Monday, October 23, 2017

මට මුණගැසුණු ප්‍රසන්නලා ......

අපේ කාර්යාලයේ (මම හිතන්නේ මේක බොහෝ කාර්යාල වල සිදු වන දෙයක්) හැම සේවකයෙකුම අනිවාර්ය නිවාඩු 7ක් යන්න ඕනේ. ඒක තනතුර නොබලා සිදු කරන දෙයක්. මෙහෙම කරන්නේ, යම්කිසි කෙනෙක් තමන්ගේ කුමක් හෝ වංචාවක් හෝ හොරකමක් යට ගහගෙන ඉන්නවානම් ඒවා එළියට ගන්න. ඒ වගේම කුමක් හෝ විශේෂ දෙයක්, එක් අයෙකු පමණක් දන්නා දෙයක් හෝ සිදු කරගෙන යන දෙයක් විදියට සැඟවිලා තියෙනවා නම් ඒවා එලියට ගන්න. ඉතිං ඒ විදියට මට අදාළ දවස් හතේ නිවාඩුව ගන්න මම තීරණය කළේ ඇද ඉඳලා ඉදිරියට. මේවා ඔක්තෝබර් මාසයට කළින් අවසන් කරන්න කියලා නීතියකුත් පනවලා තියෙනවා. ඉතිං මට ගන්න පුළුවන් අවසන් දවස අද. දවස හත හරියටම 31වෙනිදාට ඉවරයි. එහෙම නිවාඩුවක් අරගෙන ගෙදරට වෙලා ඉන්න කියළා හිත හදාගෙන ඉන්නකොට, මගේ බ්ලොග් එකට කමන්ට් එකක් වැටිලා. ඒක මගේ ඊ මේල් ගිණුමට දැනුම්දීලා තිබුණා. එවලා තියන්නේ ප්‍රසන්නයා නොහොත් දෙමළ නයන්නා. හරියට කිව්වුත් මෙන්න මැසේජ් එක 

"උමා ඔය පැත්තක තිබිච්චාවෙ. මේකෙ මොනවහරි ලිවුවොත් නරකද?"

මෙන්න මේක දැක්කම මටත් හිතුණා අද ගෙදර කොපමණ වැඩ තිබුණත් බ්ලොග් පොස්ට් එකක් ලියලා දානවා කියළා.ඉතිං විශේෂයෙන්  සුදානම්  කරගත්ත  මාත්රුකාවකුත් නැති එකේ ඔය උඩ තියෙන එක හොඳා කියළා හිතුණා. මට පේන්නේ ප්‍රසන්නයා හැමෝමව අවුස්සලා ගන්න හදන්නේ. මේ එක්කම කුරුන්දට, හිස් අහසටත් සිහි කැඳවීම් කරලා තියෙනවා මම දැක්කා. ආ ඉතිං මාතෘකාවට බහිමුකෝ.

ඇත්තටම කියනවානම් ප්‍රසන්නලා මහ ඇණ. ඒ කතාවට මේ බ්ලොග් අවකාශේ ඉන්න බොහෝ දෙනෙක් සාක්ෂි දරාවි. මට හමු වෙච්ච ප්‍රසන්නලා අතරින් මගේ මතකය දිව යන්නේ අපේ ගමේ ග්‍රාමසේවක වෙලා හිටිය ප්‍රසන්න රාලහාමිව. රාලහාමි කිව්වම, ග්‍රාමසේවක කිවුවම ඔහෙලගේ හිතේ ඇඳෙන විදියේ කෙනෙක් නෙවෙයි මෙයා. හොඳට කලිසම කමිසය ඇඳලා බොහොම ජැන්ඩි පහට ඉන්න කෙනෙක්. සමාන කරන්න චරිතයක් එක පාරටම එන්නේ නැති වුණත්, ඒ කාළයේ අපේ ක්ලබ් එකේ කොල්ලෝ සෙට් එකට පෙන්නන්න බැරි චරිතයක් වෙලා තිබුණා. කොල්ලෝ කියන්නේ "කන බොන තැනක මුල්තැන" කියලා. එහෙම කියන්නේ මිනිහා ගෙදරකට ආවම කෙළින්ම තේ හෝ කෑම ඉල්ලන පුරුද්දක් තිබුණ නිසා. "ප්ලාස්ක් එකේ තේ එහෙම නැත්ද කියළා අහන එක එයාගේ පුරුද්දක්. ඒ මදිවට කට්ලට් පැටිස් එහෙම නැද්ද කියලා බොහොම සිනාමුසු මුහුණකින් අහනවා.

ඊළඟ මගේ මතකයට එන්නේ මම කළුතර ඥානෝදය පාසලට ගිය කාළයේ මගේ පන්තියේ හිටපු ප්‍රසන්න. බොහොම නිර්භීත චරිතයක්. අකාලයේ මිය ගියා. එයාගේ තාත්තා ග්‍රාමසේවක කෙනෙක්.එයාලා ජීවත් වුණේ කළුතර ගමගොඩ කියන ග්‍රාමයේ. අපි එක වරක් පාසැල් නිවාඩු දෙන දවසේ එහෙ ගිහිං කන්දක් නැග්ගා. ප්‍රසන්න බොහොම නිර්භීත චරිතයක් කියළා මම කළින් කිවුවා. උසස්පෙළට අපේ පාසලට ආපුනවකයන් දෙදෙනකුට නවකවදය දුන්නු  අපිට  ඉහළ  පංතියේ  සගයෙකු  අල්ලා  දෙන්න  ප්‍රසන්න  ඉදිරිපත් වුණේ අර  කියපු නිර්භීත කම නිසා. ඒ  එක්කම ලසන්ත  උඩවත්ත නම් වූ ඉහළ පන්තියේ සගයාගේ කමිසයේ තිබුණු ශිෂ්‍යනායක පදක්කම ගලවලා අරගත්තා වර්ණකුල සර්, ඒක ප්‍රසන්නගේ කමිසයේ පැළඳුවේ උදෑසන රැස්වීමේදී ඉතා ඉහළ අගය කිරීමකුත් සමගම. අපි ඒ ලෙවල් පන්ති වලදී වෙන් වුණා. පස්සේ කාළෙක මම ගියා ගමගොඩ කියන ග්‍රාමයට. ඒ සංගීත ප්‍රසංගයක් සඳහා කණ්ඩායමක් වෙන් කරගන්න. එහෙම ගිහිං මුණගැසුණු පුද්ගලයා  ප්‍රසන්නගේ  මාමා.  ඔහු තමයි ප්‍රසන්න මියගිය දුක්ඛිත පුවත. ඒ වනවිට ඔහු හමුදාවේ ලෙෆ්ටිනන් වරයෙකු ලෙස සේවය කර තිබුණා. පසුව ඔහු සමගම ක්‍රියාන්විතයේ යෙදුනු අපේ පංතියේ දලුගොඩ මා හා පැවසුයේ "ඌ තනියම යුද්ධ කරන්න ගිහිං මැරුණේ" කියළා. ඒ අර කියපු නිර්භීත කම නිසා.

ඊළඟ ප්‍රසන්නයා ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. එයා ගැන මම තියපු බ්ලොග් පොස්ට් එක ගිහිං කියවන්න. අපේ දෙමළ නයනු මහතා නම් මේක කියවලා ඇති. ඒ ප්‍රසන්නයාත් එක්තරා විදියක චරිතයක්.

ඊළඟ ප්‍රසන්න තමයි මට වැඩිමඇණයක්වුණේ. ඒ මම මිලදී  ගත්ත ඉඩමට පිටිපස්සේ ගෙදර  ඉන්න  ප්‍රසන්න. මම ඒ  ඉඩම  ගත්ත   දවසේ   ඉඳලා  පුදුම  කරදයක්  දුන්නේ,  ඒකෙන්  පර්චස්  පහක්  දෙන්න  කියළා. හැබැයි  ඉල්ලන්නේ   මම   ගත්තු  ගාණට.  මම  කිවුවා මුළු  ඉඩමම විකුණනවා  කැමති නම් ගන්න කියලා. මේකා එකදිගට මාසයක් විතර අපේ ඔෆිස් එකට ආව කියන්නකෝ. මම සිකුරිටි එකට කිවුවා මම නෑ කියලා කියන්න කියළා.  

ඊට පස්සේ බොහොමයක් ප්‍රසන්නලා හමු වුණා. ඒ බැංකුවේ සේවයට ආවට පස්සේ. ඒත් ඇණයක් වුණ හෝ ලඟින් ඇසුරු කරපු ප්‍රසන්න කෙනෙක් මතකයට එන්නේ නෑ. ආහ් ! තව පොඩ්ඩෙන් අමතක වෙනවා බැංකුවේ ප්‍රසන්නව. මගේ හොඳ හිතවතා. ක්‍රිකට් ගහන්න ගිහිං තමයි සෙට් වුණේ. ඒකත් එක්තරා විදියට ඇණයක් තමයි. හැබැයි ලෙන්ගතු මිතුරෙක්. මට වැඩියෙන් උදව් කරළා තියෙන කෙනෙක්. මං වෙනුවෙන් දුක් වෙන කෙනෙක්. ඒ අතින් කලණ මිතුරෙක්. මාව ඔවුන්ගේ පවුලට එකතු කර ගන්න ලොකු උත්සාහයක් ගත්තා. මේ ප්‍රසන්නගේ අමතක නොවෙන කතාවක් තියෙනවා. අපි මුලින්ම බැංකොක් ගිය වෙලාවේ වෙච්ච. එහෙ හිටිය හැම දවසකම අපි රෑට පාරේ ඇවිදන් යනවා රංචුවක් වශයෙන්. එක්තරා දුරියන් විකුණන කාන්තාවක්, ද්විතීක රැකියාව විදියට ලෝකයේ පැරණිම රැකියාවත් කරනවා දුරියන් විකිනිල්ලට අමතරව. ඇයගේ සහයකයා වශයෙන් කටයුතු කරන්නේ සැමියා. අපි එතැනට ගිහිං නතර වුණා. ප්‍රසන්න කියන්නේ ෆිජි දුපත් වල රග්බි ක්‍රීඩකයෙක් වගේ ශරීරයක් තිබුණ පුද්ගලයෙක්. දැන් නෑ. මොකද මිනිහට ෂුග ආවනේ. කැහුටු ගැහිලා ගියා. ඉතිං වෙරි මරගාතේ අර කාන්තාව තමන් ලඟට ගෙන්වා ගන්නා ප්‍රසන්නයා අහනවා "හවූ මච්" කියළා. ඉන්පස්සේ කාන්තාව අපිව ගනින්න පටන් ගන්නවා. එහෙම ගැනලා කිවුවේ නැද්ද "ෆයු පීපල් ෆයු හන්ඩ්‍රඩ්, ත්‍රී පීපල් ෆ්‍රී " කියලා. අක්කගේ කල්පනාව මල්ලිලා සේරටම සේවාව සපයන්න. මේක බලාගෙන හිටපු අපේ මලින්ට තද වුණා. මිනිහා හිතුවේ පවුල් ජීවිතේ පැත්තෙන්. වෙරි මරගාතේ අර දුරියන් වෙලේන්දියගේ සැමියා ගාවට අමාරුවේ ගිය ඔහු මෙහෙම කිවුවා "ඇයි යකෝ ඕකෙන්(දුරියන්) දෙකක් කාලා, අරකට ඇරලා දාපන්කෝ" කියළා. මේක ඇහුවාම හැමෝටම හරිම හිනා. මොකද දුරියන් කාරයට මේකා කියපු හරුපේ තේරුණේ නැතිව. නමුත් අක්කට තද වෙලා අපිව එලවා ගත්තා. තාරාවියක් වගේ ගමනකින් යන කැරළි ගෙතුණ කොණ්ඩයක් හිමි ඒ කාන්තාව තමන්ගේ පාඩුවේ ආපහු ව්‍යාපාරයට බැස්සා.

ඉන් පස්සේ ඉතිං ප්‍රසන්නයෙකුට කියළා මුණ ගැහුණේ, අපේ මේ දෙමළ නයන්නා. එයා ගැන වැඩි විස්තර ඕනේ නෑනේ. කොන්ක්‍රීට් බලග ලියන කෙනා නෙව. අපිට මේ කෙළින් යන්න උපදෙස් දෙන්නේ. ඔන්න මම ආපහු කියවන්නේ නැතිවම මේක පබ්ලිෂ් කරළා දානවා. එහෙනං අපි ගියා. බායි. ආපහු ප්‍රසන්නයා ඇහැරපු දවසක බලමු.

21 comments:

  1. මදැයි මුංව ඇහැරවල මම කරගත්ත දෙයක්. බොලාට විතරක් නෙමෙයි බ්ලොග් හතාටකටම අද වේකප් කෝල්ස් දුන්න. දැන් ඒ හැම එකාම මේ වගේ ඇණ පෝස්ට් දායිද දන්නෑ.


    ReplyDelete
    Replies
    1. අපිලා යේම තමා. අපිලට ෂලකන විදියට තමා අපිලත් ෂලකනවා.

      Delete
  2. ප්‍රසන්න්නලාගේ කතාව බොහොම නිර්මාණශීලියි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. විචාරක තුමාගෙන් බැටන් එක අරන් ඔබ දිවීම සතුටට කරුණක්.

      Delete
  3. මගේ සෙවන්ඩේස් ඉවර වෙන්නේ අද ,යන්නත් කම්මැලි වගේ branch එකේ එකෙක් කෝල් එකක් දිලා කිවුවා
    බොසා මගේ චබ් එක ඇදල බැලුව කිවුවා මගේ වංචා හොයන්න....

    ReplyDelete
    Replies
    1. මමත් මේ ඉවර වෙනකම් බලන් ඉන්නේ. මොනවා වුණත් ඔෆිස් එකේ ඉන්නකොට පොඩි ආතල් එකක් තියෙනවා.

      Delete
  4. ප්‍රසන්න ලා සේරම ඇණ තමයි.. හැක්

    ReplyDelete
    Replies
    1. නිකං නෙමේ බෝල්ට් ඇණ ...

      Delete
    2. අප්‍රසන්නයි හිටං.

      Delete
    3. ඊළඟ පොස්ට් එක ලියනවා මට මගහැරුණු ප්‍රසන්නලා කියළා.

      Delete
  5. මටත් එක එක ආකාරයේ පෙසන්න ලා මුණ ගැහිලා තියෙනවා...
    අති බහුතරය ඇණ නෙමෙයි. හොඳ එවුන්...

    අපි කරපු වංචා හොයන්නය කියල අපිටත් දවස් 7 ක් එක දිගට නිවාඩු දුන්නනම් මුන්ට හෙණ ගහනවද...
    අවුරුද්දටම තියෙන නිවාඩු 21 න් එක දිගට 7 ක් ගත්තොත් අපිව රස්සාවෙනුත් පන්නයි...

    ReplyDelete
    Replies
    1. පෙසන්නලා මහ ඇණ නේද මචං. ඔය කැමරා අටවන් ඉන්න එවුන් වැඩියෙන්ම.

      Delete
  6. මට මුණ ගැහිච්චි අප්‍රසන්නම ප්‍රසන්නයා බ්ලොග් ප්‍රසන්නයා තමා.. හැක්..

    අපේ ගමෙත් හිටියා ග්‍රාම සේවක මහත්තයෙක් ප්‍රසන්න කියලා..

    ReplyDelete
    Replies
    1. කොහෙද බොල අපි මුණ ගැහුනෙ.

      Delete
  7. ප්‍රසන්න කියුවාම මුලින්ම මතක් වෙන්නේ ප්‍රසන්න බද්දෙවිතාන chemistry සෑර්ව. ඉඳලා හිටලා හරි පෝස්ට් එකක් වැටෙන එකනම් හොඳයි. ජයවේවා !

    ReplyDelete
  8. මූ, අපේ පැත්තටත් තට්ටුවක් දාලා කියලා ජී මේල් මහතා රපෝර්තු කරලා තිබුනා.
    ස්තූතියි ප්‍රසන්නයා ⁣අහලා බැලුවට, මේ වගේ මොනා හරිවත් ලියලා දාන්න ඕනා..

    ReplyDelete
  9. ප්‍රසන්න මුදුන්කොටුව කියලා මහත්තයෙක් හිටිය නේද?

    ReplyDelete
    Replies
    1. ඒ මහත්තය කැමරාවකින් බෙල්ලෙ වැල දාගත්ත කියල ඔය මහත්තය දන්නැද්ද. හැක්..

      Delete
  10. ප්‍රසන්නල කොච්චර අැණද කිව්වොත්, මං දවසක් ඒකෙක්ට ටෝච් ඒහෙකිං දමල ගැහුව. ඒ්කා ඒ්ක අහුලගෙන තාම මයෙ පස්සෙ පන්නනව.

    ReplyDelete
  11. අර "පින් මාළු වලේ" සින්දුවට ඔය ප්‍රසන්න කියන නමත් ඇතුළු කොරන්න තිබුනේ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...