Wednesday, July 13, 2016

ඔබේ නින්ද සමාන වන්නේ කුමන රටේ නිදාගැනීමටද ? ......

සිංගප්පූරු පිරිමියෙකු සාමන්‍යයෙන් දිනකට පය 7.3 නිදාගනු ලැබේ - නවතම අධ්‍යනයකට අනුව එය දුසිමකට අධික රටවල ජනතාවකට වඩා අඩුවෙනි.

මෙම නිද්‍රවලියේ (මා එකතු කල වචනයකි) අනිත් කොණේ සිටින්නේ ඕලන්ද කාන්තාවයි. ඔවුන් අඩුම තරමින් සෑම රාත්‍රියකම පැය 8.4ක නින්දක් ලබයි.

මෙම දත්ත ලැබෙන්නේ මිචිගන් සරසවිය විසින් සිදු කරන්නට යෙදුනු, නිදාගන්නා ආකාර පිලිබඳ පර්යේෂණයක ප්‍රතිඵල ලෙසිණි.මේ සඳහා රටවල් 20ක,  10,000ක පමණ පිරිස්ක් සහභාගී කරගත් ඇප් එකක් අනුසාරයෙන් තොරතුරු එක් රැස් කරගෙන තිබෙනවා. මෙම පර්යේෂකයන් විවිධ සංස්කෘතීන් අතර වෙනස්කම් හදුනාගෙන තිබෙන අතර, සමස්තයක් ලෙස කාන්තාවන් පිරිමින්ට වඩා අවම වශයෙන් මිනිත්තු 30ක් පමණ වැඩිපුර නිදා ගන්නා බවට තහවුරු කරගෙන තිබෙනවා.

පහතින් තිබෙන සටහනින් පැහැදිලි වනවා ලොව විවිධ ජාතීන්ට අයත් කාන්තා/පුරුෂ කොට්ඨාශ දෙක නින්දට යන සහ අවධි වන වේලාවන්.  පහතින් තිබෙන සබැඳියාවෙන් ගොස් ඔබ නිදන්නේ කවුරු වාගේදැයි වටහා ගත හැකි වනවා. එහිදී ඔබ නින්දට යන වෙලාවත්, අවධි වන වෙලාවත් සටහන් කලපසු එය අළුපාට කොටුවකින් පෙන්නුම් කරාවි, එයට අමතරව එය හරියටම සැසඳෙන්නේ කුමන රටේ, කුමන   පාර්ශවයේ නින්දටදැයි සටහන් කරාවි.
පින්තූරය කපා ගත්තේ : http://time.com/

මෙන්න මෙතනින් ගිහිං බලන්න.

http://time.com/ හී පලවූ Find Out What Country You Sleep Like ලිපියෙහි අසංක්ෂිප්ත පරිවර්තනයකි.

12 comments:

  1. මගේ නින්ද මෙහෙමයි.

    දිනපතා රාත්‍රී 12.30 හෝ 1.00 පමණ සිට, උදේ 6.30 පමණ වනතුරු.
    දවල් (පස්වරු) 3.30 පමණ සිට, 4.30 - 5.00 පමණ වනතුරු.

    හොඳ නරක කොහොම වෙතත් ඔය ක්‍රමේ හමුදාවෙන් ලැබුණු පුරුද්දක්.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ මම ගොඩක් උදෙන් අවධි වෙනවා. මේ ඇප් එකේ උදේ හය විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ නියැදියේ තියෙන කිසිම රටක අය හයට කලින් අවධි වෙන්නේ නෑ කියන එක වෙන්න ඕනේ.

      Delete
  2. බදිනවානම් ඕලන්ද කාන්තාවක් තමයි මම ආය බදින්නේ

    ReplyDelete
    Replies
    1. බදින්න ගෑණු කුකුල්මස්ද?

      Delete
    2. @මෙන්ඩා : අම්මේ උඹව දැක්ක කල්. වැඩියෙන් නිදා ගන්නකොට නිදහසේ ඉන්න පුළුවන් නිසාද?

      Delete
  3. මේ පෝස්ට් එක මිසින් වෙලා තිබ්බෙ ඊයෙ... අපේ ඇනොපිලිය නිදාගන්නෙ උදේ හතට. ඇහැරෙන්නෙ දවල් එකට.. කිසිම නියදියකට අහුවෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නැති කේස් එක නිසා දෙතුන් පාරක් පබ්ලිෂ් කළා. ඒ අතරවාරෙකදී වෙන්න ඕනේ සජ්ජා ආවේ.

      අප්පා ඒ කියන්නේ නයිට් ඩියුටියක් කරන්නේ ?

      Delete
  4. මමනං නිදාගන්නෙ සිංගපෝරියන් එකෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. ගෑණික්ද පිරිමියෙක්ද නෑ තේරුණේ.

      Delete
  5. උදේ 3.30 ත් 05 ත් අතර කාලයේ අවදිවන අතර රාත්‍රී 12න් පසු නින්දට වැටේ. දිවා කල නින්දක් ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් වැනිය

    ReplyDelete
    Replies
    1. හොඳටම මදි නින්ද. මමත් කාලයක් 12.00 පහු වෙනකන් හිටියා. පස්සේ නින්ද අඩු නිසා, අකාලයේ මිය ගිය දාස් ගුප්තා කියන ඉන්දියානු සැප් ප්‍රධාන විධායකයාගේ මරණයට හේතුව අඩු නින්ද කියන කාරණය දැන ගත්තම වැඩියෙන් නිදා ගන්න පටන් ගත්තා. ඒ වුණත් උදෙන් අවධි වෙනවා.

      Delete
  6. සිංගා උන් සල්ලි හොයන්න දුවන රේස් එකත් එක්ක මම නම් හිතන්නෙ නෑ පැය 7 ක නින්දක් ලැබෙනවා ඇති කියලා...

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...