මේ දවස් වල අපේ දේශපාලන ගොයියෝ විකිලීක්ස් කැලෑවේ යන සයිස් වැඩ පටන් අරගෙන. අරෙහෙන් පත්තර ගේනවා, මෙහෙන් කැබිනට පත්‍රිකා ගේනවා, ඒ මදිවට කෝප් වාර්තා, හැන්සාඩ්, අමාත්‍යංශ ලිපි, නඩු වාර්තා. මේවා එහෙන් මෙහෙන් ගහන අස්සේ මටත් හිතුණා හීන් මඩ පාරක් ඇරලා දාන්න. පුරුත්ජ්ජන මිනිස්සුනේ ආයිබෝවන්ඩ. වඩාත් ලේසි භාෂාවෙන් කිව්වොත් ගල් බලකායේ මිනිස්සුනේ. දැන් මොකක්ද අපේ මාතෘකාව ? පරසිදු බ්ලොග් කරුවෙන් තමන්ගේ අන්වර්ථ නාමය තෝරා ගත්ත හැටි. වැඩිය අටුවා ටීකා ටිප්පනි නැතිව ලියලා දාන්නනම්. තව පොඩ්ඩකින් වැදගත් ගමනක් යන්නත් තියෙනවා. ගල් බලකායේ මහා සම්මේලනයට. ඒකට සමගාමීව තමයි මේක ලියන්නේ.
මේ කියන බ්ලොග් කරුවා ඇත්තටම බ්ලොග් එකක් ලියන්නේ නෑ. ඉතිං බ්ලොග් කරුවෙක් වෙන්න බ්ලොග් ලියන්නම ඕනෙයැයි ? ඔය බ්ලොග් කරුවන්ගේ සුහද හමු වලට එන්නේ ජීවිතේට බ්ලොග් එකක් දිහා ඇහැක් ඇරලා බලපු නැති එකාලා-එකියෝ. ඒවා වෙනම කතා. මම කිව්වේ මේකා බ්ලොග් ලියන්නේ නෑ. හැබැයි හැම බ්ලොග් එකම කියවනවා. ජීවිතේට පොතක් පතක් කියවපු එකෙක් නොවෙයි. අර රට පිට ගෙහුං ඉන්නකොට කොරන්නම දෙයක් නැති නිසා සිංහල බ්ලොක් කෑලි කියවන්න පටන් ගත්තා. ඉන් පස්සේ මෙන්න මේකා කමෙන්ට් කොරන්නත් ගත්තා. ඒක නම් හොඳ වැඩේ. මොකද කමෙන්ට් නැතිව පාලුවට වගේ ගිහිං තිබ්බ බ්ලොග් අවකාසෙට මේකා එළියක් වුණා. මම කිව්වනේ අටුවා ටීකා ටිප්පනි ලියන්නේ නෑ කියලා.
මේකා ගියේ අර සපත්තුවක් හැඩේට තියෙන රටට. දහසක් දුක් කන්දාරාවක් විඳගෙන. ඒවා මොනවටද මෙතනට. නෝනාවරුනි මාහාත්වරුනි මා මෙතනට පැමිණියේ කතාවක් කීමටයි කියලා අර ඉස්කෝලේ සමිති වල යාන්තමට ජාමේ බේරා ගත්තට බ්ලොග් ලියන්න ගත්තට පස්සේ කෙටිම කෙටි ලොල් කතාවක් වුණත් ඉතිං කිසි තේරුමක් නැතිව අදිනවා කියලා මේකලා මට අවලාද කොරනවා. ඔය සපත්තුව තියෙන රටට යන්න කලින් මේකට උවමනා වුණා ඒ රට ගැන තොරතුරු ටිකක් දැන කියා ගන්න. මේකට දුකට සැපට සනී වගේ හිටිය යාලුවාගෙන ඇහුවා. ඒකා කිව්වා ඉන්ටර් - නැට් එකේ බලන්න කියලා. අනේ බං මම ඔවාගේ බලන්න දන්නේ නිල් කෑලි විතරයි කියලා මේකා කිව්වා. එහෙනං ඉතිං ඇන්සයික්ලොස්පීඩියා එකෙන් බලපන්. එතකොට මේකට අසු හාරදාහට නැග්ගා. මේ මං තොට කිව්වැයි කියලා හිතා ගනිං කෝ.
කරන්නම දෙයක් නැති තැන යාළුවා ඇඟ බේරා ගන්නත් එක්ක මෙහෙම කිව්වා. එහෙනං ඉතිං උඹ සුගතපාල ද සිල්වා පරිවර්තනය කරපු ඇට මැස්සා බලපන්. යාලුවා යන්න ගියා. අපේ එකා පහුවාදාම ආවා කොළඹ, පිටකොටුවේ බස් නවත්තන තැනින්ම බැහැලා ගුණසේන පොත් මැදුරට රිංගුවා. තියෙන කලබලේට එතැන ඉන්න සිකුරිටි අයියාගෙන ඇහුවා අයියේ මට "ඇටවල්ලා" පොතක් ගන්න ඕනේ, කොතැනද ඕක තියෙන්නේ කියලා. ඔහොම ඇතුලට ගිහිං අහන්න කිව්ව නිසා, අපේ මිත්‍රයා ගියා ඇතුලට. "මිස් මට ඇටවල්ලා පොතක් ගන්න ඕනේ" මේක අහලා තරුණ සේවිකාවට හිනා යන්න ආවත් ඒක යටපත් කරගෙන අපේ මිත්රයාව එක්ක ගියා ටිකක් වයසක අක්කා කෙනෙක් ගාවට. එයා දන්නවා මේ පොත් කඩේ තියෙන ඕන පොතක් ගැන.
"ලොකු අක්කේ මෙන්න මේ අයියට පොතක් හොයනවා පොඩ්ඩක් බලන්න" කියලා අර කෙල්ල පොඩ්ඩක් මෙහාට වෙලා බලාගෙන හිටියා. දැන් අපේ ගොයියට ඉහින් කණින් දාඩිය ගලනවා. බෙල්ල ගාවට වවලා තිබ්බ කොන්ඩේ පොඩ්ඩක් ඇඟිලි වලින් පීරන ගමන් කිව්වා "සුගතදාස ද අල්විස් ලියපු ඇටවල්ලා පොත තමයි මම හොයන්නේ" කියලා. මෙහෙම කිව්ව්වම අර වයසක නෝනා නළල රැලි කරගෙන කල්පනා කොරන්න පටන් ගත්තා. අවුරුදු විසිපහක් මේකේ වැඩ කරලත්, පොතක නම කියනකොට තැන කියන්න දන්නා මට අද මේ කොණ්ඩයෙක් නිසා වෙන්න යන දේ කියලා හිතලා. ආපහු පාරක් කන් ඇහුණේ නෑ වගේ ටිකක් හයියෙන් ඇහුවා "මොකක්ද පොතේ නම". දැන් අපේ එකාට ඒ පාර පොතේ නම මතක නෑ.
"අර ඉතාලි බාසාවෙන් සිංහලට පරිවර්තනය කරපු සුගත ....." කියලා ඉවර කරන්න කලින් අක්කා වේගෙන් වමට දකුණට ගියා. මල්ලිත් ඒ පිටිපස්සෙන් ගියා. එක පාරටම අහක බලාගෙන පොත ඇදලා මල්ලිගේ අතේ තිබ්බා. "මල්ලි මගේ ෂැර්විෂ් එක අවුරුදු විසිපහයි. අද තමයි පොතක් හොයන්න වැඩිම වෙලා ගියේ". "අනේ බොහොම ස්තුතියි ලොකු අක්කේ" කියලා අපේ මිත්‍රයා පොතත් අරගෙන එලියට ආවා.
ඉන් පස්සේ කොල්ලා ඉතාලි ගියා මේ පොතත් අරගෙන. ටික කාලෙකින් වැඩත් එක්ක මේ පොත බලන එක අමතක වුණා. වැඩ-වැඩ-වැඩ. ටික කාලෙකින් මායියාවත් ගෙන්න ගත්තා සාංකාව යන්න කියලා. අන්තිමට බැරිම තැන තමයි සිංහල බ්ලොග් කියවන්න පටන් ගත්තේ. සමහර බ්ලොග් වල තියෙන ඒවාට පලු යන්න කමෙන්ට් කරන්න හිතුණත්, කමෙන්ට් බොක්ස් එක ගාවට මවුස් එක යවලා නිකන් ඉන්නවා. මොකද මේකාට හරි යන නමක් නැති නිසා. වයිෆ්ගෙන් ඇහුවා මොකක්ද මම තෝර ගන්න ඕනේ නම කියලා. "අනේ මං දන්නේ නෑ අයියා " කියලා එයා මාරු වුණා. ටික දවසක් යනකොට මේකා බලා ගත්තු අත බලාගෙන ඉන්නවා නමක් නැති නිසා.
මේ අතරේ මේකා එක්ක වැඩ කරන එවුන් මේකට දාන්න විවිධ නම් යෝජනා කරනවා. නැපෝලියන්, මුසලෝනි වගේ නම්. කිසිම එකක් හරි යන්නේ නෑ. මේකා කියනවා "මම දකුණේ සිංහල මිනිහා වෙච්චි එකේ මට ඔය ඉංග්‍රීසි මගුල් හරි යනවද ?" කියලා. දැන්-දැන් මේකාට කේන්ති යනවා. අර ෆ්‍රෙඩී සිල්වා කියපු කොල්ලා - බල්ලා සිංදුව තමයි එක පාරටම සිහිපත් වෙන්නේ. දවසක් වැඩ ඇරිලා ගෙදර එනකොට වෙනදා ටී-වී එකෙන් ඇහැ අහකට ගන්නේ නැති අපේ කොලුවාගේ බිරිඳ පොතක් කියවනවා. මේකා ආවත් කිසි ගානක් නෑ. වෙනදා ආපු ගමන් තේකක්-කොපි එකක් හදලා කොල්ලට නාන්න ටවල් එකක් ගෙනත් දෙන ගෑණි අද පොතක් ඇතුලේ ඔලුව ඔබාගෙන.
කෙල්ල ගාවට ගිය කොල්ලා ඇදලා ගන්නවා පොත. පිටකවරේ දැක්කම කොල්ලගේ නළල රැලි ගැහෙනවා. "අම්මපා මේක ගත්තට කියවන්න බැරි වුණානේ" කියලා කියැවුනේ එක පාරට. "නංගී මට තේකක් හදාගෙන එන්න" කියලා මේකා පොත කියවන්න පටන් ගත්තා. කියවිල්ල කොච්චරද කියනවානම්, කහට කෝප්පය පැත්තක සීතල වෙනකම් අමතකයි. අර මාලනී බුලත්සිංහල කියපු මල පොතේ අකුරු බෑ කී මිනිහා කියන සිංදුව තමයි එක පාරට සිහියට එන්නේ. රෑ එළිවෙනකම් කියවලා මේකා පොත ඉවර කලේ ජයග්‍රාහී ස්වරූපයකින්.
උදේ නිදිමැලි කඩාගෙන එනකොට කොල්ලා පොතත් එකක්ම පොඩි නැප් එකක් ගහගෙන ඉන්නවා. ඒ එක්කම ඉංගිරිසයෙන් කොළ කෑල්ලක මෙන්න මෙහෙම ලියලා තියෙනවා. කෙල්ල කොළ කෑල්ල අතට ගන්නකොටම අපේ මිත්‍රයට ඇහැරෙනවා. "මේ ඒක නෙවෙයි ඔන්න ඔය නම හොඳයිද බලන්නකෝ මගේ අර බ්ලොග් වැඩේට". කෙල්ල හෙමිහිට බැලුවා කොළ කෑල්ල දිහා
මොකක්ද අනේ මේ ? පත්තරේ ආහ් ! මේක හොඳයි තමයි. මම ලංකාවේ ඉන්න කාලේ හිරු එකේ යන "පත්තර මල්ලි" නොවැරදීම අහනවා. කොයිකටත් ඔයා පත්තර මල්ලි කියලා දාගන්න. නැගලා යයි. ඒත් කෙල්ල කල්පනාවට වැටුණා. කෙල්ල හිතන්නේ මේකා මොන චරිතේද මේ කොපි කලේ. කොල්ලා හීන් හිනාවක් මුවේ රඳවාගෙන කෙල්ල දිහා ආශාවෙන් බලාගෙන ඉන්නවා.
"ඇත්තටම ඔයා මොන චරිතෙද තෝරා ගත්තේ ?"
"ඇයි ඔය සිංහලෙන්ම ලියලා තියෙන්නේ පාද්රේ කියලා. ඒක නෙවෙයි ඔයා කොහොමද ඕක පත්තරේ කියලා කියෙව්වේ"
කෙල්ල කරදහිය ගුටි කරලා, ඒකෙන් කොල්ලට ගැහුවා.
ඔන්න ඔහොමයි ගල්-බලකායේ සභාපති තුමා නම හොයා ගත්තේ. පස්සේ කල විමසීමකදී තමයි දැන ගන්න ලැබුනේ th දෙපාරක් ලියලා තියෙන්නේ, ප්‍රින්ටින් මිස්ටේක් එකකින් කියලා. එතකොට අමතර a අකුරක් වැටුනේ කොහොමද කියලා ඇහුවම මිනිහා ජාතිය අමතන්න පටන් ගන්නවාලු. මේවා රට්ටු කියන කථා. අපි නම් දන්නේ නෑ. මම කලේ උපුටා දැක්වීමක් පමණයි.