පසුගිය දහතුන් වෙනිදා මට එන්.සී.සී. ක්‍රීඩාංගනයට යන්න ඕනේ වුණා. බත්තරමුල්ලේ ඉඳන් එන ගමනේදී මරදානට යන්න අවශ්‍ය වුණේ, අපේ ක්‍රිකට් ආම්පන්න ටික රැගෙන යන්න. ඒ ගමන ඉක්මන්ව යන්න ඕනේ නිසා මම පිටත් වුණේ 177 බස් එකෙන්. එහෙම ගිහිං බැස්සේ නෙලුම් පොකුණ ගාවා. එතනින් බැස්ස ගමන් දැක්කා විහාර මහ දේවි උද්‍යානයේ ඉල් මහ විරු සමරුව තියෙනවා. ඉස්සර නම් මම ඔතැනට ගොඩ වදින්න ඉඩ තියෙනවා. නමුත් දැන් ඒ ගැන අදහසක් නෑ. නෙලුම් පොකුණ ගාව හිටිය අන්නාසි වෙළෙන්දෙක්ගෙන් අන්නාසි මල්ලක් අරං කකා මම ටවුන් හෝල් පැත්තට පයින්ම ගියා. ඔඩෙල් එක ඉදිරිපිටදී මට බොහෝ කාලයක් ගොඩ වදින්න කියලා හිතේ තිබුණ, ඒත් මග ඇරුණු තැනක් දැකලා එතනට රිංගුවා.
ඒ Cup Cafe කියන කෝපි අවන්හලට. ඇවිද්ද පය බ්ලොග් එක කාලෙක ඉඳන් කියවන කෙනෙක් නම් ඔබ දන්නවා ඇති මම කෝපි ප්‍රේමියෙක් කියලා. හොඳ වුණත්, නරක වුණත් දවසකට නෙස්කැෆේ කෝප්ප තුනක් බොන පුරුද්ද දැන් තියෙන්නේ අවුරුදු ගාණක ඉඳලා. ඉතිං ලුවැඩ් සිවෙක් කෝපි ගැන ලියපු පොස්ට් එකේදී මම දැක්ක දෙයක් තමයි, මෙය කියවන බොහෝ දෙනෙක් කෝපි ප්‍රේමීන් බව. කෝපි වල නරක ගුණ වගේම හොඳ ගුණත් තියෙන බව කෝපි විරෝදීන් මතක තබා ගත යුතු කරුණක්.
එතනට ඇතුළු වුණාම මට ඇති වුණේ කොෆී බීන් ඒකට ගියා වගේ අත්දැකීමක්. ඉතාම මිත්‍රශීලී කළමනාකරු සහ සේවකයන් එතන ගැන පලවෙනි දක්මෙන්ම ලකුණු ලබා දෙන දෙයක්. මා එහි ගතකල පැය භාගයේ කිසිදු මොහොතක මට කිසිම කළකිරීමක් ඇති වුණේ නෑ. අනෙකුත් කෝපි හල් සමග සසඳන කොට මෙහි මිල ගණන් ඉතාම සාධාරණයි. මමත් මිලදී ගත්තා ලාවා කේක් කෑල්ලක් සහ කැපුචිනෝ කෝපි එකක්. මෙහෙම අරගෙන වටපිට බලනකොට මට තේරුණා මෙහි පාඩම් කරන සිසුන් දෙදෙනෙකුම ඉන්න බව. අධික ලේඅස සෙනග නොපිරුන තැනකින් උපරිම පල නෙලන මේ ශිෂ්‍යාට ඔවුන්ගේ කිසි විරෝධයක් නෑ. මගේ කැපුචිනෝ එක රුපියල් 330 ක් සහ ලාවා කේක් එක රුපියල් දෙසීයක් වුණා. ගණන් වැඩියි කියලා තර්ක කරන්න එපා, මම කියන්නේ කොෆී බීන්, ස්ටාර් බක් වගේ ඒවාට සාපේක්ෂව.
මෙතනින් එහාට මම වැඩි විස්තරයක් කරන්නේ නෑ. හැබැයි පෙම්වතුන් යුවලකට, නිදහසේ සාකච්චාවක කරන කණ්ඩායමකට මෙය කදිම ස්ථානයක්. වයි-ෆයි පහසුකම ඉතාම ඉහල මට්ටමේ තිබෙන නිසා මටනම් ඒ වැය වූ රුපියල් 550 මගේ ජන්ගමයට කල වියදමක් වගේ.
මට හිතට වැදුන දෙයක් තමයි ඔහු මෙය ජාත්‍යන්තර මට්ටමට ගෙනැවිත් තිබීම. එය අද කාලයේ අපේ වෙළෙන්දන්ගෙන් දකින්න අඩු ඉතාම සුවිශේෂී ලක්ෂණයක්.
මිලගණන් ගැන උනන්දු අය පින්තූරය මත කිලික් කලොත් බලන්න පුළුවන්.
ස්ථානය පිලිබඳ පැහැදිලි අදහසක් ගන්න මේ පින්තූරයෙන් පුළුවන්.
ඔවුන්ගේ සන්නම් නාමය සහිත කුඩා කෝපි ටින්, කැප් වගේම මග් පවා සිහි කරන්නේ ජාත්‍යන්තර මට්ටාමේ කෝපි හලක්. අපේ අයටත් ඒ වගේ දේවල් කරන්න පුළුවන් බව ඔවුන් පෙන්වලා තියෙනවා.
මේ විදුලි බල්බ ආවරණත් මගේ සිත් ගත්තා. කාලය හරස් නොවුනා නම් ඔබටම සාදා ගත හැකි මේ ලෑම්ප් ශේඩ් ගැනත් විස්තරයක් දාන්න තිබුණා.
මෙය දුටු ගමන් කෙනෙකුට සිහි වෙන්න පුළුවන් මොවුන් කොෆී බීන් ඒකෙන් කොප්පක් ගහලා කියලා. නමුත් ඔබට අලුතෙන් දෙයක් නිෂ්පාදනය කරන්න බැරිනම්, මුලින්ම ෆේක් එකක් හෝ නිෂ්පාදනය කරන්න, පසුව අලුත් දේ නිරායාසයෙන් ඔබගෙන් නිෂ්පාදනය වෙයි කියලා කිව්වේ ජාත්‍යන්තර මට්ටමේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වෙච්ච ෆාවුසූල් හමීඩ් මහතා.
මේ පිලිබඳ බ්ලොග් පොස්ට් එකක් ලියන බව පැවසු විට, මේ වැහිබර සීත දේශගුණය තිබෙන කාලේ, මෙහි ගොඩවෙලා කෝපි කෝප්පයක් තොල ගාන්න කියන පණිවුඩය සිංහලෙන් බ්ලොග් කියවන ඔබටත් දෙන ලෙස එම කළමනාකරු(සමහරවිට අයිතිකරු විය හැකියි) ඉල්ලා සිටියා.