      Delete
    2. බ්ලොග් ලියන පිරිස හා කියවන තවත් අතලොස්සක් අතරේ විතරයි මේක කැරකෙන්නේ... ඒක වෙනස් කරන්ට ඕනෑ...

      Delete
  6. ස්වර්ණමය යුගයක් ගැන කතාකරන්න තරම් තවමත් සිංහල බ්ලොග් අවකාශය පැතිරී නැතැයි මට හිතෙනවා. ඔබ වගේම මමත් සිංහල බ්ලොග් ලෝකයට ඇවිත් තවම ගතකර තිබෙන්නේ මාස 14 යි.

    වැව් ඉවුරේ දිය රළ පෙරසේම බිඳෙනවා
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා

    කියලා මර්වින් පෙරේරා ශූරීන් කිව්වා වගේ, සිංහල බ්ලොග් ලෝකයත්, අපි ලිව්වත් නැතත්, ඉදිරියට ඇදෙනු ඇති කියලයි මම හිතන්නේ. හැබැයි මෙන්න මේවගේ දේවල් වෙයි.

    1. භාෂාව විකෘතිවීම් ඉතා කනගාටුදායක ආකාරයට වැඩි වෙනු ඇති.

    2. ඒකාකාරිත්වය නිසා කියවන්නන් ඈත්වීම වලක්වාගත නොහැකිවනු ඇති.

    3. අශ්ලීලත්වයට වැඩි තැන ලැබෙනු ඇති.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  7. කාලයත් සමග හැම දේම වෙනස් වෙනවා. පැරැන්නන් කියන පිරිස ගොඩක් කාලයක් තිස්සෙ ලියලා හෙම්බත් වෙලා එපා වෙලා නවත්තලා ඇති. ඒත් ඒක මහා පාඩුවක්. ඒ ලියපු ටිකත් අපරාදේ කියල හිතෙනවා.

    සාර්ථකත්වය කියන්නේ ජීවිතයේ සියළු කටයුතු කරන අතර මේකත් බැලන්ස් කරන එක.

    අළුතෙන් බිහිවන බ්ලොග් වලටත් මේක හොද ආදර්ශමත් ලිපියක් වේවි.

    ජය සුදීකයෝ !

    ස්වර්ණමය යුගයක් පහු කළාද, ඉදිරියට ලැබෙනවද කියල කියන්න බැහැ. මොකද හැමදේම සාපේක්ෂයි. ස්වර්ණමය යුගය අතරතුර අසූචි තැන තැනද හැලෙන විදිහට සමහරු අතින් කටයුතු කෙරෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි ඒ ස්වර්ණමය යුගයේ හිමිකරුවන් වෙමු.

      Delete

  8. මටනම් අන්තර්ජාලයේ තියෙන ලංකාවේ ජාතිකයි කියා ගන්න පත්තර වලට වඩා කියවන්න දෙයක් සිංහල බ්ලොග් වල තියෙනවා.
    අර කතාන්දරත් කලින් දවසක කියලා තිබුනා වාගේ බ්ලොග් කියන්නෙත් අපේ සමාජේම පැතිකඩක් හින්ද අති සුන්දර බ්ලොග් ලොකයක් තියෙන්න විදියක්

    නැහැ.
    මං වැඩිපුර කොමේට් නොකලට,අනිත් බ්ලොග් ලියන අයව පුද්ගලිකව හඳුනන්නේ නැති වුනාට ප්‍රධාන සිංඩිකේටර් කීපයේ තියෙන හැම එකක් වාගේම කියවනවා.සමස්තයක් විදියට තාම කියවන්න යමක් තියෙනවා කියන එකයි මාගේ අදහසනම්
    .අපි ලියන කියන දෙවල් වල ගුණාත්මකභාවය ගැන සංවාදයක් ආර්ම්භ කරලා මේ සු දී කගේ උත්සාහයත් වඩාත් යහපත් හෙට දවසකට හොඳ අඩිතාලමක් වේයි,

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර වෙලාවට එයාලා අපි ලියන ඒවාත් කොපි කරනවා.

      බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට.

      Delete
  9. මටනම් අන්තර්ජාලයේ තියෙන ලංකාවේ ජාතිකයි කියා ගන්න පත්තර වලට වඩා කියවන්න දෙයක් සිංහල බ්ලොග් වල තියෙනවා.
    අර කතාන්දරත් කලින් දවසක කියලා තිබුනා වාගේ බ්ලොග් කියන්නෙත් අපේ සමාජේම පැතිකඩක් හින්ද අති සුන්දර බ්ලොග් ලොකයක් තියෙන්න විදියක්

    නැහැ.
    මං වැඩිපුර කොමේට් නොකලට,අනිත් බ්ලොග් ලියන අයව පුද්ගලිකව හඳුනන්නේ නැති වුනාට ප්‍රධාන සිංඩිකේටර් කීපයේ තියෙන හැම එකක් වාගේම කියවනවා.සමස්තයක් විදියට තාම කියවන්න යමක් තියෙනවා කියන එකයි මාගේ අදහසනම්
    .අපි ලියන කියන දෙවල් වල ගුණාත්මකභාවය ගැන සංවාදයක් ආර්ම්භ කරලා මේ සු දී කගේ උත්සාහයත් වඩාත් යහපත් හෙට දවසකට හොඳ අඩිතාලමක් වේයි,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමෙන්ට් කලාට. පත්තර මහත්වරු බ්ලොග් වල තියෙන ඒවා එහෙමම කොපි කරලා දාන යුගයක් නේ.

      Delete
  10. බ්ලොග් කලාව දශක දෙක තුනක් ඉදිරියට ගිය කාලෙක තමයි මචන් මම හිතන්නේ ඒකේ ස්වර්ණමය යුගය කොයි එකද කියලා හොයලා බලන්න පුලුවන් වෙන්නේ.


    තාම බ්ලොග්ස් විශේෂයෙන් සිංහල බ්ලොග්ස් ඇවිත් අවුරුදු 4ක් 5ක් හෝ 6ක් වෙන්න ඇති. සමහර විට ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්.

    ඒක නිසා මගේ හැඟීම ඒක හොයන්න තාම අලුත් වැඩී කියලයි . . .

    චිත්‍රපටි, පොත් පත් මේ ඕනෑම දේක මම හිතන්නේ මුල් කාලයේ වැඩි නැඹුරුවක් තියෙනවා. පස්සේ ඒක එක පාරටම කඩන් වැටෙනවා. පස්සේ ටික ටික ආයේ නැගලා එනවා. අන්න ඒ කාලේ තමා බොහෝ වෙලාවට ඒ කලාවේ ස්වර්ණමය යුගය වෙන්නේ.

    ෆිල්ම්ස් ගැන හිතන්න. 70 දශකය. පොත් පත්, රේඩියෝ කලාව, රූපවාහිනිය. . .

    මේවා ගැන නිකම් හිතලා බැලුවාම මම කිව්ව එක ටිකක් හරි වගේ කියලා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කතාව සම්පූර්ණ ඇත්ත. එත් පහුගිය දවසක මම කොහේ හෝ දැක්කා අතීතය පිලිබඳ යම් ගුණ වර්ණනාවක්. මට ඕනෑ වුනේ ඔයා වගේ පරණ අයගෙන් පහුගිය අවරුදු වල හොඳ තැන් හොයා ගන්න.

      Delete
    2. //බ්ලොග් කලාව දශක දෙක තුනක් ඉදිරියට ගිය කාලෙක තමයි මචන් මම හිතන්නේ ඒකේ ස්වර්ණමය යුගය කොයි එකද කියලා හොයලා බලන්න පුලුවන් වෙන්නේ. //

      +++++++++++++++++++

      Delete
    3. සම්පූර්ණ සිංහල බ්ලොග් කලාව අදින් අවසානයි කියලා උපකල්පනය කොලොත් 2011 - ඒ කියන්නෙ අපි බ්ලොග් ලියන්න ඇවිදින් මාස ගණනකට පස්සෙ තමා මට හිතෙන හැටියට ස්වර්ණමය යුගය ආවේ. ඒ කාලේ ඔය උඩින් සුදික කියලා තියෙන හැම වර්ගයකම වගේ බ්ලොග් නොතිබුනත් හිටපූ සීමිත පිරිස විවිධ ආකාරයේ බ්ලොග් ලිව්වා...... දැන් ඒ අය වැඩිපුර ලියන්නෙ නෑ වගේම කමෙන්ට් වලට සීමා වෙලත් තියෙනවා... ඔය උඩින් ඉන්න දුකා කියන්නෙත් ඒ ජාතියේ පොරක්.

      ඉතින් ඒ අයගේ බ්ලොග් වල කාර්යක්ෂම තාවය අඩු වෙලා තියෙන්නෙ පුද්ගලික රාජකාරි වලින් මිරිකිලා හන්දා කියලයි මට හිතෙන්නෙ.... බ්ලොග් කලාව ගැන කලකිරිලා මේක අතඇරලා දාන අය නම් නැති තරම් කියලයි මට හිතෙන්නෙ....

      පුද්ගලිකව මම ගත්තොත් හැමදේම අතඇරලා දාන ලැයිස්තුව හැදුවොත් ඒකේ අවසාන හරියේ තමා බ්ලොග් එක තියෙන්නෙ..... ඒත් මටත් වෙලා තියෙන්නෙ ලියන්න සුදුසු වෙලාවක් නැති එක. වෙලාවක් තිබ්බත් ඒක කියවන අයට කැමැත්තෙන් කියවන්න නම් මුලින් ම මගේ ඔලුව නිදහස් කරගෙන හිතන්න වෙලාවක් එපැයි. (දැන් නං ලියන්ඩ පටන් අරගෙන )
      ............................
      ඒ වටිනා අදහස් ඔබට ඉදිරිපත් කලේ ඔබේ හිතවත් කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

      Delete
    4. බුද්ධි තමයි මේකට බුද්ධිමත් උත්තර දීල තියෙන්නේ. ගැටලුවකට පැහැදිලි විසඳුමක් දෙන්න බැරි අවස්ථා තියෙනවා. ඒ ගැටලුව විස්තර කරලා තියෙන ප්‍රමාණය මදි වුණාම. ඒ වගේ වෙලාවකට කරන්න හොඳම දේ තමයි යම් යම් උපකල්පනයන්(Assumptions) මත පිහිටලා විසඳුමකට එළඹෙන එක. අද දක්වා නම් බ්ලොග් ලියලා තියෙන්නේ, මෙතනින් අවසානයි කියන එක උපකල්පනය කිරීමේ වරදක් නෑ.

      ඔයා කියන බ්ලොග් වලට මමත් ගිහිං තියෙනවා. සමහරු ලිවිල්ල අත ඇරලා තමයි(ඔයත් එක්ක). ඉතිං එක පාරටම ගොඩක් නැවතුනාම මෙතනට අලුතෙන් එන ඇයට මේකේ පැහැය තේරුම් ගන්න බෑ. ඔයාල ඉඳිද්දී පටන් ගත්තා නම් අනුගමනය නොකලත් අනුකරණය කරනවා. හොඳ ශෛලියක් කොපිම කලත් මොකද ?

      අදහස් වලට ස්තුතියි.

      Delete
  11. Replies
    1. මේ :D එක කලින් කමෙන්ට් වලට දාපු එකක්.

      Delete
  12. නැහැ සුදික අය්යේ බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය එලබෙමින් පවතිනේ දැනුයි , පැරැන්නන් නවකයන්ට ආරම්භයක් ලබාදුන්නා පමනයි. එය ඉදිරියට ගෙන යෑමේ වගකීම තියෙන්නේ වර්තමානයේ බ්ලොග් ලියන රචකයන් අතේ.

    බ්ලොග් අවකාශයේ ඉදිරිය මෙයිට මෙයිට වඩා සුභ වේ යැයි සිතමි .

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මේකට කමෙන්ට් එකක් අමාරුවෙන් හරි දාන්ඩ ඕනිමයි කියල හිතුන.

    කෙනෙකුට බ්ලොග් පෝස්ට් එකක් නොලිය ඉන්ඩ හේතු 1001ක් තියෙන්ඩ පුලුවං.මට ඉතිං තියෙන්නෙ ඔය 1001 වෙනි හේතුව. :P
    කැමෙන්ට් එකක් දාල ඉන්න බව කියන්ඩ කිව්වනෙ. ඔන්න එහෙනම් අපි ඉන්නෝ. කමෙන්ට් නොකලට අහුවෙන හැම එකක්ම කියෝනෝ..
    තව දෙයක් පහු උනේ බ්ලොග් ලෝකෙ ආරම්බයේ ස්වර්ණමය යුගය. තව ස්වර්ණම යුග ගනනාවක් ඉස්සරහට එයි. ඒක අනිවාර්යෙන්ම සිද්ද වෙනවමයි.

    සුභ උපන්දිනයක් සුදීක අයියේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සමී මලේ. පහුගිය පොස්ට් එක ඔයා වෙනුවෙන්ම දාපු එකක් බැලුවද ?

      Delete
    2. 1001 වෙනි හේතුව තමයි ඉතිරි දාහම තමන්ගේ හේතුව නොවුනත් මොකක් හරි නිසා මග අරින අය කියල කිව්වොත් ?

      Delete
  15. ///දළදා මාලිගාවට හෝ ජය ශ්‍රී මහ බෝධිය වඳින්නට ධර්මය නිරතුරු ඇසුරු කරන සුපින්වතුන් මෙන්ම සොරුන්, මංකොල්ලකරුවන් හා දාමරිකයන්ද පැමිණේ. ///
    අයියෝ ලියන්න කියල හැදුව විතරයි, :)

    මටත් කියන්න තියෙන්නේ කියවන්න දෙයක් තියන යමක් ගතහැකි බ්ලොග් පොස්ටු තවමත් තියනවා.
    කියවන්නත් ඇවිල්ල තාමත් ඒ හැටි කාලයක් නැති නිසා, අතීතයද වඩා හොද, වර්තමානයද, අනාගතය මීටත් වඩා හොද වෙයිද කියල අදහසක් දෙන්න නම් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මගේ උත්සාහය අනාගතය හොද කර ගන්න.

      Delete
  16. මේකට හරි උත්තරයක්‌ දෙන්න මමත් නවක වැඩියි කියල හිතෙනවා. ඒත් සමහර වටිනා බ්ලොග් නැවතිලා කියලනම් තේරෙනවා.

    ReplyDelete
  17. මං එද්දිම වගේ හොදටම බ්ලොග් ලිවුව අය තමයි කතන්දර, මාරයා, බිගු, ටැබූ වගේ අය.. ඊට අමතරව තව අය හිටියා.. ගොඩක් අය පෞද්ගලික හේතු එක්ක අයින් උනා.. සමහර අයට මේකම ආව ප්‍රශ්ණ තිබුනා..

    මේ ටිකේ බ්ලොග් ලියන අයගේ අඩුවක් නම් දැනෙනවා.. ඒකට හේතුවනම් දන්නේ නෑ.. හැබැයි ගොඩක් වෙලාවට පහුගිය කාලේ ආව නවකයෝ උනේ එක්සෑම් එකක් ඉවර වෙලා ප්‍රතිඵල එනකන් හිටිය අය.. ටික කාලෙකින් අධ්‍යාපන වැඩ හන්දා එයාලා සමුගත්තා.. එකත් මං හිතන්නේ අඩුවක් වෙන්න ඇති..

    වැදගත් මාතෘකාවක් ගැන කතා කරලා තියෙන්නේ සුදීක අයියේ..

    ReplyDelete
    Replies
    1. පූර්ණකාලීන බ්ලොග් නැතිවෙන්න හේතුවක්ද ? ගූගල් මගින් රචකන්ට නොගෙවීම

      Delete
    2. අනිවාර්යෙන්... බැරිද කතා කරලා ගානක් ගෙවන්න හදාගන්න.
      අර ඩූඩල් එක හදන්න ඉල්ලුවා වගේ මේකටත් රික්වෙස්ට් එකක් දාමුකෝ!

      Delete
    3. එයාලට තියෙන ප්‍රශ්නේ තමයි, අපේ අන්තර්ගතය ගැන නොදැනීම සහ ෆිල්ටර් කිරීමට නොහැකි වීම. එයාලා පෝර්න් නැති බ්ලොග් වලට තමයි ගෙවන්නේ. එයාලට එහෙම වුනොත් රැඟුම් පාලක මණ්ඩලයක් වගේ එකක් පත් කර ගන්න වෙනවා. ඉතිං එච්චර දුරට ගිහිං එහෙම කරන්න නම්, ලංකාව එයාලගේ දැන්වීම් පෙන්වන්න හොඳ තැනක් වෙන්න ඕනේ. කොටියක්වත් ඉන්ටර්නෙට් බලන්නේ නැති අපේ රට ගැන එයාලා එච්චර ලොකුවට ගණන් ගනීවිද ?

      Delete
  18. මමත් මේ ටික කල්පනා කරපු වාර අනන්තයි, දැන් දැන් නවකයන්ගේ ලියන්නන් වාලේ ඔය මොනවහරි ලියන පිරිසක් තමයි වැඩියෙන් ඉන්නේ, ඒ අතර වටිනා වැදගත් දේ මෙන්ම හරවත් හෝ කියවා යම් වින්දනයක් ලබන්න පුළුවන් සුළු පිරිසකගේ බ්ලොග් කීපයක් පැරණි මෙන්ම අලුත් ඒවා අතරෙත් තියෙනවා.
    හිස් අහසවගේ සම්මානයට පාත්‍ර වුන බ්ලොග් පවා වැසීයද්දී මාරයාගේ හොරාවත් අවාරෙට පොල් වැටෙද්දී ඒ තැන ගන්න තව නවකයෝ බිහිවෙයි නමුත් කි දවසකට?
    මම බ්ලොග් එකක් වගේ එකක් අරන් වේනම් මම කියවන බ්ලොග් එකතුවක් හදාගෙන හිටිය, අද වෙනකොට එකෙන් අප්ඩේට් වෙන්නේ අවිද්දපය ඇතුළුව බ්ලොග් 15ක් පමණයි, මම බ්ලොග් කියවන්න ගන්නේ 2010 ජනවාරියේ ඉදල, අපිත් වග කියන්න ඕන අද තියෙන තත්වෙට, මේවල ලියන ය කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි ලියන්නේ එත් 1කොමෙන්ත එකක් ''ස්තුතියි'' කියල දාන්න පුලුවන්නම් ඒක ලොකු හයියක් වෙනවා ලියන කෙනාට,
    මේ ලිපිය දැකල හෝ පැරණි බ්ලොග් කරුවන්ගේ ඇස ඇරුනොත් ඒ පින ඔබටයි සු.ඩදී.ක. අයියා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔවුන් ඇහැරවා ගන්න අපි උත්සාහ කරමු.

      Delete
  19. සුදීකට මතකද අපි අපේ නවයොවුන් වයසෙදි වික්ටර් රත්නායකලා අමරදේවලා පස්සට කරලා. හරසුන් ගායකයන්ගේ ගීත ලංකරගත්තා.කාලයත් එක්ක අපි අපේ රසවින්දනය එක්තරා මට්ටමකට අරගන ඇවිත් යම් තැනක නතර කරගත්තා, පරණ බ්ලොග්වල ලියවුන තරම් දේවල් තරුණ බ්ලොග්කාරයෝ අතින් ලියවෙන්නේ නැ කියලා අපිට හිතෙන්නේ අපි වයසට ගිහිල්ලා හින්දාද දන් නැ

    අනික මම හිතන්නැ මේ තියන තත්වය උඩ ලියන්ඩ පුළුවන් වැදගත් මිනිහෙක් බ්ලොග් ලියන්ඩ එයි කියලා. නිකං නිරපරාදේ මිනිස්සුන්ට අපහාස කරනකොට මිනිස්සු කලකිරෙනවා. ඒකට
    මැත කාලින හොදම උදාහරනය තමයි විචාරක මහත්තයා (එයානං ඉතින් එයාට නෙමෙයි වාගේ ඉන්නවා), එයා කාටද වරදක් කරලා තියෙන්නේ, ඒ මනුස්සයාටත් මේ බල්ලෝ පාඩුවේ ඉන්ඩ දෙන්නේ නැත්තං තව මොන කතාද, ඔයා හොයලා බලන්ඩ මහත්මාගති ඇති මහත්වරු කී දෙනෙක් ඔය කාරනාව නිසා ලියන එක නතරකලාද කියලා

    අනිත් කාරනාව තමයි පොර ටෝක් , ලොකු එක දාගන ලියන සමහරක් එව්වායේ කිසි හරයක් නැති කම. මහ ලොකු බර වචන දාලා ලියුවට කියෙව්වට පස්සේ ඇති දෙයක් නැ, හරයට අර කින්ඩර්ජෝයි වාගේ

    තව මෙහෙම දේකුත් තියනවා
    දැන් බලන්ඩ කෝ අටම්පහුර පෝස්ට් එකසිය ගානක් තියනවා. තරමක් දුරට හරි හරවත් පෝස්ට් තියෙන් 15ක් විතර ඒ උනාට කට්ටිය කියවනවා. ඒ මොකද කියලා දන්නවද ඔයා අප්පෝ අර කුණු හරප බ්ලොග් එකද. ආ අර අටපාස් බාසගේ බ්ලොග් එකද, කියලා කියන එකාලත් රසකරකර ඒ කූණුහාරප බලන නිසා,

    කොයි වැදගත් ලොක්කත් බිව්වහම අතට අහු වෙන එකකට ගහලා බයිලා කියනවා වාගේ තමයි ඒකත්,

    එදිනෙදා ජීවීතේ වැඩකටයුතු වලට උපකාරයක් වෙන යමක් ඇරුනහම , හිනාවෙලා සතුටුවෙලා ලේ පිරිසිදු කරගන්න දෙයක් ඇරුනහම වෙන හරවත් යමක් බලාපොරොත් වෙන්නේ නැ බහුතරය


    ReplyDelete
    Replies
    1. ඒක ඔයාගේ මතය. ඒත් අපේ ලිවිල්ලට අපේ වගකීමක් තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අර ඩුඩ්ගේ දුව වගේ අපේ දුවරුත් කවදා හරි තාත්තා ලියපුවා කියවන්න ගත්තම අපිට කලිසම ඇඳගෙන ඉන්න පුළුවන් නම් එච්චරයි.

      Delete
    2. //ඒත් අපේ ලිවිල්ලට අපේ වගකීමක් තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අර ඩුඩ්ගේ දුව වගේ අපේ දුවරුත් කවදා හරි තාත්තා ලියපුවා කියවන්න ගත්තම අපිට කලිසම ඇඳගෙන ඉන්න පුළුවන් නම් එච්චරයි.//

      +++++++++++++++++++++

      Delete
    3. ඒකනම් සුදීක මසුරන් වටින කියමන

      Delete
  20. දුකා කියලා තියෙන කතාව ඇත්ත කියලා මාත් හිතනවා.. තව කල් වැඩියි ස්වර්ණමයි යුගයක් ගැන කතා කරන්න..

    මම නම් හිතන්නේ ලියන දේවල් වලට වඩා කරන නිර්මාණත් එක්ක තමයි සාර්ථකත්වයක් ගැන හිතන්න පුළුවන් කියලා... මම ඉස්සර කියවපු සමහර බ්ලොග් එක්ක සසඳලා බැලුවාම මගේ බ්ලොග් එක හින්දි වාණිජ චිත්‍රපටියක් වගේ.. ඒවා සම්භාව්‍ය ගණයේ චිත්‍රපටි වගේ... අදටත් ඒ සමහර බ්ලොග් ලියවෙනවා.. ඒත් කියවන කට්ටිය අඩුයි.. මොකද ඒ නිර්මාණ කරන කෙනා ඇත්තටම නිර්මාණය කරන්නේ වාණීජමය වටිනාකමක් බලාගෙන නෙවෙයි.. ඒ කිව්වේ හිට්ස් සහ කමෙන්ට්ස්...

    මේ පෝස්ට් එක දැක්කම මං ගිහින් බැලුවා මගේ බ්ලොග් රෝලෙ තියෙන පරණම බ්ලොග් කීපයක් පෙරලලා.. සමහර ඒවා ඩිලීට් කරලම දාලා.. සමහර ඒවා ගොඩ කාලෙකින් අප්ඩේට් වෙලා නෑ... ඒත් ඒවයේ අන්තිමට වැටිලා තියෙන පෝස්ට් බැලුවාම තේරෙනවා බ්ලොග් එපා වෙලා අතෑරලා නෙවෙයි , කාර්‌යබහුලත්වය නිසා අතෑරිලා කියන එක...

    මගේ එකේ තියෙන ඒවයින් පරණම බ්ලොග්කරුවෝ ටික අතර මං ආසම දුකා, දුමී, ලිෂාන්, ඩෝසන්, මගේ මරණය, ,ඉන්දික උපශාන්ත, බුද්ධි සහ තවත් කීප දෙනෙක් ඉන්නවා.. ඒ අතරින් මං ආසම බ්ලොග් එකක් තමයි මේ.. මට මේ තරම් හොඳට නිර්මාණ කරන්න බැරි නිසා සද්ද නැතුව පැත්තකට වෙලා හිටියට මං හරිම ආසයි මේ කතාව ආයිත් පටන් ගන්නවා නම්... මොකද මේක ඇදගෙන යන්න පුළුවන් තරම් හොඳ අලුත් නිර්මාණකාරයෝ ගොඩ දෙනෙක් ඉන්න බව පේන නිසා....

    අමුතුකතාවක්

    දුකාට හරි කවුරුහරි මේක ගැන දන්න කෙනෙක්ට පුළුවන් නම් මේකට පෝස්ට් දාන්‌ෙන් කො‌ෙහාමද කියලා මේ හරියෙම පොඩි විස්තරයක් දාන්න, මං හිතන්නේ මේක බලන කෙනෙක්ට උනත් අදහසක් එන්න පුළුවන් මං හිතන්නේ....

    ReplyDelete
    Replies
    1. මේක බලන්නම්.

      Delete
    2. හිරු,
      ලිශාන්, බින්කු, ලසිත, රචින්ත, සඳුන් මේ කාට හරි ඊමේලක් දැම්ම නම් හරියටම දැන ගන්න තිබ්බා. ඒක හරිම අපූරු වැඩක් ඇත්තෙන්ම

      Delete
  21. හොඳ ලිපියක් වගේම හොඳ අදහසක් සුදීක. නිතරම හිතට ආවත්, ඒ ගැන කතා කරන්ට කවුරුත් කැමති නෑ මම හිතන්නේ. මට හිතෙන විදියට මම බ්ලොග් එක ආරම්භ කල වෙලාවේ තිබුනු රසවත් බ්ලොග් ගොඩ දිහා බලපුවාම මට දැනෙනෙනේ ඒ කාලේ තමා බ්ලොග් ලෝකේ ස්වර්ණමය යුගය කියලා. ඊට කලින් බ්ලොග් කියවලා නොතිබුනු හන්දා දන්නේ නෑ.

    මාත් පැරණි බ්ලොග් කාරියක් වෙලා නේද? :)

    ReplyDelete
    Replies
    1. මට සාපේක්ෂව ඔයා පැරණියි. එහෙම අදහස් මම කිහිප තැනකම දැකලා තියෙනවා. මට උවමනා ඔබ වැනි අයගෙන් ඒවාට ලින්ක්.

      Delete
  22. මමත් මේ පිළිබඳ පුර්ණ විචාරයක් දක්වන්නට තරම් සිංහල බ්ලොග් පරිශ්‍රය තුල සැරිසැරූවෙක් නොවෙයි , ඒත් සිංහල බ්ලොග් පරිශ්‍රයට ආදරය කරන , ඒතුල ඇති සුන්දර මිනිසුන්ගේ හදවත් වල උණුසුම් බවට ආදරය කරන කෙනෙක් විතරයි . ඒත් සූදික ඔබේ අදහසට මමත් බොහෝ දුරට එකඟ වෙනවා ,හැම දෙයක්ම වගේ සිංහල බ්ලොග් පරිශ්‍රයත් නිරන්තර වෙනස්වීමට බදුන්වන මාධ්‍යයක් . කෙසේ වෙතත් මේ “සිංහල බ්ලොග්“ නිසා ලෝකයේ වෙනත් කිසිදු රටක , තැනක නැති “සිංහල බස“ ගැන ටිකක් හිතන්න පුළුවන් නම් වටිනවා කියන එක විතරක් කරුණක් විදියට එකතු කරන්න කැමැත්තක් තිබෙනවා . කෙසේ වෙතත් මේ ලෙසින් හෝ “සිංහල බ්ලොග් පරිශ්‍රයක්“ පවත්වා ගන්නා , කාළය , ශ්‍රමය , තමන්ගේ අන්තර්ජාල පහසුකමේ ඉඩ හසර වැය කරන , ඔබ සැමට මගේ ගෞරවය , ස්තුතිය

    ReplyDelete
    Replies
    1. අපේ බස මළ භාෂාවක් නොවන්නට සිංහලෙන් ලියන මේ බ්ලොග් ඩිංග ඉටු කාන්නේ මහඟු කාර්යයක්.

      Delete
  23. සුදික මම එකපාරක් කිව්වාවගේ මම හැමදාම බ්ලෝග් බලනවා. කමෙන්ට්ත් පුළුවන් විදියට ගහනවා. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ බ්ලෝග් පෝස්ට් එකක් දාන්න කාලය කලමනාකරණය වෙන්නෙ නැති එකයි. රාජකාරියෙන් විරාමයක් ලැබුණ ගමන් දරුවගෙ බිරිදගෙ වැඩ. ඒක නිසා මම හිතන්නෙ අනික් අයටත් ඔය වැඩම තමා තියෙන්නෙ. මම ඊට වඩා එක්ස්ට්‍රීම් කේස් එකක්. ඉතින් මේක තරුණ පොරවල්වලට තියන චාන්ස් එකක් බ්ලෝග් ලෝකෙ ඉදිරියට අරගෙන යන්න. අපි වයසින් තරුණවුනාට වගකීම්වලින් මහළුවෙලා.

    ReplyDelete
    Replies
    1. උවමනාව තිබේ නම් කාලය සොයා ගත හැකියි කියන එක තමයි මගේ විශ්වාසෙ.

      Delete
  24. දුකා කියනවා වගේ ස්වර්ණමය යුගයක් ගැන කථා කරන්න තවම නිසි කාලය ඇවිත් නෑ . සිංහල බ්ලොග් කරණය (ඕනිම භාෂාවක බ්ලොග් කරණයක් ) කෙනෙක් තමන්ගේ කාලය , ශ්‍රමය වැය කරලා කල යුතු දෙයක් බොහෝ විට ආත්ම තෘප්තිය උදෙසා පමණක් (ඉංග්‍රිසි බ්ලොග් කරුවන් අතර නම් වෙලඳ දැන්වීම් භාවිතාව බහුලයි ) . එතනදි ටික කාලයකදි කෙනෙක්ට මේ ලියවිල්ලෙන් වැඩක් නෑය කියල හිතිලා අතැරල දාන්න හොඳටම ඉඩ කඩ තියනවා . ඒ වගේම ලංකාව වගේ රටක දේශපාලන බ්ලොග් කරණයත් වැඩි කාලයක් ඇදගෙන යන්න පුලුවන් දෙයක් නෙවෙයි , අජිත් පැරකුම් මහත්තය ඇරුණාම එදා හිටපු බොහෝ දේශපාලනික බ්ලොග් කරුවො අද දකින්න නෑ . ලියන දේවල ගුණාත්මක භාවය බලන්න ඉන්න පාඨකයා අනුව තමයි තීරණය වෙන්නේ , පාඨකයා කුණුහරුප වලට , තෝරාගත් හිට් මාතෘකා වලට ආසා කියල දැනුනාම ගොඩ දෙනෙක් ලියන්නෙම ඒවා තමා . ඉල්ලුමට අනුව සැපයුම !

    ReplyDelete
    Replies
    1. //පාඨකයා කුණුහරුප වලට , තෝරාගත් හිට් මාතෘකා වලට ආසා කියල දැනුනාම ගොඩ දෙනෙක් ලියන්නෙම ඒවා තමා . ඉල්ලුමට අනුව සැපයුම !//

      මේක තමයි ගොඩක් වෙන්නේ.

      Delete
  25. අයියේ අපේ කියල ජීවිත අපිට නැති උනාට අනිත් අයට තියනව. ඒ නිසා බ්ලොග් ලියන්න වෙලාවක් නැති එක සාධාරනයි. ජීවිතේ කොලු කාලෙදි තියන නිදහස කල් යනකොට නැති වෙනව. අද සමාජයේ දුවන රැල්ලත් එක්ක මිනිස්සුන්ට නිදහසක් නෑ. ආයෙමත් ඒ නිදහස ලැබෙන්නෙ අවුරුදු 50 වත් පැන්නට පස්සෙ. එතකොට "හැලප කඩේ" වගේ ලස්සන අතිත කතා බ්ලොග් වල ලියවෙයි.

    අර හිරු කිව්වෙ ඩයලොග් එකේ අය බ්ලොග් කියන්නෙ මොනවද කියල වත් දන්නෙ නෑ කියල. ඉතින් කොහොමද ඔයා අර කියපු යුගය අතිතයෙ වත් වර්තමානයෙ වත් තියනව කියන්නෙ. අපේ රටේ අන්තර් ජාලෙ පාවිච්චි කරන අයගෙන් වැඩි හරියක් දන්නෙ facebook විතරයි. නැත්නම් අර ගූගල් එකේ ලංකාවෙන් තියපු වාර්ථාවට අත්වැල් බැදගන්නව විතරයි. ස්වර්නමය යුගය කියන්නෙ කියවන උන් වැඩි වෙලා බ්ලොග් කියන්නෙ මොකක්ද කියල හැමෝම දැනගන්න යුගයට කියන එකයි මගේ අදහස නම්. එතකොට ලියන පිරිසත් වැඩි වෙයි. තරගකාරිත්වයක් ඇති වෙයි. දෙයක් ලියන්න හැමෝම උත්සහ කරයි.


    එතකොට අපි මොනවැයි

    කරන්න ඕන.


    කතන්දර කාරය කාඩ් බෙදල හරි කියවන පිරිසක් ඇති කරන්න උත්සහ කරනව. අපිටත් පුලුවන් කටින් කියල හරි තවත් අය කියවන්න එකතුකරගන්න. ඒකයි කරන්න ඕන.

    මගෙ යාලුවෙක් ඉන්නව. වයස 35ක් විතර ඇති. එයා කොච්චර ඉගෙනගෙන තියනවද කියල මං දන්නෙ නෑ. ඒත් මං 4න් එකෙන් බ්ලොග් කියවනව දැකල මගෙන් මොකද කරන්නෙ ඇහුව. මම එයාගෙ 4න් එකෙ සිංහල හදල සින්ඩියක ලින්ක් එකක්කුත් සේව් කරල දුන්න. දැන් මටත් කලින් මේ ලිපිය එයා බලල ඇති.
    අයියෙ අපි බ්ලොග් හොයාගත්තෙ තනියම. ඒත් හැමෝටම එහෙම හම්බවෙන එකක් නෑ. ඒ නිසා යාලුවො එක්කවත් බෙදාගමු. එතකොට ස්වර්නමය යුගය එයි.
    මෙච්චර ඉන්ටනෙට් පාවිච්චි කරන රටේ කොච්චර හොද ලිපියක් උනත් කියවන්නෙ 1000ට අඩු පිරිසක් නම් ස්වර්නමය යුගයක් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පහුගිය අවරුදු පැහැ ස්වර්ණමය යුගයක්ද කියලා දැන් අපිට කියන්න පුළුවන් අදත් එක්ක බලලා. ඒ වගේම තව අවරුදු පහකින් ඊටත් වඩා නිවැරදි තීරණයකට එන්න පුළුවන්. මොකද අවුරුදු දහයක දැනුම එක්ක. ඒ වගේ ඉදිරියට යන්න යන්න හරිම කාලය මොකක්ද කියලා කියන්න පුළුවන්.

      Delete
  26. මුහුදෙ රැළි වගේ ලොකු , පොඩි රැළි වගේම මහා සුනාමි පවා ඇති වෙන තරම් ලොකු අවකාශයක් නෙමෙයි වුනත් මේකත් හරියට මහ මුහුද වගේ තමයි. සුනාමියට අපි කවුරුත් අකැමැති වගේම නිස්කංලක පාඩුවේ මුහුද දිහා බලන් ලොකු ලොකු කල්පනාව ගිලිල ඉන්නත්, රැල්ලක් පාගල සතුටක් විනෝදයක් ලබන්නත් අපි එක එක්කෙනා විවිධ විදිහට කැමැති...මාත් ඒ මුහුදෙ පුංචි රැළ්ලක්. කවදහරි මේක මහ මුහුදක් වේවි. වෙරළට ආපු රැළි අමතක වෙද්දි.ඒ රැළි විදපු අය ඉදිවි. තව තව අලුත් ලොකු පොඩි රැළි ඒවි........

    ඒත් මුහුද එයාගේ ලස්සනම රැල්ල ඇති කලේ කවදද , නැතිනම් ඇති කරන්නෙ කවදද කියල අපි කාටවත් කියන්න බැරි වේවි. හැබැයි සුනාමි වගේ කාගෙත් බලාපොරොත්තු හෝදන් යන රැළි වලට නම් අපි කුවුරුත් කැමැති වෙන එකක් නැහැ. එහෙම වුනතයි කියල මුහුදට කැමැති කෙනාට මුහුද එපා වෙනේකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. හැබැයි සහනාධාර වලින් ජීවත් වෙන අයයි මංකොල්ල කන්න කැමති කැමති කට්ටියයි සුනාමිය එනවට කැමතියි.

      Delete
  27. මුහුදෙ රැළි වගේ ලොකු , පොඩි රැළි වගේම මහා සුනාමි පවා ඇති වෙන තරම් ලොකු අවකාශයක් නෙමෙයි වුනත් මේකත් හරියට මහ මුහුද වගේ තමයි. සුනාමියට අපි කවුරුත් අකැමැති වගේම නිස්කංලක පාඩුවේ මුහුද දිහා බලන් ලොකු ලොකු කල්පනාව ගිලිල ඉන්නත්, රැල්ලක් පාගල සතුටක් විනෝදයක් ලබන්නත් අපි එක එක්කෙනා විවිධ විදිහට කැමැති...මාත් ඒ මුහුදෙ පුංචි රැළ්ලක්. කවදහරි මේක මහ මුහුදක් වේවි. වෙරළට ආපු රැළි අමතක වෙද්දි.ඒ රැළි විදපු අය ඉදිවි. තව තව අලුත් ලොකු පොඩි රැළි ඒවි........

    ඒත් මුහුද එයාගේ ලස්සනම රැල්ල ඇති කලේ කවදද , නැතිනම් ඇති කරන්නෙ කවදද කියල අපි කාටවත් කියන්න බැරි වේවි. හැබැයි සුනාමි වගේ කාගෙත් බලාපොරොත්තු හෝදන් යන රැළි වලට නම් අපි කුවුරුත් කැමැති වෙන එකක් නැහැ. එහෙම වුනතයි කියල මුහුදට කැමැති කෙනාට මුහුද එපා වෙනේකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා කමෙන්ට් කරල. අද මෙහෙට වහී!

      Delete
  28. සිංහල බ්ලොග් කලාවේ ස්වර්ණමය යුගය..?

    මංදා..එහෙම එකක් තිබුනද..තියෙනවද..ඒවිද කියලා... අපි හැමෝම බලන්නේ අපි ආපු තැන ඉදලා... මං එද්දී මටනං ඒ කාලේ තමා හොඳම කාලේ කියලා කිව්වැකි.. මොකද යුනිකෝඩ් ඒ හැටි ප්‍රසිද්ධ නැහැ... කණ්ඩායම් කීපයක් එකතු වෙලා යුනිකෝඩ් භාවිතය වැඩි කරවන්න උත්සහ කරමින් හිටිය කාලයක්.. ඒ හින්දා දැනටත් වඩා බ්ලොග් තාක්ෂණය ගැන ලිපි ලියවුන කාලයක්... ඒ අතරේ විවිධ මට්ටම්වල අය ඒ ඒ අයගේ පුද්ගලික අදහස් කතා කවි ආදිය එකතු කරමින් සටහන් ලියමින් හිටි කාලයක්... ඉගෙන ගන්න දේවල් වගේම කියවන්න දේවලුත් යම් ප්‍රමාණයකින් තිබුනා.. හොදම දේ තමා ඒ දවස්වල පල උන බ්ලොග් සියල්ලම අතරින් වැඩි හරියක් කියවන්න අවස්ථාව ලැබිම..මොකද වැඩිය නැහැනේ... ඉතිං කොයි බ්ලොග් කාරයා ගැනත් යම් වැටහීමක් ඇති කරගන්න පුළුවන් කාලයක් ඒක...

    හැබැයි ඒ කාලෙත් ඔය අද වාගේම තමා කැපිලි කෙටිලි මරා ගැනිලි අම්බානකට... නිකං ඉන්නකොට හොයලා බැළුවොත් ඒ කාලෙත් මේක ඇතුලේ තිබුන වලි හොයා ගතෑකි... මොන රෙද්දක් බෙදා ගන්න බැරිවද කියලා අපිට හිතෙන තරමට යුනිකෝඩ් හරහා බ්ලොග් හදන්න කියා දුන්න කට්ටියම දෙපිලකට බෙදිලා මරා ගැනිම... අනුරාධපුර සෝන් අඩවිය කල හාදයා විසින් තමන්ගේ සයිට් එකට කට්ටිය එන්නේ නැති නිසා කුපිතවී අනිත් අයගේ ඒවෑ කුණු හරප කෙල කෙල ගිය ආකාරය... සිංහල බ්ලොග් යනු කොළඹ හතේ හා ඒ සමාජයට අයත් අයට බුක්තියෙන් උරුම උන දේපලක් ලෙස සලකා කටයුතු කල පිරිසේ බලපෑම... දේශපාලන කණ්ඩායම් දෙකක් සිංහල අන්තර් ජාලය තුල අයිතිය ලියා ගැනීමට උත්සහ කිරීම... ඔය වගේ ප්‍රශ්න රාශියක් මැද්දේ ගෙවුනු කාලයක් ඒක...

    හොද වගේමයි නරකත්...

    එයින් පස්සේ අපිත් ලියන්න ගත්තා.. තව අයත් ලිව්වා..බ්ලොග් වැඩි උනා.. අද වෙනකොට සෑම බ්ලොගයක්ම කියවනවා කියන එක හීනයක් විතරයි වෙන තරමට බ්ලොග් පැතිරිලා... ලේසි නැහැ... හරි අමාරුයි.. ඒ අතරේ මේක හිට් සහ කමෙන්ට් තරඟයක් කරගත්ත අය වැඩි වෙලා... කොටින්ම අද වෙද්දී මේක මෙහෙමයි කියලා පැහැදිලිව කියන්න පුළුවන් කමක් නැහැ.. ඒ තරමට සංකීර්ණයි... ඉදිරියේදී ඕක තවත් වැඩි වෙයි...

    කලින්වත් දැන්වත් ඉදිරියේදීවත් ස්වර්ණමය යුග කියලා දෙයක් ඇති වෙයි කියලා මං නොහිතන්නේ මේක සෑම කාලෙකදීම වෙනත් වෙත් ආකාර වලින් ගියත් හැමදාමත් එක වගේ වීම නිසයි... බ්ලොග් කොයිතරං වැඩි උනත් මේක ඇතලේ හැම රසයක්ම හැම කාලෙදීම පවතිනවා... හොඳ වගේම නරක...

    කොහොම උනත් පොදුවේ ඔය ගහ මරාගැනිලි පැත්තකින් තිබ්බම සිංහල බ්ලොග් කියන්නේ රත්තරන් වටින දෙයක්... ඉංග්‍රිසියෙන් පමණක් තිබුන තොරතුරු දැන ගැනීමේ හැකියාව මේ වෙද්දී සිංහලෙනුත් කරගන්න පුළුවන් කම ලැබෙන්නේ මේකට පින් සිද්ධ වෙන්න...

    ඔහොම යං.. කියනවා ඇරුනු කොට වෙනනං කියන්න දෙයක් මට නැහැ...

    ReplyDelete
    Replies
    1. මසුරං 1000ක් වටී කතාව

      Delete
    2. //එයින් පස්සේ අපිත් ලියන්න ගත්තා.. තව අයත් ලිව්වා..බ්ලොග් වැඩි උනා.. අද වෙනකොට සෑම බ්ලොගයක්ම කියවනවා කියන එක හීනයක් විතරයි වෙන තරමට බ්ලොග් පැතිරිලා..//

      මේක ජයසේන ජයකොඩි මහතාගේ පොතක එන කතාවක් වගේ.

      Delete

  29. ස්වර්ණමය යුගය ඉවරයි වගේ හිතෙනවනං මේවා කියවන්න

    Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා

    ReplyDelete
    Replies
    1. ටැබූ ලියන කාලේ කියවන්න නොලැබීම දුකක්.

      Delete
  30. අවුරුදු 5 ක් විතර පරණ සිංහල බ්ලොග් කලාවේ ස්වර්ණමය යුගය ගැන කතා කරන්න තාම ඉක්මන් වැඩියි...

    ReplyDelete
    Replies
    1. ඒත් දැන් තියෙන්නේ අමුතුම යුගයක්.

      Delete
  31. මමත් බ්ලොග් ලෝකෙට වහ වැටුනේ අහම්බෙන් වගේ හිස් අහසයි, සැම්ගේ බ්ලොග් එකයි කියවන්න ලැබුන එකෙන්. කාලයක් බ්ලොග් කියවාගෙන ගිහිල්ලා ඇතිවෙච්ච ආසාව නිසයි බ්ලොග් එකක් හදාගෙන මොනවා හරි ලියන්න ගත්තේ.අපි වැඩිදෙනෙක් ලියන්නේ එදිනෙදා අහන දකින දේවල්, එහෙම නැත්තං අපේ අත්දැකීම්. අපේ රස වින්දනයන් විවිධයි. නවක උනත් ප්‍රවීන උනත් ලියන දේ කියවන්න ආස හිතෙන්නේ නැත්තං කියවන්නේ නෑ. මම ලස්සනයි කියලා හිතලා ලියන දේවල් අනිත් අයට ලස්සන නැති වෙන්න පුලුවන්. ඒත් වැටෙන එක කමෙන්ට් එකකින් අපි කොච්චර සතුටු වෙනවද?? අපිට බ්ලොග් ලිවීමෙන් ලැබෙන එකම දේ හිතේ සතුට විතරයි. ඒ නිසා මේක ස්වේච්චා සේවයක්.
    මේ බ්ලොග් ලෝකයටත් ස්වර්ණමය යුගයන් ගනනාවක් තියේවි. පලවෙනි යුගය අවසන් වෙලාද?? කියන්න මට දැනුමක් නෑ. දැනට තියෙනවායැයි කියන බ්ලොග් 587 න් 200ක් වත් මම කියවලා නැතුව ඇති. මට හැමදාම වගේ අලුත් බ්ලොග් එකක් හම්බ වෙනවා. එක්කෝ අලුතෙන්ම පටන් ගත්ත එකක්, එහෙම නැත්තං හැංගිලා තිබුන පරණ එකක්. එහෙම හොයා ගන්න බ්ලොග් එකක පරණ ලිපි සේරම කියවන්න වෙලාවක් නෑ. අවුරුදු ගානක් පරණ වෙච්ච පලියටම ප්‍රවිනයෝ වෙනවද?? සදරු කොච්චර ලස්සනට ලිව්වත් එයාගේ කොමෙන්ට් එකක්වත් දකින්න නැති උනොත් අලුතෙන් එන අයට සදරුව අමතක නොවේවිද??

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ අරමුණු දැනටමත් ඉටු වෙලා. ඒ කියන්නේ පැරණිම බ්ලොත් වලට ලින්ක් ලැබිලා තියෙනවා.

      Delete
  32. සංගීතයේ ස්වර ටික වගේ..සමහර රාග වගේ ... ,බ්ලොග් වලටත් උරුම උනු..යම් වපසරියක් ඇතුලෙ...යම් යම් රිදමයන් තියෙනවනෙ...!සමහර ඒවා...නැටවෙන , තව දැහැන්ගතවන,තම යම් ප්‍රඥාවක් ලබාදෙන..., මේ විවිධත්වයන්ට අපි ඒකිනෙකා නැඹුරු වන විදිය වෙනස්..

    සමහර බ්ලොග් වලට අපි පෝස්ට් එකක් වැ‍ටුන හැටියෙම මොනවැඩේ තිබුනත් හොයාගෙන යනව...සමහර ඒවාට වෙලා ලැබුනාම යනව...සමහර ඒවාට මාතෘකාව දැක්කාම යන්න හිතෙන්නෑ.,..ඕය වගේ...!

    ඉතිං...ඕවාට සමහරු කල්ලි කියලත් කියනව.

    ඒත් බ්ලොග් එකක් සාර්ථක වෙන්නෙ ඕය කොයි රිදමයත්...රඳවාගන්න පුලුවන්නම් විතරයි..!ඒතකොට ඒ වටා බොහෝ පිරිසක් රොදබැඳගන්නව.

    මට මතකයි අපි තරුණ වයසට එළඹෙන කොට ගී ලොවේ අරක් ගත්තෙ..නාමල් උඩුගම., ප්‍රින්ස් උදයප්‍රියන්ත, (තව බොහෝ අය හිටිය) ..ආදීන්...හැබැයි ඒ අයට බැන්න අය හිටිය රිද්මය විතරයි..කිසිම හරයක් නෑ..කියල..! හැබැයි එහෙම කියපු ගොඩක් අය හොඳ නිර්මාණ කලේ නැහැ..

    ඔය අතරෙ.., දිවුල්ගනේ,කපුගේ වැන්නන් කරපු නිර්මාණ තරුණ පරපුර වැලඳගත්ත. අසාවෙන් රස් වින්ද ඒත් ඒ...අර රිද්මය ‍රැඳුනු ගී රස වින්ද අයමයි...ඒ කියන්නෙ..

    රිද්මය විතරක් නොවේ...උසස් රසවිදනාත්මක දේවල්ද බොහෝ අය වැලඳගන්නව, ජීවිතයට අවශ්‍ය වෙනව..!

    මට කියන්න තියෙන්නෙ..සිංහල බ්ලොග් ලෝකයත් එහෙමයි..!

    අපිට දුකක් තියෙනව තමා මුලින් හිටිය වීරයෝ මැරුනම...ඒත්......ඒ වීරයන් යලි බිහිවෙනව....!

    අපි උසස් තලයකට් මේක ‍රැගෙන යමු..

    වේගයෙන් දුවල හති වැටෙන්න බෑ මට නම්...මම හිමින් ගමනක් යන්නෙ. හැබැයි මගෙත් රටාවක් තියෙනව කාටවත් කරදරයක් නැති.

    ස්තූතියි සුදීක අලුත් ඉසව්වකට ගෙන ගියාට..!

    ReplyDelete
    Replies
    1. //වේගයෙන් දුවල හති වැටෙන්න බෑ මට නම්...මම හිමින් ගමනක් යන්නෙ. හැබැයි මගෙත් රටාවක් තියෙනව කාටවත් කරදරයක් නැති.//

      මෙන්න මේ වගේ තමන්ගේ වේගය තමන්ම තීරණය කරලා ඉදිරියට යනවා නම් හොඳයි.

      Delete
  33. මාත් ආසාවෙන් කියෝපු පරණ බ්ලොග් සමහර ඒව ඉවත්වෙලත්, සමහර ඒව ලියවෙන්නෙ නැතුවත් තියෙනව.
    නමුත් දැං අලුතෙං රසවත් විදියට ලියන කට්ටියකුත් නැතුව නෙමෙයි.
    මේකෙ ස්වර්ණමය යුගයක් ගැන තවම තීරණය කරන්න බෑ මටනං.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එක මේක ලියද්දීම මම බලාපොරොත්තු වුන එකක්. මට එන්න ඕනේ මෙන්න මෙතනට පහුගිය අවුරුදු දෙකට සාපේෂව ගත්තත් යම් කඩාවැටීමක් පේනවා. ඒකයි.

      Delete
  34. ස්වර්ණමය යුගය ගැන නම් අදහසක් නෑ. බ්ලොග් කියන වචනෙත් නොදන්න කට්ටිය වැහි වැහලා. බ්ලොග් එකක් ලියනවා කිවුවම සමහර මිනිස්සු උඩ බිම බලනවා. බ්ලොග් කියන දේ තාවමත් හරියට මිනිස්සු දන්නෙ නැ. මුලින්ම කරන්න ඔනේ පොත් පත්තර වලට වගේම බ්ලොග් කියන එකටත් මිනිස්සු ඇබ්බැහි කරන එක.

    අනික් දේ තමයි. හැමදෙටම නීති තියෙන රටේ බ්ලොග් වලටත් නීතියක් තියෙන්න ඔනේ. ඒ කියන්නෙ ලියන දේ සීමා කරන්න නෙමෙයි. බ්ලොග් රචකයාව නැත්තම් බ්ලොග්කරුවාව ආරක්ෂා කරන්න.

    අනික් දේ බ්ලොග් බ්ලොග් මරාගැනිම නවත්තන්න ඔනේ. මම නම් කිසිසෙත්ම අනුමත කරන්නෙ නැ මඩ ගසාගැනිම. බ්ලොග් එක ලියන්නෙ කවුරු උනත් තමන් ලියන දේ අයිති තමන්ට. කිසිදු අනුදැනුමකින් තොරව බ්ලොග් වල දෙවල් උස්සන එක නවත්තන්න ඔනේ.

    බ්ලොග් සදහා ඇගයිමේ ක්‍රමයක් පිලිවලකට පවත්වනවනම් තවත් යහපත් වේවි. නව බ්ලොග්කරුවන් එමගින් උද්යොගිමත් වේවි.

    බ්ලොග් කියන්නෙ කෙනෙකුගේ ජිවිතේ නොවෙන්න පුළුවන්. එත් බ්ලොග් කියන්නෙ කෙනෙකුට වටිනා දෙයක් වෙන්න පුළුවන්. විවිද බ්ලොග් තියෙනවා ඒ කියන්නෙ කැටගරිස්. සහිත්‍යම,විවිද,පුද්ගලික,විනොදාත්මක වගේ පොතක් ලියන්න බැරි කෙනෙකුට බ්ලොග් එක කියන්නෙ හොද අත්වැලක්. ඒ නිසා මීට වඩා සංවිධානාත්මක විය යුතුයි බ්ලොග්කරණය.

    තව බ්ලොග්කරුවෙක්ට යම් ගෙවිමක් කරනවනම් මිට වඩා අපිට යහපත් තත්වයක් බ්ලොග් තුලින් දකින්න පුළුවන් වේවි.

    දැන් දැන් බ්ලොග් කියවන වගේම බ්ලොග් ලියන මිනිස්සුත් අඩුයි. ස්වර්ණමය යුගය නම් බිහිවෙලා නැ එත් බ්ලොග්කරණය බැස යන යුගය හෙමින් හෙමින් මැතකදි සිට ලං වෙන බව නම් පැහැදිලි.

    මුලින්ම මිනිස්සු කුහකකම අතඇරලා ඉන්න ඔනේ හැමදෙම යහපත් වේවි.

    [[දැන් ඉතින් මගේ බ්ලොග් එක පැත්තෙ ගිහින් බලලා කියන්න එපා අද ඊයේ ඇවිත් මු පන්ඩිතකම් කියවනවා කියලා. නෑ නෑ. වැරදි. මම අවේ මිට අවුරුදු 2ට විතර කලින්. එත් බ්ලොග් එක නිසාම ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තිත්ත වෙලා තමයි දැන් අලුතින් ලින්න ගත්තෙ. ]]

    වැදගත් ලිපියක් හැමොම කියවන්න ඔනේ ලිපියක්.




    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ දැන් එළඹිලා තියෙන්නේ සිංහල බ්ලොග් ලෝකයේ විවෘත්ත ආර්ථිකය පටන් ගන්න කාලේ.

      Delete
  35. ඇත්තටම සුදීක අයියේ මමත් බ්ලොග් ලියන්න ඇවිත් වැඩිකාලයක් නැහැ. ඇත්තටම මේක කාලීන ප්‍රශ්නයක් දැන් හැමෝම කාර්‍යබහුල වෙලා දැනටත් හොඳ වැදගත් ලිපි ලියවෙනවා නමුත් ඉස්සර තරම් නම් නැහැ. සඳරු දැන් සාගෙන්න කාලෙකින් ලියල නැහැ. අනෙක අපේ මාරයාත් දැන් ටික ටික ලිපි අඩුකරන් යනවා වගෙයි

    ReplyDelete
    Replies
    1. සඳරුට තියෙන ප්‍රශ්නේ පහුගිය කාලේ බුකියේ ඔහු දැමු ස්ටේටස් බැලුවානම් දැනගන්න තිබුණා. මා ඒ පිලිබඳ යම් උනන්දුවක් දැක්වුවත්, ඔහුගේ පරිඝනකයේ ඇති වී ඇති ප්‍රශ්ණ නිරාකරණය කර ගන්න සෑහෙන කාලයක් ගත වේවි.

      අපි කෙනෙකුගෙන් පොස්ට් පමණක්ම බලාපොරොත්තු වීම අසාධාරණය. ඔවුන් යම්කිසි කාල වලදී මුහුණ දෙන යම්කිසි ගැටළු වලදී ඒවා ජය ගන්නට පිටිවහලක් විය යුතුය. මේවා ලිවීමෙන් කාටවත් බත සරි වන්නේ නැත. ඒ සඳහා යටිතල පහසුකම්ද නැත. නැතිනම් හොඳම බ්ලොග් කරුවන් අතර අප නිකං හාල්මැස්සන් ගානට වැටෙනවාය. මේ ලියන හැම බ්ලොග් කරුවාටම පොදු දෙයක් ඇත. එනම් ආර්ටික අතින් යම් සමෘද්ධියක් ලබා සිටීම, කාලය මේ වෙනුවෙන් මිඩංගු කිරීමේ හැකියාව, සහ අවශ්‍ය යටිතල පහසුකම් ආදියයි. තමන්ට පුද්ගලික ප්‍රශ්නයක් තිබෙන විට මේවා ඒ තරම් දේවල් නොවනු ඇත. ඊයේ උදේ කාලයේ මට පරිඝනකයක් තිබෙනාවද යන්නවත් හිතන්න කාලයක් තුබුණේ නැත.

      Delete
  36. මම හිතන්නෙ පුද්ගලයෙකුගෙ මනසත් හරියට උල්පතක් වගේ. කාලයක් තිස්සේ නොනවත්වාම භාවිත කලාම ඒක හිඳෙනවා. ඉතින් පොඩි විවෙකයක් අරගෙන නැවතත් උල්පත යම් තරමකට වැඩුනට පස්සෙ නිර්මාණයක් කරන එක හොඳයි, ලියන්න ඔනෙවට ලියනවට වඩා.

    ඒක නිසා බලාපොරොත්තුවෙමු අපේ පරන බ්ලොග් ලියන්නො ආයෙත් ලියන්න පටන් ගනියි කියලා. ඒවගෙම දැනට ලියන අයත් ඉස්සරහට ලියන්න ඉන්න අයත් බ්ලොග් සාහිත්‍ය තවත් ඉදිරියට අරගෙන යයි කියලා.

    ReplyDelete
    Replies
    1. //මම හිතන්නෙ පුද්ගලයෙකුගෙ මනසත් හරියට උල්පතක් වගේ. කාලයක් තිස්සේ නොනවත්වාම භාවිත කලාම ඒක හිඳෙනවා. //

      මට හිතෙන විදියට මේක සාපේක්ෂ දෙයක්. මම ගත්තොත් හැමදාකම වුනත් පොස්ට් එකක් දාන්න දෙයක් මගේ හිතට එනවා. හිතත් එක්ක මාර සටනක් දීල තමයි එක මාතෘකාවක් තෝරා ගන්නේ.

      Delete
  37. ස්වර්ණමය යුගයක් ගැන නම් දන්නෙ නෑ... බ්ලොග් කියවීම පටන් ගත්තෙ 2010 යෙ මැද හරියෙ විතර... ඒ දවස් වල කවුරුහරි පෝස්ට් එකක් දාපු ගමන් පැනගෙන ඇවිත් කියවනව... එහෙමයි කියල අවැඩක් වුනෙත් නෑ... ගොඩක් වෙලාවට (99%ක් විතරම) කියවන්න වටින දෙයක් තිබුනා... ඒත් 2012 විතර ඉඳන් ඒ ගතිය අඩුවෙලා ගිහින් දැන් නම් වෙන කරන්න වැඩක් ඇත්තෙම නැත්තන් තමයි බ්ලොග් එකක් කියවන්නෙ...

    මේ ඉතිං මගේ අදහස... අද තියෙන බ්ලොග් සවුත්තුයි කියන්නෙ නෑ... ඒත් හිට්ස් කමෙන්ට් වෙනුවෙන් ගුණාත්මක බාවය ගැන නොහිත ලියවෙන ඒවා වැඩී කියන එක නම් කියන්න ඕන...

    ආපහු කියන්න තියෙන්නෙ ඉතිං බ්ලොග් හොඳද නැද්ද කියන එක පුද්ගලයින්ගෙ රස හැටියට වෙනස්... මට නම් මේ වෙද්දි බ්ලොග් කියන එක ඇතුලෙ මහලොකු රහක් දැනෙන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. අද බ්ලොග් පටන් ගන්නා තමාව සංසන්දනය කර ගන්නේ 2010 විතර ඉඳන් ලියන කෙනෙක් එක්ක. ඒ නිසා තමයි හිට් කමෙන්ට් පස්සේ යන්නේ.

      Delete
  38. සමහර විට මුලින්ම සිංහල බ්ලොග් ආරම්භවෙන්න ඇත්තේ, සාමාන්‍ය අයට වඩා යමක් කමක් ලියන්න හැකි අය විසින් වෙන්න ඇති. ඒ නිසාම ඒ කාලේ සමගාමීව බිහිවුන බ්ලොග් ඒ ආරටම යන්න ඇති. නමුත් ඕනෙම කෙනෙකුට බ්ලොග් හදන්න පුලුවන් වෙද්දි සහ අන්තර්ජාල පහසුකම් හැමතැනටම ලැබෙද්දි, හැමෝම මොන මොනවා හරි කියන්න බ්ලොග් අටවගන්න ඇති. අපිත් එහෙමනේ. නමුත් අර මුලින්ම බ්ලොග් පටන් ගත් අය බහුතරය මේ නිසා යම් කළකිරීමකට පත්වෙන්න ඇති කියලා හිතෙනවා. මොකද ඔවුන්ගේ මූලික පරමාර්ථය වෙන්න ඇත්තේ සාහිත්‍ය, දැනුම බෙදා ගැනීම වගේ දේවල්නෙ.

    අනික අපේ කැමැත්ත විවිධයි... කෙනෙක් හොඳයි කියන බ්ලොග් එකක් තව කෙනෙකුට වැඩක් නැති වෙන්න පුළුවන්. මට නම් කැමැත්තෙන් කියවන්න පුළුවන් බ්ලොග් සෑහෙන ප්‍රමානයක් හම්බවෙලා තියනවා... විවිධත්වය වැඩි වෙන එක හොඳයි කියලා මම හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. විවිධත්ව හොඳයි. කා කොටා ගැනීම තමයි ගැටලුව. පිටින් අපට එන බාදා ගැරහුම් සමග සටන් කල යුතු යුගයක, අපි-අපිම සටන් කර ගත්තාම අපි කොහොමද භාහිර ගැටළු වලට මුහුණ දෙන්නේ.

      Delete
  39. මම නම් කියන්නේ හරශුන්ය ලිපි ලියවෙන්නයි, කුණුහරුප ලිපි වැඩි වෙන්නයි, මෙලෝ රහක් නැති දේ ලියවෙන්නයි ප්‍රධානම හේතුවලින් එකක් තමයි ඒවා කියවන පාඨකයෝ. (ලියන්නාගේ වරදක් නෑ කියන්න බැ තමයි). මොකද නිකමට හිතන්න අපි ලිව්ව ලිපියට කමෙන්ට් එකක් වැටුනේ නැත්තම් අපේ ඊගාව පොස්ට් එක තීරණය වෙන්න එකෙන් පොඩි හරි බලපෑමක් එනවනේ. කවුරු හරි මොකක් හරි කුණු හරුපයක්, කතාවක් ලියල පොස්ට් කළා කියමු. ඔන්න ඕක බලල තමන්ගේ බ්ලොග් එකට උගෙන් කමෙන්ට් එකක් ගන්න ඕනෙවට "ෂා. නියම පොස්ට් එක...දිගටම ලියන්න" කියල කමෙන්ට් කරනවා. ඔන්න ඉතින් එක දැකපු බ්ලොග් ලියන්නා ඔලුවට ගන්නවා මිනිස්සු ඉල්ලන්නේ මේවා. ඉතින් මම හෙන වැඩකරු දිගටම මේවා ලියනවා කියල..

    අනාගතේ බ්ලොග් ස්වර්ණමය යුගයක් බලාපොරොත්තු වෙනවනම්, බ්ලොග් ලියන්නන්ට වගේම කියවන්නන්ට වගකීමක් තියනවා කියලයි මට හිතෙන්නේ.. ලිපිය හොඳ නැත්තම් කෙලින්ම කියන්න ඕනේ "මේක වැඩක් නෑ ආයෙ මෙව්වා ලියන එපා කියලා." නිකන් බොරුවට ලේඛකයා මුරුංග අත්තේ තිබ්බම වෙන දේ හිතා ගන්න පුළුවන්නේ.

    සුදීක අයියා, හිරු අක්කලා මේ ගැන කතිකාවතක් පටන් ගත්ත එක හොඳයි. ඇත්තටම වටිනවා.

    ReplyDelete
    Replies
    1. //අනාගතේ බ්ලොග් ස්වර්ණමය යුගයක් බලාපොරොත්තු වෙනවනම්, බ්ලොග් ලියන්නන්ට වගේම කියවන්නන්ට වගකීමක් තියනවා කියලයි මට හිතෙන්නේ..//

      කියවන්නා අත හරියට ලංකාවේ චන්දදායකයා වගේ වගකීමක් තියෙනවා.

      Delete
  40. බ්ලොග් වල ස්වර්ණමය යුගයක් ගැන කතා කරන්න තවම ඉක්මන් වැඩියි. ඒකට තව සෑහෙන කාලයක් තියෙනවා.

    බ්ලොග්වල කොලිටිය ගැන කිව්වොත්, "රාවය" හැර අනෙක් ඕනැම පත්තරේකට වඩා බ්ලොග් වල තත්ත්වය උසස්.(සමහර බ්ලොග් අදාල නොවේ)විශේෂයෙන්ම බ්ලොග් වල පල වෙන කෙටි කතා සහ යාන්ස් (yarns) ඉතා ඉහළ මට්ටමක තියෙනවා.

    මට නම් ගැටළුව තියෙන්නෙ, බ්ලොග් පෝස්ට් වෙන වේගයෙයි.
    හිට් ගැන නොසලකා, හොදින් කපා කොටා සංස්කරණය කළ පෝස්ට් එකක් සතියකට එක බැගින් පබ්ලිෂ් කරනවනම් වැඩි බ්ලොග් ප්‍රමාණයක් කියවන්න පාඨකයින්ට අවස්ථාව සැලසෙනවා.
    ඒ වගේම තමන් ලියන්නෙ කෙටි කාලයක් තුළ කෙනෙකුට කියවා වින්දනය කළ හැකි දෙයක් බව අවබෝධයෙන් බ්ලොග් ලිපිය රචනා වෙනවනම් වඩාත් හොදයි. උදාහරණයක් විදියට අපේ හැලපයා ලියන විදිය (හැලපයා ලියනවා "ඒ පියදාස මුදලාලිගෙ මරණෙ වෙලවෙ" කියලා...)අපට පියදාස මුදලාලිගේ පැටිකිරිය වැඩක් නෑ. වැදගත්වෙන්නෙ හැලපයා කියන්න යන කතාව විතරයි, ඒත් අපේ සමහර බ්ලොග් රචකයන් පියදාස මුදලාලිගෙ පැටිකිරියත්, විනාඩි දෙකක් තුනක් කියවන්න තරම් දිග හෑල්ලක් විදියට රචනා කරනවා ඒ වගේ අනවශ්‍ය වැල් වටාරම් ඉවත් කරනවානම් බ්ලොග් පෝස්ට් එකක් සෑහෙන තරමින් කෙටි කරගන්න පුළුවන් (මේක සෙන්නා ට අදාල නැත; සෙන්නාගෙ පෝස්ට් කෙතරම් දීර්ඝ වුනත් එහි කපන්න කොටන්න දෙයක් නෑ)

    (මේක මාරයාගෙ බ්ලොග් එකෙ මම දාපු කමෙන්ට් එක- මෙතනටත් අදාල නිසා ඒකම දැම්මා)

    ReplyDelete
    Replies
    1. //හොදින් කපා කොටා සංස්කරණය කළ පෝස්ට් එකක් සතියකට එක බැගින් පබ්ලිෂ් කරනවනම් වැඩි බ්ලොග් ප්‍රමාණයක් කියවන්න පාඨකයින්ට අවස්ථාව සැලසෙනවා.//

      මේක ඇත්ත. මමත් කැමතියි එහෙම වෙනවනම්. ගොඩක් වෙලාවට හැමදාම වගේ අප්ඩේට් වෙන බ්ලොග් මට මග ඇරෙනවා කියවන්න ඒ තරම් වෙලාවක් නැති හින්දම. කාල පරතරයක් ඇතුව අප්ඩේට් වෙන ඒවා කොයි වෙලාවක හරි දකිනවා. ඒවායේ එක ලිපියක්වත් මිස් වෙන්නේ නෑ. උදා: සෙන්නාගේ කුරුන්ද (හැබැයි අනිත් අය සෙන්නගේ කාල පරතරයනම් ආදුරුසෙට ගන්ට එපා..හිහි)

      කොහොම උනත් මේ මට හිතෙන හැටි විතරයි :)

      Delete
    2. ****හොදින් කපා කොටා සංස්කරණය කළ පෝස්ට් එකක් සතියකට එක බැගින් පබ්ලිෂ් කරනවනම් වැඩි බ්ලොග් ප්‍රමාණයක් කියවන්න පාඨකයින්ට අවස්ථාව සැලසෙනවා.****


      මෙන්න මේ කොටසට මාත් එකඟයි .නමුත් ගොඩක් දෙනා හිතන් ඉන්නේ
      වැඩිම පෝස්ට් ප්‍රමාණයක් දැමීම තමයි ජයග්‍රණය කියල..මගේ නම් අදහස
      විවේක වෙලාවට කොච්චර පෝස්ට් ලිව්වත් , ඒවා publish කිරීම සතියකට
      වරක් වගේ කරනවා නම් ගොඩක් දෙනෙක්ට කියවන්න අවස්ථාවක් ලැබෙනවා
      නිදහසේ ..

      නැත්නම් වෙන්නේ කරදහිය ලිපේ දැම්ම වගේ කියවල
      " මචන් පට්ට , එන්න අපේ පැත්තෙත් ඇවිත් යන්න කියල
      මෙන්න මේ වගේ
      ඔයා බැඳලද ? මන් දන්නේ නැහැ | මොකා ! ( WTF )?

      එහෙකුත් දාල යන්න ..

      මන් නම් දැනටම සති දෙකක් ඇර පෝස්ට් වැටෙන්න පෝස්ට්
      30 ලිව්වා අලුත් ..ඒවට කමෙන්ට් කරන්න හිටියත් නැතත් ඒව
      වැටෙයි ..
      කියවන අය නිදහසේ කියවයි ,නිදහසේ කමෙන්ට් කරයි ..

      ----------------------------------------------------




      මන් මේක ගැන වෙනම පෝස්ට් එහෙකුත් දැම්ම සුදීක .
      මාරයාගේ එකේ කමෙන්ට් එහෙකුත් දැම්ම . අපි ස්වර්ණමය
      යුගය පහු කළා වෙන්නත් පුළුවන් , ඒ යුගයේ ඉන්නවා වෙන්නත්
      පුළුවන්, ඒක කරා යනවා වෙන්නත් පුළුවන් ..

      Delete
    3. @සුමිත්
      මට හිතෙන්නේ මෙගා සීරීස් ටෙලි නාට්‍ය වල ආභාෂය මේ වැල් වටාරම් වලට හේතු වෙනවා.

      Delete
    4. හප්පේ මේක දැන්නෙ දැක්කෙ.. සුමිත්ගෙන් මෙහෙම දෙයක් අහන්න ලැබෙන එකම ලොකු ජයග්‍රහණයක්නෙ...

      @ සයුරි,

      හැහ් හැහ් නරක් වෙලා තියෙයි අපිව ආදුරුසෙට ගත්තොත්... :)

      Delete
  41. මම නම් තම මේ බ්ලොග් ලෝකෙට ඇවිත් මස දෙක තුනයි සුදික. ඒ නිසා මට ඔය ස්වර්ණමය යුගයක් ගැන අදහසක් නැහැ.

    මේ බ්ලොග් එකක් ලියන එක වගේම කියවන එකත් මට නම් සැරීම සැහැල්ලුවක් දැනෙන දෙයක්. හැම වෙලේම ෆුල් ඔෆීෂියල් වෙලා ඇති වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. // ඒ නිසා මට ඔය ස්වර්ණමය යුගයක් ගැන අදහසක් නැහැ. //

      අනිත් අයගේ අදහස් තමයි වැදගත්. ඒවායින් තේරුමක් ගමු.

      Delete
  42. මට හිතෙන විදියට නම් තාම ස්වර්ණමය යුගයක් ඇතිවී නෑ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියවුන බ්ලොග් හා සසඳන කල අපි තව කොච්චර දුරක් යායුතුද කියලා හිතෙන්නෙ නැද්ද. ඒත් අපි අද ඉන්නේ ඒ ඉලක්කයට යාහැකි ඉසව්වක. එක එකා මරාගන්නෙ නැතිව සුහදව සහයෝගයෙන් බ්ලොග් පවත්වාගෙන යනවනම් අපේ මේ යුගයේදිම ඒ ඉලක්කය සපුරා ගත හැකිවෙයි හිතනවා

    ReplyDelete
    Replies
    1. // එක එකා මරාගන්නෙ නැතිව සුහදව සහයෝගයෙන් බ්ලොග් පවත්වාගෙන යනවනම් //

      මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

      Delete
  43. පැහැදිළි අදහසක් නෑ ... ස්වර්ණමය යුගයක් ගැන,,,,
    හැබැයි තමන් අතේ තියන සැරැයැටිය අනිකගේ නහයට මෙපිටින් නවතින්න ඕනේ කියමන බ්ලොග් අවකාසයටත් වලංගුයි කියල කියනවා..

    පෞද්ගලික ජීවිතේ .. බ්ලොග් එකට ගෙනැල්ල හොටු පෙරාගෙන අඩන එකත්, පෞද්ගලික කෝන්තර බ්ලොග් හරහා පිරිමහගන්න හදන එකත් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා

    ReplyDelete
    Replies
    1. //හැබැයි තමන් අතේ තියන සැරැයැටිය අනිකගේ නහයට මෙපිටින් නවතින්න ඕනේ කියමන බ්ලොග් අවකාසයටත් වලංගුයි කියල කියනවා..//

      මේක හැම බ්ලොග් කරුවෙකුටම ගන්න තියෙන ආදර්ශයක්.

      Delete
    2. //පෞද්ගලික ජීවිතේ .. බ්ලොග් එකට ගෙනැල්ල හොටු පෙරාගෙන අඩන එකත්, පෞද්ගලික කෝන්තර බ්ලොග් හරහා පිරිමහගන්න හදන එකත් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා//

      හෙලා දකින්න ඇයි ඔයා බ්ලොග් වාරණ මන්ඩලේද? එහෙම නැත්තම් සංස්කෘතික පොළිසියෙද?

      බ්ලොග් කියන්නෙ මූණු පොත් එන්න ඉස්සෙල්ල, ට්විටර් එන්න ඉස්සෙල්ල ජාලෙ භාවිතකරන්නන් තමන්ගෙ අදහස් ප්‍රකාෂ කරන්න යොදා ගත්ත මාධ්‍යක්.

      අද මූණු පොතී "මගේ නහය තද වෙලා" වගේ ස්ටේටස් එදා ඉන්දලම බ්ලොග් වලත් තියෙනව.

      අනික බ්ලොග් කියන්නෙ කෙනෙකුගෙ පුද්ගලික ප්‍රකාෂනයක් නිසා අපි අකමැති දේ නොබල, කමෙන්ට් නොකර ඉන්නව මිස, හෙලා දකින්න තියෙන අයිතිය මොකද්ද? ඇත්තටම සිංහල බ්ලොග් වලට මෙහෙම වෙලා තියෙන්න එක හේතුවක් ඔන්න ඔය අනවශ්‍ය සීම දා ගැනීම.

      රංගගෙ නයි කතාවල, ටැබූගෙ කොළු කතාවල වගේ ඉස්සර ජනප්‍රියව තිබ්බ බ්ලොග් වල තිබ්බෙ පුද්ගලිඋක මඩ, හොටු නෙමෙයිද? ඒ නිසා තමන්ගෙ නිදහස ගැන සීම මිසක අනුන්ගෙ නිදහස ගැන මායිම් හදන්න කලබල වෙන්න එපා.

      කවුරු කවුරුත් ලියයි. කැමති දේ තෝරා ගැනීම අප සතුයි.

      Delete
  44. ස්වර්ණමය යුගය කෙසේ වෙතත් ගොඩක් බ්ලොග් ලියන අය ගත්තම තමන් පටන් ගත්ත කාලේට වඩාත් කැමැතියි කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක නවත්වන්න බෑ "ම" මොකද මමත් ලියන්න ඕනේ කියලා හිතෙන්නේ තව කාගේ හරි පොස්ට් එකකට ඉන්ටරස්ට් එකක් ඇති වුණාම නේ.

      Delete
  45. ස්වර්නමය යුගයක් ගැන නම් කියන්න දන්නෙ නෑ. බ්ලොග් ලෝකය සියලු රස සමගින් ඉදිරියට ගමන් කරමින් තියෙන බව නම් කියන්න ඕනෙ.

    මම දකින එක ප්‍රශ්න කීපයක් තමයි අපිම දාගත්ත ඇතැම් වාරණ යදමින් අපිම බැඳී ඇති වග. තවත් විටෙක කෙනෙක් විරුද්ධ මත නොරිස්සීම. ඉඩ ලද හැම විටම පරණ කෝන්තර පිරිමසා ගැනීමට කටයුතුක් කිරීම.

    ReplyDelete
    Replies
    1. //අපිම දාගත්ත ඇතැම් වාරණ යදමින් අපිම බැඳී ඇති වග. තවත් විටෙක කෙනෙක් විරුද්ධ මත නොරිස්සීම. ඉඩ ලද හැම විටම පරණ කෝන්තර පිරිමසා ගැනීමට කටයුතුක් කිරීම. //

      අපිට මෙය නවත්වන්න බෑ. එහෙම නොකරන්න කියා ඉල්ලීමක් තමයි කරන්න පුලුවන්.

      Delete
  46. සුබ උපන්දිනයක් අපේ සුදීකට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එල්.ජේ.

      Delete
  47. මම කියවූ ෙහාදම බ්ෙලාගය - kumudupinto.wordpress.com/

    ReplyDelete
    Replies
    1. මෙතුමා අභාවක්ප්‍රාප්ත වෙලා නේද? ලින්ක් එක ඔස්සේ ගියාමයි දැක්කේ.

      Delete
  48. සිංහල බ්ලොග් අද ඉන්නේ ගල් යුගයේය. තව ටික කලකින් Bronze Age ද, ඉන් පසු Iron Age ද ලඟාවෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු වෙච්ච කමෙන්ට් වලින් එකක්. එහෙනම් ඔබතුමා සහ අපි සියල්ලෝම ඉන්නේ මේ ගල් යුගයේ.

      Delete
  49. බ්ලොග් කියන්නේ ඕන කෙනෙකුට තමන් කැමති දෙයක් ලියන්න කියන්න පුළුවන් තැනක්. අනෙකාගේ රුචි අරුචි කම් අනුව තමන් බලන දේ රසිකයා තෝරා ගනියි. මේවට වැටවල් මායිම් ගහන ඒවා කරන්න නරකයි. කෙනෙකුට සඳරු වටිනවා වෙන්න පුළුවන්, කෙනෙකුට ටැබූ වටිනවා වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ අළුත් අයත් ඉන්නවා ඕන තරම්. මම නම් හැම මලදානෙම ලියනවා බලන එකෙක් බලයි, නොබලන එකෙක් නොබලයි. මට අවශ්‍ය දේ කිසිම වාරණයක් නැතුව කියන්න තියෙන එකම ළොකු දෙයක් නේ.

    ReplyDelete
    Replies
    1. //අනෙකාගේ රුචි අරුචි කම් අනුව තමන් බලන දේ රසිකයා තෝරා ගනියි.//

      මේකේ කිසි ගැටළුවක් නෑ. මෙතන ලියවෙන දේ හරසුන් ඕපාදුපයක් නම්, පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් කියන අන්තර්ජාලයෙන් දැනුම් උකහා ගන්න එන කණ්ඩායම බ්ලොග් කියන්නේ මොකක් කියලා හිතා ගනීද ?

      Delete
    2. එහෙම කියලා කියන්න බෑ...තමන්ට ඉදිරිපත් කරන්න තියෙන දේ නිදහසේ ඉදිරිපත් කරන්න හැකියාවක් මේ තුල තිබිය යුතුයි...මේක කියවන අය මොනවා හිතයිද කියන දේ ගැටලුවක් කර ගත යුතු නෑ...බ්ලොග් වලට වඩා බොහොම පහත් දේවල් ඕනෑතරම් අන්තර්ජාලයේ තව තියෙනවා... අන්තර්ජාලය පාවිච්චි කරන ළදරුවාගේ සිට ඉහළට අය තමන්ගෙ දැනුම මට්ටම/ රුචිය අනුව කියවිය යුතු දේ හා නොකියයුතු දේ තීරණය කරාවි.

      Delete
    3. ඒවට නේද අපේ මිනිස්සු වැඩියෙන් කැමති. අපි අකමැති උනාට.

      Delete
    4. මෙහෙමයි ඕන දෙයක් ලියන්න පුළුවන් කියන කණ්ඩායම කියනවනේ මොකටද වාරණ කියලා. ඒ වගේම වාරණ ඕනේ කියන අයටත් ඒ නිදහසම තියෙන්න ඕනේ. වාරණ මණ්ඩලයක් එනවා නම් ඔන්න ඒ ගැන කතා කලාට කමක් නෑ. මේකට අපේ ආච්චි නිතරම් කියපු කියමනක් තමයි මම කියන්නේ

      "තමන්ගේ මැට්ටන් තම්මැට්ටන්"

      Delete
    5. @මාතලන් : මෙතන බොහෝ අය තමන් මුලින් ලියාගෙන ආපු ක්‍රමය පැත්තක තියලා ඔය කියන කැමති දේ(ඕඩියන්ස් එක ඉල්ලන දේ) දෙනවා අපි දකිනවා. මට තියෙන්නේ ආත්ම ගරුත්වය පිලිබඳ ප්‍රශ්නයක්. මම ෆේක් වලින් නැති නිසා මට එහෙම කරන්න බෑ.

      Delete
  50. අද ඔබේ උපන් දිනය නේද ? පළමුව ඔබට සුබ උපන් දිනක් වේවා කියා ප්‍රාර්ථනය කරනවා.

    බ්ලොග් ලියන්න ඇවිත් මාස 5ක් වත් නැති මං කොහොම ස්වර්ණමය යුග ගැන කතා කරන්න ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලීන්. අපි බලා හිඳිමු.

      Delete
  51. මාත් බ්ලොග් ලියන්න අළුත් නිසා මේකට හරියමන් උත්තරයක් දෙන්න නම් දන්නේ නෑ. හැබැයි මාත් ආසාවෙන් කියවපු පරණ බ්ලොග් දැන් දැන් ලියවෙන්නෙම නැති ගානයි. ඒවාට ඉතිං එක එක හේතු ඇති. අද තියෙන ඒවායින් හිතේ සැහැල්ලුවෙන් කියවන්න පුළුවන් ඒවා කියවල මං නම් රස විදිනවා.

    ReplyDelete
    Replies
    1. //හැබැයි මාත් ආසාවෙන් කියවපු පරණ බ්ලොග් දැන් දැන් ලියවෙන්නෙම නැති ගානයි. ඒවාට ඉතිං එක එක හේතු ඇති.//

      හේතුව තමයි වැදගත්. පුද්ගලික හේතුවක් නම් කමක් නෑ. ඒත් මෙතන තියෙන පොරකෑම නිසා නම් අප කනගාටු විය යුතුයි.

      Delete
  52. පොතක් පත්තරයක් කියවනවට වඩා වෙනස්ම කලාවක් නෙව - සක්‍රියව අදහස් පලකරන පාඨකයන්ගෙන් යුතු - ඒ එක්කම වැඩි විස්තර සඳහා සබැඳියනුත් තියනව නෙව - [ඒ අතරේ 'රෝස ගැහැණු - Pink ලියා' ත් ඉන්නව කියල කොලුවෙක් දවසක් ලියා දාල තිබ්බ :-)]
    කොයි මාධ්‍යයත් වගේ ඉතින් මේකත් සරුවට වැපිරීම තමා කලයුත්තේ
    දිගටම ලිවීමෙන් ලිවීම දියුණු කරගත්තු අය ඉන්නව ඕසෙට
    හැබැයි ඉතින් කියවන්නන්ට පොඩි පහේ ගෞරවයෙන් ලියනවනම් තමා හොඳ - එතකොට නෙව චක්කරේ සම්පූර්ණවෙන්නේ
    තමුං හිතන පතන දෑ අම්ල පරික්සාවකට ලක්කල්ලහෙම ඩිංගිත්තක් එව්ව එහාමෙහා කරන්නත් අවස්ථාවක් ලැබෙනව අවංකව වැටෙන කොමෙන්ට් හන්ද
    ඒ එක්කම ඉතින් රටේ මිනිස්සුන්ගෙ හිතුං පැතුං එක්කත් මෙව්වෑයේ රටාවල් වෙනස්වේවි

    ReplyDelete
    Replies
    1. //දිගටම ලිවීමෙන් ලිවීම දියුණු කරගත්තු අය ඉන්නව ඕසෙට
      හැබැයි ඉතින් කියවන්නන්ට පොඩි පහේ ගෞරවයෙන් ලියනවනම් තමා හොඳ - එතකොට නෙව චක්කරේ සම්පූර්ණවෙන්නේ//

      මම සිංහලෙන් ලියන්න ගත්තේ සිංහල අමතක වේගෙන වගේ යත්දී. දැන් සෑහෙන හොඳ ත්ත්වෙකින් ලියන්න පුළුවන් කියල මට හිතෙනවා. මේ බ්ලොග් ලිවිල්ලෙන් මට ලැබුණ එක දෙයක් ඒක.

      Delete
  53. සුභ උපන් දිනයක් සුදීක!
    ක්‍රිකට් ලෝක කුසලානය......ඉතිරි කොටස ඉක්මනට දාහං .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අතීත ස්මරණය බොහොම සීරු-මාරුවට කරන්න ඕනේ. එකයි කල් ගන්නේ. මතක් කිරීම ගැන ස්තුතියි.

      Delete
  54. පොඩි අදහසක් විතරයි. සමහර බ්ලොග් කියෙව්වාම ඇත්තටම ගන්න කිසිම දෙයක් නෑ. ඉතින් කියවන්න කට්ටිය නෑ. ඒ හින්දා කමෙන්ට් නෑ. වහනවා. සමහර බ්ලොග් වලට ඒවාටම අයිති කියවන්නෝ සෙට් එකක් ඉන්නවා. ඒ ඒ අය කැමති රසයන් ඒවා. ඊ ලඟට සර්වකාලින බ්ලොග් තියනවා. ඉතින් මොනවා කියන්නද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මම ලියන දේ වල කියවන්න යමක් ඇති කියලා.

      Delete
  55. මමනම් කොමන්ට් කරුවකු විදියට දකින දේ නම් ස්වර්ණමය යුගය දිහා බලන්න කල් වැඩියි කියල.දේශපාලන/තමන්ගෙ අත්දැකීම්/විහිළු/සෙක්ස් තව තව දේවල් ලියන ඇත්තන් කරන්න ඕන කොමන්ට් කරන අයවත් [සුදුසුයැයි]හැගෙන අය දිරිමත් කොට ඒ අයගෙ අඩුපාඩු පෙන්වාදී ඔවුන්ද ලිපි ලියන ඇත්තන් බවට පත් කිරීමය.එවිට දැනට නවතා දමපු අය පවා අලුගසල එයි.මට මතක් වෙන්නෙ එක එක මණ්ඩලවලට බෙදල සිංහල සිනමාවට වෙච්ච දේ.අනිත් එක ලියන අයත් දැනගන්න ඕන අර මොකක්ද හංගල මොකෙන්ද ගහන්නෙ නැතිව කියවන්නාගේ හදවතට දැනෙන සිංහලෙන් ලීවීම.

    ReplyDelete
    Replies
    1. //කියවන්නාගේ හදවතට දැනෙන සිංහලෙන් ලීවීම.//

      තනිකර කමෙන්ට් පමණක් කරන කෙනෙකුගෙන් ඉදිරිපත් වෙච්ච් මේ අදහස අපි කාටත් වැදගත් වෙයි.

      Delete
  56. ඇත්තටම අද වෙලා තියෙන්නේ ගුණාත්මක බවට වඩා ප්‍රමාණාත්මක බවට මුල් තැන දීල තියෙන එක. හරවත් දෙයක් ලියනවට වඩා මොනවත් ලිව්වේ නැහැ නේ, ඒ නිසා මොනා හරි ලියන්න ඕන කියලා ලියන එක.
    අනික් බරපතලම කරුණ තමයි දැන් බ්ලොග් ලියන බොහෝ දෙනෙක් තමන් ලියන දේට වග කියන්නේ නැති වීම. බ්ලොග් කියන්නේ විකල්ප මාධ්‍යයක්. එහි දෙයක් පලකරන්න කලින් ඒ කරුණු වල බ්‍රැක් ග්‍රවුන්ඩ් චෙක් කරන්නෙ නැති එක ලොකු අඩුවක්. ලියන මනුස්සයගේ විතරක් නෙවෙයි කියවන මිනිස්සුන්ගෙත් වගකීම කියවන දෙයක් විශ්වාස කරන්න කලින් එහි කරුණුවල ඇත්ත නැත්ත බව හොයලා බලන එක.
    මොකද වැරදි මත සමාජ ගත කරන්න බ්ලොග් සහ වෙබ් කියන්නේ හොඳ වේදිකාවක්.

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම අද වෙලා තියෙන්නේ ගුණාත්මක බවට වඩා ප්‍රමාණාත්මක බවට මුල් තැන දීල තියෙන එක//

      //අනික් බරපතලම කරුණ තමයි දැන් බ්ලොග් ලියන බොහෝ දෙනෙක් තමන් ලියන දේට වග කියන්නේ නැති වීම.//

      // එහි දෙයක් පලකරන්න කලින් ඒ කරුණු වල බ්‍රැක් ග්‍රවුන්ඩ් චෙක් කරන්නෙ නැති එක ලොකු අඩුවක්.//

      //මොකද වැරදි මත සමාජ ගත කරන්න බ්ලොග් සහ වෙබ් කියන්නේ හොඳ වේදිකාවක්.//

      මේ කමෙන්ට් එක මේ පොස්ට් එකට වැටුණු වැදගත්ම ඒවායින් එකක්. මම විශ්වාස කරනවා මම මේ උපුටා දැක්වූ ටිකවත් අපේ ලියන මහත්වරු හැම පොස්ට් එකක් දාන්න කලින් කියවිය යුතු කොටසක් කියා. මේක මුද්‍රණය කරලා තමන්ගේ බිත්තියේ ගහ ගත්තොත් හොඳයි කියන එක තමයි මගේ විශ්වාසෙ.

      Delete
  57. ඇත්තටම ඉහතින් කිව්වා වගේ සතියකට එකක් හොඳට ලියන්න පුලුවන්නම් ඒ හොඳටම ඇති. ඒකාලය තුල කියවිම විමරෂවය කිරිම සහ තමන් ලියන දේ නැවත නැවත කියවා රස විඳ ළගන්නා සුළු බස්වහරක් තුලින් පෝස්ට් එකක් ඉදිරිපත් කලත් ඒ හොඳටම ඇති.සදාකාලික මතකයක් එකතු කරන්නට.

    මමත් සුදිකගෙ අසහස කියන්න තරම් තාම මේ ක්ෂේත්‍රයේ මෝරලා නැ. බොහොම ආධුනියෙක්. මමත් දැනගන්න කැමතියි මේ සිංහල බ්ලොග් ලියන ඉතිහාසය.

    ඒවගේම "ඔබට සුබම සුබ උපන් දිනයක්" කියන්නත් මම මේ මොහත අවස්ථාවක් කරගන්නවා..

    ReplyDelete
    Replies
    1. මම මීට කලින් දැම්ම බ්ලොග් ලිවීමේ නිවැරදි වේගය කුමක්ද කියලා. ඒත් එතැනින් වත් අපට යම් අවුබෝධයක් ගන්න බැරි වුනා. බොහොම ස්තුතියි සුබ පැතුවට.

      Delete
  58. මාත් දැනට ලියවෙන පැරණි බ්ලොග් කිහිපයයි දන්නේ.ඒවා මෙතන දාන්න ඕන නැහැ මොකද ඒවා හැමෝම දන්නා ඒවා.මං බ්ලොග් එක පටන් ගද්දිත් තිබ්බ බ්ලොග් ගොඩක් ඒවා අද අත් ඇරලා දාලා.හැබැයි එහෙමයි කියලා බ්ලොග් වල පල්ලට ගිහින් නැහැ නවකයන් කොච්චර ඉන්නවද.සාහිත්‍ය රසයම හොයන්න බැරිවුනාට මොනවා හරි කියවලා දෙයක් ගන්න පුළුවන් බ්ලොග් ඕන තරම් තියෙනවා.

    බ්ලොග් කියවනයක් තියෙන නිසා කියන්නේ ඒකට එන ගොඩක් බ්ලොග් රික්වෙස්ට් වල තියෙන්නේ අලුත් බ්ලොග් හැබැයි ගන්න දේවල් ගොඩක් තියෙනවා ජායාරූපකරණය ගැන,කවි නිසදෙස්,පුවත්,වෛද්‍ය උපකාර වගේ දේවල් ගැන ලියවෙන බ්ලොග් ගොඩක් තියෙනවා.හැබැයි ඒවා කව්රුත් වැඩිය දන්නේ නැහැ සහ දැක්කත් කියවන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හොඳ බ්ලොග් තියෙනවා නම් ඔයාගේ පොස්ට් එකකින් පොඩි දිරියක් විදියට ලින්ක් දාන්න. මෙතන දැම්මත් කමක් නෑ. එතකොට අපිට පුළුවන් බලා ගන්න.

      Delete
  59. ස්වර්ණමය යුගය මොකක්ද කියල මටත් කියන්න විදියක් නෑ.. මොකද මාත් බ්ලොග් ලියන්න ඇවිල්ල තාම මාස පහ හයකට වැඩි නෑ.. පරණම බ්ලොග් මාත් කියවනවා..

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ අයට පරණ ඒවගේ ලින්ක් ලබා දීම තමයි මේ පොස්ට් එකේ එක් අරමුණක් වුනේ. ඇත්තටම මේ පරණ ය දාන ලින්ක් ඔස්සේ ගිහින් මාත් බලනවා.

      Delete
  60. මමත් බ්ලොග් ලියන්න ඇවිත් මහා කාලයක් නෑ... ඒ කාලය ඇතුලත මම දැක්කේ පරණ බ්ලොග් වල කඩාවැටීමක් වගේ දෙයක්. ඉස්සර ගොඩාක් වැදගත් දේ ලියවුන බ්ලොග් දැන් ලියවෙන්නෙම නැති තරම්. ඒත් දැන් තියෙන බ්ලොග් වල පවා ගත් යුතු දෙයක් ඇති බ්ලොග් තියෙනවා... සමහර බ්ලොග් ගැන ඇත්තටම මගේ කිසිම පැහැදීමක් නැ.ඒ මගේ මතය. කියවන අයට වැදගත් වන බ්ලොග් ඕනේ තරම් මේ බ්ලොග් අවකාශයේ අද වෙද්දි හොයාගන්න පුළුවන්. ඒ වගේම දාන්නන් වාලේ හිට්ස් කමෙන්ට් පස්සේ දුව දුවා බ්ලොග් පෝස්ට් දාන කණ්ඩායමකුත් ඒ අතරේ ඉන්නවා... ඕනෙම කෙනෙක්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිය යුතුයි, ඒත් ඒක කාටවත්ම වැඩක් නැති හිස් දෙයක් වෙනවා නම් වැඩක් නෑ කියන එකයි මගේ මතය. මමත් ආධුනිකයෙක්. ඒ නිසාම මටත් පුළුල් අදහසක් නෑ.ඒත් දකින දෙයින් හිතෙන්නේ හොඳ නරක දෙකම සමානව බ්ලොග් වලින් පාඨකයන්ට දෙනවා කියලයි... ඒ අතරින් හොඳ දේ භාරගෙන නරක දේ අත් හරින පාඨ්Aකයන් ඉන්නතාක් බ්ලොග් කලාවේ ස්වර්ණමය යුගය කෙසේ වෙතත් සිංහල බ්ලොග් කලාව රඳාපැවැත්මවත් තියේවි කියලා මම හිතනවා...

    ReplyDelete
    Replies
    1. // ඒ කාලය ඇතුලත මම දැක්කේ පරණ බ්ලොග් වල කඩාවැටීමක් වගේ දෙයක්. ඉස්සර ගොඩාක් වැදගත් දේ ලියවුන බ්ලොග් දැන් ලියවෙන්නෙම නැති තරම්.//

      මේ අය නැගිටුවා ගැනීමේ වගකීමත් අප සතුයි.

      Delete
  61. මටනම් ඔය ගැන අදහසක් නෑ සුදීක..

    අර අලියගෙයි, මීයගෙයි කතාව ගැන කුතුහලයක් උපන්නා..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඔයාගේ ලිවීම ගැන මෙතන හොඳ කමෙන්ට් ගානක්ම මම දැක්කා. සුබ පැතුම්.

      Delete
  62. මුලින්ම ඔබට සුභ උපන් දිනයක් වේවා!ඔබේ සියළුම යහපත් කටයුතු සාර්ථක වේවා!

    බ්ලොග් ජිවිතයට මමද ඉතාම ආධුණිකය.අරුණැල්ල ලියන රැංගෝ නිසා තමයි මම බ්ලොග් ලියන්න පටන්ගත්තෙ.ඔහුගේ උදව්ව නැති නම් මට බ්ලොග් ලියන්න වෙන්නෙ නැහැ. වැඩි හරියක් හිතවත් කම් මත පොස්ට්ටු ජනප්‍රිය විමකුත් මම දකිනවා.එම පොස්ට්ටු බලාගෙන ගියාම ගන්නට දෙයක් නැති තරම්.එත් ජනප්‍රියයි.සමහරක් අය තමන්ගේ අදහස් වලට ගැලෙපෙන තැන් වලට විතරයි යන්නෙ.වැදගත් හරවත් ඒවා මඟහරියි.ඕනෑම පුද්ගලයෙකු අත්දැකිම් සහ අත්විඳිම් තුලින් තමයි පොස්ට්ටු දමන්නෙ.සමහරක් අය තමන්ටම ආවේණික වු හැඩයන්ගෙන් තම අදහස් ඉදිරිපත් කරයි.සෑම්,කෝරලේ මහත්තයා,නිර්මලා,සිරා,කතන්දර,අරුණැල්ල,පොඩි කුමාරිහාමි,අස්වැන්න,වී පොකුරෙ වීයා, මම දැකපු වැදගත් බ්ලොග් කිහිපයකි.ඊට අමතරව බ්ලොග් නිර්මාණය කිරිම සඳහා උපදෙස් ලබා දෙන සියළුම බ්ලොග්ද වටිනාකමක් ඇත.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගයානි.

      Delete
  63. මාත් ඉතිං ලියන්න අරං ඒ හැටි කාලයක් නෑනෙ. අන්තිම පේලියේ ලිවුවෙ විනෝදාත්මක කතා. තැනේ හැටියට ඇණේ කිවුවනෙ.. ඒ අස්සෙ ටිකක් යමක් ගන්න පුලුවන් එවුවා ඔබන්න උත්සාහ කලා. ඔන්න ඔය අතරෙ කොල්ලො දෙන්නෙක් මට බ්ලොග් ලියන්න උගන්නලා බ්ලොග් එක අරින හැටිත් කියලා දුන්න. එහෙම ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර උණා.
    මම නම් බ්ලොග් ලෝකෙට බොහොම ආදරේ මිනිහෙක්. ඒකෙ එක එක ජාතිවලින් ලියවෙන හැම එකක්ම කියවන්න වෙලා තිබ්බා නම් කියවනවා සිකුරුයි.. ඒත් තමුංගෙ එක ලියන්නයි ඒක පවත්වාගෙන යන්නයි ගියාම කෝ වෙලාවක් ?
    ලියන්න තරම් අලුත් දෙයක් නැත්නම් නොලියා ඉන්න එක තමයි හොඳ.. ඒත් අනිත් අතට බැලුවාම අලුතින් ලියන්න ගන්න කෙනෙක් අතින් ලියවෙන එවුවා නිස්සාරයි කියලා අපි කපලා දැම්මොත් එයාට ලිවිල්ල හදාගෙන ඉස්සරහට යන්න අවස්තාවක් නැතිවෙනවා .. ඉතින් මම නම් එහෙම බ්ලොග්වලට ගිහින් අනුබල දෙනවා ලියන්න.
    බ්ලොග් ලියන බහුතරයක් මගෙ වයසින් බාගයක් වත් නැති පැටවු.. ඉතින් ඒ අය ලියන එවුවා මම නම් මගෙ ඇහින් බලන්නෙ නෑ,.ටිකක් එයාලගෙ මට්ටමට බැහැලා කියවලා රස විඳිනවා.
    ඉස්සර මං ඉගෙනගන්න කාලෙ ප්‍රබුද්ධයි කියල හිතපු පොත් පත් වගෙම බොලඳයි කියන පොතුත් කියෙවුවා. හැබැයි සින්දුවලට ගියාම ජෝතිපාල මහත්තය වගෙ අයගෙ ගීත මම බැහැර කලා. දැන් මම සියලු ගීත එකසේ රස විඳිනවා.

    බ්ලොග් සාගරේ කිමිදෙනකොට බොහොම සාරවත් රසවත් බ්ලොග් අනන්ත හමුවෙනවා. විවිධ අය ලියන්නෙ විවිද දේ ගැනනෙ. හසිතගෙ බ්ලොග් එකෙන් බුද්දාගම ගැන කියවනවා වගෙම හරීගෙ බ්ලොග් එකෙන් ක්‍රිස්තියානි ආගම ගැන කියවනවා.

    ලිවිල්ලෙ කිසියම් සංවරයක් තියෙන්න ඕනෙ කියන එක නම් මමත් ඉහලින්ම පිලිගන්න දෙයක්.. අර කිවුව වගෙ මගෙ පොඩි එකී කියවනකොට චික් තාත්තී ලියල තියෙන කුණුහබ්බ කියල හිතෙන විදිහට ලිවුවොත් ඒක හරි නැහැ.. හැබැයි මේ ටික ඉතින් තේරෙන්නෙ තාත්ත කෙනෙක් වෙලා ලමයි උස්මහත්වෙනකොටයි..(පරවෙසං වෙයං අටමෝ )

    ReplyDelete
    Replies
    1. //මේ ටික ඉතින් තේරෙන්නෙ තාත්ත කෙනෙක් වෙලා ලමයි උස්මහත්වෙනකොටයි..//

      ඇත්තටම එහෙම වෙන්නම ඕනෙද ?

      Delete
    2. @ සරත් ලංකාප්‍රිය

      ස්තුතියි අයියා අපිවත් මතක් කළාට :)

      Delete
  64. මගේ අවංක අදහස මෙහෙමයි. බ්ලොග් වල ස්වර්ණමය යුගයක් ගැන කියන්න තවම අපි ඉක්මන් වැඩියි...අඩුම තරමේ දශකයක කාලයක් වත් පසුඋනාට පස්සෙ ඒ ගැන කථා කරන්න පුලුවන් නම් මීට වඩා හොද කථිකාවක් ඇති කරන්න පුලුවන් කියලා හිතෙනවා...

    අම්පාර චාරිකාවෙදි ඔබ ඔය දක්වලා තියෙන ගැටලුව නැගුවෙ මම...ඊට උත්තර දුන්නෙ වැප් සහ මගේ මරණෙ...මේ දෙන්නගෙම අදහස උනේ ඕනෑම බ්ලොගක් පීක් එකේ යන කාලයක් සහ වලපල්ලට යන කාලයක් තියෙන බව...වල පල්ලට යන කාලය ආවම එය ලියන කෙනා කවුරු වුනත් ..බ්ලොග ලියන්න තියෙන උනන්දුව හීන වෙලා අන්තිමට නැත්තටම නැති වෙලා යනවා කියලා...මම පුද්ගලිකව මේ දෙන්නටම කිව්වා නැවතත් ලියමු කියලා...ඊට උත්තරය උනේ පුංචි සිනහවක් විතරයි..මේ කථාවෙ ඇත්ත නැත්ත තේරුම් ගන්න ඉතිං අපිත් අවුරුදු 4කට ආසන්න කාලයක් ලියලම බලන්න වෙනවා...

    සමහර බ්ලොග් කරුවො තමන් ජේෂ්ඨයො කියලා පොඩි උන් දිහා අවඥාවෙන් බලනවා...නමුත් මම කියන්නෙ ඒ ජේෂ්ඨයන්ට වඩා දක්ෂයො හෙට අනිද්දා බිහිවෙන බ්ලොග් තුලින් උවත් බිහිවෙන්න පුලුවන් කියලයි. ඉස්සර මහානාම ආරම්භක පිතිකරු විදියට ඇවිල්ලා පැයට කිලෝමීටර් 130 ගණන් වල වේගෙන් එන පන්දු වලට ඇඹරෙනකොට අද අපේ බැටින් ඕඩර් එකේ පහළම ඉන්න උන් කිසි අවුලක් නැතුව 140 වේගෙන් එන පන්දු වලටත් මුහුණ දෙනවා...නමුත් මහානාම ජේෂ්ඨ නිසා සහ ඔහුගෙ මහත්මා ගතියට ඔහුට අපි ගෞරව කරනවා...ඔන්න ඔය සංසිද්ධිය බ්ලොග් වලටත් අදාළයි කියලයි මම හිතන්නෙ....මට නම් බ්ලොග් අවකාශය තුල මම ඔලුවෙ තියාගෙන ඉන්න පොරවල් නැත...යම් යම් අභාෂයන් ලැබුනු අය පමණක් සිටී...

    ReplyDelete
    Replies
    1. කොහොමත් රටේ සංස්කෘතියට, මාධ්‍ය සංස්කෘතියට සාපේක්ෂව තමයි මේවත් යන්නේ. අර මහානාමගේ කතාව දැක්කම මතක් වුනේ. සිංගප්පූරුවේ සහ අපේ එලිවේටර්ස් වල වේගය. සිංගප්පූරුවේ ඉන්න හැම කෙනාටම ඕනෑම වේගෙන යන එලිවෙටර් එකකට ගොඩ වෙන්න පුලුවන්. ඒ කියන්නේ ක්‍රමයෙන් හුරු වූ දෙයක් වෙන්න ඕනේ. අපේ අය තවමත් ඒ ක්‍රමයෙන් යන ගමනේ මුලික හරියේ ඉන්නේ. ඒ වගේමයි ඔය කියන වෙනස් වීමත් ක්‍රමයෙන් වෙයි.

      Delete
  65. මට නම් මේ බ්ලොග් එකේ වචන වල හෙන අමුතු ගතියක් තියනවා. කලින් ලින්කුව දාන්න අමතක වුනා. එයා වැඩිය ලියන්නෙත් නෑ. ඒ වුනාට ලියන දේ නියමෙට ලියනවා, හැබැයි අලුත් බ්ලොග් එකක්... ලින්කුව දාන විදිහ දන්නේ නෑ. සමාවෙලා ලින්කුව කොපි කරලා බලන ඇත්තෝ බලත්වා. http://prarthanatennakoon.blogspot.com/

    ReplyDelete
    Replies
    1. පැතුම් : මම කලින් පොස්ට් එකක ලින්ක් එකක් දාන විදිය දැම්ම

      කමෙන්ට් එකක ලින්ක් දාන විදිය

      Delete
  66. මේකට උත්තරයක්‌ ලියන්න අපහසු ප්‍රධානම කාරණාව මම පහුගිය වසරක පමණ කාලේ බ්ලොග් කියෙව්වේ නැති එකයි.

    කෙසේ වෙතත් මට හිතෙන ආකාරයට සිද්ද වෙන්නේ වැඩි පිරිසක් බ්ලොග් කරණයට යොමු වීමයි. එතැනදී විවිධත්වය වැඩි වෙනවා. පොදු නොවන මාතෘකා සුලබ වෙනවා. උප කල්ලි හැදෙනවා. ඒ කල්ලි අතර ප්‍රයිවෙට් ජෝක්ස් හැදෙනවා. ඕනෑම ප්‍රජාවක් සංඛ්‍යාත්මකව වැඩි වෙද්දී මේක දකින්න පුළුවන් දෙයක්.

    ඒ වගේම සමහර රිමාකබල් ලේඛකයින් විවිධ හේතු මත ඉවත් වෙනවා. ටැබූ එහෙම එකෙක්. ටැබුටත් වඩා පරණ [හෝ සමකාලින] බ්ලොග් ලියු හෂිත ඩෝසන් වගේ අය මේ ප්‍රමුඛ රැල්ලත් එක්ක යටපත් වෙලා ගිහින්. ඒ බ්ලොග් අලුත් අය කියවලාවත් තියේදැයි දන්නේ නැහැ. මේ පැරණි රිමාකබල් කියා කිව හැකි කීප දෙනා අද නොලිවීම හෝ ලිවීම අඩුවීම නිසා යම් දුරකට රික්තයක් ඇතිවෙනවා. ඒත් මෑතකාලයේ ආපු සමනල විප්ලවය එහෙමත් ඒ මට්ටමට තිබුනා. ඒ නිසා අපිට හිතන්න වෙන්නේ මේ රිමාකබල් කිවහැකි බ්ලොග් අඩු/වැඩි වීම හුදෙක් අහඹු ලෙස වෙන බවක්.

    දේශපාලන බ්ලොග් අඩුවීම එහෙමම නැහැ. දේශපාලනිකව බ්ලොග් ලියු අයට ඒක එපාවෙලා වගෙයි. ලංකාවේ දේශපාලනය තුල සිදු වෙන ක්‍රියාකාරකම් අනුව තවත් ලියා වැඩක් නැහැ කියා හිතෙන ගානට ඇවිත් වෙන්න පුළුවන්. හැබැයි රෙයා ගේට් w3lanka රාමා වගේ බ්ලොග් තවම ලියවෙනවා. තහනම් වචන මොඩන් පේට්‍රියට් බුවා වගේ අයත් මේකට දායක වෙනවා/වුනා.

    ඒක දිගට බ්ලොග් නොලියවීමට හේතු කීපයක් මා දකිනවා. එකක් තමා දිගටම එකම දේ කරගෙන යාමට ඇති අපහසුව. එකම ස්ටයිල් එකක් නොකඩවා තියාගෙන යන්නේ මාරයා පොඩ්ඩි කතන්දර තරංගා අරුණි වගේ කීප දෙනෙක්. කොහොම ඒක කරනවද කියලා මට හිතා ගන්න බැහැ. ඒක එක්තරා හැකියාවක්. ඒ වගේම නව තාක්ෂණික මෙවලම් [ගූගල් බස්, බුකියේ ෆෝරම, හා තවත් මා නොදන්නා නව තාක්ෂණික මෙවලම්] වලට බ්ලොග් කරුවන් යොමු වෙන්න ගත්ත. කාටත් තියෙන්නේ ලිමිටඩ් ටයිම්. මේක හරියටම රූපවාහිනිය නිසා සිනමාව හා වේදිකාවට පහර වැදුණු බවට ආපු චෝදනාව වගේ.

    සමූහය තදින් බැඳෙන්න බලපාපු කොමෙන්ට් කරුවන් හිටියා. විශේෂයෙන් සඳහන් කල හැකි කෙනෙක් තමා අප අතරින් වියෝ වෙච්ච ඔබ්සර්වර්. මේ අය සැහෙන්න බ්ලොග් කියෙව්වා. ඒ අය නිසා කට්ටිය එකිනෙකා සමග නෙට්වර්ක් වුනා. එහෙම අය අහිමිවීමත් ඒක හේතුවක් වෙන්න ඇති.

    තව දෙයක් තමා කොමෙන්ටු අවකාශ වල කට්ටිය මිනි මරා ගැනීම. මේ නිසා කොමෙන්ටු ලිවීම අඩුවෙන්න ඇති. බොහෝ දෙනා කැමති නැහැ නිකම් කාත් එක්කවත් පොර කන්න. පහුගිය කාලේ බ්ලොග්වල කොමෙන්ටු අවකාශතුල එකිනෙකාට එල්ල කරන ප්‍රහාර [මත ගැටුම් නොවේ, මිනි මරා ගැනීම්] වැඩි වුන බවක් දුටුවා.

    කෙසේ වෙතත් සමස්තයක් ලෙස බැලුවොත් අද වෙලා තියෙන්නේ මා පෙර කී ලෙසම ගහනය විශාල වීම නිසා කාටවත් තමන්ගේ ප්රියතාවයට අදාළ බ්ලොග් ටික පෙරා ගන්න බැරිකම. මේක සාමාන්‍ය තත්වයක්. සිංහල වගේ "ඉංග්‍රීසි" හෝ "ඇමරිකානු" "එංගලන්ත' වගේ බ්ලොග් සමූහ නැහැ. ඒවායේ ඇතුලේ උප වර්ග හැදිලා ප්‍රියමනාප කම අනුව. ඒ නිසා දවසක සිංහල බ්ලොග් අවකාශයත් උප ගහන හදා ගනීවි. ඒ හරහා පොදු කුලකය අවලංගු වී යන්න පුළුවන්. එකිනෙකා නොහඳුනන තරම් දුරස් වුනාම ඒක සමූහයක් නොවේ.

    මගේ අවසාන මතය නම් බ්ලොග් ලියන්නෙක් හෝ කියවන්නෙක් ලෙස මටනම් මේකේ විශේෂ අවුලක් හොඳක් හෝ අමුත්තක් නැතිබවයි. මම ලියන්නේ මගේ ලිවීමේ ආතල් ඒකට නිසා කාර්ය බහුල නොවන විටක අදහසක් ආවොත් මම ලියනවා. බුකිය හෝ වෙනත් මාධ්‍යයකින් මට අදහස් ලබා දීමක් විනා අදහස් නැතිවීමක් කරන්නේ නැහැ. මට වෙලාව නැති නිසා බ්ලොග් කියවීමෙන් ඈත්වුණේ. මම කැමති බ්ලොග් තෝරාගෙන උප සමූහයක් හදා ගන්න හිතාන ඉන්නවා. ඒත් ඉදිරි වසර කීපයේ බ්ලොග් කියවීමට වඩා ජීවිතයට බලපාන දේවල් වැඩි නිසා කවදා ඒක වේවිද මන්දා.

    කතිකාව මතු කලාට ස්තුතියි.

    ReplyDelete
  67. මේකට උත්තරයක්‌ ලියන්න අපහසු ප්‍රධානම කාරණාව මම පහුගිය වසරක පමණ කාලේ බ්ලොග් කියෙව්වේ නැති එකයි.

    කෙසේ වෙතත් මට හිතෙන ආකාරයට සිද්ද වෙන්නේ වැඩි පිරිසක් බ්ලොග් කරණයට යොමු වීමයි. එතැනදී විවිධත්වය වැඩි වෙනවා. පොදු නොවන මාතෘකා සුලබ වෙනවා. උප කල්ලි හැදෙනවා. ඒ කල්ලි අතර ප්‍රයිවෙට් ජෝක්ස් හැදෙනවා. ඕනෑම ප්‍රජාවක් සංඛ්‍යාත්මකව වැඩි වෙද්දී මේක දකින්න පුළුවන් දෙයක්.

    ඒ වගේම සමහර රිමාකබල් ලේඛකයින් විවිධ හේතු මත ඉවත් වෙනවා. ටැබූ එහෙම එකෙක්. ටැබුටත් වඩා පරණ [හෝ සමකාලින] බ්ලොග් ලියු හෂිත ඩෝසන් වගේ අය මේ ප්‍රමුඛ රැල්ලත් එක්ක යටපත් වෙලා ගිහින්. ඒ බ්ලොග් අලුත් අය කියවලාවත් තියේදැයි දන්නේ නැහැ. මේ පැරණි රිමාකබල් කියා කිව හැකි කීප දෙනා අද නොලිවීම හෝ ලිවීම අඩුවීම නිසා යම් දුරකට රික්තයක් ඇතිවෙනවා. ඒත් මෑතකාලයේ ආපු සමනල විප්ලවය එහෙමත් ඒ මට්ටමට තිබුනා. ඒ නිසා අපිට හිතන්න වෙන්නේ මේ රිමාකබල් කිවහැකි බ්ලොග් අඩු/වැඩි වීම හුදෙක් අහඹු ලෙස වෙන බවක්.

    දේශපාලන බ්ලොග් අඩුවීම එහෙමම නැහැ. දේශපාලනිකව බ්ලොග් ලියු අයට ඒක එපාවෙලා වගෙයි. ලංකාවේ දේශපාලනය තුල සිදු වෙන ක්‍රියාකාරකම් අනුව තවත් ලියා වැඩක් නැහැ කියා හිතෙන ගානට ඇවිත් වෙන්න පුළුවන්. හැබැයි රෙයා ගේට් w3lanka රාමා වගේ බ්ලොග් තවම ලියවෙනවා. තහනම් වචන මොඩන් පේට්‍රියට් බුවා වගේ අයත් මේකට දායක වෙනවා/වුනා.

    ඒක දිගට බ්ලොග් නොලියවීමට හේතු කීපයක් මා දකිනවා. එකක් තමා දිගටම එකම දේ කරගෙන යාමට ඇති අපහසුව. එකම ස්ටයිල් එකක් නොකඩවා තියාගෙන යන්නේ මාරයා පොඩ්ඩි කතන්දර තරංගා අරුණි වගේ කීප දෙනෙක්. කොහොම ඒක කරනවද කියලා මට හිතා ගන්න බැහැ. ඒක එක්තරා හැකියාවක්. ඒ වගේම නව තාක්ෂණික මෙවලම් [ගූගල් බස්, බුකියේ ෆෝරම, හා තවත් මා නොදන්නා නව තාක්ෂණික මෙවලම්] වලට බ්ලොග් කරුවන් යොමු වෙන්න ගත්ත. කාටත් තියෙන්නේ ලිමිටඩ් ටයිම්. මේක හරියටම රූපවාහිනිය නිසා සිනමාව හා වේදිකාවට පහර වැදුණු බවට ආපු චෝදනාව වගේ.

    සමූහය තදින් බැඳෙන්න බලපාපු කොමෙන්ට් කරුවන් හිටියා. විශේෂයෙන් සඳහන් කල හැකි කෙනෙක් තමා අප අතරින් වියෝ වෙච්ච ඔබ්සර්වර්. මේ අය සැහෙන්න බ්ලොග් කියෙව්වා. ඒ අය නිසා කට්ටිය එකිනෙකා සමග නෙට්වර්ක් වුනා. එහෙම අය අහිමිවීමත් ඒක හේතුවක් වෙන්න ඇති.

    තව දෙයක් තමා කොමෙන්ටු අවකාශ වල කට්ටිය මිනි මරා ගැනීම. මේ නිසා කොමෙන්ටු ලිවීම අඩුවෙන්න ඇති. බොහෝ දෙනා කැමති නැහැ නිකම් කාත් එක්කවත් පොර කන්න. පහුගිය කාලේ බ්ලොග්වල කොමෙන්ටු අවකාශතුල එකිනෙකාට එල්ල කරන ප්‍රහාර [මත ගැටුම් නොවේ, මිනි මරා ගැනීම්] වැඩි වුන බවක් දුටුවා.

    කෙසේ වෙතත් සමස්තයක් ලෙස බැලුවොත් අද වෙලා තියෙන්නේ මා පෙර කී ලෙසම ගහනය විශාල වීම නිසා කාටවත් තමන්ගේ ප්රියතාවයට අදාළ බ්ලොග් ටික පෙරා ගන්න බැරිකම. මේක සාමාන්‍ය තත්වයක්. සිංහල වගේ "ඉංග්‍රීසි" හෝ "ඇමරිකානු" "එංගලන්ත' වගේ බ්ලොග් සමූහ නැහැ. ඒවායේ ඇතුලේ උප වර්ග හැදිලා ප්‍රියමනාප කම අනුව. ඒ නිසා දවසක සිංහල බ්ලොග් අවකාශයත් උප ගහන හදා ගනීවි. ඒ හරහා පොදු කුලකය අවලංගු වී යන්න පුළුවන්. එකිනෙකා නොහඳුනන තරම් දුරස් වුනාම ඒක සමූහයක් නොවේ.

    මගේ අවසාන මතය නම් බ්ලොග් ලියන්නෙක් හෝ කියවන්නෙක් ලෙස මටනම් මේකේ විශේෂ අවුලක් හොඳක් හෝ අමුත්තක් නැතිබවයි. මම ලියන්නේ මගේ ලිවීමේ ආතල් ඒකට නිසා කාර්ය බහුල නොවන විටක අදහසක් ආවොත් මම ලියනවා. බුකිය හෝ වෙනත් මාධ්‍යයකින් මට අදහස් ලබා දීමක් විනා අදහස් නැතිවීමක් කරන්නේ නැහැ. මට වෙලාව නැති නිසා බ්ලොග් කියවීමෙන් ඈත්වුණේ. මම කැමති බ්ලොග් තෝරාගෙන උප සමූහයක් හදා ගන්න හිතාන ඉන්නවා. ඒත් ඉදිරි වසර කීපයේ බ්ලොග් කියවීමට වඩා ජීවිතයට බලපාන දේවල් වැඩි නිසා කවදා ඒක වේවිද මන්දා.

    කතිකාව මතු කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තුතියි. දිග කමෙන්ට් එකකින් දායක වීම වඩා වැදගත්. නොදන්නේ දේ ගොඩ මේ නිසා දැන ගන්න ලැබුණා.

      Delete
  68. සුදීක ඔබේ පොස්ට් එකේ මෙන්න මේකට ලින්ක් එකක් දාන්න පුළුවන් නම අගෙයි.

    මගේ ලෝකය ලියන රංග බලන සිංහල බ්ලොග් [සහ ඔහුගේ කියවන්නන් එකතු කල බ්ලොග්]

    මේ මීට වසරකට පමණ පෙර [ඒ කාලේ වැඩියෙන්ම ලියු] රංග විසින් බ්ලොග් වල සබැඳි එකතු කරන්න ගත්තු උත්සාහයක්. ඔහු සැහෙන හොඳ ලිස්ට් එකක් හැදුවා. කොමෙන්ටු වලින් ඒක තවත් හොඳ වුනා. ඔතන තියෙන බ්ලොග් ඇරෙන්න තව බ්ලොග් ඇති. හැබැයි ඔය තරම් හොඳ කලෙක්ෂන් එකක් ඒක තැනක ඇතැයි කියා මා හිතන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇවිද්ද පයත් රංගගේ ලිස්ට් එකට කොමෙන්ටුවක් දන්නට ගොඩ වැදුණු බවක් පෙනෙන්නේ

      Delete
    2. අංග සම්පූර්ණ කමෙන්ට් එකක්....

      Delete
  69. ස්වර්ණමය යුගය ගැන මාත් දන්නෑ මොකද මාත් තාමත් අළුත් තාමත් මේවා ඉගන ගනිමින් ඉන්න හින්දා.
    හිරු අක්කගේ පෝස්ටුව පස්සෙන් හොයන් ආවේ..

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එකට ලැබුණු කමෙන්ට් වලින් ගොඩාක් දේ ඉගෙන ගන්න පුළුවන්.

      Delete
  70. කලින් මම මෙහෙට ඇවිත්ම නැද්ද කොහෙද... කියවන්නෙ රීඩරෙන් නිසා ගොඩක් ඒව මගඇරෙනව. ඒ වුණාට මේ පෝස්ට් එක ට්‍රෙන්ඩ් එකක් වගේ ගිය බවක් කෙනෙක් කිව්වා. මෙහෙම එකක් ලියපු එක මරු!

    කවුරුත් අන්තිමේ හිතාගනියි තමන් ලියපු යුගය ස්වර්ණමයයි කියලා. හරියට අපේ තාත්තලා තවම එයාලගෙ තරුණ කාලෙ තමයි හොඳම කාලෙ කියල හිතනව වගේ. අපිත් කවද හරි හිතන්න ඉඩ තියෙන්නෙ එහෙම්ම ම තමයි

    ReplyDelete
    Replies
    1. සමහරු හිතේ තියෙන දේ කියන්නැතුව බලන් ඉන්නවා. මම කලේ ඒ අයට ඉඩ කඩ සලසපු එක. මට මේ ගැන ස්ථිර මතයක් නෑ. එත් මේ කමෙන්ට් වල හරි උත්තරය මොකක්ද කියලා තියෙනවා.

      Delete
  71. This comment has been removed by the author.

    ReplyDelete
  72. මේ පෝස්ටුවෙන් මම බොහෝ දේ ඉගෙනගත්තා සුදීක. ඔබට බොහොමත් ස්තූතියි. ඒ වගේම උපන්දිනයටත් සුබ පතනවා. මා කියන්නට සිතූ බොහෝ දේ සටහන් වී තිබෙනවා.

    ReplyDelete
  73. ආයුබෝවන්... අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ....

    මමත් බ්ලොග් කරණයට නවකයෙක්... මම බ්ලොග් ලියන්න පටන් ගත්තෙ ඡායාව, බිඟු, ඇසිදිසි මානය වැනි බ්ලොග් කියවීමෙන් ලැබුණු ආභාෂයෙන්..

    අන්තර්ජාලය තුල එක එක අරමුණු වෙනුවෙන් ලියවුනු බ්ලොග් දකින්න ලැබෙනවා. බොහෝමයක් ඉතා සාරවත් ලිපි අඩංගු ඒවා මෙන්ම අසාරවත් දේ ත් දකින්න ලැබෙනවා.

    ඕනෑම දෙයක හොඳ නරක දෙකම තියෙනවනේ...

    ReplyDelete
    Replies
    1. කොල්ලගේ නමේ ඉතාමත් බැරෑරුම්. ඒත් තාම ලපටි කොල්ලා.

      Delete
  74. මම මේ බ්ලොග් ලිවීම පටන් ගත්තේ ඉතාම මෑතකදී..එහෙම බැලුවොත් නිකම්..මම තවම ඉපදුනා විතරයි වගේ..
    ඇත්තටම බ්ලොග් කියවන්න ගියාම..සමහර බ්ලොග් වල තියන අදහස්...ප්‍රසිද්දියේ පල කල යුතු ඒවාද කියලත් හිතෙනවා..ඔන්න ඔහේ ලියා දානවා කියලා වගේ හිතුනම ලියන ඒවා..
    ඉතින්...ඔබේ පෝස්ටුවේ සඳහන් කරුණු එක්ක බැලුවම..අපි හැමෝම තමා විසින්ම පනවා ගත වාරණයක්..අදහස් සහ භාෂාවට යොදා ගත්තොත් වඩා හොඳ බ්ලොග් ඉදිරියේදීත් අපිට හමු වෙයි..නේද...

    ReplyDelete
    Replies
    1. තමන්ගේ වරණය එක්-එක් අය තුල ඉන්න මිනිසාගේ/ගැහැනියගේ විනය මත තීරණය වෙයි. ඔයා කියනවා වගේ තමන්ට වාරණ දාගන්න පුළුවන්, ඒත් අනිත් අයට වාරණ දාන්න බෑ.

      Delete
  75. මෙහෙමයි .. ස්වර්ණමය යුගය මොකද්ද කියන්න අද ඉන්න බ්ලොග් කරුවන් බොහොමයක් ළදරු වැඩියි මේ කලාවට.. ගොඩ දෙනා බ්ලොග් පටන් අරන් තාම අවුරුද්දයි දෙකයි.. ඒ කෙටි කාලේ ඇතුලත මහා ලොකු වෙනසක් බ්ලොග් ලෝකෙ ඇතුලේ උනේ නෑ .. අනික.. ස්වර්ණමය යුගය මොකද්ද, ඒක ඉවරද කියලා හොයනවට වඩා මම නම් හිතන්නේ ආයෙම ස්වර්ණමය යුගයකට යන්නේ කොහොමද කියලා හිතන එක වැදගත් වෙයි.. බ්ලොග් කලාව ගැන අපිට වඩා දැනුමක් තියෙන අයට පුලුවන් නම් හරි පාර පෙන්නන්න, ආයෙම ස්වර්ණමය යුගයකට යන්න පුලුවන් වෙයි හැමෝටම එකතු වෙලා .. :)

    ReplyDelete
  76. මෙහෙමයි .. ස්වර්ණමය යුගය මොකද්ද කියන්න අද ඉන්න බ්ලොග් කරුවන් බොහොමයක් ළදරු වැඩියි මේ කලාවට.. ගොඩ දෙනා බ්ලොග් පටන් අරන් තාම අවුරුද්දයි දෙකයි.. ඒ කෙටි කාලේ ඇතුලත මහා ලොකු වෙනසක් බ්ලොග් ලෝකෙ ඇතුලේ උනේ නෑ .. අනික.. ස්වර්ණමය යුගය මොකද්ද, ඒක ඉවරද කියලා හොයනවට වඩා මම නම් හිතන්නේ ආයෙම ස්වර්ණමය යුගයකට යන්නේ කොහොමද කියලා හිතන එක වැදගත් වෙයි.. බ්ලොග් කලාව ගැන අපිට වඩා දැනුමක් තියෙන අයට පුලුවන් නම් හරි පාර පෙන්නන්න, ආයෙම ස්වර්ණමය යුගයකට යන්න පුලුවන් වෙයි හැමෝටම එකතු වෙලා .. :)

    ReplyDelete
  77. "Blog" angataya hodawavi..
    samhara post jewita walata godak dewal ekatu karanawa.
    Jayawewa

    ReplyDelete
  78. බ්ලොග් අවකාශේ ස්වර්ණමය කාලේ ගැණ වගේම ප්‍රවීණ බ්ලොග්කරුවන්, ආධුනික බ්ලොග්කරුවන් වගේ දේවල් ගැන මම දැකපු හොඳම ලිපිය ලියලා තියෙන්නේ චමිල අයියා.

    //...“අනේ ඉස්සර බ්ලොග්නං මාර හොඳයි. දැන් තමයි කබ්බො මේක කාලා තියෙන්නෙ” වගේ ආපු පාර දිහා බලාගෙන අධෝ මුඛයෙන් කතා කරන්න එපා. ඉස්සර කියල මාර හොඳ බ්ලොග්කාරයො හිටියෙ නැහැ. ඉස්සරත් මේ “කබ්බො” ප්‍රතිශතය මේ අගයම තමයි. වෙනසකට තියෙන්නෙ දැන් බ්ලොග්කාරයො වැඩි නිසා “කබ්බො” ප්‍රමාණයත් වැඩි වුන එක.....//

    http://www.chamiladealwis.com/reaction-to-bullshit/

    ReplyDelete
  79. ධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
    යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
    http://dahamvila.blogspot.com/

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...