ඊයේ රෑ පටන් ගත්ත Ajith Dharmakeerthi ගේ සරුවත් සංවාදය අවසන් වුණේ අද උදේ. මේකට Wasanthi Nanayakkara ත් එකතු වෙලා හිටියා. මාධ්‍යවේදිනියකට මේවාට ගත කරන්න කාළය කළමනාකරණය කර ගන්න හැකිවීම සතුටට කරුණක්. අද උදේ මම කන්න ගියේ බොරැල්ල නගරයේ තියෙන සයිවර් කඩ තුණෙන් එකක් වෙන ආරියබවන් එකට. අනික් එක ආනන්දබවන්. මේ දෙකම තියෙන්නේ බොරැල්ලේ සුපර්මාර්කට් ගොඩනැගිල්ල ඉදිරිපිට. තුන්වෙනි එක තියෙන්නේ මරදාන පාරේ ලඟදි පටන් ගත්‍තේ. ඒක අර දෙකට සාපේක්ෂව පහළ මට්ටමක තියෙන්නේ.
මම ඉස්සර කන්නෙම ආනන්දබවන් එකෙන්. නමුත් එක දවසක මගේ අතේ සල්ලි නැතුව වයි.එම්.බී.ඒ. එකේ තියෙන මහජන බැංකු ටෙලර් යන්ත්‍රයට යන්න වුණා. ඒ අපේ ඔෆිස් එකට ඇතුල්වෙන ද්වාරය ළඟ තියෙන ඒ.ටී.එම් දෙකමත් වැඩ නැතිව, බේස්ලයින් පාරේ තියෙන ලංකා බැංකු ඒටීඑම් යන්ත්‍ර ගාව ලොකු පෝලිමකුත් තිබුණ නිසා. වාහන තදබදය අතින් නරකම තැනක් වන බොරැල්ල නගරයේ සිත් ගන්නාසුලු එකම දේ තමයි පස්මං හන්දියේ තියෙන උමං පදික මාරුව. මේක ඇරුණම කොළඹ උමං පදික මාරුවක් තියෙන්නේ වැල්ලවත්තේ මයුරා කෝවිල ලඟ. හැබැයි මේ වගේ එකක් නුවරත් තියෙනවා. බොරැල්ලේ මේ වගේ කදිම පදික මාරුවක් තිබිලත් කම්මැලි කමට උඩින් එහා-මෙහා ඇවිදින මිනිසුන් ඉන්නවා. ඕනෑම වෙලාවක මේ පදික මාරුවට ගියොත් විවිධ තරාතිරම්වල, විවිධ වයස් කාන්ඩවල උදවිය බොහොම යුහුසුලුව මේකෙන් ගමන් ගන්නවා බලන්න පුලුවන්.ඇත්තටම මේක හරිම මනස්කාන්ත දර්ශනයක් . මේකෙන් රටේ කාර්‍යක්ෂමතාවට යම් දායකත්වයක් තියෙනවා කියන එක මගේ විශ්වාසය. අපේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක මම පොඩි සංවාදයක යෙදුනා, ගුවන් පදිකමාරුවෙන් පාර මාරු වෙන එක ලංකාවේ අසාර්ථකයි. මම එහෙම කියන්නේ දුම්රිය ස්ථාන වල තිබෙන ගුවන් පදික මාරු හැර අනෙක් ඒවා භාවිතා වන ප්‍රමානය අඩු නිසා. අපේ ඩ්‍රයිවර් උන්නැහේ කියන්නේ උමං ඒවට බැස්සට පස්සේ කොහොම හරි නගින්නත් වෙනවා කියලා. ඒ තර්කය හරි. බහින්න කම්මැලි නැති නිසා, මුලින්ම පඩිපෙලක් නගින්න අකමැති කෙනෙක් වුණත් නගිනවා. බොරැල්ලේ මේ පදික මාරුව ඇතුලේ අපූරු වෙළඳසැල් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් බොම්බේ ස්වීට් කඩේ විශේෂයි.
මම ආරියභවන් එකට, හා...හා.. වැරදුනා ශ්‍රී ආරියබවන්. ඒ වුණාට ශ්‍රී කියන එකට මේ දවස් වල තහනම් වචනයක් වෙලා. මමත් ඒ ගැන කට වරද්දා ගන්න ඕනේ නෑනේ. අපේ තාත්තා කියනවා මම අහලා තියෙනව ශ්‍රී යුද්ධය කියලා එකක්. ඒ වාහන අංක තහඩුශ්‍රී යෙදුවම දමිළ ජනතාව ඊට විරුද්ධ වුණාලු. පස්සේ මේක දිගටම ඇදිලා ගිහිං චන්ද්‍රිකා නෝනා ඒක අයින් කළා.එයා කරපු සීමිත වැඩ අතර මේ උමං පදික මාරුවත් එකක් මගේ මතකය නිවැරදි නම්.
මේ අස්සේ තව කථාවක් මතක් වුණා. ඔය වාහන අංක ශ්‍රී වලින් නම් වුණ කාලේ සුද්දෙක්ව හප්පලා වාහනයයක් පලායනකොට සුද්දා වාහනේ නොම්බරේ ලියා ගත්තා. පස්සේ පොලීසියට ගිහිං කිවුවලු ටුවෙන්ටි ක්‍රෑබ් වන් සික්ස් ත්‍රී ෆයිව් කියලා. දහ පාරක් ඇහුවත් සුද්දා කියන මේ කකුලු කථාවවමලු කියන්නේ. පස්සේ සුද්දා ලියාගත්තු නෝට් පොතත් පෙන්නලා. ඒකේ ඇඳලා තියෙන්නෙත් කකුලුවෙක්. පස්සේ සුද්දා අමාරුවෙන් ගිහිං පොලිස් බයික් එකක තිබුණු ශ්‍රී අකුර පෙන්නුවලු. සුද්දෝ දන්න ශ්‍රී අකුරු. ඒකා හිතලා තියෙන්නේ මේක කක්කුටුලන්තයක් කියලා. ඇයි කිසි කෙනෙක් කියන එක කරන්නේ නෑනේ. යන්නෙම ගරහට. නෑ.... නෑ මං කිවුවේ ශ්‍රී මු..යෙන් කියන ඒවා නෙවෙයි.
මම ඔය ආරියබවන් එකට යන්නේ එතැන තියෙන අමුතු පරාටා වර්ග නිසා. මෂ්රූම්, පනියර්, මයිලෝ, මිල්ක්, චීස්, නියුටෙලා මැදට දාපු පරාටා. මම කන්නේ මෂ්රූම් එක. පොඩ්ඩක් තෙල් ගතිය නැත්නම් මරු. ඒක කාලා උණු ප්ලේන් නෙස්කැෆේ එකක් බොනවා. බන්ඩි ෆුල්.
මට මේ සයිවර් කඩේ බාල්දිය දැක්කම මම මුළින්ම සයිවර් කඩේකට ගිය මතකය අද ඇවුස්සුනා හොඳටම. මම ඉතිං නොස්ටැල්ජියේ කෙළවරටම ගිය කෙනෙක්නේ. මේක 83නේ කලුජූලියට කලින් වෙච්ච දෙයක්. මම එතකොට කලුතර ඥානෝදය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. මාව එදා තාත්තා සයිවර් කඩේට එක්කං ගියා. තාත්තා වේටර් අයියට මොන මොනවද ගේන්න කිවුවා. කෙහෙල් කොල දෙකක් මේසේ උඩ තියපු වේටර් වරයා අනික් අතේ තිබුණ බාල්දිය මේසේ උඩින් තිබ්බා. ඊට පස්සේ තමයි වෙන්න තියෙන හොඳම හරිය වෙන්න තිබුණේ. ඒත් අපේ තාත්තා පොඩ්ඩක් ඉස්සර වුණා. මොකද තාත්තා දන්නවා පුතයගේ හැටි. මට උලුඳු වඩේ, වඩේ, ඉඩ්ලි, තොසේ දැක්කම උන්හිටි තැන් අමතක වුණා. ගත්තා බෙලෙක් කොප්පේ වම් අතට, බාල්දියට දික් කලා දකුණු අත, දකුණු අතේ ඇඟිලි අල්ලේ කරකවමින් වම් අතේ තියෙන වතුර කොප්පේ ලං කලා. ඒත් නියමිත කාල පරාසය තුලදී සුරත වෙත ජලය ළඟා නොවුණේ ඇයි ? මේ මොහොතේ තවත් ඇස් දෙකක් මේ සිදුවෙමින් පවතින විපර්‍යාසය නිරීක්ෂණය කරමින් උන්නා. වම් අත බාල්දිය වෙත නොආවේ වම් අත දැඩිව අල්ලාගෙන තිබුණා. ඒ වෙනින් කවුරුවත් නොවෙයි, අපේම, අපේම,අපේම තාත්තා. එහෙම නොවුණානම් ජුලි කලබලය 82 ලෙස ලියවෙන්නත් තිබුණා.