මේ එක කතාවක් අපේ ඔෆිස් එකක වුණු දෙයක්. අනිත් එක දමිළ සමාජයේ පහුගිය කාලේ ජනප්‍රිය කතාවක්. හැමෝටම ඊ මේල් ලිපිනයක් නැති කාලේ ඔය අන්තර්ජාලේ තියෙන ෆෝම් පුරවද්දී බොහෝ දෙනෙක් ලේසියට ඔෆිස් එකේ ඊ මේල් ලිපිනය දෙන්න පොරොන්දු වෙලා තිබුණා. අන්තිමට මේක මහ කරුමයක් වෙන ගානටම මේල් පණිවුඩ ගලා ආවා. පස්සේ අපිට සිද්ධ වුණා ඒවාට වෙන වෙනම ප්‍රවේශ වෙලා, ඒවා අක්‍රීය කරන්න. නමුත් ඊ මේල් වලට හුරු නැති තරමක් වියපත් පුද්ගලයෙක් වෙච්ච ධර්මයා භාවිතා කලේ ඔෆිස් එකේ ලිපිනය. මිනිහා තමන්ගේ බිරිඳට අප්‍රමානෙට භයයි. ඒ වුණාට පොර ටෝක් විසේසඥයෙක්. විශේෂයෙන්ම දෙකක් දාගත්ත වෙලාවට. අනික නාරි දේහ විසේසඥයෙක්.ටිකක් ඩෝප් වෙච්ච වෙලාවට ඔෆිස් එකේ ඉන්න තරුණ කෙල්ලන්ගේ ඉඳලා, වයෝවෘද්ධ අයගේ ඉරියව් වගේම අංගෝපාංග ගැනත් විස්තර කරන්නේ අතැඹුලක් සේ තිබෙන දැනුම නිසා. මිනිහගේ මේ පොර ටෝක් තරම්ම නැති වුණත්, කාන්තා පාර්ශවේ එක්ක සබඳතා ඇති කර ගන්න මිනිහා දක්ෂයා.
මහේෂා මේ කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිනියක්. නිලධාරිනියක් කිව්වට අලුතෙන් එකතු වුණු කෙනෙක්. කෙටියෙන්ම කියනවනම්"අමු මෝල". මෙලෝ දෙයක් ගැන අවුබෝධයක් නෑ. ඉංග්‍රීසි වතුර වගේ වුණත්, සිංහල තේරෙනවා අඩුයි. මහේෂාට මේ ටෙලිෆෝන් වැඩේ හොඳටම කරන්න පුළුවන්. කඩ්ඩෙන් එන ඇමතුම් වලට කිසි ගේමක් නැතිවම කඩ්ඩෙන් කොටනවා. සිංහල ඒවා දෙපැත්තේ ඉන්න දෙන්නට තල්ලු කරලා බේරෙනවා. සිංහල කතා කරත්දී ඇදලා පැදලා කරන කථාව හරියට අපේ කොස්ගොඩ-බලපිටිය පැත්තේ ටෝක්ස් එකක් වගේ. එහෙම කිව්වේ තේරුම් කරන්න පහසුවට මිසක් ඒ පැත්තේ ජනතාව අවඥ්ඥාවට ලක් කිරීමේ අදහසින් නෙවෙයි. ඒ පැත්තේ මිනිස්සු හරි හිත හොඳ අය. බොක්කෙන්ම තමයි කරන-කියන දෙයක් කරන්නේ. ඒ නිසා ඉක්මනට තද වෙනවා. හරි අපි දැන් කථාවට එමුකෝ. දවසක් කළමනාකාර තුමා බඩ අල්ලගෙන හිනා වෙවී එයාගේ කූඩුවෙන් ආවා. ඒ අතේ තියෙන තනිරූල් කොලයක ලියපු ලියුමකුත් අරගෙන. ඒක ඉන් පස්සේ අතින් අත ගියා. වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමයි. ධර්මයා පත්තරේ තිබුණ මංගල යෝජනාවකට ලියුමක් දාලා. ඒකට ආපු පිළිතුරක් තමයි මේ හිනාවට හේතුව. ධර්මයා මේ වෙනකොටත් තලත්තෑනි මිනිහා. බැඳලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. මිනිහගේ විනෝදාංශය තමයි ඔය මංගල දැන්වීම් වලින් ටිකක් සෙකන්ඩ් කොලිටියේ ඒවාට ලියන එක. මට හිතෙන්නේ සරු බිස්නස් එකක් වෙන්න ඇති. මැනේජර් මහත්තයාට හරිනම් තද වෙන්න ඕනේ. මොකද ධර්මයා ආයතනයේ ලිපිනය අවභාවිතා කරලා නිසා. නමුත් එතුමාගේ හිනාවට හේතුව ටික වෙලාවකින් හැමෝටම පැතිරුණා. හේතුව තමන් තැපැල් කන්තෝරුවේ පියුම් අයියලා ලියුම් වලට සීල් ගහනවා වගේ මහේෂා ඒ ලියුමටත් ලැබුණා සීල් එක ඇරලා දාලා.
දෙවෙනි කතාව මට කිව්වේ සිරයිවා. සිරයිවා මන්නාරම ප්‍රදේශයේ ඉපදුණු දමිළ තරුණයෙක්.මිනිහා මෑතකදී ප්‍රධාන කාර්යාලයේ සේවයට ආවේ. ආව මුල් දවස් වල සිංහල හකුරුයි - පොලුයි වගේ තිබුණට, දැන් යමක් - කමක් විස්තර කරන්න පුළුවන් තත්වෙට ආවා. අපේ තව ටැමිල් පොරක් ඉන්නවා මිනිහා අර කාලෙකට කලින් බොහොම ජනප්‍රිය වෙලා තිබුණ නොකියා ෆෝන් වලට ආපු පොඩි පින් චාජර් එකට කියන්නේ. බොඩි පින් සාජරේ කියලා. ගිය සති අන්තයේ අපි ගමනක් ගිහිං එත්දී මම ඔය කතාව කිව්වේ බෙන්ජා කියන හුරතල් නමින් හඳුන්වන අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. බෙන්ජා වෙනත් වාහනයකින් අපි ගිය පළාතටම ඇවිත් වෙනත් අකරතැබ්බයකට මුහුණ දීලා. ඒක වෙනම කතාවක්. සිරයිවා කියපු බොඩි පින් සාජර් කතාව මෙහෙමයි.
එක්තරා දෙමළ ගමක, අවුරුදු 17-18 වගේ වයසක කෙල්ලක් එක පාර අතුරුදන් වුණා. ඒ කෙල්ල ඒ වෙනකොට තිබුණ ලව් පලහිලව්ව ගැන දන්නා හැමෝම කිව්වේ අහවලා එක්ක පැනලා යන්න ඇති කියලා. ගෙදර අයත් එහෙම හිතලා හිත හදා ගත්ත. තුන්වෙනි දවසට එලි වෙනකොට කෙල්ල ගෙදර දොරකඩ ළඟ. අම්මා තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියා. මේ වැඩේ කරන්න බැරි නිසා තද වෙච්ච පාර අම්මා මෙහෙම කිව්වා.
"උඹ මගුලේ ගියානම් ඒ ගිය තැනට වෙලා ඉන්නේ නැතිව මෙහෙ ආවේමොකටද ?"