Thursday, September 20, 2012

ක්ෂණික කෝප්පය ....

1989 අඳුරු යුගයේදී ජාතික ව්‍යපාර කළමනාකාරීත්ව ආයතනයේ පරිඝණක පාටමාලාව(හරි ට යන්න එන්නෑනේ) හදාරන්න මමත් යොමු වුනේ, ඒ වගේ මිල අධික කෝස් එකක් කරවන්න විශ්‍රාමික රජයේ සේවකයන් වෙච්ච මගේ දෙමාපියන්ට පුළුවන්කම තිබ්බ නිසා නෙවෙයි. ඒ කාලේ තිබ්බ භයානක වාතාවරණය නිසා. උසස් පෙළ අවසන් වුන තරුණයෙකුට ඉතිං ඒ කාලේ මරණ සහතිකේ ලියලා අතට දීල තිබුණා වගේ යුගයක, මේ වගේ විකල්පයක් තෝරා ගන්නවා හැරෙන්නට කල හැකි කිසිවක් තිබුණේ නෑ. උසස් පෙළ අවසන් වනවාත් සමග රැකියාවක් (හෝටල් ක්ෂේත්‍රයේ) ලැබුනත්, වැඩි කලක් නොයා හෝටල් වසන තැනට මග පෑදුනේ හරියට අර "අපි පුවක් ගහකට නැග්ගොත් දෙබලක්" කියන්න වගේ. ඉතිං ඒ කාලේ බොහොම දුෂ්කර විදියට මේ කෝස් එක කරලා ඉවර වෙනකොට කොහොම හරි ජොබ් එකක් හොයා ගන්නවා කියන මානාසිකෙට පත් වෙලා උන්නේ, මේ වෙනකොට මට උගන්වන්න දහ දුක් විඳපු මගේ දෙමව්පියන්ට ලාභාංශ ගෙවන්න ඕනෑ කියල මට සිය දහස් වරේ හිතුන නිසා. ජීවිතේ සැන්දෑ සමයවත් නිස්කාන්සුවේ ගෙවන්න ඒ අයට අවස්ථාව උදා කරලා දෙන්න මගේ හිතේ දැඩි ආශාවක් තිබුණා. 

ඔන්න ඔය වගේ වකවානුවක තමයි මම බේරුවල මොරගල්ලේ තියෙන "රිවරිනා" කියන හෝටලයේ පරිඝණක ක්‍රියාකරවන්න විදියට සේවයට එක් වෙන්නේ. ඒ කාලේ පරිඝණක ආශ්‍රිත රැකියාවක් කරනවා කියන්නේ ඉතිං හරි ලොකුයි. මේවා ලොකු වෙන්න වෙන්නම ඒවාට ඉන්න ඉරිසියා කාරයනුත් වැඩියි. බොරු වලවල් වල දාන්නයි හදන්නේ. සංචාරක හෝටල් වල තියෙන තව දෙයක් තමයි සේවා ගාස්තු ඒ කිව්වේ සර්විස් චාජ් සටන. පැහැදිලිව කිව්වොත් හෝටල් ක්ෂේත්‍රයේ ස්ථිර රැකියාව කරන අයට තමයි මේ සේවා ගාස්තුව 100% ක් ලැබෙන්නේ, මීට අමතරව කොන්ත්‍රාත් පදනම යටතේ 100%,75%,50% කාණ්ඩ වල ය ඉන්නවා. පුහුණු වන සේවකයන් සඳහා 25% ක් ගෙවන්නේ. මේ සංචාරක හෝටල් වල අයට පුදුම හැකියාවක් තියෙනවා මාසේ මුලදී ගිය මාසයට අදාලව තාමන්ට ලැබෙන සර්විස් චාර්ජ් එක තමන්ගේ ඇඟට දැනිච්ච මහන්සිය අනුව පුරෝකථනය කරන්න. මේ වාක්‍ය කීපය සර්විස් චාජ් එක ගැන තේරුමක් දෙන්න ලිව්වත්, සර්විස් චාර්ජ් සටන කියන්නේ, මේවගේ වැඩ කරන අය තුල පුදුම කාලකන්නි බලාපොරොත්තුවක්. ඒ අලුතින් එකතු වෙන අයව පර්මනන්ට් වෙන්න ඉස්සෙල්ලා එක්කෝ ගෙදර යවන්න, නැත්නම් වෙනත් රස්සාවකට හෝ වෙනත් හෝටලයකට යවන්න. මටත් ඉතිං ඔය කියන බලපෑම් ඒමට ආවා. මේවා එන්නේ ඒ තැන වල ඉන්න පර්මනන්ට් අයගෙන්. එහෙම නැති හොඳ මහ්ත්වරුන්ත් ඉන්නවා. 

නමුත් මම මේ රැකියාවට යද්දීම මං ගැන යම්කිසි තරමක හොඳ රෙකමදාරුවක් ඒ අයට ලැබිල තිබුන නිසා මට මේ බලපෑම් ටිකක් අඩුවෙන් ආවේ. එකක් තමයි ඒ කාලේ බෙන්තොට-බේරුවල හෝටල් සමුහයේ වැඩ පෙන්නපු මගේ බාප්පා ආනන්ද කන්නන්ගර කියන නම. ඔහුට පුළුවන් වෙලා තියෙනවා ඒකම අංකය තියෙන රුපියල් පහේ කොළ දෙකක් හඳුනා ගන්න. ඒ වගේම හොර ඩොලර් නෝට්ටු වගයක් හඳුනා ගන්න. අනිත් අතින් ඒ වෙනකොට මේ පළාත් වල මගේ ක්‍රීඩා කෞශල්‍යටත් යම් තැනක් ලැබිලා තිබුණේ. ඉතිං පරිඝනකයක් හැසිරවීමේ හැකියාවත් එක්ක මට හොඳ අගයක් එකතු වෙලා තිබුණේ. 

ඒ කාලේදී බොහෝ ආයතන වල වගේ මේකෙත් පරිඝනකය ගිණුම් අංශයේ වෙනම කාමරයක තිබුණේ. මටත් සුර සැප ඔන්න ඔය පරිඝනකයට කරන සාත්තුව නිසා. මොකද දෙවියන්ට වගේම කපුවන්ටත් සැප ලැබෙනවනේ. එතනට එකතු වෙලා ටික කාලෙකින්ම ඉන්න අය එක්ක කුළුපග වෙන්න මට පුළුවන් වුනා. එකට පරිඝණක හැකියාවට වඩා ක්‍රීඩා කෞශල්‍ය ඉවහල් වුනා. ආයතනයට ක්‍රිකට්, පාපන්දු සහ බැඩ්මින්ටන් වලින් කීර්තියක් ගෙන්න මට පුළුවන් වුන නිසා ටික කාලෙකින්ම ජනප්‍රිය වෙන්න මට පුළුවන් වුනා. ඒත් අර කියපු ඉරිසියවල් එහෙමම තිබුණා. ලොක්කන් එක්ක වැඩි පයුරු පාසනමට ගියොත් , ලොක්කන්ට පු* දෙන්නෙක් වශයෙන් හංවඩු ගැහෙනවා. අනික් අතින් සේවය ස්ථිර කරන එක තියෙන්නේ ලොක්කෝ අතේ. මොනවා වුනත් ආයතනයේ සියලුම ලොක්කෝ අතරෙත් මම ජනප්‍රිය චරිතයක් වුනා. ඒ නිසා අවුරුද්දක් විතර යනකොට ස්ථිර සේවකයෙක් වෙන්න මට පුළුවන් වුනා. මම තනියෙන් නෙවෙයි මගේ අතිජාත මිත්‍ර සේනාරත්නත් ඒකම කාල වකවානු වල පර්මනන්ට් වුනා. එහෙම වුනාට පස්සේ තමයි අර කණ්ඩායම අර තමන් කරන කාලකන්නි ක්‍රියාවලිය කියල දෙන්නේ. ඒ කියන්නේ පර්මනන්ට් වෙයි කියල හිතෙන අයට වල කපන එක. 

ඒ කාලේ මේ ගිණුම් අංශයේ හිටිය පාලිත ෆොන්සේකා කියල මගේ වයසේම නාහෙට නාහන කොල්ලෙක් (දැන් නෙවෙයි ඉස්සර). ඉතිං අවුරුදු විසු දෙකක විතර අය කොල්ලෝ තමයි. එතන ඉන්න කොල්ලෝ සෙට් එක එකට එකතු වෙලා ගැන්සියක් හැදිලා හිටියා. මම, පාලිත, සේනාරත්න, ජයන්ත, කොටා(සුගත්), ප්‍රභාත්, උපසේන. මේ අතරින් උපසේන, මම සහ සේනාරත්න පර්මනන්ට් ජයන්ත, පාලිත, සුගත් කොන්ත්‍රාත්. අපි අතරේ ඒ වගේ බේදයක් තිබ්බේ නෑ. ඒත් වෙනත් දෙපාර්තමේන්තු වල හා සේවක සංගමයේ අයගේ මේ කෙටවිලිල්ල තිබුණා. අපිවත් අර කියපු ගොඩට දාගෙන පාලිත, ප්‍රභාත්, සුගත් වගේ අයව පහත් කරලා කථා කරන්න ඒ අය පුරුදු වෙලා හිටිය. මේ දේවල් වැඩියෙන්ම එලියට එන්නේ අපි ඒ කියන්නේ ගිණුම් අංශයේ අයත් අනෙකුත් සුපවයිසර් වරුන් (නඩත්තු, හවුස්කීපින්, කුස්සිය, රෙස්ටුරන්ට්) එකට දිවා ආහාරය ගන්න ස්ථානයේදී. බොහෝ වෙලාවල් වලට කැරම් ගහනකොට. හින්ට් ගැහිලි වලින් තමයි මේ අළු යට ගිනි පුපුරු එලියට එන්නේ.

පාලිත ෆොන්සේකා කියන චරිතය මම මේ කියන්න හදන කතාවේ ප්‍රධාන චරිත දෙකෙන් එකක්. මම එනකොටත් කොන්ත්‍රාත් (50%) කැටගරියේ සේවකයෙක් විදියට අවුරුදු කීපයක්ම පාලිත එතන වැඩ කරලා තිබුණා. කළුතර තිස්ස විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ අවුරුදු කිහිපයක්ම නායකත්වය දරපු පාලිත ඒ වෙනකොට කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ නායකයා. විමල් වීරවංශ ඇමති තුමත් මේ කණ්ඩායමට තමයි ඒ කාලේ ක්‍රීඩා කරලා තිබුණේ. හැබැයි පාලිත බොහොම තදේට යූ.ඇන්. පී කරපු කෙනෙක්. කොයි තරම් දරුණුවට කරලා තිබුනද කිව්වොත් ඒ කාලේ සහෝදරවරු ඔහුගේ පපුවටත් පිස්තෝලය තියලා දේශපාලන කටයුතු නවත්වන්න කියල තර්ජනය කරද්දීත්, "නෑ මම නවත්වන්නේ නෑ, උඹලට පුළුවන් දෙයක් කරපල්ලා" කියපු ජාතියේ මිනිහෙක්. ඒත් සහෝදරවරු වැඩි කරදරයක් කරලා තිබුණේ නෑ. පාලිතටත් අර කැපිල්ල හොඳටම ඇවිත් තිබුන කාලයක් මේක. නිතර ලේ රත් වෙලා හිටිය පාලිත් කොයි වෙලාවෙත් ඕනෑම කෙනෙක්ගෙන් ගේම ඉල්ලන ගතිය නිතරම දකින්න ලැබුනා. ඉතිං පාලිත් මේ දා ගන්න ගේම් බෙරණ ඒකම තමයි අපේ වැඩේ. හැබැයි පාලිතටත් මටත් වඩා කළමනාකාරිත්වයෙන් තැනක් ලැබිල තිබුණේ ඒ වෙනකොට ක්‍රිකට් වලින් පාලිත් දක්වපු දක්ෂතා නිසා. 

දෙවන ප්‍රධාන චරිතය තමයි ටී. වී. සුනිල්. මිනිහා ජේ.වී.පී. කාරය කියල තමයි කවුරුත් කියන්නේ. මම පර්මනන්ට් වෙලා ලියුම ආපු වෙලාවේ පර්සනල් ඔෆිසර් මට කිව්වේ ඔය ටී.වී. සුනිල්ලව වැඩිය ආශ්‍රය කරන්න යන්න එපා කියල. මගෙත් එක්ක වැඩි තරහක් මිනිහා පෙන්නුම් නොකලත් මටත් වැඩිය අල්ලපු නැති කෙනෙක් තමයි. ඒ වෙනකොට එතන තිබ්බ යුනියන් එකේ නායකයා වුනත්, මිනිහා ඒක ඇපේට තියලා මිනිහගේ වැඩ කර ගන්නවා කියන මතය ප්‍රසිද්ධියේ නැති වුනත් අහු මුළු වල යන කථා වල නිතර කියවිච්ච දෙයක්. අති පණ්ඩිතයා කියල කවුරුත් කියනවා. ඒත් මගෙත් එක්ක මිනිහා ෂේප්. කැරම් ගහන්න ගියාම තමයි මිනිහාගේ ආත්මාර්තකාමී ගති එලියට එන්නේ, නැත්නම් කෑම බෙදා ගනිද්දී. යුනියන් නායකයා, ජේ වී පී කාරය කිව්වට මිනිහා ආත්මාර්තකාමියා, එතකොට යූ ඇන් පී කාරය, කොන්ත්‍රාත් කාරය පාලිත හැම දේකදිම ඉස්සරහට එන හිත හොඳ මිනිහා. මට ඕක සිය දහස් වරක් හිතුන දෙයක්. හැබැයි කාටවත් කිව්වේ නැත්තේ මේ දෙන්නම තරහා වෙලා ඉන්නවට අකමැති කෙනෙක් වුන නිසා. මට ඕන වුනේ මේ දෙන්නව සමගි කරන්න. ඒත් මුන් දෙන්න නයයි මුගටියයි වගේ ආත්මගත් වෛරයකින් වගේ හිටියේ. 

පාලිතගේ කොයි දේටත් ඉදිරිපත් වීම ගැන අපූරු කතාවක් තියෙනවා. මේක සංචාරක හෝටලයක් වුනාට සේවකයන්ට කෑම උයන්නේ වෙනම. වෙනම කුස්සියක. අපිට දෙන කෑම බොහෝ වෙලාවට කටේ තියන්න බෑ. අපිත් හැම වෙලාවේම මේවට වැලි දා ගන්නවා. දවසක් දවල් කෑමට අඹ අට උයලා තිබ්බ. රත්ගම පැත්තේ ඉන්න කෙලින් කථා කරන බුලට් පොරක් හිටියා ප්‍රේමදාස කියල. කටහඬේ පවා දකුණේ ගතිය ගෑවිලා තිබුණා. මේ පැත්තට ආවේනික ඇදලා-පැදලා කරන කතාව නිසා නිතරම හිනා උපදවන පුද්ගලයෙක්. කථා කීමේ අති දක්ෂයෙක්. ඉතිං අපිට දවල් කෑමට අඹ ඇට තිබ්බ එක මහා අවමානයක් වගේ සියළු දෙනාම කරපු කතාවල් අහගෙන හිටිය ප්‍රේමදාස අඹ ඇට එකෙන් ටිකක් පිඟානකට බෙදා ගත්තා

"මේවා සුද්දන්ට කපල ඉතිරි වෙන අඹ"

"මම යනවා මේකත් ඇරගෙන පර්සනල් ඔෆිසර් ගාවට තව කවුරු හරි එකෙක් වරෙල්ලා"

කවුරුත් මුණින් මුණ බලා ගනිද්දී පාලිත නැගිට්ට

"මමත් එනවා"

දෙන්නත් එක්ක යන්න ඇරලා. 

"අපිට බඩගිනියි කන්නත් බෑ. කෝ බලන්න මේ අඹ මොන වගේද? " කියල එක්කෙනෙක් අඹ කෑල්ලක් බෙදා ගත්තා. කෙනා කවුද කියල අද මට හරියට මතක නැති වුනත් මම හිතනවා එම ආයතනයේ සාමාන්‍යධිකාරීවරයාගේ ඥාති සහෝදරයා වෙච්ච් ලොකුහෙට්ටි තමයි මේ වැඩේට මුල පිරුවේ කියල. මේකා එක අඹ ඇටයක් සුප්පු කරලා පැත්තකින් තියල අනිත් එකත් බෙදා ගන්නකොට, රවුමකට එකා දෙන්න ගානේ කට්ටිය එකතු වුනා. අපි කීප දෙනෙක් කැරම් ගගහ හිටියේ. එක පාරටම අඹ පින්ගානත් ඇරගෙන පාලිතයි ප්‍රේමදාසයි එක්ක පර්සනල් ඔෆිසර් ආවා. පිඟන් වල තියෙන අඹ ඇටයි, හිස් වෙච්ච අඹ බාජනෙයි දැක්ක පර්සනල් ඔෆිසර් මහත්තයා හිනා වෙලා කියනවා

"අඹ ඇට කන්න බැරි පාලිතටයි, ප්රෙමදාසටයි විතරද ?" කියලා.

මේ ආයතනයේ නීති තදයි. නිස්කාරනේ තැන් තැන වල කථා කර-කර ඉන්නවා ලොක්කෙ දැක්කොත් කෙලින්ම අදාළ අංශයේ ලොක්කට කථා කරලා කියනවා.  හැබැයි තේ වෙලාවේදී අපි නොමිලයේ ලැබෙන තේ එක අපේ කෝප්ප වලට දාගෙන අපේ ඩිපාර්ට්මන්ට් එක එළියේ තියෙන කොරිඩෝවට වෙලා කයියක් ගහන ගමන් තමයි තේ බොන්නේ. එතනින් එළියේ තියෙන්නේ මුහුද. ගිනියම් අව්ව මුහුදට වැටිලා රිදී කැඩපතක් වගේ බබලනවා හවස දෙකහමාර වෙද්දී. අපි තේ බොන අතරේ ඈතින් ටීවී සුනිල් එනවා දැකල පාලිතගේ කටහඬ ටිකක් උස් වුනා. මමයි පාලිතයි ආදී තුනක් විතර කොරිඩෝවේ මුණින් මුණ බලාගෙන තේ බොනවා. වේගයෙන් කඩාගෙන ආපු ටී වී සුනිල් 

"කෝ එහාට වෙයල්ලා. මෙතන යන්නවත් ඉඩ නෑ" කියා ගෙන පාලිතවත් තල්ලු කරගෙන යන්න හදනකොටම පාලිත හරස් වුනා

"අපි ඉන්නේ මෙහෙම තමයි උඹ මොකද කියන්නේ" කියල පාලිත ඇහුවාම ටී.වී සුනිල් පාලිතට ගහන්න වගේ ඇත වැනුවා. එතකොටම කෝප්පේ ඉතිරි වෙලා තිබ්බ තේ ටික පාලිත සුනිල්ගේ ඇහැට ගැහුවා. මම තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා. සුනිල් එක පාරටම ඇහැට අත් දෙක ගෙනකොටම පාලිතයා ගැහුවේ නැද්ද කෝප්පෙන් විදිලි කොටනවා වගේ හයියෙන් සුනිල්ගේ නළලට. තප්පර දෙකකදී වගේ වුන සිදු වීමක් මට වලක්වන්න කොහෙත්ම හැකියාවක් නෑ. දැන් අහි බැඹ පැලිලා ලේ ගලනවා, සද්දේ ඇහිලා ආපු කට්ටිය සුනිල්ව කෙලින්ම පර්සනල් ඔෆිසර් ගාවට ඇරගෙන ගියා. මේ වෙනකොට අනිත් පැත්තෙන් දුවගෙන ගිය  පාලිත නියෝජ්‍ය කළමනාකාර තුමාගේ කාමරේ. සුනිල්ව රෝහලට පිටත් කරපු පර්සනල් ඔෆිසර් මහතා ඊළඟ මගේ අතින් ඇදගෙන මිනිහගේ කාමරයට ගියා. 

"ඔහොම වාඩි වෙන්න. දැන් මට කියන්න වෙච්ච දේ." මේ වෙනකොටත් අපේ අනිත් අය කට උත්තරය දෙන්න අවශ්‍ය විදිය මට කියල තිබුන නිසා ඒ විදියටම මම කිව්වා. එතැනදී මට තේරුණා දෙයක් තමයි ටීවී සුනිල් එක්ක මිනිහත් ඒ හැටි හොඳ නෑ. නැත්නම් ගහන්න වගේ ඇත යැව්වා කියන එක පාලිතගේ කම්මුලට වැරෙන් පහරක් ගැහුවා කියල ලියලා මගෙන් අත්සන් ගත්තේ. මේක වෙලා ටික වෙලාවකින් මුළු හෝටලයේම ලව් ගින්නක් වගේ කතාව පැතිරිලා. 

ක්ෂණික කෝපය, ක්ෂණික කෝපය, ක්ෂණික කෝප්පය වෙන්න ගත වුනේ විනාඩි කීපයයි. පස්සේ මේක හෝටලයේ හැම තැනකම කථා වෙන පොදු වචනයක් බවට පත් වුනා.

"ක්ෂණික කෝප්පය"

ප:ලි: පස්සේ මේකේ පරීක්ෂණය තියන දවසේ මම නිවාඩු ගත්තේ වෙනත් කාරණයකට. ඒත් මම අමතක කලේ නෑ නියෝජ්‍ය කළමනාකරු වෙච්ච් විජේමාන්න මහත්මයට කියන්න "ඔන්න ඕක ෂේප් කරලා දාන සර්" කියල.

දැන් වෙලාව උදේ 1.15. මගේ දුවගෙන් ලැප් එක නිදහස් වෙන්නේ රෑ දහයට.

පින්තූර ගත්තේ : [1] greenspotantiques.com [2] peppermill-miri.blogspot.com

30 comments:

  1. හප්පේ..89 වෙච්ච සිද්ධි මටනම් ලාවට මතක. අවු. 4 ක් විතර ඇති මට එතකොට. ඒ දවස්වල කම්පියුටර් කියන්නේ අනිවාර්යෙන් ලොකු දෙයක් වෙන්න ඇති.

    මට මතකයි 95 දී විතරත් අපි අඳුරන අන්කල් කෙනෙක්ගේ ගෙදර කම්පියුටරේ තියලා තිබුනේ සාලේ ලස්සනට, ටි වී එක තියනවා වගේ. මොනිටරේ රෙද්දකින් වහලා. එච්චරට සැලකිලි.

    ReplyDelete
  2. @සයුරි
    ඒ කාලේ තිබ්බ පී සී වල 8086/8088 කියන චිප් තමයි තිබුණේ. මම වැඩ කරපු ඔෆිස් එකේ තිබුණේ 286(80286) එකක්. හාර්ඩ් ඩිස්ක් එක 40MB.

    ReplyDelete
  3. බොරු සාක්කි කාරයා,පචයා

    ReplyDelete
  4. "මොකද දෙවියන්ට වගේම කපුවන්ටත් සැප ලැබෙනවනේ"

    මෙන්න කෑල්ල :D

    කපන්න බලාගෙන ඉදලා චාන්ස් එක හම්බුණු වෙලාවේ මදි නොකියන්න කපලා වගේ

    ReplyDelete
  5. හුඟ කාලේකින් හොඳ කතාවක් දැන් නිදා ගනින් හෙට වැඩට යන්න එපායැ

    ReplyDelete
  6. "අපි පුවක් ගහේ ගියත් දෙබලක්" කියන පිරුළ හුග දෙනෙක් බාවිතා කරන විදිය වැරදියි. අපි විතරක් නෙවෙයි ආචාර්යවරු මහාචාර්යවරු පවා ඒක භාවිතා කරන්නෙ, "මොන දේ කරන්න ගියත් බාදාවක්" යන අර්ථයෙන්. ඒත් නිවැරදි වෙන්නෙ පැහැදිලි ඍජු තීරණයක් ගතහැකි අවස්ථාවකදී පවා දෙගිඩියාවකට පත්වෙනවා කියන අදහසයි.

    (පුවක් ගහේ අතු නෑ, ඒත් අපි නැග්ගොත් ඒකෙත් දෙබලක්, ඒ අත්තෙ යනවද මේ අත්තෙ යනවද කියලා හිතාගන්න බෑ).

    ReplyDelete
  7. @lakmal kandevidane
    සමහර අවස්ථා තියෙනවා බොරු කියන්න වෙන. ඔය දැන් කට්ටිය මතක නෑ කියන්නේ.:)

    ReplyDelete
  8. @Hasitha
    ඔව් හසිත පුද්ගලික ආයතන වල ඇණයක් වෙලා ඉන්න අයව, නිසි ගෞරවයක් නැතිව කථා කරන අයව හැකි ඉක්මනින් ගෙදර යවන්න අවශ්‍ය දේවල් පුද්ගලික ලිපි ගොනුවට එකතු කරනවා. පරණ සේවකයන් තියා ගන්නවාට වැඩ අලුත් අයව තිය ගන්න බලනවා.

    ReplyDelete
  9. @Raj
    බොහොම ස්තුතියි. හැමදාම කතා දෙන එකත් හරි නෑනේ මචෝ. නිදා ගත්ත ගමන්ම නින්ද ගිහිං. උදේ 6.00 ට තිබ්බ එලාම් එකට ඇහැරුනේ.

    ReplyDelete
  10. @Sumith Niriella
    ඔයා අපි හැමෝටම හොඳ පාඩමක් කියල දුන්නේ. අද ඉඳන් නිවැරදිව ඔය දෙබල් කථාව පාවිච්චි කරන්න පුළුවන්.

    ReplyDelete
  11. "ක්ෂණික කෝපය, ක්ෂණික කෝපය, ක්ෂණික කෝප්පය වෙන්න ගත වුනේ විනාඩි කීපයයි..." ++++

    ReplyDelete
  12. කැපිල්ල කැපිල්ල කාගෙත් කැපිල්ල.... මේ අද උදේ බස් එකේදි ඇහුනු සිංදුවක්.

    ReplyDelete
  13. //දැන් වෙලාව උදේ 1.15. මගේ දුවගෙන් ලැප් එක නිදහස් වෙන්නේ රෑ දහයට.//

    ඒක තමා තාත්ත දැන් වැඩිය සද්ද නැත්තේ. වෙලාවක් නැතුව ඇති ලියන්න. :)

    ඇත්තට මොකෑ බොලාගෙ යන්තරේට වුනේ ?

    ජය !

    ReplyDelete
  14. @sAm (සෑම්)
    සැටලයිට් බොක්ස් එක කැඩිලා මචං. ඒකයි.

    ReplyDelete
  15. @රාජ්
    කොතනත් කැපිල්ල. පුදුමේ පිටට නොපෙනිල්ල.

    ReplyDelete
  16. මෙච්චර පාන්දර ලියන්න පුළුවන්ද අම්මපා

    ReplyDelete
  17. 89 කියන්නේ මම මෙහාට ආපු අවුරුද්දනේ.ඉතිං මුකුත් දන්නේ නැත. ලස්සන කතාව.දිගටම මේ වගේ කතා ලියන්න.ජය!!!

    ReplyDelete
  18. 89 කියන්නෙ මට යන්තම් අවුරුදු දෙකයි:)
    මට නම් හිතෙන්නේ කපන එක බෙල්ල මුලින්ම කපලා වගේ

    ReplyDelete
  19. @A.Wickz
    ඒ අවුරුද්දේ උපත් සහ මරණ අතර අනුපාතය කීයද දන්නෑ? බොහොම ස්තුතියි.

    ReplyDelete
  20. @ළිහිණි
    හපෝ දෙයියනේ මේ බ්ලොග් අවකාශේ ඉන්නේ පොඩි පැටව් ටිකක්නේ.

    ReplyDelete
  21. @අවතාර්
    පුළුවන් හැබැයි දිගටම නැගිටලා හිටියාම.

    ReplyDelete
  22. ඇසින් දුටු සාක්ෂිත් බොරුනේ අප්පා...
    අද කාලේ පහර කාපු එකෙක්නං කියයි මට කිසි දෙයක් මතක නෑ කියලා..

    ReplyDelete
  23. @තරියා අබේ
    එතකොට මගේ වයස 23යි. අනිත් එක පුද්ගලික ආයතනයක, මට අවශ්‍ය සාක්කිය ඉල්ලන්න ගියා නම් මගේ ෆයිල් එකටත් අර වගේ දේවල් එකතු කරයි. ඇත්තටම එහෙම කළා පහුකාලීනවා.

    ReplyDelete
  24. ක්ෂණික කෝප්පය කියෙව්වාම මටත් මතක් වුනේ... මමත් උසස්පෙලින් පස්සෙ වැඩිදුර අධ්‍යාපනය කොම්පීතර මාධ්‍යයෙන් හදාරන ගමන් නොයෙක් නොයෙක් පාට් ටයිම් ජොබ් කලා...එක් වරක් නුවර වැව ලග තියෙන තරු 3 හෝටලයකට ගියා ඥාතියෙකු මාර්ගයෙන් අහුවෙන වැඩක් කරගෙන ඉන්නවා කියලා...ඒත් මගේ උසස්පෙළ ප්‍ර‍තිඵල ඉහළ මට්ටමක තියෙන නිසා මැනේජර් ලා මට සුදුස් ජොබ් එකක් දෙන්න බෑ කියද්දි මම බලෙන්ම ස්ටුවර්ඩ් කෙනෙක් වුනා... එක දවසයි වැඩ කලේ ... පහුවදාම ගෙදර ගියා... ඒකෙ ඉන්න කොල්ලන්ට දෙන්නෙ කටේ තියන්න බැරි කෑම...ඒ මදිවට නවාතැන් ගන්න ඕනෙ තැන හරිම අපිරිසිදුයි... හැන්දෑවෙ 7 වෙනකොට මීදුම ඇවිල්ලා වගේ සිගරට් දුම හැම තැනම...ගොඩාක් අය හිතන්නෙ හෝටල් වල වැඩ කරනකොට ලැබෙන කෑම සුපිරියි කියලා... මමත් ඔය සිද්ධියෙන් තමා ඇත්ත තත්වෙ දැන ගත්තෙ... පාර්සල් කරලා ගේන බත් එක දිගඇරියට පස්ස වැඩ කරන කොල්ලො ලොක්කන්ගෙ අම්මලා තමයි වැඩිපුර මතක් කරන්නෙ....

    ReplyDelete
  25. @සිරාගෙ කාමරේ
    සංචාරකයන්ට දෙන කෑම ඉතුරු වුනත් සේවකයන්ට නොදෙන්නේ, ඒ කෑමට සේවකයෝ පුරුදු වුනොත් හොරෙන් කන නිසා. හාහ් මේක කියන් යනකොට හොර පාරෙන් කෑම කාපු කතාවක් මතක් වුනා ඒකත් දැන්නම්.
    අපිත් ඉතිං හැමදාම මේ කෑම වලිය ගෙනිච්චා.

    ReplyDelete
  26. අනේ මේ අපේ NIBM එකෙ අය්යා කෙනෙක් නේ....

    IT සෙච්ටිඔන් වල වඩ කරලම මටනම් ඔව සාමන්ය දෙවල්....
    මොකද මුන් වැඩක් හරියට කලෙ නැත්නම් කියන්නේම් කොම්පීත්ර් හරියට් වැඩ කලේ නැ කියලා....

    එත්කොට ඉතින් මටත් ක්ශ්නික කෝපය මතු වෙච්ච් වෙලවල් නැතුව නෙමේ

    ReplyDelete
  27. @Tharindu
    අයි.ටී. ඒකට දොස් කියන එක ලෝක ප්‍රවනතාවයක්. මොකද අනිත් අය අයි.ටී. දන්නේ නෑනේ. අයි.ටී. අය බලන කෝණයෙන් නෙවෙයි අනිත් අය බලන්නේ. එහෙනම් ඔයත් NIBM කරපු කෙනෙක්.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...