Thursday, July 18, 2013

සංකීර්ණ මනුෂ්‍ය චර්යා - රහසිගත ලලාසාව.....

අද සම්පූර්ණ දිනය තුලම මා ලියන්නට මාතෘකාවක් සොයන්න වෙහෙසුනත් රාත්‍රී 10.30 වන තුරුම එය සාර්ථක නොවිණි. රාත්‍රී ආහාරයෙන් පසුව රුපවාහිනිය දෙස දෑස් යොමා බලන්නට යමක් තිබේදැයි විමසිලිමත් වු විට  මගක් දුර ගොස් තිබූ ඉංග්‍රීසි චිත්‍රපටයක් අසු විය. ඉන්  පසුව FIFA කොන්ෆෙඩරේෂන් කුසලානයේ අවසන් තරගයේ විශේෂ අවස්ථා නැරඹුවෙමි. මේ සියල්ල රාත්‍රී 11.00 වනවිට අවසන්ය. එහෙත් එය නිදියහනට මා යන වේලාව නොවේ. තවත් බලන්නට දෙයක් සොයන්නට නාලිකා මාරු කිරීමක කරන විට නැෂනල් ජෝග්‍රැෆික්හී විකාශය වූ Taboo  වැඩසටහන දැක මදක් නැවතුනෙමි.

එම වැඩසටහ Private Passion නම් විය. එයරහසිගත කාමය හෝ රහසිගත ලලාසාව යනුවෙන් සිංහලට නැගුවද එහි නියම තේරුම ලැබේදැයි සැකසහිතය. මුලින්ම මේ Taboo වැඩසටහන ගැන යමක් කිව යුතුය. එමගින් පෙන්වන්නේ ලොව සතරදිග් භාගයේ ඇති විවිධාකාර මිනිස් චර්යාය. විවිධ හැසිරීම්, ආහාර චර්යා වැනි දේ එයට මාතෘකාය. මෙම මිනිස් කාණ්ඩයට පොදු ලක්ෂණය කිහිපයක් මගේ නිරීක්ෂණයට හසු විය. එනම් ඔවුන් සෙසු සමාජය හිතන දේ පිලිබඳ වද නොවී ඔවුන්ගේ හැසිරීම් කරගෙන යාම සහ එකිනෙකා වෙත දක්වන අන්‍යෝන්‍ය සුහදතාව, අවංකබව හා ගරුකිරීමය. ඇත්ත වශයෙන්ම එවැනි අයට නිසි අනුකම්පාව ශ්‍රීලංකාව වැනි රටක හිමි නොවුනද, බටහිර ජාතීන් වෙසෙන රටවල ඒවාට නිග්‍රහ නොකරයි.
පින්තූරය ගත්තේ : http://channel.nationalgeographic.com

අද වැඩසටහනේ මුල් කොටසින් පෙන්වුයේ ස්ව කැමැත්තෙන්ම සුනඛ වෘතයක් පුරන තරුණයෙක් සහ ඔහුගේ ස්වාමිදුව ලෙස රැඟුමක යෙදෙන ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හී වෙසෙන් යුවලකි. ඇය නමින් ලිලියන් වන අතර ඇගේ හුරතල් බල්ලා ලෙස රඟන ඔහු වයික් වේ. ඔවුන් දෙදෙනා එකිනෙකාට දක්වන කැමැත්ත, ආදරය සහ ගරුත්වය එම වැඩසටහන විකාශය වූ පැය භාගයෙන් විනාඩි 15කම කදිමට ප්‍රදර්ශණය කල අතර, ඒ පිලිබඳ මනෝ වෛද්‍ය විග්‍රහයන්ද ඉදිරිපත් කරන ලදී. ගූගල් සෙවුම් යන්ත්‍රය මට අදාළ ඡායාරුපය සහිත වෙබ් අඩවියට සබැඳියාව සොයා දුන්නේය.

අපූරු පෙම

නමුත් එහි වැඩි විස්තරයක් අඩංගු කොට නැත. එම වැඩසටහනේ එක් විශේෂිත කොටසක වීඩියෝව යූටියුබ් මගින් සොයා ගන්නට හැකි විය. 

එවැනි දෙදෙනෙකු අතර ලිංගික ක්‍රියාවලියක් අනවශ්‍ය බව ඇය පවසයි. එය එම සබඳතාවේ අත්‍යාවශ්‍ය කොටසක් නොවන බව ඇය වැඩිදුරටත් කියා සිටියි. එම වැඩසටහන පුරාම එම බලු වෘතය පුරන්නා ඇයට ඉතා අවනතව සිටී. 

මෙවැනි දෙදෙනෙකුගේ සිත් ක්‍රියාත්මක වන ආකාරය තරමක් සංකීර්ණය. සාමාන්‍ය මිනිස් ලක්ෂණ සහ චින්තනයන් ඇති අපට එය ග්‍රහණය කර ගත නොහැක. එහෙත් එවැනි සිතුවිලි සහිත අය අප සමාජයේද හමු විය හැක. අප ඔවුන්ට අනුකම්පා කල යුතුය. බෞද්ධයන් ලෙස අප විවිධ ආත්ම වල සතුන් ලෙස ජීවත් වන්නට ඇත, අනාගතයේද එසේ විය හැක. මේ ලක්ෂණ පෙන්වන්නේ සසර පුරුදු දිගටම ගෙන ඒමක් විය හැක. 

තවමත් අපේ නීතියේ එවැනි දේට ඉඩකඩ නැත. ඇමෙරිකාවේ තත්වය මීට හාත්පසින්ම වෙනස්ය. මෙවැනි චර්යා එවැනි රටකට සාමාන්‍ය නොවුනද ඔවුන් ඒවාට පරිභව කරන්නට නොයන්නේ එම රටේ මිනිස් අයිතිවාසිකම් වලට උපරිම ගරු කරන නිසා විය යුතුය. එසේම ඔවුන් සත්ව අයිතිවාසිකම් වලටද ඉහල තැනක් ලබා දේ. 


පින්තූරය ගත්තේ : http://channel.nationalgeographic.com

එම වැඩසහනේ ඊළඟ කොටසින් ඔවුන් පෙන්වූයේ තවත් එවැනිම යුවලකි. නමින් අලෝමා සහ මැතිව් නම්  ඔවුන් ආහාරයට ගන්නේ තනිකරම පලතුරුය. අහම්බෙන් ඉතා කුඩා එළවලු ප්‍රමාණයක්ද ඔවුන් පලතුරු හිඟ මොහොතක ලබා ගනී. නමුත් විශේෂත්වය නම් මේ පලතුරු ඔවුන් සපයා ගන්නේ කුණු කූඩ වලිනි. අඩක් නරක්ව විසි කල සියලුම පලතුරු ඔවුන්ගේ මල්ලට එකතු කර ගන්නේ රාත්‍රී කාලයේදීය. නිතර සිප වැළඳ ගමින්, තුරුළු වෙමින්, එම පලතුරු බුදින ඔවුන් වෙලාවකට නාට්‍ය ස්වරූපයේ රඟපෑමක්ද කරයි. 

එය විශ්ලේෂණය කරන විද්‍යාඥවරිය පවසන්නේ වසරකට ඇමෙරිකාවේ මිනිස් කුසකට නොයා කෙලින්ම කසල ගොඩට එක වන පලතුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 33,000. එවැනි අයෙක් එහි ප්‍රයෝජනය ගැනීම ගැන ඇය සතුටු වන්නීය. මොවුන් දෙදෙනාට කිසිම දිනක බඩේ අමාරුවක්ද සෑදී නැත.  


නමුත් මේ වැඩසටහනේ වඩාත් සිත් ගත් කොටස නම් ඔවුන් එකිනෙකාට දක්වන කැමැත්ත, සෙනෙහස, ගෞරවය සහ අවංකත්වයයි. අප සමාජයේ විවාපත් සදාචාර සම්පන්න යැයි සලකන යුවලක් තුල දුලබ මේ ලක්ෂණ එවැනි යුවලක් තුල දක්නට ලැබීමෙන් මානසික විකෘතීන් ඇත්තේ ඔවුන්ටද නැත්නම් අපටද යන්න ප්‍රහේලිකාවකි. 

60 comments:

  1. අනේ වාසනාවන් !
    මං මේ අදමද කොහෙද ආවේ . සුභ පතනවා .

    ReplyDelete
    Replies
    1. එහෙනම් දිගටම එන්න. බොහොම ස්තුතියි. ඔබට එකිනෙකට වෙනස් මාතෘකා ඔස්සේ ලිපි මෙම බ්ලොග් එක තුල දැකිය හැකියි. මෙය ලියූවේ වෙනත් මාතෘකාවක් ලියන්න තරම් කාලයක් සහ මානසික නිදහසක් නොවූ නිසා.

      Delete
  2. මටනම් විකාරයක් . මිනිස්සු තමන්ගෙ චර්‍යාවන් විකෘති කරගෙන සමාජ විප්ලවයකට අරාදිනවා කියලා මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මේක බොහොම අවිහිංසාවාදී දෙයක් විදියටයි මම දැක්කේ. ඔවුන්ගෙන් කිසිවකුට කරදයක් නෑ. කාටවත් බල කිරීමකුත් නෑ.

      Delete
  3. මේ වගේ චර්යාවන් තුලින් සමාජයට අහිතකර බලපෑමක් ඇත්වන්නෙ නෑ.විකෘති චර්යාවන් කියන්නෙ මේවට නෙමේ. ස්තුතියි සුදීක ඔබට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්. මට පුදුම අනුකම්පාවක් ඇති වුණා. අර බල්ලකු ලෙස හැසිරෙන කෙනා දුටුවම. සෙසු සමාජය විසින් කොන් කල කෙනෙක් තමයි ඇයගේ අනුකම්පාවට ලක් වී තිබුණේ.

      Delete
    2. මටනං මතක් අනේ අර අපේ බුදුරජාණන් වහන්සේ හිටපු කාලේ හිටපු , නිඝන්ටයෝ , පරිබ්බාජකයෝ වා‍ගේ මිත්‍ය දුෂ්ඨකයෝ , පිස්සු විකාර , ක්‍රීකට් ගැන ලියුවානං මීට හොදා ,

      Delete
  4. මානසික රෝග වෙන්නත් පුළුවන්. අසම්මත චර්යාවන් වෙන්නත් පුළුවන්. කොහොම උනත් මේවා වෙන්කරන සීමා හඳුනාගැනීම පහසු නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ්. මිනිසුන්ගෙන් 90%කට කුමන හෝ මානසික විකෘති තා තියෙනවා කියලානේ කියන්නේ. ඉතිං මේ අය ඒවා යම් මට්ටමකින් වැඩි කොටසක් වෙන්න පුළුවන්.

      Delete
  5. මේකට මොකක් කියන්නද මන්දා......... මට හිතුනේ ලියන්න දෙයක් නෑ කියලා ඔය මේ පොස්ට් එක නොදා හිටියනම් හොදයි කියලා........ (හිතට අපු දේ තමයි ලිව්වේ ඔන්න වැරදියට ගන්න ඔට්ටු නෑ)

    ReplyDelete
    Replies
    1. නැහැ මැලේ රාල. මෙතන ලියන්න දෙයක් තිබුණා. මට වෙනත් දෙයක් නොලියා මේ ගැන ලියන්න මගේ හිත බල කළා.

      Delete
  6. තබුත්තේගම තියනවා "කුඩාගම" කියලා ගමක් එහි ජීවත් වෙන්නෙ අහිකුන්ටක ලෙස හදුන්වන අය. එයාලා අතර තියන සමහර සිර්ත් විරිත් අපිට විකාරයක් වගේ පෙනුනට එයාලට ඒවා ආවේනිකයි.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එහෙම ගත්තම මේවා ආවේනික සංස්කෘතික ලක්ෂණ ලෙස ගන්න පුළුවන්. හැබැයි මේ අය ඒවායේ නිර්මාතෘවරු.

      Delete
    2. ආවේනික සංස්කෘතික ලක්ෂණ ලෙස ගන්නේ කොහොමද,ඒවායේ නිර්මාතෘවරුනගේ ක්‍රීයාවන්

      Delete
  7. මමත් එක වරක් ඔය වැඩසටහන බැලුවා.. එදා පෙන්නුවේ ලේ බොන කාන්තාවක් ගැන... ඇය යම් යම් ආහාර වලට ලේ මිශ්‍ර කරගෙන කනවා. ඒ වගේම ඇයගේ පෙම්වතාගේ ලේ බොනවා.
    අස්වාභාවික පුරුදු උනත් ඒ දේවල් ඒ අයගේ එදිනෙදා සාමාන්‍ය දින චර්යාව.
    හැබැයි මම නම් ඒ වැඩසටහන එදායින් පස්සේ බැලුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා නම් බලන්න බෑ තමයි. අර බලු කුක්කා ලෙස සිටි පුද්ගලයා ගැන නම් මට පුදුම අනුකම්පාවක් ඇති වුණේ.

      Delete
  8. ඇත්තටම මොවුන් මිනිසත් කම අවභෝධ කොට නොගත් මානසික රෝගීන්. එකම දේ ඔවුන්ටත් සමාජයේ කරදරයක්, හිරිහැරයක් නැතිව ජීවත් විය හැකි වීම පමණයි. පහල ඡායාරූපයේ සිටින්නේ නම් හිපියෝ දෙන්නෙක්, මේ වගේ අය ඕන තරම් ඉන්නවා බටහිර රටවල. මෙහේ හිඟන්නෝ වගේ. කාළයක් හික්කඩුවටත් ආවා. නමුත් වියදම අධික නිසා දැන් මෙහේ එන්නේ නෑ. බැංකොක් යනවා.

    ඉහළ පිංතුරයේ තිබෙන දේ සඳහා වෙන්වුනු වෙනම වෙළඳ සල් පවා බටහිර රටවල තිබෙනවා. ඕක මනෝ විද්‍යාඥයින් හඳුන්වන්නේ නම් විකෘති කාමාශාවන් හැටියටයි. බී ඩී එස් එම් (BDSM) එහෙම නැත්නම් (Bondage) ලෙස තමයි ඉන්ගිරිසියෙන් සඳහන් වෙන්නේ. සිංහලෙන් නම් ලිංගික වහල්භාවය වගේ නමකින් හඳුන්වන්න පුළුවන්. අපේ පිරිමින් වැඩි පිරිසකගේ තියෙන්නෙත්, ඒ මානසිකත්වයම තමයි.

    ReplyDelete
    Replies
    1. හිපියෝ ඉස්සර මම දැකලා තියෙනවා කෝච්චියේ යනකොට. අම්මෝ උන් ගාව තියෙන ගඳ.

      ලිංගික වහල්බාවය ඇත්තටම හොඳ හැඳින්වීමක්.

      Delete
    2. මාත් කියන්න ආවේ මාතලන් මෙතන කියලා තියෙන ටිකම තමයි...

      Delete
  9. මමත් හිතන්නෙ මෙයාල රොගීන් .හෑබෑයි විකුර්තියක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. එතනදී පෙන්වපු තවත් දෙයක් තමයි එවැනි අයගේ සමාජයක් තිබෙනවා. බල්ලන් ලෙස හැසිරෙන කිහිප දෙනෙක් එකතු වී ක්‍රීඩා කරන කොටස බලන්න ලස්සනයි.

      Delete
  10. පලතුරු කන දෙන්නා ගැන නම් ලොකු ගැටලුවක් නෑ. ඒත් කලින් දෙන්නා ගැන නම් මට තියෙන්නේ හොද විදියේ ආකල්පයක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. එවැනි රටවල් ඒ හැසිරීම් වලට එරෙහි වන්නන් නෑ. නමුත් අපේ රටේ හිටියා නම් සමාජයෙන් කොන් වෙනවා.

      Delete
  11. ඔබේ ලිපියේ ඉතා පැහැදිලි මෙන්ම හරවත් බවකින් යුතුයි. නමුත්, මට පහත අදහස් ද එක් කළ හැකියි.
    //මිනිස් කුසකට නොයා කෙලින්ම කසල ගොඩට එක වන පලතුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 33,000//
    එසේනම් ඔවුන්ගේ ආර්ථික ක්‍රමය ඇතුලේ භාවිතයෙන් තොරව සම්පත් විනාශවී යන බව නොරහසක්!

    බී12 විටමීනය ශරීරයට අවශ්‍යයි. එය ඇත්තේ සත්ව කොටස් තුළය. නමුත්, එළවලු පමණක් ආහාරයට ගැනීමෙන්....
    (මම අදහස් කරන්නේ එනිසා මස් මාංශ කන්න කියන එක නොවෙ)

    ReplyDelete
    Replies
    1. @ Nirmala Madushani සහ අමුතු ඉලන්දාරියා සහ ඕන කෙනෙක්

      මොකක්ද මෙයාලා

      ලලාසාව කියන්නේ

      Delete
    2. අර මාතලන් උඩින් කදිම හැදින්වීම දීල තියෙනවා.

      Delete
    3. ඇමරිකානුවන් තිරිඟු අතිරික්තය ඔවුන්ගේ හරකුන්ට කන්න දී, ඉතිරි වන කොටස මුහුදට දමනවා යයි මා අසා තිබෙනවා.

      Delete
  12. අනේ මන්දා මුන්ට කාල තෙල..එච්චරයි.. අප්‍රිකාවේ මිනිස්සුන්ට ඔය මොන අමාරුවක් වත් නැහැනේ..

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක.. මිනිස්සුන්ට ඔය එක එක කිචි හැදෙන්නෙ කරන්න දෙයක් නැතුවම ගියාම.. වතුර ටිකක් / කෑම ටිකක් ගේන්න කිලෝ මීටර් හතරක් පහක් පයින් යන්න වුනානම් ඔය මොන කිචියක්වත් නෑ..

      Delete
    2. ආන්න සහන් ඔතන තමයි තෑන.

      Delete
    3. @සහන් හා සෙන්නා..
      +++++++++++++++

      Delete
    4. +++++++++++++++

      බ්ලොග් වල කමෙන්ට් කරද්දි +++++++++++++++ වැටක් ගහන්නේ ඇයි

      Delete
    5. ඕක වැරදි භාවිතයක්... +1 කියලා දානවා සාමාන්‍යයෙන් එකඟතාවය පෙන්වන්න වගේ.. ඒකෙ 1 හැලිලා තව + එකතු වෙලා හැදිච්ච එකක් වෙන්න ඕනා ඕක.

      Delete
    6. අටමා
      මටත් ඔය ගැන ගැටළුවක් තිබුනා
      සෙන්නා
      ඉස්ටුත්යි
      කියලා දුන්නාට

      Delete
  13. ලෝකයෙ ඔය වගේ මනස්ගාත කලින් කලට නොයෙකුත් ආකාරයෙන් පෙන්වනව.
    විශාල වියදම් දරමින් ඕව ලෝකය පුරා ප්‍රදර්ශනය කිරීම් තුලත් යම් යටි අරමුනු තිබෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මොනවද අප්පේ ඒ

      Delete
    2. මම ඔය නැෂනල් ජෝග්‍රැෆික් කියන නාලිකාව බලන්නේ ලෝකය ගැන දැන ගන්න. මේක පර්යේෂණාත්මක වැඩසටහනක්. මනෝ විශ්ලේෂකයින් මේවා ගැන කරන විස්තරත් ඒවාට ඇතුලත්.

      Delete
  14. අර සුනඛයෙක් වගේ හැසිරෙන මිනිහා ගැන කියපු වෙලේ මාත් ටිකක් ගුග්ල් දෙයියන්ගෙන් විස්තර අහලා බැලුවා. ඒවගේ අය/ඊට ආසන්න හා ඊට වෙනස් නමුත් සමාන අය සෑහෙන්න ඉන්නව වගේම බටහිර රටවල කිසිම පැකිලීමකින් තොරව තමන්ගේ හැඟීම් තමුන්ට ගැලපෙන අයත් එක්ක බෙදාගෙන ජීවත් වෙනවා. මම ඒකේ කිසි වරදක් දකින්නෑ. ඒක එක එක්කෙනා ගෙනාපු දෙවල් වල ප්‍රථිපල භුක්ති විඳිමක් විදිහටයි මම දකින්නේ.

    ReplyDelete
    Replies
    1. ගැඹුරු අදහසක් කැටිකරගත් කමෙන්ට් එකක්

      Delete
    2. බෞද්ධයකු ලෙස මේක දකිනවානම් මාතලන් කිව්ව් කොටස තමයි කියන්න තියෙන්නේ. ඔබට මතක ඇති ලංකාවේ තරුණයෙක් සිංහයෙක්ගේ ගොදුරක් වීම හීනයක් කරගෙන සත්තු වත්තේ සිංහයාගේ කූඩුවට පැන්න කතාව. අපේ ප්‍රදීප් දොස්තර මහතාගෙන් ඇහුවොත් මේ ගැන විස්තරයක් කරයි.

      Delete
  15. මමත් නැට් ජියෝ එකේ ටැබූ වැඩසටහන් ගනනාවක් බලලා තියෙනවා. මම ඔය ගැන හිතන්නේ මෙහෙමයි. යම් චර්යාවක් ටැබූද නැද්ද කියලා තීරණය කරනන් පුලුවන් සීමාව පැහැදිළි නෑ. ඒක තනිකර රඳාපවතින්නේ අපේ staendpoint එක මත.
    කොරියන් කරයෝ බලු මස් කන එක අපිට ටැබූ.

    අපි කන්‍යාභාවය හොයන්න සුදු රෙදි එලන එක ලෝකෙ හුඟ දෙනකුට ටැබූ.

    එතකොට බටහිරයන්ගේ living together අපිට ටැබූ.

    අපි විවාහවෙන්න මැස්සෙක්වත් වහල නැති කන්‍යාවො හොයන එක බටහිරයන්ට ටැබූ.

    සුද්දෝ ටොයිලට් පේලර් පාවිච්චි කරන එක අපිට ටැබූ.

    අපි වතුර හලාගෙන අතෙත් ගාගෙන පස්ස හෝදන එක සුද්දන්ට ටැබූ.

    සුද්දියෝ බිකිනි ඇඳගෙන නාන එක අපි හුඟ දෙනෙකුට ටැබූ. (ඒ හන්දම සුද්දියෝ

    වල් එවුන් නැත්නම් වේසාවියෝ කියලා හිතන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා.)

    අපේ ගෑණු බිකිනි නො ඇඳ ටීෂර්ට් ත්‍රී කවාර්ටර්ස් ඇඳගෙන නාන එක සුද්දන්ට

    මහාම විහිලුවක් සහ ටැබූ (උන් හිතන්නේ මේ වැරදීමකින් වතුරට වැටිලා කියලා)

    ඉතින් උන්ට ටැබූ සහ අපිට ටැබූ සාපේක්ෂයි.

    ReplyDelete
    Replies
    1. ටැබූ කියන වචනය මොන භාෂාවෙන් ආපු වචනයක්ද , ම‍ට තේරුම උනත් පැහැදිලි නැ, ගොඩ කාලයක් කාගෙන් හරි අහගන්න හිටියේ

      Delete
    2. හරියටම කියනවනම් ටැබූ කියන්නේ " පූජනීය " යන අර්ථයට විරුද්ධාර්ථය. මුල් උපත ෆීජි දේශයයි. සිංහලයේ මට වචනයක් නැහැ ඒක පැහැදිළි කරන්න. දළ වශයෙන් සමාජයේ ගර්හාවට පාත්‍ර වන්නා වූ ක්‍රියාපිළිවෙත් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙහි නියම අරුත ඉස්මතු කල හැක්කේ රෝමයේ පැවති විකෘති සමාජය හා ගැළපීමෙන්. එනම් පාලක පන්තියේ පිරිස විසින් දේවත්වයෙහිලා කලකට නම් කරන්නා වූ දේ , ඔවුන් විසින්ම තව කාලයකදී ටැබූ ලෙස නම් කරයි. එවිට සාමාන්‍ය සිවිල් සමාජයේ වෙසෙන්නන්ට එය තහනම් වූ දෙයක් බවට පත් වේ.

      මෙයාකාරයෙන් ගොඩ නැගු ටැබූ සබ්ජෙක්ට්ස් බොහෝ සේ ඇත. කළින් කලට විවධ මුහුණුවරින් අප අතරට පැමිණේ. නැවතත් අතුරුදහන් වේ. ටැබූ යනු සමාජයේ පවතින්නට නොහැකිව සැඟවෙන්නා වූ ඔබේම යථාර්තයි , එයට බොහෝ වෙස් ඇත!

      Delete
    3. @ඩුඩා : ඔන්න ඕක තමයි යතාර්ථය. අර මිනිස්සුන්ට අපි කරන දේ ටැබූ වගේ පේන්නත් පුළුවන්.

      Delete
    4. ඩූඩා, සහන්
      නියම පැහැදිලි කිරීම

      Delete
    5. අනිව ඩුඩ් අනිව , අන්න දවසෙ කොමෙන්ට් එක ...

      Delete
  16. සුනක වෘත .. ගෝ වෘත .. අජ වෘත .. බුද්ධ කාලයේ පවා තිබ්බනේ .... අදටත් ඉන්දියාවේ ඉන්නවා එහෙම අය .... ඒක මානසික රෝගී මට්ටමක් ඒ වගේම මිත්‍යා දුෂ්ටියක් .. බැලු බැල්මට අපිට වරදක් නොපෙනුනත් .. කාලයක් ගතවන විට එම තත්වය සමාජය විනාශ කරන සාධකයක් වේවි ...

    ReplyDelete
    Replies
    1. මට හිතුනෙත් ඕකමයි

      Delete
    2. ඇත්තටම මේ වෘත පුරන එක පව් පල දීමක් ලෙස දකින්නත් පුළුවන්.

      Delete
  17. සමාජයේ ජිවත් වෙන විවිධ පුද්ගලයන්ට තියෙන්නේ විවිධාකාර ආශාවන්. සමාජීය සංස්කෘතික හේතුන් මත තමන්ගේ අකැමැත්තෙන් හරි හරි ඒ ආශාවන් සගවා ගෙන ජිවත් වෙන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා. මනුෂ්‍යයෙක් උනාම මෙ විදියට හැසිරෙන්න ජිවත් වෙන්න කියලා සම්මතයක් හදාගෙන තියෙන්නෙත් ඒ සම්මතය කඩලා වෙන ජිවත් වෙන්න උත්සාහ ගන්නෙත් මිනිස්සුම තමයි. සම්මතයෙන් පිට පැන්න පලියට ඒ මනුස්සයා මානසික රෝගියෙක් වෙන්නේ කොහොමද? මේ ලෝකේ යම් කිසි වෙනසක් කරලා තියෙනවා නම් කරලා තියෙන්නේ සාම්ප්‍රදාය එක්ක සම්මතය ඇතුලේ ගිලිලා හිටපු මිනිස්සු නෙවෙයි. ඒකෙන් පිට පැනපු අය.....

    ReplyDelete
    Replies
    1. සම්මතයට එරෙහිව

      Delete
    2. අටමා මේ බ්ලොග් එක හැක් කරලද ? :D

      Delete
    3. කොහොමත් ටිකක් තදට වැදුනම පෙරලිච්ච පිටුව එයාගෙ කියල තමයි හිතන්නෙ.

      Delete
    4. @සෙන්නා / කෙන්ජි : මට ඊයේ බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුණා. ඉතින් අටමා මගේ යුතුකම ඔහුගේ දැක්මෙන් ඉටු කරලා.

      Delete
    5. @රෙප් මහත්තයා: අපිට හිරිකිත දේ ලෝකෙටම හිරිකිත වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒකයි මෙතන තියෙන්නේ.

      Delete
  18. //කොහොමත් ටිකක් තදට වැදුනම පෙරලිච්ච පිටුව එයාගෙ කියල තමයි හිතන්නෙ//

    එයි පවුකාරයා මම ඊයේ බීව්වේ නැ

    ReplyDelete
    Replies
    1. එකතමයි හෝ ගාලා වහින්නේ

      Delete
    2. නියම සීන් එක. අටං, මම ඔන්න කතන්දරයක් කියන්නයි යන්නේ.

      එක නැවක කැප්ටන් දවසක් ලොග් එන්ට්‍රි එකේ ගැහුවලු, 'සීමන් ජෝන්සන් අද බීමතින් සිටී' කියලා. ඕක දැකපු ජොන්සන් කැපාට පින්සෙන්ඩු වුනත් ඌ නෙවෙයිලු ඒක වෙනස් කලේ. මේ ලියලා තියෙන්නේ සම්පූර්න ඇත්ත. මම මේක වෙනස් කරන්නේ නෑ දෙයියන්නාන්න්සේ ඇවිත් කිව්වත් කියලා පොර තමන්ගේ ස්තාවරයෙම හිටියලු.

      ඔය නැවේ තිබ්බලු සිරිතක් හැමෝටම ලොග් එක ලියන්න දෙන ක්‍රමයක්. එදා ජොන්සන්ගේ වාරෙලු. හවස කැප්ටන් ලොග් එක බලනකොට ජොන්සන් ලියලා තියෙනවලු, "අද කැප්ටන් හොඳ සිහියෙන් සිටී," කියලා.

      Delete
  19. අනේ මන්දා, මට නම් ටිකක් අවුල් වගේ. පෙරේතයෝ කියලා කොටසක් ඉන්නවලු නේද? අන්න උන්ව මතක් වෙනවා.....

    ReplyDelete
  20. සුපිරියි සුදිඑක සහොඑඩරය..අත්තමයි මටත් පුදුමයි ඔව්න්ගෙ මානසික තත්වය ගෑන.

    මම බ්ලොගින් වලට අලුත්.අනිවර්යෙන් අපහු එන්නම්.දිගටම ලියන්න සුබපතනව..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...