Monday, February 22, 2016

1975 කොඩැක් සේවකයකු ඩිජිටල් කැමරාව නිපදවීය. එහි හිමිකරු ඔහුව ලොවින් සඟවා තැබීය ......

අයි ෆෝන් හෝ ඉන්ස්ටග්‍රෑම් නැති, එක්තරා සමාගමක් පමණක් රාජකීයත්වයේ වැජඹෙන, ඡායාරුපකරණය ඉතා මන්දගාමී, වසර දෙකතුනක අධ්‍යනයක් හෝ ආධුනිකත්ව පුහුණුවක් නැතිව පහසුවෙන් කෙළ පැමිණිය නොහැකි ශිල්පයක්ව පවතින ලෝකයක් ගැන මොහොතක් සිතන්න.   එවැනි ලෝකයක් 1973 දී පැවති අතර තරුණ ඉංජිනේරුවකු වූ ස්ටීවන් සැසන් ඊස්ට්මන් කොඩැක්හී සේවයට එක් වන්නේ එවැනි යුගයකය.
http://awidda-paya.blogspot.com/
තවත් වසර දෙකක ඇවෑමෙන් ඔහු ඩිජිටල් ඡායාරුපකරණය සහ ලොව පළමු ඩිජිටල් කැමරාව  නිපදවනවා.
http://awidda-paya.blogspot.com/


ස්ටීවන් සැසන් පළමු ඩිජිටල් කැමරාව සොයා ගත්
පින්තූරය ගත්තේ : http://www.brw.com.au/
http://awidda-paya.blogspot.com/
එවකට අවුරුදු 24ක තරුණයෙකු වූ, සැසන් මහතා  ඒ නිපදවූයේ,  අද අප ජංගම දුරකථනයෙන් පින්තූර ලබාගෙන, ක්‍ෂණයකින් ඒවා ලොව වටා විසිරි ඇති මිලියන ගණනක් වූ ජනයා සමග හුවමාරු කරගන්නා, ක්‍රියාවලියයි. එම ක්‍රියාවලිය සහමුලින්ම වළකාලුයේ තමන්ගේ වෘත්තීය කාබාසිනියා කළා යන අපවාදය වෘත්තීය ඡායාරුප ශිල්පීන් විසින් නැගීම දශකයක පමණ කාලයක් හිලව්වට තබාගත් එකල  එකල ඒකාධිකාරියක් පැවැත්වූ ක්ෂේත්‍රයක් පවත්වාගෙන ගිය ඔහුගේ සේවායෝජක දැවැන්ත සමාගමයි.
http://awidda-paya.blogspot.com/
එය ආරම්භ වුයේ ඉතාමත් අහිංසකවය,
http://awidda-paya.blogspot.com/
කොඩැක් වෙත පැමිණි විගස සැසන් මහතාට ලබා දුන්නේ  පෙණුමෙන් නොවැදගත් කාර්යයකි. ඒ වසර කිහිපයකට පොරොතුව සොයා ගන්නා ලද ආරෝපිත බැඳුණු යන්ත්‍ර (Charged Coupled Devices) වල යම් යෙදවීමක් තිබේද යන්න බැලීමටයි.
http://awidda-paya.blogspot.com/
"මං ඒ ප්‍රොජෙක්ට් එක කරපු එක කවුරු හරි දැනගෙන හිටියනම් ඒ කාලාතුරකින් කෙනෙක්, ඒ ඒක මහ ලොකු ප්‍රොජෙක්ට් එකක් නොවූන නිසා" සැසන් මහතා පවසා සිටියා "ඒක රහසක් නෙවෙයි. මම අනුමාන කරන්නේ වෙනත් දෙයක් කළොත් කරදරයක් ඇතිවෙයි කියන බයෙන් දීපු ප්‍රොජෙක්ට් එකක්"
http://awidda-paya.blogspot.com/
ලොව පළමු ඩිජිටල් කැමරාව
1973දී ස්ටීවන් සැසන් විසින් නිර්මාණය කරන ලද මුල්ම
ඩිජිටල් කැමරාව. 1978 දෙසැම්බර් 26 වැනිදා නිකුත් කරන ලද
ඇමෙරිකානු පේටන්ට් බලපත්‍රයට පදනම් වුයේද මේ කැමරාවයි.
ඔහු ඉක්මනින්ම එයින් කිහිපයක් ඇනවුම් කර එය ඇගයීම අරඹන ලදී, එයට ද්වීමානව එන ආලෝක රටා සෙන්සරයක් අඩංගු වූ අතර ඒවා විදුලි සංඥා බවට පරිවර්තනය විය. සැසන් මහතාට එමගින් ඡායාරුපයක් ලබා ගැනීමට උවනම වුණා, ඒත් සී.සී.ඩී. යන්ත්‍රයට එය රඳවා තබා ගැනීමට නොහැකි වුණේ එම විදුලි ස්පන්දනය ක්ෂණයකින් අතුරුදන් වන නිසා. 
http://awidda-paya.blogspot.com/
පින්තූරය සටහන් කර ගැනීමට ඒ කාලයේ තරමක් සාපේක්ෂව අලුත් ක්‍රියාවලියක් ඩිජිටල්කරණය යොදා ගැනීමට ඔහු තීරණය කළා - එහිදී ඉලෙක්ට්‍රොනික ස්පන්දනය අංක බවට පරිවර්තනය වුණා. නමුත් විසඳුම වෙනත් අභියෝගයක් නිර්මාණය කළා - ඒ රැම් මතකයක එය රඳවා, පසුව එය ඩිජිටල් චුම්බක ටේප් එකක් මතට ගැනීම. 
http://awidda-paya.blogspot.com/
අවසන් ප්‍රතිඵලය වුණේ සුපර්-8 චිත්‍රපට කැමරාවකින් අහුලාගත් පාවිච්චි කල කාචයක්, නිකල් කැඩ්මියම් බැටරි 16ක්, ඇනලොග්/ඩිජිටල් පරිවතකයක් සහ දුසිම් භාගයක සර්කිට් බෝඩ් මත වයරින් කරන ලද සර්කිට් දුසිම් කිහිපයක් රූබ් ගොල්ඩ්බර්ග් යන්ත්‍රයකි. 
http://awidda-paya.blogspot.com/
අද එය අමුතු දෙයක් වාගේ පෙනුනත්, මතකතබාගන්න ඒ පුද්ගලික පරිගණකයක් හදන්නත කලින් - ඊට පසු වසරේ ඇපල් මගින් නිෂ්පාදනය කරන ලද පළමු "ඔබටම සාදාගත හැකි" ඇපල් පරිගණක කට්ටලයක් ඩොලර් 666.66 ක මිලක් නියම වුණා. 
http://awidda-paya.blogspot.com/
කැමරාව පමණක්ම එතිහාසික සිද්ධියක්, නමුත් ඔහුට එය නැවත පෙන්වීමේ පද්දතියක්ද සොයාගැනීමට සිදු වූ අතර ඩිජිටල් කැසට් පටයේ ඇති ඩිජිටල් තොරතුරු රුපවාහිනියක් මත "දැකීමට හැකි දෙයක් බවට" පෙරලීමට ඔහුට සිදු වුණා; ඒ ඩිජිටල් පිළිඹිබුවක්.  
http://awidda-paya.blogspot.com/
"මෙය කැමරාවකට වඩා වැඩි දෙයක්" බ්රූක්ලීන්හී උපතලබා එහිම හැදී වැඩුණු සැසන් මහතා පවසා සිටියා. "එය ෆිල්ම් යොදා නොගත්, මුද්‍රණයට පේපර් යොදා නොගත්, වෙනත් අමතර උපාංග කිසිවක් කොහෙත්ම නැති, නිශ්චල පින්තූරයක් පෙන්විය හැකි,  ඉලෙක්ට්‍රොනික් කැමරාව පිලිබඳ අදහස නිරුපණය කරන්න පුළුවන් ඡායාරුපකරණ ක්‍රමවේදයක්".  
http://awidda-paya.blogspot.com/
කැමරාව සහ යලිපෙන්වීමේ පද්දතිය ඩිජිටල් ඡායාරුපකරණ යුගයේ ආරම්භය වුණා. නමුත් ඩිජිටල් විප්ලවය පහසුවෙන් කොඩැක් ආයතනයට ආවේ නෑ. 
http://awidda-paya.blogspot.com/

"ඔවුන් පෙන්වා දුන්නේ කාටවත් කොහොමවත් තමන්ගේ පින්තූරයක් රුපවාහිනී තිරයේ දකින්නට උවමනා නැති බවයි"
http://awidda-paya.blogspot.com/

සැසන් මහතා ඒ පිලිබඳ ප්‍රදර්ශන මාලාවක්ම එහි සිටි ප්‍රවර්ධන, තාක්ෂණික සහ වෙළඳ දෙපාර්තමේන්තු විධායක කණ්ඩායම් සහ ඔවුන්ගේ ප්‍රධානීන් ගණනාවක් සහ ඔවුන්ගේද ප්‍රධානීන් වෙත දක්වන ලදී. ඔහු නිපදවන ලද ප්‍රවාහනය කල හැකි කැමරාව සාකච්ඡා කාමරය වෙත ගෙන ආ අතර එහි සිටින අයගේ පින්තූර ගෙන පෙන්වනට යෙදිනි.
http://awidda-paya.blogspot.com/
"පින්තූරය ගන්න ඒකට ගියේ මිලි-තත්පර 50යි, ඒ වුණාට කැසට් පටියේ ඒක රෙකොර්ඩ් කරන්න තත්පර 23ක් ගියා" සසන් මහතා පැවසුවා "මම කැසට් එක එලියට ඇදලා අරගෙන මගේ ගෝලයාට දුන්න ඔහු එය යලිපෙන්වීමේ උපකරණයට දැම්මා. තප්පර 30 කට විතර පස්සේ, දර්ශණය වුණේ පික්සල් 100යයි 100 යේ කළු සුදු පින්තූරයක්"
http://awidda-paya.blogspot.com/

ඒවායේ තත්වය(Quality) දුර්වල වුවද, රෙසලුෂනය තාක්ෂණයේ දියුණුවත් සමග වේගයෙන් දියුණු වියහැකි බව සසන් මහතා ඔවුන්ට පැවසූ අතර එය දැනට පාරිභෝගික වෙළඳපොලේ තිබෙන 110 සහ 135 ෆිල්ම් කැමරා සමග කළහැකි බවද පවසා සිටියා. එකල වෙළඳපොලේ තිබූ ඉලෙක්ට්‍රොනික උපකරණයක් සමග සන්සන්දයට උත්සාහ කරමින්, ඔහු ඇඟවූවේ "හිතන්න එය කාචයක් සහිත සහිත එච්.පී. කැල් එකක් කියා". ඔහු මේ පින්තූර දුරකථන මාර්ග දිගේ යැවීම පිළිබඳවද කථා කළා.
http://awidda-paya.blogspot.com/
ඔවුන්ගේ ප්‍රතිචාර ඉතා ඇල්මැරුණු ඒවා වුණා.
http://awidda-paya.blogspot.com/
"ඔවුන් පෙන්වා දුන්නේ කාටවත් කොහොමවත් තමන්ගේ පින්තූරයක් රුපවාහිනී තිරයේ දකින්නට උවමනා නැති බවයි" ඔහු පැවසුවා "හෝදපු පින්තූර අවුරුදු 100 විතර අපිත් එක්ක තියෙනවා, ඒ ගැන කවුරුවත් චෝදනා කරන්නේ නෑ, ඒවා ඉතා අඩු වියදමකට තියෙනවා, ඉතිං ඇයි කෙනෙකුට ඕන වෙන්නේ තමන්ගේ රූපේ ටීවී එකෙන් දකින්න ?"
http://awidda-paya.blogspot.com/
ප්‍රධාන විරෝධය ඇති වුණේ, ප්‍රවර්ධන සහ වෙළඳ අංශ වලින්. කොඩැක් ආයතනය ඒ වනවිට නිල නොලත් අධිකාරියක් එක්සත් ජනපද වෙළඳපොල තුල අත්කරගෙන සිටි අතර ඡායාරුපකරණයේ හැම පියවරකින්ම මුදල් උපයමින් සිටියා. ඔබගේ දරුවාගේ උපන්දින ඡායාරුපය ගැනීමට ඔබට උවමනා වුනානම් එය කොඩැක් ඉන්ස්ටමැටික්, කොඩැක් ෆිල්ම් සහ කොඩැක් ආලෝක කැට(Flash Cube) භාවිතා කිරීමට වනවා. ඔබ එය මුද්‍රණයට එක්කෝ ඔසුසල කෙලවරේ ඇති ස්ථානයට හෝ ඔබගේ ඔබගේ  ෆිල්ම් රෝල කොඩැක් වෙත තැපැල් කොට එහි මුද්‍රණයන් කොඩැක් කඩදාසිය මත කොඩැක් රසායනාගාර වලින් ගෙන්වා ගනු ඇත.
http://awidda-paya.blogspot.com/
එය අනර්ඝ වෙළඳ ආකෘතියක්.
http://awidda-paya.blogspot.com/
ඩිජිටල් ඡායාරුපකරණය කවදා තරගයක් දිය හැකිද යන්න එහි විධායකයන් ප්‍රශ්න කලවිට සැසන් මහතා ප්‍රයෝජනයට ගත්තේ මුවර්ගේ නීතියයි(පරිගණක වල සැකසුම් වේගය සෑම වසරක දෙගුණ වේ) එය අනුමාන කරන්නේ ඩිජිටල් තාක්ෂනය කෙතරම් වේගයකින් ඉදිරියට ගමන් ගන්නවාද යන්නයි.ඔහුට 110 වර්ණ නෙගටිව් පටයක් සමග තරග කිරීමට පික්සල් මිලියන 2ක පින්තූර ගැනීමේ හැකියාව අවශ්‍ය වන අතර, ඔහු ඇස්තමේන්තු කලේ  වසර 15 හා 20ක් අතර කාලයක් ගත වන බවයි. කොඩැක් ආයතනය තමන්ගේ ඩිජිටල් කැමරාව එලි දක්වන්නේ ඊට වසර 18කට පසුවයි.
http://awidda-paya.blogspot.com/

"ඔබ විධායකයින් සමුහයක් සමග අවුරුදු 18 සිට 20 වගේ අනාගතයක් දේවල් කථා  කරනකොට, ඒ කිසිවෙක් ඒ වනවිට සමාගමේ ඉන්නේ නෑ, ඒ ගැන ඔවුන් එකෙන් කලබලයට පත් වෙන්නේ නෑ" ඔහු පැවසුවා "නමුත් ඔවුන් මට දිගටම ඩිජිටල් කැමරා, පින්තූර සම්පීඩනය(Compression) වගේම මෙමරි කාඩ් පිළිබඳව දිගටම වැඩ කරන්න ඉඩ සැලසුවා" 
http://awidda-paya.blogspot.com/
ඩිජිටල් කැමරාවක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නේ 1978දී. එය නම් කරනු ලැබුයේ ඉලෙක්ට්‍රොනික නිශ්චල කැමරාව ලෙසයි.නමුත් සැසන් මහතාට එය පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කිරීමට හෝ ඔහුගේ ආකෘතිය කොඩැක් ආයතනයෙන් පිට කිසිවකුට පෙන්වීමට අවසර ලැබුණේ නෑ. 
http://awidda-paya.blogspot.com/
1989 සැසන් මහතා සහ ඔහුගේ මිතුරු රොබර්ට් හිල්ස් පළමු ඩිජිටල් තනි-කාච ප්‍රතිචායා(digital Single-lens Reflex - DSLR) කැමරාව නිපදවනවා, එය අද පවතින වෘත්තීය මාදිලි වලට පෙනුමෙන් සමානයි. එහි මෙගා-පික්සල් 1.2 සෙන්සරයක් අඩංගු වුණ අතර චායා සම්පීඩනය සහ මෙමරි කාඩ් භාවිතා වුණා.
http://awidda-paya.blogspot.com/
කොඩැක් සමාගම නිෂ්පාදනය කල පලමු ඩී.එස්.එල්.ආර්. කැමරාව
ඊකෑම්(ඉලෙක්ට්‍රොනික් කැමරාව) ලෙසින් නම්කළ 1989
සංස්කරණයේ ඩිජිටල් කැමරාව. මෙයට එක්සත් ජනපදයට
 පදනම් වූ පේටන්ට් පත්‍රයක් නිකුත් කරන්නේ
1991 මැයි 14 වනදා
නමුත් කොඩැක්හී ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව ඒ පිලිබඳ උනන්දුවක් ගත්තේ නෑ. ඔවුන් සැසන් මහතාට පවසා සිටියේ ඔවුන්ට කැමරාව විකිණිය හැකි මුත්, එසේ නොකරන බවයි. ඒ එය සමාගමේ ෆිල්ම් වෙළඳාම කාබාසිනියා කරන නිසා නිසා බවයි.
http://awidda-paya.blogspot.com/
"අපි ඒ කැමරාව හදපු ගමන් ඒ තර්කය ඉවර වුණා" සැසන් මහතා පවසා සිටියා "ක්ෂණයකින් ඒත් කොඩැක් ආයතනය එය වැළඳ ගත්තේ නෑ. එම කැමරාව දවල් එලිය (ඉක්මන් වුණේ)දැක්කේ නෑ" 
http://awidda-paya.blogspot.com/
මේ දක්වා, 2007 දී එය එක්සත් ජනපදයේ කල් ඉකුත් වනතුරුම එම පේටන්ට් පත්‍රය, එහි අයිතිය දැරූ කොඩැක් ආයතනයට බිලියන ගණනාවක් උපයා ගැනීමට උදව් වුණා - සැසන් මහතාට නොවේ. එම තාක්ෂනය භාවිතා කිරීම වෙනුවෙන් බොහෝ ඩිජිටල් කැමාරා නිෂ්පාදකයින් කොඩැක් වෙත ගෙවුවා. කොඩැක් ආයතනය වෘත්තීය සහ පාරිභෝගික වර්ග දෙකේම කැමරා වෙළඳාම සිදු කලත්, ඩිජිටල් ඡායාරුපකරණය ඔවුන් වැළඳ ගත්තේ ඉතාම ප්රාමදවයි. 
http://awidda-paya.blogspot.com/
"විකුනන හැම ඩිජිටල් කැමරාවකින්ම ෆිල්ම් කැමරාවක් පැත්තකට විසි වුණත් අපි දැනගෙන හිටියා අපි කොච්චර ගානක ෆිල්ම් වෙළඳාමෙන් හෙවුවද කියලා" සැසන් මහතා පවසා සිටියා "එය තමයි තර්කය. ඇත්තවශයෙන්ම ඉතා ඉක්මනින්ම ෆිල්ම් රෝල් විකුණන්න බැරි වෙනවා. මම හිටියේ එතැන" 
http://awidda-paya.blogspot.com/
සැසන් මහතා නිර්මාණය කල පලමු ඩිජිටල් කැමරාව ඇමරිකානු ඉතිහාසය පිලිබඳ ස්මිත්සන්ස් ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. ජනාධිපති ඔබාමා ඔහුට තාක්ෂනය සහ නවෝත්පාදනය සඳහා වන ජාතික මෙඩලය වයිට් හවුස් හීදී උත්සවාකාරයෙන් ත්‍යාග කළා 2009දී.
http://awidda-paya.blogspot.com/
වසර තුනකට පසුව, ඊස්ට්මන් කොඩැක් ආයතනය බංකොලොත් වුණා. 
http://awidda-paya.blogspot.com/
නිව්යෝර්ක් ටයිම්ස් ඇසුරින් www.brw.com.au හී ඵලවූ "In 1975, this Kodak employee invented the digital camera. His bosses made him hide it" ලිපියේ පරිවර්තනයකි. නිල් පාටින් දක්වා ඇත්තේ මා එකතු කරනලද පැහැදිලි කිරීම්ය.
http://awidda-paya.blogspot.com/ඔවු

Friday, February 5, 2016

VISA / Master ඩෙබිට් කාඩ් පත් ගැන කසුන් චාමරගේ ප්‍රශ්ණ වලට පිළිතුරු ......

ප්‍රශ්නය : දැනට ලංකාවේ බැංකු වලින් දෙන International Master,Visa Debit කාඩ්ස් ගැන විස්තරයක් කරන්න...Master ආයතනය නිකුත් කරන කාඩ්පත් වලට ලංකාවේදී සහ අන්තර්ජාතිකව ලැබෙන වට්ටම් සහ වාසි පිලිඔවද සහ Visa ආයතනය නිකුත් කරන කාඩ්පත් වලට ලංකාවේදී සහ අන්තර්ජාතිකව ලැබෙන වට්ටම් සහ වාසි පිලිඹඳව හොඳ පැහැදිලි කිරීමක් දෙන්න....
මේ ගැන විස්තර කරන්න කලින් වීසා/මාස්ටර් කියන්නේ මොනවද කියලා කියන්න වෙනවා. මේවා ඇමෙරිකාව මත පදනම් වූ ආයතන. මේ දෙකට අමතරව ඇමෙරිකන් එක්ස්පස් ආයතනය, ජපානයේ JCB ආයතනය ක්‍රෙඩිට්/ඩෙබිට් ගනුදෙනු පිළිබඳ මූලිකත්වය ගෙන කටයුතු කරනවා. ඩෙබිට් එහෙමත් නැත්නම් හැර කාඩ් කියන එකේ සාමාන්‍ය තේරුම තමන්ගේ ගිණුමට සෘජුව සම්බන්ධ කර එහි ඇති මුදල් පරිහරණය කිරීමේ අවස්තාව සැලසීමයි. නමුත් වීසා ඩෙබිට් කියන්නේ VISA ආයතනය සමගින් එකතුව  කරන හර කාඩ්පත් සන්නමක්. එයින් පසු ඔවුන් එම පන්නයේ සන්නම් කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. එයින් එකක් තමයි VISA debit කියන්නේ. අනිත් එක VISA Electron. මේ දෙකෙන්ම බොහෝවිට එකම දෙයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ ඔබේ ඉතිරි කිරීමේ හෝ ජංගම ගිනුමත් සමග සම්බන්ධ වෙලා එහි තිබෙන ශේෂය මත භාණ්ඩ මිලදී ගැනීම හෝ ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමට ඉඩ සැලසීම. සාපේක්ෂව VISA Debit වලට වඩා VISA Electron පරණයි. මතක තබා ගන්න මේවා ඔවුන්ගේ සන්නම්(Product) නාම දෙකක් පමණයි. Master කියන්නේ VISA වලට ඉන්න ප්‍රධාන තරගකරුවා.  එනමුත් ඔවුන් කාඩ් මගින් කෙරෙන සොරකම් වැළකීම වැනි මෙහෙයුම් වලදී සාමූහිකව කටයුතු කරනවා. දැන් ඔබේ ප්‍රශ්නය වෙත යොමු වෙමු.
 ශ්‍රී ලංකාවේ සියළුම බැංකු මේ වනවිට වීසා හෝ මාස්ට ර්ජාලයන් සමග එකතුව ඩෙබිට් කාඩ් පත් නිකුත් කරනවා. මෙම ප්‍රශ්නය අසා බොහෝ කලක් ගත වී ඇති බැවින් ඩෙබිට් කාඩ් ගනුදෙනු තවදුරටත් ආගන්තුක නොවන සමයක් වන අද දින මෙය කියවන ඕනෑම කෙනෙකු ළඟ ඩෙබිට් කාඩ් පතක් තිබෙනවා.
ඒවායෙන් ලැබෙන වට්ටම් පිලිබඳ මෙවැනි සටහනකින් විස්තර කිරීම පහසු නෑ. අද ඔබේ ජංගම දුරකතනයට එවැනි දේ පිලිබඳ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කෙටි පණිවුඩ ප්‍රමාණයක් ලැබෙනවා ඇති. නමුත් අන්තර්ජාතික පාපන්දු සංගමය (FIFA) ආයතනය ඔවුන් විසින් සංවිධානය කරන කිසදු තරගාවලියක් පවතින සමයක, එම නාමය යොදාගෙන කෙරෙන ගනුදෙනු වලදී කිසිදු ගාස්තුවක් අය නොකිරීමට මේ ආයතන වලට නියෝග කර තිබෙනවා. හොඳම උදාහරණය 2010 දී දකුණු අප්‍රිකාවේ පැවති තරගාවලිය වෙනුවෙන් කොළඹ හිල්ටන් හෝටලයේ කෙරෙනු ප්‍රවර්ධන වැඩසටහන් වලදී 25%ක වට්ටමක් සියළු රන් කාඩ් හිමියන්ට සලසනු ලැබුවා. රුපියල් 1000ක් වූ ඇතුලත් වීමේ ගාස්තුව වෙනුවෙන් අප ගෙවනු ලැබුයේ රුපියල් 750ක් පමණයි. නමුත් ඒ රුපියල් 1000ම ඇතුලත් වීමෙන් පසු භාවිතා කිරීමේ පහසුව සලසා දෙනු ලැබුවා. 
 ඒ නිසා සහතිකවම අන්තර්ජාතිකව ලෝක කුසලාන පාපන්දු තරගාවලි පවතින සමයන්හී ගාස්තු කිසිවක් අය නොකරන බව සහතිකවම පවසන්න පුළුවන්.නමුත්මේ බොහෝ දේ ලබාදෙන්නේ ක්‍රෙඩිට් කාඩ්වලට.
 
ඒ දෙන කාඩ් හැම එකක්ම වගේ Master,Visa ආයතන මගින් නිකුත් කරන කාඩ් නිසා ඕනිම බැංකුවකින් International Debit කාඩ් එකක් ගත්තට කමක් නැද්ද?
ඇත්ත වශයෙන්ම VISA/Master සංකේත සහිතව නම් කාඩ්පත නිකුත් කරන්නේ, ඔබ කාඩ්පත ලබා ගන්නා බැංකුව පිලිබඳ කිසිදු විශේෂයක් නෑ. නමුත් කාඩ්පත පවත්වාගෙන යාම වෙනුවෙන් ඔවුන් අය කරන ගාස්තු, වෙනත් රටවල භාවිතාවේදී අය කරන ගාස්තු බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඒ නිසා ඒ - ඒ බැංකු සඳහන් කරන ගාස්තු සහ පොලී පිලිබඳ නිසි අධ්‍යනයකින් පසුවය ඔබේ බැංකුව ඔබ තෝරා ගත යුත්තේ. මුළින්ම ඔබගේ අවශ්‍යතාවත් ඉන්පසුව බැංකු ලබාදෙන පහසුකම් සහ ගාස්තු සංසන්දනය කර බැලීමට කාලයක් ගෙන නිවැරදි කාඩ්පත තෝරා ගැනීම ඔබ විසින්ම කලයුතුයි.
ලංකාවේ බැංකුවකින් නිකුත් කරනු ලැබූ International Master හෝ Visa Debit කාඩ් පතකික් වෙන රටකට ගිහිං ඒ කාඩ් එකෙං සල්ලි ගත්තොත් ගන්න මුදලට අමතරව කොපමණ මුදලක් එම රටේ ATM යන්ත්‍රය අයිති බැංකුව විසින් ලබා ගන්නවාද?? එම ලබා ගන්නා මුදල බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවද...??..ඔය ප්‍රශ්නයටම අනික් පැත්ත ගහලා ඇහුවොත් විදේශිකයෙක් මෙරටට පැමිණ ඔහුගේ Master හෝ Visa කාඩ්පතින් මුදල් ගත්තොත් අමතරව කොපමන මුදලක් ඔහුගෙන් ඔහු මුදල් ලබා ගන්නා ATM යන්ත්‍රය අයිති බැංකුව විසින් ලබා ගනියිද?? ඒ මුදලත් බැංකුවෙන් බැංකුව අනුව වෙනස් වෙනවද...එහෙම වෙනස් වෙනවනං එහෙම වෙන්න හේතු මොනවද??? 
ඔබ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ යම් දැනුම සහිතව බව පැහැදිලියි. නමුත් මේවා ඉතා වැදගත් ප්‍රශ්න. බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ නෑ. ගනුදෙනු පිලිබඳ ගාස්තු තනිකරම පනවන්නේ රට කුමක් වුවත් ඒ බැංකුව විසින්. එය ඔවුන්ගේ වියදම් මත පදනම්ව කරනවා. නමුත් වීසා හෝ මාස්ටර් ජාලා භාවිතාව වෙනුවෙන් ඉතා කුඩා ගණනක් ඔබ ලබා ගන්නා හෝ වියදම් කරන මුදලින් ලබා ගන්නවා. මෙය සියයට දශම ගණනක්. නමුත් වෙනත් රටවල ගාස්තු අය වෙන්නේ ඩොලර් වලින්/පවුම් වලින් නිසා, ඒවා අප වැනි රටක කෙනෙකුට දාරා ගන්න අපහසුයි. දැන් පැහැදිලියි නේද බැංකුවෙන් බැංකුවට මේ ගාස්තු වෙනස් වන බව.
ප්‍රශ්නයේ අනිත් පැත්ත ඉතා සරලයි. අපි ඩොලර් තුනක් අය කලොත් ඒ ගණන අපිට රුපියල් 450 ක් පමණ වුවත්, ඇමරිකාවේ කෙනෙකුට එය ඩොලර් තුනයි. ඔවුන්ට මේවායේ යම් වාසියක් ලැබෙනවා. ඒ ලැබෙන්නේ ඔවුන්ගේ රටවල තිබෙන ආර්ථිකමය ශක්තියට සාපේක්ෂව.ඒවා තමන්ගේ රටේ ජීවත්  වුණත්  ඔවුන්ට  ලැබෙන දේවල්.නිතරම විදෙස් ගත වෙන කෙනෙකුට වඩා පහසුයි ලංකාවේ තියෙන  විදේශීය  බැංකුවක  කාඩ් පතක්  ලබා ගැනීම. මොකද ඔවුන්ගේ  ශාඛා  ජාලය  පුළුල්. තමන්ගේ ගනුදෙනුකරුවෙකුට ඔවුන් අඩු ගාස්තු විදේශයකදී  වුවත් ලබා දෙනවා. නැවතත්  ලංකාවේ බැංකු වුවත් මේ ගාස්තු අතර වෙනස් කම් තියෙනවා. එහෙම වෙනස් වීමට හේතුව වෙළඳපොල අනුව ඔවුන් තීරණය කරන මුදල.

Internet Banking වලදී හොඳ සේවාවක් සපයන සහ වඩා කාර්‍යක්ෂමව ගනුදෙනු කල බැංකුව මොකක්ද??....එහෙම වෙන්න ඒ බැංකුව Internet Banking සේවාව ලබා ගන්නා පාරිභෝගිකයන්ට ලබා දෙන පහසුකම් මොනවාද??
මේ ප්‍රශ්නයට පිළිතුරැ දෙන්න අවශ්‍ය තොරතු මා සතුව නෑ. එහෙම කරනවා නම් ලංකාවේ සියළු බැංකු වලින් ඒ පහසුකම ලබාගෙන සෑහෙන කාලයක් ගනුදෙනු කරන්න ඕනේ. නමුත් ඒ ගනුදෙනු වෙනුවෙන්ම ක්‍රෙඩිට් කාඩ්පතක් නොමැති අය වෙනුවෙන් මා දන්නා තරමින් සම්පත් බැංකුව වෙබ් කාඩ්පතක් ලබා දෙනවා. එහි තිබෙන වාසි තමයි ඔබ කලින් තැන්පත් කල මුදලක් නිසා එහි ප්‍රමාණය පිලිබඳ ඔබ දැනුවත්. ඒ වගේම දරාගැනීමට හැකි වියදමක්.
එක් එක් බැංකුවේ internet banking වල User Interface එක ගැන reviews එකක් දෙන්න.... 
 මේකටත් කලින් ප්‍රශ්නෙටම දුන් උත්තරය එක පැත්තකින් දෙන්න වෙන්නේ. මොකද එහෙම කරන්න නම් ලොකු රිසර්ච් එකක් කරන්න වෙනවා. ඔබ මේ තොරතුරු හොයන්නේ එවැනි අදහසකින්ද කියන සාධාරණ සැකය ඔබේ ප්‍රශ්න මත ඇති වෙනවා. නමුත් එක දෙයක් කියන්න පුළුවන්. ගනුදෙනු කරුවා User Interface ගැන එතරම් වැඩ වෙන්නේ නෑ මේ කාර්යයේදී. අවශ්‍ය වෙන්නේ වඩාත් සරල, පැහැදිලි, ඉක්මනින් ලෝඩ් වෙන, ගනුදෙනුකරුවාට හුරුපුරුදු එකක් තිබීම. වඩා හොඳ කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒ කියන්නේ එහි සිත්ගන්නා ස්වරූපය භාවිතා කරන කෙනාගේ රුචි අරුචි මත වෙනස් වෙනවා. මගේ ඉන්දියන් මිතුරෙක් ICICI බැංකුවේ ඔන්ලයින් බෑන්කින් මා සමග සිට ගනුදෙනුවක් කළා. එය ඉතා සිත් ගන්නා සුළු එකක්.
දැනට භාවිතයේ ඇති Master/Visa Shopping Debit කාඩ් වලින් මුදල් ගෙවා යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගත් විට අයකරන්නේ ඒ භාණ්ඩයේ හෝ සේවාවවේ මුදල පමණක්ද?? නැත්නම් අමතර මුදලක් ලබා ගන්නවද??
මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඔබ යම් වෙළඳ ආයතනයකින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා ගෙවිය යුත්තේ එහි සඳහන් මිල හෝ ඊට අඩු අගයක්. මොකද සමහර වෙළඳ ආයතන කාඩ් ගනුදෙනු කරුවන්ට වට්ටම් ලබාදෙන නිසා. නමුත් කාඩ්පතින් ගෙවන විට අමතර 2%,3%,3.5% වැනි මුදල් වෙළෙන්දන් ඉල්ලා සිටිනවා. එවැනි මුදලක් ගෙවීම ප්‍රතිෂේප කරන්න ඔබට අයිතියක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ POS යන්ත්‍රයට අදාළ බැංකුව විමසා ඔවුන්ට ඇමතුම ඒ මොහොතේම ලබා දෙන්න. එම කොමිස් මුදල වෙලේන්දාගෙන් අය කරන්නේ අදාළ කාඩ් මධ්‍යස්ථානය. සමහර කූඨ වෙළෙන්දන් එය ගනුදෙනුකරුගෙන් ලබා ගන්නවා, නැතිනම් ලබාගැනීමට තැත් කරනවා. එය සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක්.

ලංකාවට NFC ඇති ජංගම දුරකතන මගින් බිල්පත් ගෙවීම් වැනි කාර්‍යක්ෂම තාක්ෂණ ක්‍රම එන්න තව කොච්චර කල් යයිද??? ... ඒ ආවත් ඒ ඒවා සුපිරි වෙලද සැල් වලට සීමා වෙයිද....??....මෙවැනි තාක්ෂන සහිත උපකරණ නිකුත් කරන්නේ බැංකු විසින්ද??..උදාහරණයකට ගොඩගේ book shop එකට NFC Payment Machine ගැනීමට අවශ්‍ය වූවා යයි සිතමු...එවිට එය මිලදී ගත යුතු වන්නේ ලංකාවේ බැංකුවක් හරහාද??
NFC කාඩ් සහ ඒවා ඇති මොබයිල් කියන්නේ දෙකක්. කාඩ්පත් නම් නිකුත් කරන්නේ බැංකු පමණයි. ක්‍රෙඩි කාඩ්පත් නිකුත් කරන බැංකුවක කාඩ් මධ්‍යස්ථාන තමයි NFC මගින් මුදල් ලබාගැනීමට හැකි  යන්ත්‍ර  හඳුන්වා  දිය යුත්තේ. මේවා  සඳහා වැයවන  මූලික  පිරිවැය  වැඩියි. ඒ  කාඩ්පත්  කස්ටමයිස්  කරන ස්ථාන  ලංකාවේ  නෑ.  ඉතින් අඩුම  වශයෙන් අපි ඒවා ඉන්දියාවට  හෝ  යවා  එම  සේවාව  ලබාගත  යුතුයි. ඉතින්  එක්  කාඩ්පතක් වෙනුවෙන්  වැයවන පිරිවැය  වැඩියි. ලංකාවේ  තවමත් නෑ. HNB බැංකුව  ඒ  සඳහා ඉදිරිපත් වුවත්, තවමත් එය සිදු කර නෑ. තවමත් ඒවා ලංකාවේ නෑ. හඳුන්වා දුන් මුල් කාලයේ ඒවා සුපිරි වෙළඳ සැල් වලට සීමා කරනවද කියන කාරණය, ඒ බැංකුවේ තීරණයක්. ඔව් රටක මහා බැංකුව ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නේ මූලිකව බැංකු වලට, නමුත් මොබයිල් මගින් කෙරෙන ගනුදෙනු වෙනම අංශයක්. ඒවා ජංගම දුරකථන ආයතන මගිනුත් කරගෙන යනවා. ඔව්. ගොඩගේ මහතා ඒ ගැන විමසිය යුත්තේ ලංකාවේ බැංකුවකින්. ඉදිර්යේදී මේ අවස්ථා තුන්වෙනි පන්තියේ ආයතන වෙත ලබාදෙයිද කියා දැන්ම කියන්න බෑ. මූල්‍ය නොවන ආයතන වෙත එවැනි අවස්ථා දීමේ හැකියාව අඩුයි. නමුත් එයට කලින් EMV තාක්ෂණය ප්‍රචලිත වේවි. දැනටමත් තරමක් දුරට එය සිදුකර හමාරයි. ඒ චිප් කාඩ්පත් මගින් ගනුදෙනු කරන යන්ත්‍ර.
 Global Payments වැනි ආයතන අයකරගනීමේ යන්ත්‍ර ලබාදීමේ කටයුතු වල යෙදී සිටිනවා. ඔවුන්ගේ නමින් කියැවෙන පරිදි ලෝක මට්ටමේ ආතනයක් නිසා පිළිගැනීම වැඩියි.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...