පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සුරතළුන් ගැන මා ලියූ සටහනේ අවසන් කොටසේ සඳහන් කළපරිදි තවත් දින කිහිපයකින් ආරම්භ වන 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් තෝරාගෙන ඇති මැස්කොට් හෝ සුරතලා වන ආමඩිල්ලා ගැන. ඔවුන් ආමඩිල්ලා මේ සඳහා තෝරා ගැනීමට හේතුවත් එහිදී සඳහන් කළා ඔබට මතක ඇති. යලිත් මතක් කලොත් ආමඩිල්ලා කියන්නේ ලෝකයේ වඳවීමේ තර්ජනයට ගොදුරු වී ඇති තවත් අහිංසක සත්ව කොට්ඨාශයක්. ඒ ගැන අහන්න සිදු වූ මොහොතේ සිට, මට මේ අහිංසකයා ගැන සෙවීමේ පිපාසාවක් ඇති වුණා. පෙරදින උදෑසන ඒ ගැන හොයා බලන්නත් මා අමතක කලේ නෑ. මේ ගැන කියවන විට මට කුඩා අනුකම්පාව මුසු ආදරයක් මේ සතා ගැන ඇති වුනා.
ආමඩිල්ලෙකු වනයතුල බිම් ස්ථරය පීරමින් අහර සොයන අන්දම. ඔවුන්ට ඉතාම දුර්වල පෙනීමක් ඇති නමුදු, තියුණු ආඝ්‍රහණ ශක්තියක් සහ හෑරීමට උපකාර වීම සඳහා දිගු නිය පෙළක් පිහිටා ඇත. |
ලතින් ඇමරිකානු භූමි ප්‍රදේශය තුල දැනට ජීවත් වන්නේ 20ක් පමණ ආමඩිල්ලන් ප්‍රබේද වලින් එක් වර්ගයක සතුන්ය. වඩාත් හුරුපුරුදු මුදු(පිට මත පිහිටා ඇති කටු කොටස්) නවයේ ආමඩිල්ලන් ප්‍රබේදය එක්සත් ජනපදයත් ඇතුළුව ඔවුන් ජීවත් වන කළාපය තුල වාසය කරයි.
කහ පාටින් පෙන්වා ඇත්තේ ආමඩිලලන් වාසය කරන ප්‍රදේශයයි. __________________________ |
ආමඩිල්ලෝ යනු "කුඩා ආරක්ෂක ආවරණයක් ඇත්තා" යන තේරුම දෙන ස්පාඤ්ඤ වචනයකි. එයට හේතුව මෙම සත්ත්වයාගේ හිස, පිට, පාද සහ වලිගය වසා පිහිටා ඇති විකාරරූපී තද
කටුපෙළක්(ඉබිකටුව වැනි) සහිත මැවිල්ලක් නිසාය. එවැනි කටුවකින් සැරසීගත් දැනට ජීවත් වන එකම ක්ෂීරපායී සත්ත්ව ප්‍රබේදය ලෙස ආමඩිල්ලන් සැලකේ.
කටුපෙළක්(ඉබිකටුව වැනි) සහිත මැවිල්ලක් නිසාය. එවැනි කටුවකින් සැරසීගත් දැනට ජීවත් වන එකම ක්ෂීරපායී සත්ත්ව ප්‍රබේදය ලෙස ආමඩිල්ලන් සැලකේ.
ආහාරයට ගන්නා කබැල්ලෑ වර්ගයක්) සහ ස්ලොත් නමැති සත්ත්ව විශේෂයන්ට ඉතා ළඟ නෑකම් දක්වන ආමඩිල්ලන්ට උල් හෝ සවලක් මෙන් හොම්බක් සහ කුඩා ඇස් ඇත. ඔවුන් ශරීර ප්‍රමාණයෙන් ඉතා විශාල වශයෙන් වෙනස්කම් දක්වයි. සෙන්ටි මීටර් 15(අඟල් 6) සිට සැමන් මාළුවාගේ රෝස පැහැයට සමාන මීටර්1.5 (අඩි 5 ක්) පමණ දිග ආමඩිල්ලන්ද, තද දුඹුරු ආමඩිල්ලන්ද වේ. අනෙකුත් සතුන් කළු, රතු, අළු හෝ කහ පැහැයට හුරු වර්ණයන්ගෙන් යුක්තය.
සෑම ආමඩිල්ලකුටම තමන්ගේ කටුව තුලට රිංගා ගැනීමට නොහැකි බව ප්‍රතිවිරුද්ධ සිට පොදු අදහස් දක්වන්නන්ගේ පිළිගැනීමයි. මුදු(පිටේ ඇති කටු) තුනේ ආමඩිල්ලන්ට පමණක් තම කටුව තුලට රිංගා ගත හැකිවන අතර, තම හිස සහ පිටුපස පාද රැලි ගන්වමින් සහ උන්ගේ කටුව පාලනය කරමින් තද බෝලයක් සේ ක්‍රියා කරන්නේ විලොපීයන් පලව හැරීමටය.
ආමඩිල්ලෝ වැසිවනාන්තර, තෘණභූමි සහ අර්ධ-කාන්තාර ඇතුළුව උණුසුම් සහ සමෝෂ්ණ වාසස්ථාන වල ජීවත් වේ. ඔවුන්ගේ අඩු පරිවෘත්තීය අනුපාතය සහ ඌන මේධ තැන්පතු නිසා සීතල ඔවුන්ගේ සතුරෙක් වන අතර පමණ ඉක්මවා සිදුවන හදිසි ජල ගැලීම් සමස්ථ ගහනයම අතුගා දැමීමට ප්‍රමාණවත්ය.
බොහෝ විශේෂයන් ගුල් හාරා දිනකට පැය 16 පමණ ඵලදායක නින්දක් ලබා ගන්නා අතර, හිමිදිරියේ සහ සහ සන්ධ්‍යාවේ කුරුමිණීන්, කුහුඹුන්, වේයන් සහ අනෙකුත් කෘමීන් ආහාරයට ගැනීම සඳහා බලා හිඳීී. ඉතා දුර්වල ඇස් පෙනීමක් සහිත මොවුන් දඩයම් සඳහා භාවිතා කරන්නේ තියුණු ආඝ්‍රාහන ශක්තියයි. ශක්තිමත් පාද සහ තියුණු නිය හෑරීම සඳහා ඉවහල් වන අතර දිගු ඇලෙනසුළු දිව කුහුඹුවන් සහ වෙයන් ඔවුන්ගේ තුඹස් වලින් ඇද ගැනීමට යොදා ගනී. කුහුම්බුවන්ට අමතරව ආමඩිල්ලන් කුඩා පෘෂ්ඨවංශිකයන්, පැලෑටි සහ සමහර පලතුරු වාගේම ඉඳහිට මලකුණුද ආහාරයට ගනී.
සියළුම සත්ත්ව කොට්ඨාශයන්හී ගහන අගයයන් තර්ජනයට ලක්වන්නේ නිජබිම් අහිමි වීම නිසා සහ අධි-දඩයම් නිසාය. උතුරු/දකුණු ඇමරිකාවල බොහොමයක් දෙනා ආමඩිල්ලන් පරිභෝජනයට ගන්නේ ඔවුන්ගේ මස ඌරු මස් වලට රසයෙන් සහ ස්වහාවයෙන් සමාන බැව් කියමිනි. වර්තමානයේ මුදු - නවයේ ගහනය වර්ධනය වුවද, රෝසපහැති දිව්‍යමය වර්ගය ඇතුළු බොහෝ විශේෂයන් තර්ජනයට ලක්ව ඇත.
නැෂනල් ජෝග්‍රෆික් වෙබ් අඩවියේ (This is a translation of article published in National Geographic Web Site) පලවූ http://animals.nationalgeographic.com/animals/mammals/armadillo/ ලිපියේ පරිවර්තනයකි.