Friday, September 5, 2014

ඇයි මීට කලින් අමු මිරිස් කනවා දැකලම නැද්ද ...... ? Never seen eating "Amu Miris" Before ...... ?

අපේ කට්ටිය අමු මිරිස් චැලේන්ජ් එක පටන් අරගෙන දැන් සතියකට ආසන්න කාලයක් වෙනවා. දැන් කට්ටිය කාගෙන කාගෙන යනවා, කාටවත් තවම සැර දැනුණේ නෑ. යාන්තමටවත් දැනුණේ අර වෙනිවැල් උන්නැහේට. මේ වැඩේ අපේ කට්ටිය ආරම්භ කලේ, අර ලෝකේ වටා යන අයිස් බකට් චැලේන්ජ් එක දැකලා. "කොපි කිරිල්ල අපේ රටේ පුරුද්ද නේ ඉතිං" කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. "කොපි කිරිල්ල වෙන්නේ අයිස් බකට් එක ඒ විදියට කලානම් නේ" කියලා තව කෙනෙක් තර්ක කරන්න පුළුවන්. බොරු කියන්න ඕනේ නෑ මටත් ඔහොමම හිතුණා. පෘතග්ජන මිනිස්සුනේ. මෙහෙම හිතිලා මම නිකං හිටියේ නෑ. දුකට සැපට දෙකට ඉන්න ගූගල් දෙවියන්ගේ පිහිට පැතුවා.  එහෙම කරලා සොයා ගත්තු දැනුම තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ.

මම ඔය සර්ච් එක කරේ ඊයේ හවස. මට අපූරු ලිපි කිහිපයක් හමු වුණා. ඒවා කියවලා පස්සේ මේ සටහන තියනවා කියලා හිතාගෙන ටී.වී. බලන්න පටන් ගත්තා. මගේ ප්‍රියතම නාලිකාවක් වන ඩිස්කවරි එක බලමින් ඉන්නකොට, හරි අපූරු වැඩසටහනක් ගියා. මම වෙනදා බලලා නැති වුණත්, ඊයේ බලන්න හිතුණේ මම චැනල් එක මාරු කරපු ගමන් දැකපු විශ්මිත රුප රාමුව නිසා. වැඩසටහන තමයි you have been warned. මේ වැඩසටහන කලිනුත් කිහිප වතාවක නරඹලා තිබුණා. ඒකෙ යන තරමක් යන්නේ මිනිස්සු කරපු ගොන්කං කිව්වොත් වඩා නිවැරදියි. ඔන්න එහෙනං ඔයාලත් බලන්නකෝ මේ හාදයා කරන වැඩේ.



   



දැන් පේනවා නේද රඟේ. රට කජු, රට ළූණු, රට පුවක්, රට අඹ, රට හරක්, රට හාවා ආදී වශයෙන් හොඳම එක රටට පූජා කරන්න පසුබට නොවෙන අපේ සමාජය, සැරම මිරිස් වලට රට මිරිස් කියලා නොදැම්මේ ඇයි කියන ගැටළුව මෙතනදී මතු වෙනවා. එහෙම කරේ අපේ දීන කමට කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒ මාතෘකාව වෙනමම කථා කරන්න අවශ්‍ය එකක්. 

මේ මිරිස් සැර ලෝකෙම ජනතාවට ප්‍රශ්ණයක් වුණා. ඒ නිසා විල්බර් ස්කෝවල් කියන ඇමරිකානු රසයනඥයා සොයා ගත්තා මිරිස් වල තිබෙන කටුකත්වය මනින ක්‍රමයක්. එය හඳුන්වන්නේ ස්කෝවල් පරිමාණය (Scoville scale) හෝ ස්කෝවල් ඒකක(Scoville Units) ලෙස. කැප්සායිසින් කියන රසායනික සංයෝගය තමයි මිරිස් වල සැරට හේතු වෙන්නේ. ඉතිං මේ සංයෝගය තිබෙන ප්‍රමාණයට මිනිස් සමේ තිබෙන ප්‍රතිග්‍රාහක ස්නායු ක්‍රියා කරන ආකාරය අනුව තමයි මේ ඒකක කොපමණක් මෙහි අඩංගු වනවාද යන්න තීරණය කරන්නේ. එම සංයෝගය මිනිස් සම මත උෂ්ණත්වය ඉහල දමන්න හේතු වනවා. නමුත් එය සිදු කරන්නේ සීනි ද්‍රාවණයක් සහ විවිධ වර්ග වලට අදාළ මිරිස් පල්පයක් මිශ්‍ර කිරීමෙන් පසුව. මෙය 100% සාර්ථක නොවන බව ඔවුන්ම පවසනවා. හේතුව එක්-එක් මිනිසාගේ සමට සාපේක්ෂව මෙය සිදු කිරීම. මෙහිදී මෙම ඒකක ප්‍රමාණය 0 වීමට සීනි ද්‍රාවනයෙන් කොපමණ ප්‍රමාණයක් යෙදවිය යුතුයි පරීක්ෂා කෙරෙනවා. සමහර වර්ග වලට මිලියන ගණන් වල අගයක් දෙනවා. 

පින්තූරය ගත්තේ : http://www.eatmorechiles.com

මේ පින්තූරයෙන් පෙවන්නේ විවිධ වර්ග වල මිරිස්(ඔවුන් මේවා Pepper වශයෙන් හඳුන්වන්නේ) කලින් සඳහන් කරපු ස්කෝවල් දර්ශකයට අනුව දක්වන සැර ප්‍රමාණය. 

මේ ගැන කරපු සෙවීම් වලදී අගනා ලිපි කිහිපයක්ම හමු වුණා. ඉන් සරල සහ සිත්ගන්නා සටහනකැ මෙන්න මේ වගේ විස්තරයක් තිබුණා. 

බෙල් පෙපර්

දැක්ක ගමන් ලංකාවේ බොහෝ දෙනෙක් දන්නා කිසිම කරදරයකින් තොරව ආහාරයට ගන්න පුළුවන් මිරිස් පවුලේ සැර අතින් බාලයා ලෙස හඳුන්වන්න පුළුවන් මේ වර්ගය. රතු, කහ සහ කොළ වර්ණයන්ගෙන් මේවා වෙළඳපොලේ දක්නට ලැබෙනවා.

පොබ්ලානෝ


බැලූ බැල්මට අපේ අමු මිරිස් වගේ පෙනුනත්, මෙය ඉතා තද කොළ පැහැති අපේ අමුමිරිස් වලට වඩා ප්‍රමාණයෙන් විශාල මිරිස් වර්ගයක්. දිගින් අඟල් හතරක් සහ පළල අඟල් දෙකක් පමණ වන මෙම මිරිස් වර්ගය වියලි මිරිස් ලෙසද වෙළඳපොලේ තිබෙනවා.

මෙය ඉතා ඝන පොත්තක් ඇති මිරිස් වර්ගයක් නිසා, අහාර පිළියෙළ කිරීමේදී ඇතුලත පුරවා සාදා ගන්නා අහාර සඳහා වැඩිපුර යොදා ගන්නවා. මෙය ප්‍රසිද්ධ මෙක්සිකන් ආහාරයක් වන "චිලී රේලෙනොස්" සෑදීමේදී යොදා ගන්නවා. ඒ ගැන වචනයෙන් විස්තර කරනවාට වඩා මේ පින්තූරය වැඩි විස්තරයක් සපයයි කියා මා විශ්වාස කරනවා.

මේවයේ ස්කෝවල් ඒකක 2000 ක අගයක් ඇති බව සඳහන්.

ෆ්‍රෙස්නෝ

මේවා ලංකාවේ දකින්නට ලැබෙනවදැයි කියා ස්ථිරවම කියන්න බෑ. නමුත් අපේ සමහර කොච්චි මිරිස් වර්ග මේ අකාරයේ බව මතකයක් තියෙනවා. ඉදුණු විට තද රතු සහ තැඹිලි පැහැයකින් යුත් මේ කොච්චි වර්ගය ජලපේනෝ වලට යම් සමානත්වයක් දක්වනවා.

මේවායේ ආහාරයට භාවිතාව වැඩි වශයෙන් සැලඩ් වර්ග වෙනවා. සමහරු මේවා තලා පල්පයද ආහාරයට ගන්නා බව පැවසෙනවා.  මේවායින් සාදා ගන්නා තවත් ආහාරයක් තමයි "පිකෝ ඩි ගැල්ලෝ".

මෙහි ස්කොවිල් අගය 5000ක්.

අන්හයිම් මිරිස් 

මෙන්න ඉනන්වා අපේ හිතවතා. අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නෑ නේද ? නමුත් ඔවුන් භාවිතා කරන්නේ වෙනත් නමක්. හදන විදිය ගැන පිටරටියන්ගෙන් ඉගෙන ගන්නත් අවශ්‍ය නෑ නේ. දැනට අමුවෙන් එක පාරට තුනක් කන්න පුළුවන් කියලා. මේවායේ ස්කෝවල් දර්ශකය 2500 වශයෙන් ගණන් බලා තිබෙනවා. 


මෙය ලොව වැඩියෙන්ම ජනප්‍රිය මිරිස් වර්ගයයි. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේද මේ හති මිරිස් වර්ගයක් දක්නාට ලැබුණා. නමුත් භාහිර පෙනුමෙන් එය මෙහි තිබූ වර්ගයම බව නිගමනය කරන්න බෑ. අත්හදා බලන්නවත් මේවා කට අහලකට ගන්න එක සියතින් ගෙල සිඳ ගැනීමක් වැනියි. මෙය සාපේක්ෂව කුඩායි. හරියටම කිව්වොත් මහපටඟිල්ල තරම්. මෙහි ශක්තිකමත් පිට පොත්තක් ඇත. ඇටත් සමගින් ආහාර සෑදීමේදී යොදා ගත හැකියි. එයා සාදා ගැනීමට හැකි ක්‍රම ගණන අසීමිතයි. විවිද සැලඩ් වර්ග වලට උඩින් දමන්න හීනියට කපාගත් ජලපීනෝස් අනර්ඝයි.මෙහි ස්කෝවල් දර්ශකය 5000ක් නිසා තවමත් අපට ලඟා විය හැකි සීමාවේ පවතිනවා. 

හබානෙරෝ



මෙය බෙල් පෙපර් වර්ගයක් යයි වරදවා වටහාගෙන අහාරයට ගත්තොත් එය ඔබේ තාවකාලික අවසානය බව මා භිය නැතිවම පවසනවා. මන්ද බෙල් පෙපර් වලත් කහ පැහැ කරලක් තිබෙන නිසා, පැටලීමට ඇති හැකියාව වැඩියි. මෙහි අධික ලෙස කප්සායිසින් අඩංගු නිසා ඉතා සැර මිරිස් වර්ගයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඔබට තද සැර මිරිස් වර්ග අනුභව කල නොහැකි නම් මෙය උත්සාහ කිරීමෙන් වලකින්න. විවිධ සැර අධික සෝස් වර්ග සහ සල්සා නමැති මධ්‍යම ඇමෙරිකානු ආහාර සඳහා මේවා යොදා ගන්නවා. මෙහි ස්කොවල අගය හිතා ගන්න පුලුවන්ද ? 100,000 සිට 350,000 අතර අගයක්.

සෙරානෝ

,මේවා බැලූ-බැල්මට අපේ අමු මිරිස් කියා හිතා ගන්න පුළුවන්. නමුත් මෙය වෙනස් වර්ගයක්. එය වෙනස් වන්නේ ස්කොවල දර්ශක අගය නිසා මෙය ඉහත සඳහන් ජලපීනෝ වර්ගයට ආදේශකය වශයෙන් යොදා ගත්තත්, එකතු කර ගන්නා අහාරයේ සැර ඉතා ඉහල මට්ටමකට යනවා. මෙම වර්ගයේ ස්කෝවල් දර්ශකය පෙන්වන්නේ 25,000 ක අගයක්. 

සියේන

සිහින්, අඟල් හයක් පමණ දිගැති, රැලි සහිත මෙම මිරිස් වර්ගයත් අපේ මිරිස් සංචිතයේ එකක් කියා වෙලාවකට ශිතෙනවා. නමුත් ඔබ මේ වන විට ඉගෙන ගෙන තිබෙන පාඩම් අනුව මිරිස් වර්ග අත්හදා බලන්න යෑම ඥානවන්ත ක්‍රියාවක් නොවෙයි. මෙයට ඩෙවල් ෆින්ගර්ස් යන අන්වර්ථ නාමයෙන්ද අමතනවා. මේවා  කැජන් නමැති මුහුදු ආහාර සෑදීමේදී බහුලව යොදා ගන්නවා. මේවායින් බොහෝවිට සෝස් වර්ග නිපදවනවා නමුත් විවිධ සැලඩ් සාදීමෙදීත් යොදා ගන්නවා. ස්කොවිල් අගය 60,000 ක තිබෙන නිසා මෙයට හිමි වන්නේ සැර අතින් මඩ ස්ථානයක්. 

ගෝස්ට් චිලී නොහොත් හොල්මන් මිරිස්


මෙය නාගා ජෝලෝකියා ලෙසත් හැඳින්වෙනවා. මෙය ලෝකයේ ධරුනුම නයි මිරිස් වර්ගය ලෙස හඳුන්වන්නේ එහි ඇති අනුකම්පා විරහිත කප්සෙයිසින් ප්‍රමාණය නිසා ඇතිවන සැර නිසා. මෙය ඉන්දියාවේ බොහෝ සෙයින් වගා කෙරෙනවා අඟල් 2 ½ ත් 3 ½ ත් අතර ප්‍රමාණයේ තැඹිලි හෝ තද රතු වර්ණයෙන් සමන්විත තුනී සමක් සහිත රැලි ගැසුණු මිරිස් බෝල ලෙස හැඳින්විය හැකියි. මේවා ආශ්‍රිත අහාර නිර්මාණයේදී අරක්කැමියන් අත් ආවරණ පළඳින්නේ ඒවා හා දෙඅත් ගැටීම වලකා ගන්න. ඒවා තුල මෘදු තෙල් සහිත ඉස්මක් තිබේ. මේවායේ භාවිතය අහාර පිසීමේ අභියෝග වන්නේ යුරෝපයේ. නමුත් ඉන්දියාවේ අලි වැටවල් වල මෙය ආලේප කරන්නේ අලි-ඇතුන් පලවා හරින විඅල්පයක් ලෙස. මේ අතරවාරයේ හොල්මන් මිරිස් නො-දරුණු සෙනග පාලක මෘදු අවියක් ලෙස සංවර්ධන උත්සාහයක් පවතිනවා. නිකමට් හිතුනාද මෙහි ස්කෝවල් අගය මොන තරම්ද කියලා. වැඩිය නෑ 850,000 සිට 1,000,000 දක්වා ඉහල අගයක් මෙයට ලැබී තිබෙනවා.

නාගා වයිපර්ස්


තද රතු පැහැ, කුඩා සහ රැලි සහිත මිරිස් වර්ගයකි. ප්‍රමාණයෙන් හබනීරෝ මිරිස් වර්ගයට සමාන නමුත් අධික සැරකින් යුක්තය. බ්‍රිතාන්‍ය මිරිස් වගා කරන්නෙකු සහ මත්පැන්ශාලා හිමියෙකු විසින් කරන ලද නිර්මාණයක් වන නාගා වයිපර්ස් නාගා ජෝලෝකියා සහ තවත් වේදනාකාරී නයි මිරිස් වර්ග මුහුන් කර සාදා ගන්නා ලද්දකි. එය 2010 දී ලොව සැරම මිරිස් වර්ගයට හිමි ගිනස් වාර්තාවටද හිමිකම් කීවේය. මේ මත්පැන් ශාලා හිමිකරු නාගා වයිපර්ස් ව්‍යංජනයක් ලෙසින් පිළිගන්වයි. නමුත් ගනුදෙනු කර තම කැමැත්ත පිළිබද ගිවිසුමක් ආහාරයට ගැනීමට පෙර අත්සන් කල යුතුය. එයට අමතරව එහි රස බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය එහි රස බලා ඇත. මෙහි ස්කෝවල් දර්ශක අගය 1.359,000 !

තොරතුරු මූලාශ්‍රය : http://www.artofmanliness.com/2011/01/04/mastering-man-food-knowing-your-peppers/

42 comments :

  1. මොනවත් කොපි නොකර ඉන්න බැරිකම තමා අපේ එක ජාතික ලක්ෂණයක් වෙලා තියෙන්නේ.

    හොඳ දැණුවත් කිරීමක්. මෝඩකමේ මට්ටම මනින ඒකකයක් නැද්ද දන්නෑ ලෝකෙ කොහේ හරි.

    ReplyDelete
    Replies
    1. හොඳ දේවල් කොපි කිරීමේ වරදක් නෑ. හැබැයි නිරමානශීලිව අලුත් දේ හොයාගෙන යන්න ඕනේ.

      Delete
  2. හම්මෝ මිරිස්.. දකිනකොටත් හූයි ගෑවෙනවා කැවුම් මිරිස් නයි මිරිස් එහෙම.. අර කිව්ව කැප්සයිසින් වෙන් කරලා එක බේස් කරගෙන තමා ඔය සිද්ධාලේප වගේ බං වර්ග හදන්නෙත්.. ගැස්ට්‍රයිටිස් එහෙම තියන අය මිරිස් කෑවොත් ඉතින් සොරි.කොම් තමා...

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ මිරිස් වර්ග බොහොමයක් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ පෙපර් වශයෙන්. මම උවමනාවෙන්ම ඒ වචනය මග හැරියා බොහෝ තැන් වලදී. මොකද පෙපර් කිව්ව ගමන් අපේ අයට මතක් වෙන්නේ ගම්මිරිස් නිසා.

      Delete
  3. කොපිකිරිම වුනත් අපේ දෙයක් එකතු කරලා නව නිර්මානයක් කිරිම වටිනවා.
    අලුත් ලිපියක් දාපු එකත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. නැත්නම් ... නැත්නම් ...

      Delete
  4. The green chili in India is called ;Hari Mirch'. Hari Mirch has 15,000 to 30,000 Scoville Heat Units.

    https://answers.yahoo.com/question/index?qid=20090301075658AAwP9K1

    http://mharorajasthanrecipes.blogspot.com/2010/04/malai-mirch-green-chilli-preparation.html

    ReplyDelete
    Replies
    1. This URL would have found earlier. Very informative.

      Delete
  5. අමු මිරිස් වලට විකල්පයක් නැද්ද ? .....

    ReplyDelete
    Replies
    1. මගේ දැනුම්වේ හැටියට නම් නෑ. බෙල් පෙපර් ට්‍රයි කරලා බලන්න.

      Delete
  6. ස්කෝවල් ගැන දැනගත්තා ඒ මදෑ.. තැන්කුයි සුදීක

    ReplyDelete
  7. ඔය ලොකු, සැර නැති එක කෑවා නම් හරිනේ. අපි ඕකට කියන්නේ Capsicum කියලා...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩ් හරි සිංහලෙන් එහෙම තමා කියන්නේ..

      Delete
    2. මෙහෙ කැප්සිකම් කියන්නේ මාළු මිරිස් වලට නේද ?

      Delete
    3. මාළු මිරිස් = banana pepper

      Delete
  8. අර පිංතූරෙ නයිමිරිස් වල සැර එහෙම නැෙන් ආබංඩ...
    තරහ අවසර ඉංගිරිස් වලිං ඕවට කියන නංවත් දන්ෙන නෑනෙව...

    වටින ලිපියක් ...
    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අමු කරපිංචා චැලේන්ජ් එකක් වත් තිබ්බා නම් නේ.

      Delete
  9. සුදීකගෙන් මේ වගේ විස්තරයක් ලැබෙයි කියලා මට නිකමට හිතුනා

    ReplyDelete
    Replies
    1. මුල පාර පබ්ලිෂ් කරද්දී ලියපු එකෙන් භාගයක් බහිරවයා කාලා. අපහු ලියන්න වුණා.

      Delete
  10. නොදැන හිටිය කරුණු ටිකක් , අගෙයි

    ReplyDelete
    Replies
    1. නැවත බලන්න වෙයි. නැති වුණා කොටස ආපහු දැම්මා.

      Delete
  11. ඔය ගැන රයිගම ලියල තිබුන එකසැරයක්

    ReplyDelete
  12. ගොඩක් ස්තුතියි සුදීක අයියා, මම නම් පිගානේ තියෙනේ මිරිස් කරල් ටිකත් පැත්තකට කරලා කන එකේ මීව දැක්කමත් දැවිල්ලයි වගේ, ඔය වීදියෝවකුත් දාල තියෙන්නේ රට හරකෙක් කරගෙන තියෙන හරියක්. සෑහෙන්න දෙයක් දැනගත්තා මිරිස් වල සර පිලිබඳ, අහලා තිබුනත් දැනගත්තේ අද.

    ReplyDelete
  13. වටිනා ලිපියක්.
    අමු මිරිස් අභියෝගය නම් ගොන් වැඩක්

    ReplyDelete
  14. කෝ බොලේ මන් දාපු කොමෙන්ට් එක, කවුද මිරිස් කන්න වගේ එක ඉස්සුවේ, වින ලිපියක්, මිරිස් වල සර මනින ඒකකය පිලිබඳ අසා තිබුනත් එය අද හරියටම දැනගත්තා, ඔය පෙන්නේ රට හරකෙක් කාල නහින හැටි. හෙක් හෙක් ඕකට තමා කියන්නේ සිතා බලා පැනීම කියලා.

    ReplyDelete
  15. මිරිස්නම් ඉතින් මගෙත් ප්‍රියතම තමා... ඉන්දියන් අය ( මලයාලි මම හිතන්නෙ ) ඔය කැප්සිකම් එහෙම දාලා කුකුල් මස් බැදලා කරි එකක් හදනවා චිකන් කැප්සිකම් කියලා.. ම්ම්ම්ම්ම්ම්ම් නල්ල රුසි....

    සුදීකට ස්තූතියි මේ විස්තරයට.. නොදැන සිටි බොහෝ දේවල් දැන ගත්තා..

    ReplyDelete
  16. ඔය කොයිකත් ලා එවයින් කැවම හරි

    ReplyDelete
  17. පෙනුමෙන් හබනෙරෝ වගේ මිරිස් ජාතියක් හේන් වල හැදෙනව. හැබැයි ඒව රතු පාටයි. ඒ වගේම හබනෙරෝ තරං සැර නෑ මං හිතන්නෙ. ඒත් කාපු වෙලාවෙ ඉඳං බඩේ දැවිල්ල හදන්න තරං සැරයි.

    සුදු පාට මිරිස් (නයි මිරිස්, නයි කොච්චි) වල ස්කොවෙල් අගයන් කොයි වගේ වෙයිද?

    ReplyDelete
  18. ස්කෝවල් දර්ශක අගය? කියන්නේ සැර මනින ඒකකයක්ද?

    ReplyDelete
  19. කොපි කරල හරි ඉතින් මුන් වකුගඩු රෝගීන්ට රුදිර කාන්දු කරන යන්තරයක් අරන් දෙන්නනෙ හදන්නෙ .

    ReplyDelete
  20. වටින ලිපියක්. සමහරුන්ට මිරිස් කෑම ගේමක් නෑ. අපේ හෙළ යක්කු කොච්චි එක මයියොක්කා කාලයි යුද්ධ කලේ...

    ReplyDelete
  21. //රට කජු, රට ළූණු, රට පුවක්, රට අඹ, රට හරක්, රට හාවා ආදී වශයෙන් හොඳම එක රටට පූජා කරන්න පසුබට නොවෙන අපේ සමාජය//

    ඔය සුධීකගෙ විස්තරේ සේරම වෙන රටවලින් ලංකවට පැමිණි දේ උනත් ඒ හා සමාන වෙනත් දෙත් මෙහි තිබ්බ නිසයි "රට" කියන විශේෂනය ආවෙ අඳුනා ගැනීමේ පහසුවට. නැතුව ඒක දීන කමේ ලක්ෂනයක් නෙමෙයි.

    රටකජු - දකුණු ඇමරිකාවේ සිට සුද්දො ලංකාවට ගෙනාව.
    රට පුවක් - කේරලේ ඉඳන් මෙහෙ ආව
    රට අඹ - ඉන්දියාවෙන්, ඈත පෙරදිගින්
    රට හරක් - ඉන්දියාවෙන්
    රට හාව - යුරෝපෙන්

    ඊට අමතරව

    රට දෙලි - සුමාත්‍රා පැත්තෙන් යුරෝපීයො ගෙනාව
    රට උළු - කේරලෙන්
    රට හාල් - බුරුමෙන්, ඉන්දියාවෙන්
    රට ඉඳි - මැද පෙරදිගින්

    ReplyDelete
    Replies
    1. "කජු" වලදි ඔය සුදීක ගේන තර්කය බි‍ඳෙනවා තමා.. මොකද කජු වල හොඳම එකට නෙමේ බාල එකටයි අපි "රට" විශේෂණය දීලා තියෙන්නෙ..

      Delete
    2. තවත් ඔය වගේ දේවල් තියෙනවා නේද "රට"විශේෂණය දෙන තත්වයෙන් බාල ඒවා.
      දෙළුම්
      ගස්ලබු වගේ ඒවා එහෙම.

      Delete
  22. ඔන්න නියම විස්තර ටික දාල තියෙනවා.

    ස්කොවල් දර්ශකේ හරියට අර රිච්ටර් පරිමාණය වගේ එකක් කියල තමයි මේක කියෝගෙන යනකොට හිතුනේ.

    විස්තර ටිකට බොහොම ස්තුති වෙනවා.

    ===================
    කොපි කිරීම මේ රටේ ජ්ජාන වලින්ම එන බොහොම ගරු ගාම්භීර ලක්ෂණයක්.

    එත් අමුමිරිස් චැලේන්ජ් අරමුණ යහපත්.

    යහපත් දෙයක් වෙනුවෙන මොනවා කොපි කලත් කමක් නැහැ .
    හැමදේටම මුල් වෙන්නේ චේතනාව කියල කියනවනේ.

    චේතනාව යහපත් නම් වැඩේ සාර්ථක වෙයි.

    ReplyDelete
  23. මේ දවස් වල හැටියට වටින කියන පෝස්ට් එක.. ඔය සැර වැඩිම මිරිස් මෙහේ ඉන්න අප්‍රිකන් කාරයෝනම් කිසි ගේමක් නැතුව කනවා.. අන්න උන් ටිකක් අල්ලන් මේක කරන්න තිබුනේ..

    ReplyDelete
  24. හොඳ ලිපියක්. නොදන්න බොහෝදේ දැණගත්තා. ස්තූතියි

    ReplyDelete
  25. මෙච්චරකල් මිරිස් කෑවාට,මිරිස් ගැන මේ තරම් සාරවත් ලිපියක් කියවලා නෑ. තැන්කිව් සුදීක

    ReplyDelete
  26. මිරිස් ගැන නොදැන සිටි බොහෝ විස්තර දැනගන්න ලැබුනු ලිපියක්...ඉතාම ස්තූතියි මහන්සි වෙලා කරුණු හොයාගෙන මෙහෙම ලිපියක් ලියපු එක ගැන. මැලේසියාවෙත් කරල ලොකු රතු /කොළ මිරිස් වර්ග දෙක ඉතාම ජනප්‍රියයි ඒවායෙ සැර බොහොම අඩුයි...ඒ වගේම බෙල් පෙපර්...ඕනෑම තැනක විකුණන්න තියෙන ආකාරය දකින්න හැකියි. ඒ උනාට ලංකාවෙ මාළු මිරිස් කියලා හදුන්වන වර්ගය නම් ඉතාම කළාතුරකින් තමයි දකින්න තියෙන්නෙ...මම තවමත් දැක්කෙ එකම එක වතාවයි..ඒවා විකුණන්න තියෙනවා.

    ReplyDelete
  27. මිරිස් කෑවත් මේ තරම් විස්තරයක් දැනන් වුන්නේ නැහැ.ස්තූතියි සුදික අයියා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...