Wednesday, June 24, 2015

කුමාර් සංගක්කාර තම කණ්ඩායම් සගයන් ගැන කියන කතා ......

මහේල ජයවර්ධනගේ සිට එංගලන්ත නවක ක්‍රීඩක මාර්ක් වුඩ් දක්වා......

තම විසි අවුරුදු ක්‍රීඩා දිවිය තුල ක්‍රීඩා කල කණ්ඩායම් සගයන් ගැන කුමාර් හෙළි කරණ සැඟවුණු සත්‍ය කතා.
ඔහු මේ අදහස් ඵල කලේ ස්කයි ස්පෝර්ට්ස් විසින් පවත්වන 2015 වසරේ ප්‍රාන්ත ක්‍රිකට් තරග වාරයේ - කණ්ඩායම් සගයන්ගේ තොරතුරු අනාවරණය කෙරෙන වැඩසටහනකදීය.  මෙම වැඩසටහන වෙනුවෙන් එක්වන නවතම ක්‍රීඩකයා වන්නේ, සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන කුමාර් සංගක්කාර වන අතර තම ජාත්‍යන්තර සහ දේශීය මිතුරන් ගැන ඔහු ඵල කල අදහස් මෙසේය

පරාජය වූ විට වඩාත් තැවුලට පත් වන්නේ කවුද ?


නිසැකයෙන්ම තරගය ඉතාමත් බරපතලව ගන්නා කෙනෙක් - ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයක් ලෙස කරන පාපන්දු තරගයකදී පවා මහේල ජයවර්ධන පරාජයට අකමැතියි. ඔහු කීයටවත් පරදින්න කැමති නෑ. බොහෝ වෙලාවල් වලදී අප අතර වාද විවාද ඇති වෙනවා. එහෙම වෙලාවට විනිසුරුවෙක් කැඳවනවා. පාපන්දු තරගයක් පරාජය වූ විට ඔහුට වැඩි වශයෙන් අමාරුවක් ඇති වෙනවා. ඔහු ඇත්තටම දක්ෂයි - ඔහු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට සහයෝගය දක්වනවා. පැරදුනාම මේ තරම් හොඳ වෙන්න හේතු වෙන්නෙත් ඒකමයි.

තමන්ගේ පිත්ත නිදියහන වෙත ගෙන යන්නේ කවුද ? ?

.තිලාන් සමරවීර. ඔහු පිති වලට ආදරෙයි.  සෑම දිනකම ඔහු පහර දෙමින් සිටින පිත්ත නිවසට හෝ ලැගුම් ගන්නා හෝටල් කාමරයට ගෙන ගොස් පහුවදා උදේ ගෙන එනවා.


ඔබට මුණගැසුණු විචක්චනශීලීම පිතිකරු කවුද ?


බ්‍රයන් ලාරා. ඒ ගැන තවත් විස්තර අවශ්‍ය නෑ, ඔහු ඇදහිය නොහැකි ක්‍රීඩකයෙක්.


වැඩිම සහ අඩුම ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් කරන්නෝ කවුරුද ?



කිසිම සැකයක් නෑ, කම්මලිම පුද්ගලයා මම.  වැඩිම තදින් පුහුණු වීම් කරන්නේ චමින්ද වාස්.
 පන්දු යැවීම ගත්තොත් ඔහු පුදුමාකාර විදියට සුපරීක්ෂාකාරී වන අතර ඔහු දිවීමේ සහ ජිම් එකේ වැඩ සඳහා දිගු කාලයක් ගත කරනවා. ඔහු වැඩ කරන ආකාරය බලා ඉන්න වටිනවා.


යකඩ අත් ඇත්තේ කාටද ?

ලංකාවෙන් මාවන් අතපත්තු සහ උපුල් තරංගට ඉතා හොඳ අත් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ඇන්ඩෲ සයිමන් සහ ෆ්‍රෙඩි ෆ්ලින්ටොෆ් දෙදෙනාටත් ඒ වාගේම ශක්තිමත් රොකට් වාගේ අත් ඇත්තන්. ඔවුන් පන්දුව නැවත ලබාදෙන විට කඩුලු රැකීම දුෂ්කර කාරියක්, විශේෂයෙන්ම යාර තිහේ සීමාව තුල, කවර් පොයින්ට් ස්ථානයේ පන්දු රකින්නන් බොහෝවිට පන්දුව යොමු කිරීමේදී පමණට වඩා උනන්දුවක් දක්වනවා.

හොඳින්ම වාහනය ගාල් කරන්නන් සහ නරකම කවුද ?

නිසැකවම නරකම කෙනා තිසර පෙරේරා. ඔහුගේ වාහනයට ගොඩ වන්නට කිසිවෙකු කැමැති වන්නේ නෑ. හොඳම රියදුරු මහේල ජයවර්ධනයි, ඔහු ඉතා ප්‍රවේසම්. සවිඥ්ඥානික රියැදුරෙක්.

වඩාත් සංගීතයට බර කවුද ?


කිහිප දෙනෙක්ම සිටිනවා. බ්‍රෙට් ලී සමග සමග අයි.පී.එල්. කණ්ඩායමේ සිටින්නට මට ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සචිත්‍ර සේනානාය සහ ධම්මික ප්‍රසාද්. ඔවුන් චමින්ද වාස් මෙන්ගීත ගයනාව.

ලොකුම විහිළු කාරයා කවුද ?


ඩර්හෑම් කණ්ඩායමේ සිටින විට මාර්ක් වුඩ් වැන්නන් සමග තරඟ සඳහා දිගු ගමන් සිදු කරන්නට වෙනවා. ඔහු ඇත්ත වශයෙන්ම විහිළු කාරයෙක්. ක්‍රීඩාගාරය ආලෝකමත් කර ඉතා රසවත් තැනක් කරන්නට  ඔහු සමත්. මා සඳහා විහිළුවක් කරන්න තරම් කාලයක් මා ඔවුන් සමග  රැඳුනේ නෑ.

කණ්නාඩිය ඉදිරියේ වැඩි කාලයක් ගත කරන්නේ කවුද ?


ෂුවර් එකටම ඇන්ජලෝ මැතිව්ස් තමයි. ඔහු පෙනුම ගැන වැඩි උවමනාවක් දක්වනවා. ඒක ගැන විහිළු කරලා අපි ලොකු සතුටක් ලබනවා.



චිත්‍රපටයක් බලන ගමන් හඬන්නේ කවුද ?


ඒ ගැන එතරම් පැහැදිලි දැනීමක් නෑ. ලංකාවේ අපි දැඩි සිත් ඇත්තන්. ප්‍රාන්ත තරග වලට ක්‍රීඩා කල එංගලන්ත ක්‍රීඩකයනුත්  එහෙම නෑ. සමාවෙන්න. හිතට කවුරුත් එන්නේ නෑ. 



Thursday, May 14, 2015

නිර්වාන් ප්‍රබෝද් ...... Nirwan Prabod ......

ශ්‍රිලංකාවේ තිබෙන ජංගම දුරකථන සබඳතා සංඛ්‍යාව සැලකීමේදී, එක් අයෙකුට දෙකක් වන්නට ප්‍රමාණයක් මේ වනවිට දුරකථන සේවා සපයන ආයතන විසින් විකුණා හමාර බව ප්‍රවෘත්ති වලින් කියැවේ. එක් පුද්ගලයෙකු මෙම සබඳතා කිහිපයක් තබා ගැනීමට විවිධ හේතු ඇත. මා සතුවද එවැනි සිම්පත් කිහිපයක්ම තිබේ. බොහෝ දෙනෙකු මෙන් මාද, ඒවා තබා ගන්නේ ජාලය තුල අංක වලට කථා කිරීමේදී පවතින අඩු ගාස්තු වලින් ප්‍රයෝජනය ගැනීම සඳහාය. නිසි ලෙස කළමනාකරණය කළහොත් එය සැබවින්ම ඉතිරියක් වනු ඇත. 

වසරකට පමණ පෙර සයිබර් අවකාශයේ මිතුරු සබඳතා සඳහා මා වෙනමම ෆේස්බුක් ගිණුමක් අටවා ගන්නේ, එමගින් වැඩි මිතුරු ප්‍රමාණයක් එක්කාසු කර ගැනීමට ඇති හැකියාව, විවිධ වාද විවාද සමහරවිට ලොව පුරා විසිරී සිටින මගේ සමහර මිතුරන්ට අදාළ නොවන ඒවා සේම තේරුම් ගැනීමට ඇති නොහැකියාව(සිංහල භාෂාවෙන් සිදු වන වාද හෝ Status Updates) වැනි විවිධ හේතූන් රාශියක් මුල් කරගෙනය. මෙසේ සයිබර් මිතුරන් සඳහා එසේ අටවා ගත් ෆේස්බුක් ගිණුම වඩාත් ප්‍රයෝජනවත් වුයේ දේශපාලන වාද විවාද සඳහාය. නමුත් මේ හරහාද හොඳ දේ ලැබුණු අවස්ථා ඇත. ඒ අතුරින් කවුරුන් හෝ බෙදාගෙන තිබූ නිර්වාන් ප්‍රබෝද්ගේ ගීත ගායනාවක් මට අසන්නට ලැබුණේ අහම්බයකිනි. එය හඬ වෙනස් කරමින් කරන යුග ගායනයකි. 

එවැනි ගායකයන් අනුකරණය කරමින් ගීත ගායනා කිරීම මා මෙන්ම බොහෝ දෙනෙකු අනුමත කරන්නේ නැත. නමුත් මේ තරුණයාගේ හඬ අනුකරණය කිරීමේ හැකියාව නිසාම එම ගීතය දෙවරක් අසන්නට පෙළඹීම වලක්වන්නට නොහැකි කරුණකි. ඉන්පසු මම ඔහුගේ ෆේස්බුක් වෝල් එක දිගේ පහලට ගොස් ඔහු පටිගත කර ඇති ගීත කිහිපයකටම සවන් යොමු කලෙමි. ඉන්පසු ඒවායේ රූප නොපෙන්වා මගේ කාර්යාලීය සගයාට අසන්නට සැලස්සුවෙමි. ඔහු මවිතයට පත් වුයේ එය එකම පුද්ගලයෙකු ගායනා කරන බව දැන ගැනීමෙනි. ඉන්පසු මා කල පළමු කටයුත්ත වුයේ නිර්වාන්ව මගේ ෆේස්බුක් මිතුරුකැලට එකතු කර ගැනීමයි. සුළු මොහොතකින් ඔහුත් සමග චැට් මගින් පිලිසඳරක් ඇති කර ගතිමි.

ඔහුගේ මේ හැකියාව පෙනුණු විට මගේ සිහියට එකවරම ආවේ ගප්පියාය. මෙය කියවන ඔබ සැම අඩුම තරමේ එක් ගප්පියා වීඩියෝවක් හෝ නරඹා ඇත. ඒ තරමටම සයිබරයේ ගප්පියා ජනප්‍රිය බව නොරහසකි. මා ඔහුගෙන් විමසූයේ යූ ටියුබ් චැනල් එකක් ඇත්ද යන්නයි. නමුත් චැනල් එකක් තබා යූ ටියුබ් වීඩියෝ ගැනවත් නිර්වාන්ට අවුබ්දෝධයක් නොතිබිණි. එවිට මා ඔහුගෙන් ඉල්ලා සිටියේ වහාම යූ ටියුබ් චැනල් එකක් සාදා මේ වීඩියෝ පට එකතු කරන ලෙසයි. එය ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය හැකි බවද අවධාරණය කලෙමි. නමුත් ඒ ගැන වැඩි අවුබෝධයක් ඔහුට නොවිණි. මා කල දැනුවත් කිරීම හරහා ඔහු කල සියළු උත්සාහයන් අසාර්ථක විය. ඒ වනවිටත් ඔහුගේ මිතුරන් යූ ටියුබ් වෙත ඔහුගේ වීඩියෝ කිහිපයක් එකතු කර තිබුණි. නමුත් ඉන් ඔහුට වන සෙතක් නැති බව මට වැටහිණි.

ඔහු මේ වීඩියෝ කරන්නේ සහ ෆේස්බුක් වෙත මුදා හැරීමද සිදු කරන්නේ තමන්ගේ ජංගම දුරකතනයෙන් බව සඳහන් කළේය. ඔහු කිහිප විටක්ම ඉල්ලා සිටියේ තමන් වෙනුවෙන් යූ ටියුබ් චැනලය නිර්මාණය කර දෙන ලෙසය. ඔහුගේ අරමුණ මුදල් ඉපැයීම නොවන බව සහ මෙහි සැඟවුණු වටිනාකම(Potential) දුටු මා හට එය මග හැර යා නොහැකි විය. මා ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට භාර ගතිමි. නමුත් එහි වූ ප්‍රධාන අභියෝගය වුයේ ෆේස්බුක් වල ඇති වීඩියෝ භාගත කර ගැනීමයි නැතිනම් කෙලින්ම යූ ටියුබ් වෙත අප්ලෝඩ් කිරීමයි. අන්තර්ජාලය පීරා එයට විසඳුම සොයා ගත් වහාම මා කලේ ඔහුගේ සියළු වීඩියෝ භාගට කර ගැනීමයි. ඉන්පසු මා ඔහුත් සමග දුරකථන සංවාදයක යෙදිණි. ඒ සියල්ලට කලින් ඔහුගේ ගීත ගායනයකට සවන් දෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි. 




දැන් මොකද ඔබට හිතෙන්නේ. ඇත්තටම ලතා වල්පොල, සුජාතා අත්තනායක වැනි වර්තමානයේ වැඩිපුර අසන්නට නොලැබෙන ගායිකාවන්ගේ හඬ ඔහුට අනුකරණය කල හැක. මෙය සහජ දක්ෂතාවයකි. එසේ කිරීමට ඇති අපහසුතාවය කෙතරම්ද යන්න දන්නේ ඒ සඳහා යම් උත්සාහයක හෝ යෙදුනු කෙනෙකුටය. මා එසේ උත්සාහ කර ඇත්තෙමි. මගේ දියණිය කුඩා කාලයේ ස්කූබි ඩූ ගේ හඬ අනුකරණය කරන්නට සමත් වූයේ දවස් ගණනක උත්සාහයකින් පසුවය. ඒ නිසා ඔහු මේ වෙනුවෙන් දරන වෙහෙස මට හොඳ හැටි අවුබෝධ විය. මේ වනවිට ඔහු ගයා ඇති ගීත වලින් කිහිපයක් ඔහු වෙනුවෙන් මා නිර්මාණය කල යූ ටියුබ් චැනලයට එකතු කලෙමි. පහතින් ඇත්තේ ඒ සඳහා පිවිසිය හැකි සබඳතාවයයි.


නමුත් මෙහි අඩුපාඩුවක් තිබෙන බව ඒ ගැන යම් අවුබෝධයක් තිබෙන කෙනෙකුට වැටහෙනු ඇත. උදාහරණයකට ගප්පියාගේ සබඳතාව බලන්න


මෙවැනි කෙනෙකුට පහසුවෙන් මතකයේ තබාගත හැකි සබඳතාවක් සාදා ගැනීමට නම් එය Subscribe කර ඇති ප්‍රමාණය 500 වත් විය යුතු බව ඒ ගැන සොයා බැලු විට පැහැදිලි විය. දැනට මෙය සබ්ස්ක්‍රයිබ් කරන්නේ මා පමණකි. ඒ සඳහා එක වන්නට ඔබට ආරාධනා කරමි. මේ සද්කාර්ය සඳහා මා ඉදිරිපත් වුයේ, ඔහු මේ කාර්යය කරන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් නොවන නිසාය. ඔබෙන් එවැනි ඉල්ලීමක් මා කරන්නේද එනිසාය. 

ඔහුගේ රුපය දුටුමනින්ම සිහියට එන්නේ හින්දි නළුවෙකි. මා මුලින් සිතුවේ ඔහු යුරෝපාකරයේ සේවය කර පැමිණි අයෙක් ලෙසය. නමුත් ඔහු සමග පසුව කල දුරකථන සංවාදයේදී තේරුම් ගත්තේ ඔහු ඩුබායි රටට හැරෙන්නට වෙනත් කිසිම රටකට පය තබා නොමැති බවය. ඒත් දින කිහිපයක සංචාරය සඳහාය. ඔහු ජාතික  උසස් (ඉංජිනේරු)  ඩිප්ලෝමා ලාභියෙක්. නමුත් දැන් ජීවිකාව ලෙස තෝරාගෙන තිබෙන්නේ පුද්ගලික ගණිත උපකාරක පන්ති පැවැත්වීමයි. මුලින් රජයේ ආයතනයක සේවය කල ඔහු පසුව මෙම රැකියාව තෝරාගෙන ඇත. ඔහුත් සමග කල කෙටි පිලිසඳරේදී මා තේරුම් ගත්තේ ඔහු අව්‍යාජ පුද්ගලයෙකු බවයි. 

නිර්වාන් ඉපදී හැදී වැඩෙන්නේ මතුගම ප්‍රදේශයේ වුවත් වර්ථමාන පදිංචිය මීගමුවේය. ඔහු සංගීතය පරතෙරට හදාරා නැත. අපොස සාමාන්‍ය පෙළ දක්වා සංගීත විෂය නිර්දේශය පමණක් හදාරා ඇති බව ඔහු මා සමග පැවසීය. නමුත් තමා "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" යන කියම මුස්වාක් කල තවත් පුද්ගලයෙක් බව නිර්වාන් ඔප්පු කොට ඇත. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ චිත්‍රයක් මෑතකදී යුරෝපීයයෙක් මිලදී ගෙන ඇත්තේ යුරෝ දාහකටය. එය ඊටත් වඩා වටිනා බව එම සංචාරකයා පවසා ඇත. 


 මේ චිත්‍රය ඔහු ඇඳ ඇත්තේ පැන්සල් උපකාරයෙනි. එහි තාත්වික බව තෝරා ගැනීමට එහි ඉන්නේ කවුරුන්ද යන්නෙන් පැහැදිලි වේ.
 ඔහු සාර්ථක ලෙස නිර්මාණය කරන ලද කාටූන් කිහිපයක්ද ඔහුගේ ෆේස්බුක් වෝලයේ ඇත. මේ කණුවේ හැපෙන්නේ අපේ පවනියා වත්ද ?

මෙය ඔහු විසින් නිර්මාණය කර ඇත්තේ අඟුරු කැබැල්ලක ආධාරයෙනි.

බොහෝ දෙනෙකු මෙන් මමද මෙසේ හඬ වෙනස් කරමින් ගායනයට විරුද්ධය. නමුත් ඔහුගේ හඬ වෙනස් කිරීමේ දක්ෂතාවය අගයමි. මෙය ඵලදායී ලෙස යොදා ගත හැකි බව මගේ විශ්වාසයයි. චිත්‍රපටයක් නිෂ්පාදනය කල හැකිව තිබියදී, සජීවීකරණ චිත්‍රපට කුමටදැයි මා කාලයක් සිතුවෙමි. නමුත් එමගින් නිෂ්පාදන පිරිවැය අවම කර ගත හැකිවා මෙන්ම, සාමන්‍ය නළු නිලියන් හෝ වෙනත් නිරූපකයන් යොදා කිරීමට උගහට දේ සජීවීකරණ කාටූන් මගින් කල හැක. උදාහරණයකට ලොව උසම කඳු මුදුනේ සිට කිසිම ආධාරකයක් නොමැතිව බිමට පණින දර්ශනයක් අවශ්‍ය වේ නම්, සජීවීකරණයට එය අපහසු කටයුත්තක් නොවේ. මේ එක උදාහරණයක් පමණි. 

එලෙසෙම අපගේ පැරණි ගායිකාවෙන්ගේ හඬින් අඩු පිරිවැයකින් චිත්‍රපට පසුබිම් ගායනයකට යොදා ගත හැකිනම් එය කදිමය. වර්තමානයේ සුජාතා අත්තනායක, ලතා වල්පොල, ඉන්ද්‍රානි සේනාරත්න, ඇන්ජලීන් වැනි ගායිකාවන්ගේ හඬින් ගී ගැයීමට හැකි ගායිකාවන් කිහිප පලක්ම වේ. නමුත් ඔවුන්ගේ ගාස්තුව නිෂ්පාදකයාට දරා ගත නොහැකි අවස්ථාවක මෙවැනි විකල්ප ප්‍රයෝජනවත් වේ. 

මොහුගේ හැකියාව දුටු විටම මා චූටි මල්ලි සහ පොඩි මල්ලි යන දෙදෙනාට ෆේස්බුක් පණිවුඩ කිහිපයක් තැබුවේ මේ හැකියාවෙන් ප්‍රයෝජනක් ගන්නා ලෙස ඉල්ලමිනි. ඔවුන්ගෙන් පිළිතුරක් ලැබෙන්නට ප්‍රථමයෙන් හිරු ටීවී ආතනය  "මේක පුදුම ලෝකයක්" තුලින් ඔහුගේ ගීතයක් ප්‍රචාරය කර ඇත. මේ හැකියාව වර්ධනය කර ගන්නට නමු ඔහුව කසුන් කල්හාර වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වෙත යොමු කල යුතුය. තම හැකියාව අනුව ගැහැණු හඬින් ගීතයක් ගැයීම වරදක් වේද ?

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...