නත්තල වෙනුවෙන් විවිධ රූපවාහිනී නාළිකා චිත්‍රපට ප්‍රදර්ශණය කරනවා. බොහෝවිට හින්දි, දමිළ හෝ ඉංග්‍රීසි චිත්‍රපට. ඉඳහිට සිංහල චිත්‍රපට පෙන්වන අවස්ථාත් නැත්තේම නෑ.දෙරණ නාලිකාව මෙවර නත්තලව වෙනුවෙන් අපූරු චිත්‍රපටයක් තෝරාගෙන තිබුණා. ඒ "ටොයිලට් ඒක් ප්‍රේම් කතා". හින්දි භාෂාව පිලිබඳ හසල අත්දැකීමක් නොමැති වුවත්, මෙහි සරල තේරුම ටොයිලට් එකේ ප්‍රේම කතාව කියා හිතා ගන්න පුළුවන්. මට හිතුනේත් ඔබට හිතෙන දෙයමයි. ඒ ටොයිලට් එකක් තුළ සිදු වන ප්‍රේම කතාවක් පිලිබඳ චිත්‍රපටයක් කියා. මා බොහෝ විට බලාපොරොත්තු වුයේ මෙය හාස්‍ය දනවන චිත්‍රපටයක් වනු ඇතැයි කියා වුවද, අවසානයේ එය අනුවේදනීය ප්‍රේම කතාවක් බව පසක් වුණා. නමුත් මෙහි මුල් මිනිත්තු කිහිපය මට අතපසු වුණා. නමුත් පියෝ ටී.වී. හෝ ඩයලොග් වීව් ඇප් එක හරහා තවමත් සිංහල උප සිරස සහිත චිත්‍රපටය නරඹන්න ඔබ ප්‍රමාද නෑ. ඒ මෙය විකාශණය වුණේ ඊයේ(දෙසැම්බර් 25) දින රාත්‍රියේ නිසා.
පහතින් තියෙන්නේ එහි නිල ට්‍රේලර් කොටස
පණ්ඩිත් කෙනෙකු නැතිනම් නක්ෂත්‍ර කටයුතු ඉටු කර දෙන ගුරෙකුගේ පුතෙකු වන කේශව(ආක්ෂේ කුමාර්) සහ ඔහුගේ පෙම්වතිය වන ජයා(භූමි පෙද්නේකාර්) ප්‍රධාන චරිත වලට පණ පොවන මෙම චිත්‍රයපටය පදනම් වන්නේ සමස්ත භාරතයම තවමත් විසඳුම් සොයන වැසිකිලි ප්‍රශ්නය මතය.
ජයා ඉපදී හැදී වැඩෙන නිවසට යාබදව වැසිකිලියක් තිබූ නිසා, සාමාන්‍ය ඉන්දීය කාන්තාව එම කර්තව්‍ය ඉටු කරගන්නා ආකාරය ඇයට හුරු කටයුත්තක් වුයේ නෑ. නමුත් මංගල දින රාත්‍රියේදී අසල්වැසි කාන්තාවන් ඇය කැඳවාගෙන යන්නට පැමිණෙන්නේ භාරතයට සූර්යාලෝකය වැටෙන්නට පැය කිහිපයකට කළින්. ඒ මොහොතේ පටන් ඇය අරගල කරන්නේ ටොයිලට් එකක් නැතිනම් මෙම නිවසේ වාසය නොකරන බවයි. ඇගේ අහිංසක සැමියා නැතිනම් පෙම්වතා ඒ සඳහා විවිධ උත්සායන් කරනවා.
ඔහු මුලින්ම කරන්නේ දිය සෙම්බුවක් සමගින් ඇයව පාන්දරින්ම වෙල් යායක් වෙත කැඳවාගෙන යාමයි. නමුත් එයට කණ කොකා හඬන්නේ ඔහුගේම පියා එක් දිනක් මෝටර් සයිකලයකින් ඒ අසළින් ගමන් ගන්නා විට, එහි එලිය නිසා ලේලිය අපහසුතාවයට පත් වීම නිසයි. එම ගම්මානයට පැමිණෙන චිත්‍රපට කන්ඩායමකට අයත් ජංගම වැසිකිලියක් සොරකම් කරන ඔහුව පොලීසියට හසු කර දෙන්නේ ඔහුගේම පියා. ඔවුන් සම්ප්‍රදාය කඩන්න කිසිසේත් කැමැත්ත ඵල කරන්නේ නෑ. ඔහුට ඊළඟ අදහස සපයන්නේ ඔහුගේ මිතුරෙක්. ඒ ඔවුන්ගේ ගම්මානයේ මිනිත්තු හතක කාලයක් නවත්වා තබන දුම්රියේ ටොයිලට් එක භාවිතා කිරීම. ඇය ඉතා කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වුවත්, එක් දිනක් මේ ටොයිලට් දොර වැසෙන්න බඩු ප්‍රවාහනය කරන වෙළෙන්දන් දෙදෙනක් තම බඩු තොගය අසුරනවා. ඇය ඉන් ගැලවී කෙළින්ම යන්නේ තම නිවසටම. ඉන් පසු ටොයිලට් එකක් නැතිනම් යලිත් පැමිණීම ඕ ප්‍රතික්ෂේප කරනවා. මින් අසරණ වන කේශව ඔහුගේ නිවසේ ඉහළ තත්වයේ නාන කාමරයක් සහිත ටොයිලට් එකක් ඉදි කළත්, පියාගේ සහචරයන් විසින් එය සමතලා කරනවා. ඉන්පසු ඔහු නීති මාර්ගයෙන් විසඳුම් සොයනවා. ගම් සභාවේ ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වනවා. නමුත් නාගරික කොමසාරි වරයෙකු ඔහු සමග අත්වැල් බැඳ ගන්නවා ඒ උත්සාහය සාර්ථක කර ගැනීමට. අවසානයේ ඔවුන් දික්කසාදය ඉල්ලා උසාවි යනවා. එදින ලැබෙන තීන්දුවෙන් මෙම චිත්‍රපටය අවසන් වනවා. එය ඔබ නරඹනු ඇතැයි මා විශ්වාස කරනවා. යුටියුබ් හී සම්පූර්ණ දර්ශනය තිබෙනවා.