කාලෙකට පස්සෙ ඩ්‍රැකියාගේ ඉල්ලීම පරිදි බ්ලොග් පොස්ට් එකක් දැමීමට සිත්වුණි. ජංගම දුරකථනයෙන් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන
බව පසක් වූයේ මෑතකදී අලුත්කල ජංගමයෙන් එයට ගොඩවදින්නට තැත් කල විටදීය. එයට ලොගින් වීමේ සිට දහසක් පියවරයන් පසු කරමින් මේ පැමිණියේ ඩ්‍රැකියාගේ අහිංසක ඉල්ලීම අහක දැමිය නොහැකි නිසාය.
ජයරත්න මල් ශාලාවේ පාලර් එකට ගොඩ වී මිතුරෙකුගේ මවකට අවසන් ගෞරව දක්වා ආපසු එන ගමනේදී
මේ අපූරු අදහස මවෙත ගලා ආවේ කිසි පාරේ ඇති එක්තරා වෙළඳ හලක නාම පුවරුව ඩුටු විටය. මා බොහෝ අවස්ථාවල රාජකාරි සඳහා අනුරාධ්පුර ගොස් ඇත. ඉන්පසුව මා හා කලක් පෙමින් බැඳී සිටි යුවතියක් නිසා අනුරාධපුරය ගැන යළි උනන්දුවක් ඇත් වුණා. එක් වතාවක් එහි ගොස් ඇය
හමුවී කථා බස් කලාද මතකය. ඇය මා හා පැවසූ පරිදි සහ බ්‍රා මෙන්ඩා නිතර පවසන පරිදි එහි මිනිසුන් අනුරාධපුරය හඳුන්වන්නේ පුරේ කියාය. වෙනත් ප්‍රදේශයක ආකාරයකට වැඩ කටයුතු කරගන්න කථා කළහොත් පුරේ එහෙම බෑ කියා ඊයන ප්‍රසිද්ධ කියමනක්ද ඇතිබව ඇය මා හා පවසා තිබේ. නමුත් මා එය අත්විඳි මොහොතේ ඔවුන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ නමුත් දඬුවම පිටස්තරෙකුගේ කරපිටින් ගියේයා. ඒ පීසා හට් එකේදීය. සුපුරුදු පරිදි නෑ, බෑ කියූවිට මා ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා පතරංග චෝදනාවක් ගොනු කලවිට, එම මොහොතේ සිට එම ආයතනයේ පහළ සිට ඉහළ දක්වා බොහෝ නියෝජිතයින් අතෝරක් නැති සමාව බජනය කිරීමේ ඇමතුම් ලබා දෙමිනි. එයද මාහට හිසරදයක් වුවේය.
මා කියන්නට ආ කතාව එය නොවේ. ඉහත කොටස ප්ද්‍රම්පරික පඳුරු තැලිල්ලකි. ඖරේ එකෙක් මේ පාරේ ටික කලකට පෙර ඇවිද ගිස් ඇති අතර ඔහුගෙර් මිතුරාට පෙන්වා ඇත්තේ මේ අපේ ගමේ එකෙකුගේ වැඩක් කියාය. ඒ මදිවාට තමා එහි හිමිකරුවා හඳුනන බවද පවසා ඇත. එහි ගිය අනෙකා ඔහුට වචන පටලැවිල්ල ගැන තේරුම් කළද, ඒකා විමසා ඇත්තේ පුරේ යන්න ඉංග්‍රීසියෙන් ලියන්නේ කෙසේද කියාය. 
