Sunday, May 17, 2020

නස්කා රේඛා : පේරුරි අභිරහස් පොලෝතල මෝස්‌තර ......


වර්ග කිලෝමීටර 450කටආසන්න භූමි ප්‍රදේශයක් ආවරණය වෙතැයි ඇස්තමේන්තු කර ඇති නස්කා රේඛා පේරු රාජ්‍යයට අයත් නිසරු මුහුදුබඩ ප්‍රදේශයක පිහිටා ඇත. 

පොලොව මත හූරා ඇඳ ඇති මෙම චිත්‍ර සංඛාවෙන් දහස් ගණනක් වන අතර ස්වභාවික ප්රානීන්ගේ මෙන්ම මනඃකල්පිත රූප මෙසේ ඇඳ තිබේ. සතුන්ගේ රූප අතර මකුළුවන්, ගුමුනද දෙන පක්ෂියන්(හමිං බර්ඩ්), වඳුරන්, කටුස්සන්, පෙලිකන් පක්ෂීන් සහ මාරාන්තික තල්මසුන් ඇතුලත් වේ. තවද ශාඛ, පැල, මල් සහ අමුතුම හැඩතල සහිත අද්බූත රූප මේ අතර වේ. සාගර රැලි මෙන් ජ්‍යාමිතික මොස්තරයන්ද , ත්රිකොන්න, සර්පිලයන් සහ චතුරශ්‍රද මේ අතර ඇත.

මේවා කෙතරම්පැරණිද ?


මේ අතුරින් සාතිශය බහුතරයක් ක්‍රි.පූ. 200ත් 500ත් අතර කාළයට අයත් වන අතර,  මුල්ම රේඛාවන් ගොඩගසන ලද ගල් කැබලි මගින් නිර්මාණය කර ඇති අතර (එම යුගයෙදී එකී ප්‍රදේශය අරා වාසස්ථාන පිහිටුවාගෙන සිටි නස්කා වරු ලෙස හැඳින්වේ) ඒවා ක්‍රි. පූ. 500 ක් දක්වා ඈත කාළයට විහිදේ.

මේවා කරන්නට ඇත්තේ කවුරුන්ද ?

ප්‍රාග් අයිතිහාසික සංස්කෘතියක් වන නස්කා ජනතාව, වාරිමාර්ග කටයුතු සඳහා භූගත ජලය පොලොව මතුපිටට ගැනීම සඳහා ඉංජිනේරු තාක්ෂණය  උපයෝගීකරගත් පිරිසකි. මෙම රේඛාඇඳීමේදී යොදාගෙන තිබු සිද්ධාන්තයන් සැලකිල්ලට ගනු ලැබූ විට පෙනී යන්නේ ඒවා ජලය සොයා ගැනීමේ අවශ්‍යතාව සමග සෘජු සබඳතාවක් ඇති බවයි. 

ඔවුන්ගේ විශාලතම  ජනාවාස වලින් එකක් වන කහුආකි, එම රේඛා චිත්‍ර කිහිපයක් ඉහළින් දැකිය හැකි ලෙස උත්සව පවත්වන ලද ස්ථානයකි. එහි 40කට වැඩි සංඛාවක් ගල්ගොඩවල් ප්‍රමාණයක් තිබුණු අතර, ගඩොලින් නිමවනල ලද පිරමීඩද ඒ සඳහා ඇතුලත්ය.

මේවා සොයා ගන්නා ලද්දේ කවදාද ? 
 1927දී මේවා වෙත ලඟා වීමෙන් පසු, පේරු ජාතික පුරාවිද්‍යාඥයෙකු වන ටොර්බියෝ මෙජියා සෙස්පේ පළමුවෙන්ම සවිස්තරව නස්කා රේඛා පිලිබඳ අධ්‍යනය කර වාර්තාවක් සකස් කර තිබේ. එක්දහස් නවසිය තිස් ගණන් වල වලදී ප්‍රදේශයේ ගුවන් ගමන් තදබදය වැඩි වීමත් සමග රේඛා ගැන වැඩිදැනුවත් භාවයක් ඇති වීමෙන්ද,  අවසානයේ නොනවතින මට්ටමක සංචාරක ආකර්ෂණයකට හේතු විය.

බොහෝවිට මේවා දැකගතහැක්කේ ගුවනින්ම පෑමක් බව සඳහන් කරඇතත් එය මිත්‍යාවකි. 2007දී පල්පා ප්‍රදේශයේ1500ක් පමණ මෝස්‌තර ප්‍රමාණයක අධ්‍යනයක්  සිදු කළ අතර ඉන් සොයාගනු ලැබ ඇත්තේ "මෙම සියළු මෝස්‌තර" පොළවේ සිට දැකගත හැකි බවයි. 

කල්පිතයන් සහ සුවිශේෂීතාවයන්   


එක් අදහසක් වන්නේ මේවා සහ දිව්‍ය ලෝක අතර සබඳතාවක් පවතින බවත්, සමහර රේඛාවන් වලින් රාත්‍රී අහසේ දැකගත හැකි තාරකා මණ්ඩල නියෝජනය වන බවත්ය. තවත් අදහසක් වන්නේ ඒවා කහුආකි සහ එහි ගඩොලින් සෑදු පිරමීඩ වන්දනාවන් සඳහා පැමිණෙන පාද යාත්‍රා වන්දනාකරුවන්ගේ පහසුව වෙනුවෙන් යම් මෙහෙයක් සිදු කරන බවයි. තවත් එක්තරා අදහසක් වන්නේ, ජිවයට ඉතා වැදගත් මෙන්ම කාන්තාර වලදී සොයා ගැනීමට උගහට ජලය සමග මෙම රේඛාවල සම්බන්ධතාවක් ඇති බව වන අතර සමහරවිට ජලය යොදාගෙන කෙරෙන චාරිත්‍ර වලදී යම් කාර්යයක් සිදු කරන්නට ඇති බවයි.



ගැඹුරු පුරාවිද්‍යා නිගමනයන් නොමැති පසුබිමක, කල්පිතයන් කිහිපයක්ම පැනනැග ඇති අතර, ගුවන් බැලුනයක් මගින් ඉහළින් ගොස් ඒවා නිරීක්ෂණය කිරීමක් නස්කා වරුන් සිදු කිරීම ඉන් එකක් වන අතර ඒ පිළිබඳ කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නොමැත.

www.livescience.com වෙබ් අඩවියට ඕවන් ජෙරුස් විසින් රචනා කරන ලද "Nazca Lines: Mysterious Geoglyphs in Peru" ලිපියෙහි පරිවර්තනයකි.

11 comments:

  1. පේරුහී ඉන්කාවරුන්ගේ ඇතැම් වාසස්ථාන සදා ඇත්තේ සිග්-සැග් හැඩේට. ඒකට හේතුව තමයි අකුණු පහරක් ගසන්නේ ඒ හැඩයට වීම. ඉතිං ඉන්කාවරුන්ගේ ගොවිතැන් වලට වර්ෂාව ඉතාම අත්‍යවශ්‍ය නිසා සහ අකුණු ගසමින් වහිනා විට අස්වැන්න සරුවන බවට ඇති මතය(අකුණු නිසා වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම) නිසා ඒ හැඩේට ගෙවල් හදපු එක. මෙතනදීත් ඒ ඒ විස්වාශ අනුව තමයි ඒ අය මේ විවිද හැඩතල අනුව නිර්මාණ කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම රසවත් තොරතුරක්.

      Delete
  2. ඕවල ඇත්තම හේතුව මොකක්ද

    ReplyDelete
    Replies
    1. උඩ ඇනෝගේ කමෙන්ට් එක බොහෝදුරට ඒ ගැන විස්තර කරනවා. නැෂනල් ජොග්‍රැෆික් නාලිකාවේ ගිය වැඩසටහනෙත් කෝටුවකින් පොළොව හාරලා බැලුවම අඩි කිහිපයක් යටින් තෙත් ඔඅසක් හමු වෙනවා. ජලයත් සමග සෘජු සබඳතාවක් තියෙන බව පැහැදිලියි.

      Delete
  3. ගොඩක් පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන නේටසි මවන්න මිනිස්සු ආසයි. මේ වගේ ස්ථාන ඒ ආසාවට පියාපත් දෙනව.

    ReplyDelete
    Replies
    1. සීගිරියෙන් අඟහරුලොවට යන තාක්සනේ වගේ

      Delete
    2. "රිවස් ටර්න්" තමයි මං අහපු හොඳම එක.

      Delete
  4. https://www.livescience.com/47954-geoglyphs-discovered-in-kazakhstan.html

    ReplyDelete
  5. වටිනා ලිපියක් බොහොම ස්තුතියි මේ තොරතුරුවලට
    විචාරක දියණය

    ReplyDelete
  6. ඇත්තටම ලෝකයේ හුගක් රටවල විවිධ තාක්ෂණ තිබිල තියෙනව. යුරෝපයේ උනත් තිබුනා.එත් යුරෝපියන් ඔවුන්ගේ දෑත් වලින් ඒවා හිදගෙන.ආසියාව හා ඇමෙරිකානු මහද්වීප තුල සැගවුණු රහස් එලියට ගන්නත් අමාරුයි.මේ ලිපිය නම් මරු.ලතින් ඇමෙරිකාව වගේ රටවල්වල තියන සංස්කෘතිය මත ඉගෙන ගනිමින් ඉන්නේ

    ReplyDelete
  7. එතකොට අද කාලේ ඇයි ඕකට පිටසක්වල සම්බන්ධයක් තියෙනවා කියල කියන්නෙ

    ඒක බොරුවක්ද ඒකො ඒ කාලෙ ඇත්තටම පිටසක්වල ජීවීන් හිටියද
    හිටියනම් මොකක් හින්ද්ද ඔහොම වැඩක් කරන්න ඇත්තේ

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...