අපේ කාර්යාලයේ (මම හිතන්නේ මේක බොහෝ කාර්යාල වල සිදු වන දෙයක්) හැම සේවකයෙකුම අනිවාර්ය නිවාඩු 7ක් යන්න ඕනේ. ඒක තනතුර නොබලා සිදු කරන දෙයක්. මෙහෙම කරන්නේ, යම්කිසි කෙනෙක් තමන්ගේ කුමක් හෝ වංචාවක් හෝ හොරකමක් යට ගහගෙන ඉන්නවානම් ඒවා එළියට ගන්න. ඒ වගේම කුමක් හෝ විශේෂ දෙයක්, එක් අයෙකු පමණක් දන්නා දෙයක් හෝ සිදු කරගෙන යන දෙයක් විදියට සැඟවිලා තියෙනවා නම් ඒවා එලියට ගන්න. ඉතිං ඒ විදියට මට අදාළ දවස් හතේ නිවාඩුව ගන්න මම තීරණය කළේ ඇද ඉඳලා ඉදිරියට. මේවා ඔක්තෝබර් මාසයට කළින් අවසන් කරන්න කියලා නීතියකුත් පනවලා තියෙනවා. ඉතිං මට ගන්න පුළුවන් අවසන් දවස අද. දවස හත හරියටම 31වෙනිදාට ඉවරයි. එහෙම නිවාඩුවක් අරගෙන ගෙදරට වෙලා ඉන්න කියළා හිත හදාගෙන ඉන්නකොට, මගේ බ්ලොග් එකට කමන්ට් එකක් වැටිලා. ඒක මගේ ඊ මේල් ගිණුමට දැනුම්දීලා තිබුණා. එවලා තියන්නේ ප්‍රසන්නයා නොහොත් දෙමළ නයන්නා. හරියට කිව්වුත් මෙන්න මැසේජ් එක
"උමා ඔය පැත්තක තිබිච්චාවෙ. මේකෙ මොනවහරි ලිවුවොත් නරකද?"
මෙන්න මේක දැක්කම මටත් හිතුණා අද ගෙදර කොපමණ වැඩ තිබුණත් බ්ලොග් පොස්ට් එකක් ලියලා දානවා කියළා.ඉතිං විශේෂයෙන් සුදානම් කරගත්ත මාත්රුකාවකුත් නැති එකේ ඔය උඩ තියෙන එක හොඳා කියළා හිතුණා. මට පේන්නේ ප්‍රසන්නයා හැමෝමව අවුස්සලා ගන්න හදන්නේ. මේ එක්කම කුරුන්දට, හිස් අහසටත් සිහි කැඳවීම් කරලා තියෙනවා මම දැක්කා. ආ ඉතිං මාතෘකාවට බහිමුකෝ.
ඇත්තටම කියනවානම් ප්‍රසන්නලා මහ ඇණ. ඒ කතාවට මේ බ්ලොග් අවකාශේ ඉන්න බොහෝ දෙනෙක් සාක්ෂි දරාවි. මට හමු වෙච්ච ප්‍රසන්නලා අතරින් මගේ මතකය දිව යන්නේ අපේ ගමේ ග්‍රාමසේවක වෙලා හිටිය ප්‍රසන්න රාලහාමිව. රාලහාමි කිව්වම, ග්‍රාමසේවක කිවුවම ඔහෙලගේ හිතේ ඇඳෙන විදියේ කෙනෙක් නෙවෙයි මෙයා. හොඳට කලිසම කමිසය ඇඳලා බොහොම ජැන්ඩි පහට ඉන්න කෙනෙක්. සමාන කරන්න චරිතයක් එක පාරටම එන්නේ නැති වුණත්, ඒ කාළයේ අපේ ක්ලබ් එකේ කොල්ලෝ සෙට් එකට පෙන්නන්න බැරි චරිතයක් වෙලා තිබුණා. කොල්ලෝ කියන්නේ "කන බොන තැනක මුල්තැන" කියලා. එහෙම කියන්නේ මිනිහා ගෙදරකට ආවම කෙළින්ම තේ හෝ කෑම ඉල්ලන පුරුද්දක් තිබුණ නිසා. "ප්ලාස්ක් එකේ තේ එහෙම නැත්ද කියළා අහන එක එයාගේ පුරුද්දක්. ඒ මදිවට කට්ලට් පැටිස් එහෙම නැද්ද කියලා බොහොම සිනාමුසු මුහුණකින් අහනවා.
ඊළඟ මගේ මතකයට එන්නේ මම කළුතර ඥානෝදය පාසලට ගිය කාළයේ මගේ පන්තියේ හිටපු ප්‍රසන්න. බොහොම නිර්භීත චරිතයක්. අකාලයේ මිය ගියා. එයාගේ තාත්තා ග්‍රාමසේවක කෙනෙක්.එයාලා ජීවත් වුණේ කළුතර ගමගොඩ කියන ග්‍රාමයේ. අපි එක වරක් පාසැල් නිවාඩු දෙන දවසේ එහෙ ගිහිං කන්දක් නැග්ගා. ප්‍රසන්න බොහොම නිර්භීත චරිතයක් කියළා මම කළින් කිවුවා. උසස්පෙළට අපේ පාසලට ආපුනවකයන් දෙදෙනකුට නවකවදය දුන්නු අපිට ඉහළ පංතියේ සගයෙකු අල්ලා දෙන්න ප්‍රසන්න ඉදිරිපත් වුණේ අර කියපු නිර්භීත කම නිසා. ඒ එක්කම ලසන්ත උඩවත්ත නම් වූ ඉහළ පන්තියේ සගයාගේ කමිසයේ තිබුණු ශිෂ්‍යනායක පදක්කම ගලවලා අරගත්තා වර්ණකුල සර්, ඒක ප්‍රසන්නගේ කමිසයේ පැළඳුවේ උදෑසන රැස්වීමේදී ඉතා ඉහළ අගය කිරීමකුත් සමගම. අපි ඒ ලෙවල් පන්ති වලදී වෙන් වුණා. පස්සේ කාළෙක මම ගියා ගමගොඩ කියන ග්‍රාමයට. ඒ සංගීත ප්‍රසංගයක් සඳහා කණ්ඩායමක් වෙන් කරගන්න. එහෙම ගිහිං මුණගැසුණු පුද්ගලයා ප්‍රසන්නගේ මාමා. ඔහු තමයි ප්‍රසන්න මියගිය දුක්ඛිත පුවත. ඒ වනවිට ඔහු හමුදාවේ ලෙෆ්ටිනන් වරයෙකු ලෙස සේවය කර තිබුණා. පසුව ඔහු සමගම ක්‍රියාන්විතයේ යෙදුනු අපේ පංතියේ දලුගොඩ මා හා පැවසුයේ "ඌ තනියම යුද්ධ කරන්න ගිහිං මැරුණේ" කියළා. ඒ අර කියපු නිර්භීත කම නිසා.
ඊළඟ ප්‍රසන්නයා ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. එයා ගැන මම තියපු බ්ලොග් පොස්ට් එක ගිහිං කියවන්න. අපේ දෙමළ නයනු මහතා නම් මේක කියවලා ඇති. ඒ ප්‍රසන්නයාත් එක්තරා විදියක චරිතයක්.
ඊළඟ ප්‍රසන්න තමයි මට වැඩිමඇණයක්වුණේ. ඒ මම මිලදී ගත්ත ඉඩමට පිටිපස්සේ ගෙදර ඉන්න ප්‍රසන්න. මම ඒ ඉඩම ගත්ත දවසේ ඉඳලා පුදුම කරදයක් දුන්නේ, ඒකෙන් පර්චස් පහක් දෙන්න කියළා. හැබැයි ඉල්ලන්නේ මම ගත්තු ගාණට. මම කිවුවා මුළු ඉඩමම විකුණනවා කැමති නම් ගන්න කියලා. මේකා එකදිගට මාසයක් විතර අපේ ඔෆිස් එකට ආව කියන්නකෝ. මම සිකුරිටි එකට කිවුවා මම නෑ කියලා කියන්න කියළා.
ඊට පස්සේ බොහොමයක් ප්‍රසන්නලා හමු වුණා. ඒ බැංකුවේ සේවයට ආවට පස්සේ. ඒත් ඇණයක් වුණ හෝ ලඟින් ඇසුරු කරපු ප්‍රසන්න කෙනෙක් මතකයට එන්නේ නෑ. ආහ් ! තව පොඩ්ඩෙන් අමතක වෙනවා බැංකුවේ ප්‍රසන්නව. මගේ හොඳ හිතවතා. ක්‍රිකට් ගහන්න ගිහිං තමයි සෙට් වුණේ. ඒකත් එක්තරා විදියට ඇණයක් තමයි. හැබැයි ලෙන්ගතු මිතුරෙක්. මට වැඩියෙන් උදව් කරළා තියෙන කෙනෙක්. මං වෙනුවෙන් දුක් වෙන කෙනෙක්. ඒ අතින් කලණ මිතුරෙක්. මාව ඔවුන්ගේ පවුලට එකතු කර ගන්න ලොකු උත්සාහයක් ගත්තා. මේ ප්‍රසන්නගේ අමතක නොවෙන කතාවක් තියෙනවා. අපි මුලින්ම බැංකොක් ගිය වෙලාවේ වෙච්ච. එහෙ හිටිය හැම දවසකම අපි රෑට පාරේ ඇවිදන් යනවා රංචුවක් වශයෙන්. එක්තරා දුරියන් විකුණන කාන්තාවක්, ද්විතීක රැකියාව විදියට ලෝකයේ පැරණිම රැකියාවත් කරනවා දුරියන් විකිනිල්ලට අමතරව. ඇයගේ සහයකයා වශයෙන් කටයුතු කරන්නේ සැමියා. අපි එතැනට ගිහිං නතර වුණා. ප්‍රසන්න කියන්නේ ෆිජි දුපත් වල රග්බි ක්‍රීඩකයෙක් වගේ ශරීරයක් තිබුණ පුද්ගලයෙක්. දැන් නෑ. මොකද මිනිහට ෂුග ආවනේ. කැහුටු ගැහිලා ගියා. ඉතිං වෙරි මරගාතේ අර කාන්තාව තමන් ලඟට ගෙන්වා ගන්නා ප්‍රසන්නයා අහනවා "හවූ මච්" කියළා. ඉන්පස්සේ කාන්තාව අපිව ගනින්න පටන් ගන්නවා. එහෙම ගැනලා කිවුවේ නැද්ද "ෆයු පීපල් ෆයු හන්ඩ්‍රඩ්, ත්‍රී පීපල් ෆ්‍රී " කියලා. අක්කගේ කල්පනාව මල්ලිලා සේරටම සේවාව සපයන්න. මේක බලාගෙන හිටපු අපේ මලින්ට තද වුණා. මිනිහා හිතුවේ පවුල් ජීවිතේ පැත්තෙන්. වෙරි මරගාතේ අර දුරියන් වෙලේන්දියගේ සැමියා ගාවට අමාරුවේ ගිය ඔහු මෙහෙම කිවුවා "ඇයි යකෝ ඕකෙන්(දුරියන්) දෙකක් කාලා, අරකට ඇරලා දාපන්කෝ" කියළා. මේක ඇහුවාම හැමෝටම හරිම හිනා. මොකද දුරියන් කාරයට මේකා කියපු හරුපේ තේරුණේ නැතිව. නමුත් අක්කට තද වෙලා අපිව එලවා ගත්තා. තාරාවියක් වගේ ගමනකින් යන කැරළි ගෙතුණ කොණ්ඩයක් හිමි ඒ කාන්තාව තමන්ගේ පාඩුවේ ආපහු ව්‍යාපාරයට බැස්සා.
ඉන් පස්සේ ඉතිං ප්‍රසන්නයෙකුට කියළා මුණ ගැහුණේ, අපේ මේ දෙමළ නයන්නා. එයා ගැන වැඩි විස්තර ඕනේ නෑනේ. කොන්ක්‍රීට් බලග ලියන කෙනා නෙව. අපිට මේ කෙළින් යන්න උපදෙස් දෙන්නේ. ඔන්න මම ආපහු කියවන්නේ නැතිවම මේක පබ්ලිෂ් කරළා දානවා. එහෙනං අපි ගියා. බායි. ආපහු ප්‍රසන්නයා ඇහැරපු දවසක බලමු.