Saturday, August 5, 2017

උමා ඔයෙන් ගොඩ යාමට නම් ...... To Recover from Uma-oya adversity

උමා ඔය ව්‍යාපෘතියන නිසා බණ්ඩාරවෙල  ආශ්‍රිත ප්‍රදේශයට වන හානිය ඔබ මේ වනවිට හොඳින් දන්නා කාරණයක්. ඉන් ඇති වී තිබෙන ජල මුලාශ්‍රය සිඳීම, නිවාස ඉරිතැලීම වැනි හානි නිසා එම ව්‍යාපෘතිය නතර කිරීම අනුවන ක්‍රියාවකි.  වෙල්ලස්සේ ජනතාව බොහෝවිට වසරේ දින 365ම ජල හිඟය නිසා පීඩා විඳියි. එයට පිලියමක් ලෙස මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම යහපත් ක්‍රියාවකි. මා කිසිසේත් මෙවැනි ව්‍යාපෘති වල සිදුවන ගනුදෙනු, ටෙන්ඩර් ගැන හොඳ හෝ නරක කථා කිරීමට බලාපොරොත්තු නොවේ. නමුත්  අද මුහුණ දී ඇති තත්වයට අපි ජාතියක් වශයෙන් මුහුණ දිය යුතුය. පවතින රජය කෙසේ හෝ එම තත්වය මගහරවාලීමට කටයුතු කළ යුතුය. මන්ද වෙල්ලස්සට වතුර දෙන්න ගොස්, ඌවත් විනාශ කර ගත යුතු නැත. මා කලින් යහපත් ක්‍රියාව ලෙස අර්ථ දැක්වූයේ ඌවේ ජල අතිරික්තය වෙල්ලස්සට ගෙන යාමයි. 

මෙවැනි ව්‍යාපෘති සිදු කිරීමට ප්‍රථම කලයුතු දේ පිලිබඳ දැන් වාද විවාද කිරීමෙන් පලක් නැත. තිබෙන එකම ඵලය  දේශපාලන වාසි ලබා ගැනීමයි. නමුත් පසුගිය රජයට එරෙහිව එවැනි වාසි ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැවතත් 2020 දීය. ඒ මැතිවරණය කාළයකදීය. මේ දවස් වල ස්කෝර් කර තිබීම හොඳ යයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් අද තිබෙන තත්වය එසේ පවත්වා එම වාසියද ලබා ගත නොහැකිය. ඒසේනම් කළ යුත්තේ මේ තත්වයට මුහුණ දීමය. පහලින් තිබෙන්නේ සමාන තත්වයකදී මැලේසියාව හැසිරුණු ආකාරයය. එහි විපක්ෂය හෝ රජය මේ පිළිබඳව තර්ක විතර්ක කර ගත්තාදැයි නොදනිමු. නමුත් එම ව්‍යාපෘතිය සිදු කළ අකාරය නම් ප්‍රශංසනීයය. මෙම ලිපිය ලියන්නට මා මෙතරම් ප්‍රමාද වීම ගැන අදටත් පසුතැවෙමි. මන්ද මා එය නැරඹුයේ එය මුලින්ම නැෂනල් ජෝග්‍රෆික් නාලිකාවේ විකාශණය වූ අවස්ථාවේදීය. නමුත් ඒ අවස්ථාවේ උමා ඔය ආශ්‍රිත මේ ඉරි තැලීම්, වියලීම් පිලිබඳ මට අසන්නට නොලැබිණි. අපේ මිත්‍ර කලාහිත තැබූ සටහන් කිහිපයක්නම් කියවූ මතකය ඇත. 

එම වීඩියෝව අපේ සිද්ධිය හා කෙතරම් සමපාත වනවාදැයි  මට  පසක්  වුයේ  සති  කිහිපයකට පෙරය. ඒ  උමා ඔය  ව්‍යාපෘතියේ  සැබෑ තත්වය  රුපවාහිනි  නාලිකා මගින්  පෙන්වන  විටය. මා  වචනයෙන් එය  විස්තර  කරන්නට යන්නේ  නැත. ඔබට  ඉංග්‍රීසි තේරුම් ගැනීමට  නොහැකි වුවත්, මෙහි සිදු වන්නේ කුමක්දැයි  තේරුම් ගැනීමට පහසුය. මැලේසියානු උමං දුම්රිය මාර්ගය තැනීමට ඔවුන්ට සිදු වන්නේ දහසකුත් එකක් ජනතාව ජීවත් වන ජනාකීර්ණ ප්‍රදේශ හරහාය. නමුත් ඔවුන් කෙතරම් සියුම්ව එය සිදු කළාදැයි ඔබට මේ වීඩියෝව නරඹා අවසන් වනවිට තේරුම් යනවා ඇත. එහිදීද නගරයේ ජනතාවට විශාල නිවාස හානි වලට මුහුණ දෙන්නට සිදු වේ. නමුත් ක්ෂණිකව ක්‍රියාත්මක වන ඉංජිනේරුවන් එයට පිළියම් යොදයි. එය සිදු කරන ආකාරය ඔබගේ දෑසින්ම නරඹන්න. මේ සඳහා වැය වන දත්ත අපතේ ගියා සේ ඔබට නොසිතෙනු  ඇත.

  
දියුණු එමෙන්ම එක්සත් ජාතියක් ප්‍රශ්නයකදී හැසිරෙන ආකාරයත්. අප වැනි අවස්තාවාදී දේශපාලනයක  නියැලෙන රටක එම ප්‍රශ්නය භාවිතා කරන ආකාරයත් දැන් ඔබට වැටහෙනවා ඇත. මෙහිදී මා දකින තවත් එක් වැදගත් දෙයක් වෙයි. මෙම වීඩියෝව නැරඹු ඔබටද එය පසක් වී ඇතුවාට සැක නැත. ඒ තනිකරම ආධුනික ස්වදේශීය ඉංජිනේරුවකු, ජාර්මන් විසේසඥයන් ඇසුරේ ප්‍රවීනයෙකු වන ආකාරයයි. එම ව්‍යාපෘතියේදී එවැනි අතුරු අන්තරාවක්(Project Variation) සිදු නොවිණි නම්, ඔහුගේ අත්දැකීම හුදෙක් කැණීම් ඉන්ජිනේරුවෙකුගේ අත්දැකීමක් වනු  ඇත. නමුත් දැන් අප වැනි ජාතියකට උපදෙස් දෙන්නට තරම් අත්දැකීම් ඔහු සතුව ඇත. කෙනෙකු වඩාත්  පරිණත වන්නේ, ඔහු මුහුණ දෙනු ලබන අත්දැකීම් වල ගැඹුරත් සමග යයි මාගේ විශ්වාසයයි. අද එම ඉංජිනේරුවා අපට පසක් කරන්නේ එයම නොවේද?

එය නරඹා අවසන් වූ පසු මෙම වීඩියෝවද නරඹන්න

මමත් මෙම වීඩියෝව නරම්බින් සිටින නිසා ඒ පිලිබඳ අදහස් දැක්වීමෙන් වැලකෙමි. නමුත් එයද මා  නරඹා ඇතිවා යන්න මතකයක් තිබේ. ඒ පිලිබඳ සටහනක් පසුව ඉදිරිපත් කරමි.

12 comments :

  1. Replies
    1. මේක මෙතැනට ගැලපෙනවා කියලා හිතුනේ ගොඩාක් පස්සේ.

      Delete
  2. ඔබ ඉහළින් දක්වා ඇති වීඩියෝව මාත් ඊයෙ තමයි යූටියුබ් එකේ දැක්කෙ අද ඒක බලන්න හිතාගෙන ඉන්නව.
    ඔය වීඩියෝ එක නොවුනත් TBM දාල උමං හාරන වීඩියෝ ගොඩක් මම බලල තියෙනව ඔය උමා ඔය කේස් එක එන්න කලින්. ඒවයෙදි උමං කඩාවැටෙන, ජලය කාන්දුවෙන අවස්ථාවල ඒවට ක්ෂණික පිළියම් යොදල ඉදිරියට යන හැටි අගේට පෙන්නල තියෙනව.
    අඩුම ගානෙ උමා ඔය හාරන එවුවො ඒ වීඩියෝ ටිකවත් බැලුවනං ඔයිට වැඩිය අගේට වැඩේ කරගන්න තිබ්බ. :D
    උමා ඔය නවත්තන එක තවත් ලෙඩේ වැඩි කරන එකක් මිස සනීප වෙන ක්‍රමයක් නෙමෙයි. හොඳම දේ දැන් තියෙන ජල කාන්දුව නවත්තල ටනල් එක කම්ප්ලීට් කරන එකයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. බලන්න ඒ මිනිස්සු ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන හැටි. අපේ වුණා නම් මහා උද්ගෝෂණ. අපිට කරන්න තියෙන්නෙත් ඔය ටිකමයි. ඒ හිඩැස් වලට කොන්ක්‍රීට් පොම්ප කරලා වහලා දැම්මනම්, ඉන් පස්සේ පසේ තෙතමනය ඇති වේවි වහිනකොට. වැඩේ තියෙන්නේ උල්පත් හිදී යාමට නම් කිසිම පිලියමක් නෑ.

      ඔය පහළින් පැතුම් දාලා තියෙන වීඩියෝ එක දැක්කම මගේ හිතට ආවේ, කළු ගඟේ ජලය බටුගෙදරට උඩින් උමගකින් ගෙනිහින්, වලවේ ගඟට ජොයින්ට් කළානම් කොහොමද කියලා. ඒ වගේම කඩුවෙල ජලය ජා-ඇලින් එහාට උමගකින් යැවුවානම් කොහොමද කියළා. ඒ වගේ ව්‍යාපෘතියක් කළානම් අනෙක් කාළයට මේක පාරක්(අධිවේගී) විදියට භාවිතා කරන්න පුළුවන්. මේවා නොබලන විද්වත්තු මේ වගේ දේවල් ගැන තීරණ ගැනීම තමයි ප්‍රශ්නේ.

      Delete
  3. ඔය වගේම ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මැලේසියාවේ ගංවතුර පාලනය කරන්න හදපු උමගක්. ඒක හදපු විදිය තියෙන වීඩියෝ එකක් මේ තියෙන්නේ.

    https://www.youtube.com/watch?v=Zmqcu6qseVE

    ReplyDelete
    Replies
    1. ජපනා හපනා කියළා තමයි මම අහලා තිබුණේ. පිස්සුම හැදුනා මේක බැලුවම. දැන් මැලයා හපනා කියළා තමයි කියන්න වෙන්නේ.

      Delete
    2. සුදික මැලේසියාවේ ගිය වෙලාවක ටැක්සි එකක යන්න SMART Tunnel එකේ. එක තමයි ඔය උමග. KL නගරේ ඇතුලේ තියෙන්නේ. පෙට්‍රොනා ටවර් හරියෙන් එක පාරක් ඉවර වෙනවා. අනිත් පාර Times Square එක ලඟට එනවා. ගිය වෙලාවක යන්න.

      Delete
  4. Thank you for valuable information.

    ReplyDelete
    Replies
    1. මේකෙන් කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නවානම් තමයි හොඳ.

      Delete
  5. මේ ව්‍යාපෘතිය හරි පරිසර ඇගයීම් වාර්තාවක් හදලා නෑ. එහෙම තියෙද්දි කරගෙන ගිහිල්ලා ඔය විඩියෝ එකේ පෙන්වනවා වගෙ කොන්ක්‍රිට් පලු දාලා කාන්දුව වහලා නෑ. අඩු වියදමෙන් බාල සිමෙන්ති ස්ප්‍රේ කරලා වහන්න හැදුවට හරි ගිහින් නෑ. ලංකාවේ බලධාරීන් උද්ඝෝෂණ නොකලානම් මෙහෙම වත් මේ ගැන හොයලා බලන්නේ නෑ. ඔය උමගේ ඉතිරි ටික යන්නේ අපේ ගමට කිලොමීටරයක් විතර එහායින්. ඔය කියන හරි ක්‍රමේට ඉතිරි ටික හරි කරලා ව්‍යාපෘතිය ඉවර කරන්න වෙයි. වන්දි ගෙවීම්, නැවත පදිංචි කිරීම්, වතුර හිඟයට පිලියම් වගේ දේවල් හරි ප්‍රමාදයි...

    ReplyDelete
  6. ඇත්ත කියලා හිතන් ඉන්න දේවල් වලට වඩා ඇත්ත ඈතයි.. මේ ලිපිය ට හුඟක් ස්තූතියි

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...