Monday, February 4, 2013

චන්ද්‍රිකාගේ ඇපල් වත්ත

පින්තුරය ගත්තේ : http://www.prairiegardensadventurefarm.com/


ඒ 1998 වර්ෂයයි. එවර පෙබරවාරි මස හතර වෙනිදා සමරන්නට යෙදී තිබුනේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී ගෙවන පනස් වන සංවත්සරයයි. බොහෝ දෙනා 1948 දී අපට ලැබුනේ නිදහසක්දයි ප්‍රශ්ණ කරති. ඇත්තටම ශ්‍රී ලංකාව ලෙස ජනරජයක් බවට පත් වුයේ 1972 දීයී. ඉතිං අප දැන් සමරන්නේ නිදහසද ? නැතිනම් ජනරජ දිනයද ? යන්න පැහැදිලි නැත. බොහෝ බ්ලොග් ලිපි වලින් නිදහසේ ඉතිහාසය, අපේ රට ගැන විදේශිකයන් දකින ආකාරය, නිදහස දිනා දීමට සටන් කල වීරවරු ගැන සටහන් කියව බැලුවෙමි. මේ අතරින් වඩාත් සිත් ගත්තේ මල් කැකුළු බ්ලොග් අඩවියේ තිබූ පළවැනි නිදහස චිත්‍රයට නැගූ ලංකික ඉන්ජිනේරුවාගේ කතාවය.  එහෙත් මගේ මතකයට ආ මේ නිදහස් කතාව මීට වසර 15කට පෙර සැමරූ 50 වෙනි නිදහස් උළෙල සහ ඉන්පසු සති දෙක ගැනය.

50 වැනි නිදහස් උළෙලට සමගාමීව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වුණු ප්‍රදර්ශණය සඳහා රාජ්‍ය ආයතන සියල්ලම පාහේ නියෝජනය කරමින් විවිධ ප්‍රදර්ශන කුටි සුදානම් කර තිබුණි. මහජන බැංකුව ලෙස අපට පැවරුණු රාජකාරිය වුයේ මේ සඳහා ටිකට් පත් නිකුත් කර ආදායම ජනාධිපති ලේකම් කාර්යාලට භාර කිරීමය. මීට අමතරව අපගේ ප්‍රදර්ශන කුටි කිහිපයක්ද ඒ භුමියේ සුදානම් කර තිබුණි. නිල බැංකුකරුව ලෙස බැංකු කවුලුවක්ද දෙවන ශාලාවේ පිහිටුවා තිබිණි. අප කෙලින්ම රාජකාරි වාර්තා කලේ ජනාධිපති ලේකම් වරයෙක් වූ නියංගොඩ මහතාටය. හතරවැනිදා පැවැත්වෙන නිදහස් උළෙලට දින දෙකකට පෙර සිටම අප රාජකාරියෙන් නිදහස් කර එහි පෙර පුහුණුව සඳහා යොදවා තිබුණි. අපට බැංකුවේ වියදමින් ක්‍රීම් පාට කමිස දෙකක් හා ටයි දෙකක්ද, කාන්තා පාර්ශවයට සාරි දෙකකුත් ලැබිණි. මීට අමතරව අපගේ වියදමින් කලිසමක් මසා ගත යුතුව තිබුණි.  බැංකුව වෙනුවෙන් මේ සඳහා නායකත්වයට පත් කර තිබුනේ පර්යේෂණ අධ්‍යක්ෂ සිරිවර්ධන මහතා, සුමතිපාල කාරියවසම් මහතා, රොහාන් පතිරගේ මහතා, විමලරත්න මහතා, ඩෙරික් සෙනෙවිරත්න මහතා  යන කණ්ඩායමය. රොහාන් පතිරගේ මහතා හැර අද අනෙක් සියලුම දෙනා විශ්‍රාම සුව විඳිති. 

අපගේ කණ්ඩායම එකසිය ගණනකි. මේ සඳහා එකල තරුණ වයසේ වැඩි දෙනෙක් සිටි තොරතුරැ තාක්ෂණ අංශයම මේ සඳහා යොදවා තිබිණි. (එකල අපගේ ප්‍රධාන රාජකාරිය වූ අත්හුරු ක්‍රමයට ගෙනගිය ශාඛා පරිගණකගත කිරීම මොහොතකට නවතා අප මෙම සේවයට අනුයුක්ත කර තිබුණි. අද නම් එක් අයෙකු හෝ සේවාවෙන් වියුක්තව තැබීම හිතන්නටවත් බැරිය). සියලු දෙනාම පාහේ ඉතා කැමැත්තෙන් මෙයට ඉදිරිපත් විය. හේතුව මෙය නිදිමත නැති මහජනයා සමග ගැටෙන රාජකාරියක් වූ නිසාය. මේ සඳහා යොදවා සිටි සියලුම දෙනා පෙබරවාරි මස 03 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිටුපස ඇති රැස්වීම් ශාලාවට කැදවා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබුණි. එයට යාමට සුදානමින් පස්වරු එක වනවිට අප ප්‍රධාන කාර්යාලයේ ලොබියට වී සිටින විට, ලැබුණු ආරංචියෙන් සියලු දෙනා සලිත විණි. ඒ මරාගෙන මැරෙන කොටි කතක් කොම්පඤ්ඤවීදීය පොලීසියට අනුබද්ද මුර කපොල්ලක කර ගත් පුපුරවා ගැනීමය. මේ කොටි කත පැමිණ තිබුනේ එවකට ජානධිපතිවරිය ඝාතනය කිරීමට බව රේඩියෝවට සවන් දුන් විට දැන ගත හැකි විය. එහෙත් තවත් සුළු මොහොතකින් බැංකු වාහාන වලට ගාල් කර අප ගෙනියන විට එකිනෙකාගේ මුහුණු වල සටහන් වුයේ මරන්නට ගෙන යන හරකුන්ගේ ඇති බියකරු ස්වභාවයයි. කොටි භීතිය එකල නගර ගම් බේදයක් නැතිව පැතිරී තිබිණි. 

මෙය දින කීපයකට ප්‍රථම  සිදු වූ තවත් කොටි ප්‍රහාරයක් නිසා ජනතාව බොහෝ සෙයින් කැළඹ සිටි කාලයකි. ඒ ශ්‍රී ධලදා මාලිගාවට ඊට දින කිහිපයට පෙර එල්ල කල ප්‍රහාරයයි. ඒ සම්බන්ධ අපූරු පින්තුරයක් අන්තර්ජාලයෙන් හමු විය. 
පින්තූරය ගත්තේ : http://www.lankanewspapers.com
බැංකුවේ සියලු දෙනා හමු වන දෙවන දිනය අදය. බැංකුවේ සේවයට යන්තම් අවුරුදු තුනකට කිට්ටු කාලයක් වන අප 11000ක් වන මහජන බැංකු සේවකයන්ගෙන් අඳුනාගෙන සිටියේ අතලොස්සකි. විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත ශාඛා වල අය සමග අප ගැටුනේ සුළු වශයෙනි. නමුත් මේ අය සමග කුළුපග වන්නට සහ කල්ලි ගැසෙන්නට අපට ගත වුයේ පැය කිහිපයකි. කල්ලි ගැසුනේ නිවසටම ඇරලවන නිසා ඒ ඒ මාර්ග වල අය එකතු වූ විටය. එවකට සාමාන්‍යධිකාරී වරයා වූ සහබන්දු මහතා ඉතා ව්‍යක්ත ඉංග්‍රීසියෙන් කතාවක් කරමින් එහි තිබෙන භාරදුරත්වයත්, අප මහජනයාට සැලකිය යුතු ආකාරයත් විස්තර කරමින් කල කතාව අදටත් රැව් පිලි රැව් දෙන්නා සේ දැනේ. ඔහුගේ කතාව අවසන් කල වචන කිහිපය මට තවමත් මතකය. ඒ "So Mission Granted"  යන්නය. එය හුදෙක් ටිකට් විකිනීමකට වඩා මෙහෙයුමක් බව ඔහු එයින් අවධාරණය කර සිටියා. 

එම දේශණය අවසානයේ කණ්ඩායම් සඳහා නායකයන් තෝරා ගැනීම සිදු වුණා. මේ නායකයන් පුරුෂ පාර්ශවයට සීමා කෙරිණි. මා එක කණ්ඩායමක නායකයා විය යුතු බව රොහාන් පතිරගේ මහතා යෝජනා කලත් එයට කෙලින්ම විරෝධය දැක්වූ බොහෝ දෙනකේ පවසා සිටියේ ඒවා ඔෆිසර් වරයෙක්ගේ රාජකාරියක් බවත්, කිසිදින මුදල් ගණුදෙනු වලට හුරු නැති අප වැන්නන් මේ සඳහා නුසුදුසු බවත්ය. මොහොතකින් ඔවුන් නම් කල අය මේ නායකයන් ලෙස නම් කෙරිණි. එහෙත් දින දෙකකට පසු මා යලිත් කණ්ඩායම් නායකයෙකු කලේ, අර නම් කල අය ඒ පිලිබඳ දක්වන ලද මන්දෝත්සාහී ලක්ෂණ නිසාය. 

මගේ මතකයේ හැටියට තුන්වැනිදා පැය කිහිපයක් මහජනයාට මෙම ප්‍රදර්ශණය විවෘත්ත කර තිබිණි. රාත්‍රී අටට අවසන් වූ පසුත් ටිකට් ඉල්ලා පැමිණි එක් පුද්ගලයෙකුට කරුණාවෙන් කල ආයාචනය ඉක්මවා ආ කල මගේ මිත්‍රයා මලින් ඔහුට තේරෙන භාෂාවෙන් පිළිතුරු සපයා ඔහු නිහඬ කරවන ලදී. එහෙත් ආපසු මුදල් භාර දීමට යන අතර වාරයේ මා ඔහුට හොඳටම දෝශාරෝපනය කලේ ඒ හැසිරීම හරි නැති බව පවසමින්ය. පළමු දින රාත්‍රී ආහාරය ග්‍රේට් වෝල් චයිනීස් කෑම පාර්සලයකි. ඊට අමතරව කොකා කෝලා ලබා ගත හැකි ටිකට් දෙකක්ද දිනකට අපට ලබා දෙන ලදී. 

දෙවන දින එනම් හතරවන දින උදේ 9.00 ට සියලු දෙනා රැගෙන විත් තිබුණි. කඩවත, නුගේගොඩ, මොරටුව, වත්තල ආදී මධ්‍යාස්ථාන කිහිපයකට එකතු වන සියල්ල බැංකුවේ වාහන වලින් මෙම ස්ථානයට ගෙන ගොස් ඇරලවයි. අප එකතු වුයේ නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලයටයි. එම ස්ථානයේ සිට විනාඩි ගණනකින් ටොරිංටන් පෙදෙසට ගමන් කල හැක. එනිසා එයට ලඟම කණ්ඩායම ලෙස අප උදේ සහ සවස යන කාල දෙකේදීම වෙලාව ඉතිරි විය. හතර වෙනිදා උදේ කාලයේ බොහෝ දෙනා නොපැමිණියත් පාසැල් සිසුන් තොග ගණනින් දිවයිනේ සියලු පළාත් වලින් ගලා ආවේ කුහුඹු රැලක් සේය. ඔවුන්ට අය  කිරීමේ ගාස්තුව රුපියල් දෙකකි, පාසැල් නොවන ළමුන් සඳහා රුපියල් පහක්ද, වැඩිහිටියන් සඳහා රුපියල් 10ක් ද වන සහන මිලකට ටිකට් නිකුත් කරන්නට යොදා තිබුණි. 

ලොතරැයි කූඩු මෙන් දැල් ගසා ටකරන් යොදා නිමවා තිබූ කූඩු මේ සති දෙකක කාලය අපට සෙවන සහ ආරක්ෂාව සැලසීය. පළමු දින දිවා අහාරය ලබා දුන්නේ අහාර දෙපාර්තමේන්තුව එම ස්ථානයේ පවත්වාගෙන ගිය කැන්ටිමෙනි. එය බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට හේතු විය. පළමු දින අවසානයේදී අප සියලු දෙනා ඊට විරෝධය දක්වමින්, හොඳ අහාර වේලක් ලබා නොදුන්නොත් අප නැවත මේ සේවයට නොඑන බව පවසා සිටි විට, අපේ ප්‍රධානීන් වහා ක්‍රියාත්මක වී ග්‍රේට් වෝල් කෑම ලබා දීමට පොරොන්දු විය.




පින්තූර තුනම ගත්තේ : http://coins.lakdiva.org/

පින්තුරය ගත්තේ : http://notes.lakdiva.org
පින්තුරය ගත්තේ : http://notes.lakdiva.org : 200 නෝට්ටුව බහා තිබූ ඇසුරුම. මෙහි පිටපතක් මා ළඟ තවම තිබේ. 
මේ කාල සීමාවේදී දිවා ආහාරය  ගැනීම සඳහා අසල පිහිටි ආයතන වූ චාර්ටඩ් ආයතනය, දේවස්ථානය වැනි ස්ථාන වලට යාමට අප පුරුදු විය. තෙවන දිනයේදී අප සමග ආහාර ගත් පොලිස් කොස්තාපල් වරුන් කිහිප දෙනෙක් නරක වූ ඔවුන්ගේ ආහාරය කුණු කුඩයට ඔබනවා බලා සිටි අපට මහත් දුකක් ඇති වී, අප කල විරෝධය සහ ලැබුණු සුබදායි පිළිතුර පැහැදිලි කල විට ඔවුන් පවසා සිටියේ 

"යාපනයට මාරුවක් ලැබෙනවාට වඩා කෑම නොකා සිටීම හොඳයි" යන්නයි. ඔවුන් ගැන මහත් අනුකම්පාවක් අපට ඇති වුවත්, ඒ වනවිට අප සතුව ඔවුන්ට දීමට අහාර පැකට් කිසිවක් ඉතිරිව නොතිබිණි. අපට උවමනාවටත් වඩා බීම සහ කෙටි කෑම ලැබිණි. අපට ලැබෙන වැඩි බීම බෝතල් හමුදාවේ අයට දෙන්න අප අතර සිටි කෙනෙක් උත්සාහ කලත් ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කලේ ඔවුන්ගේ දැඩි විනය මොනවට පැහැදිලි කරමිනි. එහෙත් එක් දිනක් අසල වෙසෙන පොලිස් නිලධාරී මහතුන්ට බීම ලබා දුන් විට ඉතා කැමැත්තෙන් ඒවා ලබා ගත් ඔවුන්, ඊළඟ දිනයේද සුපුරුදු පරිදි ඒවා ලබා ගැනීමට පැමිණ සිටියේ ඔවුන්ගේ විනයෙහි අඩුවක්ද නැතිනම් ඔවුනට ලබා දෙන අඩු පහසුකම් මට්ටම නිසාදැයි තවමත් නොදනිමි. 

අපගේ මේ එකසිය ගණන තුලද විවිධ  කල්ලි ගැසීම් ඇති වීම වැලක්වීමට නොහැකි විය. ඒවා විස්තර කලොත් කලින් පණින කණ්ඩායම්, අයිස් ගසන කණ්ඩායම්, උද්යෝගයෙන් වැඩ කල කණ්ඩායම්, සහ ඕපාදුප කණ්ඩායම්, සහ වනිතා කටයුතු පිලිබඳ උනන්දු කණ්ඩායම් වශයෙනි. මෙය අපේ ආයතනයට විශේෂ වූ දෙයක් නොව ශ්‍රී ලංකාවේ ඕනෑම ජන සමූහයක හරස්කඩ කියා පාන දර්ශකයකි. 

අවසානවකට මේ කලින් පණින කණ්ඩායම් කිහිපයෙන් එකක් මා ගමන් කරන රථයේද විය. ඔවුන් දවස් දෙකක් තුනක් යද්දී එක කණ්ඩායමට එක් වී රාත්‍රීය වනවිට අඳුරු මුල්ලක තිබෙන කූඩුවක් සොයාගෙන දහවලේදීද අනෙක් කූඩු වලට ජනයා යොමු කරමින්, ප්‍රදර්ශන භුමියේ ජනතාව අතර සැඟවී කාලය ගෙවා, රාත්‍රී හත වනවිට එම කූඩුවේ විදුලිය නිවා දමා, සෙනග නැති පවසමින් අට වනවිට මුදල් තුලනය කර බාර දී රාත්‍රී ආහාරයද ගෙන යාමට සුදානම් වෙයි. ඔවුන්ට ලොකුම බාදාව වුයේ මමයි. මා රාත්‍රී අට වනතුරුත් වැඩ කර තවත් පැය භාගයක් පමණ ගෙන පැමිණෙන විට ඔවුන්ගේ මුහුණු බලන්නට බැරි තත්වයේ තිබුණි. මගේ මිත්‍ර මලින් මාගේ ඇඟට ගොඩ වූ පසු අප දෙදෙනා අතර නොහොඳ-නෝක්කාඩුවක් ඇති විය. මා ඔහු සමග කතා කලේ ප්‍රදර්ශනයද නිම වී දින කිහිපයකට පසුවය. නමුත් සත්‍ය තත්වය නම් අනෙක් අය මා නැති තැන කරන දෝෂාරෝපණය ඉවසා සිටීමට බැරි තැන ඔහු එසේ කල බවය. 

අයිස් ගසන කණ්ඩායම ඒ වනවිට අවුරුදු 15-16 සේවය කර තෙම්පරාදු වූ පිරිමි අයයි. ඔවුන් බොහෝ විට පැමිණෙන්නේ ප්‍රමාද වීය. ඒ වනවිට ටිකට් කවුළු වලට කණ්ඩායම් යවා අවසානය. ඔවුන් කරන්නේ කෑම-බීම බෙදා හැරීමය. අද මොන කවුන්ටරේදැයි ඔවුන්ගේ විමසූ  "වතුර පාටියේ " වැඩ කාරනාව යනුවෙන් පවසයි. ඔවුන් කලේ මේ අයිස් ක්‍රීඩාවය.

උද්යෝගයෙන් වැඩ කල කණ්ඩායමට මම අයිති වුවද, අධි උද්යෝගයෙන් වැඩ කල කණ්ඩායමක්ද එහි විය. ඔවුන්ට නායකත්වය දුන්නේ පතිනායක නමැති පැරණි එමෙන්ම යුනියන් නියෝජිතයාය. ඔවුන්ගේ අරමුණ උපරිම ටිකට් ගණනක් විකිණීමය. ඔවුන් තෝරා ගන්නේ කස්සප පාරට හැරෙන තැන ඇති බස් නැවතුම අසල ටිකට් කවුන්ටරයය. එහි කෙතරම් ටිකට් විකෙනනවාද යන්න පැහැදිලි වන්නේ ඔවුන් දිනකදී කරන ලද මුදල් එකතුව දකින විටය. ඒ රුපියල් 225,000 ක්ය. එම ප්‍රදර්ශනයට එක් දිනක ආ ජනකාය ඔබට හිතා ගත හැක. එම දින දී මගේ කවුන්ටරයේ එකතුව රුපියල් 175,000 කි. එදින පෝර උරයක රුපියල් 125,000 ක්ද කඩා ඉතිරි ටිකට් කොටස්ද පුරාවාගෙන මා ප්‍රධාන දොරටුවෙන්ම ගමන් ගත්තද, ආරක්ෂක අමාත්‍යංශයේ ඉහල නිලධාරියෙකුටද එම දොරටුවෙන් යා නොහැකි විය. හේතුව අපගේ හැඳුනුම්පත ජනාධිපති ලේකම් කාර්යාලයේ එකක් වීමය. 

ඔපාදූප කණ්ඩායම අයිස් කණ්ඩායමේ අනෙක් පැත්තයි. ඒ කියන්නේ ඔවුන් පැරණි කාන්තා කණ්ඩායම වූ අතර ඔවුන් රස කතා කීමට ඇසීමට වැඩි කාලයක් ගත කරන්නට පුරුදු වී තිබුණා. මුලින් මුලින් මා සිටි කවුන්ටර් වලදී රසකතා කියා කෙල්ලන් අතර මා ජනප්‍රිය වීම නිසා ටික කලකදී මෙම කාන්තාවන් මා සිටින කවුන්ටරයට ඉල්ලාගෙන පැමිණීමට බොහෝ දෙනාට ගැටළුවක් වුනා. 

රුයදුරු මහත්වරුන් මෙය නම් කර තිබුනේ "චන්ද්‍රිකාගේ ඇපල් වත්ත" කියාය. හේතුව ඔවුන්ට ඇති වන්නට අතිකාල දීමනා මෙමගින් ලැබී තිබුන නිසාය. නමුත් එහි සේවය කල අපට විශේෂ උත්සවයක් තබා රුපියල් 8,000 ක් පමණක් ලබා දුනි. ඒ රත්තරං කාසිය්කට සමාන අගයක්ය. එක් දිනක් සතුටු සාමීචියේදී ඩොක්ටර් සිරිවර්ධනගෙන් 

"දැන් අපිට ඉවර වුනාම මෙඩල් එකක් දෙනවද සර්" කියා තරමක් පැරණි සේවිකාවක් අසා සිටි විට,  දිව විකාගෙන මෙන් කතා කරන එතුමා

"මෙජල් ඕන අයට  මෙජල් දෙන්නම්, තල්ලි ඕන අයට තල්ලි දෙන්නම්. හැබැයි මෙජලුයි තල්ලියි දෙකම බෑ" කීවේ බොහෝ දෙනා සිනා සාගරයක ගිල්වමිනි. අප සිනාසුනේ ඇයිදැයි ඔහු තවමත් නොදන්නවාට සැක නැත. මෙය ඒ වෙලාවේදී කී අයුරින්ම අකිල කියන ආකාරෙන් මෙහි සටහන් කලෙමි. 

මෙහි එක් දිනක් වැඩ කල විට අනෙක් දින නිවාඩුය. එකල බෝඩිමක පසු වූ මට නිකං ගෙදර ඉන්න වෙන එක මහා දඬුවමක්ය. බොහෝ දින වල මා කලේ ස්වේච්චාවෙන් සේවයට යාමයි. එවැනි දිනක වෑන් රථය නැතිව නුගේගොඩ එකතු වූ අප තිදෙනෙක් බස් රථයේ යාමට තීරණය කලා. මා හැරුණු කොට සිටි දෙදෙනා සරසවි වරම් ලබා අපගේ සේවය එකතු වූ තරුණියන් දෙදෙනෙකි. දෙදෙනාගෙන් එක් අයෙක් ඉතාම පියකරුය. මේ දෙදෙනා සමග කතාවට එක් වූ වට අර ලස්සන යුවතිය මා ඒ ලෙවල් කල අවුරුද්ද විමසා සිටියා. මා අසාධාරණයක් නොවන්න මේ දෙදෙනා සමගම කතාබස් කරමින් දහවල් 11.00 වනවිට ප්‍රදර්ශන භූමියට ලඟා වුනා. සුමතිපාල මහතා අප තිදෙනාට ප්‍රමාදය ගැන දොස් පවරා, පාලුවට ගිය එක් කවුන්ටරයට අපව වාහනයකින්ම පිටත් කර යැව්වා. පැය භාගයක් ඇතුලත ආ ජන ගංගාව නිසා අකරතැබ්බ දෙකක්ම විය. ඒ කවුන්ටරයට එන සෙනග වැඩි නිසා අර පියකරු යුවතිය හා දොඩමලු වීමට තිබූ අවස්තාව අහිමි වීම හා සෙනග විසින් තල්ලු කල කවුන්ටරයේ නායකයා ලෙස ඔවුන් දෙදෙනා හා මගේ ජීවිතය බේරා ගැනීමට දැල් කූඩුව දෑතින් දරා ගන්නට ගොස් ඇඟිල්ලක් තුවාල වීමයි. මිනිත්තු කිහිපයකදී වාහනයකින් පැමිණ ඔවුන් දෙදෙනාද, පසුව මමද එම කවුන්ටර් වලින් ආපසු රැගෙන රැස්වීම ශාලාවට ගෙන ගියා, ඒ වන විට සියලුම කවුන්ටර් වසා අනෙක් සියලු දෙනාද එහි වුනා. 

මෙඩල් දෙන පොරෝදුව ඇසූ සැනින් ඊට සමාන මුදලක් තමන් ලබා ගන්න බව පවසා ඒ මුදල ලබා ගත් කිහිප දෙනා වාසනාවන්ත විය. කිසිවෙකුට පසුව මෙඩල් ලබා දීමක් නොවීය. එහෙත් සියලු දෙනාට රාත්‍රී ආහාරයක් සමග රුපියල් 8,000 ක් ත්‍යාගයක් ලබා දුනි. 

ඉතාම සතුටින් ගෙවූ කාලයක් අවසානයේ රාජකාරි වලට යනවිට බොහෝ දෙනාට වැලි කැස්සක් සහ දුඹුරු පැහැ ගැහුණු සමක් උරුම වුණේ ඒ කාලෙයේ ලංකාව හරහා හමා ගිය "එල්-නිනෝ" නමැති තාප තරංගය නිසා යයි සමහරුන්ගේ මතය විය. අප ලැබූ 50 වන නිදහස සති දෙකකට සීමා විය. 

______________________________________________
පසුව මතක් වූ නොකියාම බැරි කොටස් 

දිනක් මමත් තුෂාරත්(අධි - උද්යෝගී කණ්ඩායමේ කෙනෙක්) කෑම තිබෙන පෙදෙසේ සරි සරද්දී ඩොක්ටර් සිරිවර්ධන මහතාට මුණ ගැසිනි. අපට බැනුම් අසන්න වේදෝ බියෙන් මා ඉදිරිපත් වී "හරිම බඩගිනියි සර් කන්න මොනවා හරි හොයාගෙන ආවේ" යි කී විට, "ආ මමත් මේ ෆුඩ් ඩිපාට්මන්ට් කැන්ටිම පැත්තේ ගිහින් එන ගමන්, එතන තියෙනවා හොඳ මාළු පාන්, ගිහින් කන්න" කීවිට අපට මහත් අස්වැසිල්ලක් දැනිණි.

තවත් දිනක කොකා කෝලා වෙළඳ කුටියට යන වාරයේ කාන්තා ඔරලෝසුවක් ඇහිඳ, දැන් කුමක් කරන්නද? මේ එක්සිබිෂන් එකේ අයිති කාරයා සොයන එක ලේසි කාරියක් නොවන බැවින් මා සමග සිටි සුනිල්ගෙන් ඒ ගැන විමසා සිටියෙමි. "ඔන්න ඕක අපේ කාට හරි දීපං" යයි කී විට. එදින මගේ කවුන්ටරයේ වැඩ කල ඉන්දු ට දුන්නේමි. අවුරුදු කීපයකට පසු ඇගේ ශාඛාවට ගිය විට "මේ අර ඔරලෝසුව" යයි ඈ පෙන්වීය.  

මා මෙහි සඳහන් කල කාන්තාවන් පිලිබඳ උනන්දු කණ්ඩායම ගැන විස්තර කොට නැත. එම කණ්ඩායමට අයිති එක් මහතෙක් තමාගේ කණ්ඩායමට එක්තරා කාන්තාවක් ඇතුලත් කරන ලෙස සෑම උදේම ඇවිටිලි කරයි. නමුත් එවිට ඔහුට විමලරත්න මහතා  සැර  වූ ආකාරය මට අදටත් සිහියට නැගේ. ඔහු අද කළමනාකරුවෙකි.

මුලින් සතියකට සැලසුම් කර තිබූ මෙම ප්‍රදර්ශනය 25 වන දින දක්වා දීර්ඝ කලේ, දිනපතා එන අධික ජන ගංගාව සැලකිල්ලට ගනිමිනි.

ඒ කාලයේ මේ ප්‍රදර්ශනයේ වාදනය වූ ගීත අතර "පොල් කට්ටට වතුර අරං මුහුණ සෝදලා හනිකට.... පස්ස ඉරුණු කලිසම ඇඳ අකුරු කරන්නට යනවිට " ගීතය මට අදටත් මතකය.

සෑම දිනකම අවසානයේ සංගීත ප්‍රසංගයක් පවත්වයි. එක් දිනක් අපද අවසාන පේලි වල සිට මොහොතක් එය නරඹමින් සිටියෙමු. අපේ කණ්ඩායමේ පස් දෙනාගෙන් දෙදෙනක් කාන්තාවන්ය. පෙබරවාරි මාසයේ වැහි බින්දුවක් හෝ නොතිබි 1998 වසරේ, ඉදිරියෙන් නැගෙන දුහුවිලි දැක, "මේ මිස්ට් එක නෙවෙයි, ඩස්ට් එක" යයි මා අසල සිටි උදිත පැවසීය. මේ වන විටත් නාසය පමණක් ලේන්සුවෙන් බැඳගෙන සිටි නිසා අපට ගැටළුවක් නොවීය. රාජකාරි අවසන් වී තිබුනත් මා ටයි එක බුරුල් කළා මිස ඉවත් කලේ නැත. ජානාධිපති කාර්යාලයෙන් ලබා දුන් හැඳුනුම්පත්ද කරේ දමාගෙන සිටියෙමි. අප සිටි තැන එක් වරම විශාල ගැටුමක් ඇති විය. කොහෙන්දෝ මතු වූ (රහස් පොලිස්) ආරක්ෂකයි කිහිප දෙනෙක් (ඔවුන් නිල ඇඳුම් ඇඳ සිටියේ නැත, ටී ෂර්ට් එකේ වෝකි ටෝකි ගසාගෙන සිටි බැවින් ඔවුන් ආරක්ෂක අංශයේ බව පැහැදිලි විය) "කාටද ගේම ඕනේ ?" යනුවෙන් කෑ ගසා මා අසල සිටි සුමිත්ගේ ද අතින් අල්ලා ගත විට "අපි ස්ටාෆ් " යයි සුමිත් කීවද ඔවුන් අත අරින පාටක් නොවීය. එවිට මා ඉදිරිපත් වී "ඔව් මේ අපේ ස්ටාෆ් කට්ටිය" කී විට ඔහු නිදහස් කරන ලද අතර, මේ වනවිට මගේ දෙපස සිටි කාන්තා පාර්ශවේ දෙදෙනා මාගේ අත් දෙකේ එල්ලී සිටින විට මට දැනුනේ මා මහා වීරයකු ලෙසයි.

මේ ප්‍රදර්ශනයේ මගේ සිත් ගත් අංගය වුයේ ස්වයන්ක්‍රීයව ආප්ප හදන යන්ත්‍රයයි. එහි පිටි වැක් කිරීම, තාච්චිය කරකැවීම, පියනින් වැසීම, ඉවත් කිරීමට ප්‍රථම පිහියක් වැනි උපකරණයකින් බුරුල් කිරීම, පිඟානක් මතට වැටීම දක්වා සියලු කටයුතු ස්‌වයංක්‍රීයව සිදු වුනි.  

මෙහි අප විකුණනු ලැබූ ටිකට් පොත් වල මැද ටිකට් අඩු බව අපට මුල් දිනයේම තේරුම් ගොස් ඒ ගැන දන්වා සිටි විට, එසේ අඩු වන ඒවාට අප මුදල් ගෙවිය යුතු නැති බව දන්වන ලදී. ඉන් පසු අප සියලු ටිකට් පොත් වල විකිණීමට ප්‍රථම ටිකට් ගණන් කලේ දවසකට 100 පමණ අඩු වුවහොත් එය පිළිගත නොහැකි නිසාය. ටිකට් කැඩීමට කෙටි ක්‍රමයක් මා හඳුන්වා දුන්නේ එක වර ටිකට් 10-15 ඉල්ලන විට ඒවාට වෙලාව ගත වන බැවිනි, පොතේ දැන් තිබෙන අංකයට ඉල්ලන අංකය එකතු කර කෙලින්ම ටිකට් කඩා දෙන විට අපේ අයද, පැමිණෙන යද පුදුමයට පත් විය. (උදා : නොකඩා ඉතිරිව ඇති ටිකට්  අංකය 004 නම් ඉල්ලන ගණන 15ක් නම් එකතුව 19 වේ, එවිට 019 හැර ඉතිරි ටික එකවර කඩා ගත් විට ටිකට් 15ක් දිය හැක) එහෙත් අතර මැද ටිකට් නැති විට ගැටළු ඇති වේ. නමුත් මුලින් ගණන් කරනා නිසා එවැනි ටිකට් පත් භාවිතා කලේ නැත. 

එක් දිනක් පොලිස් ප්‍රධානියෙක් (ඔහු එම කනිෂ්ඨ එහෙත් වියපත් කොස්තාපල් වරයා මඩවනවා සේ තේරිණි) රාත්‍රී අටට පමණ සියලු දෙනා පරීක්ෂා කරන්නයි කොස්තාපල් වරයාට අණ කළේය. ඔහු මගේ පෝර මල්ල පරීක්ෂා නොකොට මට යන්නට කී විට "ඒකත් බලපන් යකෝ" යයි ගෝරනාඩු කලේ අර නිලධාරියා ඉතා පහත් තත්වයකට ඇද දමමිනි. 

_____________________________________
හුඟක් පස්සේ මතක් වුන දෙයක් (2013.02.06)

මම නිවාඩු දවසක සැහැල්ලු ඇඳුමෙන් සැරසිලා ගියා ප්‍රදර්ශනය බලන්නම ඕනේ නිසා. ඒ යනකොට ගේට්ටුවේ සාමාන්‍ය පරීක්ෂාවට ලක් වුණා. මගේ ජංගම දුරකථනය ඔවුන්ට ලොකු ප්‍රශ්ණයක් වුණා. එහි බැටරිය ගලවා පෙන්වන්න සිදු වුණා. පසුව එය දුරකථනයක්මදැයි පැහැදිලි කර ගැනීමට වෙනත් දුරකතනයකට ඇමතුමක් ගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ කාලේ දුරකථන ඇමතුමකට රුපියල් 8.00ක්. මම මගේ හොඳම මිතුරකුට දුරකථන ඇමතුමක් ගත්තා. ඒ කාලේ දුරකථනයත් බෝමබයක් යයි සැක කල කාලයක්. මෙය සටහන් කලේ තව ටික කාලෙකින් ඒ කාලේ තිබුණ මර බිය අමතක වුණ අයට සහ එය නොදැනුන යට දැන ගන්න. 


70 comments :

  1. බොහෝ තොරතුරු හිත මත පතිත කරවන අපුරුම ලියැවිල්ලකි. හිතන්න කැමති කෙනකුට ඒවා තේරේවි. අගෙයි ලිපිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්.

      Delete
  2. යටි ඇරුතක් තියෙනවා නමි ඒක තේරුනේ නෑ.. ඇත්තමයි...

    ඒත් ලස්සන කතාවක්.... විශේෂයෙන් අර කල්ලි ගැහිල්ල විස්තර කරපු විදිය හරිම තාත්විකයි... හි හි

    ReplyDelete
    Replies
    1. මගේ නම් යටි අරුතක් නෑ. නලින්ගෙන් තමයි අහන්න ඕනේ. හී හී

      Delete
  3. මටත් යටි අරුතක් නං තේරුන්නෑ....
    අර 200 කොලේ නිකුත් කලේ 20 වෙනි නිදහසටද??????
    ඇයයි ඒක පස්සේ අවලංගු කලේ???????

    ReplyDelete
    Replies
    1. දෙසීයේ කොළයත් පනස්වෙනි නිදහසටම තමයි නිකුත් කලේ. මේ නෝට්ටුව හදලා තියෙන්නේ පොලිමර් ප්ලාස්ටික් වලින්. ඉතිං ඉක්මනට නරක වෙනවා. අපේ රටේ අයට සල්ලි පාවිච්චි කරන්න තේරෙන්නේ නැති නිසා තමයි දිගටම ඒ වර්ගයේ නෝට්ටු නිකුත් නොකරන්නේ. දැන් ස්ටිකර් එකක් අලවලා තියෙනවා දැක්කද එකමත් එක රටක මිනිස්ස්සු සල්ලි වලට කරන ඒවා.

      Delete
  4. හ්ම්ම්..මේ වගේම අත්දැකීමක් තමයි ගිය සැරේ ඔයාමඩුව දැයට කිරුලේදී මට ලැබුනෙත්....

    ReplyDelete
    Replies
    1. එහෙමද ? අපිට නම් කනගාටුවට කරුණක් නෑ.

      Delete
  5. අපෙත් ඉන්නවා තල්ලි කියන පොරක් ,

    ReplyDelete
    Replies
    1. මෙජල් කියන්නේ නැද්ද ?

      Delete
  6. අවසානය දක්වා කියවන කෙනෙකුට යටි අදහස් තියෙන බව වචන වලින් හැඟි යනවා.මොනවා උනත් කථාව කියෙව්වා.ඇපල් වත්ත තමයි නොතෙරෙන්නේ
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මොන වගේ අදහසක්ද ?

      Delete
    2. ඇපල් වත්ත කියන්නේ එයාලට ඒ කාලේ ලැබුණු ඕවර්ටයිම් නිසා. ඒ කාලෙදී එයාලට දවල් කාලෙම නිකං ඉන්න තියෙන්නේ. රෑ අටට අපිව ඇරලවන්න පටන් ගන්නකොටත් එයාලට පැය 3 1/2 ක ඕවර්ටයිම් එකක් ලැබිල ඉවරයි. ඉතිං ඇපල් වත්ත නොකියා මොනවා කියන්නද ? එයාලා හොඳට ගෙඩි කඩා ගත්තා.

      Delete
  7. දැන් 200 කොල නැහැ​නේද...

    මෙජල් නොගෙන තල්ලිම ගත්තනම් ඉවරයිනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් 200 භාවිතයෙන් ඉවත් කරා.

      අපරාදේ සල්ලි :)

      Delete
  8. කෝ මේ ඇපල් වත්ත කොහෙද කියලා බැලුවේ ....

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වේ රියදුරු කැල නේ.

      Delete
  9. මා ඔබේ බ්ලොගෙ කියවන මුත් අන් අයටම සේ කොමෙන්ට් නම් දාල නැත. එත් පලවෙනි පැරා එකෙ තියන "බොහෝ දෙනා 1948 දී අපට ලැබුනේ නිදහසක්දයි ප්‍රශ්ණ කරති" නිස කොමෙන්ට් එකක් දාන්න හිතුනා.

    ඇත්තටම අපිට 48 දී ලැබුනේ නියම නිදහසක්ද? ඇයි අපි කොහෙදිවත් කියන්නෙ නැත්තෙ දිනා ගත්ත නිදහස කියලා. හැමතැනම කියන්නෙ ලැබුන නිදහස කියල නේද? ඇත්තටම අපිට අපේ කියල පාලනයක් ලැබුනත්, උඩින්ම හිටියෙ බ්‍රිතාන්‍ය කිරීටයයි, රැජිනයි. ලියවිලි පටන් ගන්නෙ රැජිනගෙ නමින්, කොටින්ම රැජිනගෙ හමුදාව මිසක් අපෙ හමුදාවක් තිබ්බෙ නෑනෙ. ඇත්තටම ඩී.එස්. ල (එයාලගෙ පැවත්මට ) ඉල්ල ගත්ත නිදහසක් නේද අපිට ලැබුනෙ. ජනරජ ව්‍යවස්තාව එනකන් අපිට නියම නිදහසක් ආවෙ නෑ කියල තමයි මගෙ හැඟීම. ඒ අතින් ජනරජ දිනයෙයි, තිස් අවුරුදු යුද්දෙන් දිනපු දවසයි සමරන එක වඩාත් අර්ථ සහගතයි කියල මට හිතෙන්නෙ.

    ප.ලි: හැබැයි තාම අපි දේශපාලුවන්ගෙන් නම් රටක් විදියට නිදහස් වෙලා නෑ, කවද වෙයිද කියල හිතන්නත් බෑ

    ps: ඔක්කොම කොටල පබ්ලිශ් කරන්න යද්දි දැක්කෙ, ඇනෝ එනෙබල් නෑ කියල, අමාරුවෙන් කොටපු හින්ද ලොග් වෙලාම දැම්ම :)

    ReplyDelete
    Replies
    1. ඇනෝලට ලඟක් වෙනකම්ම අවස්ථාව දීල තිබුණා. ඒ දීල තිබුණේ ඔබ වැනි අදහස් පල කරන්න කැමති අයට. ඒත් ඒ අවස්තාව කිසියම් කෙනෙකුට අපහස කරන්න යොදා ගත් නිසා, අකමැත්තෙන් වුවත් ඉවත් කරන්න සිදු වුනා. අපි නිදහස කියල මේ සමරන්නේ බ්‍රිතාන්‍යයන් අපේ රට කාලා කාලා තව කන්න පිරියාවක් නැතෙයි කියල හිතුන වෙලාව. එයාල යලි බඩගිනි වෙයි කියල තමයි රැජිනට යටත් නිදහසක් අපිට දුන්නේ. කොටින්ම 71 කැරැල්ලත් රැජිනට එරෙහිව කල එකක් කියලා තමයි තීන්දු වුනේ. ඔබේ කථාවට 100% එකඟයි.

      Delete
  10. ඒ ලෙවල් කරපු අවුරුද්ද ඇහුවට පස්සෙ මොකද වුනේ? :)

    බලාගෙන යන කොට කොහෙත් එකයි.. කරන එකා කරනවා නැති එකා නෑ.. අයිස් පප්පලා හැමතැනම

    ReplyDelete
    Replies
    1. මම උත්තරය විදියට මගේ වයසම කිව්වා. ඇය මා සමග කථා කරන්න උනන්දු බව දැනුනත් එහි සිටි අනිත් තරුණියට අසාධාරණයක් වන නිසා මා විශේෂයෙන් ඈ සමග කථාවට ගියේ නෑ. පොදු දේවල් ඔවුන් සංගා කථා කළා මිස. විනාඩි ගණනකදී සියල්ල වෙනස් වුනේ හොලිවුඩ් චිත්‍රපටයක වගේ. අපි දෙදෙනා දෙතනකට විසි වන විදියට තමයි අර ශාලාවට විසි වුනේ.

      ඒත් එකසිය ගාණක් වැඩ කලානේ.

      Delete
  11. 200 කොලේ ඇයි අවලංගු කරේ?

    ReplyDelete
    Replies
    1. ඒක භාවිතා කරන්න තරම අපේ ය දියුණු නැති නිසා. ඔස්ට්‍රේලියාව වගේ රටවල භාවිතා කරන්නේ පොලිමර් ප්ලාස්ටික් නෝට්ටු. ඒත් අපේ යට තවම මේවා පොදු වස්තු වශයෙන් සලකලා වැඩ කරන්න දන්නේ නෑ.

      Delete
  12. සුදීක සල්ලි කොල වලට අර කොහෙද රටක මිනිස්සු කරන දේවලුත් කියන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වැඩ වලට පාවිච්චි කරනවනේ.

      Delete
  13. //ඔව්න්ගේ මුහුණු බල්ලන්නට බැරි තත්වයේ තිබුනි// අකුරක් වැඩි වෙලාද එතන.

    මෙතන එක පෝස්ට් එකක් නෙමෙයිනෙ අයියෙ තියෙන්නෙ. එක කතාවක් ඇතුලෙ තවත් කතා ගොඩක් තියනව.
    #යුද්දය සහ මර බිය
    #හමුදාවේ සහ පොලිසියේ විනයේ වෙනස
    #ආයතන සේවකයන්ගේ විවිදත්වය
    මේ වගේ දෙවල් පොඩියට ලියල තිබුනට ලොකුවට තේරෙනව මේකෙන්.

    මටත් අහන්න ප්‍රශ්නයක් තියනව.
    අර ගෑල්ලමය ආය හම්බුනේ නෑද?

    ReplyDelete
    Replies
    1. හම්බ වුනා බස් එකේදී දවසක් 2004 දී විතර. එතකොට මම හිටියේ මගේ පෙම්වතිය එක්ක. ඒ වෙනකොට ඇය කැම්පස් එකෙන් පිට වෙලා. කිසිම වෙනසක් නැතිව ඇය කතා කළා.

      Delete
  14. ඉතින් ඒ ළමයට මොකද වුනේ ඊට පස්සෙ..?

    චන්ද්‍රිකාගෙ ඇපල් වත්ත.. හෙහෙ ඒක මරු නම..

    ReplyDelete
    Replies
    1. උඩ දේශ්ට උත්තරය දීල තියෙනවා.

      Delete
  15. ඒකට නේද අපේ චාල්ස් අයියා එහෙමත් ආවේ

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔව්. ඒකනේ චාල්ස් ඇන්තනිගේ තාත්තට තද වෙලා මාලිගාවට බෝම්බ එව්වේ.

      Delete
  16. අර දෙසීය කොලේ දැන් වලංගුද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ තවමත් ඒ නෝට්ටු තිබේ නම් වලංගු මුදල් හා මාරු කර ගත හැකියි.

      Delete
  17. There are material here for ten stories.

    ReplyDelete
    Replies
    1. Yes Sure, But thought of writing it into one.

      Delete
  18. // මා හැරුණු කොට සිටි දෙදෙනා සරසවි වරම් ලබා අපගේ සේවය එකතු වූ තරුණියන් දෙදෙනෙකි. දෙදෙනාගෙන් එක් අයෙක් ඉතාම පියකරුය. //

    //එකල බෝඩිමක පසු වූ මට නිකං ගෙදර ඉන්න වෙන එක මහා දඬුවමක්ය. බොහෝ දින වල මා කලේ ස්වේච්චාවෙන් සේවයට යාමයි.//

    මම නම් ඉතින් ඔය සමහර කොටස් එකතු කරලා වෙනම කතාවක් හදා ගත්තා. :D:D:D

    ReplyDelete
    Replies
    1. හෙහ් ... හෙහ් ... ඔව් ගෙදර ඉන්නවට වඩා හොඳයිනේ.

      Delete
  19. සොඳුරු මතකයන්. මම එතකොට පාසල් ශිෂ්‍යයෙක්. අපි ගියේ අන්තිම දවසේ. ඔන්න එදා තමයි ඈත ගමක හිටපු මම හා හා පුරා කියල පරිගණකයක් අතපත ගෑවේ. ස්තුතියි පැරණි මතකයක් සිහිපත් කලාට. ජය...!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ප්‍රීතිය හා භීතිය දෙකම තිබුණා. ආරක්ෂක අංශ මත තමයි අපේ ජීවිත රැඳී තිබුණේ.

      Delete
  20. දළදා මාලිගාවේ බෝම්බ ගහුවේ මම නුවර ඉන්න කොට... බෝඩිමේ කාමරය දෙදරලා යන සද්දයක් ආවා. මතක හැටියට නිවාඩු දවසක්... අපි බලන්න ගියා දන්න දන්න හොර පාරවල් වලින්.. හැබැයි ටවුන් එකේ කලබල.. ලඟකට යන්න ලැබුනේ නෑ.. පොලිසියෙන් එලවනවා. වැව ලඟ මිනිස්සු පොලිසිය එක්ක රණ්ඩුවෙනවා.. අපි හෙමින් සීරුවේ පසු බැස්සා... වටේ බෝඩිං වල හිටිය කට්ටිය ඔක්කොමත් ක්ලාස් යන්න බැරුව ඉන්නවා... අපි ටික සෙට් වෙලා ක්‍රිකට් ගැහුවා දවසම...

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රදර්ශණය ඉවර වෙලා මගේ රාජකාරිය තිබුනේ දෙල්තොට ශාඛාවේ. යන ගමනේදී මාලිගාවට ගොඩ වැදුනා. හිත කඩාගෙන වැටුනා බිතුසිතුවම් අතරින් බිත්තිය දැක්කම. කකුල් පිච්චි පිච්චි ගිහිං ආවේ. අපේ ගෙදරකට කරදරය වුනා වගේ තමයි දැනුනේ.

      Delete
  21. අර දෙසීයේ කොළය නැති උන එක නම් හොඳයි. දැන් තියෙන ඒවත් ඊට දෙවෙනි නෑ. කොළ පැටලෙන වෙලාවල් අනන්තයි..

    ReplyDelete
    Replies
    1. අලුතෙන් දානවනම් පරණ ඒවා සම්පූර්ණයෙන් අවලංගු කරන්න ඕනේ.

      Delete
  22. පංච තන්ත්‍රය වගේ. කතා ඇතුලේ තව කතා :)

    ReplyDelete
    Replies
    1. කතන්දරත් ඔය වගේ එකක් කියල තිබුණා.

      Delete
  23. Replies
    1. දැන් සුලබ කෑමක් වුනාට පැරණි ඇය ඕව සුඛෝපභෝගී කෑමක් විදියට තමයි සැලකුවේ. දැන් තේරුනාද ? පැපොල් කාපු අයට ඇපල්.

      Delete
  24. හැක්? මෙන්න මෙයා ආපහු මේකට ලියල, එව්ව මහ කැත වැඩ ඇ.
    ඒ ටික මිස් වෙනව තව පොඩ්ඩෙන්.

    ReplyDelete
    Replies
    1. ගූගල්+ එකෙන් මගේත් එක්ක එකතු වෙලා හිටිය අයට දැනුම් දුන්නනේ.

      Delete
  25. මමත් ගියා ඕක බලන්න. සමරු කාසියක් එහෙමත් ගත්තා.

    ReplyDelete
    Replies
    1. මගේ ගාව තියෙන්නේ අර 200 කොලේ ඇසුරුමත් එක්ක. අපිට අර 8000 දෙන වෙලාවේ ඒ වගේ එකක් වත් දුන්න නම්?

      Delete
  26. නිදහස ගැන මගේ හිතේ තියෙන්නේ නම් 18 වෙනිදා කියලයි. ඒත් අපේ මිනිස්සු කරන සමහර ගොන්කම් දැක්කම හිතෙන්නේ අනේ මන්දා කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර වෙලාවට.

      Delete
  27. කතා ඇතුළෙ තවත් කතා රැසක්.. නිදහසේ හිත්නට පුළුවන් අලුත් අදහස් ටිකක් වැඩක් කරන විට කණ්ඩායම් හැඟීම .. ඇතිව ගැටලු පිළියම් තවත් දේවල්.. අර කාසි පිංතූර ටිකනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයා. කාසි/නෝට්ටු පින්තුර ඉතිහාසයම බලන්න පුළුවන් http://lakdiva.org/ එකෙන්.

      Delete
  28. ඇපල්වත්තෙ කතාවනම් රාජ්‍ය ආයතන හැම එකකම රියදුරන් අතර තියෙන,හා බොහෝ රාජ්‍ය උත්සව වලට සහබාගීවන සියලු රියදුරන්ගෙ අත්දැකීමක්. හැබැයි බොහෝ අයට කෑම බීම වත් හරියට ලැබෙන්නෑ..ඒත් උන් අතින් කාල ඉන්නෙ ලැබෙන ලාබය නිසා.

    ReplyDelete
    Replies
    1. අපේ ඇයට කෑමත් ඒ වෙනුවෙන් ගෙවන දීමනාවත් දෙකම.

      Delete
  29. ගොඩාක් තොරතුරු අදයි දැන ගත්තේ.. ඒක කියන්නම ඕන..

    ReplyDelete
  30. ප්‍රදර්ශනේ බලන්න අපු බව නම් මතකයි. එතකොට ඉස්කෝලේ යනකාලේ නේ. සමුරු කාසි එහෙමත් තාමත් මගේ ළඟ තියනවා. එත් 200 නෝට්ටුවක් නම් නෑ. ඒවා දැන් භාවිතයෙන් අයින් කරලද?

    ReplyDelete
    Replies
    1. රුපියල් දෙසීයට දැන් තියෙන්නේ ඇන්ටික් අගයක්.

      Delete
  31. පොස්ට් දෙකක් එකම පොස්ට් එකේ.

    කියෙවුවා.

    ReplyDelete
  32. yamkisi dayak sartka wena samhara aya pitipasan idagena godak loku wada kotasak karanawa. (oyat ehama kenk kiyala mama danawa).
    Udaharana- 27 Getuwa.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. අයියෝ සංජීව මම මොනවද එතන කලේ? එදා කරපු ටික විතරයි. ඇත්තටම මම රාජකාරියේදී ටීම් හතරක් එක්ක වැඩ කරනවා. ටීම් 9ක තරගාවලිකුත් කළා පහුගිය නොවැම්බර් වල. මේක ඒ තරම් බැරෑරුම් නෑ.

      Delete
  33. මමත් ඕක බලන්න ආවා ඒ අල්ලපු ගෙදර ඇන්ටිලා එක්ක,හැබැයි ඉතින් දැන්නම් හොඩක් දේවල් මතක නෑ, මම හුගක් පොඩි එකානේ

    ReplyDelete
  34. අම්මෝ සෑහෙන දිගයි...මොනවා උනත් ඔබ වැනි අවංක, රාජකාරියට කැපවුනු සේවකයන් තමයි රටකට අවශ්‍ය...

    ReplyDelete
    Replies
    1. මට නිකං ලැජ්ජයි වගේ.

      Delete
  35. අතීත සැමරුම් ... ලස්සන කාලයක් උඹ ෙගවල තියනවා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...