Monday, January 14, 2013

බෙල්ල කැපුනේ රිෂානාගේ පමණක්ද ?

රිශානාගේ මරණය ගැන මුළු ලංකාවම කම්පා වෙයි. මේ හැරුණු කොට ලෝකයේ සිටින ෂරියා නීතිය නො-අදහන බොහෝ දෙනා අනේ අපොයි කියයි. නමුත් රිෂානාගේ මරණය අද සියලුම රුපවාහිනි, ගුවන් විදුලි, මුද්‍රිත ආදී මෙකී නොකී මාධ්‍ය වලට කදිම පුවතක් වුව පමණක් නොව, බ්ලොග්කරුවන් වන අපටද එය කදිම මාතෘකාවක් වී හමාරය. එහෙත් බ්ලොග් ලියන අතරතුරදී නිරතුරුව ඒ ගැන කම්පා වී, ඒ වෙනුවෙන් කටයුතු කල අයද වෙයි. එවැනි අයට මේ ගැන දිගින් දිගටම කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇත. 

මෙය අසා කම්පා වුවෙක් නැති තරම්ය. රිශානාට තරම් වේදනාවක් කාටවත් දැනුනේ නැත්ද ? ඇයට තිබූ ලොකුම වේදනාව මේ සා කාලයක් ඉවසාගෙන සිටීමයි. එක්කෝ ගෙල සිඳ දැමිය යුතුයි. එහි වේදනාව ඇයට දරා ගත හැක. එය මොහොතක වෙදානාවකි. නමුත් අද මරයිදෝ, හෙට මරයිදෝ කියා නොමැරී මැරී ජීවත් වන කාලය කෙතරම් වේදනාකාරී වන්නට ඇත්ද? අයට මරණය හෝ නිදහස යන දෙකම මේ වෙදානාවෙන් ගැලවෙන මගයි. එහෙත් ජීවත් වන ඕනෑම කෙනෙකු තවත් තත්පරයක් හෝ ජීවත් වීමට උත්සාහ දරයි. ඒ සත්ත්ව ගතියයි. 

රිෂානාගේ මරණය අපට මෙතරම් වේදනාකාරී වුයේ ඇයි? ඇය වැදූ මවද, ඇයගේ පියාද, ඇගේ ගම් ප්‍රදේශය වන මුතූර්හී පල්ලියේ පූජකයාද එය අනුමත කරයි. සමහරවිට ඒ හදවතින් නොවන්නට පුළුවන, එහෙත් ඔවුන් ඔවුන්ගේ ආගම දිවි දෙවෙනි කොට සලකයි. සෙසු ඉස්ලාම් වාදීන්ගේ මතයද එය වේ. එහෙනම් මේ වේදනාව කාටද ? අපිට ඒ කියන්නේ සිංහල බෞද්ධයා, සිංහල කිතුනුවා, හින්දු සහ කිතුනු දහම අදහන දමිලයාටයි. අපිට ප්‍රශ්නයක් නැත්නම් උඹලාට තිබෙන ප්‍රශ්නය කුමක්දැයි ඉස්ලාම් දහම අදහන්නන් අපෙන් විමසන දිනය වැඩි ඈතක නොවේ. 

රිශානා වෙනුවෙන් ඇතැමෙක් කිඹුල් කඳුළු හෙලයි. ඇතැමෙක් සැබෑ මනුෂ්‍ය හැඟිම් අනුව කථා කරයි. අද බොහෝ බ්ලොග් වල මා කියවූ දේ වලට අනුව නම්, 

  • මෙහෙකාර සේවයට කිසිදු රටකට අප කාන්තා/පිරිමි කවුරුන් හෝ යැවිය යුතු නැත.
  • අරාබියට අප සම්බාධක පැමිණවිය යුතුය.
  • පිටරට සිටින සියලු මෙහෙකාර සේවකයන් ආපසු කැඳවිය යුතුය.
  • රජය මේ පිලිබඳ දක්වන ලන්ද්ද්දේ ඇල්මැරුණු උනන්දුවකි. මෙය තනිකරම රජයේ වරදකි.
  • බාල වයස්කරුවන් රට පටවන ජාවාරම් කරුවන්ට දඬුවම් පැනවිය යුතුය.


මෙකී නොකී තවත් බොහෝ දේ ඔබද කියවන්නට ඇත. ඒ කිසිවක් වල්පල් යයි මා පවසන්නේ නැත. එහෙත් අපේ ඇසේ තිබෙන පරාලය නොදැක අපි අරාබි කාරයාගේ ඇහේ තිබෙන රොඩ්ඩ දැකීම නම් මට තරමක් වේදනාකාරීය. ස්වභාවික නොවන කිසදු මරණයක් ලොව කොතැනක හෝ සිදු වී නම ඒ වෙනුවෙන් කම්පා වන්නන් ගොන්නට මමද ඇතුලත්ය. ඕනෑම කෙනෙකුගේ දුකකදී උණුවන හදවත් ඇත්තන්ට මේ සියළු මරණ එකසේ වේදනාකාරීය. ස්වභාවික වුවද සුනාමියෙන් සිදු වූ මරණ වලට පවා අප තවමත් කම්පා වන්නෙමු. එහෙත් ඔබ මේවා දුටුවාද ?

පසුගිය දිනක කොළඹ කොටුව ගුවන් හරස්මග තුලදී මහා දවාලේ අමු අමුවේ පොලිස් කොස්තාපල් වරියකගේ බෙල්ල කපා මරා දැමුවේ තවත් කොස්තාපල් වරයෙකි. ඒ අනුව තමාව මග හැරීම වෙනුවෙන් පොලිස් කොස්තාපල් වරයාද ෂරියා නීතිය ක්‍රියාත්මක කොට ඇත(ඔහුද වස පානය කොට ඇත. එය කුමන නීතියට අදාලදායි මම නොදනිමි). එහෙත් රටක නීතියක් මගින් වරදකරු කර මරණ දණ්ඩනය නියම කිරීමට වඩා අඩු බරක් තමන්ගේ වෛරය පිරි මසා ගැනීමට ක්‍රියාත්මක වූ විට ඇති වන්නේ ඇයි? මරණයට පත් වී ඇත්තේ සිංහල බෞද්ධ යුවතියකි. ඈ ගැන කවුරුත් එතරම් වේදනාවකින් කතා කරනවා මම අසා නැත. ඇයගේ මවටද පියාටද ඇති වන්නට ඇත්තේ රිෂානාගේ මවට පියාට ඇති වූ දුකමය. ඒ දරු දුකයි. දෙමාපියන් වශයෙන් අපිට ඇති වන්නේද ඒ දුකමයි.

තම දරුවන් දෙදෙනා සහ බිරිඳ ඝාතනය කල රත්මලානේ පුද්ගලයා අනුගමනය කලේද ෂරියා නොවන ෂරියා නීතියකි. තමන්ගේ ලෙයින් මසින් සැදුනු දරුවන් ඝාතනය කරන්නට තරම් සහාසික වුවන් ෂරියා නීතියටත් එහා ගිය වුන් නොවේද ? එම ඝාතයාට දිය යුතු දඬුවම කුමක්ද ? ඔබ පවසන්න. 

රිෂානාගේ මරණය වලක්වා ගත හැකිව තිබූ එහෙත් රජයේ හෝ කාගේ හෝ වරදින් මග හැරුණු දෙයක් බව ඔබ පවසනු ඇත. ඇත්ත, එය දේශපාලනිකව කතා නොකළහොත් ඒ සඳහා මේ රටේ බොහෝ දෙනා උත්සාහ කල බව ඇත්තය. පක්ෂ විපක්ෂ බොහෝ දෙනා විවිධ ආකාර වලින් ඒ සඳහා උත්සාහ ගන්නා ලදී. එහෙත් ඔවුන් ඔවුන්ගේ නීතියට වියතිරේඛ එක් කරන්නට කැමති වුවේ නැත. සංශෝධනද නැත. 

අප කල යුත්තේ කුමක්ද ? පළමුව අප හඬ නැගිය යුත්තේ ශ්‍රී ලංකාව තුල සිදු වන ස්වභාවික නොවන මරණ බිංදුව කර ගැනීමට උනන්දු වීම නොවේද? මෙහෙව් ඝාතන සිදු වන රටක සිට තමන්ට මරණ දඬුවම් නවත්වන්නැයි කියන්නේද කියා ඔවුන් අපට සිනාසීමට ඉඩ ඇත. අප මුලින්ම හඬ නැගිය යුත්තේ ඒ සඳහාය. ඉන් පසුව අපට ලෝකය නිවැරදි කරන්නට යා හැක. වසර 2600 කට වැඩි නිර්මල බුදු දහම ආරක්ෂා වී ඇති, ආරක්ෂා කරන එකම රටේ, මේ සා විශාල මරණ සංඛ්‍යාවක් දිනකට සිදු වේ (සංඛ්‍යා ලේඛන නොදනිමි), මේ තරම් ස්ත්‍රී දුෂණ ගණනක් සිදු වේ. අප මේවා නවත්වා ගන්නේ නැතිව අරාබියේ ෂරියා නීතිය නිවැරදි කරන්නේ කෙසේද ?

මෙහි පිළිතුරු දෙන බොහෝ දෙනා ආණ්ඩුව හා පාතාලයට දොස් නගන්නට බොහෝ විට ඉඩ ඇත. ආණ්ඩුවට පමණක් සියල්ල කල හැකිද ? හතරවන ඊලාම් යුද්ධය පරාජය කරන්නට මහජනතාව වන අප කෙතරම් රජයට සහ ආරක්ෂක අංශ වලට සහය වුවාද? එසේ නොවන්නට එය තවමත් හීනයක්ම වනු ඇත. මෙහිදී ජනතාව වශයෙන් අපටද කල හැකි කොටසක් ඇත.

මෙම ලිපිය ලියූවේ රිශානා ගැන කම්පා නොවන කෙනෙකු ලෙස නොව ඕනෑම විපතකදී හද උණුවන කෙනෙකු ලෙසය. 

72 comments:

  1. ඔබ කියා ඇති සෑම වචනයක් සමඟම මම එකතු වෙමි.අරාබි රටවල් තුල සේවයට ගොස් පෙට්ටියකින් ලංකාවට ආපු කාන්තාවන්ගේ මරණ වලට ඔය කියන නීතියෙන් දඬුවම් කරාද? ඔය කෙල්ල වෙන රටක(මුස්ලිම් නොවන)මැරැව නම් අපේ රටේ සමහරක් මුස්ලිම් ඇත්තෝ උද්ඝෝෂන කරයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මම රිශානට වුනේ අසාධාරණයක් නොවේ කියල කියන්නෑ. ඒත් අපිට නවත්වන්න පුළුවන් දේවල් වලට මුලින්ම උත්සාහ කරන එක හොදයි කියලයි මම හිතුවේ.

      Delete
  2. ඔබතුමා බරපතල වරදක් කරනවා මෙතනදි , මනුෂ්‍ය ඝාතන ලෝකේ කොහෙත් සිද්ධ වෙනවා ඒක 100%කින් වලක්වන්න පුලුවන් වුනු රටක් නෑ . හැබැයි රටක නිතියෙන් (ආගමක් පදනම් කරගත් නිතියෙන් ) , මිනි මරන එකයි මිනිසුන් එකිනෙකා මරාගන්න එකයි වෙනස් තත්වයන් දෙකක් . පලවෙනි එක වලක්වගන්න තියන නිති රාමුවම භාවිතා කරල මිනි මරන එකයි වැරැද්ද . දෙවෙනි එක ම්ලේච්ඡයි

    ReplyDelete
    Replies
    1. ඔබ වක්‍ර‍ව ශරියා නීතිය අනුමත කරන බවක් මෙයින් මට හැගේ. අන්තර්ජාලයේ පරීක්ෂා කර බලන්න ෂරියා නීතිය යටතේ ගෙල සිදින ලද ඇමරිකානුවන් කී දෙනෙකු ඉන්නවද කියලා...ඒ අනුව ඔබට පැහැදිලි වෙයි මෙම ම්ලේච්ඡ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ ලංකාව හා අනෙකුත් අප්‍රිකා හා ආසියා රටවල උන්ට පමණක් බව..

      පුද්ගලික පලිගැනීම් නැති රටක් නෑ...මම ජීවත්වන රටෙත් තියෙනවා. ම්ලේච්ඡ ශරියා නීතිය එයට සමාන කරන්න බෑ. ශරියා කියන්නෙ ශිෂ්ඨ සමාජයකට නොගැලපෙන වනචාරී නීති රාමුවක්...සෞදිය කියන්නෙ ඉතාමත්ම නුගත් වනචාරී කාමුක සල්ලාලයන් සිටින රටක්... උන්ට සෙල්ලම් කරන්න ලංකාවෙන් තව දුරටත් මුවැත්තියන් යවනවාද නැද්ද යන්න සංවේදී නායකතුමා තීරණය කල යුතුය.

      Delete
    2. මේ ලින්ක් එකෙන් මේ සිද්ධියෙ නොදුටු පැත්තක් බලන්න හැකි වේවි.
      http://www.youtube.com/watch?v=Lf3lesXzlnE

      Delete
    3. @බුවා. තර්කානුකුලව ඔබ හරි. නමුත් මට කියන්න ඕන වුනේ අපේ සීමාවේ තියෙන දෙයත් අපි නිවැරදි කරමු කියන එක. ඒක පහසුයි නේද.

      Delete
    4. බුවා එක්ක මමත් එකඟයි. පුද්ගලික පළිගැනීම් සහ නීතියෙන් කරන මිනීමැරීම් සංසන්දනය කරන එක තේරුමක් නැහැ නේද. පුද්ගලික මිනීමැරීම් උනත් නවත්වන්න ඕන දේවල් තමයි. හැබැයි නිත්‍යානුකුලව අව නීතියකින් මිනීමරනවානම් ඒක වඩාත් දරුණුයි කියල මට හිතෙනවා.

      Delete
    5. මේ වර්ග දෙකේම සිද්ධි අතීතයට ගිය ඒවා. ඒත් අපේ රටේ ඒවාට අපිට පියවරක් ගන්න පුළුවන් ඉදිරියේදී ඒ දේවල් වන ප්‍රමාණය අඩු කර ගන්න. ඒත් ශරියාවට එරෙහි අපේ පියවර කොයි තරම් දුරට ප්‍රායෝගික වෙයිද කියන්න බෑ.

      Delete
    6. බුවා ඔබ ඇත්ත ඇති සැටියෙන් දැක තිබෙනවා

      Delete
  3. මටනම් අහන්න තියෙන්නේ මෙච්චරයි.අපි හිතමු රිසානා නිදහස්වෙලා ආවා කියලා.එහෙනම් දැන් ඒ පවුලට උදව්කරන එකෙක්වත් ඇහැක් ඇරලා බලයිද,ඒ කියන්නේ රිසානා ආවානම් ඒ පවුල දුප්පත්කමින් මිදෙයිද ?නැහැනේ ,

    මමනම් හිතන්නේ අපේ රටේ දුප්පත්කම දුරලනකම් තවත් රිසානාලා බිහිවෙන ඒක නවත්තන්න බැරිවෙයි,ඒකට ජාති ආගම් බලපාන එකක් නැහැ.අනිත් එක මැදපෙරදිග ගිහින් තමන් නොකරපු වරදවල්වලට වැඩකරපු ගෙවල් වලදීම ජීවිතෙන් වන්දි ගෙවන අපේ සොහොයුරියෝ ඕන තරම් පෙට්ටියෙන් ගෙදර එනවා ,ඒවා ගැන කවුරුවත් කතාකරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේකේ විශේෂය මරනවා කියලා කලින් දැනන් සිටීම.

      Delete
  4. රිෂානා මේ සිද්ධියට මුහුණදුන් එක් දැරිවියක් පමණයි. අපි ජාති ආගම් හැමදේටම පටලගන්නෙ නැතුව පවතින මෙම තත්ත්වයට විසඳුමක් යොදන ලෙසට පවතින රජයට බලකරන එකයි කළ යුත්තේ. ඒකත් පක්‍ෂ භෙදයෙන් තොරව කළයුතු ඉල්ලීමක්. මම දන්න විදියට පිලිපීනය වැනි රටවල බොහෝම හොඳ නීති සම්පාදනය වෙලා තියෙනවා තම රටේ විදේශගත ශ්‍රමිකයන්ට.

    අවසාන වශයෙන් ඔය කියන පල්ලියේ පූජකයා කියනවනම් රිෂානව මැරුව එක හොඳයි කියලා ලංකාවේ ඔය වගේ අපරාධ කරන සියළු මුස්ලිම් ජාතිකයන්ව මැරුවට උන් කෑගහන එකක් නෑ. ඔතන වැරැද්ද තියෙන්නෙ කැරකෙන තොප්පියේ.

    ReplyDelete
    Replies
    1. පිලිපීනයේ මේ සම්භන්ධ නීති ඉතා ඉහල මට්ටමක ඇති බව මමත් අසා ඇත.

      Delete
    2. // පල්ලියේ පූජකයා කියනවනම් රිෂානව මැරුව එක හොඳයි කියලා ලංකාවේ ඔය වගේ අපරාධ කරන සියළු මුස්ලිම් ජාතිකයන්ව මැරුවට උන් කෑගහන එකක් නෑ. ඔතන වැරැද්ද තියෙන්නෙ කැරකෙන තොප්පියේ//


      ++++++++++

      Delete
  5. නීතිගත ම්ලේච්ඡත්වය හා නීති මගින් මැඩලිය යුතු ම්ලේච්ඡත්වය කියන්නෙ දෙකක්.

    රත්මලානේ සිද්ධිය සැලකුවොත් දික්කසාදය පහසු දෙයක් වෙලා තිබුණානම් සමහරවිට ඒ ඛේදවාචකය සිදු නොවෙන්න ඉඩ තිබුණා.
    තාත්තයි පුතයි දුවෙක් දූෂණය කළ සිද්ධිය නූගත්කමත් - දුප්පත් කමත් සමග බැඳි ඇති දෙයක්....

    ඔය බොහෝ ප්‍රශ්නවලට දිය හැකි නොවරදින හා කල් පවතින එකම විසඳුම නම් උපත් පාලනය අනිවාර්ය කිරීමයි.

    ReplyDelete
    Replies
    1. සුමිත් දික්කසාදය පහසු දෙයක් වුනා නම්, එතකොට අද දික්කසාද වෙන හැම කෙනෙක්ම ඔය විසඳුම තෝරා ගත්තොත් මොකද වෙන්නේ ?

      Delete
  6. අපේ බල්ලා අල්ලපු ගෙදරට යනවා, ඒ ගෙදර මාමා අපේ බව්වගෙ කකුලක් කැඩෙන්න ගැහුව.ඒ එයලගෙ මිදුලෙ බල්ලො ජරා කරන නිසා. ඉට පස්සෙ අපේ බල්ල ඒ පැත්ත වත් බලන්නෙ නෑ. කොකටත් කියල අපි බල්ල දම්වැලකින් ගැටගැහුව. පරිස්සම් කරගන්න. ආයෙත් එහෙ ගියොත් ජරා නොකරත් ගහන්න ඉඩ තියන නිසා. අපි ඒ මාමට බැන්නෙ නෑ. එයා හැමදම අපේ කඩෙන් බඩු ගන්නෙ. දැන් ගැටලුවක් නෑ. අපි සුපුරුදු විදිහට ඉන්නව. බව්වට කක්ක කරන්න ඕන උනහම කෑගහනව. අපි එයාව දම්වැලෙන් අල්ලගෙන වෙන කොහෙට හරි එක්ක යනව ඒ වැඩේ කරන්න.

    බල්ලට ගහපු දවසෙ අපේ මල්ලිට මලම පැනල ගෙදර අයටත් බැන්න, අල්ලපු ගෙදර මාමගෙ කන පලනව කිව්ව.(ඒක තාම පොඩි එකා) ඒත් දන් එයාටත් තේරෙනව වැරැද්ද අපේ කියල.

    පස්සෙ දවසක අල්ලපු ගෙදර මාමට තව මාම කෙනෙක් ගහලත් තිබුන එයාලගෙ බල්ලට ගැහුව කියල. ඒ දෙගොල්ලො නම් තරහයි. අපි නම් හැමෝම එක්ක හොදින් ඉන්නව....
    (ගෙතූ කතාවකි)

    ReplyDelete
    Replies
    1. බල්ලොත් කක්ක කරනවද බන් ? කරන්න කලින් උඹට කියනවද ?

      Delete
    2. දේශ් මගේ කතාව වෙනත් විදියකට දැකලා.

      Delete
  7. මේ දේ වවාගෙන කන්න හදපු හැම කෙනාටම හොඳ උත්තරයක්....

    බ්ලොග් දෙකකට කමෙන්ට් දැම්මා.. මේ තමා මේ සම්බන්ධව දාන අනිතිම කොමෙන්ට් එක

    ReplyDelete
    Replies
    1. නමුත් සමහරු මාවත් ඒ ගොඩටම දාලා. පහල කමෙන්ට් බලන්න.

      Delete
  8. රිසානා ගෑන තවත් වචන නාස්ති කරන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ .. ඒත් මේකට යමක් කියන්න ඕනේ..

    සුදීක අයියා කියන දේ මට ‌තේරෙනවා.. අපි අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද හොයන්න යනවා අපේ ඇහේ පොල් පරාලයක් තියෙද්දි කියන එකනේ සුදීක අයියා කියන්නේ..

    නමුත් මේ සිද්ධිය විශේෂ දෙයක්.... ඇත්තටම අපේ රටේ මෙහෙම දෙයක් උනොත්, ඒ කියන්නේ තමන්ගේ ගෙදර වැඩ කරන බාලවයස්කාර ගෑණු ළමයෙන් අතින් දරුවෙක් අත්වැරැද්දකින් මැරුනොත් මොකද්ද නීතිය..? ඒ ගෑණූ ළමයව මරන එකද, නැත්තම් ඒ ගෑණු ළමයව සේවයේ යොදවාගත්ත කෙනාට දඬුවම් කරන එකද...? අඩු ගානේ අපේ රටේ සාධාරණ නීතියක් පොතේ හරි තියෙනවා...

    මේකේ විශේෂත්වය තියෙන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙක් හැටියට රිසානාට වෙනත් මුස්ලිම් රටකදි වෙච්ච අසාධාරණය වෙනුවෙන් කතා කිරීමක් නිසා..

    හැබැයි මෙතනදි අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් රිසානාගේ අම්මයි තාත්තයි දෙන්නටත් දඬුවම් ලැබිය යුතුමයි.. බාල වයස්කාර දැරියක්, වංචවෙන් මෙහෙකාර සේවයේ යෙදවීම නිසා..

    එතනින් එහාට කියන්න තියෙන දේවල් මෙතනට අදාළ නෑ..

    ReplyDelete
    Replies
    1. රිසානාගේ දෙමව්පියන්ට දඬුවම් කිරීම දැන් වුනත් කල හැකියි. ඒත් ඒක ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ වෙයි නේද?

      Delete
    2. අන්න මං එයි කියලා හිතපු එක...

      අන්න ඒක තමයි සුදීක අයියේ මේ සිද්ධියට සම්බන්ධ රටවල් දෙකේදිම මේ සිද්ධිය විශේෂ වෙන පළවෙනි කරුණ... හරි නම් නීතිය ඒකයි.. ඒත් මානුශීයව බලලා අපි එහෙම කියනවා.. නමුත් ඒ රටේදි සිද්ධ උනේ මොකද්ද...

      මට කියන්න ඕනේ උනේ මේ සිද්ධියයි, අපෙ රටේ උදේ හවස සිද්ධවෙන අපරාධයි එක ගොඩට දාන්න බැරි බව..

      Delete
    3. අනිවාර්යෙන්ම. මට අවශ්‍ය වුනේ පිට රටකදී වෙනවට වඩා අපේ රටේ මරණ අඩුවෙන් දකින්න.

      Delete
  9. සමහර මරණ මාධ්‍ය සංදර්ශන බවට පත් කරගන්න එකයි කණගාටුව

    ReplyDelete
    Replies
    1. සුදීකයාට හිට් මදි වෙලාද මේ හදිස්සියෙ මේ අටමගලෙ ලිව්වෙ... මේක දැන් කල්පැන ගිය නිව්ස් එකක්...රාජකාරි ගවේෂකයගෙ උත්සාහය වතුරෙ.....

      Delete
    2. @ Anonymous January 14, 2013 7:57 PM

      මම එහෙම කිව්වේ මාධ්‍ය සම්බන්ධව වගේම ඒකෙන් වාසි ලබාගන්න කටයුතු කරන අය සම්බන්ධව

      Delete
    3. මේ ඇනෝ වේශයෙන් ආව කෙනා කව්රු වුනත්, පපුවට තට්ටු කරලා අහන්න ඔබ තුමා යන්නේ හිට්ස් පිටිපස්සේ නොවේද ? කියලා. හිට්ස් ඕනෑනම් ගූගල් වුනත් පිලි ගන්න ක්‍රමය තමයි සෙක්ස්.

      Delete
  10. තව රිසානලා සෑහෙන්න ඉන්නවා අරාබියේ
    කවුද වැරදි?? අල්ලා තමයි දන්නේ

    ReplyDelete
    Replies
    1. ඔවුන් වෙනුවෙන් අප පියවරක් ගත යුතුයි.

      Delete
  11. මේ ලිපියේ රිසානා ගැන තියන ටික අයින්කරාම සියයට සීයක් එකගයි. හැබැයි රිසානා ගේ කතාව වෙනම එකක්. තව ලංකාවේ කී දෙනෙකුට හෙට මේකම වෙන්න බැරිද. ඊට එරෙහිව ඇතිවන විරෝදයට මේ ලිපිය බාදාවක් බවයි මගේ හැගීම.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සුජියා අරාබියේ ඉන්න නිසා මට වඩා ඒ දේ දැනෙනවා ඇති. මම කියන්නේ අපි මේ දෙකම නිවැරදි කල යුතුයි. කවදා කෙසේ කොතන මරණයක් සිදු වුනත් එය සාධාරණීකරණය කරන්න බෑ. අපි මේ සියල්ලට වැට බැඳිය යුතුයි.

      Delete
  12. කියවා බැලුවෙමි.

    ReplyDelete
  13. හුදෙකලා සිද්දියක් සන්විදනාත්මක, ආගමේ නාමයෙන් කරන මිනී මැරුමකට සමාන කරන්න එපා

    ReplyDelete
    Replies
    1. සුදීකගේ කතාව ඇත්ත උනත් අර බුවා කියනවා වගේ මේක පෞද්ගලිකව පලිගැනීමේ චේතනාවෙන් කරන මිණිමැරීම් එක්ක සංසන්දනය කරන්න ගියොත් ඒකෙ තේරුමක් නෑ.

      ඇත්තටම දැන් කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ දැනට මරණීය දණ්ඩනය නියමවෙලා ඉන්න ඉතිරි කීප දෙනා ගැනත්, ඒ වගේම තවත් රිසානා වගේම රටට ගොඩ උන ගමන් ෂරියා නීතියට අත්සන තබලා ඉන්න අපේ අනෙක් ගෘහ සේවිකාවන් හා අනෙකුත් පිරිස ගැන මීට වඩා විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමත් විතරයි.

      ආගමේ නීතියකට කොටුවෙලා අන්ධානුකරණයෙන් ඉන්න පිරිසක්ව වෙනස් කරන්න අපිට බැරි උනත් ඒ අයගේ නීතියට යම් යම් බලපෑම් එල්ල කරන්න අපට පුළුවන් වේවී. රජයේ වගකීම ඒකනෙ ..

      ඒ අපූරු නීතිය ගැන කියවද්දී හිනාත් යනවා. තාත්තා කෙනෙක් පුතාව මැරුවට තාත්තට මරණ දඬුවම නෑ. ඒ තාත්තා නිසා. මඤ්ඤං නීතීයක්

      ෂරීයා නීතිය ගැන කියවන්න ඕනෙ නම් මෙතැනින් පුළුවන්..

      Delete
    2. සමාවෙන්න ..වැරදීමකින් උඩ ඇනෝට රිප්ලයි එකක් හැටියට මගෙ කොමෙන්ටුව පලවුනා

      Delete
    3. @AnonymousJanuary 14, 2013 10:52 PM
      මේ සිද්ධි දෙක කොහොමටවත් සමාන නෑ සමාන කරන්නත් බෑ සමාන කරන්නෙත් නෑ. මම කියන්නේ මාධ්‍ය හැසිරෙන්නේ ඇත්තටම අනුකම්පාවෙන්ද නැත්නම් එයාලට මේක හොඳ ප්‍රවෘතියක් නිසාද කියලා.

      @ලිහිණි : ඒ නීතිය මම කොහෙත්ම පිලි ගන්නේ නෑ. නමුත් වවුලගේ මගුල් ගෙදර ගියා වගේ උන්ගේ රටේ ඉන්නවානම් ඒ නීතියට යටත්. අපි ඒ බව දැනගෙනයි යන්න ඕනේ.

      Delete
    4. //නමුත් වවුලගේ මගුල් ගෙදර ගියා වගේ උන්ගේ රටේ ඉන්නවානම් ඒ නීතියට යටත්. අපි ඒ බව දැනගෙනයි යන්න ඕනේ. //

      ඔය කියන දේ උන්ට ලංකාවේ කරන්න බැරි හින්දා නේද ෂරියා නීතිය ගේන්න හදන්නේ?

      ඒ ඕනේ නෑ. උන්ගේ එකෙක් පාරට බැහැලා ඔය වෙනුවෙන් කෑ ගැහුවද? අර මොකක්ද චිත්තරපටියකට විරුද්ධවනම් රෙදි උස්සන් යනවා දැක්කා. කුජීතයි. අප්පිරිය යි. උන්ව සුද්ධ කරන්න හදන අපේ උනුත් දැක්කම පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ.

      මතක තියාගනින් මචං... ලෝකේ ඕනේ ජාතියක් එක්ක සර්ව ආගමික පූට්ටුවක් ගහන්න පුලුවන්. ඒත් ඔය මුස්ලිම් කියන ජාතියත් එක්ක බෑ. උන්ට ඔලුව දාන්න දුන්නම ඇඟම රිංගවලයි නවතින්නේ.

      දැන්වත් පොඩ්ඩක් හැමට සාධාරණය කියන කණ්නාඩිය ගලවලා බලපන්. මොකද ජීවිතේ සමහර වෙලාවල් වලදී ආත්මාර්ථකාමී තීරණ ගන්න වෙනවා. නැත්තම් අන්තිමට පසුතැවීමක් පමණයි.

      Delete
    5. @ Ano : කතාව ඇත්ත. ඕක තේරුම් ගන්න සැමට සාධාරණය කියන සාම පරවි චරිත රඟපාන එවුන් එක්ක බෑ. හැමදාම ඇත්ත දන්න මිනිහා නිහඬ වීමේ භයානක බව හොඳින් දැනෙන කාලෙක නිහඞ වීමේ ප්‍රතිපල තවත් ඉදිරියට බලන්න පුළුවන්.

      Delete
  14. හ්ම්ම්ම්ම්...
    වෙන මොනාවා කියන්නද මම මේ ලංකාව ගැන..

    ReplyDelete
  15. නිතිය වල් වැදිලා තියෙන රටක ඉදන් වෙන රටවල නීති ගැන කතා කරල වැඩක් නැහැ.රිෂානගේ සිදුවීමෙන් පස්සෙ කවුරුවත් කිව්වද,අපි ඉතා ඉක්මනින් තද නීති ගෙනල්ල රට යන අයට කිසිදු කරදරයක් ඇති නොවෙන ආකාරයට නිසි වැඩපිළිවලක් සකස් කරනවය කියල?තව තවත් නිතිය වල්වද්දවන්න කැහැපොට ගහනව මිසක.

    ReplyDelete
    Replies
    1. සමහරු වඳුරෝ ගෙවල් හදනවා වගේ මේ වගේ සිද්ධිය වුන වෙලාවට විතරක් කෑ ගහනවා. තව ටික දවසකින් මේවා අමතක වෙනවා.

      Delete
    2. මචං, ප්‍රභාකරන් ඕක කිව්වා නේද?

      Delete
  16. හොඳ ලිපියක් සුදීක. එක පැත්තක් බලාගෙන කෑගහන අය අතරේ ඔයා වෙන යමක් කියලා තියනවා. ගොඩක් කරුණු වලට එකඟයි.

    ReplyDelete
  17. //...මෙහිදී ජනතාව වශයෙන් අපටද කල හැකි කොටසක් ඇත....//

    අනිවාර්යයෙන්ම. ජනතාවගේ භූමිකාව හරියට ඉටුවෙනවද කියන එක සැක සහිතයි. අතීතයේ නම් ජනතාව තුළින්ම අපරාධ මැඬලීමේ කටයුතු සිද්ධ වුණා. උදාහරණයක් විදිහට ගත්තොත් අපරාධකරුවෙක් අල්ලා නොදෙන ගම්වාසීන් ඒ සඳහා දස මුදලක් ගෙවිය යුතු වුණා. ඒත් දැන් කාලේ මිනිස්සු ඉන්නේ අනිකාට හෙණ ගැහුවත් තමන් හොඳින් නම් ඒ හොඳටෝම ඇති කියලා

    ReplyDelete
    Replies
    1. අද කාලේ කොළඹ නම් අල්ලපු ගෙදර ඉන්නේ කවුද කියලවත් දන්නේ නෑ. කොටින්ම අපි දන්නෙත් නෑ.

      Delete
  18. හසිතගෙ කතාවට මමත් එකඟයි. රට ඇතුලෙ කොහොම වෙතත් තමංගෙ ගම ඇතුලෙවත් මිනිස්සු ටික එකමුතු උනොත් ඒ ගමේ සිදුවෙන අපරාධ බොහෝසෙයින් අඩුකරගන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. මෙතනදී අවංකත්වය අවශ්‍ය වෙනවා. මොකද භාගිරව ඉතා ආදර්ශමත් චරිත අභ්‍යන්තරයෙන් නරක වෙන්න පුළුවන්.

      Delete
  19. රටේ අපරාද සිදුවීමයි බුද්ධාගම අතර සහසම්බන්ධතාවයක් ගොඩ නැගීමට හිතන්න ඉස්සර වෙලා රටේ අපරාද සිදුවීමයි සිංහල ජාන අතර සහසම්බන්ධතාවයක් තියෙනවද කියල බැලුවොත් නරකද?
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මම එහෙම සම්බන්ධයක් හොයන්න උත්සාහ කලේ නෑ. නමුත් අපි කොතනත් පාරම්බාන්නේ වසර 2600ක ප්‍රෞඩ ඉතිහාසය ගැන කියලනේ.

      Delete
  20. අනුන්ගේ රටක නීතීය ගැන කතාකරන්න ඉස්සෙල්ලා, අපේ රට නීතී ගරුක වෙන්න එපාය.. සෞදී රජය දීපූ උත්තරේ කින්ඩියකුත් එක්කම දීලා තියෙන්නේ ඒකනේ.. මේ පිලිතුර දුන්නා කියලා, මම ඒ නීතිය අනුමත කරන කෙනෙක් නෙමෙයි.. පිලිකුලෙන් හෙලා දකින කෙනෙක්.. නමුත් ඒ ඔවුනගේ නීතීයයි..

    ReplyDelete
    Replies
    1. ඔය කතාවට මමත් එකඟයි.

      Delete
  21. දේවාලේ කපුවා දේවාලේ ...... ගඳ නැහැ කියනවනේ. මොකද කපුවාගේ දේවාලේ. මේකට කියන්න තියෙන්නේ තොපි කපුවො තොපේ දෙයියෝ කියලා විතරයි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු අටක් කල් ගැනීම තුල ඔවුන් දැඩි මතදාරී නොවූ බව පැහැදිලි වෙනවා.

      Delete
    2. @ කෝරලේ මහත්තයා - කතාවට එකඟයි.

      Delete
  22. වැඩිය කියන්න යන්නේ නැහැ. සුදීක වගේ හරි වැරැද්ද වෙන් කරලා හඳුර ගන්න බැරි , ගෝත්‍රික නීති සමග පෞද්ගලික පලිගැනීම් පටලවා ගන්න නුවන අඩු නොන්ජල් සිංහලයෝ නිසා තමයි සිංහල ජාතිය මේ තත්වයට වැටිලා තියෙන්නේ කියමින් මගේ කතාව අවසන් කරනවා. අසා සිටි ඔබ සැමට තුති.

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ ඔයා තෝර ගත්ත හරිය මොකක්ද කියලා කියනවද ? ඔබතුමා මට නොන්ජල් කියල කියන්නේ තමන්ගේ නියම නමෙන් එන්න තරම් ආත්ම ශක්තියක් නැති නිසාද? මෙතනට ආව බොහෝ දෙනෙක් මේ ලිපියට විවේචන එල්ල කළා. ඒත් මම ඒ යට බනින්න යන්නේ නෑ. ඔබතුමා උසාවි වල දැකල තියෙනවද නීතිඥයෝ අනවශ්‍ය ප්‍රශ්න අහනවා? එතකොට නිවැරදි දේ එලියට එනවා. දැන් මේ කමෙන්ට් කියෙව්වහම කෙනෙකුට කොයි දේද හරි කියලා නිගමනයකට එන්න පුළුවන්. කලින්ම හරි දේ මොකක්ද කියල කවුරු හරි හිතාගෙන හිටියොත් හරිද? මම මේක නොලිව්වනම් මේ මතවාද එලියට එනවද ? ඔබතුමා කව්රු වුනත් මට කියන්න තියෙන්නේ හැගීම් වලින් ලෝකය දිහා බලන්න එපා කියලයි. ලංකාවේ වුනත් නීතිය තුල හැගීම් වලට ඉඩක් නෑ.

      Delete
  23. විය යුත්තේ තවත් රිසානා කෙනෙක් බිහි වීම නවත්වා ගැනීමය

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. රිසානා කෙනෙක් නොව රිසානලා විය යුතුයි.

      Delete
    2. රිසානා වෙනුවෙන් ලියවූ මගේ පොස්ට් එකත් බලන්න
      http://sankalpanablogs.blogspot.com/2013/01/blog-post_15.html

      Delete
  24. වලකා ගත හැකි මරණ සහ නීති ගත කල මරණ කියන්නේ සෙකක් කියලයි මට හිතෙන්නේ .

    පොලිස් කාන්තාවගේ මරණය සහ රත්මලානේ සිද්ධිය තනිකරම පුද්ගල නොහික්මුණ කම හෝ මානසික අසම තුලිත තාවය . ඒවා වැරදියි. ඇමරිකාවේ පෙරපාසල් දරුවන් මැරුවෙත් ඒවගේ අසමතුලිත මනසක් ඇති කෙනෙක්.

    නමුත් රිසානාගේ මරණය කාලයක් තිස්සේ කතාබහට ලක් වෙලා වෙච්ච නීතිගත අපරාධයක් . රිසානා මුස්ලිම් වීම හෝ පල්ලියේ මුල්ලා එය අල්ලාගෙ තීන්දුවක් කි පමණින් '' උන්ට හොඳ නම් අපට මොකෝ '' කියන තැනට එන එකත් වැරදියි. මොකද අද රිසානාට මෙහෙම වුනාට ඊයේ අද හෙට සම්පුර්ණයෙන්ම හරි බාගෙට හරි මරන්නේ මරණයට පත් වුනේ සිහල දෙමල ඕනෑම කෙල්ලක් වෙන්න පුළුවන් .

    නීති ගැන කියද්දී ඇත්තටම අපි හදාගන්න ඕන මේවගේ වැරදි ලෙස විදේශයන්ට යැවීම වලකන නීති .
    නිසි වයසේදී යන්න ඕනෑම නම් වෘත්තීය පුහුණුවක් සහිතව රටවල් දෙකම කම්කරු ගිවිසුම් වලට යටත්ව වගකීමකින් පමණක් රට යැවීම .

    ඔය මොනව වුනත් නිතියේ කිරිගොට්ටේ හැමදාම හැම තැනම හිල්

    ReplyDelete
    Replies
    1. ''වලකා ගත හැකි මරණ සහ නීති ගත කල මරණ කියන්නේ සෙකක් කියලයි මට හිතෙන්නේ ''

      දෙකක් ලෙස නිවැරදි වෙන්න ඕන

      Delete
    2. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න මේක හොඳම වෙලාව වුනත්, හැමදාමත් වගේ අමතක වෙලා යයිද ?

      Delete
  25. දැන්නං මට මේ සිද්ධිය එපා වෙලා සුදීක

    ReplyDelete
    Replies
    1. මටත් එපා වුනා සමහර ඇනෝ කමෙන්ට් දැක්කම.

      Delete
  26. මටත් මේ ගැන කථා කරලාම මහන්සියි...ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනාම නෑ කියලා තියෙනවනෙ... දැන් නම් ඇති වගේ...

    ReplyDelete
    Replies
    1. හ්ම් එහෙමයි මටත්. සමහර ඇනොලග කමෙන්ට් දැක්කම.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...