Wednesday, August 15, 2012

SLPL තරග සඳහා ප්‍රේක්ෂකයන් අඩු ඇයි ?

බොහෝ කලක් සිට පැවති බලාපොරොත්තුවක් සැබෑ කරමින් අගෝස්තු මස 11 වන දින  මෙලොව එලිය දුටු ශ්‍රී ලංකා ප්‍රීමියර් තරගාවලිය බොහෝ සෙයින් ජනප්‍රිය වනු ඇතැයි සියළු දෙනා බලාපොරොත්තු වුවත් මේ දක්වා ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා අඩු යයි රුපවාහිනිය ඉදිරියේ සිටින කාටත් පසක් වූ කාරණයයි. සාමාන්‍යන් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරගයක් පැවැත්වෙන විට හොඳ ප්‍රේක්ෂක සහභාගීත්වයක් දක්නට ලැබුනත් මේ දින වල ක්‍රීඩාංගනය වෙත ලඟා වන ප්‍රේක්ෂකයන් ගණන ඉතා පහල මට්ටමක් පවතී. විස්සයි-විස්ස තරගාවලීන් දවසින් දවස ජනප්‍රිය වන යුගයක අපට සිදු වී ඇත්තේ කුමක්දැයි මේ වන විට කාගේත් සිත් තුල ඇති වී ඇති ප්‍රශ්ණයයි. ඇත්තටම දැන් මෙය ප්‍රසිද්දියේම කතා වන, Talk of the Town බවට පත් වී ඇත. සියළු දෙනා මේ තරග පිලිබඳ උනන්දුවක් දැක්වූවත් මා දන්නා කිසිවකු ක්‍රීඩාංගණය වෙත ගොස් තරගය නැරඹ නැත. වෙනදා ඕනෑම කණ්ඩායමක් ශ්‍රීලංකාවේ සංචාරය කරනවිට තරගයක් දෙකක් නරඹන මාද මේ දක්වා තරගයක් නැරඹීමට උනන්දුවක් දැක්වුයේ නැත. එහෙනම් මෙයට හේතු වී ඇත්තේ කුමක්ද?

මෙම තරගාවලිය කිසිසේත්ම ඇල් මැරුණු එකක් යයි කිව නොහැක. සාමාන්‍යන් විස්සයි විස්ස තරගාවලියක දකින්නට ලැබෙන තරගකාරීත්වය මෙහි ඇත. මේ ලිපිය ලියන මොහොත වනවිට තරග හයක් පවත්වා අවසන්ය. මෙම තරග හය තුල හයේ පහරවල් 50 ක් එල්ල කර ඇත. මෙය එක් තරගයක් සඳහා සාමාන්‍යන් හයේ පහරවල් අටකට වඩා මදක් වැඩිය. එය එතරම් නරක අගයක් නොවේ. සාමාන්‍යන් විස්සයි විස්ස තරගයක ජයග්‍රාහී ලකුණු මට්ටමක් ලෙස සලකන්නේ ලකුණු 160ක්ය. නැතහොත් පන්දු ඕවරයකට ලකුණු අටක සාමාන්‍යක්ය. එම අගයට කිට්ටු සහ පසු කර ගිය ඉනිම 6ක්ම වාර්තා වී ඇත.  එහෙනම් තරගාවලිය සාමාන්‍ය ආකාරයකට ගලා යයි. එහෙත් කෝ ප්‍රේක්ෂකයන් ? මගේ ත්‍රී වීල් හිතවතා පවසන්නේ පාසල් ළමුන්ට මෙම තරගාවලිය නොමිලයේ නරඹන්නට අවස්ථාව සලසා දිය යුතුයි යන්නයි. කෙසේ වෙතත් ඒ විසඳුම් පැත්තය. විසඳුම් ගැන කතා කිරීමට මත්තෙන් අඩු ප්‍රේක්ෂක ආකර්ෂණයට හේතු සාකච්චා කල යුතුයි.

හොඳයි අප මේ කතා කරන්නේ IPL තරගාවලිය දෙස බලාගෙන ඒ ආකාරයේ සෙනගක් නැත්තේ මන්දැයි කියා නොවේද ? මගේ මතය නම අපට කුමන දෙයක් සඳහාවත් ඉන්දියාව සංසන්දනයට නොගත යුතුයි යන්නයි. "ඉන්දියාව ලෝකයක්" යනුවෙන් මා අසා ඇත. එය පරම සතයක් බව මට පසක් වූයේ පසුගිය 2011 ලෝක කුසලාන අවසන් තරගය නරඹන්නට ඉන්දියාවට ගිය පසුය. එහිදී මට හමු වූ නවදිල්ලියේ වෙසෙන පුද්ගලයෙක් පවසා සිටියේ ඉන්දියාවේ හැම ජාතියකටම සමාන මුහුණු ඇති මිනිසුන් ජීවත් වනවා යන්නයි. 
ඉන්දියාවේ ගත කල එක් දිනයක රාත්‍රියේ  මට චීන ආහාර වේලක් ගන්නට සිතක් පහල වී, ඉනොර්බිට් වෙළඳ මධ්‍යස්ථානයේ ඉහලම මාලයට ගමන් ගතිමි. එහි නියම චීන ජාතිකයන් විසින් පවත්වාගෙන යන ආහාර වෙළඳ සැලකට ගොස් මගේ ආහාර වෙලා ඇනවුම් කර ඉදිරිපස සවි කර ඇති රූපවාහිනි තිරය දෙස දෑස් යොමාගෙන ඉන්දියාව ක්‍රීඩා කරන තරගයක් නැරඹුයෙමි. මේ කිසිවක් ගැන අවධානයක් නොදක්වූ චීනුන් කනේ ඉයර්ෆෝන් ගසාගෙන සිටින්නේ, ක්‍රිකට් උන්මාදයෙන් මත වී ඇති ඉන්දියානුවන්ගෙන් කන්දොස්ක්රියාවෙන් බේරෙන්නට යන්න පැහැදිලිය. එහෙත් මා දෙස බලා දෑතින් සන් කල චීනා පවසා සිටියේ තවත් හතරේ පහරක් එල්ල කල බවයි. සැටලයිට් රුපවාහිනී විකාෂණයට කලින් ඇසෙන රේඩියෝ විකාශණයට චීනා සවන් දෙන්නේ කාටත් ප්‍රථම තරගය පිලිබඳ දන ගැනීමට බව මට පැහැදිලි වුනේ තවත් සුළු වෙලාවකින් මගේ බත් පත ගන්නට ගිය විටි මා ඉන්දියානුවෙක් නොවේදැයි ඔහු ප්‍රශ්න කල විටය. වැරදී ඇත්තේ මටය. චීනකුගේ ස්වරුපය ඇතත් ඔහු ජාත්‍යාලයෙන් පිරිපුන් ඉන්දියානුවෙක්ය.  ඉන්දියාවේ වෙසෙන ජාතීන් අතර විවිදත්වය  අප හා ඔවුන් සංසන්දනයට නොහොබිනා යයි මා පවසන්නේ කෙසේදැයි ඔබට මේ වන විටත් සිතෙන්නට ඇත. ඇත්ත, එහෙත් ඉන්දියාවේ එකිනෙකාගෙන් වෙනස ශ්‍රී ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි, වෙනස් භාෂා කථා කරන, වෙනස් සංස්කෘතීන් ඇති ජාතීන් කීයක් නම් වෙසෙයිද ? 

මා මේ උත්සාහ කරන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයකටත් වඩා කුඩා බිම් ප්‍රමාණයක් සහ අඩු ජනගහනයක් ඇති ශ්‍රී ලංකාව කෙසේ නම් ඔවුන් සමග සංසන්දනය කරන්නද යන්න සනාත කරන්නය. මගේ මතකය නිවැරදි නම් ඉන්දියාවේ පසුගිය IPL තරගාවලියට කණ්ඩායම් නවයක් තරග කළා. ඉන්දීය ජනගහන වන මිලියන 1200 මේ කණ්ඩායම් නවයෙන් බෙදුවොත් එක් කණ්ඩායමක් සඳහා මිලියන 133 ක් පමණ අගයක් ලැබෙනවා. තරගයක සාමාන්‍ය ප්‍රේක්ෂකයන් සංඛාව පනස්දාහක් ලෙස සැලකුවහොත්, ක්‍රීඩාංගනයක් පිරෙන්න සෙනග එවන්නට අවශ්‍ය ප්‍රතිශතය 0.04% කැ ආසන්න අගයක් ගන්නවා. දැන් අපි ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. අපේ ජනගහනය මිලියන 20 න් කණ්ඩායමකට ලැබෙන අගය 2.86ක් වනවා. ක්‍රීඩාංගනයක් පිරවීමට අවශ්‍ය පැමිණීමේ ප්‍රතිශතය වන්නේ 1.75%. දැන් ඔබට වැටහෙනවා නේද අපේ ක්‍රීඩාංගනයක් පුරවන්නට ඉන්දියාව මෙන් 44 ගුණයක උනන්දුවක් දැක්විය යුතු බව.

ඇත්තටම උනන්දුව අතින් අප සිටින්නේ කොතනද ? ඉන්දියාවේ සිටින්නේ කෙතරම් ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙන්නන්ද යන්න වටහා ගැනීමට ඉන්දියාවටම යා යුතුය. මා කලින් විස්තර කල ගමනේදී එය කදිමට වටහා ගන්නට මට හැකි වුනා. සුපර් මාර්කට් වල ඇති සියලුම් අසුන් ඔවුන් භාරයට ගන්න ඉන්දීය ප්‍රේක්ෂකයන්ට විරුද්ද වනවා වෙනුවට කඩ සාප්පු හිමියන්ද තම තමන්ගේ ව්‍යාපාර යකාට ගියදෙන් කියා ඔවුන් සමග එක් වී තරග නරඹන්න පටන් ගන්නවා. තරගය ආරම්භ වන්නේ සවස 2.30 ට නම් සවස එකේ සිට කන් පැලෙන නාදයකින් ප්‍රීති ගෝෂා පවත්වනවා. ඒ ඔවුන්ගේ වීරයන් වන සචින් හෝ දෝනි වෙළඳ දැන්වීමක දුටු විට. ජාතික ගීය ගායනා කරන විට සියලු දෙනා මහා හඬින් එම ගයනට එක් වනවා. එක් දිනක් මම ජාතික ගීය නොකියන්නේ මන්දැයි ඔවුන්ට ගැටළුවක් වුනා. මම පෙනුමෙන් ඉන්දියානුවකුට වඩා වෙනස් නොවන නිසා ඔවුන්ට අඳුරා ගන්න බෑ.  අවසාන තරගයට අප සුදුසුකම් ලැබීමෙන් පසු ඔවුන් අප ශ්‍රී ලාංකිකයන් බව දන ගතහොත් අවක්ඥාවට ලක් කරනවා. ඉන්දීයා ප්‍රේක්ෂකයාගේ උනන්දුව වටහා ගන්නට එය හොඳටම ප්‍රමාණවත් යයි මා සිතනවා.  මෙවැනි උන්මාදයකින් පසු වන්නන්ගෙන් ක්‍රීඩාංගන පිරී යාම පුදුමයට කරුණක් නොවේ. ඔවුන් තරග පරාජය වූ පසු හැසිරෙන ආකාරය එයට හොද සාක්ෂි සපයනවා. 

අනෙක් කාරණය ඉන්දීය ප්‍රාන්ත තරගාවලියක් (රංජි කුසලාන) පවතින නිසා ඔවුන් තමන්ගේ කණ්ඩායමට සහය දක්වන්න මුල සිටම පුරුදු වී තිබෙනවා. අප තවමත් කුමන කණ්ඩායමට සහයෝගය දක්වනවාද යන්න තෝරා බේරා ගැනීමට නොහැකිව ලත වෙනවා නොවේද. එක් අතකින් අප ඉන්දියානුවන් තරම් පහත මානසිකත්වයකින් පසු නොවීම මීට හේතුවක්. අපට බස්නාහිර කණ්ඩායමේ දිල්ශාන් පහර දෙන විටත්, රුහුණේ ලසිත් මාලිංග පන්දු යවන විටත්, වයඹේ මහේල පහර දෙන විටත්, කඳුරට තිසර ක්‍රීඩා කරන විටත්, නැගෙනහිරින් මැතිව්ස් එන විටත් අප ඔවුන්ට හිතින් සහය පල කරමු. අප තවම ශ්‍රී ලංකා කියන අය අනිත් අයගෙන් වෙන් කරගෙන සිටිමු. එහෙත් ඔබ තවමත් කුමන කණ්ඩායමට සහයෝගය දක්වනවාද යන්න තීරණය කලාද ? එසේ තීරණය නොකර කෙසේ නම් ක්‍රීඩාංගනයට ගොස් සහය පල කරන්නේද ? මට සිතෙන්නේ අපි තවමත් මෙතන සිර වී සිටින බවයි. උදාහරණයකට මා උපන් ප්‍රදේශය ගතහොත් මා සහයෝගය පල කල යුත්තේ රුහුනටය, එහෙත් මා ජීවත් වන පළාත ගත්තොත් මා බස්නාහිරට සහයෝගය දැක්විය යුතුය. එහෙත් මගේ ප්‍රියතම ක්‍රීඩකයන් සිටින්නේ වයඹ හෝ කඳුරටය. ඉතිං මා කාට සහයෝගය දක්වන්නද ? මේ ප්‍රශ්නයේ තවත් බොහෝ දෙනෙක් ගැලී සිටිනු නොඅනුමානය. අනිවාර්යයෙන්ම මෙම තරගාවලිය අවසන් වූ පසු අපට යම් තීරණයකට එළඹිය හැකිය.

අනෙක් අතින් ගත විට අගෝස්තු හත් වනදා තෙක්ම ශ්‍රී ලංකාවේ එක දිගටම වෙනත් තරග නරඹා හෙම්බත් වී සිටින ප්‍රේක්ෂකයන්ට මෙම තරගාවලීන් අතර ලැබුන පරතරය මදිය. මා තේරුම් ගත පරිදි ක්‍රීඩාංගන වල තරග නැරඹීමට එන්නේ දැනට ක්‍රීඩා කරන්න අය, කාර්යාල වල සේවය කරන අය, සුළු ව්‍යාපාර කරන අය. මේ පාර්ශව තුනම ගත්තත් මුදල් උපයාගෙන ක්‍රීඩාංගන වෙත පැමිණිය යුතු අයය. ඉතිං පසුගිය ඉන්දීය සහ පාකිස්තානු තරග නැරඹු ඔවුන්ට යම් මුදලක් අතේ ඉතිරි කර ගන්නට කාලය මදි බවයි මගේ වැටහීම. ඔලිම්පික් තරගාවලියද යම් මට්ටමකට ප්‍රේක්ෂකයා ක්‍රිකට් වලින් ඈත් කර තබන්න සමත් වුනා. 

ඉන්දීය තරගාවලියට සාපේක්ෂව මෙම කණ්ඩායම් වල සිටින විදෙස් ජනප්‍රිය සහ දක්ෂ ක්‍රීඩකන් ගණනද අඩුය.  ඔවුන් අප තරගාවලියට ක්‍රීඩකයි සහබාගි නොකරවුයේ කුමන පදනමකින්ද යන්න තවමත් පැහැදිලි නොවුනත්, යම් හෙයකින් එසේ සහභාගී කලානම් ක්‍රීඩාංගන පිරි ඉතිරී යන්නේ ඉන්දියානුවන්ගෙන්මය. එයට හොඳම උදාහරණය සපයන්නේ IPL තරගාවලිය දකුනු අප්‍රිකාවේ පැවැත්වූ විට එහි ඇදුන ඉන්දියානුවන් ගණන සැලකිල්ලට ගත් විටය. යම්හෙයකින් ලබන වසරේ IPL තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වුවහොත් ක්‍රීඩාංගන පිරෙන ආකාරය බලා ගන්නට හැක. 

ඉහත කී කාරණා සැලකිල්ලට ගත් විට මෙම තරගාවලියේ සාර්ථක / අසාර්ථක බාවය ගැන අනාවැකි පල කිරීමට තවත් අප ඉක්මන් විය යුතු නැත. එක් අතකින් මෙම තරගාවලිය අවුරුදු තුනක්ම සංවිධානය සඳහා බ්‍රිතාන්‍ය සමාගමක් සමග ගිවිසුම් අත්සන් කර ඇති බැවින් මෙය අසාර්ථක වුවත් අප දිනුම්ය.  

මොනවා වුනත් ශ්‍රීලාංකිකයන් වශයෙන් මෙවර තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන මහින්ද්‍රා ආයතනයටත්  සෙසු කණ්ඩායම් මිලදී ගත් හිමිකරුවන්ට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.

පින්තුරය ගත්තේ : wisdenindia.com

30 comments :

  1. ඇත්ත අපි ප්‍රේක්ෂකයෝ ගැන වගේම මෙහිදී කියන්න ඕනේ තවත් දෙයක් ගැන මට හිතෙනවා.
    අපි 2011 ලෝක කුසලානය පැරදුනු වෙලේ තරඟය පාවා දුන්නාය කියමින් කෑ ගැසූ අය සිතුවාද ඉන්දියාවේ ඉන්න ජනගහනයත් එක්ක ලෝකයේ ඉන්න සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ට සකසා ගත හැකි බව!
    හොඳ විචාරයක් !
    ජය!!!!!!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අද මයි මුලින්ම මේ පැත්තෙ අවෙ.

    මොනවා උනත් ඉන්දියනුවන් වගේ උන්මන්තක ක්‍රීකට් රසිකයන් නැති එක ගැන සතුටු වෙන්න පුලුවන්. හැබැයි ඔබ ඔය කියන විදියෙ එතරම් ම ජාතිකත්ව හැගිමක් ඉන්දියානුවන් තුල නෑ. මා දන්නේ ඔවුන් සමග ජීවත්වෙන හා එකට වැඩ කරනා නිසා. විශේෂයෙන් කේරලේ අය තමන් ඉන්දියනුවෙක් කියලා හදුන්වනවට වත් කැමති නෑ. ප්‍රාන්ත වශයෙන් උපරිම ලෙස බෙදිලයි ඉන්නෙ. මගේ අදහස නම් ඉන්දියානුවන්ට වඩා ශ්‍රි ලාන්කිකයන්ට රට වෙනුවෙන් ඇති හැගිම වැඩි බවයි.

    ReplyDelete
  4. විමල් වීරවංශ මොඩ්ල් එකේ ජාත්‍යාලයක් තමයි ඉන්දියානුවන්ට තියෙන්නේ

    ReplyDelete
  5. හොඳ විග්‍රහයක් , 20-20 පිස්සෙක් වුනු මාත් මේ තරඟාවලිය බැලුවේ සැහෙන කම්මැලි කමෙන් , ප්‍රේක්ෂකාගාරෙන් එන සද්දෙ නැතුව නියම ගතිය ඇඟට දැනෙන්නේ නෑ , ඉන්දියාවේ තරම් උනන්දුවක් නැතත් මීට වඩා නම් සෙනඟත් පිට්ටනි වලට ඇද ගන්න පුලුවන් වෙන්න ඕනි . මේ විදිහට කරලා ලාභයක් තීයේද කියන එක ප්‍රශ්නයක් . ඉන්දියානු ක්‍රිඩකයින් සහභාගි නොවීම පිටිපස්සෙ තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩල අතර ගැටුමක් , අපේ අයට මොකුත් කරගන්න බැරි උනාට පණ්ඩිත කම තියනවනේ , ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක හිතාන ඉන්නේ උන් ලෝකෙට ලොක්කා කියලනේ ඉතින් කොහෙද

    ReplyDelete
  6. @චුටි පුතා : මා අසා තිබෙනවා ඉන්දියාවේ ප්‍රාන්ත අතර අනුපාතය නොවන්න, ඔවුන්ට ඇති දක්ෂ කණ්ඩායමක් සැකස ගත් හැකි බව. ඇත්ත තරග පාවා දෙනවානම් එය අවසාන තරගයට පෙර කරන්න තිබුණා.

    @සුජියා : ඔයා කියන කතාවම දකුණු ඉන්දියාව සේවය කරපු මගේ යාලුවෙක් කිව්වා. අවසානයෙදී ඔහු රැකියාව හැර එන්නේ ඉන්දියානුව අතර සමගියක් නැති කම නිසා ඒ ගැන ඔවුන්ට හොඳටම දෙහිකපීමකින් පසුව. පුදුම උන්මත්තක ජාතියක්. සමහර විට වෙනත් ප්‍රාන්ත වල හොඳ අය ඉන්න පුළුවන්.

    @මිස්ටර් හයිඩ් : භාරතීය ජනතා පක්ෂය = ජාතික නිදහස් පෙරමුණ ?

    @බුවා : කොතරම ප්‍රචාරයක් යෙදුවත් ප්‍රේක්ෂකයන්ට වෙලාව, ප්‍රවාහනය වගේ ගැටළු එනවා. එහෙම නම් ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් බස් යෙදවිය යුතුයි නොමිලයේ. පාඩු වුනත් අපේ බෝඩ් එක මේ පාර ලාභය කලින්ම අරන් ඉවරයි. මෙය වසර තුනක් සඳහා සවිධානය කරන්නේ බ්‍රිතාන්‍ය සමාගමක්. අපේ අය සල්ලි අරන් ඉවරයි.

    ReplyDelete
  7. හොඳ විශ්ලේෂණයක්.. කතාව ඇත්ත..

    දැන් තියෙන මැච් ප්‍රමාණය වැඩීවීමත් අප්පිරියා වෙන්න හේතුවක්.. අනික හැමෝටම බලන්න පුළුවන් චැනල් එකක පෙන්නන්නෙත් නෑනෙ..

    ReplyDelete
  8. මේකට තවත් හේතුවක් තමයි කණ්ඩායම් පළාත් වශයෙන් බෙදුවට ඒ ඒ පළාතේ මැච් තියන්නේ නැති එක. SLPL වගෙ මැච් බලන්න රුහුණේ හෝ උතුරේ කෙනෙක් කොළඹට හරි නුවරට හරි එන්නේ නෑනේ. අපේ හැම පළාතටම හොඳ මට්ටමේ ග්‍රවුන්ඩ් නැති එක ඇත්ත. ඒත් දිවා කාලයේ තරඟ තියන්න පුළුවන් ග්‍රවුන්ඩ් කිහිපයක් තියෙනවානේ. ඒ කොහොම වුනත් මේක සංවිධානය කරපු අය වැඩියෙන්ම හිතල තියෙන්නේ රුපවාහිනී විකාශන අයිතීන් ලබාදීලා ඒවගෙන් ලාභ ලබන්න කියලා තමයි මට හිතෙන්නේ.

    " සෙසු කණ්ඩායම් මිලදී ගත් හිමිකරුවන්ට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය."

    අනේමන්දා 6 ක්ම ඉන්දියන්. අපිට ආදරේටනම් වෙන්න බෑ.

    ReplyDelete
  9. මගේ ප්‍රශ්නය මේකයි. slpl තරගාවලිය පටන්ගත්ත දිනය වෙනකොට කරන්න තිබුන කාර්යන් ඉවර කරල තිබුනද? එහෙම නැත්තං "slpl තරගාවලිය අහවල් දවසේ තියනව" කියල ඇඟිලි ගනින පිරිසක් ක්‍රිකට් පිස්සන් කියන උදවිය අතරෙවත් ඇතිවෙලා තිබුනද? මේකෙදි සංවිධානය පැත්තෙන් දැඩි අඩුපාඩුවක් තිබුන. මොකද ඉන්දියන් තරගාවලියෙන් පස්සෙ ඔලිම්පික් පටන්ගත්ත. slpl තියනවද කියලවත් මිනිස්සු දැනගෙන හිටියෙ නෑ. ඉන්දියාවෙ ක්‍රීඩකයන් නැතිවීම ඉන්දියන් ප්‍රේක්ෂකයන් නැතිවීමට හේතුවක් උනත් ලංකාවෙ ප්‍රේක්ෂකයන් ඇදගන්න සමත් වැඩපිලිවෙලක් සංවිධායකයන්ට තිබුවෙ‍‍නෙ නෑ. අනිත් කාරණාව මතුවෙච්ච යම් යම් ප්‍රශ්න මතබේධ නිසා මුලින් තිබුන උද්යෝගය අඩුවුනා.

    slpl, අයිපීඑල් එකේම කොපියක් නොවීමට අලුතෙන් මොනවදකරල තියෙන්නෙ? තරගාවලියේ 6 පහරවල් ගනන් කිරීම, "අක්කලගෙ ඩාන්ස්"..... වගේ අයිපීඑල් කොපි හැරුනම අපි මොනවද කරල තියෙන්නෙ.
    කරන්නං වාලේ කලාම ඕක වෙනව. සොරි තමයි.

    ReplyDelete
  10. හොද විග්‍රහයක්....

    ReplyDelete
  11. @හරී : බොහොම ස්තුතියි. නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියන්නේ මේවට තමයි.

    @Anonymous : ඔය කියන කතාවත් ඇත්ත. ඒ ඒ පළාත් වල ක්‍රීඩාංගන මෙන්ම, ඒ ඒ පළාත් වල ක්‍රීඩකයන්ද සිටිය යුතුයි. අනිවාර්යෙන්ම රුපවාහිනි විකාශන අයිතිය තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉන්දියන්ම වුනත් පටන් ගන්න වෙලාවේ ඉදිරියට ආව ඒක ලොකු දෙයක්. සමහරවිට මීළඟ වතාවේදී අයි.පී.එල්. ඒකට ඉල්ලන් සුදුසුකමක් වශයෙන් මෙහෙම ඉදිරිපත් වුනා වෙන්න පුළුවන්.

    @රාජ් : මෙහෙමයි රාජ් අපිට රෝදය නැවත සොයා ගන්න බෑ. ක්‍රිකට් වලට යම් නව අංග එකතු කරන්නේ අයි.සී.සීය, එතකොට විකාශනය කරන දේවල් තීරණය කරන්නේ විකාශන කරුවන්. ඔබ දන්නවාද කුමන ක්‍රීඩාංගණය යොදා ගන්නවාද යන්න තීරණය කරන්නෙත් විකාශන අයිතිය ගන්න අය, එයාලට පහසු විදියට. දැන් බලන්න දවස් තුනක නිවාඩුවක් ගන්නේ එයාලගේ බඩු සැට් උස්සගෙන නුවර යන්න අවශ්‍ය කාලය මිසක් ක්‍රීඩකයන්ගේ පැත්තෙන් හිතල නොවෙයි.

    @ඉන්ද්‍රජිත් : බොහොම ස්තුතියි.

    ReplyDelete
  12. මට හිතෙන්නෙ නම් මේ පාර ඉන්දියාවෙ IPL එකටත් මෙහෙම කිව්වා ඒත් SLPL ටිකක් උණුසුම් වෙනකොට මේ ගතිය යයි.

    ඇරත් IPL එක මාස ගාණක් එකදිගට පෙන්නන නිසා ඒක ගොඩක් බොරින් event එකක් වේගන එනවා..

    මේක IPL බලපු අපි ඔක්කොටම වෙනස් අත්දැකීමක්ම නොවන නිසාත් දැනට සෙනග අඩුයි.

    අපේ රටේ දේවල් බාල්දු කරන්නම හිතාගෙන gale ව ඇදල දාන්න කටු දැම්මත් දැන් ගේල් නැතව ඔය හොදට යනවනෙ.

    කොහොම හරි පාඩු විදගෙන හරි මේ කරපු දේටනම් ඉන්දියාව ඊරිසියාවේ පැලෙනවා...

    ReplyDelete
  13. @වන වදුල : ඉන්දියාවට තියෙන බය ලංකාවට මේ නිසා ඉන්දියානුවන් ඇතුළු සංචාරකයන් ආකර්ෂණය වෙයි කියන එක. මොකද ලංකාවේ ඉන්දියාවේ තරම් නරක මිනිස්සුත් නෑ, අපවිත්‍ර පාරවලුත් නෑ. අද ගලුමුවදොරට ගියොත් හොඳටම වැටහෙන දෙයක් තමයි වැඩියෙන්ම ඉන්නේ ඉන්දියානුවන්, හේතුව ඉන්දියාවේ මේ වගේ තැනක් නැති එක. මුම්බායි වගේ දහ ගුණයක් කොළඹ පිරිසිදුයි. අනිත් දේ තමයි ඉන්දියන් කාරයෝ කාවවත් ගණන් නොගන්න එක. ඇත්තටම් ඉන්දියාවේ සමහර අයට ලංකාවට එන එක ලාබයි ඉන්දියාවේ සමහර පළාත් වලට යනවාට වඩා. ඔව් ඉංග්‍රීසි කියමනක් තියෙනවනේ "Better Late than Never" කියල. පටන්ගැම්මේ යම් අඩුපාඩු තිබුනත් ඉදිරියේදී වඩාත් හොඳින් මෙය සිද්ද වෙයි කියල බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
  14. සිරාගේ ‍ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් උනත් මා හටද දැන් තරග නැරඹීමේ උනන්දුව අඩුවෙලයි තියෙන්නෙ... මම පාසලෙන් සමුගත්ත මුල්ම කාලෙ ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුබද්ධව ක්‍රීඩාංගන වල ප්‍රවේශ පත්‍ර නිකුත් කරන රාජකාරියකට සම්බන්ධ වී සිටියා... කොළඹ සිට ගාල්ල,දඹුල්ල,නුවර ප්‍රදේශ වල පැවති තරග වලටත් අපි සහභාගි වුනා.. ක්‍රිකට් ක්‍රීඩකයො විශාල ප්‍රමාණයක් එක්ක කථා බහ කරන්නත් අවස්ථාව ලැබුනා.. ඉන්දියානු මා‍ධ්‍ය වේදීන් පිරිසක් අපිත් සමග ඒ කාලෙ දඹුල්ලෙ එකම තැනක නවාතැන් ගෙන සිටියෙ... ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයකදී මම ඔවුන් සමග එකට ඉදගෙන තරගය නැරඹුවා.. සම්පූර්ණ බ්ලොක් එකම ඉන්දියානුවන්ගෙන් පිරිලා... මම එදා දැන ගත්තා මේ මිනිස්සු කොච්චර ක්‍රිකට් වලට ආදරෙයිද කියලා... ඒකට උගත් කම, ආදායම,කුලය ඒවා අදාළ නෑ...

    නුවන් කුලසේකර මගේ පාසල් මිත්‍රයා සෙල්ලම් කරන හැම තරගයක්ම මම නරඹනවා, කොහෙ හරි ඉන්න තැනක ඉදලා... SLPL වලට ඔහුගෙ සහභාගිත්වය නැති නිසා මටත් තරග බලන්න ටිකට්ස් ලැබුනත් උනන්දුවක් නෑ..

    අතීතයට වඩා ක්‍රිකට් මැච් තිබීමත්, ජීවන විදයම පිළිබද ප්‍ර‍ශ්නත්,ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිසාත් ප්‍රේක්ෂක අවධානය අඩු වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ...

    වැරැද්ද තියෙන්නෙ හැම දේටම ඉන්දියානුවන් සම්බන්ධ වීම හා ඉන්දියානු ක්‍ර‍මයට කරන්න යෑම...

    ReplyDelete
  15. @සිරා : විස්සයි-විස්ස සඳහා ඉන්දියානු ආකෘතිය කියල එකක් නෑ. මං කලිනුත් කිව්වා වගේ ක්‍රිකට් වලට නීති සම්පාදනය කරන්නේ අයි.සී.සීය නැත්නම් එම්.සී.සීය. ඉන්දියාව කියන්නේ වැඩියෙන්ම ක්‍රිකට් පාවිච්චි කරන රට. හැබැයි ඉන්දියාව අනිත් සියළු දෙනාට වඩා ඉදිරියෙන් ඉන්නේ ප්‍රේක්ෂකයන්ගෙන්. ඒක නිසාම යම් යම් නීති සම්බන්ධව ඉන්දියාව කරන බලපෑම් තිබෙනවා. ඩී.ආර්.එස්. උදාහරණයකට ගන්න පුළුවන්. එයාල ඒකට තදින්ම විරුද්දයි. ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ, බටහිර ඉන්දීය, සිම්බාබ්වේ, නවසීලන්තේ, දකුණු අප්‍රිකාව කියන රටවලත් විස්සයි-විස්ස තරගාවලි පවත්වල තියෙනවා.ඒත් උන්මත්තක ප්‍රේක්ෂකයින් මේ රටවල අඩුයි. බංග්ලාදේශයේ අය තරමක් ඉන්දියාවට කිට්ටුයි.

    ලිපියෙහි සඳහන් නොකළ කාරණාවක් කියන්නම්. අපේ මැච් බලන්න එන අය නියම ක්‍රිකට් ප්‍රේමීන් නෙවෙයි අතලොස්සක් ඇරෙන්න. සමහරු එන්නේ රුපවාහිනී තිරයට මුහුණ දෙන්න. එහෙම ආපු කෙල්ලෝ සෙට් එකක් දඟලපු දැඟලිල්ල දැකල මට හිනා වගේම දුකකුත් ඇති වුනා. සමහරු එන්නේ බොන්න සහ නටන්න. සමහරු නොමිලේ ටිකට් ලැබුන නිසා එනවා. වෙනත් අරමුණු වලින් එන අයත් සමහරවිට ඇති. නියම ක්‍රිකට් ප්‍රේමීන් නම් නරඹන්නේ ක්‍රිකට්. එතකොට මැච් එක මොන ආකාරයේ එකක්ද කියල වැදගත් නෑ. ඔයාල දන්නවද මම වැඩියෙන්ම බලන්න කැමති ටෙස්ට් මැච්.

    ReplyDelete
  16. ශ්‍රි ලංකාව සහ වෙනත් රටක් අතර තරඟයක් පැවැත්වෙන අවස්ථාවකදී අප ශ්‍රී ලංකිකයෝ නිසා අප සහයෝගය දක්වන්නේ (අප්පුඩි ගසන්නේ) ශ්‍රි ලංකා කන්ඩායමට. නමුත් SLPL තරඟයේ දී අප සහය දක්වන්නේ කුමන කන්ඩායමටද?
    පළාත් 7 ක් නියෝජනය කරමින් කන්ඩායම් 7 ක් ක්‍රීඩා කලත් තරඟ පැවැත්වෙන්නේ පළාත් දෙකක පමනයි. එම නිසා ක්‍රීඩාංගනයට ප්‍රේශකයින් පැමිනෙන්නේ තමන්ගේ පළාත ක්‍රීඩා කරන දවසට පමනයි.
    තවද සමහර ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්නේ තමන්ගේ පළාතට නොවෙයි. උදාහරණයක් ලෙස මුත්තයියා මුරළිදරන් මධ්‍යම පළාතේ ක්‍රීඩකයෙක් වුවත් ඔහු ක්‍රීඩා කරන්නේ වෙනත් පළාතකටයි. එම නිසා ප්‍රේශකයින් ගේ මෙන්ම ක්‍රීඩකයන් තුලද ද තමගේ පළාත යන හැඟීම/අභිමානය නැතීවී තිබෙනවා.

    ReplyDelete
  17. @සුදීක - මොකක්ද ඔය බ්‍රිතාන්‍ය සමාගම ?

    @රාජ් - අයිපීල් කොපි කරන්න දරපු උත්සාහයක් කිව්වොත් නිවැරදියි ,


    ReplyDelete
  18. ලයිට් නැති, වතුර නැති, හොර ඩීසල්, හොර පෙට්‍රල්, හොර විභාග ක්‍රම, හොර නීතීඥයෝ, මහා එකාගේ ඉඳලා පහලටම හොරකම, රැකියා විරහිත බව, ජීවන වියදම්, මේ ඔක්කොම දරාගෙන මොන මැච් ද හලෝ

    ReplyDelete
  19. @අනෝ 1 : මේ දේ අයි.පී.එල්. එකෙත් තියෙනවා.

    @බුවා : සමර්සෙට් එන්ටර්ටේන්මන්ට් වෙන්චර්ස් සමාගම.

    @ano2 : ඒ මාතෘකාව ගැන ඔයා වෙනම ලිපියක් ලියන්න. මේක වෙනම මාතෘකාවක්.

    ReplyDelete
  20. ඔව් ප්‍රශ්නේට නියම උත්තරේ දීලා තියෙනවා, හොඳ ලිපියක්

    ReplyDelete
  21. @පුබුදු : බොහොම ස්තුතියි.

    පොඩි නිවැරදි කිරීමක් : සමර්සෙට් එන්ටෙර්ටින්මෙන්ට් ආයතනය කොහොදි හෝ බ්‍රිතාන්‍ය සමාගමක් යයි මා කියවා තිබුනත් එය සිංගප්පුරුව පදනම් කරගෙන ක්‍රියාත්මක වන්නක්.

    ReplyDelete
  22. http://www.seventures.com.sg/who_we_are.html

    අපි දන්න විදිහට නම් ඕක බ්‍රිතාන්‍ය සමාගමක් නෙවෙයි සිංගප්පුරු සමාගමක් , ඔය ඉන්නේ ලොක්කො ටික උනුත් ඉන්දියන් කාරයොම තමා

    http://www.seventures.com.sg/who_we_are.html

    ReplyDelete
  23. අහ් ..ඔබතුමා සිංගප්පුරුවේ කියලා පස්සෙ දැනගෙන නේ , ශ්‍රි ලංකා ප්‍රිමියර් ලීග් එක හැරුණාම ඔය කට්ටිය කරපු වැඩ ගැන එහෙම මොකුත් දන්නවද ?

    ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක ගිය අවුරුද්දේ ඇදපු කොක්ක ට ඔය සමාගමත් ගැවිලා තිබුනා මම හිතන්නේ

    ReplyDelete
  24. @බුවා : ඔබ එම සමාගම ගැන හොඳින්ම දන්නා පාටයි. ස්තුතියි නිවැරදි කරන්න ඉදිරිපත්වීම ගැන.

    ReplyDelete
  25. "ඉන්දියන්ම වුනත් පටන් ගන්න වෙලාවේ ඉදිරියට ආව ඒක ලොකු දෙයක්. සමහරවිට මීළඟ වතාවේදී අයි.පී.එල්. ඒකට ඉල්ලන් සුදුසුකමක් වශයෙන් මෙහෙම ඉදිරිපත් වුනා වෙන්න පුළුවන්."

    එහෙනම් අවුරුදු 7කට ගිවිසුම් ගහයිද? (මං නෙට් එකේ දැක්ක විදිහට අවුරුදු 7 කට තමයි ටිම්ස් ටික දීලා තියෙන්නේ. හරියටනම් දන්නේ නෑ).
    මට පොඩි සැකයක් තියෙනවා අපේ ක්‍රිකට් බෝර්ඩ් එක ණය ටික පියවගන්න දුරදිග හිතන්නේ නැතුව ගත්ත තීරණයක්ද කියල මේක. බුවාගේ සිතුවිලි කියනවා වගෙ සමර්සෙට් ආයතනය ගැන මටත් සැකයි. ඒ කොහොම වුනත් අඩුමගානේ අපේ ක්‍රීඩකයින්ටවත් මේකෙන් හොඳක් වෙයි කියල හිතනවා. ඔබතුමා slpl ගැන මේ විදිහේ පොස්ට් දාන එක බොහොම වටිනවා. ස්තුතියි!

    ReplyDelete
  26. @Anonymous : මටත් මේ සමර්සෙට් ආයතනයේ ප්‍රධාන කොටස් කරුවන් දැක්ක ගමන් ඔය සැකය ආව. ඒ කියන්නේ එකම පවුලේ අය වගේ. වෙනත් කාරණයකදී මම සිංගපූරුවේ සමාගම් ලියාපදිංචිය සඳහා තිබෙන අත්පොත කියවා තිබෙනවා. එහි තිබෙන විස්තර අනුව කිසිම සමාගමකට වැටෙන්න ඉඩ නොතබන්න ඔවුන් වග බලා ගන්නවා. මට කියන්න බෑ ඔවුන්ගේ යටි අරමුණු මොනවාද කියා ? විශේෂ වාසියක් නැත්නම් ඔවුන් මේකට අත ගහයිද ? අර අවුරුදු හතේ කතාව නම් අපේ පාලක මණ්ඩලයේ දුබලතා දැකල ආපු එකඟතාවක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  27. ඔය සමාගම කලින් කරපු වැඩක් ගැන කිසිම සඳහනක් නැ , මාධ්‍යා වාර්ථා සඳහා තියන කොටසේ තියෙන්නේ අපේ එක ගැන විතරයි . ඒ දවස් වල කථාව ගියේ මේක අපේ එක වෙනුවෙන්ම අටවගත්ත එකක්ය කියල , ඉන්දියන් කාරයො ටිකක් ඉස්සරහ හිටියට ඕකේ පිටිපස්සේ අපේ පාලක මණ්ඩලයේ ඇයිනුත් ඉන්නවා කියල . ඇත්ත නැත්ත කොහොම වෙතත් මේ ගනුදෙනුව එක් තරා දුරකට සැක සහිතයි .

    ReplyDelete
  28. සමර්සෙට්ලාට වාසියක් තියනවා , කණ්ඩායම් හිමිකරුවන් ගෙවන මුදලින් 50%ක් ලැබෙන්නේ ඔවුන්ට , ඉතිරිය තමයි අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබෙන්නේ , ප්‍රශ්නෙ තියෙන්නේ අර සමර්සෙට් 50%නුත් කොටසක් අත යටින් අපේ අයගෙම සාක්කු වලට යනවද කියන එක ,

    ReplyDelete
  29. මම හිතන්නේ සමර්සේට්ලා අපට මුදල් ලබා දෙන නිසා එය ශුද්ද ලාභය ලෙස සලකන්න පුළුවන් කියලා. මොකද අපේ අය කලානම් ශුද්ද අලාභයකින් තමයි කෙලවර වෙන්නේ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...