Monday, January 16, 2017

සැබෑ නොවූ සිහින - ඉබි කටුව ...... Dreams Never Come True - Tortoise Shell

ශ්‍රී ලංකාව තුල ගෙවුණු ඉතාම සංවෘත්ත ආර්ථික යුගය පසුකල, බ්ලොග් කරණයේ යෙදෙන කිහිප දෙනාගෙන් කෙනෙකු වශයෙන්, එසමය තුල අත්දැකීම බෙදා-හදා ගැනීම අපගේ වගකීමකි. 70 - 77 කාළ සමය පිලිබඳ එකිනෙකා විවරණයේ යෙදෙනෙ තමන්ගේ දේශපාලන පොල්කටුව තුල සිටිමින්ය. ඒ සමයේ අපට ඉතාමත් සීමිත ආහාර වර්ග කිහිපයකින් සන්තර්පණය වන්නට සිදු විණි. එකළ මා ළදරු වියේ පසු වුවද, පැවතී අහේනිය පිලිබඳ පැහැදිලි මතකයක් තිබේ. එමෙන්ම එයට හසු වූ අපගේ ශාරීරික වර්ධනයද සීමා වූ බව නොරහසකි. ආනයනයන් සීමා වූ එම කාලපරිච්චේදය තුල, සීනි, සහල්, පරිප්පු, මිරිස් අඩුවෙන් දකින්නට ලැබිණි. ජනතාව තම අවශ්‍යතා සඳහා සමුපකාරය සහ සතොස සහ අලෙවි මණ්ඩලය වෙත පිය නගන එම යුගයට "පෝලිම් යුගය" ලෙසට නම් පට බැඳුනේ, පාන් ඇතුළු බොහෝ දේ මේවාගෙන් ලබා ගැනීමට පෝලිම් වල සිටීමට සිදු වීම නිසාය. 

එවකට ළදරුවන් වූ අපට නම් මේ අත්දැකීම බඩගින්නට වඩා සතුට ගෙන දෙන්නක් විය. මන්ද නිවසින් පිට ඇවිද යාමට දෙමව්පියන්ගේ අවසරය ලැබුණේ මේ පෝලිම් වල සිටීමට යන යෞවනයේ පසු වූ පුංචි අම්මලාගේ ආරක්ෂාවට අපවද පිට කර යැවීම නිසාය. පාන් සඳහා කාඩ් පතක් තිබූ බව අද පුරාවෘත්තයක් වුවද, මා ඒ පාන් කාඩ්පත අත දරා පෝලිමේ සිට ඇත. විටෙක තමන්ගේ පරපුර එක්-එක් දේවල් කල බව මුහුණු පොතේ පින්තුර බෙදා ගන්නා අයුරු දකින විට, "පාන් පෝලිමේ - පාන් කාඩ්පත දරාගෙන සිටගෙන සිටි පරම්පරාව" අප බව ඕනෑනම් බෙදා ගත හැකි බව මගේ මතකයට එයි.

අද උදෑසන ප්‍රවෘත්ති නරඹන විට පවතින නියං තත්වය තුල කොස් කොළ, ක්‍රෝටන් කොළ අනුබවයට ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයෙකු පවසන දසුනක් දකින්නට ලැබිණ. මගේ මතකය නිරන්තරයෙන් ඇදී ගියේ 70-77 යුගයටයි. අප පරිප්පු වෙනුවට අමු ලාවළු උයා කෑ(අවශ්‍ය නම රෙසිපිය පසුව ඉදිරිපත් කරන්නම්) මතකය සිහියට එයි. එවැනි බොහෝ ආදේශක එකල අපට තිබුණි. එසේ සංවෘත්ත ආර්ථික ප්‍රතිපත්තියක් එකල අනුගමනය  කිරීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ දේශීය නිෂ්පාදන ඉහළ මට්ටමකට ගෙන ඒම බව පසුව දැන ගන්නට ලැබුණි. එකල සීනි වෙනුවට හකුරු වර්ග ආදේශක ලෙස භාවිතා විය. කිතුල් හකුරු යහමින් නිෂ්පාදනය නොවූ නිසා සක්කර හෝ පොල් හකුරු නිෂ්පාදනයට කර්මාන්ත බලධාරීන්ගේ දෑස් යොමු වී තිබුණි. අපේ ගමට එම යුගයේ අලුතෙන් හඳුන්වාදුන් නිෂ්පාදනය වූයේ, පොල් ගස ආශ්‍රිත නිෂ්පාදනයන්ය. ඒ පොල් පැණි සහ හකුරුය. මෙයට අමතර තවත් බොහෝ දේ තිබෙන්නට ඇත. නමුත් මේ පොල් පැණි කර්මාන්තය පිළිබඳව මට දැන ගන්නට ලැබුණේ සවස් කාලයේ මගේ පියා හමු වන්නට පැමිණෙන ආනන්ද අයියාගෙනි. ඔහු පන් මල්ලක තමන්ගේ රාත්‍රී ආහාරයත්, වතුර බෝතලයකුත් රුවාගෙන්, එය තම බයිසිකල් හැඬලයේ රඳවාගෙන පැමිණේ. ඔහු රාත්‍රී කාලයේ කරන්නේ පොල් පැණි කර්මාන්තයට  මැද ඇති බෙන්තොට සංචාරක කළාපයේ පොල් ගස් මුර කිරීමය. එමගින් ප්‍රදේශයේ තරුණයෙකු වූ ඔහුට රැකියාවක් සලසා තිබේ. ඒ කාළයේ මාළු පවා අලෙවි වුයේ, ධීවර දෙපාර්තමේන්තුවට අයත් වාහනයක් ගමේ එක්තරා තැනකට පැමිණ වෙළඳාම් කරන අවස්ථාවන්හීය.  එමගින්  ලංකාවේ මුහුදුබඩ නොවන පළාත් වලට මේ ක්‍රමයට මාළු ලැබෙන්ට ඇත. ඒවා දමා දුන් මාළුවකුගේ හැඩයේ සංකේතයක්  සහිත මුද්‍රිත ඉටි බෑගය අදටත් මගේ මතකය අලුත් කරවයි. කුකුල් මස් එම යුගයේ සුඛෝපභෝගී ආහාරයක්ම විය.
පින්තූරය ගත්තේ : http://colomboo.lk/directories/search?what=&where=c&paging=true&page=42

ඉබිකටුව මාතෘකාව ඔස්සේ මේ කියාගෙන යන්නේ මොනවාදැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් මේවා අද සිනහමුසු මුහුණින් අනුස්මරණය කරන්නට හැකි ඉමිහිරි මතකයන්ය. එය පෝලිම් යුගයක් වූවාසේම, අඟහිඟ යුගයක්ද විය. අතීත කතා ලියන අතරතුර පඳුරු තැලිල්ල හඳුන්වා දුන්නේ හැලපයා වුවද, ආපසු ලියන්නට මට ආරාධනය කල ඩී.ජී.එම්. බස්සා පවසා සිටියේ කතා ලියන අතරතුර අවශ්‍යනම් පඳුරක් දෙකක් තලා දමන ලෙසය. ඉබ්බා දියට දැම්ම විට ඇන්නාවේ කීවා සේ මාද එය දොහොත් මුදුණින් භාර ගතිමි. මන්ද එය විටක් හපන විට අමතර එකතු කර කරඳමුංගු, කාරබුනැටි, සාදික්කා වසාවාසි වැනි සටහන රසවත් කරණ අමතර එකතු කිරීම් නිසාය. අපේ ඔෆිස් එකේ සුමිත් මේවාට පවසන්නේ "මීස්තරය" කියාය. එකල බියර් පානය කරන ගමන් ඊට අරක්කු මදක් එකතු කරන ඔහු පවසන්නේ "මීස්තරේට අරක්කු පොඩ්ඩක්" යනුවෙනි. ඉදින් ඉහලින් ඇති පරිච්ඡේද මේ කතාවේ මීස්තර වේ. සමහර විට මීස්තරය රසවත් වීමට ඉඩ ඇත.

කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද  බොහෝවිට විවිධ ද්‍රව්‍යයන් එකතු කිරීමේ යෙදෙති. මුහුදුබඩ ගමක ඉපදී හැදී වැඩුණු මා හට එසේ එකතු කල හැකි ද්‍රව්‍යයන් බොහෝ විය. අනෙක එක්-එක් වයස් තුලදී මේ ඇබ්බැහිය වෙනස් මගක් ගත් බව මගේ මතකය පවසයි. ඉතා කුඩා කාලයේ මා එකතු කලේ සිප්පි කටු, බෙලි කටු, දැලි පොතු(මේවා පිත්තල පහන් පිරිසිදු කිරීමට යොදා ගනී) වැනි මුහුදු වෙරල ආශ්‍රියෙන් අහුලා ගත හැකි දේවල්ය. නමුත් අවාසනාවකට කුමන කටයුත්තක් සඳහාවත් මගේ දෙමව්පියන්ගෙන් මුහුදු වෙරළට යාමට අවසර ගත නොහැක. මේවා මා එහි යන මිතුරන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා ගතිමි. මුහුදු වෙරළට ආසන්න වුවද, ඉන් කිලෝමීටරයකට මත්තෙන් අපේ ගම ඇතුළට වන්නට වී වගාව සිදුවේ. වෙනත් අයුරකින් කිවහොත් වෙල් ඉඩම් බහුලය. ඒවා බෙන්තර ගඟ සහ එයට සම්බන්ධ වන අතු ගඟක් වන දෙද්දු ගඟ ආශ්‍රිතව සිදු වේ. නමුත් වඩදිය නොහොත් කරිජ්ජ ගතිය වැඩි මාගේ නිවස ආසන්නයේ ගං ඉවුර ආශ්‍රිතව වී වගා හෝ වෙනත් කිසිදු වගාවක් සිදු නොවේ. මගේ පියා තුණ්දුව නමැති ග්‍රාමයේ ඇති කනිටු විදුහලේ සේවය කරන අවධියේ මා හට ඉබි කටුවක් ගෙනවිත් දුන්නේ, මා මේ කටු(shell) වලට ප්‍රිය කල අයෙකු යන අදහසින් විය යුතුය( shell කීවාම 100% ක්ම මා shell කාරයෙකු වන්නේ අදටද, මා Unix/Linux ආශ්‍රිත Shell Programming සිදු කරන නිසාය). අපගේ නිවාස ආශ්‍රිතවම ඇති බෙන්තොට වගුරු බිමෙහිද ඉබ්බන් සිටින බව අප හට පැවසුවේ මගේ පියාගේ අතිජාත මිත්‍රයා වූ ජයසේකර ගුරුතුමාය. එතුමාගේ නිවාස පිටුපස මේ වගුරු බිමට යා වී ඇත. දිනක් එම ඉවුරට ඉතිරි වූ ගොම වගයක් විසි කරනවිට, ඉබ්බන් පොරකාගෙන ඒවා කෑ බව ඔහු අපත් සමග පවසා ඇත. නමුත් ජීවත් වන ඉබ්බන්ගෙන් මා හට පලක් නැත. මට අවශ්‍යව තිබුණේ ඉබි කටු එකතු කර ගැනීමයි.
පින්තූරය ගත්තේ :http://markopolio-stock.deviantart.com
අපිට ඒ කාලේ පින්තූර ගන්න විදියක් තිබුණා නම්, මේ බ්ලොග් වල අලංකාරේ කියා නිම කරන්නට බැරි වන මට්ටමකට ගෙන එන්න තිබුණු බව සහතිකය.මට ලැබුණේ ඔය ඉහලින් පෙන්වා තිබෙන වර්ගයේ ඉබි කටුවකි.එහෙත් එකතුවක් පවත්වාගෙන යන පෙර පාසල් වයසේ කොලු පැටවෙකුටඑය මහඟු දායාදයක් බඳු වේ. ඉන්පසුව මා කලේ මුණගැසෙන හැම කෙනෙකුගෙන්ම ඉබි කටු ඉල්ලා සිටීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ  ප්‍රමාණයේ ඉබි  කටු හත අටක්ම මා සතුව විය.

තාත්තා ඒ කාලයේ සමුපකාර  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස වැඩ කළේය. ඔවුන්ගේ කාළයේ බෙන්තොට වැව ඉදිරිපිට  අවන්හලක්  පවත්වාගෙන යන්නට හැකි විය. එය පොල් කොට මත ඉදි කල නිසා එයට "කොට උඩ කඩේ" යනුවෙන් අන්වර්ථ නාමයක් පට බැඳිණි. අදටත් එය සිතින් මවා ගැනීමට මට හැකිය. දුඹුරු පාට කරන ලද පොල් කොටන් සිටව නිමවා තිබූ එහි උඩු මහල තනිකර ළී බිමකින්ද, වහළය පොල් අතු සෙවිළි කර තිබුණි.  අවන්හලෙන් කෑ රෝල්ස් වල රස මට තවමත් දැනෙන්නා සේය. එකල එයට ඉඳි ආප්ප සපයනු ලැබුයේ අපේ ලීලා පුංචි අම්මාය(ජයසේන බාප්පාගේ බිරිඳ). ඈ ඒවා සාදා ඉතිරි වන රබර් ඇටයක් තරමේ අවසාන පිටි ගුලියෙන් තලපයක් සාදා, වට්ටියක තබා ඉඳි ආප්ප සමගම තම්බා මට කෑමට දෙයි. මේ අවන්හළේ ඉදිරිපස කුඩා පොකුණු දෙකක් විය. ඒවායේ කුඩා කිඹුල් පැටවුන් ඇති කර තිබුණි. සති අන්තයේ හවසක අක්කා, මා සහ මල්ලීව මෙතැනට කැඳවාගෙන යයි. මල්ලීටත් මටත් එතන කෑම බීම වලට වඩා අවශ්‍ය වී තිබුණේ, එතැන තිබෙන පොකුණු වල ඇති වතුරට පයින් ගැසීමයි. නමුත් තාත්තා හෝ අම්මා සිටීනම් අප ඇදගෙන යන්නේ මහා කිඹුල් තඩියෙක් සිටිනා තැනකින් ගමන් කරන විලාසයටයි. එහි සිටින උන්ට අප බය නොවුයේ, උන් කිඹුලා බනිස් එකේ තරම් කුඩා කිඹුල්ලු නිසාද, නැතිනම් නොන්දන්නා කමටදැයි එකල අපට නිනව්වක් නොතිබුණි. මේ සමූපකාර පඳුර තලන්න ගොස් තව ඩිංගෙන් කියන්න ඕනෑම දේ මිස් වෙනවාය. 

කළු හෙක්ටර් නමැති පුද්ගලයෙකුද එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියේය. ඔහුගේ මුහුණ දකින්නද බියකරු පුද්ගලයෙකු වුයේය. නයිජීරියානු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙන් හැඩි-දැඩි වුවා සේම, සායි බබා මේ කොණ්ඩයක්ද ඔහු සතු විය. කුඩා දරුවන් වූ අපට, ඔහු දැකීම ඉතා බියකරු දර්ශනයක් විය. ඔහු ගැන ගුණ වරුණාව අපේ තාත්තා පණ පිහුටුවා පවසයි.
"ඔය කළු හෙක්ටර් ඉබි මස් කනවා. දවසක් ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ගිහිං. ගහන-ගහන ඉන්ජෙක්ෂන් කටු කැඩිලා. අන්ම්තිමට දොස්තරට වැඩේ එපා වෙලා"
ඉතිං අපි බය වෙන එකත් සාධාරණය. එහෙත් මට තිබූ ප්‍රශ්ණය එය නොවේ. ඉබි මස් කනවා නම්, ඉබි කටු ඉල්ලා ගන්න පුළුවන් නේදැයි යන්න මගේ සිතේ වැඩ කළ එකම ප්‍රශ්නයයි. නමුත් කළු හෙක්ටර් සිහි වනවිට මගේ ඇඟට පණ නැති වන තරමට ඔහු බියකරු පුද්ගලයෙකු නිසා, ඒ ආශාව මම අත් හළෙමි.

ඉබිකටු කිහිපයක් දැනටමත් මා සතු නිසා, තව-තවත් ඉබිකටු පිටුපස යාමේ තේරුමක් නැත. මට ඉන් පසුව ඕනා වුණේ, මේවා විවිධ වර්ණයන් ගැන්වීමය. මාකළේ විවිධ වර්ණවල රටහුණු වලින් මේවා පාට කිරීමය. නමුත් ඒවා වතුර බිඳක් ඉහුනොත් සේදී යන නිසා, මා පියාගේ අධාරය පැතීය. එවිට ඔහු තම ළමා කාලයේ විවිධ වර්ණ තනා ගත් ආකාරය විස්තර කළේය. නමුත් ඒ ක්‍රම වලට වර්ණ සම්පාදනය දැන් අපහසු බව අපේ දෙදෙනාටම පැහැදිලි වූ නිසා, බැනර් සහ බෝඩ් අඳින රණවීර අන්කල්ගෙන් ලැකර් ටිකක් ඉල්ලා දෙන්නට තාත්තා පොරොන්දු විය. දින බයිසිකලයක් පැදගෙන අප නිවාස පසුකර යන තලත්තෑනි පුද්ගලයෙකු නවතා ගත් ඔහු, වර්ණ පිලිබඳ විස්තරය ඔහු හා පැවසීය. ඒ අසා වර්ණ ලබා දීමට පොරොන්දුවක් ලබා දීඔහු පිටත් වුවත්, ඔහුගේ මුහුණෙන් එය ඔහුට කරදරයක් බව පැහැදිලි විය. ඔහු පාරේ ගමන් කරනු  දකින  හැම  අවස්ථාවකම ඔහුට ඇවිටිලි කලද, හෙට දෙන්නම් -අනිද්දා දෙන්නම් වැනි උත්තර වලටම එය සීමා විය. පසුව මේ ආසාව යටපත් කරගන්නට මට සිදු විය.

අන්තර්ජාලය පිරික්සීමේදී මේවා වර්ණ ගන්වන්නට කමත් මා වැනි  තවත් බොහෝ පිරිසක් ඇති බව පැහැදිලි විය.
පින්තූරයගත්තේ : www.pinterest.com
 
මෙය මා කරන්නට සිටි විලාශයේ පාට කිරීමකි. නමුත් පැසිපික් දූපත් වල සිටින, අබෝරෝජින්වරුන් මේවා ඉතා අලංකාරව වර්ණ ගන්වා තිබෙනු දක්නට හැක. යලිත් ඉබි කටු කිහිපයක් සොයා ගත හැකිනම්, මේ සිහිනය සැබෑ කර ගත හැකිය. නමුත් ඉබිකටු ඇතිවිට තීන්ත නැත - තීන්ත ඇතිවිට ඉබිකටු නැත.

68 comments :

  1. ආශ්වාදනීය අතීත මතකයන් ම්ම්ම් හරිම රහයි. පඳුරු තැලිල්ලත් එක්ක තව කතා රාශියක් කියන්නට තියෙන බව පේනවා. මමත් ඔය කියන පාන් කාඩ් එක අතේ තියාගෙන පෝලිමේ හිටිය පරපුරේ එකෙක් කියල ගණන් තියාගනින්.

    ReplyDelete
    Replies
    1. අනිවා...අනිවා...

      Delete
    2. ///පෝලිමේ හිටිය පරපුරේ එකෙක් කියල ගණන් තියාගනින්.///
      මාවත් දාගන්න....මතක් වෙනකොට පුදුමත් හිතෙනවා.

      Delete
    3. උඹලා දෙන්නම එෆ්.බී. නෑනේ. හිටියනම් පොස්ට් එකක් දාන්න තිබ්බ ටෑග් කරලා.

      Delete
  2. Replies
    1. මට පලුවන් වෙයි ඔයාට ඉබි කටු දෙක තුනක් හොයලා දෙන්න ...
      හැබැයි ගමේ ගිය දවසක

      Delete
    2. ටෙස්ට් විතරද, වන්ඩේ ඒව නැද්ද??

      Delete
    3. හැබැයි මට ඉබි කටු දෙන්න කියලා අහිංසක සත්තු මරනවා නෙවෙයි. මේ එක්ක මතක් වුණ තව කතාවක් කියන්නම්. 365 දවසෙම සත්තු මරාගෙන කන කෙනෙක්, තමන්ගේ බිරින්දෑගේ වදේට පෝයට සිල් ගන්න ගියා. මේ උපාසකයා ගෙදර එනවා දවල් දානේ ගන්න. මේ අතරේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ සෙට් එකක්, ඉබ්බෙක් අල්ලාගෙන ලිප් ගල් තුණක් උඩ ඉබ්බා ඇවිදින අතටම තියලා රත් කරන්න හදනවා. නමුත් ඉබ්බෙක් තියා ගෙම්බෙක් වත් ඉඳීද එහෙම ? ඌ පනිනවා. මේක බලාගෙන ඉන්න බැරි වුණා අර උපාසක තැනට. ඒත් මිනිහා සිල් අරගෙන ඉන්න නිසා කට වහගෙන එතනින් ගියා. ඒත් පොඩ්ඩක් දුර ගිහිං දුක හිතිලා කියනවා කවියෙන්ම මෙන්න මෙහෙම

      අපිට මොකෝ අපි දසසිල් උපාසක
      ඉබ්බන්ගේ පුච්චන්නේ අනික් පිට

      Delete
    4. අම්මපා ටී20 වුණත් ට්‍රයි කරලා බැලුවොත් හොඳා.

      Delete
    5. එක සැරයක් publish කරහම තමයි අර මම කියපු කොටු පෙනෙන එක නැතුව යන්නේ එකයි ටෙස්ට් කරලා බලන්නේ

      Delete
  3. පඳුරක් දෙකක් තැලුවෙ නැත්තං සමහර කතාවල ගතියක් නැති වෙනව.

    අපි ඉපදිනකොට ඔය යුගේ අවසානය ළඟා වෙලා තිබුණත් ඒ කාලෙ දීපු කූපන් පොත් මල්ලක්ම අපේ දිහා තිබුණ.

    මම හිතන‍්නෙ දැන් තීන්න හොයාගන්නවට වඩා සුදීකට අමාරු වෙලා තියෙන්නෙ ඉබිකටු හොයාගන්න එක වගෙයි. ට්‍රයි එකක් දීල බලන්න.

    ReplyDelete
    Replies
    1. සොබාදහම සරු කාලෙට නිෂ්පාදන අඩුයි. නිෂ්පාදන තියෙන කාලෙට සොබා දහම අඩුයි.

      Delete
  4. ඔය පෝලිං චෑන්ස් එක අපිට සෙස්සෙන් මිස් වුනේ..

    කූපන් එකක් අරගෙන සමූපෙට බඩු ගන්න නම් ගිහින් තියනවා.. එක මුද්දරයක් කපාගෙන හාල් සේරුවක්ද කොහෙද දුන්නා වගේ මතකයක් තියනවා.. අද මුද්දර තියා සමූපෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. අපි ඉස්කෝලෙ යන කාලෙනං දිවා ආහාර මුද්දරේ හම්බඋනා. හැබැයි ඒකෙ බඩු ගන්න පෝලිමේ හිටියෙනං නෑ. සමුපෙ ඉන්න අය අඳුනන නිසා මුද්දරේ සමුපෙට දීල බඩු ටික කිරල තියන්න කියල පස්සෙ ගිහිල්ල ගත්තෙ.

      Delete
    2. අනික සේරු කියනකොට මතක් උනේ අප‍ේ ගෙදර තියෙනව පිත්තල සේරුවක් සහ හුණ්ඩුවක් තවම.

      Delete
    3. ////පිත්තල සේරුවක් සහ හුණ්ඩුවක් තවම.//////

      කෞතුක භාන්ඩ...මේ ලඟදි මම දැක්කා පිත්තල අවුන්සේ පඩියක්.

      Delete
    4. @සෙන්නා : අපේ පුංචි අම්මා කෙනෙක් හිටියා සමුපකාර මැනේජර්. එයා රෑට එකතු වෙච්ච් කුපන් කොලයක අලවනවා. අපිත් ඉතිං ඕවා කරා.

      @ප්‍රසා : මතකද දවසක් ලාහක් අරං ආවා විජිතමුණි සොයිසා.

      Delete
    5. අපි දිවා ආහාර මුද්දරේ අදුරන එකෙක්ගේ කඩේට විකුනනවා එකෙන් වලක් බහිනවා

      Delete
  5. පුදුමාකාර යුගයන් තමයි ඒවත්. මගේ පොඩිකාලෙ ආසාව තිබුණෙ සිප්පි කටුවලට,
    ඊට පස්සෙ හැදුණා රුක් කලා එකතු කරන පිස්සුවක්.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මම එකතු කරපු දේවල් දාන පෙට්ටියක් තිබුණා. එක දවසක් ඇන්ටි කෙනෙකුගේ කුදයක මිටක් නැතුව හරියන එකක් මා ගාව තිබුණා. ගල්මල් වගේ ජාතිත් එකතු කළා. දවසක් මම "ටෙලිෆෝන් කම්බියක්" ගෙදර ඇදගෙන ආවා. වෙච්ච දේ ඔය ලින්ක් එකෙන් ගිහිං බලන්න.

      Delete
    2. සාමවෙන්න කුඩයක්

      Delete
  6. අම්මපා මේ පෝස්ට් එක නම් කිඹුල බනිස් එකක් වගේ රහයි. තව කියන්න තියනවා. වැඩට ගිහිල්ලා හෙට උදේ ආයෙ එඤ්ඤං

    ReplyDelete
    Replies
    1. කිඹුලා බනිස් වගේ ඒවා නැගලම යනවා.

      Delete
  7. ඔබගේ (ඇත්තටම මේ genre එකේ අනෙක් අයගේද ඇතුලුව )හොඳම පෝස්ට් අතර එකකි.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ලිව්වේ. නොලියාම ඉන්න හිටියේ. අර DGM බස්සටයි මෙන්ඩියටයි පින් දෙන්න.

      Delete
  8. ඉඳ හිටල තාත්තල කියනව හාල් පොලු අනං මනං කතා. මයියොක්ක කොටු වලිං හොරෙං උස්සපුව පෝලිං වල ඉදල පාං ගත්තුව.

    තවත් මේ වගේ කතාවක් දෙකක් ලියනවැයි.. හෙහේ

    ReplyDelete
    Replies
    1. මෙවට අමතරව අපේ පැත්තේ තවත් පොල්ලක් තිබුණා, ඒ ලයිට් පොලු. ලයිට් පොලු කියලා කිව්වේ ටියුබ් ලයිට් වලට.

      Delete
  9. සුදීක කියන අවන්හල ගැන යාන්තම් මතකයක් තියෙනවා. මම ඉස්සර නිතරම ගාලු පාරෙන් වැලිගම යනවා. පාරට පේන්නද තිබුනේ.

    අපේ යාලුවෙක්ගේ තාත්තා ලිඳ ගාව විශාල ටැංකියක් හදලා ඉබ්බෝ ඇතිකරා ඒ දවස්වල. මේ මහවැව පැත්තේ. මිනිහා ඉබිමස් පෙරේතයා. හිටපු පලා බබෙක් . මාසෙකට සැරයක්වත් ඉබ්බෙක් ලිපෙ. ආපහු ගෙනත් දානවා. ඒක නම් මහා අපරාධයක්. ඉස්සර ඕවට කවුරුත් කට අරින්නේ නැහැනෙ.

    සුදීක කැස්බෑ පොතුත් ප්‍රසිද්ධයි නේද බෙන්තොට පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්. පාර අයිනේ. මෙතැන පස්සේ සලුසලක් දැම්මා. තාත්තා කියන්නේ එතන වෙලාව හදන්න ගියාම කිවුවලු ඒ ස්ථානයේ ව්‍යාපාර හරිය යන්නේ නෑ කියලා.

      Delete
    2. බෙන්තර ප්‍රසිද්ද කිව්වම මට මතක් වෙන්නේ "සුදු කළු සහ අළු" කියන චිත්‍රපටිය. ඒකෙ එක තැනක කියනවා "බෙන්තරින් බෙල්ලෝ ගෙනත් දෙනවා" කියලා. ඇත්තටම ඒ කාලේ(අධිරාජ්‍යවාදී) ප්‍රසිද්ධ වුණේ බෙල්ලන්ට. කාවටි අනිත් ජාතිය. මම කලිනුත් කියළා ඇති අපේ ගඟේ තියෙන මහගල කියන කළු ගලේ, පැතලියට ඇලිලා හැදෙන බෙල්ලෝ වර්ගයක් තියෙනවා කාවටි කියලා. ගලකින් තට්ටු කරලා, කඩාගෙන කන්නේ(ඇත්තටම බොනවා). පුදුම රසක්.

      කැස්බා පොතු දැන් නම් දකින්න නෑ. ඉස්සර මේවායෙන් පනා වගේ දේවල නිෂ්පාදනය කරනවා.

      Delete
  10. අපේ සඳරුවාට කිව්වනං ඉබිකට්ටක් ගෙනෙයි සිං ගාල..

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔව්. මට ඒකාත් මතක් වුණා.

      Delete
    2. ඇයි පත්තර මල්ලි උබට අමතක උනාද අපි පුරේ කියලා ..
      හැබයි ඉතින් දැන් පුරේ ඉබ්බෝ ඉන්නේ හාඩ්වෙයාර් වල

      Delete
    3. වැව් ආශ්‍රිතව ඉබ්බෝ හැදෙනවා නේද ? මම දෙහිත්තකණ්ඩියේ මහවැලි රෙස්ට් එකේ නතර වෙලා හිටියා. එතන තාරුකා ඉබ්බෝ දෙන්නෙක් ඇති කළා. උන් ගස්ලබු පොතු කන්න මාර ආසයි.

      තව දවසක් අරලගංවිල ඉඳලා දෙහිඅත්තකණ්ඩිය යන පාරේදී අපිට ඉබ්බෙක් හමු වුණා. දෙපාරක් හිතන්නේ නැතිව අපේ වෑන් එකට දා ගත්තා. අම්මෝ එකා වෑන් එක ගඳ ගැස්සුවා. ටිකකින් අපිට නින්ද ගියා. මම සපත්තු ගලවලා හිටියේ, මේකා මගේ මහපට ඇඟිල්ල විකනවා. පස්සේ අපි ඒකව අරලගංවිල නවාතැනේදී අත ඇරියා. එතන හිටිය මුවා තුෂ්නිභූත වෙලා බලාගෙන හිටියා ඒ දිහා.

      Delete
  11. මමත් සමුපේ ගිහින් තියෙනවා කුපන් එකත් අරගෙන...
    හැබැයි ඒ 80 ගණන් වල මුල...

    අපි පොඩි කාලේ ගමට ගේන පාන් ප්‍රමාණය ඉල්ලුමට වඩා අඩුයි...
    ඒ නිසා උදෙන් කඩේට ගිහින් කඩේ ලිස්ට් එකට නම දාල ඕනේ කරන පාන් ගෙඩි ගාන කියන්න ඕනේ, එහෙම බැරි උනොත් පාන් නැහැ...
    සමහර දවස් වල ලිස්ට් එකේ මුල හරියේ ඉන්න අයට විතරක් පාන් ලැබිලා අනිත් අයට හැරිලා යන්න සිද්ධ වෙනවා...

    ReplyDelete
    Replies
    1. පාන්.. දර ... පාන් කියන්නේ ඕකටනේ.

      Delete
    2. ලොකු උබ ලියන්නේ නැතෙයි

      Delete
    3. ///ලොකු උබ ලියන්නේ නැතෙයි///

      අනේ මන්ද බන්...
      ලියන්න හිතෙන්නේ නැහැනේ...

      Delete
    4. ලියපන් අපි වෙනුවෙන් නෙමයි අපේ ළමයි වෙනුවෙන් ...
      උබලගේ හැකියාව අපිටත් වඩා වටින්නේ අපේ ළමයින්ට

      Delete
    5. කෝ මේ දෙමළ නයන්නා. මෙන්න මේ පාර ටෙස්ට් මැච් ගහන්නේ නැතිව චෙක් දානවා. ඇයි කෑෂ් නැතෙයි?

      Delete
    6. මේ ගමන බ්‍රා ෂිප්මන්ට් එක පරක්කු උනාලු.

      Delete
  12. වටිනා පෝස්ට් එකක්. ඒක නෙවෙයි බං. අර විදියටම සී‍ෆිෂ් කියලා ගහපු පැකට් වල අදටත් මාලු විකුණනවා. ලංකාවෙදි මම නම් ඒවා ගන්න කැමතියි. ඒ මොකද ඒවයෙ තලපත්, බල කියලා මහා ලොකු මිල වෙනසක් නෑ. අනික හොරට කිරිලි ෆෝර්මලීන් ගැහිලි ගැන වද වෙන්න ඕනෙත් නෑ. මම ගන්නෙ Co-op city වලින්

    ReplyDelete
    Replies
    1. මමත් දැකලා තියෙනවා. ඉස්සර රාජගිරියේ සතොසේ පෝලිම මාළු ගන්න.

      Delete
    2. ඩුඩ් අයියන්ඩි උබත් ලියපන්

      Delete
    3. උබ දැන් උබගේ බ්ලොග් එක පැත්තට එන්නේ නැති නිසා උබ ලියනකන් අනිත් අයගේ බ්ලොග් හරහා උබ ලියනකන් උබට තර්ජනය කරනවා

      Delete
  13. සංවෘත ආර්තිකේ අන්තිම කාලෙ උපන්නට විවෘත ආර්තිකේ ලබලත් සෑහෙන්න කාලයක් යනකං අමාරුවෙන් උන්න කියල මතකයි.. මං පවුලේ බාලයා නිසාද මංද පෝලිමේ නං ඉන්න වෙලා නෑ.. ඒත් සමූපකාරයේ ගිහිං බඩු ගෙනත් තියෙනවා.. ඒ කාලේ සමුපකාර වලින් දුන්න පිටිකිරි ජාතියක් විටාමිල්ක් කියල මෙලව රහක් නෑ.. මට මතකයි දවසක් අපේ අක්කල විටාමිල්ක් වලින් රොටී හදන්න ට්‍රයි කරනව.. පැරකුම් උකු කිරි නම් පට්ට රහයි.. කොච්චර රහද කියනවනං දවසක් අම්ම කිරි ටොෆී හදන්න සීනිත් උණු කරල කිරි ටින් එක කඩන්න බලනකොට ඒක බොල්.. අපි දන්නෑ හිටං කවුද හැට්ට කට්ටකින් හිල් කරල කිරි ටික උරා බීලලු.. හැක්

    ReplyDelete
    Replies
    1. ළඟදී අපේ ඔෆිස් එකේ වැඩට ආපු ඉන්දියන් කාරයෝ දෙන්නෙකුට තේ දෙන්න මම ඔය උකුකිරි ටින් එකක් අරන් ආවා. උන් දෙන්නා හරි සන්තෝසෙන් බිවුවා.
      අර වොඩ්කා බිවුව කතාව මතකෙට ආවා හිටං

      Delete
  14. ගස්ලබ්බ ලඟත් ඔය එකතුකරන 'පිස්සුවක්' තිබුනා.වැටෙන දත්,ගැලවෙන නියපොතු විතරක් නෙමෙයි කපල දාපු උණ්ඩුකපුච්ඡයත් ඒ ගොඩට එකතු උනේ මහා බැණුම් ගෙරවුම් කන්දරාවක් අස්සෙ.. හෙහ් හෙහ්
    අපි එක වසරෙදි ඉස්කෝලෙන් ගන්න හැමෝටම ආහාර මුද්දරයක් තිබුනා මතකයි.පස්සෙ ඒක නැති කරලා දැම්මා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ බය හිතෙන දේවල්නේ එකතු කරලා තියෙන්නේ. ඔව්වා ඉතිනේ ඕනේ වෙන්නේ හැදී හූනියං කරන කොටනේ.
      ඉතිහාසය පුරාම අහන්න ලැබෙන්නේ නැති වෙච්ච දේ මිස, අලුතින් එකතු වූ දේ නොවේ.

      Delete
  15. ඉබි කටු පාට කරන සිද්ධිය දැක්ක ගමන් ලඟදි දැකපු නිව්ස් එකක් මතක් උනා. මේක 3D printed ඉබිකට්ටක්

    ReplyDelete
    Replies
    1. ඊයේ පෙරේදා මිය පරලොව ගිය දීපාල් සිල්වා කියනා සිංදුවක් තියෙනව

      දවසක්දා ඉබ්බෙක් පාර ක්‍රොස් කළා
      ඌව දැකපු කොල්ලෝ ඉබ්බා මස් කළා

      කියලා

      Delete
  16. මේ පෝස්ට් එකේ මතුපිටින් පේන "අතීත මං පෙත් දිගේ" සොඳුරු අතීතාවර්ජ්නයට අමතරව, මම එයට යටින් දිවෙන තවත් කතාවක් දකිනව.

    මේ කියන "සංවෘත්ත ආර්ථික යුගය" , එක්තරා අඳුරු යුගයක් වුවත්, ලංකාවෙ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් විදිහටයි මම දකින්නෙ. ප්‍රායෝගික සමාජවාදය පොඩ්ඩක් දිව ගාලා බලන්න,සිරි ලංකා වාසීන්ට වාසනාව ලැබුනෙ මේ යුගය නිසා.මතක් වෙනකොට තාමත් තිත්ත රස දැනෙන මේ යුගය ගැන මට දැං හිතෙන්නෙ, තුවක්කුවෙන් බලය අල්ලා සමාජවාදය හොම්බට ඇණලා පොවන්න හිටි කස්ටියට චෑන්ස් එකක් හම්බවුනා නං හුටා නේද කියලයි. මම සමාජවාදයට විරුද්ධ නෑ, විරුද්ධ සමාජවාදයත් එක්ක එන රාජ්‍ය ධනවාදයට. හැත්තෑවෙ දශකයෙත් හිටිය වරප්‍රසාදලත් පංතියක්: මැම්බර්ලා, සමූපකාර සභාපතිල, ඒ තියා බේකරියෙ පාන් බාසුත් ගමේ වැදගතෙක්.

    මේ යුගයෙන් අපට අද ඉගෙන ගන්න පාඩම් බොහොමයක් තිබ්බත්, සුදීක වගේම මමත් දේශපාලන ලියුම්කරුවෙක් නොවන නිසා , මේ යුගය විච්චේදනය කිරීම අනෙක් අයට තියල දැනට නවතිනවා

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගිකව ලඟා වෙන්න බැරි වුණත්, අදටත් කරනවානම් හොඳ දේවල් මේ ආකෘතියේ තිබුණා. තමන්ගේ ගෙවත්තෙන් වවා ගත්තේ දේවල් ටිකක් තමන්ගේ ආහාර වේලට එකතු කර ගැනීම කොතරම් සෞක්‍යසම්පන්නද? ආර්තියට පිටිවහලක් වෙනවද ? ඒ අවශ්‍යතාව ඒ යුගයට වඩා අදට අපිට දැනෙනවා.

      අදටත් සවෘත කරන්න ඕනේ දේවල් තියෙනවා. අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් දේවල් ආනයනය නවත්වලා ඒවා නිෂ්පාදනය දිරිමත් කරන්න ඕනේ. එකට පාළනය යූ.එන්.පීද ශ්‍රී ලංකාද, ජේ වී පීද කියන එක වැඩක් නෑ. ජාතියක් විදියට නැගිටින්න ඕනේ නම් කරන්න අවශ්‍ය දේවල්.

      අපේ රටට සමාජවාදේ ගැලපෙන්නේ නැත්තේ, මේකේ පීඩාවට පත්වෙන ජනතාව වුණත් ධනවාදයට කැමතියි. ඒ නිසා මෙහෙ ඕවා හරියන්නේ නෑ. ඒ යුගයේ අනිත් මිනිසුන් තාඩන පීඩන වලට ලක්වුවත් වරප්‍රසාද ලත් පංතිය සැප වින්දා ඒ නිසා ඒවා හරි ගියේ නෑ. අපි වගේ ජාතියකට ඒ ක්‍රමය ගැලපෙන්නේ නෑ.

      Delete
  17. aපි ඉතින් හාල් පොලු මිරිස් පොලු වලට පස්සේ උපන් එවුන් නිසා සමුපේ පෝලිමේ ඉන්නවුනේ නැහැ..

    පුංචි කාලේ ඉබි කටු නම් එකතු කරන්න ආසාවක් තිබ්බේ නැතුවා උනාට ඇන මුරිච්චි, බැටරි කෑලි, මෝටර්, කැඩිච්ච සෙල්ලම්බඩු කෑලි එහෙමනම් එකක් නෑර එකතු කළා..

    ReplyDelete
    Replies
    1. මටත් පෙට්ටියක් පුරෝලා ලට්ට ලොට්ට තොගයක් තිබුණා.

      Delete
  18. මේ තියෙන්නේ මට හම්බ වෙච්ච ඉබ්බෙක් ගැන කාලෙකට කලින් මම ලියපු එකක්..
    http://biththiya.blogspot.my/2012/12/blog-post.html

    මට ආහාර මුද්දර ගැන යන්තම මතකයක් තියෙනවා. හැබැයි වැඩි අත්දැකීමක් නෑ..

    ReplyDelete
    Replies
    1. මොනවා වුණත් ඉබ්බා ඇති කරන්නත් නියම සතා. වැඩේ තියෙන්නේ ගඳ ගස්සන එක.

      Delete
    2. Dilruk
      I remember in one of your post ,you desscribed how to crack the coconut after poruwa ceremony. Unfortunately I have happened to do the same job and did my best to find your post. Can you please tell me the link.
      Thanks

      Delete
    3. This is the link
      http://awidda-paya.blogspot.com/2016/04/household-matters-what-are-they-all.html

      But best way to find previous post is to do a google search with the words you could remember. Still I have provided a way to go back with a link to all post. මුලසිට කියවන්න

      Delete
  19. //70 - 77 කාළ සමය පිලිබඳ එකිනෙකා විවරණයේ යෙදෙනෙ තමන්ගේ දේශපාලන පොල්කටුව තුල සිටිමින්ය// පොල්කට්ටේ එළියට එන් කියන්නේ ඒකයි. මචෝ ඉබි කටු එකතු කරපු එකෙක් ගැන ඇහුවමයි. උඹ ඉබ්බෝ මැරුවේ නැහැනේ ? සිරා කතා ටික.

    ReplyDelete
  20. ආයමත් කම්මැලි වෙන්න එපා ...අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ලිපි හොයාගෙන #ක ඉරාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී...අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්

    ReplyDelete
  21. ඇත්තටම ඒ අත්දැකීම් බෙදා ගන්න එක ලොකු දෙයක්. මොකද අපිට ඒ අත්දැකීම් නෑ..
    ඔන්න සින්ඩියටත් දා ගත්තා..
    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් එන්න..
    දිගටම එන්නම්. ජය!

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...