බ්ලොග් ලිවිල්ලට මම කම්මැලි වෙලාද? නැතිනම් ඇත්තටම වෙලාවක් නැත්ද ? උවමනාවක් නැත්ද? අනේ මන්දා මේ ඔක්කොම කිව්වොත් නිවැරදියි. අඩු -වැඩි වශයෙන් මේ ඔක්කොම හේතු වෙනවා. ඉස්සර බ්ලොග් පොස්ට් එකක් ලියන එක උදේට දත් මදිනවා වගේ වැඩක්. පුරුද්දක් වශයෙන් සිදු වෙනවා. ඕනෑම පුරුද්දක් අත අරින්න හෝ පුරුද්දක් ඇති කරගන්න හොඳම ක්‍රමය. හැමදාම උදේ අවදි වෙලා, ඇඳෙන් බිමට කකුල් තියන්න ප්‍රථම, හිතට ගන්න ඕනේ මම අද ඉඳන් අහවල් දේ අත අරිනවා නැතිනම් අහවල් දේ බදා ගන්නවා (වැරදි අදහස් ගන්න ඕනේ නෑ). දෙයක් අලුතෙන් පටන් ගන්නවා කියන්නේ, ඒ දේ බදා ගන්නවා කියන එක තමයි බුදු දහමට අනුව. අනේ නෑ.... මම බණ කියන්න කොහෙත්ම සුදානම් නෑ. මෙතැන ඉන්න වැඩි දෙනෙක් නිර්-ආගමකින උදවිය කියන එක මම දන්නවා. ඉතිං අර දෙයක් පුරුද්දක් විදියට ඇති කර ගන්න ඕනේ නම්, එකදිගට දවස් විසි එකක්, ඒ දේ කරන එකයි තියෙන්නේ. එකම බොරුව හත් වතාවකට වැඩියෙන් කියෙව්වාම ඒක අත්තක් වෙනවා කිව්වේ ඔන්න ඔය නීතිය මත පදනම් වෙලා කියලත් මට හිතෙනවා. මොකද බොරුවේ ප්‍රබල කමට තුණෙන් එකක කාළය ප්‍රමාණවත්.
මේක ලියන්න විවේකයක්(මානසික) ඕනේ කියලා හිතෙන වාර අනන්තයි. මානසික විවේකයක් ඇති වෙන්න නම් මනස අවුල් නොවී තියෙන්න ඕනේ. මනස අවුල් නොවී තියෙන්න නම්, ඔබ සිටින පරිසරය නිරවුල් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම ඉන්න මේ පරිසරය අවුල්ද ? කියන එකද ? ඇත්තටම ඔව්. අපේ ගෘහ සේවිකාව නොහොත් අයිල්, පසුගිය දෙසැම්බර් නිවාඩුවට ගමේ ගිය ගමන් ආවේ නෑ. ඒ නිසා පසුගිය වාරයේ පුදුම කට්ටක් කන්න වුණා. දියණිය පාසැල් ඇරලවන්න, ආපහු ගන්න කටයුත්ත සුළු-පටු කාරණයක් නොවෙයි කියලා තේරුම් ගන්න මේ කාළය පුදුම විදියට උපකාරී වුණා. අයිල් මැතිණිය වර්ජනයක යෙදුණා නොවෙයි. ඇයගේ මව ඇයට කරපු තර්ජනය නිසා තමයි එහෙම වුණේ. අවුරුදු 93ක් වයසැති ඇගේ මවට දියණියන් කිහිප දෙනෙකු සිටියත්, අයිල්ගේ සාත්තුවම අවශ්‍ය වුණා. හේතුව ඇගේ තියෙන ලෙන්ගතු කම, වැඩකට ගියාම තියෙන අත් නොහරින ගතිය. මේ නිසාම තමයි අපිත් වෙනත් කෙනෙකුගේ සහය ගන්නේ නැතිව, ඇයවම ගෙන්වා ගන්න උත්සාහ කරන්නේ.
මම පහුගිය සතියේ විදේශ ගත වුණා. ඒ දින කිහිපය පමණක් සේවය ලබා දීමට ඇය පොරොන්දු වුණා. නමුත් අනපේක්ෂිත විදියට අවසාන මොහොතේ, ඇය පසු බැස්සා. නිදහසට කාරණාව වුණේ, තමන්ගේ වෙන්ඩ ලේලියක් ඩෙංගු රෝගයට ගොදුරු වී මිය ඇදීම. සමහරවිට මෙවර ඇය බොරුවක් කිව්වා වෙන්න පුළුවන්. නමුත් එහෙනම් මීට කලින් ලබා දීපු කාරණා අමුලික බොරු. එක්කෝ පරණ වේවා නැත්තම් මේක. කාලේ හැටියට මේක අත්තක් වෙන්නත් පුළුවන්. නමුත් ඇය හෙන මීටරේ නිසා මට හිතෙන්නේම මේකත් තවත් බොරුවක් කියලා. ඒ බාරදුර කාර්යයට මගේ වැඩිමල් සහෝදරිය කර ගැහුවා. නමුත් ඇය මුලින් ගෙන ආ යෝජනාවට මම කිසිසේත් කැමති වුණේ නෑ. ඒ මේ සතිය දියණිය අපේ ගමේ(බෙන්තර සිට) වෑන් එක්ක එවීම.කාලයක සිටන් නොකරන දෙයක්, එක පාරටම කරන්න වුණාම, බලන්න කෙනෙක් නැතිනම්, අමාරුවේ වැටීමේ ප්‍රවනතාව වැඩියි. මගේ සොයුරිය පත්තර-ටීවී බලනවා අඩු නිසා මෙහි බැරෑරුම් පැත්තේ දන්නේ නෑ. මම ඇහුවේ එක දෙයයි. පාසල ලඟට වෑන් එක රියදුරු පමණක් සමග පැමිණියහොත් කුමක් සිදු වේද? යන්නයි. විය හැකි දේ ඔබට සිතා ගන්න පුළුවන්.
ඒ කරුණු ටික ලියන්න වුණේ, නිවසේ තිබෙන අවුල් බවට සහ අවිවේකී බවට හේතු පැහැදිලි කරන්න. ඉතිං ගෙදර අවුල් වගේ, අවිවේකී වුණාම බ්ලොග් ලියනවා වගේ නිදහස් දේවල් කරන්න කාළය වෙන් කර ගන්න අපහසුයි. කොහොම වුණත් යළි දිවයිනට පැමිණි නවවෙනිදා තනිකර නින්දේ ගත කරන්න වුණා. ඒ වගේම මගේ මිතුරෙකුගේ නිවසේ නවතා තිබුණු මගේ වාහනය ගෙන ඒමට යන්න වුණා. හවස් වරුවේ බොහොම අමාරුවෙන් තමයි ඒ වැඩේට ගියේ. නමුත් වාහනේ නැතිව කොහෙවත් යන්න බැරි නිසා හවස හතරට විතර ඒ නිවසට යන්න වුණා. මගේ මිතුරා ඉන්නේ විජේරාමේ. එයාපෝට් ගිය දවසේ වෙච්ච කතන්දරයත් කියන්නම ඕනේ.මගේ සොයුරිය සමග මා පොරොන්දුව ඇති කර ගත්තේ, මා පිටත් වන දින වූ තුන්වෙනිදා පාසැලට දැරිය ඇරලවීමේ වගකීම මා තබා ගනිමින්. නමුත් එය ඉතා අපහසු කටයුත්තක් වුයේ, පාසැලට ඇය ඇරලවිය හැකි අවම වෙලාව උදෑසන හත වීම. නමුත් මිනිත්තු දහයක් කලින් වුවද එහි සේවකයන් සහ ගුරුභවතුන් පාසලේ සිටිනු මා දැක තිබුණා. නමුත් මෙවැනි අවස්ථාවක අපරීක්ෂාකාරීව හැසිරෙන්න මා කොහෙත්ම කැමති වුණේ නෑ. 10:50 ට තිබෙන ගුවන් යානාවේ පිටත් වන වේලාවට පැය තුනකට කලින්, ගුවන් තොටුපලට ඇතුල් වීම කාලයක පටන් සිදු කෙරෙන කටයුත්තක්.
ඒ සංචාරය මා තනිවම ගමන් කරන එකක් නොව, 70කට ආසන්න ක්‍රීඩක සහ නිලධාරීන් පිරිසක් ගමන් ගන්නා ක්‍රිකට් සංචාරයක්. එහි පළමු පෙළ කණ්ඩායමේ කළමනාකරු ලෙස මට යම් වගකීම් ප්‍රමාණයක් පැවරී තිබුණා. මේ සියල්ලටම වඩා තවත් අභියෝගයක් මට තිබුණා. ඒ දියණියව පාසැලට නියමිත වෙලාවට ඇරලවා මගේ ගමන පිටත් වීම. මෙයට අමතරව වාහන ගාල් කිරීමේ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වුණා. කළින් මෙහි වාහන ගාල් කළේ මවත් පහල මාලයේ කුළී නිවැසියාත් පමණයි. නමුත් මෑතකදී මෙහි පදිංචියට ආ මෙහි හිමිකරුවාගේ දියණියගේ ස්වාමියා නොහොත් සුරාජ් අලුත් වාහනයක් මිලදී ගෙන තිබුණා. දැන් අපිට වාහන ගාල් කරන්න සිදු වී තිබෙන්නේ මේ කළුබෝවිල ප්‍රදේශයේ බොහෝ දෙනා කරන ආකාරයට පාරේ එක් පැත්තක. මම එයට දැඩි විරෝධයක් දක්වන පුද්ගලයෙක්. නමුත් අනපේක්ෂිත ආකාරයට පසුගිය සතියේ එක් දිනක් මට පාරේ වාහනය නවතා තබන්න සිදු වුණා. ඒ මේ සංචාරයට එළිවෙන රාත්‍රිය. එක් දිනක් ඉදිරිපස නිවසක සිටින කුළී පදිංචි කරුවෙක් අපගේ දොරටුව වසා තම රථය ගාල් කර තිබුණා. නමුත් ඔහු සොයා ගැනීමට මට පැය ගණනක් රස්තියාදු වන්නට සිදු වුණා. එදින මා ඔහුට තදින් අවවාද කළා, මින්පසු එය සිදු නොවීමට වග බලා ගන්නා ලෙසට. ඉතිං මා කෙලෙස එම වරද සිදු කරන්නද ? මා විජේරාමයේ සිටින මගේ මිතුරාගේ නිවාස තෝරා ගත්තේ, මාගේ නිවසට අඩුම දුරකින් සිටින, ඉඩකඩ ඇති එකම ස්ථානය ලෙස. මෙම සංචාරයට සහභාගී වන මහජන බැංකුව නියෝජනය කරමින් සහභාගී වන ශාන්ත කෙළින්ම ගුවන්තොටට පැමිණීමට කැමති වීම අපටමහත් අස්වැසිල්ලක් වුණා. ඒ එය අපට ඇති අභියෝගයෙන් කොටසක් ඉවත් කර ගැනීමක් නිසා. අනෙක් දෙදෙනා වන චමිල සහ තරිඳු පෙරදිනයේ අපගේ කොළඹ නවාතන්පොලේ සිට මේ ගමනට එක් වීමට බලාපොරොත්තුවෙන් සිටියා. මෙයට කොළඹ ප්‍රදේශයෙන් සහභාගී වන රසික වැල්ලමිපිටියේ සිට එක් වන නිසා එය එතරම් අමාරු සැලසුමක් වුයේ නෑ.
මා උදේ හතේ සිට අනෙක් පසට ගණන් බැලුවා. උදේ හතට හෝ මිනිතු දහයක් කලින් පාමන්කඩට එන්න නම්, විජේරාමයෙන් හයයි තිහට පිටත් විය යුතුයි. වැල්ලම්පිටියෙන් උදේ හයයි කාලට පිටත් වුවොත් අඩු වාහන තදබාදයක් ඇති මොහොතක මිනිත්තු 15-20 අතර කාළයකදී නුගේගොඩ විජේරාමයට පැමිණිය හැකියි. රසිකට මා උදේ හයයි පහලවට පිටත් වීමට දැනුම් දී, වාහනයේ රියදුරුට උදේ හයට එහි යාමට උපදෙස් දුන්නා. මාත් දියණියත් උදේ හයට සුදානම් වී විජේරමය බලා පිටත් වුණා. උදෑසන හයයි පහලවට ප්‍රථම අප විජේරාමයේ මලින්ගේ නිවසට ලඟා වුණා. නමුත් ඉන් මොහොතකට පසු මගේ මිතුරා රාජකාරියට යන්න පිටත් වුණා. ඒ මට පුංචි අවවාදයක් කරමින්. උදේ හත වෙන්න කලින් නුගේගොඩ පන්නා ගන්නා ලෙස. මා දුරකථන ඇමතුම් කිහිපයක් ලබා දුන්නත් රසික පිටත් වී තිබුණේ නෑ. ඔහු තවමත් පවසන්නේ ඔහු හයයි තිහට නිවසින් පිටත් වූ බව. නමුත් ඒ පැය කාලේ ප්‍රමාදය, සියළු සැලසුම් විනාශ කළා. හතයි පහට විජේරමයෙන් පිටත් වූ අප, දියණියගේ පාමන්කඩ පාසැල අසල පාලමට ලඟා වන්නට මිනිත්තු හතළිහක් ගත වුණා. නමුත් මෙහිදී මා රියදුරුගේ යම් වෙනස් හැසිරීමක් නිරීක්ෂණය කළා. ඔහු වාහන තදබදය අස්සේ රුපවාහිනියේ සුසර කරගෙන, ඉතා උනන්දුවෙන් ඒ වෙත ඇස යොමාගෙන සිටිය. එයින් නොනැවතී බස් රථ ගමන් කරන වම්පස තීරුවේ ගමන් ගනිමින්, ප්‍රමාදය තවත් වැඩි කරන ආකාරයක් මට පෙනුණා. උදෑසන හතට කිරුලපන පොලීසිය කිරුලපන පාලමින් ඉදිරියට ඇති 138 මාර්ගය තනි අතට දිවෙන ලෙස වසා දමනවා. ඉතිං කෙළෙසකවත් දියණියගේ පාසල අසලට යා නොහැකි නිසා(එසේ ගමන් කරනවා නම් පාමංකඩ දෙසට 120 මාර්ගයේ ගොස්, ඊශ්වරී මාර්ගයේ පැමිණිය යුතුයි. එය අනවශ්‍ය කාළය කෑ දැමීමක්). මේ මොහොතේ දියණියගේ මුහුණේ කිසිදු ප්‍රසාදයක් නෑ. ඒ වෙනුවට ඒ පුංචි මුහුණේ අපේක්ෂා භංගත්වයක් දිස් වුවා. මා දියණියට සමු ඩිය යුතු මොහොතේ අප දෙදෙනාම ඉතාම පීඩනයකින් පසු වුවා. එය මගේ දෑසට කඳුළු නවන්නට සමත් වුවත් මා කෙසේ හෝ ඉවසා සිටියා.
මේ සංචාරයට සහභාගී වන සෙසු සියළු දෙනාට උදෑසන හතට ගුවන්තොටට එන්නට අප දන්වා තිබුණා. ඉතිං එහි නිලධාරියෙකු ලෙස සහභාගී වන මා කෙසේ ප්‍රමාද වී එක් වන්නද? මා පසු වූ කේන්තිය මේ මොහොතේ කෙසේ හෝ යටපත් කරගත්තත් ඒ සමග එන ආතතිය පාළනය කර ගැනීම උහගට කාරණයක්. මා ඔවුන් දෙදෙනාට අප පාළම උඩින් බස්සවා, 120 මාර්ගයට හරවා නවතා සිටින්නට අණ කර, දියණිය කැටුවා මාර්ගයෙන් අනෙක් පසට ගියේ ඇගේ අතින් ඇදගෙන වාගේ. අයටද ඉතා ඉක්මනට පාසැලට යාමට අවශ්‍ය වුවා. වලවල් වල වැටෙමින් ගොස් මා ඇයගෙන් පාසල අසළින් සමු ගත්තේ හදවත දරාගත් දැඩි වේදනාවකින්. ඇගේ හිස මත පුංචි හාදුවක් දී හනික ඈ පාසල වෙත යවා, මා හැල්මේ දිවුවේ ඔවුන් දෙදෙනාට සිටින්නට අන්කල ස්ථානයට. නමුත් එහි වාහනය පෙනෙන්නට තිබුණේ නෑ. මා රියදුරුගේ දුරකතනයට ඇමතුම ගත්තා. තිබෙන පීඩනයේ තරම කෙසේද යත්, දුරකථනය සම්බන්ධ වන්නත් ප්‍රථම මා "හෙලෝ" කියන්නට වුවා. මේ වනවිට සියළු දෙනා ගුවන්තොටට ඇතුලත් වී තිබුණා. එහි සිටින ශාන්තගේ ගුවන් ටිකට් පත මා ළඟ තිබුණ නිසා, ඔහුත් සංගමයේ ලේකම් තුමා වන උදය ඉමල්ෂ මහතාත් මා වෙනුවෙන් පිටත රැදී සිටියා. අපගේ අනෙක් මිතුරන් දෙදෙනා මරදාන පොලීසිය අසල රැදී සිටියා. ඔවුන් කිසිදු කෝපයක් මා වෙත පිට නොකලත්, මා තරමටම ජේෂ්ඨ චමිල රසික අමතා හොඳ දේශනාවක් දුන් බව පසුව දැන ගත්තා.
මුන් දෙන්නා කොහෝ ගියාද ? දුරකතනයේ අනෙක් පසින් රියදුරුගේ කටහඬ අවධි වුණා.
"සර් අපි මේ අමානා බෑන්ක් එක ගාව"
"ඒ කොහෙද ?"
"138 පාරේ යන්න දුන්නා, අපි ඇවිත් ඉන්නේ"
"එහේ ගියේ මොකටද ? මම කලින් කිව්වේ අපි ගාලු පාරෙන් දාගෙන මැරීන් ඩ්‍රයිව් එකෙන් යමු කියලා. ආපහු හරවලා පාමන්කඩින් වැල්ලවත්තට එන්න. ගාලු පාරට යන පාර. හරිද ?
තවත් මිනිත්තු 15 පමණ ගත කර ඔවුන් මා සිටින තැනට ලඟා වුණා. මට විස්තර කරන්න බැරි පීඩනයක් දැනුණා. මේ වනවිට සියළු දෙනා මා වෙත දුරකථන ඇමතුම් දෙමින් විමසීම් කර සිටියා. අපට ඉන් එහා ගමන ඉතා වේගවත්ව කර ගැනීමට හැකි වුණා. මරදානෙන් පසු අප වාරයෙන් මේ සංචාරයට එක් වන ඉන්දිකවත් එක් කර ගැනීමට සිදු වී තිබුණා. ඔහු මේ ගැන කිසිදු විටක කලබල වුයේ නෑ. වරායේ ආරක්ෂක ඉහල නිලධාරියෙකු වන ඔහු මා හා පවසා සිටියේ කැමති නම් කොටුවෙන් වරායට ඇතුල් කර කොටහේනෙන් පිටතට ගැනීමට අවස්ථාව සැලසිය හැකි බවයි. නමුත් මරදානේ සිට නැවත කොටුවට ගමන් ගැනීමට වඩා කලින් ඔහු සිටි තැනට අපට ලඟා විය හැකියි. ගුවන්තොටට ඇතුලත් විය හැකි අවසාන වෙලාව නවයයි පනහා බව මා දැන සිටියා. ඒ අපේ ගුවන් යානය පිටත් වන වෙලාවට පැයකට කළින්. ඉමල්ෂ මහතා නැවතත් මා ඇමතුවා. ඉන්දික අප හා එක්වූ මොහොතේදී අප සිටින්නේ අධිවේගී මාර්ගයේ බව මා පවසා සිටියා. නවයයි විස්සට මා ගුවන්තොටට එන බව පවසා සිටියා. ඇත්ත වශයෙන්ම අපි නවයයි පහළොවට ගුවන්තොටට ලඟා වුණා. සියළු දෙනාගේ විමතියෙන් යුතු බැලුම් මැද අප පස් දෙනා පිටවීමේ කවුළුවෙන් ඇතුළු වුණා.
බලාපොරොත්තු වුවාට වඩා දිගු වූ නිසා, හිත සැහැල්ලු කර ගන්න ගෙනා කතා දෙක මීළඟ කොටසින් එකතු කරන්නම්.