Monday, August 8, 2016

කෙටිම කෙටි ලොල් කතා අංක 39 : ඉස්කෝලේ ටොමියා, මහින්දලාගේ පොමියා, සහ බ්‍රයන්ගේ මෛත්‍රීය ......

වැඩිපුර අනං - මනං ලියන්න වෙලාවක් නෑ. හැම පත්තකින්ම් කාර්ය බහුල වෙලා ඉන්න මොහොතක අසු වුණ එක කතාවක් නිසා මේ කතා ටික ලියලා දාන්න හිතුණා. 

පලවෙනි කතාව අපේ අම්මා මට කියපු කතාවක්. සමහරවිට ඇය ඉගැන්වූ පාසලේ වුණු සිද්ධියක් වෙන්නත් පුළුවන්. ගුරුවරු සහ සිසුන් එකයි තිහට පාසල නිමා වුණු ගමන් නික්ම ගියත්, විදුහල්පති තුමා සහ කාර්යාලයේ සේවකයෝ තරමක් ප්‍රමාද වෙලා තමයි පාසලෙන් යන්නේ. බොහෝ පාසැල් වල අයාලේ යන බල්ලෙක්, පූසෙක් වාසස්ථානය කර ගන්න එකත් සාමාන්‍ය දෙයක්. මේ කියන පාසලෙත්, මේ වගේ බල්ලෙක් නාවතැන් ගන්න පුරුදු වෙලා හිටියා. වැඩේ තියෙන්නේ මේකා විදුහල්පති තුමා එක්ක පුදුම විදියට ලෙන්ගතු වෙලා. මේ ඔෆිස් එකේ ලිපිකාරිණියක් විදියට කාන්තාවක් අලුතෙන් පත් වෙලා ඇවිත්. මේ විදුහල්පති තුමා මේ කාන්තාව එක්ක වැඩි ඇසුරට යන්නේ නැතිව අවශ්‍ය දේට පමණක් කථා කරගෙන ජාම බේරන් ගිහිං තියෙන්නේ, කලින් වැඩ කරපු කාන්තාව එක්ක ඇති වුණු හුටපටයක් දුරදිග ගිය නිසා. හැබැයි මේ කාන්තාවට මේක ඇල්ලුවේ නෑ. එයා හැම වෙලාවේම උත්සාහ කලේ විදුහල්පති තුමා එක්ක කුළුපග වෙන්න. මේ අතරේ අර බල්ලා විදුහල්පති තුමාගේ මේසේ යට රිංගගෙන එතුමාගේ ලේස් දෙකත් එක්ක සෙල්ලම් කරනවා. ඒ වගේ වෙලාට එතුමා ගෙට්-අවුට් කියනවා. එහෙම කිවුවත් කිසිම වෙලාවක ටොමියා එලියට යන්නේ නෑ. තමන්ගේ වැඩ වළට හිත යොමු කරන විදුහල්පති තුමාට ඒ ගැන වැඩි නිනව්වකුත් නෑ. තවත් දවසක් ටොමියා විදුහල්පති තුමාගේ මේසේ යටට ආවා. මේක අර ලිපිකාරිණිය දැක්කා. එයාටත් විදුහල්පති තුමා එක්ක කථාවට වැටෙන්න හොඳ අවස්ථාව නිසා මෙහෙම කිවුවා.
සර් අන්න අර ගෙටවුට් ආයෙත් ඇතුළට ඇවිත්" කියලා.
 මහින්දලාගේ පොමියා කිව්වම සිහියට එන අය බොහොමයක් දැන් ඉන්නේ මහින්දගේ විරුද්ධ පැත්තේ. නමුත් මේ කියන්න යන්නේ අපේ ගෙදර ඉස්සරහ ගෙදර මහින්දලාගේ දියුණුව ගැන කථාවක්. මහින්දලා බොහොම දුප්පත් විදියට හිටපු මිනිස්සු. එයාලගේ අක්කා පීටර් කියලා නාකි සුවිස් කාරයෙක් බැඳ ගත්තට පස්සේ මහින්දලාට හොඳ කලක් ගියා. මුලින්ම වහල හැදුවා. ඉන්පස්සේ වරිච්චි බිත්ති ටික කපරාරු කළා. ගෙට සිමෙන්ති දැම්මා. පේන්ට් කළා. ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ කැසට් රෙකෝඩර් එකක් ගෙදරට ආවා. පස්සේ ටී.වී. එකකුත්. මේ කැසට් එක මහ හයියෙන් දවස පුරා දාන නිසා මට සිංදු නිකම්ම කට පාඩම් වුණා. ඒක වෙනම කතාවක්. පස්සේ වෑන් එකක් ගත්තා. ඉන් පස්සේ පොමනේරියන් වර්ගයේ බල්ලෙක් මේ ගෙදරට ආවා. අපිත් වැඩි ඇයි-හොඳැයියක් නැතිව හිටියත්, මේ හුරතල් බලු කුක්කාගේ වැඩසටහන බලන් උණ්නා. මහින්දලා එක පාරට උද ගිය නිසා එහෙන්-මෙහෙන් කඩ්ඩත් වන්න ගත්තා. මහින්දලාගේ ගේ තිබුණේ මහ පාරට මායිම්ව. ඒ කියන්නේ බිත්තියත් පාරත් අතර අඩි-දෙකක් වත් නෑ. බැම්ම අඩි තුණක් විතර උසයි. පඩියක් තිබුණා නැගලා යන්න. මේ බල්ලා හිටපු ගමන් පාරට දුවගෙන එනවා. ඒ වෙලාවට ගෙදර ඉන්න කවුරු වුණත් පාරට බැහැලා "ගෙටප්" කියනවා. එයාලා අදහස් කලේ "ගෙට - අප්" කියන එක නැතිනම් ගෙට ගොදවෙයන් කියන එක.

බ්‍රයන්ගේ මෛත්‍රී කතාව බොහොම කෙටි එකක්. මගේ එළු පැටියා විකල්පය බ්‍රයන් දන්නේ නෑ. බ්‍රයන් කියන්නේ ලංකාවේ ජාතික මට්ටම නියෝජනය කරන පාපන්දු ක්‍රීඩකයෙක්. මම එයාලගේ අම්මා ගැන ලියපු සටහන බොහෝ දෙනෙක් බලන්න ඇති. බ්ලොග් වලට ආපු මුල් කාලේ ලියපු කතාවක්. බ්‍රයන් කිව්වට, ලංසි සම්බවයක් තිබුණට, බ්‍රයන්ලා බොහොම හොඳ බෞද්ධ පවුලක්. පොඩි එකීට වයස අවුරුදු දෙකක් හෝ තුනක් ඇති. නිදි කරන්න කතා කියන්නේ බ්‍රයන්. දවසක් මොනවා කිවුවත් නිදි කරවන්න බැරි නිසා. අපි භාවනා කරමු කියලා, බ්‍රයන් මෙහෙම කිවුවා.

"දැන් ඇස් දෙක පියාගෙන අත්දෙක මෙහෙම තියා ගන්න"

පොඩි එකීත් එහෙම කළා.බ්‍රයන් දැන් මෙහෙම කියනවා

"මම නිදුක් වෙම්වා"

එතකොට පොඩි එකී මෙහෙම කියනවා

"මම නෙතුලි නිහන්සා"

කාලා වරෙන්කෝ.

මේ පොස්ට් එක දාන්න පටන් අරන් මාසයක් විතර ඇති. නින්දෙන් ඇහැරිච්චි වෙලාවේ මතක් වුණා තව කතාවක් මේ එක්ක කියලා දාන්නම් නැතිනම් අමතක වෙනවා. මේක වෙලා තියෙන්නේ පූස් රැලක. පොඩි පූස් පැටව් සෙට් එක දවස් කිහිපයක් තිස්සේ නිරීක්ෂණය කරලා තියෙනවා එයාලා නිදියන්න සෙට් වෙන වෙලාවට, එයාලට වඩා ටිකක් වැඩිමල් සෙට් එක රෑට හොරෙන් කොහේදෝ යනවා. පස්සේ දවසක කොහෙද යන්නේ කියලා දැන ගන්න මේ අය කථිකා කළා. කෙළින්ම පූස් අයියලාගෙන් මේ ගැන අහන්න එයාලා තීරණය කළා. දවසක් හවසක පූස් අයියලාගෙන් මල්ලිලා සෙට් එක මෙහෙම ඇහුවා

"අයියේ අපි මේ අහන්නමයි කියළා හිටියේ, අයියලා කොහෙද හැමදාම රෑ වෙත්දී යන්නේ"

එලෝ කෝටියට තද වුණු පූස් අයියා කෙනෙක් මෙහෙම පිළිවදන් දුන්නා

"අපි යනවා ** කන්න"

පූස් මල්ලිලාටත් හරි බඩගින්න නේ. එයාලට හිතුණා අපිටත් ඒ කෑම කන්න ඇත්නම් කියලා. ඉන් පස්සේ එක කටේ කිරි සුවඳවත් නොගිය  පූස් මල්ලි කෙනෙක් මෙහෙම කියනවා

"අනේ අයියේ අපිත් ආසයි ** කන්න. අපිවත් එක්කන් යන්න" කියලා

මේක හොඳ ෆන් වැඩක් තියෙයි කියලා හිතපු පූස් අයියලත් කිව්වලු.

"ප්‍රශ්ණයක් නෑ. අද රෑට අපි පස්සෙන් වරෙල්ලා" කියලා

ඔන්න අයියලා දැන් යන්න යනවා. පූස් මල්ලිලා සෙට් එකත් හෙමිහිට අයියලාගේ පස්සෙන් වැටුණා. ටිකක් දුර යත්දී දඩෝරි බල්ලෝ සෙට් එකක් මේ දෙගොල්ලේ පස්සේ පන්නන්න ගත්තා. මෙහෙම දුවගෙන ගිහිං පූස් අයියලා සෙට් එක එක ලොකු ගහක් වටේ දුවන්න ගත්තා. මල්ලිලත් එයාලාව ෆලෝ කරා. ** කන්න තියෙන ආසාවට. දැන් රවුන්ඩ්-අබවුට් එක වගේ වටේට පූසෝ සෙට් දෙක දුවනවා. බල්ලෝ එයාලගේ පස්සෙන් දුවනවා. මල්ලිලාට ටිකක් දුවනකොට හති වැටුණා. එක පූස් මල්ලි කෙනෙක් මෙහෙම කිවුවා

"අනේ අයියේ අපිට මහන්සියි. අයියලා දිගටමා ** කාගෙන යන්න. අපේ මේ වටේ ඉවර කරළා ගෙදර යනවා" කියලා.

** කැමති අකුරක් හෝ වචනයක් යොදාගෙන රසවිඳින්න. අපි ඕවට නෑ. 

30 comments:

  1. උදෙන්ම හිනස්සලා වැඩ පටන් ගන්න උදව් කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නැවත එන්න කියා කියන්නට විදිහක් නැත. අනෙක් පොස්ට් එක කවදා දාවිද කියා විශ්වාසයක් නැත. ඒ තරමට බ්ලොග් එක මග හැරෙමින් පවතී.

      Delete
  2. නියම කථා ටික. එකකට එකක් දෙවෙනි නැහැ. මම නෙතුලි නිහංසා එකනම් cute.

    ReplyDelete
    Replies
    1. පඳුරු වඩියක් තැලුවා නම්, පොස්ට් හතරක් කරන්න තිබුණා. නමුත් මේකට වෙලාව වෙන් වෙන්නෙම නෑ. එනිසා අමතක වන්නට පෙර දාලා දැම්මා.

      Delete
  3. නියමයි.
    එහෙනං අයිය දිකටම **කාගෙන යන්නකො. හැක්..

    ReplyDelete
    Replies
    1. හරි මල්ලි මම "ඈ තාර කාවී" වගේ තරු කාගෙන යන්නම්.

      Delete
  4. ගිය අ ඟහරුවාදා(02) උදේ 11ට විතර පෙට් කාඩ් වැඩකරන්නේ නැතිව අළුත්ගමත් බලලා දර්ගා ටවුමෙත් වැඩ නොකරන කොට කවුන්ටරේ හිටපු ගෝතයාට කිවව්හාම ඌ කියන්නා ප්‍රොබ්ලම් එකක්වෙනන් අැතිළු. මිනිස්සු ගැන වගේ වගක් නැති ඌටත් **කාගෙන ඕක බාර උන්ටත් *****කෝවන්න කියලා කියන්න මට හිතුනා සුදික මහත්තයෝ. බේනතොට බීච් හෝටලේ රූම් බෝයි කෙනෙක්ද කොහේද උනු මිය ගිය සමන්ධර්මරත්නලයි ගෙවල් පැත්තේ හිටිය ආනන්ද උඩුගම්පොල කියාල පොරක් නැතිවුනා

    ReplyDelete
    Replies
    1. කම්බි දිගේ දත්ත යන ගමන් උන් යන්න බෑ කිවුවම මොකද කරන්නේ. අපි මේ සේවාව 24 x 7 තියන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා. වැඩේ තියෙන්නේ අපි ළඟ තියෙන යන්ත්‍ර හිටපු ගමන් උපවාස කරනවා. ගනුදෙනුකරුවෙක් විදියට ඔබ මුහුණදුන් තත්වය හොඳටම පැහැදිලියි. මේ ප්‍රශ්නේ එක කෙළවරක විසඳුම් හොයපු කෙනෙක් විදියටයි මම වෙච්ච සිද්ධිය විහිළුවෙන් කිව්වේ.

      සමන් මගේ හොඳ මිතුරෙක්.ඒ අකල් වියෝව ගැන මම බොහොම සන්තාප වුණා. ඔහු ගැන පොස්ට් එකක් ලියන්නම්. ආනන්ද උඩුගම්පොල කවුද කියලා මම කල්පනා කරන්නේ. ඒ වගේම උදාර කවුද කියලත් මම කල්පනා කරනවා. මම ගැන හොඳට දන්න පාටයි නේ.

      Delete
    2. නැහැ සුදීක මහත්තයො‍ේ.ප්‍රශ්ණ කොහෙත් එනවා.මිනිස්සු මැෂින් එක වටේ බලන් ඉන්නවා. කාඩ් එක රිටන් වෙනවා .අඩු ගානේ දැන්වීමක් දාන්න බැරිද තාක්ෂණික දෝසයක් නිසා යන්ත්‍ර අක්‍රීයයි. අප‍ේ කණගාටුව. Lanka Pay තිබෙන් ඕනැම බැංකිවකින් මුදල් ගන්න යන්නේ වැඩිපුර රුපියල් 10ක් පමණි කියලා අර අළුතගමම තියෙන ජාතික ඉතිරි කිරිමේ බැංකුවේවගේ උන්ට Lanka Pay නැති උනත් සම්පත් බැංකවෙන් මුදල් ගත හැක කියලා දලා තියෙනවා .මේ මැට්ටන්ව සතියකට කොමර්ෂල් හරි සමපත් එකට හරි වැඩට යවන්න.කස්ටර්මලා වාතයක් නෙමේ කියලා හිතන විදිහට.

      Delete
    3. ඔබ කියන කතාව ඇත්ත. LankaPay ගැන අපේ ජනතාව දැනුවත් මදි. දැන් මේකට ලංකාවේ බොහොමයක් බැංකු එකතු වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට දැනුම දෙන්න පුළුවන්. ඒත් ඒවා භාවිතා කරන එක සහජ දක්ෂතාවය. අන්න එතැනදී තමයි මේ කියන කෙනා ෆේල් වෙලා තියෙන්නේ.
      හැබැයි ඔය කියන අවස්ථාවේ ප්‍රශ්නේ ආවේ ATM වල නෙවෙයි. මම උඩින් කියලා තියෙන තැන. එතැනදී අපේ ගනුදෙනු කරුවෙක් නම් කොහෙන්වත් ගන්න බෑ.

      Delete
  5. මාර sea-sugarcane-eaterලනෙ මුං.

    ReplyDelete
    Replies
    1. නැතුව. නැතුව. Pirates of the Caribbean ලා.

      Delete
  6. නැවුම් ජෝක්ස් ටිකක්. මරු !. තැන්කිව් සුදීක

    ReplyDelete
    Replies
    1. ආවාට ස්තුතියි තිලකේ.

      Delete
  7. යකෝ මම තනියම කොම්පියුටර් තිරේ එක්ක හිනාවෙනකොට අපේ උන්දෑ කියනවා වැඩිකල් නොගිහින් අංගොඩ ගෙනියන්න වෙයිලු.

    අපිට කියවෙන්නේ ලියවෙන්නේ පොමනේරියන් කියලා. නමුති නිවැරදි වචනය පොමරේනියන් https://en.wikipedia.org/wiki/Pomeranian_(dog)

    ReplyDelete
    Replies
    1. අංගොඩ ආවොත් කාලක් අරන් එඥ්ඥං. පොරමෝලිස් කියලා දැන්නේ දන්නේ.

      Delete
  8. අළුත් කතා සැට් එකක්...

    ReplyDelete
    Replies
    1. බොහොම කාළයක් තිස්සේ දැනගෙන උන් කතා දෙකකට අලුත් දෙකක් එකතු කළා.

      Delete
  9. කාලෙකිං ලිව්වට බොහොම පොඩ්ඩයි නොවැ.

    ReplyDelete
    Replies
    1. පඳුරු ඔක්කොම කවුද ඩෝසර් කරලා. නයා මැරිච්ච අහිකුන්ටිකයා ගානයි.

      Delete
  10. ඔක්කොම ඩෝසර් කරලා තණකොළ හිටවන්ඩ ඕනෙ.....ඒකත් පට්ට සුදීකයියෙ

    ReplyDelete
  11. මහින්ද ලා මෛත්‍රී ලා ගැන කියනකොට මටනම් හිතුනෙම වෙන එකක්.. මේ ටික සුප්ප.. ඔන්න අපි එහෙනම් මේ වටේ ඉවර වෙලා ගෙදර යනවා.. අයියලා කැමති දෙයක් කර ගන්න ..

    ReplyDelete
  12. එකෙක් ෆැන්ටෑස්ටික් කිව්වම අනික කොකාකෝලාස්ටික් කිව්ව වගේ
    අයිම් රිලැක්සිං කිව්වම අයිම් භගත්සිං කිව්ව වගේ
    අයිම් සෆරිං ෆ්‍රොම් ෆ්ලූ කිව්වම අයිම් සිරිපාල ෆ්‍රොම් ලංකා කිව්ව වගේ
    මම නිදුක්වෙම්වා කිව්වම මම නෙතුලි නිහංසා කිව්වලු.
    නෙතුලි නිහංසා.... හොඳට කණට හුරු නමක්.
    ජයවේවා..!!

    ReplyDelete
  13. බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
    නුඹ මුවෙන් පවසන නිසා

    අපූරු කවි පෙළක් එක්ක අළුත් බ්ලොග් එකක්

    ReplyDelete
  14. විකාගෙන හිනා වෙන්න හිතෙනවා...

    ReplyDelete
  15. "මම නෙතුලි නිහන්සා", පොඩි එකා හිතන්නැති මේ තමන් ගැන කියන විදියක් කියල... :)

    ReplyDelete
  16. කෙටිම කෙටි කතා කිව්වට කෙටිම නෑ නේහ් :P

    ReplyDelete
  17. බොලා වගේම මමත් බොහොම කාර්යබහුලයි අප්පා...අවාරෙට දැන් කොටන්නෙ..කාලෙකින් බොලාගෙ දිහා ආවෙ...

    ReplyDelete
  18. මම ඩ්‍රැකී වෙම්වා...

    අපේ ලප සාන්ති මාම දවසක් එය‍‍ාගෙ අම්මට කිව්ව, "ෂටප්!, "ගෙටවුට්!" කියල. අපි පොඩි උං එයාගෙං ඇහුව, ඒ කියපුවයෙ තේරුම මොකද්ද කියල. එයා කිව්ව,

    "ෂටප් කියන්නෙ - කටවහපං
    ගෙටවුට් කියන්නෙ - ගෙට පලෙයං"

    ReplyDelete
  19. මම එල ද බ්‍රා මෙන්ඩ
    නියමයි
    පට්ට
    එල ද බ්‍රා

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...