Thursday, June 19, 2014

පොලිස් පොඩ්ඩන්ගේ ජීවිත වල අඳුරු පැතිකඩ කියාපාන "කොස්තාපල පුඤ්ඤසෝම" ...... The dark side of lightweight Policemen's life "Kosthapal Pugngnasoma"

ඊයේ සවස කාර්යාලයෙන් කලින් පිටත් වූයේ ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ රැස්වීමකට සහභාගී වීමටය. එම රැස්වීම සවස පහ වන්නට පෙර අවසන් විය. මමත් ප්‍රියාන් විජේවර්ධන මහතාත් ගල්කිස්ස බලා ගමන් ගත්තේ එම සංගමයේ ගිණුම් පිලිබඳ කටයුත්තක් සඳහාය. එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් විය. ගල්කිස්සට ගමන් කරන අතරතුරදී, ඕඩියන් සිනමා ශාලාව දෙස නෙත ඇදී ගියේ නිරායාසයෙනි. ඒ මේ දිනවල බොහෝ දෙනාගේ කථාබහට ලක්වී ඇති කොස්තාපල් පුඤ්ඤසෝම සිනමා පටය එහි තිරගත වන දැන්වීම දුටු විටය. පහයි තිහට ගල්කිස්සේ ? කල හැකි දේ බොහෝය. ඒත් මගේ සිත පැහැර ගත්තේ මහේන්ද්‍ර පෙරේරා නමැති ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ රංගන ශිල්පියා පණපොවන කොස්තාපල් පුඤ්ඤසෝම සිනමා පටයටය.

මා එහි යනවිට වෙලාව සවස පහයි හතලිස් පහ පමණ වන්නට ඇත. තවත් පැය භාගයක් රස්තියාදු ගැසීමට නොහැක. බර්ගර් කිං වෙත ගියේ මගේ දියණියට ගෙන යන්නට යමක් මිලදී ගන්නටම පමණක් නොව, මේ වනවිට උත්සන්න වී ඇති වඩදිය බෑමේ දැඩි අවශ්‍යතාවද සංසිඳුවා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එම කටයුතු අවසාන වනවිට සවස හය පමණ වී ඇත. වැහිබර අහස්කුස නිසා හාත්පස අඳුරු වීගෙන එයි. රුපියල් 150ක ඕ.ඩී.සී. ටිකට් පතක් ගෙන මා ඇතුළු වනවිට එහි සිටියේ පියෙකු සමග පැමිණි කුඩා පිරිමි දරුවන් සිව් දෙනෙකු සහ තවත් පෙම් යුවල දෙකක් පමණි. මෙම ශාලාව මෑතකදී නවීකරණය කල ලකුණු මැනවින් පැහැදිලි වන්නේ එහි සවිකර ඇති නවතම අසුන් පෙළය. හොඳින් විදුලි පංකාව ඇති ස්ථානයක් තෝරාගත් මා අසුන් ගෙන, බර්ගර් කිං වෙතින් ලබා දුන් පෙප්සි කෝප්පය අතට ගත්තේ ඉදිරි පැය කිහිපය තදින් සිනාසීමේ බලාපොරොත්තුව පෙරදැරිවය.

හරියටම හයයි කාලට ශාලාව අඳුරු කර, නොපමාව චිත්‍රපටය ඇරඹිණි. මෙහි ප්‍රධාන නළුවාගේ චරිතයට පණ පොවන මහේන්ද්‍ර පෙරේරා ඔහුගේ කොටස මැනවින් ඉටු කොට ඇති බව අමුතුවෙන් සඳහන් කලයුතු කරුණක් නොවේ. ඕ.අයි.සී. චරිතය රඟපාන ශ්‍රියන්ත මෙන්ඩිස්, සාජන්ගේ චරිතයට පන දෙන ගාමිණි හෙට්ටිආරච්චි, දුලීකා මාරපන සහ ශ්‍රීනාත් මල්දෙනිය කැපී පෙනෙන චරිතය.  

බලාපොරොත්තු ලෙසම විකට චිත්‍රපටයක ඇති අස්වාභාවික සිදුවීම් රැසක් සිනහාව උපදවන්නට යොදාගෙන තිබේ. අවංකවම ඇති වන්නට හිනා යන්නට ඒ කොටස් ප්‍රමාණවත්ය. නමුත් මේ සිනමාපටයේ මාගේ සිත්ගත් කොටස වූයේ, මේ විකට දසුන් අතරින් උදයකාන්ත වර්ණසූරිය මහතා පහල පොලිස් නිලධාරීන් මුහුණ පාන අටෝරාසියක් දුෂ්කරතා මැනවින් පෙන්වන්නට ගෙන ඇති උත්සාහයයි.

එහිදී ඉහලින් සහ පහලින් තැලෙන පෑගෙන පොලිස් පොඩ්ඩන් ගැන ලියවුනු මේ ගීතය සැබවින්ම දෑසට කඳුලක් නවන්න සමත්ය.
වාසනාවකට මේ වීඩියෝපඨය වෙනත් ආකාරයකට නිෂ්පාදනය කර යූටියුබ් අඩවිට එක් කර ඇත. එම ගීතයෙන් කියවෙන

ඉඳල හිටල දුන්නත් අතටම සිතාසිය
දුක හිතෙන්නැද්ද අව්වෙ කට්ට කන විලාසය
උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය..
දුකට සැපට ඔබට ඉන්න ඔබෙ පොලීසිය..

හොර සතුරන් කල් බල බල එවන පතුරම
පපුව මැදින් යනතුරු ඉටු කරයි යුතුකම
කසිලි බිසිලි ගැහිලි බැනිලි හදයි නිතරම
නිවාඩු නෑ හෝදගන්න කාකි කලිසම

කොතරම තිබුනත් අපහට පොලිස් බලතල
කිසිලෙසකත් ගන්නේ නෑ අනිසි විලසක
දූෂණ භීෂණ වංචා කරන උදවිය
අල්ල ගන්නේ නොසිතා ඒ අයගේ පදවිය

විසිහතර පයම කාකි කෝට් එකට රිංගලා
මානව හිමිකම් යුතුකම් වලට කැපවෙලා
පිත්තල බොත්තම් හින්දම හුස්ම හිරවෙලා
දඩකොල ලියලම අත්වල ඇඟිලි කලුවෙලා

බොහෝ දෙනාට පොලීසිය පිලිබඳ ඇත්තේ යහපත් ආකල්පයන් නොවන බව මා දනිමි. "ඕකුන්ට ඔහොම වෙලා මදි" යන්න බොහෝ දෙනා පවසන වදනයි. නමුත් ඔවුන් පොලීසියේ ඉහල නිලධාරීන්ගෙන් නිරතුරු පෑගීමට ලක්වන පොලිස් පොඩ්ඩන්, එයින් නොනැවතී සමාජයේ විවිධ පදවි තානාන්තර දරන්නන්ගෙන්ද, මැරයන් කුඩු කාරයන්, ජාවාරම් කරුවන්ගේ විවිධ බල පුළුවන් කාර කම් හමුවේ අසරණ වන ආකාරයද, එතනින් නොනැවතී පවතින පරිභෝජන සමාජ තත්වය හමුවේ තම බිරින්දෑවරුන්ගේ නිරතුරු පීඩනයන්ට ලක්වන අකාරයද උදයකාන්ත වර්ණසූරිය මහතා කදිමට විදහා දක්වයි. මේ සැමටම වඩා බොහෝ සිදුවීම් නොදැක්කා සේ සිටීමට ඔවුනට සිදු වී ඇත. සමාජයේ සෙසු පුදගලයන්ට ඇති නිදහස් බව රාජකාරියේදී මෙන්ම, නිවසේ එදිනෙදා ජීවිතයේද අහිමි වන පුඤ්ඤසෝමලා සිටින්නේ පොලීසියේ පමණක්මද යන්න මගේ හිතට නැගුනු පැනයයි. නමුත් ගිනි අව්වේ, මහා වැස්සේ මැර තර්ජන හමුවේ ඔවුන්ට ලැබෙන පීඩනය ඔවුන් පොදු මහජනයාගේ පිටින් යවන්නේ වෙන කළහැකි දෙයක් නොවන නිසාය. ඔවුන්ගේ රාජකාරිය මගේ දැක්මේ හැටියට නගරසභා කම්කරුවන්ගේ රාජකාරියටත් අන්තය. 
කොස්තාපල පුඤ්ඤසෝම චිත්‍රපටය මහේන්ද්‍ර පෙරේරා ශ්‍රියන්ත මෙන්ඩිස් ගාමිණි හෙට්ටිආරච්චි නෝමන් පලිහවඩන
පින්තූරය ගත්තේ : gossiplanka.com
දියුණු රටක පොලිස් නිලධාරී තනතුරකට කෙනෙකු තෝරා ගන්නේ දිගු පරීක්ෂණ රාශියකින් පසුවය. එමෙන්ම එම රාජකාරි වල යෙදෙන්නන් එය සිදු කරන්නේ ඉතා අභිමානයකිනි. ඔවුන් මුදල්, තනතුරු, බල පුළුවන්කාර කම් ඉදිරියේ නැවෙන්නේ නැත. තම රාජකාරිය අකුරටම ඉටු කරයි. නමුත් අපේ පොලිස් නිලධාරීන් රාජකාරි අකුරට ඉටු කරනවාට අපි කවුරුවත් කැමති නැත. පොඩි ගානක් අතමිට මොලවා මාරු වීම සැමගේ කැමැත්තයි. අප ඔවුන්ට දොස් නගන්නේ ඔවුන්ගේ දෛනික ඉලක්කය සපුරා ගන්නට ලියන දඩ කොළයක අවාසනාවන්ත හිමිකරුවන් වීම නිසාය. දියණු රටක ජනතාව සහ බලධාරීන් වැරදි කරන ප්‍රවනතාව අඩු නිසා එම නිලධාරීන්ට වැරදි කරන අය අල්ලා ගැනීම පහසුය. නමුත් අපේ රටේ වැරද්දක් නොකරන කෙනෙකු සොයා ගැනීම නයි මල්ලේ ආඳා සොයා ගන්නවාටත් වඩා උගහටය.

 පුඤ්ඤසෝමගේ චරිතයෙන් පෙන්වන තවත් දෙයක් ඇත. ඒ අපේ පොලිස් සේවයේ සිටිනා සමහර නිලදරුවන්, එම තනතුරට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවයෙන්  ඌණ බවය. මෙහි සිටින මැරයන්ට පුඤ්ඤසෝමව ඇඟිලි දෙකෙන් උස්ස ගත හැක. නමුත් වඩා හොඳ ශරීර සුවතාවක් ඇති පුද්ගලයන් මේ "කට්ට කන" රාජකාරිය බාර ගන්නේ නැති බව අප කවුරුත් දන්නා සත්‍යයකි.   මේ චිත්‍රපටය නැරඹුවත් නැතත්, මා මේ අහිංසක ජන කොට්ඨාශය දෙස බලන්නේ අනුකම්පාසහගත ලෙසය. මා දුටු ආකාරයටම උදයකාන්ත වර්ණසූරිය මහතාද ඔවුන් දෙස බැලීම සතුටට කරුණකි. ඔබ මා හා එකඟ නොවන බව මා ඉඳුරා දනිමි. එහෙත් මට කීමට ඇත්තේ "පොලිස් කාරයෝද - මනුෂ්‍යයෝය" යන්නය.

__________________________________
බොහෝදෙනාගේ ඉල්ලීමට කන් දීමක් වශයෙන් "පාපන්දු" වෙනුවෙන් වෙනමම පිටුවක් සකස් කර එය ලෝක කුසලානය පවතින කාල සීමාව තුල දෛනිකව යාවත්කාලීන කරන්නට පියවර ගෙන ඇති බව සතුටින් දන්වමි. එබැවින් මා පාපන්දු ගැන තබනා සටහන් බලා ගන්නට පාපන්දු පිටුවට පිවිසෙන ලෙස ඉල්ලා සිටිමි.  

78 comments:

  1. DUKATA SEPATA INNE KOHEDA OOI, LANGADI AHINSAKAYEK WA WEDI THABALA MARUWE, PASYALEDI

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයාගේ ගෙදරට හොරු පැන්නොත්, ඔයාට කාගෙන් හරි මරණ තර්ජනයක් ඇති වුනොත්, ඔයාගේ පර්ස් එක නැති වුනොත් ඔයා යන්නේ කා ගාවටද ?

      මේ වගේ සිද්ධි දවස ගානේ සිදු වන ඒවා නොවෙයිනේ. ඉඳ හිට ඔවුන් අතිනුත් වැරදි සිදු වන්න පුළුවන්. ඒත් ඒ වගේ එක සිද්ධියක් නිසා තනිකරම ඔවුන් නරකයි කියන මතයට එන්න පුලුවන්ද ?

      Delete
  2. කෝ පාපන්දු පිටුව?
    මමත් ගෙදර අය එක්ක යන්න ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ
      පාපන්දු පිටුව
      පොඩිම ළමයින්ට ගානක් නෑ. අවුරුදු 10-15 අතරේ අය එක්ක එකට බලන්න බැරි පොඩි කෑලි ටිකක් තියෙනවා.

      Delete
    2. හෙක්...හෙක්.... 10-15 එක්ක බලන්න බැරි කෑලි .....?
      උන් අපි නොදැක්ක සියුම් තැන් දැකල අහවරයි....

      Delete
    3. ඒ වුනාට ඒ වගේ තැන් වලදී දෙමව්පියන් අසරණ වෙනවා. මම ඒ ලෙවල් ඉවර වෙලා ගියා Adults Only රොබින් හුඩ් ෆිල්ම් එකක් බලන්න. එතනට ඇවිත් හිටියා තරුණ දුවක් සමග පියෙක්. ඒ ෆිල්ම් එකේ තනිකර සෙක්ස් තිබුණේ. අර තාත්තා විවේකය වෙනකං දුවගේ ඇස් දෙක වහගෙන ඉඳලා, විවේකයේදී පිට වුණා. ඒ වගේ වෙලාවට දෙමව්පියන් මාර අසරණ වෙනවා.

      Delete
  3. මාත් බැලුව දැං දවස් ටික්කට කලිං..
    ඔබ කියන විදියෙ පොඩි අනුකම්පාවක් ඇතිවෙනව තමා... ඒත් පිචෑර් එක බලන්න වියදං කරපු සල්ලි අපරාදෙ කියල හිතුන... 150ට පාඩුයි අප්ප...
    ඔයා දැක්කද දන්නෙ නෑ
    හුගක් වෙලාවට වට පිටාව තියෙන්නෙ එකසම පාටින් කාර් එහෙම එතකොට ඇදුං එහෙම...
    මතකද පුඤ්ඤෙ බොරු සල්ලි ඇරං හොරු හම්බෙන්න යන පාර කාර් දෙකම එකම පාට... මට මතකයි සමහර තැං වල ඇදුනුත් එකම පාට...
    ආහ් අර ලොරිය හැප්පෙන වෙලාව ජීප් එක අවිත් හප්පන්නෙ පස්සෙං... එතනත් ඒ වගේ...
    පිල්ම ටිකක් හොදයි..
    ගොඩක් අවුල්...
    මංඤං...

    ReplyDelete
    Replies
    1. ඔව් මේක විකට චිත්‍රපටයක්. ඉතිං ඒ වගේ එක්ක ස්වභාවික සිද්ධි තිබුනොත් මිනිස්සු සීරියස් ගන්නවා. අර තනිකර කහ පාට තැන (ලොරිය හැපුන තැන) කාර්, ජීප්, ලොරි, ගෑස් එක, ඇඳුම්. එකෙත් පොඩි ගතියක් තියෙනවා නේද ? මොකද අපි යන්නේ හිනා වෙන්න නිසා.

      Delete
    2. සුදීක මමත් මේක බැලුවා ඉරිදා .අය්යෝ සල්ලි ඉන්ටර්වල් එකේදී නැගිටලා ආවා ,,,,,,.මටත් ඒක අවුල් ...ජෝක් හැම තැනනින්ම එකතු කරපුවා වගේ...
      මීට වඩා ආටක නාටක හොදයි වගේ ...
      මතකද බලන්න මේක ..බෝඩිම
      https://www.youtube.com/watch?v=5wIpgdXWbK0

      Delete
    3. මෙහෙමයි මේකේ මේ ජෝක් අස්සෙන් දෙන කතාවයි මම දැක්කේ. ආටක නාටක එකේ ඉන්නෙත් ඔය කට්ටියම නේද ?

      Delete
  4. උදයකාන්ත අදහස් කල දේ ඔබ හරියටම ග්‍රහණය කරගෙන වගෙයි. එහෙනම් අපිත් බලන්නම් ඔය චිත්තරපටිය.

    ReplyDelete
    Replies
    1. හරියටම අහු වුණාද මන්දා. ඒත් මම දැක්කේ හැම පැත්තෙන්ම තැලෙන බව හයිලයිට් කරන්න කරපු උත්සාහයක් විදියට.

      Delete
  5. මම නං පොලෝසියේ උන් ගැන අනුකම්පා කරනවා මොකද උන් කන්නේ පුදුම කට්ටක් සහ අධික ආතතියෙන් යුත් රැකියාවක්.. හැම එකාටම නැවෙන්න ඕන. නැවෙන්නේ නැති උනොත් ඉවරයි.. මිනිහට කියලත් ජීවිතයක් තියෙනවා. ඒවයේ අමාරුකම් ඇති වෙනවා. සමාජයේ කොන්ද කෙලින් තියාගෙන රැකියාව කළ නොහැකි තත්වයක් පවතින විට පොලිසීයට වෙන අබග්ග ගැන කියා වැඩක් නැත.

    එක දවසක් මම මොකක් හරි වැඩකට මිත්‍රෙයක් හමුවෙන්න පොලීසියට ගියා. මිනිහා එදා රිසර්ව් එකේ. පැමිණිලි ලියාගන්න තියෙන්නේ. දවස් තුනකට පස්සේ පාරේදි පොර හමුඋනාම කිව්වේ මේ දවස් තුනකට පස්සේ ඕෆ් උනේ කියල. දිවා රෑ පැමිණිලි ඕසෙට ලියාගන්නව කියන එකත් ලේසි වැඩක්ද? ඕවා තමා පොලීසියට තියෙන පීඩාවන්.

    ReplyDelete
    Replies
    1. එහෙම කෙනෙක් ඒ වගේ දේවල් කියන්නෙත් කලාතුරකින්. ඔවුන්ට මොන වගේ ආත්ම අනුකම්පාවක් ඇති වෙනව ඇද්ද කියලා මම කල්පනා කලේ.

      Delete
  6. මටනම් පිලුම එපා උනා.
    ඔයාගෙ හෙඩිම ගති "the dark side of lightweight policemen......."

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඇයි එපා වුණේ ?

      Delete
    2. පඬි කථ ලියන්න හෝ ලව් සීන් එහෙම නෑනේ. අකිත් එක පොලිස් කාරයො ්ගැන මොනවා ලියන්නද මහත්තයා

      Delete
  7. ෆිල්ම් එකනං බැලුවෙ නෑ. ඒත් මහේන්ද්‍ර පෙරේර කියන්නෙ මාත් දැකල තියෙන ඉතාම දක්ෂ නලුවෙක්.

    ReplyDelete
    Replies
    1. බොහොම සැහැල්ලුවෙන් රඟපාන, අමාරුවෙන් උඩට ආපු, පොළවේ පය ගහලා ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්.

      Delete
  8. උදයකාන්ත ගේ අසාර්ථකම නිර්මාණය

    ReplyDelete
    Replies
    1. කොහොමද එහෙම කියන්නේ ?

      Delete
  9. අනුකම්පාව!
    ඕක ඕන හොරෙක් කියන කතාවක්. ඕන කමක් තියනව නං යම් සීමාවක් දක්වා හෝ අවංකව සේවය කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නොකරන්නේ නෑනේ රාජ්. දැන් බලන්න පහුගිය කාලේ සිදු වෙච්ච මංකොල්ල කෑම් කීපයක හරි වගතුග හොයා ගත්තනේ. නමුත් ඔවුන්ට බලපෑම් එල්ල කරන අය වැඩියි. යම් සීමාවකට සේවය කරනවා ඇති.

      Delete
  10. පාපන්දු පිටුවට යන්නෙ කොතනින්ද?

    ReplyDelete
  11. හරි හම්බ උනා. උඩම තියෙනවා

    ReplyDelete
    Replies
    1. හරි දැන් දන්නවනේ එතන බලන්න.

      Delete
  12. ඕක බලන්න ඕන , පොලිසියේ පොඩ්ඩෝ තමයි කොතනත් තැලෙන්නේ, උන් නීතිය කලත් වැරදියි , නොකලත් වැරදියි, හැබැයි පොලිස් ලොක්කෝ නීතිය කලත් ගොඩ නොකලත් ගොඩ

    ReplyDelete
    Replies
    1. ලොක්කොත් යම් තරමකින් තැලෙනවා. අපි පුළුවන් තරම එයාලට සහයෝගය දෙන්න ඕනේ.

      Delete
  13. අපි හැමවෙලේ ම බනින රාලහාමිලා නැති වෙලාවට ඔය කියන නීතිය සහ සාමය රකින්න වෙන්නෙ අපටම තමා..... එදාට අපි ඇඳන් ඉන්න ඇඳුනුත් හොරු ගලවන් යාවි...

    ReplyDelete
    Replies
    1. දැන් බලන්න ඔවුන්ට පාළනය කරන්න බැරි තැන් වල සිදු වෙන දේවල්.

      Delete
  14. සුදීක! පොලිසියට ආධුනික නිලදාරීන් බඳවා ගැනීම හොඳ සැලකිල්ලකින් කරන්නේ.ත්‍රිවිධ හමුදා වලට සාමාජිකයන් බඳවා ගැනීමට වඩා සුදුසුකම් බලනවා.ගැටලුව තියෙන්නේ සේවයට බැඳුන පසු බොහෝ පොලිස් නිලදාරීන් තමන්ගේ සිරුර ගැන නොසලකා හැරීමයි.පොලිසියේම ඉහල නිලදාරීන්ගේ සහ දේශපාලන බලපෑම් නිසයි පොලිස් සේවාව මෙතරම් පහතට වැටී ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. මට මේ චිත්‍රපටයේදී සහ පහුගිය කාලේ පුවත් වලින් තේරුණ දේ තමයි ඔවුන්ට පිස්තෝල වලට වඩා නවීණ ස්වයංක්‍රීය අවියක් දෙන්න ඕනේ. නැතිනම් ඔවුන් අසලම විශේෂ කාර්ය බලකාය රඳවන්න ඕනේ.

      Delete
    2. සුදීක! අවි ආයුධ ගැන පොඩි දැනුමක් තියෙන කෙනෙක් විදිහට මගේ අදහස වෙන්නේ පොලිසියට පිස්තෝල සහ රිවෝල්වර ප්‍රමාණවත් බවයි.ඊට අමතරව රිපීටර් ෂොට් ගන් ප්‍රමාණවත්.ගැටලුව මෙයයි ප්‍රමාණයෙන් කුඩා වුවත් පිස්තෝල සහ රිවෝල්වර් යනු භාවිතයට ඉතාම අසීරු අවි වීමයි.නියමාකාර පිස්තෝල පුහුණුවක් යනු එක්තරා ආකාරයක ජිම්නාස්ටික් පුහුණුවකි.ගිනි අවිය සමඟ පිනුම් ගැසීම,වේගවත් හැරීම් පෙරලීම් මේ පුහුණුවට අයත් වේ.එසේම පිස්තෝල සහ රිවෝල්වර් සාපේක්ෂව අනාරක්ෂිත අවි වේ.මා සිතන අන්දමට පොලිස් නිලදාරිගෙන් ඇති බහුතරය මේ සුළු ගිනි අවි හැසිරවීම පිලිබඳ මුලික දැනුමක් හෝ නැති වුවන් විය යුතුය.පස්යාලේදී තරුණයෙකුට වෙඩි වදින්නට ඇත්තේද අපරික්ශාකාරී ලෙස ගිනි අවිය භාවිතයෙන් විය යුතුය.

      Delete
    3. ඔබ පවසන අදහස නිවැරදි වන්නට පුළුවන්. නමුත් ඔවුන්ට පාළනය කරන්න තිබෙන හොරුන් මංකොල්ලකාරයන්ට ඔවුන්ට වඩා ප්‍රබල අවි දරාගෙන එනවිට ඔවුන් මානසිකවත්, ප්‍රායෝගිකවත් පරාජය වනවා නේද ? ඒ නිසා තමයි මා කීවේ ඔවුන්ගේ මෙහෙයුම් වලට විශේෂ කාර්ය බලකායවත් යොදවන්න ඕනේ කියලා.

      Delete
    4. සෑම විටම ගිනි අවියේ වෙඩි බලය වැදගත් වෙන්නේ නැහැ.මැනවින් පුහුණුවූ වෙඩික්කරුවෙකුට තම අවියෙන් උපරිම ප්‍රයෝජන ගත හැකියි.නිකමට හිතන්න ලෝකයේ ඕනෑම රටක ප්‍රභූ ආරක්ෂකයන් භාවිතා කරන්නේ සුළු ගිනි අවි පමණයි.ජනාධිපති තුමා සමඟ මැෂින් තුවක්කු කරුවන් යන්නේ නැහැනේ.විශේෂ කාර්ය බලකාය සෑම පොලිස් රාජකාරියකට යෙදවීම නුසුදුසුයි.ඔවුන් පුහුණු කර ඇත්තේ විශේෂයෙන් ගරිල්ලා සටන් මර්ධනය සඳහායි.දැනටත් ඔවුන් අනවසර වැලි ගොඩ දාන්නන්,දැව ජාවාරම් කරුවන් ඇල්ලීම පිණිස යෙදෙවෙනවා.මෙයින් සිදුවන්නේ බ්‍රිතාන්‍ය SAS බලකායේ පුහුණුව ලැබූ විශේෂිත මිනිසුන් පිරිසකගේ හැකියාවන් මොට වීමයි.

      Delete
    5. June 20, 2014 4:44 PM ඇනෝ, බොරු ගහන්න එපා වස්තුවේ. නොදන්නා මගුල් ගැන කියන්න එපා. ගිනි අවි ගැන ඔයාට තියෙන්නේ පොඩි දැනුමක් කියලා ඔයාම කියලා තියනවනේ. පුහුණුව කියන්නේ නිතර අලුත් කරමින් පවත්වාගෙන යායුතු දෙයක් එහෙම කලාම ප්‍රශ්න නැහැ.

      Delete
    6. June 20, 2014 1:21 PM ඇනෝ. හම්මෝ හම්බ බොරුවක් ගහලා තියෙන්නේ. ගැසට් අරන් බැලුවොත් පෙනෙයි ත්‍රිවිධ හමුදා නිලධාරියකු ගන්නාවිට සහ පොලිස් නිලධාරියකු ගන්නාවිට තියන සුදුසුකම් අඩුද වැඩිද කියලා.

      Delete
    7. AnonymousJune 20, 2014 11:51 PM මට වස්තුවේ කියන්න ඕන නැහැ මම හුරතල් කෙල්ලක් නෙවේ.අවුරුදු 40ක මිනිහෙක්.මට අවිආයුද සම්බන්දයෙන් තියෙන්නේ සුළු දැනුමක් බව ඇත්තයි.මට මතක හැටියට ලංකාවේ ආරක්ෂක හමුදාවන් භාවිතා කරන යුද අවි 22 පමණ ගැලවීම සවිකිරීම සහ වෙඩිතැබීම පිලිබඳ පුහුණුවක් මා ලබා තියෙනවා.හිතවත් මිතුරා!මට දැන් පුහුණුව අලුත් කරන්න නම් හැකියාවක් නැහැ.දැන් මම යුද්දයෙන් ආබාදිත වී සිටින නිසා.දැන් මම වායු රයිෆලයක් භාවිතා කරමින් මගේ පැරණි ජීවිතයෙන් අංශු මාත්‍රයක් අත් විඳිනවා.AnonymousJune 20, 2014 11:53 PM මම බොරුවක් කියලා නැහැ.පොලිසියට කොස්තාපල් වරයෙකු බඳවා ගන්නාවිට සහ හමුදාවට සෙබලෙකු බඳවා ගන්නාවිට සලකා බලන ශාරීරික සහ අද්‍යාපන සුදුසුකම් ගැන සොයා බලන්න.නමුත් හමුදාවට උප ලුතිනන් වරු සහ පොලිසියට උප පොලිස් පරීක්ෂක වරු බඳවා ගැනීමේ මුලික සුදුසුකම් නම් බොහෝවිට එක සමානයි.AnonymousJune 20, 2014 11:53 PM මම බොරුවක් කියලා නැහැ.පොලිසියට කොස්තාපල් වරයෙකු බඳවා ගන්නාවිට සහ හමුදාවට සෙබලෙකු බඳවා ගන්නාවිට සලකා බලන ශාරීරික සහ අද්‍යාපන සුදුසුකම් ගැන සොයා බලන්න.නමුත් හමුදාවට උප ලුතිනන් වරු සහ පොලිසියට උප පොලිස් පරීක්ෂක වරු බඳවා ගැනීමේ මුලික සුදුසුකම් නම් බොහෝවිට එක සමානයි.

      Delete
    8. සුදුසු කම් වැඩියි හමුදාවේ.ඒ දැන් . නමුත් පොලීසියට ග්න්න කොට හතරවරිගෙම පැටිකිරිය බලනවා. පොඩ්ඩක් හරි අවුල් නම් ගන්නේ නැහැ. ඒක තමිය තාත්තා පොලීසියේනම් පුතාව සහතිකේටම ගන්නේත

      Delete
    9. මේ දෙක අපි සංසන්දනය කරලා වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ. මොකද දෙගොල්ලන්ගේ කාර්යභාරය වෙනස් නිසා. පොලීසියට කරන්න තියෙන රාජකාරිය පළල එකක් කියලා මට හිතෙන්නේ. හමුදා භටයාගේ මූලික අරමුණ සටන්. අවි හැසිරවීමට බොහොම අල්පවයි පොලීසියට කරන්න තියෙන්නේ.

      Delete
  15. //දියුණු රටක පොලිස් නිලධාරී තනතුරකට කෙනෙකු තෝරා ගන්නේ දිගු පරීක්ෂණ රාශියකින් පසුවය. එමෙන්ම එම රාජකාරි වල යෙදෙන්නන් එය සිදු කරන්නේ ඉතා අභිමානයකිනි//

    ඒ රටවල අභිමානය රැක ගෙන රාජකාරි කර ජීවත් වීමට සෑහෙන වැටුපකුත් ලැබෙනව නේ?
    හුගක් ඉස්සර ලන්කාවෙත් හැම රජයේ රැකියාවකට වගේම පොලීසියටත් අභිමානයක් වගේම හොද වැටුපකුත් ලැබුන

    ReplyDelete
    Replies
    1. ඔව්. අනිවාර්යයෙන්ම. අපේ රටවල ජාරව ගන්නා බව නොදැන නොවෙයි එහෙම අඩු වැටුපක ඔවුන්ට ඉන්න සලස්වා ඇත්තේ.

      Delete
  16. හොඳයි... බලන්න යන්න හිටියෙ. (මං ෆිල්ම් එකක් බලන්න යන්න හිතං ඉන්නකොට ඒකෙ ඩීවීඩී රිප් එක අතටම ලැබෙනවා. මේකටත් එසේම වේවා!)

    ReplyDelete
    Replies
    1. ක්‍රමය මොකක් වුණත් බලන එකයි අවශ්‍ය. නමුත් නිෂ්පාදකයා අතරමං නොවෙන විදියේ ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඔවුන්ට ලැබිය යුතුයි.

      Delete
    2. නොදකින් විතරක් ඩ්‍රැකී ගේ ආකල්ප. නිෂ්පාදකයා අතරමං වෙනවිදියට හොර කොපි බැලීම හොරකමක්. හන්දියේ කඩෙන් අල ගෙඩියක් ලුණු ගෙඩියක් ඉනේ ගසාගෙන මාරුවෙන හොරෙක් සහ ඔබ අතර වෙනසක් නැත.

      Delete
    3. උසි උසි මහා කළු සිංහලයා... :-)

      Delete
  17. මටත් පොලිසියේ අය ගැන නම් තියෙන්න අවංකවම අනුකම්පාවක්. සමහරවිට ඔය කියන ගොඩක් අයට වගේ අසාධාරණ කම් තාම මට වෙලා නැති නිසා වෙන්න පුළුවන්.. නමුත් ඔවුන් නරක මිනිසුන් කියල නම් හිතෙන්නේ නෑ... අපේ රස්සාව කරද්දී අපිට තියෙන ප්‍රශ්නම ඔවුන්ගේ රැකියාව කරද්දී ඔවුන්ට තියෙනවා.. ෆිල්ම් එක නම් බැලුවේ නෑ.. බලන්න වෙන එකකුත් නෑ.. :(

    ReplyDelete
    Replies
    1. ඔවුන්ගේ දිහා ඔවුන්ගේ කෝණයකින් බැලුවොත් තේරෙයි. ඔවුන්ට රාජකාරිමය නිදහස බොහොම අඩුයි. ඒ නිසා ඔවුන් වැඩියක් කරන්නේ වෙන දෙයක් බලන් ඉන්න එක.

      Delete
  18. පොලිස් පොඩ්ඩො ගැනනම් මටත් පවු කියල හිතුන වාර අනන්තයි

    ReplyDelete
    Replies
    1. ඔය ඇඳුම අඳින එකම ඇති.

      Delete
  19. පොලිස් කාරයෝද - මනුෂ්‍යයෝය මම නම් එක දන්නවා එක නෙහ් හැම තිස්සෙම අවුවේ වේලෙන රාළහාමිලට තේ එකක් එහෙම බොන්න උඩු උපකාර කරන්නේ

    ReplyDelete
    Replies
    1. උදව් උපකාර නොකරත්, ඒක දැනන් ඉඳීම වටිනවා.

      Delete
  20. තවම බලන්න බැරි උණා. මේක කියවලා බලන්න ආස හිතුන.
    'පොලිස් කාරයෝද - මනුෂ්‍යයෝය' එකගයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් බැලුවට පස්සේ මතක ඇතිව ඇවිත් කමෙන්ට් එකක් දාන්න.

      Delete
  21. ලෝකයේ සෑම රටකම පාහේ පොලිස් නිලධාරියාගේ ජීවිතය පිළිබිඹු කරන චිත්‍රපටි නිපදවෙනවා. පොදුවේ ගත්කල පොලිස් නිලධාරියාගේ ජීවිතය දුක්ඛදායකයි. කවදාවත් ඔහුට නිසිතැන ලැබෙන්නේ නැහැ.

    අවංකව සිය රාජකාරි ඉටුකරන බව අපේ මුළු ගමම දන්නා, වසර 20 කට වැඩි සේවා කාලයක් හිමි, පොලිස් නිලධාරියෙක් හදාගෙන තියෙන්නේ කාමර දෙකක් සාලයක් ඉස්තෝප්පු කෑල්ලක් හා පිටත නානකාමරයක්/වැසිකිලියක් සහිත, තවමත් පිටත බිත්ති කපරාරුව අවසන් නොකළ ගෙයක්. නමුත් ඔහු හරිම සතුටින් ඉන්න මිනිහෙක්.

    ReplyDelete
    Replies
    1. සතුටින් ඉන්නවා නම් මොනවා නැති වුණත් කමක් නෑ. නමුත් ඔහු තුල පශ්චතාපයක් තියෙන්න පුළුවන්.

      Delete
  22. ෆිල්ම් එක ඉතින් බලලා නැති හන්දා මොනවවත්ම කියන්න වෙන්නේ නෑ මේකටනම්.. කෝමත් ඉතින් ඕනම දේකදි තැලෙන්නෙ පොඩි එකා තමයි..

    ReplyDelete
    Replies
    1. කොහොමද ඉතාලියේ තත්වය ?

      Delete
    2. ඉතාලියත් ඉවරයිනේ. මේකනම් මාර වර්ල්ඩ් කප් එකක්.

      Delete
  23. සුදීක තරහා වෙන්න එපා. පොලීසිය ගැනනම් කිසිම පැහැදීමක් නෑ. සාමාන්‍ය මිනිස්සුන්ට සලකන්නේ බල්ලන්ට වගේ. පොලීසියකට ගිහින් බලන්න. කතා කරන්නවත් දන්නේ නෑ. ගසා කෑමේ කෙළවරක් නෑ. පගා ගැහැල්ලට එයිට එහා ජාතියක් නෑ. නීතිය ක්‍රියාත්මක කරන ආයතනය මීට වඩා උසස් මට්ටමක තියෙන්න ඕනේ. මහපාරේ වාහන නවත්තලා පපුවට වෙඩි තියන ලෝකේ තියෙන එකම රට............. ඒක හුදෙකලා සිදුවීමක් විතරක් නෙමෙයි සුදීක... ඒකෙන් පෙන්නන්නේ රටේ තත්වය. පොලීසියේ සැබෑ තත්වය................

    ඔබ යම් අදහසක් දරනවානම් ඒකට කිසිම බාධාවක් කරන්නේ නෑ. මේ අපේ දැකීම.. අපිට පේන සහ හිතන විදිහ......

    ReplyDelete
    Replies
    1. @කුරුටු ,
      ++++++++++++++++++++++++
      මට ඊයේ හවසත් පොලිස් බල්ලෙක් බිරුවා මාර්ග නීති කඩ කලා කියලා .අවන්කවම මම වැරද්දක් කලේ නැ .තෙරුන් කරලා දෙන්න පුළුවන් උන් නෙවෙයිනේ ...ඒ වෙලාවේම පෙනී පෙනී ප්‍රාඩෝ 1ක් මාර්ග නීති 1ක් නෙවි 3න හතරක්ම කැඩුවා , මේක දැක්කේ නැ වගේ හිටියා වලිගෙ #කේ ගහගෙන .
      පොලිසියට දැන් සාමාන්‍ය මිනිස්සු නෙලන්නේත් ඉවසන්නම බැරි තැනයි

      Delete
  24. ඇත්ත. වෙන රටක සේවය කරපු කෙනෙක් හැටියට මම අත්දැකලා තියනවා ඒ පොලිසියෙයි, අපේ පොලිසියෙයි වෙනස.. උන් හරි ගාම්බීර විදිහට ඉන්නෙ. ජරාව කන්නෑ.. ඒක හින්දා ජනතාව ඉස්සරහා දෙකට නැමෙන්න ඕනත් නෑ.. ලොකු ලොක්කො ඉස්සරහා දෙකට නැමෙන්න ඕනත් නෑ... අපේ වැරදි පොලීසිය නෙමේ ඒ ගොල්ලනව ඒ තත්වෙට පත් කරපු කාලකණ්නි දේස පාලුවො.. ඒ වගේ එකෙක්ට දඩ කොලයක් දුන්නම වෙන්නේ මොකද කියලා අපි පහු ගිය ටිකේ දැක්කනෙ.. අවාසනවකට අපේ ජහ මනයත් ඒ වැරදි පූර්වාදාර්ශ අනුගමනය කරන්න උත්සහ කරණවා.. පොලීසියෙ අයට සැළකිය යුතු පඩියක් දීලා, ඔවුන්ට ස්වාදීනව කට යුතු කරගෙන යන්න දෙනවනම් ලොකු වෙනසක් තියෙයි.. රටක් හදන්න ගන්න ඕනා පොලීසිය හදලම තමා.. නැත්නම් මොනා කළත් වැඩක් නෑ..

    ReplyDelete
  25. ෆිල්ම් එක බලලා නෑ .....පොලීසිය ගැන යහපත් හැඟීමකුත් නෑ ....ඒ වගේ ම ඉතිං අපේ ඈයෝ ත් ඉතිං වරදක් උනොත් ගානක් දීල ශේප් වෙන්න තමයි හදන්නේ ...පොලිසියට බනින ගමන්...

    ReplyDelete
    Replies
    1. රථවාහන කටයුතු වලදී අපි කැමතියි පොලීසිය ජරාව ගන්නවට. අනෙක් කාරණා වලින් අපි වැරදි කරුවෝ වෙන ඒවාටත් ජරාව දෙන්න කැමැතියි. දේශපාලනය, කාම අපරාධ, සොරකම් වගේ තැන් වලදී අපි බලාපොරොත්තු වෙන්නේ නීතිගරුක පොලීසියක්.

      Delete
  26. මමත් බැලුවේ ඕඩියන් එකේම තමයි.මට නම් නිර්මාණය හොඳයි.අර අපි කලින් අහලා දැකලා තියෙන ජෝක්ස් ටිකක් තිබුණත් කතාව සාර්ථකයි කියලා මමත් හිතනවා.

    ReplyDelete
  27. ඔබ ඔය කථා කරන කාරණය ගැනම තමයි මමත් වතාවක් ලිපියක් ලිව්වෙ...දෙපැත්තෙන්ම තැලෙන පොලිස් පොඩ්ඩො ගැන. දියුණු රටවල් වල සහ ලංකාවේ පොලීස් නිලධාරීන් අතර පවතින වෙනස තමයි වැටුපේ වපසරිය. දියුණු රටක කෙනෙක්ට තමන්ගෙ වැටුපෙන් ඉතා හොද ජීවන තත්වයක් උරුම කරගන්නට හැකියාව තියෙද්දි ඒ අයට තමන්ගෙ සේවය බොහොම තෘප්තිමත්ව ඉටු කරන්නට හැකියි. දේශපාලන මැදිහත් වීම් එහෙමත් නෑනෙ....මේ සියල්ලෙන්ම බැට කන ලංකාවේ පොලිස් නිලධාරියා ගැන කවර කථාද ?

    ReplyDelete
  28. මටත් මේ පොලිස් පොඩ්ඩෝ ගැන තියෙන්නේ දුකක්. උන් දෙපැත්තෙන්ම තැලෙනවා.
    මේ ෆිල්ම් එකනම් ආසර්ථකයි කියලා තමයි ලංකාවේ බලපු අය කියන්නේ. මහේන්ද්‍රගේ ඇක්ටින් හොඳ බව කියනවා.

    සුදීක....වැරැද්දක් තියෙනවා හදන්න. ශ්‍රීනාත් මල්දෙණියත් නළුවෙක් තමයි. ඔහු මිය ගොස් අවුරුදු දහයක් විතර වෙනවා. එයාත් චිත්‍රපටිවල පොලිසියට සම්බන්ධ චරිත තමයි කරේ. අනිත් එක ෆිල්ම්ස්වලට පොලිස් යුනිෆෝම් සැපයුවේ මෙයා. ඒකට අවසරයක් දීලා තිබුනා. ඒ ඒ යුගයන්ගේ යුනිෆෝම් තිබුනා මෙයා ගාව. 89දී කවුද ඔත්තුවක් දීලා ජේවීපි එකට පොලිස් යුනිෆෝම් දෙනවා කියලා අකරතැබ්බයක් වුනා. ගාමිණිලා බේරගත්තා පස්සේ.
    ඔය ෆිල්ම් එකේ ඉන්නේ ශ්‍රීනත් මද්දුමගේ. මිනිහා දැන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.

    ReplyDelete
    Replies
    1. මල්දෙණිය කථාව හරියටම හරි. ඔය රගපෑම් සදහා නිකුත් කරන පොලිස් නිළ ඇදුම් වල අංක පටන් ගන්නෙ බින්දුව ඉලක්කමෙන්. බොරු නම් ඊලග වතාවෙ බලන්න...හොරා පොලිස් කියලා දන්නෝ දනිති එතකොට...

      Delete
  29. සුදීක මහත්තයා ගමේ කෙනෙක් නිසයි කියන්නනේ.මීට වඩි හොඳියි දෙකක් දාලා නිදා ගත්තානම්.මොකද මුන්ට ඕක ලියනවාට වඩා හොඳයි බල්ලන්ට ල්‍ලෙි පොල් දෙනවා.
    පොලීසියට බන්න උන්ට තේරේනනේ නැහැ පොලීසිය නැති උනොත් නෙන දේ.අපි යමෙක්ව ද්කන විදිහට තම්ය අපඅටත් ලැබේන ප්‍රතිචාරය බොහෝ විට.
    මෙතන පොලීසියට බනින බොහෝදෙනෙක් දන්නේ නැහැ ඔවුන‍ෙ තියෙන පීඩනය.අළුත්ගම (දැන් බෙන්තෙර) රේලි ගේට්ටුය වහලා තියෙද්දී රංගපු බයිසිකලයක් අල්ලපු රාලහාමි සිද්දවුනා කළුතර එස් එස්පීගේ බාල දූගේ ඉල්ලීම පිට ලයිසම වැරදි කරුගේ ගෙදරට ලිහින් දීලා ලියලා දිපු උසාවි කොළය අරගෙන එන්න.ඒක අනිවාර්යයෙන්ම උසාවි දැමිය යුතු දෙයක්. අයියෝ අල්ලපු පීසී ගේ තත්වය අතිශය ශෝකජනකයි නේද?
    ඔය සහජීවනය යහපාලනය ගැන ලියන මාතලන් අවුරුදු උත්සවය දවසේ දෙකක් දාලා වාහනය අරගෙන ලියයි කියලා ලියලා තිබුනා.මිනිහාම කරනවා අහඅවුනොත් ජරාව දීලා බේරෙනවා කියලා. මතකද මොරටුව පානදුර නව ගාළුපාරේ තිබ්බා සිටීසි ඊගල් තිබ්බ කාලේ දෙවිමිණ දියණිය බීමත් රියදුරෙක්ට බිලිවිණි කියලා..
    අර කළුාවක් තියෙනවා වෑයෙන් ලීයේ ඇ අරියාට වෑය ලීයටත් වඩා ඇදයි කියලා.මේක පෙැත්තටම ගන්න පුළුවන්.

    ReplyDelete
  30. මෙහෙ පොලිසිය නිතර දෙවේලේ දකින අපිට අමුතුවෙන් පොලිස් විහිළු කතානම් බලන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මෙහෙ උන්ගෙ ඇදුම ලස්සනයි නේද....අපේ අයගෙ කාකි එකට වඩා...

      Delete
  31. Ranjan (düsseldorf.)June 24, 2014 2:11 PM

    Suddeka oyage lipiya beluwata passe mama u tube eken sinduwa beluwa.eka niyamai,geethaya gayana karanne kawrukawruda?sunil pererage voice eka samahara thenwala enawa.

    ReplyDelete
  32. මමත් බලන්න හිතාගෙනම ඉන්න ෆිල්ම් එකක් තවම වෙලාව හදාගන්න බැරිවුණෘ..එක අතකට මෙවන් චිත්‍රපට අද හැදෙනවා අඩුයි. පොලිසියත් විහිලුවට ගියපු කාලෙක අගනා ෆිල්ම් එකක්

    ReplyDelete
  33. 1. ලංකා පොලිසියේ අවංක නිලධාරින් අදට ද ඇත. ඒ වගේම ගස් ගෙඩි කඩන බල්ලන් ද යුනිෆෝම් ඇඳගෙන ඇත. ගස්පාලුවෝ නිසා අවංක නිලයන්ටද කෑ නොකෑ මකුණාගේ භූමිකාව රංග දක්වන්නට වී ඇත.

    2. පොලිස් නිලයන්ට මේ තත්වය උදාවුයේ දේශපාලනය ඒ තුලට පිවිසීම මගින් වන අතර ඔවුන් විසින්ම පඩි වැඩිකිරීම් නොකිරීම සහ මුදල් ගිල දැමීම යන දෙක මතින් පොලිසිය කාබාසිනියා කරන අතර ඊට එහායින් ඇඟිලි ගැසීම් මගින් පොලිසිය දෙකට නැවි සිටින තත්වයට පත් කර ඇත. ඊට විසඳුම් නැත. (ජනතාව ජන්දය මගින් මොකා පත් කලත් ඌ කරන්නේ කලින් හිටිය එකා නොකළ වැඩක් බව පසුගිය වසර ගණනාවක ඉතිහාසය සාක්ෂි දරනු ඇත,)

    3. වැටුප් නොලැබෙන ජීවන වියදම උග්‍ර රටක පොලිසිය නිල ඇඳුමෙන් මංකොල්ල කන අවස්ථා ද නොතිබුනා නොවේ.(පිටකොටුව පොලිසිය 2013) ඒ වගේම ඔවුන් ද ඔවුන්ගේ බිරින්දෑවරු දරුවන් ගේ අවශ්‍යතා සිදු කිරීමට ආශා කොට්ටාශයක් බවද සිතිය යුතුය.

    4. ලංකාවේ නීතිය වල් වැදීම නිසා ද පොලිස් පරිහානිය සීග්‍ර වී ඇත.

    5. පොලිසිය සුද්ධ කිරීම ඉතා අපහසු වැඩකි. නමුත් කල නොහැක්කක් ද නොවේ. මුලින්ම වල්බුරු පොලිස්කාරයෝ පොලිසිය විසින්ම පෙරා ඉවත්කළ යුතු අතර ඒ සමගාමීව දේශපාලනය පොලිසියෙන් ඉවත් කල යුතුය. එසේම නීති පද්ධතිය යාවත්කාලීන කල යුතුය. (මේ බව කියන්නේ අවම බලය නම් නීතියට මුවා වී කරන දේ දැක ය.)

    6. සිනමා පටය බලන්න වෙන්නේ ඩීවීඩී තැටියක් ලැබුනොත් පමණි. කෙසේ හෝ විකට වුව සිනමාපටය සැබෑවක් කතා කල බව හැඟෙන අතර මහේන්ද්‍ර පෙරේරා ගේ රංගනය විශිෂ්ඨ බව අමුතුවෙන් කිවයුතු නොවන්නක් බව මගේ හැගීමයි.

    ReplyDelete
  34. දියුණු රටක පොලිස් නිලධාරී තනතුරකට කෙනෙකු තෝරා ගන්නේ දිගු පරීක්ෂණ රාශියකින් පසුවය. එමෙන්ම එම රාජකාරි වල යෙදෙන්නන් එය සිදු කරන්නේ ඉතා අභිමානයකිනි. ඔවුන් මුදල්, තනතුරු, බල පුළුවන්කාර කම් ඉදිරියේ නැවෙන්නේ නැත. තම රාජකාරිය අකුරටම ඉටු කරයි.

    ලංකාව සංස්කෘතික කාන්තාරයක් බව බොහෝ කාලයකට පෙර පේරාදෙණියේ සිටි අයිවෝ ජෙනින්ග්ස් නමැති සුද්දා කිව්වේය. ශ්‍රී ලාංකිකයා සතු උසස් සංස්කෘතියක් නොමැති බව අයිවෝ ජෙනින්ග්ස් හොඳටම දැන සිටියේය.

    ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ? සංස්කෘතියක් තිබුනේ නම් ලංකාව නීතියක් විනයක් නොමැති තවත් සෝමාලියාවක් බවට පත් වෙමින් තිබෙන්නේ මන්ද ?

    කාලාන්තරයක් පුරා සිංහල, දෙමල මුස්ලිම් යන සියලුම ජනතාව අයත් වන ශ්‍රී ලංකික ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න දෙස බලන විට පෙනී යන්නේ එකී ගැටළු බොහොමයක් පැන නැගී තිබෙන්නේ මේ රටේ ඇති සංස්කෘතික දරිද්‍රතාවය නිසාය.

    අතීතය ගැන සලකා බැලීමේදී ශ්‍රී ලංකාව යනු කිසි දිනෙක උසස් සංස්කෘතියක් තිබු ජාතියක් නොවිය. මේ රටේ වාරි ශිෂ්ඨාචාරය බිහි කලේ, ගොඩනැගිලි ඉදි කලේ ඉන්දීය ශිල්පිය දැනුමෙනි. අතීත රජවරු මුදල් ගෙවා ඉන්දීය ශිල්පින් ලංකාවට ගෙන්වාගෙන ඉදිකිරීම් කළහ.

    ලංකාවට නවීන සංස්කෘතිය සහ තාක්ෂණ දැනුම ලැබෙන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගෙනි. උඩුකය නොවසමින්, එක ගෙයි කමින්, රුකුලේ පැදීම, බුලත් හිරය වැනි හිරිකිත ලිංගික චර්යාවල යෙදෙමින් සිටි ලාංකිකයා නවීන ශිෂ්ඨාචාරයට සහ විනයකට යටත් කරන්නේ බටහිර සුද්දා විසිනි.

    සුද්දා සතු හොඳ කළමනාකරණ හැකියාව තිබුනේය. ඒ නිසා ඉතා කෙටි කලකින් සංවර්ධනය අතින් පසුගාමීව සිටි ලංකාවට මහා මාර්ග, දුම්රිය මාර්ග, තැපැල් සේවා, අධ්‍යාපනය, සුව සේවා ලැබෙන්නේය. එසේම විශාල කෘෂි ආර්ථිකයක් ද මෙරට ඇති කළේය.

    නමුත් සුද්දා සංවර්ධනය සහ සංස්කෘතිය ලබා දෙන ගමන් එක වරදක් කළේය. සංවර්ධනය සහ සංස්කෘතිය සමග ක්‍රිස්තියානිය ප්‍රචලිත කිරීමට යාම ඔහු කල වරද විය. එකල ක්‍රිස්තියානි ආගම සහ පල්ලිය යනු අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ජන ඝාතන කිරීම සඳහා යොදාගත් දේශපාලන මතවාදය විය.
    සුද්දා මෙරටින් යාමෙන් පසු කලක් දේශීය ප්‍රභූවරුද පසු කාලයක ගංජා කසිප්පු විකුණා මුදල් හම්බ කල මැරයන්ද රටේ පාලනය භාරගත්හ. වර්තමානයේදී අසංස්කෘතික දේශීය ගං කබරයන් විසින් ලංකාව පාලනය කරනු ලැබේ.

    සුද්දා වෙනුවට මෙරට ජනතාව තමන්ව පාලනය කිරීම සඳහා තෝරා ගත්තේ මිනි මරණ, පොදු දේපල හොරකම් කරන, කුඩු කසිප්පු විකුණන, දේශීය ගං කබරයන් පිරිසකි.

    මේ පාලකයන්ට මෙන්ම පාළිතයාටද සංස්කෘතියක් නැත. ඒ නිසා සෑම මැතිවරණයකදීම රටේ පාලනය භාර දීම සඳහා ජනතාව පත් කරන්නේ නුගත් මැරයන් පිරිසකි. ලාංකික ජනතාවට උසස් සංස්කෘතියක් තිබුනේ නම් තමන් පාලනය කිරීම සඳහා ගං කබරයන් පත් කර ගන්නේ නැත.

    අසංස්කෘතිය මේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර තිබේ. මේ රටේ කසල ඉවත් කිරීමේ සංස්කෘතියක් නැත. මානව ගනුදෙනු වලදී සංස්කෘතියක් නැත. එසේම මේ රටේ මහා මාර්ගයේ වාහන ධාවනයේ දී කිසිම සංස්කෘතියක් නැත.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...