Wednesday, May 14, 2014

තිරිංග ක්‍රියාවිරහිත දුම්රියක අනතුරුකින් තොරව නවත්වා ගැනීමට හැකි ක්‍රමයක් ...... A possible solution for slowing down unstoppable train

පසුගිය සතියේ අපගේ සහෘද්ධ බ්ලොග් කරුවෙක් වන සෙන්නා ඉදිරිපත් කරලා තිබුණා, ගාර්ඩ්-ඩී-ලියෝන් දුම්රිය අනතුර පිලිබඳ ඉතා සවිස්තාරාත්මක සටහන් දෙකක්. එය කියවන විටදී මගේ හිතට ආපු කාරණයක් තමයි මේ වගේ වේගයෙන් ගමන් ගන්නා දුම්රියක් නවත්වන්න ක්‍රමයක් නැතිද යන්න. මගේ හිතට එක පාරටම ආවේ හොලිවුඩ් චිත්‍රපටයක දුටු, නවත්වා ගත නොහැකි ගුවන් යානාවක් නවත්වා ගැනීමට එක්තරා ගුවන්තොටක යෙදූ උපක්‍රමය. 

එහිදී කරන්නේ ක්‍රෑෂ් ලෑන්ඩින් ක්‍රමයට ගුවන් යානයට ඉදිරියට යන්නට හැර, වැලි පවුරක ගැටීමට සැලැස්වීම. නමුත් වෙඩි උණ්ඩයක් ලෙස දිගටම ඉදිරියට යන දුම්රියකට එවැනි විසඳුමක් යෙදීමේ ප්‍රායෝගික ගැටළු ඇති වනවා. හේතුව දුම්රිය මගකට වැලි යෙදීමෙන්, රේල් පීලි වැසී යාමේ තර්ජනය තිබෙන නිසා, වේගයෙන් පැමිණෙන දුම්රිය මාර්ගයෙන් පිටතට ගොස් අනතුර වඩාත් තීව්‍ර වීමේ ඉඩකඩ වැඩි නිසා. නමුත් අවසාන විසඳුම ලෙස යොදා ගැනීමට එයත් නරක නැහැ. මන්ද අරමුණ විය යුත්තේ  අනතුර වැලක්වීමට හෝ අවම හානියක් සහිතව  එය නවතා ගැනීම නිසා. 

ඒ විසඳුම ගැන සිතමින් සිටින විට මගේ මතකයට එක පාරට ආවේ, වේගයෙන් දුම්රිය ගමන් ගැනීම සඳහා දැනට මාර්ගය සපයන සහයෝගය නවතා දැමුවහොත් දුම්රිය නවතාගනීමට හැකි බව. නමුත් මෙය කරන්නේ කෙසේද ? මා සිතුවා එය මේ ක්‍රම සියල්ලේම සම්මිශ්‍රණයක් ලෙස යෝජනා කරන්න. ඔව් අපට කල හැක්කේ යෝජනා කිරීම පමණයි. මන්ද අප මෙම ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් නොවන බැවින්, මෙය ස්ථිර විසඳුමක් වේ යයි සහතික කල නොහැකි නිසා. නමුත් මෙවැනි අදහසක් වැඩි දියුණු කිරීමෙන් අවශ්‍ය විසඳුම සොයා ගත හැකියි.

පළමුව පැමිණෙන දුම්රියෙහි තිරිංග ක්‍රියාත්මක නොවන බව ඉදිරියේ තිබෙන දුම්රිය ස්ථාන වලට දැනුවත් කල යුතුයි. ඉන්පසු, මුලින්ම එම මාර්ගයේ ගමන් ගන්නා දුම්රියේ වේගය ගැන සැලකිලිමත් වෙමින්, එය සමාන්තර වෙනත් මාර්ගයකට ගත යුතුයි. එම මාර්ගයේ මුල් හරියේදී දුම්රියට කෙරෙන විදුලි සැපයුම කපා හැරිය යුතු අතර, එමගින් එය තවත් වේගවත් වීම නවතින අතර පවත්වාගෙන යන වේගය යම් මට්ටමකට අඩු කර ගත හැක. වැදගත්ම කොටස තිබෙන්නේ ඉන් පසුවයි. ඇත්තටම ඔබ ව්‍යායාම සඳහා නිපදවා තිබෙන TreadMill යන්ත්‍රය දැක ඇතැයි සිතමි. මෙහිදී භාවිතා කල යුත්තේ එම මූලධර්මයයි. 

TreadMill යන්ත්‍රයේදී එය භාවිතා කරන්නාගේ ශක්තියෙන් පටිය දිවවීම සිදු කරයි. එමගින් පරිශීලකයාගේ ශක්තිය දැවීමක් සිදු වේ. මෙහිදීද නිපදවිය යුත්තේ ගමන් ගන්නා රේල් පීලි (Moving Rails) පද්දතියකි. එවිට දුම්රිය රැගෙන එන චාලක ශක්තිය මිගින් පහත රූපයේ පෙනෙන අකාරයේ රෝද කරකවන්නට සැලැස්විය හැක. එම චාලක මාර්ගයේ ඝර්ෂණය අවම විය යුතුයි. එවිට මාර්ගය මුලින් දුම්රියේ වේගයෙන්ම ගමන් කරයි. පසුව දුම්රියේ රෝද කරකැවීමට ශක්තියක් නොලැබෙන බැවින් වේගය අඩු වන්නට පටන් ගනී. මේ ආකාරයෙන් දුම්රිය නවතින්නට ආසන්න මොහොතක මෙම මාර්ගය නවත්වා(Still) එය මදක් ඉදිරියේ නවත්වන්නට සැලැස්විය හැක. එම ස්ථානයේදී යලි දුම්රියට විදුලි සැපයුම දිය යුතු අතර, ඒ වනවිට රියදුරා දුම්රිය ධාවනය වැළක්විය යුතුය. එසේ විදුලි සැපයුම ලබා දෙන්නේ එහි දොරවල් වීවෘත කිරීම සඳහාය. යම් හෙයකින් එන්ජිම නවතාලිය නොහැකි තත්වයක ඇතිනම් දොරවල් විවෘත කිරීම සඳහා වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයක් ගත යුතුය.  


පින්තූරය හදා ගන්නට කෝච්චිය සොයා ගත්තේ මෙතනින් :www.visitnorthwest.com
ඉහත රූපයේ තිබෙන ආකාරයට චාලක මාර්ගය නිමවිය නොහැකි නම්, වඩාත් සුමට ආකාරයට පහත රූපයේ පෙන්වන ආකාරයට එය නිමවා ගත හැක. මෙසේ කොපමණ දිගකින් යුතු කැරකෙන පාරක් (Rotary Rail) නිපදවිය යුතුද යන්න ගණනය කල හැක. නමුත් මේ මාර්ගය සෑදීමේදී ඉතා සියුම්ව පර්යේෂණය කලයුතු බව පැහැදිලිය. ඒ මෙම ස්ථානයේදී දුම්රිය පීලි පැනීමට කිසිදු ඉඩකඩක් ලබා දිය නොහැකි නිසාය. 

මෙම විසම්දුමෙහි යම් වරදක් සිදු වුවහොත් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට ඉදිරියේ වැලි පවුරක්ද නිමවිය හැක. 


______________________________________________
මා උසස් පෙළ ගණිතය හැදෑරීමෙන් පසුව වෙනත් ඉංජිනේරු පාඨමාලාවන් හදාරා නැති බැවින් මෙය කෙතරම් ප්‍රායෝගික එකක්දැයි නොදනිමි. නමුත් උත්සාහ කර බැලීම වටී. සයිබර් අවකාශයේ සිටින ඉංජිනේරු මහතුන්ට මේ ගැන සිතා බලන්නට මම යෝජනා කරමි. 

නමුත් එක් වරම චලනය වන දුම්රියක් නැවත්වීම මගීන්ට හානි විය හැකි බැවින්, අවශ්‍ය ආකාරයට මෙම රෝද පද්දතියට යොදන ඝර්ෂණය පාලනය කරමින් මෙම විසඳුම වඩාත් ප්‍රායෝගික කර ගත හැක. 


82 comments :

  1. මම නම් හිතන්නේ දුම්රියක් නවතා ගන්න පුලුවන් උපක්‍රම ඉන්ජීනේරු විද්‍යව සතුව තියෙනවා. ගැටලුව තියෙන්නේ ලංකාවේ එවැනි ක්‍රම භාවිතා නොකිරීමයි කියා මා සිතන්නේ. මන් දකින හොඳම ක්‍රමය සාපෙක්ෂ ප්‍රවේගය භාවිතා කර මේක කරන්න පුලුවන් කියා.

    සත්‍යය බුදු දහම මොකද්ද?

    ReplyDelete
    Replies
    1. මහත්තයො ඔයාගේ ඇඩ් එක දාගන්න ඕනෙ හින්දා ගොන් කමෙන්ට් එකක් මෙතනට එබුවා නේද?

      Delete
  2. අදහස නම් හොදයි ඒත් ප්‍රායෝගිකව ගැටළු එන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ඒ ගැන දන්නා අයගෙන් විමසීම තමයි මෙහි අරමුණ.

      Delete
  3. ඔබේ යෝජනාව නිවැරදිව මා විසින් වටහා ගන්නට ඇතැයි සිතමි. මට එය වැටහුනු ආකාරය නිවැරදිනම්, ඔබ යෝජනා කරන විසඳුම දුම්රියේ වේගය වැඩි කිරීමට මිස අඩු කිරීමට දායක නොවනු ඇත.
    මෙය පැහැදිළි කිරීමට මටත් පෝස්ට් එකක්ම දැමීමට සිදුවන බව පෙනේ.
    කෙටියෙන් කියනවානම් මෙසේය. බ්‍රේක් නැති වාහනයක් ගමන් කරන මාර්ගය ලිස්සන සුළු පාරක් නම් අනතුර වැඩි වනු මිස අඩු වන්නේ නැත. TreadMill එකකදී ලැබෙන ප්‍රතිඵලය ලිස්සන සුළු මාර්ගයකදී ලැබෙන ප්‍රතිඵලයම නේද?

    ReplyDelete
    Replies
    1. මෙවැනි ස්ථාන දහයක් පමණ තබා ඒවායේ ඝර්ෂණය ක්‍රමානුකූලව අඩු කළහොත් දුම්රිය ගෙන එන ශක්තිය හානි විය යුතුයි නේද?

      ඔබේ සටහනත් තබන්න. අපගේ දැනුම වර්ධනයට එය සහය වනු ඇති.

      Delete
    2. හෙනහුරා මෙතනදි බලශක්ති හානියටත් සමඟ එයට තවත් ප්‍රතිරෝධයක් යෙදීමෙන් සාර්ථක ප්‍රතිපලයක් ලැබෙයි කියල හිතෙනවා..

      සුදීක කියනව වගේ මේ ඝර්ෂණය මගින් වෙන ශක්ති හානිය වැඩි කරගන්න (ABS - anti-lock braking sytem ) ක්‍රමය යොදාගන්න පුලුවන්..එතනදි එක දිගටම රෝද මත ඝර්ෂණය යෙදීම නොකර කඩින් කඩ රෝදය ඒ සමඟ කැරකීමටත් නැවත ප්‍රතිරෝධය යෙදීමත් ( විනාඩියට දස වතාවක් වගේ ) මගින් ලොකු බලපෑමක් කරන්න හැකිවෙයි කියල හිතනවා.. ඒක පීල්ල මත ලිස්සා නොයාමටත් උපකාරී වේවි.

      Delete
  4. සුදීක අයියේ .. දුමරිය මැදිරි වල තිරිංග ක්‍රමයට අමතරව ගියර් බොක්ස් එකක් හයි කරනවා පෙට්ටියකට එක බැගින්..ලොකු ෆ්ලයි වීල එකක් සහිතව..යුනිවර්සල් ජොයින්ට් මගින් යාන්ත්‍රික ක්‍රමයට එකින් එක සම්බන්ධ කරලා අවසානය දුම්‍රිය එන්ජිමට සවි කරනවා, එතකොට හදිසි අවශ්‍යතාවයකදී රියදුරුට පාලන මැදිරියේ සිට ලීවරයක් මගින් සෑම මැදිරියකම ගියර් බොක්ස් එක ට යුනිවසල් ජොයින්ට් එක හරහා වේගය පාලනය කරන්න පුලුවන් නේද. හරියට අපි ගියර් එකේ කන්දක් බස්සනව වගේ, ඉලොක්ට්‍රොනික පරිපතයකට වඩා මිකැනිකල් සිස්ටම් එක විදුලි ඇනහිටීමකදී උනත් ක්‍රියාත්මක වෙනව නේද ??

    ReplyDelete
    Replies
    1. මේකට උත්තර දෙන්න මගේ ඥානය මදි මල්ලි.

      Delete
    2. අප්පට බොල කෙලිය නේද තාප්පෙට, ඒ කියන්නෙ මගෙ විස්තර කෙරිල්ල ඒ තරං සාර්තකයි..
      මෙන්න මේකයි.. කෝච්චිය කියන්නෙ නියුට්‍රල් කරපු වෑන් දහයක් එකට අමුනලා කියන්ඩකො.. අපි පල්ලං බහින්නෙ ගියර් එකක වාහනේ .. අන්න ඒ වගේ පෙට්ටි දහයටම වෙන වෙනම බර ගියර් එකකට වදින්න සලස්සනවා ඩ්‍රයිවර් ..
      මොන ඥානයක්ද බං ..උඹට මදිලු ..මට ඇත්තෙම නෑ.. : D

      Delete
    3. මටත් හිතෙන්නෙ පත්තර මල්ලි කියන ක්‍රමය ලෙහෙසියි.

      Delete
    4. ඒ අදහසේ පොඩි ප්‍රායෝගිකත්වයක් තියෙනවා පත්තරේ.
      ෆ්ලයි වීල් එක කැරකෙන්නේ නැතුවම තිබුණානම් වැඩිය හොඳයි, හැම පෙට්ටියම බලගන්වන්නේ නැති නිසා. ඒක ටිකක් සංකීර්ණයි වගේ පේන ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. නමුත් ඔය කිව්ව දේට පොඩි දෝෂ නිවැරදි කිරීමක් විතරයි එකතු වෙන්නෙ.

      Delete
    5. රාජ් අයියෙ ගයාන් මචං .. මට හදිස්සියක් නැත්තං ගියර් එකට ගහල ස්ලෝ කරන එක බ්‍රේක් වලට වඩා ෂුවර්..අන්න ඒකයි මං ඇප්ලයි කරේ මෙතෙන්ට..අඩු පාඩු හදන්න තේරුමක් නං නෑ බං මට :D ඒක උඹල කරපල්ල...

      Delete
  5. කොහොමද 'The Cassandra Crossing' ෆිල්ම් එකේ රිචඩ් හැරිසුයි, සොෆිය ලොරෙනුයි, තවත් කට්ටිය කෝච්චිය නවත්තන්ට දාන ට්‍රයි එක?

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි,හැබැයි උන්ට ඒ වැඩේට බර ගාණක් ගෙව්ව නේද බං.

      Delete
    2. අපි පොඩි කාලේ ඔය ගැන වරු ගණන් කතා වුණා. ඒ කාලේ සීමිතවනේ අපිට ෆිල්ම් බලන්න අවස්ථාව තිබුණේ. ඒ නිසා නමත් එක්කම හොඳට මතක හිටියා.

      Delete
  6. lankawe nam wenne godak durata thiringa nathiwa dawanaya nisa anathurunam nemei. Signal wala thiyena adu padu neda ...

    ReplyDelete
    Replies
    1. ඒ වගේම පීලි හරියට මාරු නොවීම්.

      Delete
  7. ඔයා කතා කලේ විදුලි දුම්රියක් ගැනද? සාමාන්‍ය දුම්රියක් ගැනද ..//එම මාර්ගයේ මුල් හරියේදී දුම්රියට කෙරෙන විදුලි සැපයුම කපා හැරිය යුතු අතර, // සහ දොරවල් විවුර්ථ කිරීම් ගැන තියෙන නිසා එහෙම කියලා හිතුවා, ඒ ගැන ලිපියේ සදහනක් නැහැ. විදුලි දුම්රියක තිරිංග පිලිබඳ ප්‍රශ්නයක් වුණොත් ඒවාට ක්‍රම නම් ඒ දියුණු තාක්ෂනය තියෙන රටවල ඇති ,ඒ වගේම ඒ ගැන දුම්රිය දැනුම් නොදුන්නත් පරිගණක ජාලගත කරලා තියෙන නිසා ඒ ගැන පාලක මැදිරිය දකිනවනේ .

    ReplyDelete
    Replies
    1. ඔයා සෙන්නගේ පොස්ට් එක බලන්න. මේ විසඳුම ඒ වගේ කෝච්චියකට.

      Delete
    2. මොකද නගෝ විවෘත කියලා ලියලා තියෙන කැත...විවෘත යනුවෙන් ලියන්න....

      Delete
  8. කෝච්චී කිවුවම මතක් වුනේ සෙන්සිල් වොශින්ටන්, ක්‍රිස් පින් හිට්ය unstoppable ෆිල්ම් එක.. ඒකෙන් හැබැයි අනතුරට කලින් නම් කෝච්චිය නවත්ත ගනවා.. ඒත් ඇත්තටම ටිකක් අමාරුයි කියන එකයි මගේ හැඟීම නම්..

    ReplyDelete
  9. ගැඹුරින් හිතන්න ඕන කාරනාවක්....

    ReplyDelete
    Replies
    1. එච්චරම දෙයක් නා කෙන්ජයියේ අර කැටපිලර් එක වගේ මේ පාරේ කොටස කැරකෙනවා.

      Delete
  10. මට නම් මතක් වුනේ ක්‍රිශ්. ඒ වගේ කෙනෙකුට ඇවිත් කෝච්චිය අත් දෙකෙන් අල්ලලා නතර කල හැකිනේ. :D:D

    ReplyDelete
    Replies
    1. ප්‍රංශ කාරයෝ ඉන්දියන් කාරයෝ වගේ මෝඩයෝ නෙවෙයි. ඔයා දන්නවද ඉන්දියාව දුම්රිය අනතුරු බහුල රටක්.

      Delete
    2. ඔ යේස් පොඩි මිස්.. ක්‍රිශ් ඇරුනම එකම එක පොරයි ඉන්නෙ එහෙම හපංකමක් කරන්න පුලුවං .
      ඒ තමයි " පත්තරශ් "

      ඕ යේස් !!!!!!

      Delete
    3. පත්තරශ් ට පුලුවන් කටින් අල්ලල නවත්වන්න නේ?

      Delete
  11. මට මේ සංකල්පය තේරුනේ නෑ. සුදීක කියන්නේ කැරකෙන රේල් පාරක දුම්රිය ධාවනය කරවන්න ඕනා කියලද ? එතකොට සාමාන්‍ය දුම්රිය ධාවනයකදී ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ? කැරකෙන රේල්පාරක් තිබුනොත් දුම්රිය එක තැන දුවයිනේ ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා මේක අමතර මාර්ගයක්. මම හිතන්නේ මම කියලා තියෙනවා එහෙම. එක තැන දිවවීම තමයි බලාපොරොත්තුව. විදුලිය විසන්ධි වෙලා තියෙන නිසා නවතින්න ඕනේ.

      Delete
    2. හරි දැන් තේරුනා. ඒත් ප්‍රායෝගික දුෂ්කරතාවය තමා ඔහොම අමතර මාර්ගයක් හැමතැනකම තියන්න බැරි කම නේද ?

      Delete
  12. අපි කොහොමද හිතන්නේ ඔය කැරකෙන රේල් පාර තියෙන කිට්ටුවකදිම මේ වගේ අනතුරු වෙයි කියල.. එහෙම නම් හැම ස්ටේෂන් එකක් ගාවම වෙනම මේ වගේ පාරවල් හදන්න ඕනේ හදිසි අවස්ථාවල දි විතරක් පාවිච්චි කරන්න.. ඊට වැඩිය හොඳ නැද්ද දුම්රිය පෙට්ටි වල සහ එන්ජින් එකේ තියෙන සිස්ටම් මොනවා හරි කරලා (කරන්න ඕනේ දේ මට හිතා ගන්න බෑ) වේගය අඩු කරන්න උත්සාහ කරන එක.

    ReplyDelete
    Replies
    1. අපි හිතමු කිලෝ මීටර් 100කට එකක් තියෙනවා කියලා. ප්‍රංශයේ හැටියට ඒ දුරට යන්න වැඩි වෙලාවක් යන්නෙත් නෑ. බලමු දන්නා කෙනෙක් ඒ වගේ යෝජනාවක් ගෙනේවිද කියලා. දැනටමත් මේ ක්‍රමයේ අඩුපාඩු පහලින විස්තර කරලා තියෙනවා. පොඩ්ඩක් බලමු.

      Delete
  13. මේ අල්ලක් වගේ වපසරියක් තියන රටේ, ගම් පළාත් දෙබෑ කරගෙන, ඔය හයි වේ ද, බුරුල් වේ ද කොහෙද එව්වා ගහන වෙලා, දුම්රිය දෙපාර්තමේන්තුවට දැනට තියන රෙසවේෂන් ඉඩම් දිගේම, හැම දුම්රිය මාර්ගයක්ම ඩබල් ලයින් කරානම්, ප්‍රශ්නේ ඉවරයිනේ සුදීක.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒකට නම් ඉඩකඩ තියෙනවා. මම හයිවේ එකේ ළඟදී යත්දී හිතුනෙත්, එකේ තවත් ඉඩක් තියෙනවා. අවශ්‍යනම් අධිවේගී දුම්රිය මාර්ගයක් තනන්න. විදුලි දුම්රියක් වගේ.

      Delete
    2. එ වැඩිපුර තියෙන ඉඩ මොකක්ද දන්නවද.මාතර ගොඩගම හයිවීක ඩිසයින් කලෙ ට්‍රැක් හයකටයි එමර්ජෙන්සි ට්‍රැක් දෙකටයි.එකෙන් භාගෙක තමයි ඔය ට්‍රැක් හතරයි ඉමෙර්ජෙන්සි ට්‍රැක් දෙකයි ගැහුවෙ.එ කියන්නෙ එක පැත්තකට වෙන් කරපු කොටසෙ තමයි දෙපැත්තම ගැහුවෙ.ඔක පෙන්නෙ පින්නදුව ගොඩගම කොටසෙ විතරයි.අනිත්ව ඩිසයින් කලෙම ඔය තියෙන විදියට

      Delete
    3. මම මේ ටික දැක්කේ ගාල්ල දක්වා තියෙන කොටසේ.

      Delete
    4. ප්ව්.අනිත් කොටස් එ විදියට හැදුවෙ නැ.ඔක පැහැදිලියි ගාල්ලට එනකන් තියෙන පාලම් බැලුවම.භාවිතාවෙන ප්‍රමානෙම කොටසක් තවත් තියෙනව.එ තියෙන්නෙ අනිත් භාගෙට

      Delete
    5. ප්ව් නෙමෙයි ඔව්

      Delete
  14. මේක ප්‍රායෝගිකද සුදීක. කඩුගන්නාවේ දී දුම්රියක් තිරිංග ක්‍රියාවිරහිත වුණෙත් මේ උපාංගය අටවන්නේ කොහෙද? එහෙම අනතුරක් වුණා මතකනේ වසර කිපයකට උඩදි.

    ReplyDelete
    Replies
    1. මම ඒ ගැනනම් හිතුවේ නෑ. අර සෙන්නගේ පොස්ට් එකේ තිබුණ දේ ගැන තමයි හිත යොමු කලේ.

      Delete
  15. මචො මම දන්න හැටියට ලන්කාවෙ තියෙන්නෙ සක්ෂන් එකකින් තිරින්ග ඇත්කරල තියාගන්න විදියෙ තිරින්ග පද්දතියක් තියෙන කොච්චි.එ කියන්නෙ එන්ගිම සම්බන්ද කලාට පස්සෙ එන්ගිජිම මගින් චුශනය කරල තිරින්ග ඇත්කරල තියාගන්නව.එන්ජිම ක්‍රියාවිරහිත වුනොත් හරි ගැලවුනොත් හරි තිරින්ග තද වෙනව.එතකොට ලිස්සල යන ටික විතරයි යන්නෙ.එක සැරයක් අබෙපුස්ස හරියෙදිද කොහෙද එහෙම් අනතුරක් වුනා.හැබැයි එ වන්ගුව පහු වුනා නම් එ අනතුර වෙන්නෙ නැ.එක නිසාඅ ලන්කාවෙ නම් මම හිතන්නෙ එන්ජිම නවත්තගන්න බැරුව හරි බ්‍රේක් නැතුව හරි කොච්චි අනතුරු වෙන්න තියෙන ඉඩ අඩුයි.
    එක හොදට බලාගන්න පුලුවන් ඔයාලට නවත්තපු කොච්චි පෙට්ටියක් බලන්න බ්‍රෙක් වැදිල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්. අපේ කොච්චි එක පැත්තකින් හොඳටම බරයි. අනෙක් අතින් ඒ තරම් වේගයකින් ගමන් කරන්නේ නෑ. ඒ නිසා අපිට ඔය වගේ ගැටළු එන්නේ නෑ.

      Delete
  16. අනික මම හිතන්නෙ මෙක ලන්කාඅවට විතරක් පොදු දෙයක් නෙමෙයි.මොකද ලන්කාවෙ කොච්චි හදන්නෙ නැ නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඉන්දියාව දුම්රිය අනතුරු බහුලම රටක්. ඒ වගේමයි දුම්රිය වාර ගණනත්.

      Delete
  17. අයියා මේක ප්‍රායෝගික නෑ. ටොන් ගානක් බර යකඩ ගොඩක් උස්සන් ඉන්න යකඩ පීල්ල ඔයා අදහස් කරන ආකාරයට බෙල්ට් එකක් විදියට නවන්න බෑ( ලී මොලේ තියෙන කියත් ගැන සිිහියට ගන්න) එහෙම නවනවා නම් අඩුම කිලෝමීටරයක් විශ්කම්භයක් තියෙන වෘත්ත මාර්‍ගයක් වෙන්න ඕනේ. එතෙකොට හිතන්න කිලෝමීටරයක් යටට හාරන්න කොච්චර වියදමක් යයි කියලාද?
    සාමාන්‍යෙයන් කෝ්ච්චියකට බේක් ගහන විදි අඩුම 3ක් තියෙනවා. එකක් ෆේල් උනත් අනිත් දෙක වැඩ තියෙන්න(මේකට ඉතිං අමතර පද්ධති නිසි නඩත්තුවෙන් තියා ගන්න ඕනේ. ලංකාවේ නම් එව්වා කැඩුනම සුද්දට පිස්සු වැඩියෙන් දමලා එවනවා කියලා අයින්ම කරනවා) අනික කෝච්චි බේක් තියෙන්නේ පොඩ්ඩ ඇත්නම් වැදිලා කෝච්චිය නතර වෙන විදියට. ඒ කියන්නේ වාහනේක බේක් සිස්ටම් අවුලක් ආවෙත් බේක් වදින්නේ නැති උනාට කොච්චියේ බේක් සිස්ටම් අවුලක් ආවොත් කොච්චිය හොලවන්න බෑ.
    උඩ කමෙන්ටුවක් තිබ්බා ගියර් බොක්ස් ෆ්ලයි වීල් අනම් මනම් සීන් එකක්. ඒක හරියන්නේ නැත්තේ කොච්චියක් බේක් කරගන්න පුළුවන් තරම් ෆ්ලයි වීල් එකක් එල්ලුවොත් හැම පෙට්ටියකටම, කොච්චියට කිලොමීටරයක් යන්න ඩීසල් ගැලුම් 2ක් වත් එක පෙට්ටියකට වැඩිපුර පුච්චන්න වෙයි. එහෙම නැත්තම් ඉන්ධන කාර්යකෂම තාවය නැත්තටම නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ දේවල් තමයි අපි නොදන්නේ. මොකද අපේ විසඳුම් ගැන අපි හිතන්නේ එදිනෙදා තියෙන සරල දේවල් ගැන හිතලා නේ. ඒ පිලිබඳ නිසි දැනුමක් නැති නිසා මේ වගේ තත්ව දන්නා අය විස්තර කරන එක වටිනවා.

      Delete
  18. මේ විසඳුම නම් අවුල්.

    කෝච්චියක් නවත්තගන්න බැරුව හැප්පෙන වෙලාවට බොහොම වෙලාවට එහෙම වෙන්නේ ඇන්ජිම නවත්තන්න බැරුව හෝ රෝද ඇන්ජිමට කපල් වෙන එක නවත්තන්න බැරුව නෙවෙයි යන වේගෙට බ්‍රේක් ගහ ගන්න බැරුව. පාරෙ යන වාහනත් නවත්ත ගන්න බැරි ඇක්සිඩන්ට් වෙන්නෙ එහෙම නේ? වාහනේ නවත්ත ගන්න බැරි වාහනේ ආපු ගම්‍යතාව (ගැම්ම) නිසා මිස රෝද වලින් දෙන පවර් එක නිසා නෙවෙයි. සාමාන්‍ය දැනීම‍ට උනත් තේරෙන්න ඕන නේද ගමන් කරන බර වස්තුවක් රෝද තියන ප්ලැට්ෆෝම් එකක් උඩට දැම්මොත් ඒ ප්ලැට්ෆෝම් එකත් යන්න පටන් ගන්න ඕනෑ අර වස්තුව ගිය දිහාවටමයි කියලා? (ගම්‍යතා සංස්තිථි නියමය කියලා නම් ඒ ලෙවල් වලටත් ඉගෙන ගන්නෙ. ප්ලැට්ෆෝම් එක පිටිපස්සට යන්න නම් කෝච්චියෙ වේගෙ තවත් වැඩි වෙන්න වෙනවා!)

    ගාඩි ලියෝන් කෝච්චිය නවත්ත ගන්න බැරි වුනේ ගියේ පල්ලමක නිසා. එතකොට ඇන්ජිම නවත්තලා වැඩක් නෑ, ඒ කෝච්චියෙ ෆේල් උනේ බ්‍රේක් සිස්ටම් එක. මෙහෙම සිස්ටම් එකකින් එතනට නම් වෙන්නෙ රෝද කැරකෙන එක නවත්තන්න පාරට ග්‍රීස් දැම්ම වගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. //වාහනේ නවත්ත ගන්න බැරි වාහනේ ආපු ගම්‍යතාව (ගැම්ම) නිසා මිස රෝද වලින් දෙන පවර් එක නිසා නෙවෙයි..//

      මෙන්න මේ ටික මගේ හිතට ආවේම නෑනේ. ගම්‍යතාව පිලිබඳ ඉගෙන ගෙනත් දැන් සෑහෙන කාලයක් වෙනවනේ. බොරු කියන්න ඕනේ නෑ. මගේ සාමාන්‍ය දැනීමට නම් මේක තේරුනේ ඔයාගේ විස්තරෙන් පස්සේ.

      හොඳයි ඔබේ පෙන්වා දීම වැදගත්. අඩුම ගණනේ මෙහෙම එකක් හරි යන්නේ නෑ කියලවත් මම වගේ සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න ඒක ඉතාම වැදගත්.

      බොහොම ස්තුතියි. ඔබට මේ සඳහා යම් විසඳුමක් ගැන අදහසක් නැත්ද ?

      Delete
    2. //බොහොම ස්තුතියි. ඔබට මේ සඳහා යම් විසඳුමක් ගැන අදහසක් නැත්ද ?//

      බොහොම පහසු ලාභ විසඳුමක් අර බීට්ල් ලියල තිබ්බෙ පළවෙනි කොටසෙ. ඒ විදියට, කිළෝමීටර සියකට විතර එක ඇන්ජිමකුයි ස්ටෑන්ඩ්බයි ඩ්‍රයිවර්ලයි තිබ්බනං වැඩේ අහවරයි. මදිනං ඒකට පොඩි ට්‍රැක් එහෙකුත් හදලම තියනව.

      මෙන්න අයිඩිය එක. මොනා උනත් මේක සුධීකගෙ එකට වඩා ප්‍රැක්ටිකල් :)

      - සෙලාන්ගේ දුම්රිය එන්න කලින් ඒකට වඩා වේගෙන් ඔන්ඩ්‍රේ තමන්ගේ දුම්රිය රිවස් කරන්න ගන්නවා...
      - ඊට පස්සේ දුම්රිය දෙකේම වේග දෙක මැච් කරගන්නවා,,,
      - ඊට පස්සේ ඔන්ඩ්‍රේ ගේ දුම්රියේ වේගය හිමීට අඩු කරන ගමන් සෙලාන්ගේ එක තමන්ගේ එන්ජින් එකේ වැදෙන්න දෙනවා...
      - දැන් ටික ටික තමන්ගේ වේගය තවත් අඩුකරනවා...ඔහොම අඩුවෙලා අඩුවෙලා අන්තිමට කෝච්චි දෙකම නවතිනවා...

      අපේ රටේ ත්‍රීවීල් ඩ්‍රයිවර්ලා වගේ බුවාලා පැරිස්වල කෝච්චි එලෙව්වානං ඔහොම කරන්න තිබ්බා :)

      - Beetle

      Delete
    3. බොහොම ස්තුතියි ඉන්දික, මේ විසඳුම් දෙක සංසන්දනය කළාට. යම් දෙයක සක්‍යතාව(Feasibility) අධ්‍යනයන කිරීමත් Research වල එක් අන්තයක්. ඒ නිසා වඩා විසඳුම තෝරා ගන්න මෙවැනි යෝජනාත් අවශ්‍ය බවයි මගේ වැටහීම. බීටල් යනු ඉතාම නිර්මාණශීලී පුදගලයෙකු බව මගේත් පිළිගැනීමයි.

      Delete
  19. සුදීක, ට්‍රේන්ස් වල බ්‍රෙක් සිස්ටම්ස් ගැන පොඩි ඉන්ටර්නෙට් සර්ච් එකක් දාපුවාම් මේ සයිට් එක හම්බ උනා. සෑහෙන යමක් දැනගන්ට පුළුවන්.
    http://www.railway-technical.com/brake1.shtml
    මං හිතුවේ... අපේ රටේ දුම්රිය සේවයේ තියෙන අඩුපාඩුවක් තමයි දුම්රියට රේඩියෝ කොමියුනිකේෂන් සිස්ටම් එකක් නැති එක.අඩුම තරමින් එන්ජින් ඩ්‍රයිවරුයි ගාඩ් අත්‍රෙයි තියෙන්වාද කියන එකත් සැකයි. ඉතින් අනතුරු වලක්වාගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ පැත්ත නම තවමත් ඉංග්‍රීසි පාලන සමයේ තිබුණු විදියමයි නේද ?

      Delete
  20. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හොඳයි ඇවිත් බලන්නම්.

      Delete
  21. අනේ මන්ද මම නං ගනං කාරයෙක් නෙමෙයි.ඒ උනාට සුදීක ලමයා අපූරු අවංක උත්සාහයත් අරගෙන තියනවා.මේ වගේ,රටේ හුඟ දෙනෙකුට බලපාන ප්‍රශ්ණ වලදී මෙහෙම සංවාද ඇති වෙන්න ඕනෑ.එතකොට උත්තර ලැබෙනවා.අවාසනාවට අපේ රටේ එහෙම ක්‍රමයක් නැහැ.මොනව උනත් ඊට කලින් මට තව යෝජනාවක් තියනවා.හිතුන හිතුන වෙලාවට, මගියාවත් අතරමං කරල, ස්ට්‍රයික් කරන්න තීරන කරන ඔය දෙපාර්තමේන්තුවෙ අයගෙ ඔළුවට දාන්න තිරිංග ක්‍රමයක් හදන්න බැරිද කියල බලමුකො

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සංවාදයක් ඇති කිරීම තමයි මගේ උවමනාව වෙලා තිබුණේ.

      Delete
  22. විමල් වීරවන්ස එක පාරක් යෝජනා කරා විදේශ ණය රුපියල් වලින් ගෙවන්න. මේක දැක්කම මතක් උනේ ඒ වගේ මන්ත්‍රී යෝජනාවල්.

    මේක තාක්ෂනිකව සහ ප්‍රායෝගිකව කියන දෙපැත්තෙන්ම අසාර්ථකයි.

    ලෝකෙ ඔහොම තිරින්ග ක්‍රියා විරහිත වෙන සිද්ධි ඉතාම බහුලද, ඒ හේතුව නිසා විනාස වෙන ජීවිත දේපල කොච්චරක්ද, මේ විසඳුම ක්‍රියාත්මක කරන්න යන වියදම සාපේක්ෂව දැරිය හැකි ගැලපෙන එකක්ද කියන මූලිකව කරුණු බැලුවොත්, තාක්ෂනික පැත්තට යන්න කලින් මේක අනවශ්‍ය සහ අසර්ථක වැඩක් බව තේරෙන්න ඕන.

    අනික පීල්ලක සවිකෙරෙන පද්ධතියක් මගින් දුම් රිය නැවතීම මීට වඩා අඩුම් වියදමට ප්‍රායෝගිකව සිද්ධ කරන්න පුලුවන් දු රියේ සහ මාර්ගයේ සවි කරන චුම්බකිත ආරෝපන පද්ධතියක් මගින්. ඒ කියන්නෙ බුලට් ට්‍රේන් යවන්න ගන්න ක්‍රමය පොඩි වෙනසක් කරල සාමාන්‍ය විදුලි දුම් රියක් නවත්තන විශෙෂ ස්ථානයක් හදා ගන්න. ඒත් එහෙම දේ කවුරුත් නොකරන්නෙ නොදන්න කමට නෙමේ ඒකෙ තීන අවශ්‍ය තාව සහ එවන් පද්ධතියක් නිර්මාණයට/නඩත්තුවට දරන්න වෙන වියදමට වඩා වැදගත් දේ ඒ දුම් රිය බලධාරීන්ට තිබෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මම කලේ මගේ හිතට ආපු අදහස ඔබට ඉදිරිපත් කිරීම. එමගින් මෙය ප්‍රායෝගික නොවන බව ඔබ ඇතුළු බොහෝ බුද්ධිමතුන් කිහිප දෙනෙකුම පෙන්වා දුන්නා. එයින් මගේ සිතේ තිබූ දෙගිඩියාව නැති කර ගැනීමට පුළුවන් වුණා.
      //ලෝකෙ ඔහොම තිරින්ග ක්‍රියා විරහිත වෙන සිද්ධි ඉතාම බහුලද, ඒ හේතුව නිසා විනාස වෙන ජීවිත දේපල කොච්චරක්ද,//
      නමුත් ඔය ඉහලින් තිබෙන කොටස වෙනත් මාත්රුකාවකදී නිවැරදි වුවත්, ජීවිත හානිය කියන තැනදී, දෙවරක් හිතන්න වෙනවා නේද? එක් ජීවිතයක් හෝ හානි නොවන්නට බලධාරීන් ක්‍රියා කලයුතුයි නේද ? නැතිනම් අපේ දුම්රිය පද්දතියේ ජීවිත් හානි ප්‍රතිශතය මෙච්චාරයි කියලා කියන්න වෙනවා නේද ?

      Delete
  23. හැන්කොක් ගෙන්නුවනං හරි.

    ReplyDelete
  24. මේක කොච්චි ඇන්ජිමක් වගේ බරසාර දේකට හරියන්නෙ නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. දැන් හොඳටම පැහැදිලියි.

      Delete
  25. නව නිර්මාණයක් කරන විට අදාල දෙය කරන්න පුළුවන් වේ යයි සිතන ක්‍රම ගණනාවක් සලකා බලා සුදුසුම දෙය කරන එක තමයි පිළිගත් සම්ප්‍රධාය. ඔබ මෙය කල හැකියි කියා හිතන ක්‍රමයක් ඉදිරිපත් කළා ඔබ මේ වැඩෙන් අදහස් කලේ දුම්රිය එකතැන දිවවීම. මෙහෙම පාරක් හදන්න පුළුවන් නම් එය මත සිට දුම්රිය ගමන් ආරම්බ කළා නම් දුම්රිය එකතැන දුවනවා නමුත් වේගයෙන් එන දුම්රියක් මෙවැනි පාරකට දැම්මොත් පාරේ දුම්රිය ලොකු වේග අඩුවීමක් රහිතව එලියට එනවා මේ ක්‍රමය ප්‍රයෝගික නැහැ. දුම්රිය නවත්වන්න යෝජනා කරන්න පුළුවන් භාහිර ක්‍රම ලෙස මම ක්‍රමයක් කියන්නම්. පීලි දෙකට සමාන්තරව තහඩුදෙකක් ඇතුලතින් යොදනවා එමගින් රෝද පීල්ල සමග තද කර බ්රේක් කිරීමක් කරන්න පුළුවන් වන ලෙස. මගේ අදහස නම් ආපදාවකදී පවා ක්‍රියාත්මක වන පරිදි දුම්රියේ බ්රේක් පද්දති සැලසුම් කිරීම(දැනටම බොහෝ දුරතත් සාර්ථක) තමයි හොඳම විසදුම. දුම්රිය අනතුරක් විය හැකි එකම ක්‍රමය බ්රේක් නැති වීම නොවන බැවින් බ්රේක් නැති වනවිට ඇතුල් කිරීමට මාර්ග හදා මෙවැනි ක්‍රම ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රයෝගික නැත.

    පත්තර මල්ලීගේ ෆ්ලයි වීල්, යුනිවර්සල් ජොයින්ට් ක්‍රමය ගත්තත් වැඩක් නැහැ. ඵලයි වීල් එකෙන් වේගය අඩු කිරීමක් වුවත් එය බ්රේක් සිස්ටම් එකක් නොවේ ඉතින් ඔච්චර නැහෙන්නේ නැතව හැම මැදිරියකටම අමතර බ්රේක් පද්දතියක් සවිකරන්න්න පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
    2. අප්පට බොල .. මේ ඉන්නෙ හෙනගහන්න වගේ :D එනවා යනවා..
      අඩු පාඩු තියනවනං හදපං මස්සිනේ.. කිසි අවුලක් නෑ..

      Delete
  26. Replies
    1. වැරදී දෙවතාවක් පබ්ලිෂ් වී ඇති නිසා මෙය මකන ලදී.

      Delete
  27. සුදීකයියා ගත්තු උත්සහය හොදයි,එත් මට නම් මේ දේවල් ගැන එතරම් දැනීමක් නැහැ.කොහොමවුනත් මේ වගේ යෝජනා ඉදිරිපත් වෙලා දවසක හොදම යෝජනවක් ඉදිරිපත් වේවි.

    මගේ නිර්දේශය නම් අනතුරු වලක්වාගත නොහැකිනම් දුම්රිය ධවනය නතර කරමු කියලායි.:D

    ReplyDelete
    Replies
    1. එහෙම ගියොත් මල්ලි ගුවන් ගමනුත්, බස් ගමනුත් නවත්ත්වන්න වේවි නේද?

      Delete
  28. ලංකාවෙ මෑතකදි වෙච්ච දුම්රිය අනතුරෙන් පස්සෙ රියදුරු මහතෙක්ම අපූරු නිපැයුමක් කරලා තිබුන බවක් මම අන්තර්ජාලයේ තැනක කියෙව්වා...පොඩ්ඩක් සොයලා බලන්න ඒ ගැන...එතුමා කියලා තිබුනා ඒ ක්‍රමය භාවිතයෙන් අනතුරු ඉතාම අවම කරගන්න පුලුවන් බව...

    ReplyDelete
    Replies
    1. හරි මල්ලි බලන්නම්.

      Delete
  29. සුදීක අයියගෙ උත්සාහය බොක්කෙන්ම අගය කරනවා. ඒත් මම දන්න හැටියටනම් "ගම්‍යතා සංස්ථිතිය" උගන්නන්නේ උසස්පෙලට ගණිත සහ ජීව විද්‍යා අංශ වලටයි.
    ඒක ඔයා අමතක කරලා.
    චාලක ශක්තිය ට්‍රෙඩ් මිල් එකට සම්ප්‍රේශණය වෙන්නේ කොහොමද කියන එක හිතන්න වෙනවා. වේගය වැඩි කරමින් යන, රෝද කරකැවීමෙන් වේගය ලබාගන්නා දුම්රියකට, වේගය වැඩි වීම වලක්වන්න නම් මේ ක්‍රමය අති සාර්තකයි. ඒත් එන වේගය නවත්තන්න බෑ, වේගය අඩු වීම තවත් ප්‍රමාද වෙනවා.

    මේක හරියට පැහැදිලි කරන්න ගියොත් මට ගම්‍යතාව ගැන සහ ගම්‍යතා සංස්ථිතිය ගැන වෙනම පෝස්‍ටුවක් ලියන්න වෙනවා.

    උසස්පෙලින් පසු ඉගෙන ගන්න තවත් සමහර දේවල් එක්ක බලද්දි, පත්තරේ ගේ ෆ්ලයි වීල් කතාවෙ පොඩි ප්‍රායෝගිකත්වයක් තියෙනවා. ඒත් ඒකත් අන්තිමට බලද්දි තිරිංගයක් වගේම තමයි.

    ReplyDelete
    Replies
    1. අර ගම්‍යතා සංස්ථිතිය ගැන සටහන තබන්න. එය අන්තරජාලය පරිශීලනය කරන අයට වැදගත්.

      Delete
    2. ඔව් නේ බං .. වේගය අසුකරගන්නං භාවිත කරන්න පුලුවං .. 0 ටම නවත්තන්න බෑ නේ ??

      Delete
  30. හම්මේහ්, ගම්‍යතාව ගැන කලිම්ම කමෙන්‍ටුවක් දාලා නේද? ඒක කලින් දැක්කෙ නෑනේ

    ReplyDelete
  31. //එම මාර්ගයේ මුල් හරියේදී දුම්රියට කෙරෙන විදුලි සැපයුම කපා හැරිය යුතු අතර, එමගින් එය තවත් වේගවත් වීම නවතින අතර පවත්වාගෙන යන වේගය යම් මට්ටමකට අඩු කර ගත හැක//
    දුම්රියට විදුලි සැපයුම භාහිරින් දෙන්නේ විදුලි දුම්රිය වලට පමණි. එසේ දුන්නත් ඒවා මෝටර් වලට සම්බන්ද වන්නේ රියදුරාගේ පාලනය හරහා වේ. විදුලි සැපයුම දිගටම තිබුනත් මෝටර් වෙතට යන ධාරාව කපාදමීමට රියදුරාට හැකියාව ඇත.

    ඔබගේ විසඳුම නම් අවුල්. කලින් කිහිප දෙනෙක් හේතු පෙන්වපු නිසා මට පෙන්වන්න හේතුවක් නැහැ. කෙසේ වෙතත් මේ වෙනුවෙන් සිතීම අගය කරමි. ඔබ වෙනස්ව හිතන කෙනෙක්.ලෝකයට නිර්මාණ හදුන්වාදෙන්නේ වෙනස්ව හිතන අය.

    ReplyDelete
    Replies
    1. මෙය උවමනාවෙන් හිතුවා නොවේ හිතුණා. ඉතින් අදහස් විමසුවා.

      Delete
  32. ඇයි සුදික කොමෙන්ට් වාරණය කරන්නේ. ඔයා ඔයාට වාසි කොමෙන්ට් විතරද පබ්ලිෂ් කරන්නේ. ලොකුවට පොර ටෝක් දුන්නට විවේචන ඉවසන්න අමාරුයි නේද. එක කුනුහරපයක්වත් නැතිව මම කලින් දාපු කොමෙන්ට් එක පබ්ලිෂ් නොකරේ රෙදි ගැලවෙන හින්දා නේද.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් මගේ රෙදි ගැලවෙන බව සිතීම ඔබේ මානසිකත්වය. නමුත් එහි මෙම පොස්ට් එකට අදාල නැති ද්වේශසහගත මඩ ගැසීමක් තිබූ නිසයි ඉවත් කලේ. Anonymous වුවත් වටිනා අදහස් ඉදිරිපත් කල ඒවා පබ්ලිෂ් කර ඇත.

      Delete
  33. මට ඔය ඉංජිනේරු ශිල්පය නම් වැඩිය තෙරුමක් නෑ නමුත් මේ සිදුවන අනතුරු අනුව බැලුවාම නම් එකක් වැටහෙනවා.ලංකාවෙ තියෙන්නෙ තවම ඉංග්‍රීසින් හදපු උගන්වපු තාක්ෂණය. නූතන යුගයට ගැලපෙන විදියට තාක්ෂනය ක්‍රමවත් කරගත යුතුයි. එවිට අවම කරගන්න පුලුවන්.

    ReplyDelete
  34. මෙහෙමයි.. සාමාන්‍ය විදුලි හෝ ඩීසල් දුම්රියක (ඩීසල් - විදුලි හෝ ඩීසල් ද්‍රවශක්ති) තියනවා Dynamic Brake ලෙස හැඳින්වෙන තිරිංග පද්ධතියක්. එකේදී විදුලි දුම්රියේදී කරන්නේ ධාවනය වන දුම්රියේ මොටරයේ ඇති ආමේචරය සහ ස්ටේෂනරි කොයිල් දෙකටම යන කරන්ට් එක කපා හැරලා, පස්සේ දුවවන පැත්තට විරුද්ධව ක්‍රියා කරන විද්‍යුත් බලයක් ස්ටේෂනරියට දෙන එකයි. එතකොට ආමේචරය කැරකෙන නිසා මෝටරය ඩයිනමොවක් බවට පත් වෙනවා. ඒ නිපදවෙන ශක්තිය, ඩීසල් විදුලි දුම්රිය වල විශාල ප්‍රතිරෝධක ශ්‍රේණියක් හරහා යාමට සලස්වනවා. ඒ ප්‍රතිරෝධක ශ්‍රේණිය සිසිල් කිරීමට පංකාවක් යොදාගන්නවා.
    ඔබ බදුල්ල මාර්ගයේ එන්ජිමකින් (M2, M6 ධාවන පන්ති විශේෂයි) අදින දුම්රියකින් ගමන් කර ඇත්නම්, පල්ලමකදී නිකුත් වන අමුතු හඬක් අසා ඇතිවාට සැක නෑ. ඒ තමා මෙම ඩයිනමික් තිරිංග ක්‍රියාත්මක වන හඬ.
    ඇමරිකාව ආදී රටවල් වල Regenerative Dynamic Braking තාක්ෂනය යටතේ මෙම විදුලිය නැවතත් දුම්රිය විදුලි සැපයුමට එක් කෙරෙනවා.
    ඒ කෙසේ වෙතත්, අර නිපදවෙන විදුලි ශක්තිය නිසා ආමෙචරයත්, එයට සම්බන්දිත ඇක්සලයත් කැරකීමට ප්‍රතිරෝධයක් ඇති වී වේගය අඩාල වෙනවා.
    විදුලි දුම්රියකදී මේ ක්‍රමය මෙසේම යොදාගන්නා අතර, ඩීසල් ද්‍රවශක්ති එන්ජිමකදී, එහි ඇති ද්‍රව ගියර් පෙට්ටියේ විශේෂිත කොටසක් මගින් එහි තෙල් කඳ කැරකෙන දිශාවට විරුද්ධ බලයක් ඇති කොට මෙම ඩයිනමික් තිරිංග ක්‍රියාත්මක වෙනවා. මෙහිදී විදුලිය නිපදවීමක් සිදු නොවෙන අතර, ද්‍රවයේ නිපදවෙන තාප ශක්තිය "Heat Exchanger" නම් කොටසක් හරහා රේඩියේටරයට හරහා පාලනය වෙනවා.
    ශ්‍රී ලංකාවේදී කඳුකරයේ ධාවනය වන එන්ජින් වල මෙම ඩයිනමික් තිරිංග අනිවාර්ය වන අතර, M6 පන්තියේ එන්ජින් වල මෙය ක්රියාත්මක වීමට දුම්රිය පැයට සැතපුම් 20ක් හෝ ඊට අඩු වේගයකින් ධාවනය විය යුතුයි. ඊට වැඩි වුවහොත් ප්‍රතිරෝධක පද්දතියට එම ධාරාව දරාගත නොහැකි වී ඩයිනමික් තිරිංග අසාර්ථක වෙනවා.
    පහත කලාපයේ ධාවනය වන එන්ජින් වලට (මෑතකදී අලව්වේ අනතුරට ලක් වූ S11 ආදී දුම්රිය) මෙම ඩයිනමික් තිරිංග පහසුකම නෑ.
    ඒ කෙසේ වෙතත්, උඩරට මාර්ගයේ සෑම දුම්රිය ස්ථානයකම පාහේ "Catch Points" සහ "Trap Points" නම් උපාංග තියනවා. ඒවායින් කෙරෙන්නේ පාලනයකින් තොරව පහලට ධාවනය වන දුම්රියයන් මාර්ගයෙන් ඉවත මාර්ගයකට හරවා අධි ආනතියක් සහිත පාෂ මාර්ගයකට යොමු කිරීම හෝ දුම්රිය පීලි පැනීමට සැලැස්වීමයි.
    නමුත්, මේ මොනවා තිබුනත්, වරක් දෙවරක් නොව කිහිප වාරයක් දුම්රියයන් පාලනයෙන් තොරව කඩුගන්නාව දුර්ගයේ සහ පට්ටිපොළ දෙපැත්තටම ගමන් කර තිබෙනවා. ඒ විස්තර මා බ්ලොග් අඩවිය හරහා ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

    කමෙන්ට් එක දිග වැඩි උනාද මන්දා..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...