Friday, November 2, 2012

මට මේ කිසිත් නොදැනේ - ඒ මා රොබෝවකු වන බැවිනි.

පින්තුරය : gmv.com
රොබෝ තාක්ෂණය අද ලෝකය පුර ප්‍රචලිතය. රොබෝවරු බොහෝ දේ කරති. එහෙත් කිසිවක් බලාපොරොත්තු නොවෙති. ඒ ඔවුන් රොබෝවන් වන නිසාම පමණක් නොව ඔවුන්ට හැඟීම් දැනීම් නැති නිසාය. ඔවුට විඩාව දැනේනේ නැත. ඔවුන්ට වෙලාව ගැන අවුබෝධයක් නැත. අව්ව වැස්ස රෑ දහවල පිලිබඳ ඔවුන්ට නිනව්වක් නැත. රොබෝවරු තරහ හෝ කේන්ති ගන්නේ නැත. ඔවුන් හිනා වන්නේද නැත. ඔවුන් අඬන්නේද නැත. කොටින්ම මනුෂ්‍යයන් වන අපට ඇති කිසි ප්‍රශ්නයක් ඔවුන්ට නැත. කලක් ලෝක සත්වයා බොහෝ සෙයින් බිය වූයේ දිනක රොබෝවන් අප යටත් කර ගනු ඇති යන්නයි. ඒ ගැන බිය නොවන්න. ඒත් ඔවුන් දන්නා එක දෙයක් ඇත. ඒ ඔවුන්ට දෙන ලද උපදෙස් පිලි පැදීමයි.  කෙනෙක් කිසිම හැගීමක් දැනීමක් නැති ආකාරයට සිටින විට ඔහුව/ඇයව රොබෝවන් යයි හඳුන්වනවා මා දැක ඇත. එහෙම මිනිසුන් සිටිති. ඔවුන්ට මොංගල් යයි කෙනෙක් කියති. එහෙත් මේ මා කියන්නට යන්නේ එවැනි අයෙකු ගැන නොවේ. ලෙයින්-මසින් සැදුන, හැඟීම් දැනීම් ඇති රොබෝවෙක් ගැනය. 

බොහෝ රොබෝවන් මේඩ් ඉන් ජැපෑන්ය. එහෙත් මේ රෝබෝවා මේඩ් ඉන් ශ්‍රී ලංකාය. මට දැනෙන්නේ මගේ වටපිටාවේ අය මා රොබෝවකු සේ සලකා වැඩ කරනවා යන්නයි. මමද බොහෝ දේ කරමි. ඒ මා රොබෝවකු වන බැවිනි. එහෙත් කිසිවක් බලාපොරොත්තු නොවෙමි. ඒ මා රොබෝවකු වන බැවිනි. මට විඩාව දැනේ.  ඒ මා රොබෝවකු වන බැවිනි. මට වෙලාව ගැන අවුබෝධයක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. අව්ව වැස්ස රෑ දහවල මට හොඳින් දැනේ. එහෙත් එය නොදැනෙන ගානට සිටිමි. ඒ මා රොබෝවකු වන බැවිනි. මට තරහා, කේන්තියඑන්නේ නැත.  ඒ මා රොබෝවකු වන බැවිනි.ලෝකයා ඉදිරියේ මා සිනාසෙමි. ඒ මා රොබෝවකු වන බැවිනි. හොර රහසේ මා හඬමි. ඒ මා රොබෝවකු වන බැවිනි. මා කාටවත් අභියෝගයක් වන්නේ නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. එහෙත් ඔවුන්ට මා අභියෝගයක් සේ පෙනී ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි.  

 බිරිඳක් විසින් උදේට තේකක් හදා සැමියාට දෙනු  දැක ඇත්තෙමි. එවැනි අවශයතා මටද නොදැනේ. ඒ මා රොබෝවකු වන බැවිනි. බිරිඳකගේ සෙනෙහස සැමියකුට අවශ්‍ය වේ. එහෙත් සෙනෙහස මට අවැසි නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මට වතුර එකක් ගේන්නයි බොහෝ සැමියන් තම බිරිඳට කියයි. මට වතුර අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. බිරිඳ සැමියාගේ රෙදි සෝදා, මැද දෙයි. මට ඇඳුම් අවශ්‍ය නැත. මදින්නටද අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. ලෙඩක් දුකක් ඇති වූ විට බිරිඳ සැමියාගේ ලඟින් සිට සුව දුක් සොයා බලයි. එහෙත් මට එවැනි දෙයක් අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. බිරිඳ හා සැමියා තුරුළු වී නිදා ගනී. මට එවැනි දෙයක් අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. බොහෝ පිරිමින්ට බිරිඳක් අවශ්‍ය වේ. එත් මට බිරිඳක් අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි.

ඕනෑම කෙනෙකුට තමන්ගේ හිතේ ඇඳි පෙම්වතියක් ඇත. මට එහෙම අයෙක් අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. බොහෝ අය ප්‍රේමය පතා ලඳුන් වෙත තම අදහස් ඉදිරිපත් කරති. මට එසේ ප්‍රේම වදන් මුමුණන්නට අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. මා එසේ ප්‍රේමය යැද්දත්, "මුට ප්‍රේම කරන්නට හැකිදැයි" ඔවුන් සිතයි. ඒ මා රොබෝවකු වන බැවිනි. මාද ප්‍රේමය පතා යුවතියන්ට ඇවිටිලි කලෙමි. එහෙත් "රෝබෝවෙකුට මම පෙම් කරන්න" යයි ඇය සිතන්නට ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි.රෝබෝවා පෙම් කල අය, රෝබෝවා දන්නා අය සමගම පෙමින් වේලි සිටිනු දැකීමෙන් රෝබෝවා කම්පා නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි.

සමහරුන්ට ඔෆිස් වැඩ කරන විට ඇති වන ගැටළු වලට විසඳුම් සොයා ගැනීමට මා නිතරම අවශ්‍ය වේ. ඒ මා රොබෝවකු වන බැවිනි. එවැනි විටක ස්තුති කරන්නට අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. මට අනිත් අයගේ උපකාර අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. බොහෝ දෙනාගේ දුක කියන්නට මා තෝරාගෙන ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි. එහෙත් මගේ දුක කියා දෙයක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. අනිත් අයට බඩගිනි වූ විට අහර අවශ්‍ය වේ. එහෙත් මට එවැනි අවශ්‍යතා නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. එකට හිඳ කෑම කන විට මගේ පිඟානට කෑමක් දමන්නට අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. තමන්ගේ සී. වී. එක මා ලවා නිවැරදි කරවා ගන්නා අය ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි. මට සී. වී. එකක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. ඔවුන් ටිකට් පත් ගෙන ආ විට මා මිලදී ගත යුතුය. ඒ මා රොබෝවකු වන බැවිනි. මා එවැනි ටිකට් පත් ඔවුන් වෙත ගෙන යායුතු නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මිනිසුන්ට චිත්‍රපට ශාලාවට ගොස් චිත්‍රපට නැරඹීමට අවශ්‍ය වේ. මට එවැනි අවශ්‍යතා නැත. ඒ මා රොබෝවකු වන බැවිනි.

මා අනිත් අයගේ වැඩ කරන විට, බඩගිනි දැනිය යුතු නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. කාගෙන් හෝ අසාධාරණයක් මට සිදු විනි නම් ප්‍රශ්ණයක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. ඔයා අරෙහෙම කරේ ඇයිදැයි බොහෝ දෙනා මගෙන් විමසයි. ඒ මා රොබෝවකු වන බැවිනි. මා ඒවාට උත්තර දිය යුතු නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. අනිත් අයට නින්ද ප්‍රශ්ණයක් වුවාට මට එසේ නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. අනිත් අයට නිවාඩු අවශ්‍ය වුවාට මට නිවාඩු අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. අනිත් අයගේ ගැටළු වලට මා ළඟ විසඳුම ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි. මගේ ප්‍රශ්න කියා දෙයක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මගේ දුරකථනය අනෙක් අයට විවෘතව තිබිය යුතුය. ඒ මා රොබෝවකු වන බැවිනි. එහෙත් මා ඔවුන්ට කෝල් කල යුතු නොවේ. මැසේජ් යැවිය යුතු නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි.  මා අනිත් අයගේ උපන්දින මතක තබා ගත යුතුය. ඔවුන්ට සුබ පැතිය යුතුය. ඒ මා රොබෝවකු වන බැවිනි. බොහෝ අයට දුරකථන අංක හොයා ගැනීමට මා අවශ්‍ය වේ. ඒ මා රොබෝවකු වන බැවිනි. සමහරුන්ට ගූගල් සර්ච් කිරීමටද මා අවශ්‍ය වේ. ඒ මා රොබෝවකු වන බැවිනි. 

කාර්යාලයේදී මා වැඩ කරමි. ඒ මා රොබෝවකු වන බැවිනි. මට ප්‍රමෝෂන් අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මට වැටුපක් ගෙවයි. ඒ මා රොබෝවකු වන බැවිනි. මට පඩි වැඩි වීම් අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මට බොහෝ අය ඉරිසියා කරති. ඒ මා රොබෝවකු වන බැවිනි. මා වලේ වැට්ටීමට බොහෝ අය උනන්දු වෙති. ඒ මා රොබෝවකු වන බැවිනි. මා මාරු කර යවයි. ඒ මා රොබෝවකු වන බැවිනි. 

ඒත් මට මිනිසකු ලෙස සලකන බොහෝ දෙනෙක්ද ඇත. ඔවුන්ට මගේ ප්‍රණාමය හිමි විය යුතුය. 

32 comments:

  1. ගොඩක් දේවල් කියල තියෙන්නේ.. රොබෝවරු අපිට රොබෝ වරු විදියට සලකනවා. මිනිස්සු රොබෝවරු වෙච්ච අයටත් මිනිස්සු වගේ සලකනවා.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. මිනිසුන්ට රොබෝවරු වගේ සලකන්නේ රෝබෝවරුම තමයි. සමහරු බල්ලන්ට වගේ මිනිසුන්ටත්, මිනිසුන්ට වගේ බල්ලන්ටත් සලකනවා අප දැක ඇත.

      Delete
  2. Replies
    1. ක්සැන්ඩර් කියන දේ අනුමත කරනවා එහෙනං.

      Delete
  3. ඔවැනි කෙනහිලි ලබන රොබෝවන්ට ඉදිරි අනාගතයේදී,සැමදෙයින්ම පරිපුර්ණ වූ රොබෝච්චියෙක් නිපදවෙයි.එදාට කෙනෙහෙලි කරන එඋන්ගෙන් ඇය ඔබව ගලවාගනියි.අදටත්,හෙටටත්,ඇයව ලැබුනපසුත් අපි ඔබ සමග සිටින්නෙමු!!!!

    ReplyDelete
    Replies
    1. //.අදටත්,හෙටටත්,ඇයව ලැබුනපසුත් අපි ඔබ සමග සිටින්නෙමු!!!!//

      මෙය තමා වඩාත් වටින්නේ.

      Delete
  4. මේක බැලුවම මාත් රොබෝවෙක්ද කියල හිතුනා බං.

    ජීවිතේ ඒකාකාරී.. වෙනසක් අවශ්‍යයි. ගංවතුර ඒ වෙනස ඇති කරයි වගේ :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද සෑමෝ. ගංවතුර --> නියඟය ---> ඩෙංගු මේක සංසාර චක්රේ වගේ දිගටම එනවා.

      Delete
  5. ඔන්න.. මේක දැක්කම මට රොබෝ කතා තොගයක් මතක් උනා.... Robot cop, Herbi එකේ ඉඳලම Real steel වලට එනකම්ම... හි හි... පස්සේ බැලුවාම මේ වෙන කතාවක් නේ....

    මං නං දන්නවා මං රොබෝ කෙනෙක් කියලා.. සමහරු හිතන් ඉන්නවා මං මනුස්සයෙක් කියලා... ඒත් මම දන්නවා.... වෙනස තියෙන්නේ මම මනුස්සෙයෙක් විදියට හැසිරෙන්න උත්සාහ කරන එකයි... ඒත් සමහරැ වෙලාවට හිතෙනවා මං රොබෝ කෙනෙක් විදියටම හිටියනං ඉවරයි කියලා...... එතකොට මතක් වෙනවා..... රොබෝලා හිතන්නේ නෑ නේද.. කියලා....

    ReplyDelete
  6. //මං නං දන්නවා මං රොබෝ කෙනෙක් කියලා.. සමහරු හිතන් ඉන්නවා මං මනුස්සයෙක් කියලා... ඒත් මම දන්නවා.... වෙනස තියෙන්නේ මම මනුස්සෙයෙක් විදියට හැසිරෙන්න උත්සාහ කරන එකයි... ඒත් සමහරැ වෙලාවට හිතෙනවා මං රොබෝ කෙනෙක් විදියටම හිටියනං ඉවරයි කියලා...... එතකොට මතක් වෙනවා..... රොබෝලා හිතන්නේ නෑ නේද.. කියලා....//

    ෂාහ් ! මේ ටික මරු.

    ReplyDelete
  7. ඔහෙත් එහෙමද? මෙහෙත් අපිට සලකන්නෙ හැඟීම් දැනීම් නැති රෝබෝට්ලට වගේ තමයි. අපි මෙතන එයාලට බැරි වැඩ කරවාගන්න ඉන්න සිත් පිත් නැති යන්ත්‍ර ටිකක් විතරයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. රාජකාරි ස්ථානයෙන් නම් එවැනි දේ බලාපොරොත්තු විය හැකියි.

      Delete
  8. හුඟක් තැන් වලදී අපි රොබෝලා තමයි කල්පනා කරගෙන යනකොට.

    ReplyDelete
  9. සිත් රිදීමක් වත් ඇතිවෙලාද... රොබෝවාට මුවාවෙලා කියලා තියෙන්නෙ එහෙම දෙයක් කියලයි මට හිතෙන්නෙ...

    රොබෝට අන්දලා තියෙන ජොකා නම් මරු...

    ReplyDelete
    Replies
    1. සිත් රිදීමක් ඇති වෙලා. රෝබෝවෙකුට ? D සිරා ජෝක්පෙෂලිස් කෙනෙක් වගේ ? D

      Delete
    2. රොබෝට මුවා වෙලා ඔබේ සිතුවිලි අකුරු කල බවක් මට හැගුනෙ... එහෙම නොවේ නම් සතුටුයි...

      Delete
    3. වරක් ජයන්ත කම්මැල්ලවීර මහතාගෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට ඔහු දුන් පිළිතුර වුයේ. රචකයා බොහෝවිට ඔහුගේ අත්දැකී සහ ඔහු ඇසු කියූ දේ යොදාගෙන නිර්මාණ කරයි කියා. ඉතින් මෙහි තිබෙන බොහෝ දේ මගේ අත්දැකීම්.

      Delete
  10. ඉස්සරවෙලා අපි රොබෝල වගේ ඉගෙන ගන්නව... ඊට පස්සෙ රොබෝල වගේ වැඩ කරනව... අන්තිමට ඉතින් 'Not Quite Human' තමයි.

    ReplyDelete
    Replies
    1. රොබෝලා වගේ ඉන්න එක ලේසියි.

      Delete
  11. ආයෙම ගල් යුගයට යනවනම් හොඳයි කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. රොබෝවරු ගැන හිතුවාම එහෙම හිතෙනවා.

      Delete
  12. කාලේ වැරැද්ද තමා එන්න එන්න මනුස්ස කම් නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවද නිශාන් මලේ.

      Delete
  13. අඩු වැඩි වශයෙන් අපි හැමෝම රොබෝලා තමයි.

    ReplyDelete
  14. සුදික ලියාපු කැතම පෝස්ට් එක තමයි මේක

    ReplyDelete
  15. ගොඩක් දෙනෙක් ආත්මාර්ථකාමී වීම තමයි ප්‍රශ්නේ. ඔබ අපිට මිනිසෙකි පරිපූරණ මිනිසෙකි.

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරි ගැන්වීම මට සවියක්.

      Delete
  16. හොඳින් හිතල බැලුවම තේරෙනවා අපි ජීවිතෙන් වැඩි කාලයක් ගත කරන්නේ රොබෝවරු වගේමයි කියලා. අපිට ස්වාදීනව ක්‍රියාකරන්න අවශ්ය හැම සම්පතක්ම ලැබිල තිබුනත් අපි කැමති අර විදිහට ඉන්නයි.. ඒක පහසු නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඔබ වැනි කෙනෙක් කියනවා නම් පිළිගන්න වෙනවා.

      Delete
  17. මම නම් අළුත් බ්ලොග් සැරිසරන්නෙක්. අය්යාගේ බ්ලොග් එකේ ආරම්භයේ ඉඳන් මේ පෝස්ටුව වෙනකම් මම කියවපු හොඳම පොස්ටුව මේ. මේ රූපාකාර ජීවියෙක් ගැන දීර්ඝ කාලින අත්දැකීමක් මටත් තියෙනවා. ඒ නිසාමදෝ අකුරු වචන වාක්‍ය අස්සෙන් වෙනමම ලෝකයක් අත්වින්දා....

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...