Sunday, November 11, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 22 - අද මන්ඩ්රේ නේද?

කාලෙකින් ලොල් කතාවක් ලියන්න බැරි වුනා. ඒවාටත් වෙනමම රසිකයෝ පිරිසක් ඉන්නවා. පහුගිය ටිකේ ලියන්න වැදගත් මාතෘකා ගොන්නක් තිබ්බ නිසා ලොල් කතා එහෙම්මම අමතක වුනා. අමතක කළා නෙවේ ලිස්ට් එකේ පොඩ්ඩක් පහලට ගියා කියමුකෝ. මේ කතාව මට කිව්වේ මගේ මිත්‍රයෙක් වන ප්‍රේමසිරි මහත්මයා. එතුමා මේ වගේ කතා කියන්න හරිම දක්ෂයි. කොටින්ම කතාව කියන්න කලින්ම හිනා යන විදියේ මුණක් තමයි එතුමාට තියෙන්නේ. මෙන්න කතාව.



එක්තරා යුවලක් විවාපත් වෙලා ටික කලක් ගියාලු. හැමෝම අහල ඇතිනේ අර මුං ඇට කිලෝ එකේ කතාව. අහල නැති අයගේ දැන ගැනීමට ඒ කතාවත් මම කියන්නම්. විවාහ වෙන්න කලින් ඉතින් ඔය ලිංගික ක්‍රියාවලිය ගැන දෙපාර්ශවයම බොහොම කැමැත්තෙන්නේ ඉන්නේ.  අපි නම් දැන්නෑ රට්ටු තමයි එහෙම කියන්නේ. ඒ නිසා ළඟදී විවාහ වෙන්න ඉන්න අයට බොහෝ දෙනෙක් බයිට් එකට වගේ මේ කතාව කියනවා. මුං ඇට කිලෝ එකක් අරගෙන ලිංගිකව එකතු වෙන හැම වාරයකම එක ඇටයක් හිස් බෝතලේකට දාන්න කියල අවුරුද්දක් යනකම්. ඊට පස්සේ හැම වතාවකම එක මුන් ඇටය ගානේ අර බෝතලෙන් එලියට ගන්න කියලා. කවදාවත් බෝතලේ හිස් කරන්න බැරි බව කිව්වත් මේක භාර ගන්න කිසි කෙනෙක් කැමති වෙන්නේ නෑ. කියන්නෙම මට පුළුවන් කියල. මේ කතාන්දරය ඔන්න ඔය වගේ තරුණයෙක් ගැන. අවුරුද්දක් පහු වෙලත් මෙයාගේ ආසාව අඩු වෙලා නෑ. 

අර තරුණියත් මේ කතාව අහල තිබ්බ නිසා. පලවෙනි අව්රුද්ද පහු වුනාම මේක අඩු වෙලා යයි කිය කියා ඇඟිලි ගැන ගැන ඉදල තියෙන්නේ වේඩින් ඇනිවසරිය එනකම්. අන්තිමේදී අද හරි යයි, හෙට හරි යයි කියල බැලුවත් මේක නැවතිලා නෑ. පස්සේ කරන්නම දෙයක් නැති තැන කෙල්ල කතා කලාලු වෛද්‍ය වරයෙක් මුණ ගැහෙන්න. අර තරුණයාත් කැමැත්තෙන්ම ආවලු

වෛද්‍යවරයා : මොකක්ද මේ ළමයි දෙන්නගේ ප්‍රශ්නේ ?

තරුණිය : අනේ ඩොක්ටර් මෙයාට සතියේ දවස් හතම *** ඕනේ. මට එක හරි කරදරයි. ඒක අඩු කර ගන්න විදියක් කියන්නකෝ.

වෛද්‍යවරයා : (ටිකක් කල්පනා කර) අපි මෙහෙම කරමු. දැන් ඔය ඉංග්‍රීසි විදියට සතියේ දවස් හත දන්නවනේ.

තරුණිය : ඔව් .. ඔව්.. ඩොක්ටර්. Sunday, Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday..

එක හුස්මට කියාගෙන ගියා. 

වෛද්‍යවරයා : (තරුණයා දෙස බලා) දැන් ඔය දවස හතෙන් ආර් අකුර තියෙන දවස් තියෙනවා නේද. (තරුණයා හිස වනයි). ඔන්න ඔය දවස් වලදී විතරක් මේ දෙන්න එකතු වෙන්න. එතකොට හරි.

තරුණියත් මේකට කැමති වුනා. එවෙලාවේම හිතින් ගණන් හදල බැලුවා. දවස් තුනයි. කෙල්ලගේ මුනට හඳක් පායලා ආවා. 

බෙහෙත් ගන්න ගියේ සෙනසුරාදා දවසක අර කොල්ලට ගානක් නෑ. ඉතින් එදාට ආර් තියෙනවනේ. ඉරිදා බොහොම අමාරුවෙන් ගත කළා. සඳුදා හවස් වෙද්දී කොල්ලට දැන් ඉන්නම බෑ. රෑ කෑම ගනිද්දී බිරිඳගෙන් අහනවා

"අද මන්ඩ්රේ නේද" කියල. 

A husband and wife washing dishes

පින්තූරය ගත්තේ : http://www.jw.org

ප:ලි: ගූගල් ඉන්පුට් වල කුමක්දෝ ප්‍රශ්නයක් නිසා හරියට වචන පෙන්වන්නේ නැත. අමාරුවෙන් මේ ටිකත් ගැට ගහ ගත්තේ. මගේ වාර්ෂික නිවාඩු සතිය අවසන්. ඒ නිසා පොස්ට් එකක් දාන්න මාර සටනක් දෙන්න වෙයි එන සතියේ.

43 comments:

  1. සුපිරියි මිත්‍රයා...

    ReplyDelete
  2. හපොයි මුං ඇට කථා අපි නම් දන්නෙ නෑ... සිරා තාම සූටි කොල්ලෙක්...කරදඩු උස් උනාට...

    ReplyDelete
    Replies
    1. ඇයි බඩ ගෙඩියත් ලොකුයි නේද ? සිරාම කියන විදියට.

      Delete
  3. අපිත් පොඩිද මන්දා.

    ReplyDelete
    Replies
    1. නිකමට මතක තියා ගන්නකො ඔය මනඩ්රේ කතාව.

      Delete
  4. හී හී...කවදාවත් අහලා තිබුනේ නෑ. ලස්සන කතාව සුදීක...:)

    ReplyDelete
    Replies
    1. ඔයා ගාවටත් සමහරවිට මේ වගේ අය එන්න පුළුවන්. මතක තියා ගන්න. වැඩිම කරදර නම් ආර් තියෙන මාස වල ආර් තියෙන දවස් ගන්න කියන්න.

      Delete
  5. අපොයි බදින්නත් එප වෙනවා මේ කියන කතා ඇහුවම.

    ReplyDelete
    Replies
    1. ගෑණු ඔහොම නම් බැන්දල මොකටෙයි.

      Delete
    2. ඒ කියන්නේ සුජියත් මේ කතාවේ තරුණය වගේ ?

      Delete
  6. අනේ පලයං සුදීක අපි නොදන්න ගෑණු

    ReplyDelete
    Replies
    1. ගෑනු කියන්නේ බහු වචනයක්ද ?

      Delete
  7. හපොයි.. ඔය මුං ඇට කතාව වහාම තහනම් කරන්න ඕනෙ.. ඊලගට දොස්තරගේ R අකුර වෙනුවට Y ආදේශ කරන්න ඕනේ..


    ජය...

    ReplyDelete
    Replies
    1. කඩල ඇටවත් ට්‍රයි කරලා බලන්න. ඊළඟට කියන්න එපා ඒ අකුර ආදේශ කරන්න කියලා.

      Delete
  8. හෙහ් හෙහ්, මම අහලා තියෙන්නෙ වීදුරු බෝල කියලා. මුං ඇට නෙවෙයි. ප්‍රතිඵලේ එකමයි.
    අද සන්ඩ්‍රේ නේද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. දැන් සන්ඩ්‍රේ රෑනේ. පව් අර අහිංසකී.

      Delete
  9. :D :D :D

    කෙල්ලට සොරි.....

    ReplyDelete
    Replies
    1. මේවට තමා කියන්නේ කන්න ඕන වුනාම කබරගොයා, තලගොයා වෙනවා කියල.

      Delete
  10. හික්ස්!කොල්ලා ඉන්දියන්ද කොහෙද? ;)

    ReplyDelete
    Replies
    1. මොකක්ද එකේ වෙනස ?

      Delete
    2. ඉන්දියන් ඉංග්ලිෂ් වල ‘r‘ accent එක වැඩියි නේ !

      Delete
    3. හහ් ... හහ්.. හා. දැනුයි තේරුනේ. ටියුබ්ලයිට් වෙලා හිටියේ.

      Delete
    4. ඔන්න ඉන්දියන් කාරයෙක් ගියාලු ඉන්ටවිව් එකකට. ඉන්ටවිව් එකේදී කිව්වලු ග්‍රීන් යෙලෝ පින්ක් වචන එක්ක වාක්‍යක් කියන්න කියල. මු කිව්වලු මෙහෙම.

      ද පෝන් රිං ග්‍රීන් ග්‍රීන් යැන්ඩ් අයි පින්ක් යැන්ඩ් සෙඩ් යෙලෝ යෙලෝ.

      Delete
    5. ග්‍රීන් ග්‍රීන් ලොලේ ලොල් ....

      Delete
  11. මුං ඇට,වීදුරු බෝල කතාවල් වයසක උදවියට අදාල නැතුව ඇති මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා.කතාවටම ගැලපෙන පින්තුරයක් තෝරගන තියෙනවා.කෙල්ල ඇබරෙන ඇබරිල්ලටම තේරෙනවා කුනුහරුපයක් අහන්නේ කියල.

      Delete
    2. මටත් හිතුනේ එහෙම තමා.

      Delete
    3. එයාලට ඔය සියුම් දේවල් අමරුයිනේ.

      Delete
  12. ඒකනෙමයි කොහොමද මැසිමේ oil leak උනොත් Thursday වෙනකොට !
    ……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. දොස්තර මහත්මයාගෙන් තමයි අහන්න වෙන්නේ. සමහරවිට මේකත් අර ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට විසඳන්න පුළුවන් වෙයි.

      Delete
  13. අපිත් පොඩි වැඩකට අතගැහුවා ,ඇවිල්ලම බැලුවනම් http://apegamamathara.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අද මනඩ්රේ නිසා එන්න පුළුවන්.

      Delete
  14. ඇත්තටම නියම කතාවක්
    මට නම් හිනා ගියා :)

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් ලොල් කතා 22ම කියෙව්වනේ.

      Delete
  15. කන්න ඕනේ වුණාම කබරගොයත් තලගොයා කරගන්න කියන්නේ මේ වගේ දේවල්වලට තමා :P

    ReplyDelete
  16. හිකිස්.... අලුත බැඳපු අයට විශේෂයි අපේ උන්දැව මේ පැත්තේ එවන්න හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. එයා කියයි ආර් අකුරු තියෙන දවස් වලට නම් බෑ. ඔන්න ඒ අකුරු තියෙන දවස් වලටනම් කමක් නෑ කියා.

      Delete
  17. ඔහොම කොරලා අර කොල්ලා කොටුව පැන්නාම ඉතිං වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ අව නඩුව කියල කියන්නයි තියෙන්නේ,,.

    ReplyDelete
  18. කොල්ලෝ වැරදි වැඩ වලට පෙළඹෙනවා එහෙම වෙද්දී..

    ReplyDelete
    Replies
    1. නැත්නම් හරිම අහිංසකයි. නේද මලයා ?

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...