Monday, June 16, 2014

ලෝක කුසලාන කණ්ඩායම් වල අන්වර්ථ නාම - ඉතිරි කොටස ...... The Nicknames of Football World Cup - The rest......

පසුගිය කොටසින් අප සලකා බැලුවේ මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා ඉදිරිපත් වී ඇති A කාණ්ඩය සහ B කාණ්ඩය යටතේ තරග කරන කණ්ඩායම් සඳහා යොදා ගන්නා අන්වර්ථ හෝ කෙටි නාමයන්ය. එහි ඉතිරි කොටස මෙසේ සටහන් කරමි. 
C කාණ්ඩය
කොලොම්බියාව
ලොස් කැෆෙටෙරොස්

මෙහි ධල තේරුම "කෝපි සාදන්නා හෝ පානය කරන්නා" යන්නයි. එමගින් එරටෙහි ප්‍රධාන අපනයනයක් ඒ සඳහා යොදා ගැනීමට බල කර තිබෙනවා.

ග්‍රීසිය
එත්නිකි


බොහෝ කාලයක් තිස්සේ ග්‍රීසි පාපන්දු කණ්ඩායම මෙනමින් හඳුන්වනු ලබනවා. එහි සරල තේරුම "ජාතික" යන්නයි.  2004 යුරෝපා පාපන්දු තරගාවලිය සමයේ ග්‍රීක පාපන්දු කණ්ඩායමට තදින් ඇලුම කරන එරට ගුවන් විදුලි නිවේදකයෙකු වන ජෝර්ජියස් හෙල්කිස් මෙම පාපන්දු සංචිතයට නව අන්වර්ථ නාමයක් දායාද කළේය. ඒ "ටු පිරාටිකෝ"  (To Piratico - The Pirate Ship) නොහොත් "මුහුදු කොල්ලකරුවන්ගේ නැව" යන අදහස ඇති නමක්. එය තරගාවලියේ ප්‍රථම තරගය ආරම්භයට   පෙර සිදුවීමක් දක්වා  දිව යන කතන්දරයකට හිමි කම් කියනවා, ඒ ග්‍රීසිය එම තරගාවලියේ සත්කාර රට වන පෘතුග්‍රීසිය සමග තරග වැදී විට, 16 වැනි ශතවර්ෂයේ පෘතුගාල නැවක්, තරගාවලියේ වේදිකාව සරසන්නට එරටෙහි  කීර්තිමත්  නාවික සංචාර සිහිපත්  කිරීම සඳහා යොදාගෙන තිබීම පාදක කරගෙනය. අවසානයේදී ඔවුන් සත්කාරක පෘතුගාලය පරදවා එම සමාරම්භක තරගය සහ එම තරගාවලියේ අවසන් තරගයද ජය ගන්නේ, අනපේක්ෂිත ලෙස යුරෝපා කුසලානයද හිමි කර ගනිමින්.
අයිවරි කෝස්ට්

ලෙස් එලිඵන්ට්ස්


  ලෙස් එලිඵන්ට්ස් ලෙස නම් කර තිබෙන්නේ අයිවරි කෝස්ට් රට දහනව වන සියවස තුල ඇත්දළ විකිණීම මුලික කරගෙනයි.

ජපානය
නිල් සමූරායි වරු


ජපන් පාපන්දු සංගමයවත් ඔවුන් දිගු කලක් තිස්සේ සැරසෙන  නිල් පැහැති  ජර්සිය කෙසේ ලැබුණාදැයි කීමට නොදනී.   1936 ඔලිම්පික් තරගාවලිය සඳහා නිල් ජර්සියෙන් සැරසී ස්වීඩනය පරාජය කිරීම හැර වෙනත් හේතුවක් නැත. එතැක් පටන එය ඔවුන්ට වාසානාව ගෙනෙන වර්ණය ලෙස සලකනු ලැබේ. සමූරායි සටන්කරුවන් කී විට ඕනෑම කෙනෙකුගේ මතකයට එන්නේ ජපානය. ඔවුන්ගේ ජර්සියේ වර්ණය වන නිල් පාට සහ එතිහාසික සමූරායි සටන්කරුවන් යන තේරුමින් මේ නම පට බැඳ තිබෙනවා. එනිසා ඔවුන් පාපන්දු පිටියේ සමූරායිවරුන් වනවා.

D කාණ්ඩය
උරුගුවේ

ල සෙලෙස්ටේ


ල සෙලෙස්ටේ යනු "ආකාසයේ නිල් පාට"(The Sky Blue) යන්නයි. එය ඔවුන්ගේ ජාතික ධජය මෙන්ම කණ්ඩායමේ ජර්සියේ වර්ණයද වනවා.

කොස්ටරීකා
ලොස් ටිකොස්

ලොස් ටිකොස් යනු බස් වහරෙහි පහසුව පිණිස කෙටි කරන ලද "කොස්ටරින්සෙන්සස්"(Costarrincenses) යන වදනයි. එය කොස්ටරිකානුවන් යන තේරුම දෙන වදනකි.

එංගලන්තය
ද ත්‍රී ලයන්ස් (The Three Lions)

එංගලන්තය සඳහා යොදා ගනු ලබන ත්‍රීසිංහ යන තේරුම ඇති ත්‍රී ලයන්ස් නාමයට දීර්ඝ සමෘද්ධිමත් ඉතිහාසයක් ඇති සිංහ හදවතක් ඇති රිචර්ඩ් නමින් ප්‍රචලිත 1189 සිට 1199 දක්වා එරට රජ කම දැරූ රජතුමා දක්වා විහිදේ. ඔවුන්ගේ නිල ඇඳුමේ ඇති ත්‍රිසිංහ ලාංඡනය එංගලන්ත හමුදා ආම්පන්න වලද සටහන් කර ඇත.  රිචර්ඩ් රජතුමා ඔහුගේ ලියකියවිලි වල මේ ත්‍රිසිංහ සලකුණ භාවිතා කර ඇත.

ඉතාලිය
අසුර්රි - ද බ්ලුස් (Azzurri - Les Blues)


ඉතාලි භාෂාවෙන් අසුර්රි යනු අසුර්රෝ නැමති වචනයේ බහු වචනයයි. එහි තේරුම වනුයේ නිල් පාට යන්නයි. මෙම නිල් වර්ණය හවුස් ඔෆ් සැවෝයි නොහොත් සැවෝයි නිවසේ වර්ණයයි. හවුස් ඔෆ් සැවෝයි යනුවෙන් හඳුන්වන ඉතාලි රාජධානිය  1861 දී එක් සේසත්  කල ඉතාලි රජ පවුලේ නිවසයි. එය ලොව පැරණිම රජ පවුල් වලින් එකකි. 

E කාණ්ඩය 
ස්විට්සර්ලන්තය
ල නාටි


ඉතාම සරලව "ද නැෂනල් ටීම්" හෙවත් ජාතික කණ්ඩායම යන අරුත මෙහි ගැබ් වී තිබෙනවා.

ඉක්වදෝරය
ල ට්‍රිකලෝ
මෙක්ස්කිකොවට බොහෝසෙයින් සමානව, ඉක්වදෝරයේ ජාතික කණ්ඩායම මෙසේ නම් කර ඇත්තේ ඔවුන්ගේ ජාතික ධජයේ වර්ණයන් ත්‍රිත්වය සිහි ගන්වමින්. ඒ කහ, නිල් සහ රතු වර්ණයන්. 

ප්‍රංශය
ලෙස් බ්ලූස්
ඉතාමත් සරලව බොහෝ කාලයක පටන් නිල් වර්ණය සහ අන්වර්ථ නාමය ප්‍රංශයේ විවධ කණ්ඩායම් ක්‍රීඩා කිහිපයකම භාවිතා වන්නක්.

හොන්ඩුරාස්
ලොස් කැට්‍රකෝස්
පාරම්පරික හොන්ඩුරාස් ජාතිකයන් හඳුන්වන්නේ කැට්‍රකෝස් යනුවෙන්. මෙම අන්වර්ථ නාමය  ලැබෙන්නේ එක්දහස් අටසිය ගණන් වල විලියම් වෝකර් නමැති ඇමරිකානු මධ්‍යම ඇමරිකාවේ නැවතත් වහල් සේවාව ස්ථාපිත කරන්නට ක්‍රියා කල හමුදාවන්ට එරෙහි සටහන මෙහෙයවූ ජෙනරාල් ෆ්ලොරෙන්සියෝ ක්සැට්‍ර්ක් ගේ නම යොදා ගනිමිනි. ක්සැට්‍රුක් ජය ලැබූ විට, අසල්වැසි නිකරගුවා ජාතිකයින් "මෙන්න එනවා   ක්සැට්‍ර්ක් කොල්ලෝ" යනුවෙන් කෑ ගසනු ලැබීය.  නිකරගුවා ජාතිකයින්ට  ක්සැට්‍ර්ක් යන්න උච්ඡාරණය කිරීමේ අපහසුව නිසා, එය   කැට්‍රකෝස් ලෙස  කියනු ලැබීය. අවසානයේදී එය ලොස් කැට්‍රකෝස් ලෙස භාවිතයට එකතු විය. 

F කාණ්ඩය
ආර්ජෙන්ටිනාව
ල ඇල්බිසෙලෙස්ටේ
ල ඇල්බිසෙලෙස්ටේ පරිවර්තනය වන්නේ "සුදු සහ අහසේ නිල්" (The White and Sky Blue) යනුවෙන්. මෙය ඔවුන්ගේ ජාතික කණ්ඩායමේ ජර්සිය සහ ජාතික කොඩිය හැඩගැන්වෙන දිගු අතට ඇති සුදු සහ ලා නිල් ඉරි සිහි ගන්වමින් යොදා ගත් පාඨයක්. 

බොස්නියා - හර්සෙගොවිනා
ස්මාජේවී
ස්මාජේවී යන්නෙහි ඒක වචනය "ස්මාජ්" වන අතර බොස්නියානු ජනවහරේ ඇති පරිදි එය "සාර්ථක මිනිසා" යන අරුත දේ. ස්මාජේවී යන්න පරිවර්තනය කළහොත් මකරා යන අරුත දේ. එය මුලදී "උමතු සහ ආශීර්වාදාත්මක" යන අරුතින් ක්‍රීඩා නිවේදක මර්ජාන් මිජාජ්ලොවික් යොදා ගන්නා ලදී. නමුත් දැන් එය බොස්නියා - හර්සගොවිනා හී ගෙදරදොර යෙදෙන වචනයකි. 2010 දී මිජාජ්ලොවික් බෝසිනියානුවන් බුන්ඩාස්ලීගා හී හොඳින් දස්කම් දක්වන විට මකරුන් යන අරුතින් එය යොදා ගත්තද පසුව එය ස්ථිර විය. 

ඉරානය
ටීම් මෙල්ලි (Team Melli)
ටීම් මෙල්ලි යනු සරලවම "ජාතික කණ්ඩායම" යන අරුත දෙන පාඨයකි.

නයිජීරියාව
ද සුපර් ඊගල්ස්(The Super Eagles)

නයිජීරියානු ජාතික පාපන්දු කණ්ඩායම මුලින්ම හැඳින්වූයේ "ග්‍රීන් ඊගල්ස්" යන නමින්. නයිජීරියානු ජාතික ධජයේ වර්ණය සහ එරටේ හමුදා නිල ඇඳුමේ සහ පාපන්දු ක්‍රීඩා ඇඳුම් වල ඇති සංකේතයේ ඇති රාජාලියා යොදා ගනිමින් මෙම නාමය සාදා ඇත. 1988 දී අප්‍රිකානු අර්දද්වීපික තරගාවලියේ අවසාන තරගය සඳහා සුදුසුකම් ලබා ගත් විට "ග්‍රීන්" වෙනුවට "සුපර්" නමින් යොදා ගනිමින් "සුපර් ඊගල්" නාමය ලැබුණු අතර එය අද දක්වාම භාවිතා කරයි.
G කාණ්ඩය
ජර්මනිය
ඩී මැන්ශාෆ්ට්
ඉතා සරලව "ඩී මැනස්ශාෆ්ට්" යනුවෙන් අදහස් වන්නේ "ද ටීම්"(කණ්ඩායම) යන අදහසය.

පෘතුගාලය
අ සෙලෙසෝ  ඩස් ක්විනාස්
පෘතුග්‍රීසි භාෂාවෙන් "සෙලෙසෝ ඩස් ක්විනාස්" යනු "ද සිලෙක්ෂන් ඔෆ් තේ ශීල්ඩ්ස්" යන තේරුම ගෙනෙන වැකියක්. එයින් අදහස් වන්නේ ඔවුන්ගේ රාජකීය හමුදා කබායේ රඳවා ඇති නිල් පැහති ඵලක පහ සිහි ගන්වමින්. එම නිල් පාලක සඳහා වෙනමම ඉතිහාසයක් ඇත. 1139 දී පෘතුග්‍රීසිය පාළනය කළ අල්ෆොන්සෝ I නමැති පළමුවෙනි පෘතුග්‍රීසි රජවරයා විසින් පරාජයට පත් කල මුවරිෂ් හමුදාවන් පහ සිහිගන්වීමට මෙම ඵලක පහ යොදා ගනී.

ඝානාව
ද බ්ලැක් ස්ටාර්ස්
ඝානාවේ අන්වර්ථ නාමය සඳහා ඔවුන්ගේ ජාතික ධජයේ ඇති කළු පැහැති තරුව තදින්ම හේතු වන්නට ඇත. මාර්කස් ගාර්වී ගේ "බ්ලැක් ස්ටාර් ෂිපින් ලයින්" නමැති නාවුක සේවාවේ සලකුණ මෙය ජාතික ධජයට යොදා ගැනීමට හේතු වී තිබේ. බ්ලැක් ස්ටාර් නැව් සේවාව ක්‍රියාත්මක වී ඇත්තේ 1919 සිට 1922 දක්වාය. එහි අරමුණ වී ඇත්තේ කළු වහල් වෙළඳාම සඳහා සේවාව සැපයීමය. කළු ජනයා අප්‍රිකාව සහ ඇමරිකා රටවල සහ කැරිබියන් දූපත් දක්වා ප්‍රවාහනය මෙහි අරමුණ වී තිබුණි. 

එක්සත් ජනපදය
ද යෑන්ක්ස්
යෑන්ක්ස් යනු යැන්කීස් යන්නෙන් සාදා ගත් යෙදුමකි. එය ඇමෙරිකානුවන් හඳුන්වන වදනකි. එක්සත් ජනපද කණ්ඩායම "ස්ටාර්ස් ඇන්ඩ් ස්ට්‍රයිප්ස්" යනුවෙන්ද බොහෝවිට හඳුන්වනු ලබයි. එය ඔවුන්ගේ ජාතික ධජයෙන් උකාහා ගන්නා ලද යෙදුමකි. 

H කාණ්ඩය
බෙල්ජියම
ද රෙඩ් ඩෙවලස් (රතු යක්ෂයින්)
ඔබ බෙල්ජියම ජාතිකයකුගෙන ඇසුවොත් ඔවුන්ගේ කණ්ඩායම හඳුන්වන නම කුමක්ද කියා, "රෝඩ් ඩූවල්ස්(ලන්දේසි බසින්), ඩයබල් රෝග්ස්(ප්‍රංශ බස) හෝ රෝට් ටූෆල්(ජර්මන් බස) යන පිළිතුරු ඔබට ලැබෙනු ඇත. නමුත් ඒ සියල්ල එකම තේරුමක් ගෙන එයි. ඒ රතු යක්ෂයින් යන්නයි. මාධ්‍යවේදී පියරේ වොකියර්ස්ට මේ අන්වර්ථ නාමය මතුකරලීම පිලිබඳ ගෞරවය හිමි වේ. ඒ බෙල්ජියම එක දිගට විරල ජයග්‍රහණ තුනක් 1906 දී ලබාගැනීමෙන් පසුවය. මෙම කණ්ඩායම පිහිටුවා ගත් විගසමය. ඔවුන් 5-0 ලෙස ප්‍රංශයද, ඕලන්දයට එරෙහි තරග දෙකක් 5-0 සහ 3-2 ලෙස ජය ගැනීමෙන්ය. අනෙක් කාරණය මුල සිටම කණ්ඩායම රතු ඇඳුම් පැළඳීමයි. 
ඇල්ජීරියාව
ලෙස් ෆෙනෙක්ස්
ෆෙනෙක් යනු යනු උතුරු අප්‍රිකානු කාන්තාර වල  වෙසෙන නිශාචර වෘක පවුලේ කුඩා සතෙකි. එම සතා ඇල්ජීරියාවේ ජාතික සත්ත්වයාද වෙයි.

රුසියාව
ස්බෝර්නයා
ස්බෝර්නයා යනු ඉතාම කෙටියෙන් ජාතික කණ්ඩායම යන තේරුමය.

දකුණු කොරියාව
ටේජුක් වොරියර්ස්

ද රෙඩ්ස් යනුවෙන්ද ඔවුන් හඳුන්වන්නේ දිගුකාලීනව ඔවුන් අඳිනු ලබන රතු ඇඳුම් නිසාය. ටේජූක් වොරියර්ස් යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ ටාඕ දහමේ එන ද්විත්ව ශක්තීන් සිහි ගන්වමිනි. යින් - යැන් නම තුලන චිත්‍රය කොරියාවේ සෑම දෙයකම දැකගත හැකි සංකේතයකි. එයින් ඔවුන් පෙන්වන්නේ ඉහත කී තුලනයයි. මෙම සංකේතයේ නිල් පැහැය සෘණ ශක්තීන්ද, රතු පැහැය ධන ශක්තීන්ද නිරූපණය කරයි. ටේජූක් යනු මෙම සංකේතයයි. එමගින් විශ්වයේ උපත නියෝජනය වේ. 
__________________________________________
අනෙකුත් පාපන්දු ක්‍රීඩා කරන රටවලටද මෙවැනි අන්වර්ථ නම් ඇත. නමුත් ශ්‍රී ලංකාවට එවැනි විශේෂ නමක් නැත. අප එවැනි ඉහල මට්ටමට ආවා නම් "The Tea Boys"  යන්න සුදුසු යයි මා යෝජනා කල බව මතක තබා ගන්න. තොරතුරු සහ ඡායාරූප ESPN වෙබ් අඩවියෙනි. 




20 comments:

  1. නැවතත් බොහෝ සෙයින මහන්සි වූ සුදීකට අපේ ස්තුතිය .

    මට හිතෙනවා මේ සැරේ පෘතුගාලය ,කවුරුවත් නොසිතු දස්කම් දක්වයි කියලා ,

    ReplyDelete
    Replies
    1. පෘතුගාලය ජර්මනියෙන් 4.0 ලෙස කෑව බව මම ජාලෙන් දැක්කා...ගියවර ශූරයන්ට 5.1 ක පරාජයක් අත්කර දීපු ගියවර අනුශූරයෝ මෙදාපොටේ බැටේ දේවි කියලා හිතෙනවා....ක්‍රීඩා විශ්ලේෂක සූධීක මහතා වෙත මම මගේ අදහස කෙටි සමාලෝචනයක් උදෙසා යොමු කරනවා...ලංකාව එංගලන්තය ටෙස්ට් තරගය 99න් ලංකාවෙ පරාජය බේරුන හැටි ගැන යමක් කිව්වොත් නරකද ? මයික්‍රෆෝනය ඔබට බාරයි සුදීක...

      Delete
    2. @ඉවාන් : මේ සැරේ කළු අශ්වයින් වෙන්න ඉන්න කණ්ඩායම් බොහොමයක් මුල් තරගය පැරදුනා. මේ සටහන තබන මොහොතේදී එහෙම දිනීමේ ලොකු ප්‍රවනාතාවක් තිබෙන බෙල්ජියමට එරෙහිව ඇල්ජීරියාව ගෝලයක් වාර්තා කරා. පාපන්දු ක්‍රීඩාවේ තිබෙන එක අසාධාරණ මිම්මක් තමයි දඬුවම් පහර නොහොත් පෙනල්ටිය. මොකද බොක්ස් එකේදී වරදක් කලාම දඬුවම බොහෝ විට ප්‍රතිවාදියාට පහසු ගෝලයක්. බලන්න මේ තැනට පිටිපස්සෙන් අඩි දහයකදී නියත ගෝලයක් ලබා ගන්න අපහසුයි. අනෙක මේ බොහෝ තරග වලදී විනිසුරුවන්ගේ පක්ෂග්‍රාහී තීරණ මම දැක්කා. ෆුට් බෝල් වල රිවීව් නෑ. පෘතුගාලය මෙවර ලෝක කුසලානය දිනන්න ඕනේ කියලා මමත් කියනවා. හේතුව ඔවුන් ඒ සඳහා අවශ්‍ය සියල්ල තිබෙන රටක්.

      @සිරා : බොහොම ස්තූතියි. මේ තරගයේදී මැතිව්ස් කාසියේ වාසිය දිනලා උඩුගම් බලා පීනුවා. බොහෝ විචාරකයින් විශ්වාස කළා කාසියේ වාසිය දිනන පිල පහර දෙයි කියලා. නමුත් ඒ කඩයිම එක විදියකට ජය ගත්තා මුල් කඩුලු 4 ලකුණු 120කට සීමා කරලා. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මුරලි ගිය පසු අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තම අග විකට් වලට දෙන ලකුණු ප්‍රමාණය. මේ තරගයේ මුල කඩුලු 5 209 යි. අග කඩුලු පහට 366 යි. ලකුණු 73ක් විකට්ටුවක් වෙනුවෙන් ධල වශයෙන්. අපිට දැන් ඉන්න හොඳම දඟ පන්දු යවන්නාට වාසි නැති වෙලාවක අග කඩුලු ගන්න බෑ. අපි හතර වෙනි ඉනිම පන්දු යැව්වා නම් ඔවුන්ව 150 ට අඩුවෙන් ගන්න තිබුණා. ඉනිම 27 කට පස්සේ එංගලන්තය 500 ට එහා ගැහුවේ. නුවන් සොයිසා නිවැරදිව කිව්වා අපිට ඉන්න අත්දැකීම් බහුල වේග පන්දු යවන්නා චානක වෙලගෙදර එළියේ කියලා. ඔහුට මීට වඩා වැඩි යමක් කරන්න තිබුණා. මුල් ඉනිමේ අපේ මුල් කදුළු පහට 385 යි. අග කඩුලු පහට 68 යි. දෙවන ඉනිමේ එංගලන්තේ මුල් පහට 102 යි. අග පහට 165 යි. අපේ දෙවන ඉනිමේ මුල් පහට 170 යි. අග පහ 34යි. දැන් පේනවා නේද? අපේ පසුපෙළ පිතිකරණය දුර්වලයි. ඒ වගේම එංගලන්තයේ වේග පන්දු බලෑණිය ශක්තිමත්. මුළු තරගයේම දඟ පන්දු යවන්නන්(දෙපැත්තේම) ගත්තේ කඩුලු 6යි. මුල් ඉනිමේ 2 යි දෙවන ඉනිමේ 4යි. දෙපැත්තේම වේග පන්දු යවන්නන් කඩුලු 30යි යි. ඉතිං පැහැදිලියි මේ විකට් එක මුල් දින තුනේ පිතිකරණයට පහසු, වේග පන්දු යවන්නන්ගේ විකට්ටුවක් කියලා. ඔවුන් හරි කණ්ඩායමක් තේරුවා, ඒ වගේම කාසියේ අවාසිය වාසියක් කර ගත්තා.

      Delete
    3. මුල් දින තුනේ ලකුණු 994 යි කඩුලු 15. දිනකට 331 යි. කඩුල්ලකට 66යි. අවසන් දින දෙකේ 505 යි. දිනකට 252 යි. කඩුල්ලකට 25යි.

      Delete
    4. ගින්දර විශ්ලේෂණයක්නෙ....අක්මාවෙන්ම තුති...

      Delete
  2. කණ්ඩායම්වල අන්වර්ථ නාම වගේම මේ ක්‍රීඩකයන් කීප පොලකටමත් තියෙනවා නේද ලෝක්ප්‍රසිද්ද අන්වර්ථ නාම ??

    ReplyDelete
  3. අපේ රටත් තරග කරන දවසක් දකින්න ලැබෙිවා..

    ReplyDelete
  4. ඒ කියන්නෙ තවත් පාපන්දු කතාවක් ඉවරයි...
    ඒත් මට හිතෙන විදියට මේ ගැන ලියනව නං අවුරුද්දක් වුණත් ලියන්න පුලුවන් වෙයි..
    ස්තූතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට

    ReplyDelete
  5. අන්වර්ථ නාමයන් හී දෙවන කොටස ද ඉතා රසවත් ලිපියක්. ඇත්තට ම මේ තරග පැවැත්වෙන කාලයේ මෙවැනි අදහස් ටිකක් දැනගැනීම තරග නරඹන්න තවත් උනන්දු කරවීමක් වෙනවා. මොක ද ලංකාවේ ඉදගෙන මැච් එකක් බලන එක ලේසි වැඩක් නෙමෙයි. මැච් තියෙන්නේ පාන්දරනේ................

    ReplyDelete
  6. පාපන්දු නම් මගේ සිත් නොගත් ක්‍රීඩාවක්. ඒත් මේ ලියල තියෙම කරුණු ටිකනම් ඊට ඇලුම් කරන්නන්ට නිධානයක් වගේ වටිනවා.

    ReplyDelete
  7. දැන් නම් මැච් එකක් බලනකොට සුදීකව මතක් වෙනවා...:)
    මට ඕනි ජර්මනිය දිනන්ට.

    ReplyDelete
  8. අන්වර්ථ නාම මතක තියාගන්නට වඩා රටේ හරි නම මතක තියාගන්න එක ලේසියි වගේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් එකනම්.

      Delete
  9. මම නම් ඉතින් ෆුට්බෝල් ගැන ආවොත් අනිවා අස්සූරී තමයි.. හැබැයි මම කල්පනා කලේ ඔය චිත්‍රේට මාරියෝ බලොතෙල්ලී ආවේ මොකද කියලා.. හරිනම් අන්ද්‍රයා පීර්ලෝ හරි බුෆොන් හරි එන්න තිබුනේ..

    ReplyDelete
  10. ෆුට්බෝල් වලනම් ඉතින් මම නම් කොමත් අස්සුරී නේ.. හැබැයි ඒත් මම කල්පනාකලේ ඔය චිත්‍රේට මාරියෝ බලොතෙල්ලි ආවේ මොකෝ කියලා.. අන්ද්‍රයා පීර්ලෝ හරි බුෆොන් හරි එන්න තිබුනේ..

    ReplyDelete
  11. මේ දවස්වල මැච් බැලුවට මේ වගේ පසුබිම් දැනං හිටියේ නැහැ. හැම ක්‍රීඩා කණ්ඩායමකටම ඉතිහාසයට සම්බන්ධ නමක් තියෙනවා එහෙනම්. දකුණු ආසියාතික රටවලට මොන හේතුවක් නිසා හෝ මෙවන් තරගවලට එන්න බෑ තවමත්

    ReplyDelete
  12. මේ ලිපියත් නියමෙට නියමයි.

    එංගලන්තය පාළු සොහොන් පිටියක් වෙලා සුදීක. පබ්ස් වේලෙනවා. බිස්නස් ඉවරයි. මේ පුට්බෝල් පරිසරය අල්ලලා පොලේ ගැහුවා වගේ. විනාසයි. මොනවා වුනත් දුකයි. මේ පරාජය පබ්ස්, වයින් ස්ටෝර්ස්. සුපර් මාකට්ස් බිස්නස් බලාපොරොත්තු නැතිකරා.

    මෙහේ ප්ලේයර්ස්ලාට සල්ලි වැඩියි.

    ReplyDelete
  13. Ranjan DüsseldorfJune 24, 2014 2:48 PM

    Sudeeka German team eka "Die Mannschaft"kiyala hadunwanawa.namuth German team ekata official nickname(offiziell spitzname)ekak nehe.den "jogis jungs( jogis boys) "jogis elf"(jogis eleven) kiyala hadunwanawa.Germaniyata ielanga thrangaya theeranathmaka wewi Gana tharangaya samaunanisa.Daiwaye saradama kiyanne ea abiyogaya Germanuwekgenma weemi,ea Amerikan puhunukaru Jürgen Klinsmann. 1990 loka shurathawa dinapu kandayame prabalama kreedakayek.wathman German puhunukaru Jochim löw 2006 world cup ekedee,Klinsmannge sahaya puhunukaru.Thathwaya kesewethath.Germaniya jaya gannawanam mama kemathi.Podi kumarihamita sthuthi(Danke) Germaniye jaya balaporoththu wenawata.

    ReplyDelete
  14. Ranjan DüsseldorfJune 24, 2014 2:52 PM

    Germaniya 26.peradunoth Aru kiwwa engalanthe thathwayta thami meheth pathwenne.namuth USA match eka beragaththoth Goda nethnam aho kedayaki - .

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...