මේ කතාව මා ලියන්නට සිටියේ මීට බොහෝ කාළයකට ප්‍රථමයය. නමුත් කුමක්දෝ හේතුවක් නිසා එය මග හැරිණි. මාතෘකාව කියවූ ඔබේ සිතේ මේ වෙලාවේ තිබෙන කුතුහලය කුමක්දැයි මට පැහැදිලිය. ඒ නියපොතු වල මවිල් හට ගන්නේ කෙසේද යන්නයි ? සැබවින්ම ඔබේ ගැටළුව එය නම් මේ සටහනේ අවසානය දක්වා කියවන්න. මෙහි යම් තැනකදී නියපොතු වල මවිල් හට ගන්නේ ඇයිද යන්නට ඔබට පිළිතුරු ලැබෙනු ඇත.
මගේ දියණියට වයස අවුරුද්දක් වනවිට ඇය බලාගැනීමට ගෘහ සේවිකාවකගේ අවශ්‍යතාව ඇති විය. මුලින්ම ඒ සඳහා පැමිණි මල්ලිකා නමැති හෙර වැඩි කාලයක් යන්නට පෙර ගෙදර යවන්නට හැකි වූයේ, මා සිදුකල රහස් පරීක්ෂක වැඩක ප්‍රතිඵලයක් ලෙසය. ඇය නිවසට ලබා ගන්නා දුරකථන ඇමතුම් මගේ ජංගමය මගින් /රෙකොර්ඩ්/පටිගත(ඉස්සර කාලේ යොදා ගත් තෙරුම දැන් විහිළුවක් වී ඇත) කරගෙන මගේ කාර්යාලීය මිතුරු ශෆීර් ලවා තේරුම් ගත පසු අමතර වැයකින් තොරවම ඇයව නිවසට පිටත් කරන්නට හැකි විය.
නමුත් එදා මෙදාතුර මගේ දියණිය බලාගන්නේ කහවත්ත ප්‍රදේශයේ කාන්තාවකි. ඇය අංක එකේ ගෘහසේවිකාවක් බව මා තේරුම් ගත්තේ, තම නිවසේ කාර්යබහුලත්වය සමග තාවකාලිකව සේවයෙන් ඉවත් වී සිටි කාලයේය. එම කාලය සඳහා අපට සේවය ලබාදුන් කරුණාවතී නමැති අනුරාධපුර ප්‍රදේශයේ සිංහල කාන්තාව අපට මෙම දමිළ කාන්තාවගේ වටිනාකම කියා දුන්නාය. අපගේ ආවතේව කටයුතු කෙසේ වුවත්, ඇයගේ අවශ්‍යතා සැපයීමට අපට සිදු විය. ඇයගේ නම කරුණාවතී වුවද, මගේ දියණියට ඉතා අකාරුණික අයුරින් සලකා තිබූ බව දියණිය පවසන දෙයින් පැහැදිලි විය. ය අප නිවසට පැමිණ තිබුණේ සේවයක් ලබා දීමට නොව, නිවාඩුවක් ගත කිරීමටය. ලොකුම ප්‍රශ්නය වූයේ ඇය ගමේ යන දිනට ගෙනවිත් දීමට තිබූ කෝන් ෆ්ලෙක්ස් පැකට්ටුව සහ නියමිත දිනට පඩි ගිණුම්ගත කොට පරිගණක මුද්‍රිතය ඇයට ලබා දීමය.
මාතෘකාව වත්මන් සේවිකාව පිලිබඳ බැවින් කරුණාවතී පිලිබඳ කතාපුවත පසුවට සටහන් කිරීමේ පොරොන්දුව ලබා දෙමි. මගේ ගෘහ සේවිකාව නොහොත් අයිලන්ඩම් උපත ලබන්නේ පස්සර ප්‍රදේශයේය. අවුරුදු දහයේදී නුගේගොඩ නිවසක සේවය කරන ඇය, තවත් අවරුදු කිහිපයකින් පරම්පාරගත රැකියාව වන දළු කැඩීමට යොමු වේ. ඉන්පසු කහවත්ත ප්‍රදේශයේ විවාහකයෙකුගේ දෙවන බිරිඳ ලෙස පැමිණෙන්නීය. එතැක් පටන් කහවත්ත/පැල්මඩුල්ල ප්‍රදේශ වල වතු වලත්, එම ප්‍රදේශයන්හී නිවෙස්වල මිදුල සහ පිළිකනු සරසන මැදරට තේ දළු කඩන්නියකගේ චරිතයට පණ පොවන්නේ, ටේලර් වරයෙකු වූ තම සැමියාගෙන් තිලිණ වූ ළමුන් පෙලියගේ අවශ්‍යතා සපුරන්නටය. එසේ ගෙවතු තේ වගාවේදී හමු වූ ඇය අප නිවසට එක් වන්නේ 2007 දීය.
ඇගේ ආගමනය මට මුලින් මහත් හිසරදයක් වුවේය. හේතුව ඈ උයන කෑම මෙලෝ රහක් නැති වීමය. පසුව මගේ සොයුරිය දින කිහිපයක් අපේ ක්‍රමය ගැන හුරුවක් ලබා දුන් අතර සති කිහිපයක් යනවිට සියළු දෙනා පරයා රසවත් කෑම සාදන්නට ඈ සමත් වන්නීය. මුල් දිනවල ඈ සාදන කෑම මා ප්‍රතික්ෂේප කරනා බව දැන මා හා කථා කිරීමෙන් පවා වැළකී සිටියාය. මට මුලින්ම ඇගේ අසීමිත හැකියාව පිලිබඳ අවුබෝධයක් ආවේ ඉන් පසුවය.
ඇය මෙහි පැමිණි මුල් කාලයේ ඇය ගමේ ඇරලවන්න්ට සහ කැඳවාගෙන එන්නට නැන්දම්මාට, මට හෝ බිරිඳට යාමට සිදු විය. ඒ ඇගේ සාක්ෂරතාව බිංදුවේ පැවතීම නිසාය. එහෙත් මාස කිහිපයක් යනවිට ඒ කරදරයෙන් අප මුදවන්නට ඈ සමත් විණි. ඇයට අකුරු බැරි වුවත් කුමක් හෝ සංකේත ක්‍රමයකට සියළු දේ මතක තබා ගැනීමට ඈ දක්වන්නේ උපන් හපන් කමකි. එක් දෙයක් පිලිබඳ එක වරක් දැන ගැනීමෙන් එය හොඳින් ග්‍රහණය කර ගැනීමට ඈ දක්වන හපන්කම පුදුම එලවන සුළුය.
ඇගේ නම අයිලන්ඩම් වූවද, ඇය තේ දළු කඩන්නට යෙදුනු ප්‍රදේශයේ ඇය ඇයට අයිලි යන නමින්ද, ඇය මෙහි කැදවාගෙන ආ අපේ නැන්දම්මා ඇතුළු පවුලේ ඇය අයිල් යනුවෙන්ද ඈ අමතයි. අපද තවමත් ඈ අමතන්නේ අයිල් යනුවෙනි. මේ නිවසේ සිටින දරුවන් ඈ අමතන්නේ අයිල් ඇන්ටී යනුවෙනි. ඒ අතින් ඇය වාසනාවන්තය. බොහෝ ගෘහ සේවිකාවන්ට නිවෙස්වලින් ලැබෙන්නේ තුන්වන පන්තියේ සැලකිලිය. එහෙත් පසුව ගමේ අය සමග ඈ මේ නිවසේ සේවයට දක්වන කැමැත්ත පවසා තිබුණේ "මට මගේ ගෙදරටත් වඩා හොඳයි" යනුවෙනි.
ඇය පංගුබේරුවට වැඩ කරන්නේ නැත. මගේ සොයුරිය මෙම නිවසේ සිටින කාලයේ අතින් සේදිය යුතු සියලු රෙදි ඈ සෝදා, වෙලා නවා අදාළ කෙනා වෙත ලැබෙන්නට සල්ස්වන්නීය. කිසිදින වැඩක් කිරීමට ඈ මැලිකමක් නොදක්වන්නීය. ඔය අතර ඇඳුමක් දෙකක් ගොඩවල් මාරු කර තබන්නේ, ඒවා පිලිබඳ නිසි මතකයක් අයිතිකරුවන්ට නැති නම්, ඒවා ගල් කිරීමටය. මාස කිහිපයකින් මේ ගතිය හඳුනාගත් මා නිතරම මගේ ඇඳුම් සහ වෙනත් දේ පිලිබඳ විමසන්නට පටන් ගත්තේ, එසේ කිරීමට අවදානම් බව ඇයට හඟවන්නටය. එසේ අස්ථානගත කරනා ඇඳුම් පිලිබඳ විමසීමක් නොකළ කල්හී මාස දෙක තුනකින් ඒවා සුරක්ෂිතව කහවත්ත බලා පිටත් කෙරේ.
ඈ ගමේ යන සෑම දිනකම ඉතා විශාල බෑගයක් පුරවාගෙන යයි. අපි ඒ පිලිබඳ විමසීමක් නොකරමු. කිසිදු දිනක බෑග් පරීක්ෂා කරන්නට නොයන්නෙමු. මේ ගැන පැවසූ විට මගේ මිතුරෙකු පෙන්වූයේ, ඇය යන්නට සුදානම් විට ඇයව කඩයට පිටත් කොට බෑගය පරීක්ෂා කරන ලෙසය. නමුත් ඈ පිටත් වන හිමිදිරියේ කඩ අරින්නේ නැත. කලින් දින කතිකා කරගත් ත්‍රී රෝද රථයක් නිවස අසලට පැමිණෙන අතර, මිනිත්තු කිහිපයකින් එම බඩු ගොන්නද රැගෙන ඈ ඉගිලෙන්නීය. වරක් මගේ සොයුරිය මෙම නිවසින් ඉවත් කරන සියල්ල එක්රැස් කරගන්නා ලෙස ඇයට දන්වා අනවශ්‍ය සියළු දේ ඇයට පරිත්‍යාග කරන්නට අප සියළු දෙනා දැනුවත් කරන ලදී. එසේ එකතු කර ගන්නා ළද සියළුම ගණයේ අබිලි ද්‍රව්‍ය ලොරියක් පුරවා රැගෙන යන්නට ඈ පසුබට නොවීය. මේවා ඇගේ ගමේ අය අතර බෙදා දෙන බව පසුව දැන ගන්නා ලදී.
මගේ පැරණි ජංගම දුරකථනයකට පෙරගෙවුම් පැකේජයක් දමා අප නිවසේ එවක සේවය කල නානා යනුවෙන් අප අමතන මුස්ලිම් ජාතිකයා සහ ඇයට ලබා දුනිමි. දවස් කිහිපයකින්ම එහි සම්පූර්ණ අයිතිය ඈ සතු කරගන්නා ලද අතර, මුල් මාසයේ හැරුණුකොට එයාර රීලෝඩ් දැමීම අප සිදු කලේ නැත. එසේ ඉල්ලා ඈ අපට කරදර කලේද නැත. මුලින් මුලින් ඒ සඳහා මුදල් ඉල්ලා සිටියත් පසුව අපගේ සාක්කු වල තිබෙන මුදල්ද, අතන මෙතන තිබෙන කාසිද, කඩේ ගොස් ලැබෙන ඉතිරි මුදල් මාටියා ගැසීමෙන්ද එම මුදල් සම්පාදනය කරගන්නට සමත් වන්නීය. මුල් මාස කිහිපයේ හැරුණුකොට, කිසිමදිනක රීලෝඩ් දමා ගැනීමට ඈ අපගේ සහය ඉල්ලා සිටියේ නැත. දැන් ඇය මෙහිසිට ඇගේ නිවසේ කටයුතු සහ ගමේ අයට උපදෙස් දෙන්නේද ජංගමයෙනි. මා දහවල් කාලයේ දියණියගේ හඬ ඇසීමේ පරමාර්ථයෙන් ලබා දුන් ජංගමය දැන් සමහරවිටෙක අපට හිසරදයකි. ඒ අත්‍යාවශ්‍ය වැඩ පසෙක ලා ඈ දුරකථනයට ප්‍රමුඛත්වල ලබා දීම නිසාය. දැන් ඇය මිස් කෝල් දීමට දනී. දහවල් කාලයේ දියණියට මා ඇමතීමට අවශ්‍ය නම් ඇය එසේ කරයි. නිවසේ හොඳින්ම සිග්නල් තිබෙන තැනින් ජංගමය තබන්නේ පැය 24 ම ලැබෙන ඇමතුම අතපසු වේ යන බියෙනි.
ඇගේ පවුලේ කෙනෙකු බොහෝවිට/ඉඳහිට අපගේ නිවසේ නවාතැන් ගැනීමට පැමිණේ. එසේ පැමිණි දිනකට ඉතා හොඳ රාත්‍රී භෝජනයක් ගැනීමට අපටද අවස්ථාව හිමි වේ. ගෘහසේවිකාවකවට ඔහේ නටන්නට ඉඩදී බලා සිටිනවා යන චෝදනවා ඔබගේ හිතේ දැන් නලියනවා වන්නට පුළුවන. නමුත් ඇය අපට ලබාදෙන සේවාව ඉතා ඉහළ මට්ටමක පවතී. ඉතා පිරිසිදුව නිවෙස පවත්වාගෙන යයි. ආහාර ප්‍රනීතව සහ නැවුම්ව ලබා දෙයි. කිසිදු පැකීලීමකින් තොරව රෙදි සේදීම, නැවීම සහ එකිනෙකාට අදාළ ස්ථාන වල තබයි. ඇය ලබා ගන්නා වැටුපට සරිලන සේවාවක් අපට ලබා දේ. අපද ඉලක්කම් වලට සීමා නොවී අවශ්‍යතා ඇති වනවිට යට මුදල් ලබා දේ. මේ සියළු කාරණා නිසා සහ මගේ කුඩා දියණියට ඇය දක්වන ගෞරවය සහ ආදරය නිසා දීර්ඝකාලීනව අප නිවසේ සේවයට කැප වී සිටී.
ඇය විශ්වාස කරන්නේ මගේ දියණිය දෙව්දුවක් බවයි. විටෙක් රාජු බබා යනුවෙන් අමතනු මගේ සොයුරියගේ දියණිය අසා සිට ඇත. එය මගේ වාසනාවකි. මගේ දියණියද කිසිදු චකිතකයකින් තොරවම ඇය සිප ගනී. අපද ඊට වචනයක් හෝ හරස් කරන්නේ නැත. කුඩා දරුවන් එසේය. කිසිදු දිනක ඇයට බොහෝ නිවෙස් වල සේවකයන්ට කථා කරනා සේ අප අමතා නැත. ඇත්ත වශයෙන්ම කිසිදු සේවක/සේවිකාවකට අප එසේ අමතන්නේ නැත. උඹ/බං/තෝ/තොපි අපේ වාග් මාලාවට එන්නේ මිතුරන් හමු වූ විටෙකදීය. ප්‍රයෝග යොදා යම්-යම් දේ සඟවා නොගන්නේ නම් ඇයතරම් වටිනා සේවිකාවක් නැත. එසේ ප්‍රයෝග යොදා කිරි-පිටි සහල් වැනිදේ ඉතිරි කරනා අකාරය විශ්මයජනකය. මගේ සොයුරිය පවසන්නේ ඇය නිසි අධ්‍යාපනයක් ලැබුවේ නම් ආචාර්ය පදවියක් ලබා ගන්නා බවයි.
කිරිපිටි දමා තිබෙන භාජනයෙන් තුනෙන් එකක් පමණ ඉතිරිවනවිට, කිරි අවසන් වන නිසා නව පැකට්ටුවක් රැගෙන එන ලෙස පවසයි. අප ගෙනෙන නව පැකට්ටුව එම බඳුනට දමන ඈ, ඉතිරිව තිබෙන තුනෙන් එක කවරය පිටින්ම සඟවා තබයි. නව කිරිපිටි පැකට්ටුව අඩක් නිමවනවිට නැවතත් කිරි ගෙනෙන ලෙස ඉල්ලයි. මෙවර ඇය කරන්නේ අප රැගෙන එන නව පැකට්ටුව සඟවා, සඟවා තැබූ තුනෙන් එක, ඉතිරිව ඇති භාගයට එක කිරීමයි. එවිට් අප බලන විට වැටහෙන්නේ නව පැකට්ටුව භාජනයට දමා ඇති බවයි. සහල් වලටද මෙවැනි දේ සිදු කරයි. අප අතර ඉතා අඩුවෙන් සිදු වන සන්නිවෙදනයද ඇය වාසියට හරවා ගනී. එකම කාරණයක් සඳහා අප දෙතුන් දෙනාගෙන්ම මුදල් ඉල්ලා ගැනීමට ඈ පසුබට නොවන්නීය.
මයිල්ඇතිනිගේ පඩි මා ලබා දෙන්නේ දිනපොතක සටහන් කරගෙනය. මේ කිසිදු සටහනක් නැතිව තමාට ලැබිය යුතු ගණන මට වැරදුනු විට පෙන්වා දෙන්නේ මා මවිතයට පත් කරමිනි. කොලයක ලියා ගණන් හදන්නට නොදන්නා නමුත් හිතෙන් තමාට ලැබිය යුතු ප්‍රමාණය ඇය ගණනය කරන්නීය. විටෙක අගේ අධ්‍යාපනය සඟවා සිටින්නේදැයි මට සිතේ. නමුත් සමහර අවස්ථා වලදී කරන කූට උපක්‍රම අප ඉවසා සිටින්නේ මෙවැනි ගෘහසේවිකාවක් සොයා ගැනීම දුෂ්කර කාරියක් නිසාය. තම පුතා රට යැවීමට යයි කියා දිනක් මගෙන් රුපියල් 25000 ඉල්ලා ගත් ඈ, එම මුදල මාසිකව පඩියෙන් අඩු කරගන්නා ලෙස ඉල්ලා සිටියාය. මාද එම මුදල ලබාදී දිනපොතෙහි සටහන් කරමින් පඩි ලබා දුන්නෙමි. අතරින් පතර මාසයක ණය මුදල කපා නොගන්නැයි ඉල්ලා සිටි විටෙක එයද මා ඉටු කලේ ඇගේ සේවය වටිනා නිසාය. නමුත් අවසන් වාරිකය කපා දැමු දින ඇය පැවසූවේ තමා ණය ගෙවා අවසන් බවය. මේවා පවසන්නේ ඉතා යාප්පුවෙනි. එවැනි පාඩුවක් විඳ දරා ගැනීමට අපට සිදු වේ. මෙවැනි අවස්ථා දෙකකදීම පාඩුව මාහට උරුම වීම නිසා, මම කැලැන්ඩරයේ වැඩ කල දින සහ මුදල සටහන් කරන්නට පටන් ගතිමි.
සමස්තයක් වශයෙන් ගත් කල ඇයට ලැබෙන මුදලට වඩා සේවාවක් ලබා දේ. නමුත් තමන්ට නිවාඩු අවශ්‍ය නම් කෙසේ හෝ එය ලබා ගන්නට ඇය පැකිලෙන්නේ නැත. පසුගිය කාලයේ ඇයගේ පුතාගේ විවාහ අපේක්ෂක ලේලිය ජෝර්දානයේ සිට පැමිණි අතර, ත්‍රිකුණාමලයේ සිංහල කෙල්ලක වූ ඇයගේ නිවසින් මේ සබඳතාවට හරස් කැපීය. නමුත් ඔවුන් හමු වන්නට ගොස් ප්‍රශ්නය සමතයකට පත් කරගන්නට මයිල්ඇතිනිය සමත් විය. මේ සම කරුණක් සඳහාම දවස් දෙකක නිවාඩු ගන්නා ඇය යලි පැමිණෙන්නේ දින පහක් පමණ ගත කිරීමෙන් පසුවය. පසුගිය වතාවේ ඕනෑ දෙයක් කියා මා ඇයට හොඳින්ම දොස් පවරන්නට වග බලා ගත්තේ, මෙම පුරුද්ද හිසරදයක් වූ කළය. එක වතාවක් ඇයගේ පුතෙකුට සහ ස්වාමිපුරුෂයාට මිනීමැරුම් චෝදනා ඇති විය. එවිට අපෙන් සමුගෙන ගියද ඇය යලිත් ගෙන්වා ගැනීමට අපට හැකි විය. දෙවන වතාවටද අපට සමුදී ඈ ගමරට බලා ගියේ, ඔවුන්ගේ නිවෙස අත්පත් කර ගැනීමට වතු අධිකාරී වරුන් ක්‍රියා කරන්නට සුදානම් වත්දීය. නමුත් මෙවර ඇයට වත්තේ ලබා දී තිබී ඇත්තේ නාගයෙකු වසන පාලු පෙදෙසකි. ඒ සමග ආ අයුතු යෝජනාවක් නිසා, නැවතත් ඇය අපගේ සේවයට පැමිණියේ පඩි වැඩි වීමක්ද සමගය. නමුත් දැන් මා ඇයට ගෙවන්නේ වැඩ කල දවස් ගණනටය.
මයිල් ඇතිනිය යනුවෙන් මා අයට යොදා කථා කරන්නේ, මගේ කාර්යාලීය මිතුරන් සමගය. එම වචනය අනිත් පැත්ත හරවා බැලූ විට "අයිල් මැතිනිය" යනුවෙන් පෙරළේ. ඉතිං ඒ නම නරකදැයි මා ඔබෙන් අසන්නේ, ඇය ලබා දෙන සේවය සහ අපව නටවන හැටියට මැතිනිය යනුවෙන් ඇමතීම කාලෝචිත නොවන්නේද යන සිතුවිල්ලෙනි?
_______________________________________________
ප.ලි.
දමිළ සංස්කෘතික උත්සව සියල්ල සඳහා ඈ නිවාඩු ඉල්ලා සිටින්නීය. ඇය ගෙදර පිටත් කළ විට තිබෙන ලොකුම ගැටළුව වන්නේ යලිත් ඈ ආපසු එන දිනය පිලිබඳ විශ්වාසයක් නැති කමය. විවිධ හේතු පවසමින් ඈ එන දිනය මග හරින්නීය.
පසුගිය කාලයේ ලේලිය ලංකාවට ආවාය. ඇය එහි සේවය කර තිබුණේ හවුස් මේඩ් රකියාවකය. තම පුතා වැඩ කරන ගාමන්ට් එකටම අද උදෑසන ඇයද පිටත් විය. නමුත් හවුස් මේඩ් තනතුර පාස්පෝට් එකේ තිබෙන විට වීසා ගැටළු ඇති වන බැවින් නව පාස්පෝට් එකක් සාදා ගත් බව ඇය පවසන්නීය. ලේලියා ආ දා සිට ඇයව තම දියණිය සේවය කරන ඇඟලුම් කම්හලටම මාස කිහිපයකට ඇතුලත් කරන්නේ අද උදෑසන සඵල කරගත් බලාපොරොත්තුව ඇතිවය. එමගින් අත්දැකීමද, නව පාස්පෝට් එක මත ජුකී මැෂින් ඔපරේටර් යන්නද සටහන් කරගන්නට ප්‍රමාණවත් විය. ඊළඟ පියවර දියණිය ඒ මග ඔස්සේම පිටත් කර යැවීමය. එතනින් නතර නොවන ඈ, මුළු ගමේම අයට පාස්පෝට් හදන හැටි උපදෙස් දෙන්නීය.