පාපන්දු

ක්‍රිකට්ද / පාපන්දුද ? අපේ පොඩි එවුටන්ත් පාපන්දු උන්මාදය


මේ දවස් වල පාපන්දු උන්මාදයක් අපේ රටෙත් ඇති වෙලා කියලා මට හිතුණා.  එහෙම හිතුණේ රාජකාරියට යන එන ගමන් හෝ වෙනත් ගමනක් යන අතරේ අසන්නට ලැබෙන දේ  නිසාම පමණක් නොවේ. අද දින උදෑසන ක්‍රිකට් වලට කීර්තිමත් ඉතිහාසයක් තියෙන සී.සී.සී. පිටියට ගිය වෙලාවේ  දකින්න ලැබුණු පහල තියෙන දසුන් නිසා. සී.සී.සී. ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ලයනල් මෙන්ඩිස් මහත්මයාගේ ක්‍රිකට් පුහුණු පාසලේ, ක්‍රිකට් වල මුලකුරු කියන්න එන කුඩා දරුවන් පිරිසකට අපේ පාපන්දුව හමු වුණ වෙලාවේ තමන්ගේ අතේ තිබ්බ ක්‍රිකට් පිති පැත්තකට දාලා පාපන්දුව පස්සෙන් දුවන්න ගත්තා. ඒ වෙලාවේ මට හිතුණේ මේ දෙමව්පියන්ගේ වදයට ක්‍රිකට් පාසලට ආපු ළමයි ටිකක් කියලා. ඔවුන් ක්‍රීඩා කරන ආකාරය දුටුවාම ඔවුන්ට යම් පාපන්දු හැකියාවක් තියෙනවා කියලා පැහැදිලි වෙනවා. අපි කුඩා කාලේ නම් හැම ක්‍රීඩාවක්ම එක වගේ කරනවා. ඒත් දැන් ළමයි දෙමව්පියන්ගේ බල කිරීමට ක්‍රිකට් ගහනවා කියලා මට හිතුණේ.


එතැන තරග විනිශ්චය කරන්න ආ විනිසුරු මඩුල්ල කියපු කරුණක් තමයි, අපේ අයට පාපන්දු ක්‍රීඩා කරන්න පුළුවන්, ඒත් පහුගිය අවුරුදු වල ජාතික කණ්ඩායම නියෝජනය කළ අය අද කරන්න මොනවාද ? කියලා බැලුවොත් ඉතාම දුක්ඛදායක ආරංචි තමයි අහන්න ලැබෙන්නේ. බොහෝ දෙනෙක් ත්‍රී රෝද රථ රියැදුරන්, තවත් අය කොත්තු ලෑල්ලක, සමහරු පුංචි ව්‍යාපාර. ඉතිං ඒ එක්කම අපේ රටේ ක්‍රිකට් ගහපු කෙනෙක් අද ඉන්න තත්වේ දැක්කම, දෙමව්පියන් දෙවරක් නොහිතා ක්‍රිකට් වලට තමන්ගේ ළමයි යොදවනවා.

2014.06.28
_________________________________________________________

ඔකෝවා පෝල් නමැති බූවල්ලා හමුවී ඇත

පෝල් නමැති බූවල්ලා වන ඔබ මියගොස් ඇතැයි ඔවුන් පවසනවා. එය මුසාවක්. සොබාදහමේ නීතියට අකීකරු වෙමින්, ෆිෆාහී වෛද්‍යවරුන් පෝල්ගේ මොලය නව නිවහනකට බද්ධ කර ඇත. ඒ සාපේක්ෂව බොහෝ දෙනෙක් නොදන්නා මෙක්සිකානු දැල් රකින්නා වන ගයිලේමෝ ඔකාවෝටය. සැත්කම සාර්ථක විය. දැන් මිගෙල් හෙරේරාගේ කණ්ඩායමට බෙල්ල කැඩෙන වේගයකින් තම අඬු විහිදවිය හැකි ආරක්ෂකයෙකු සිටී. යුරෝපය පුරා විසිරී සිටින ඔට්ටුකරුවන් ඔහුට තහනම් පනවා තිබෙන්නේ ඔහු සිටින තරගයක තීරණය කලින්ම තේරුම් ගැනීමට හැකියාව ඇති වූ නිසාය. 

මේ මස අගදී ප්‍රංශයේ ඔකෝවාගේ ප්‍රංශ අයෑකෝ ඇඳුම් කට්ටලයේ කාලය ඉකුත් වීමට නියමිත අතර පසුගිය අඟහරුවාදා ප්‍රදර්ශණය ඔහුට නව රැකියා අවස්ථාවක් සැපයීමට සමත් යයි කීම සාවද්‍යයක් නොවේ.  28 හැවිරිදි ඔහු විශ්මය දනවන නැවතීම් මාලාවක්ම සිදු කළේය. ඉන් එකක් නේමාර් විසින් එල්ල කරන ලද ලද පහරක් වන අතර කිසිවෙකුට නොදැනුනු අසාමාන්‍ය සහ විශ්මය දනවන සිදුවීම වන්නේ අතපහුවීමකින් ඔහු කළු පැහැති සායම් වර්ගයක් විදින්නට යෙදුනු බවය. එය නොවන්නට කොන්ත්‍රාත්තුවක් නොමැතිව දිගු කලක් ගත වීම අසම්භාව්‍ය දෙයක් වේ. 


Video Credit :Alex Gaudino (Allowed only to publish for non - profit purposes)
මෙම වීඩියෝව ඔහු ක්‍රීඩා සමාජ තරග වල කල දස්කම් රාශියක එකතුවකි.

ඔවුන්ගේ කණ්ඩායමේ මන්දගාමී ආරම්භය ගැන බ්‍රසීල ප්‍රේක්ෂකයින් තුල ඇති වූ වික්ෂීප්තභාවය ඔබට තේරුම් ගැනීමට පුළුවන.  මෙම ගිම්හානයේදී ඔවුන්ගේ බලාපොරොත්තු සෑහෙන ඉහලව පවතීද යන්න තියුණු අවසාන තරගයක් දඬුවම් පහර වලාදී පරාද වීමක් පාවාදීමක් ලෙස සිතන මානසික මට්ටමක ඔවුන් හිඳීමෙන් පැහැදිලි වේ. බ්‍රසීල බුද්ධි සංචිතයෙන් බොහෝ නිදහස් මතධාරීන් ඉවත් වීම සහ බොහෝ "බර අඬු සහිත අශ්වයින්" රඳවා ගැනීමෙන් පැහැදිලි වන්නේ ලුයිස් ෆිලිෆ් සොලාරි විවේචනයට ලක් නොවී ඔහුම  ඉවත් වන ලකුණු පෙන්වීමයි.

නමුත් සමහරවිට අනෙක් කණ්ඩායම අර්ධ-මනුෂ්‍ය/අර්ධ-බූවලු දෙමුහුම් ගෝල්-සුපිරි රකින්නෙකු යොදවාගැනීම ඔබට බාර ගැනීමට සිදු වන්නේ, එය අවුරුදු කිහිපයකට කලින් නිර්මාණය කල සර්න් - යුරෝපා සංගමයේ න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥයින් කණ්ඩායමට ඉන් ඉවත් වන්නට සිදු වන්නේ, ඔවුන් කල  අකුණු සහිත අද්භූත දේ සහ  සේවක භෝජනාගාරයේ සියළු දෙනා පුදුම වූ දේ නිසාය. එය සැබවින්ම  තාර්කික පැහැදිලි කිරීමකි.

මෙය ESPN වෙබ් අඩවියේ ඵල කෙරුණු ලිපියක ධල පරිවර්තනයකි. 
"එක පාරටම සුදීකට ඇති වෙච්ච පාපන්දු අසනීපය මොක්දැයි ?" බොහෝ දෙනා විමසන වටපිටාවක, පාපන්දු පිලිබඳ මා මෙන්ම ඇලුම් කරන, පාපන්දු ඇඟේ ඇට, ලේ , මස්, නහර දිගේ දුවන ඔබ වෙනුවෙන් පාපන්දු වෙනුවෙන් වෙනමම පිටුවක් වෙන් කරන්නට මා තීරණය කළා. ඒ පාපන්දු ප්‍රිය කරන පාඨකයන් පිරිසත්, මේ දක්වා මා ලියූ සටහන් කියවා මා දිරිමත් කල පැරණි පාඨකයින් පිරිසත් යන කොට්ඨාශ දෙකම මා සමග රඳවා ගැනීමේ අරමුණින්.

කුඩා කාලයේ සිටම මා තුලා සිටින්නේ පාපන්දු ක්‍රීඩකයෙක්ද/ප්‍රේමියෙක්ද ? නැතිනම් ක්‍රිකට් ක්‍රීඩකයෙක්/ප්‍රේමියෙක්ද ? යන ප්‍රශ්නය මා තුල තිබුණා. මේ දෙකම අඩු වැඩි වශයෙන් එක් - එක් කාල වල ඇති වෙමින් නැති වෙමින් පැවතුනා. නමුත් තවමත් මා වැඩිම කාලයක් ක්‍රීඩා කර තිබෙන්නේ පාපන්දු.

මට මුලින්ම පාපන්දු තරගයක් නරඹන්නට ලැබුනේ 1980 අගෝස්තු මාසයේ යම් දිනක බව මට හොඳහැටි මතකය. ඒ මා ශිෂ්‍යත්ව විභාගය ලියා අවසන් වී යලි නිවස බලා එන අතරතුරදීය. එදා පටන් අද දක්වා මා පාපන්දු ක්‍රීඩාවෙන් වෙන් කර තබන්නට කිසිවෙකුට නොහැකි විය. තරුණ අවධියේ නිතරම අත-පය බරු ගහගෙන පැමිණ දෙමාපියන්ගෙන් බැණුම් අසා ගත්තද, මා ක්‍රීඩා කිරීම හෝ තරග නැරඹීම අත් හලේ නැත. එසේ පාපන්දුවට ඔබත් ප්‍රිය කරනවා ඇතැයි මා විශ්වාස කරන බැවින්, ඔබ සමග මාගේ අදහස් බෙදා ගන්නට වෙනමම පිටුවක් මෙසේ ආරම්භ කලෙමි.

එනිසා ඔබට පාපන්දු පිලිබඳ මා ලියන සටහනක් බැලීමට අවශ්‍ය නම් මේ පිටුවට නිතර පිවිස බලන ලෙස ඉල්ලාඅ සිටිමි. විශේෂයෙන්ම ලෝක කුසලානය අතරතුර කාලයේදී දිනපතා සටහනක් එක් කිරීමට බලාපොරොත්තු වෙමි.

2014.06.22

_____________________________________

20014.06.19

2014 පාපන්දු ලෝක කුසලානයේ මා දුටු හොඳම ගෝලය...... The best goal so far in FIFA World Cup 2014
Tim Cahill Famous Goal
පින්තූරය ගත්තේ : http://www.abc.net.au


මේ වනවිට හරියටම සතියක් මෙවර ලෝක කුසලානය ක්‍රියාත්මක වුණා. සජීවීව නොමැති වුවත්, මේ දක්වා පැවැත්වූ සියලුම තරග නරඹන්නට මා වග බලා ගත්තා. මුල් සතිය තුල තරමක ඇල් මැරුණු ස්වභාවයකින් පවතී තරගාවලිය(ස්පඤ්ඤා-ඕලන්ද තරගය හැරෙන්නට), උණුසුම් තරගයක් බවට පත් වුයේ ඊයේ දිනයේදී යයි පැවසූවොත් සාවද්‍යයක් නොවේ. ඒ අතරින් ඊයේ පැවතී ඕස්ට්‍රේලියා - නෙදර්ලන්ත තරගයේදී ටීම් කාහිල් වාර්තා කල ගෝලය, මෙවර ලෝක කුසලානයේ මා දුටු හොඳම ගෝලය බව මගේ මතයයි. මීට කලින් මා එවැනි ගෝලයක් ලබා ගනු දුටුවේ නෙදර්ලන්තයේ මාර්කෝ වෑන් බැස්ටන් 1998 දී  තරගයකය. සාමාන්‍යයෙන් වෙනත් ක්‍රීඩකයකුගෙන් ගුවනෙන් ලැබෙන පාස් එකක්, නොනවත්වා කෙලින්ම ගෝලයට එල්ල කිරීම ඉතා අපහසු කාරියකි. පහත වීඩියෝව බලන්න.  



ඔබේත් මගෙත් වාසනාවට එම ගෝලහි වීඩියෝව යූටියුබ් හී ඇත. එය මෙහි එකතු කිරීමේ ගැටළුවක් ඇති බැවින් කරුණාකර පහත ඇති සබැඳියාව ඔස්සේ ගොස් නරඹන්න. 


 http://www.youtube.com/watch?v=ZscEK9MwnGY

7 comments:

  1. බොහොම ස්තූතියි මේ පිටුව පටන් ගත්තට. හැමදාම තොරතුරක් කියවන්න බලාපොරොත්ත්තු වෙනවා.

    ReplyDelete
  2. Niyamai, loka kusalanaya wenuwn meewagedeyak idiripathkaranawata.eeaka kaleena awashyathawaya wela thibune,Eea goal eka supiri! eeawagema nederland captain Robin van persie spain match eeake ellakarapu guwangatha paharth mamahithanne 2014 w cup eeake lassanapaharak wewi.Heta German-Ghana match eke Boating half brothers la(jerom,ger,kewin,ghana) depeththata sellamkaranawa balatheki.Ranjan.

    ReplyDelete
  3. එලස්..... සුදික මල්ලි....

    ReplyDelete
  4. ..නියමයි.මාත් ආසයි මේ ක්‍රීඩාවට ....

    ReplyDelete
  5. මෙන්න මගේ සැලියුට් එක.. පට්ට අයියන්ඞි පට්ට

    ReplyDelete
  6. අලුත් පොස්ට් දෙකක් දැම්මා. පාපන්දු ගැන උනන්දු අය කියවන්න.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...