Sunday, October 13, 2019

ඊයේ රෑ පටන් ගත්ත Ajith Dharmakeerthi ගේ සරුවත් සංවාදය අවසන් වුණේ අද උදේ. මේකට Wasanthi Nanayakkara ත් එකතු වෙලා හිටියා. මාධ්‍යවේදිනියකට මේවාට ගත කරන්න කාළය කළමනාකරණය කර ගන්න හැකිවීම සතුටට කරුණක්. අද උදේ මම කන්න ගියේ බොරැල්ල නගරයේ තියෙන සයිවර් කඩ තුණෙන් එකක් වෙන ආරියබවන් එකට. අනික් එක ආනන්දබවන්. මේ දෙකම තියෙන්නේ බොරැල්ලේ සුපර්මාර්කට් ගොඩනැගිල්ල ඉදිරිපිට. තුන්වෙනි එක තියෙන්නේ මරදාන පාරේ ලඟදි පටන් ගත්‍තේ. ඒක අර දෙකට සාපේක්ෂව පහළ මට්ටමක තියෙන්නේ.

මම ඉස්සර කන්නෙම ආනන්දබවන් එකෙන්. නමුත් එක දවසක මගේ අතේ සල්ලි නැතුව වයි.එම්.බී.ඒ. එකේ තියෙන මහජන බැංකු ටෙලර් යන්ත්‍රයට යන්න වුණා. ඒ අපේ ඔෆිස් එකට ඇතුල්වෙන ද්වාරය ළඟ තියෙන ඒ.ටී.එම් දෙකමත් වැඩ නැතිව, බේස්ලයින් පාරේ තියෙන ලංකා බැංකු ඒටීඑම් යන්ත්‍ර ගාව ලොකු පෝලිමකුත් තිබුණ නිසා. වාහන තදබදය  අතින් නරකම තැනක් වන බොරැල්ල නගරයේ සිත් ගන්නාසුලු එකම දේ තමයි පස්මං හන්දියේ තියෙන උමං පදික මාරුව. මේක ඇරුණම කොළඹ උමං පදික මාරුවක් තියෙන්නේ වැල්ලවත්තේ මයුරා කෝවිල ලඟ. හැබැයි මේ වගේ එකක් නුවරත් තියෙනවා. බොරැල්ලේ මේ වගේ කදිම පදික මාරුවක් තිබිලත් කම්මැලි කමට උඩින් එහා-මෙහා ඇවිදින මිනිසුන් ඉන්නවා. ඕනෑම වෙලාවක මේ පදික මාරුවට ගියොත් විවිධ තරාතිරම්වල, විවිධ වයස් කාන්ඩවල උදවිය බොහොම යුහුසුලුව මේකෙන් ගමන් ගන්නවා බලන්න පුලුවන්.ඇත්තටම මේක හරිම මනස්කාන්ත දර්ශනයක් . මේකෙන් රටේ කාර්‍යක්ෂමතාවට යම් දායකත්වයක් තියෙනවා කියන එක මගේ විශ්වාසය. අපේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක මම පොඩි සංවාදයක යෙදුනා, ගුවන් පදිකමාරුවෙන් පාර මාරු වෙන එක ලංකාවේ අසාර්ථකයි. මම එහෙම කියන්නේ දුම්රිය ස්ථාන වල තිබෙන ගුවන් පදික මාරු හැර අනෙක් ඒවා භාවිතා වන ප්‍රමානය අඩු නිසා. අපේ ඩ්‍රයිවර් උන්නැහේ කියන්නේ උමං ඒවට බැස්සට පස්සේ කොහොම හරි නගින්නත් වෙනවා කියලා. ඒ තර්කය හරි. බහින්න කම්මැලි නැති නිසා, මුලින්ම පඩිපෙලක් නගින්න අකමැති කෙනෙක් වුණත් නගිනවා. බොරැල්ලේ මේ පදික මාරුව ඇතුලේ අපූරු වෙළඳසැල් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් බොම්බේ ස්වීට් කඩේ විශේෂයි.
මම ආරියභවන් එකට, හා...හා.. වැරදුනා ශ්‍රී ආරියබවන්. ඒ වුණාට ශ්‍රී කියන එකට මේ දවස් වල තහනම් වචනයක් වෙලා. මමත් ඒ ගැන කට වරද්දා ගන්න ඕනේ නෑනේ. අපේ තාත්තා කියනවා මම අහලා තියෙනව ශ්‍රී යුද්ධය කියලා එකක්. ඒ වාහන අංක තහඩුශ්‍රී යෙදුවම දමිළ ජනතාව ඊට විරුද්ධ වුණාලු. පස්සේ මේක දිගටම ඇදිලා ගිහිං චන්ද්‍රිකා නෝනා ඒක අයින් කළා.එයා කරපු සීමිත වැඩ අතර මේ උමං පදික මාරුවත් එකක් මගේ මතකය නිවැරදි නම්.

මේ අස්සේ තව කථාවක් මතක් වුණා. ඔය වාහන අංක ශ්‍රී වලින් නම් වුණ කාලේ සුද්දෙක්ව හප්පලා වාහනයයක් පලායනකොට සුද්දා වාහනේ නොම්බරේ ලියා ගත්තා. පස්සේ පොලීසියට ගිහිං කිවුවලු ටුවෙන්ටි ක්‍රෑබ් වන් සික්ස් ත්‍රී ෆයිව් කියලා. දහ පාරක් ඇහුවත් සුද්දා කියන මේ කකුලු කථාවවමලු කියන්නේ. පස්සේ සුද්දා ලියාගත්තු නෝට් පොතත් පෙන්නලා. ඒකේ ඇඳලා තියෙන්නෙත් කකුලුවෙක්. පස්සේ සුද්දා අමාරුවෙන් ගිහිං පොලිස් බයික් එකක තිබුණු ශ්‍රී අකුර පෙන්නුවලු. සුද්දෝ දන්න ශ්‍රී අකුරු. ඒකා හිතලා තියෙන්නේ මේක කක්කුටුලන්තයක් කියලා. ඇයි කිසි කෙනෙක් කියන එක කරන්නේ නෑනේ. යන්නෙම ගරහට. නෑ.... නෑ මං කිවුවේ ශ්‍රී මු..යෙන් කියන ඒවා නෙවෙයි.

මම ඔය ආරියබවන් එකට යන්නේ එතැන තියෙන අමුතු පරාටා වර්ග නිසා. මෂ්රූම්, පනියර්, මයිලෝ, මිල්ක්, චීස්, නියුටෙලා මැදට දාපු පරාටා. මම කන්නේ මෂ්රූම් එක. පොඩ්ඩක් තෙල් ගතිය නැත්නම් මරු. ඒක කාලා උණු ප්ලේන් නෙස්කැෆේ එකක් බොනවා. බන්ඩි ෆුල්.

මට මේ සයිවර් කඩේ බාල්දිය දැක්කම මම මුළින්ම සයිවර් කඩේකට ගිය මතකය අද ඇවුස්සුනා හොඳටම. මම ඉතිං නොස්ටැල්ජියේ කෙළවරටම ගිය කෙනෙක්නේ. මේක 83නේ කලුජූලියට කලින් වෙච්ච දෙයක්. මම එතකොට කලුතර ඥානෝදය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. මාව එදා තාත්තා සයිවර් කඩේට එක්කං ගියා. තාත්තා වේටර් අයියට මොන මොනවද ගේන්න කිවුවා. කෙහෙල් කොල දෙකක් මේසේ උඩ තියපු වේටර් වරයා අනික් අතේ තිබුණ බාල්දිය මේසේ උඩින් තිබ්බා. ඊට පස්සේ තමයි වෙන්න තියෙන හොඳම හරිය වෙන්න තිබුණේ. ඒත් අපේ තාත්තා පොඩ්ඩක් ඉස්සර වුණා. මොකද තාත්තා දන්නවා පුතයගේ හැටි. මට උලුඳු වඩේ, වඩේ, ඉඩ්ලි, තොසේ දැක්කම උන්හිටි තැන් අමතක වුණා. ගත්තා බෙලෙක් කොප්පේ වම් අතට, බාල්දියට දික් කලා දකුණු අත, දකුණු අතේ ඇඟිලි අල්ලේ කරකවමින් වම් අතේ තියෙන වතුර කොප්පේ ලං කලා. ඒත් නියමිත කාල පරාසය තුලදී සුරත වෙත ජලය ළඟා නොවුණේ ඇයි ? මේ මොහොතේ තවත් ඇස් දෙකක් මේ සිදුවෙමින් පවතින විපර්‍යාසය නිරීක්ෂණය කරමින් උන්නා. වම් අත බාල්දිය වෙත නොආවේ වම් අත දැඩිව අල්ලාගෙන තිබුණා. ඒ වෙනින් කවුරුවත් නොවෙයි, අපේම, අපේම,අපේම තාත්තා. එහෙම නොවුණානම් ජුලි කලබලය 82 ලෙස ලියවෙන්නත් තිබුණා.

16 comments:

  1. //ශ්‍රී යුද්ධය
    ගොඩක් වලි ඇදෙන්නේ පිටින් බැලුවම මෙලෝ තේරුමක් නැති දේවල් වලටනේ.
    යටින් ගියේ සිංහල පමණක් වෙච්චි දේට ඇදපු බාල්දියක්.ඒ කාලේ යාපනේ නම්බර් ප්ලේට්
    වල තාරත් ගලා තියේ.ඒගොල්ලෝ කීවේ ශ්‍රී අකුර උතුම් අකුරක් නිසා ඒක නම්බර් ප්ලේට් වලට නුසුදුසුයි කියලා.
    දෝණි පියාගේ වරද නිවැරදි කරපු එක හොඳයි.පියා CN වලින් ඉවර උනු නොම්බර AA වලින් පටන් ගත්තනං තවත් හොඳයි.
    //ආරියබවන් එකට යන්නේ එතැන තියෙන අමුතු පරාටා වර්ග
    ඔත්තුවට තුති!!


    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් මහත්තයාගේ කොමෙන්ට් එකේ සුළු නිවැරදි කිරීමක් කරන්නම්. ඉංග්‍රීසි අකුරු නොම්මර වල අවසානය CN නොවෙයි, EN . ඒ පිළිවෙල අනුව කියනවානම් CE ,CY ,CL ,CN ,EY ,EL ,EN . මේ අකුරු ආවේ කොහෙන්ද කියලා අපි හැමෝම දන්නවානේ.

      83 ජූලියට පෙර මම නිතරම එවකට කොටුවේ තිබුන ආනන්ද භවන් එකට තෝසේ කන්න යනවා. විශේෂයෙන්ම ඒ කඩේටම යන්නේ බොහෝ කාලයක් අපේ ගෙදර හැදී වැඩුන ද්‍රවිඩ කොල්ලෙක් එහි වේටර් කෙනෙක් ලෙස සේවය කරන නිසායි. එකල තෝසයක් සත පනහක් පමණ වූ අතර ප්ලේන්ටියක් සත 25 පමණ වෙන්න ඇති. කෑම වලට බිල ලියන මිනිහා වේටර් කියන දේවල් වලට බිල ලියලා දෙනවා මිසක් කෑවේ මොනවද කියලා හොයන්නේ නැහැ. අල බෝල, වඩේ, මසාල තෝසේ වගේ මිල අධික කෑම කාලා, තේ එකකුත් බීලා 1.25 ගෙවලා එනවා. ඒ කියන්නේ අඩුම මුදලකට යමක් කාලා තේ එකක් බිව්වොත්(ප්ලේන් තෝසේ දෙකයි, ප්ලේන්ටියයි) යන මුදලයි. අතේ සල්ලි තියන හැටියට "රාජා" ටත් සල්ලි කීයක් හරි දීලා එනවා. මේ ආතල් ඔක්කොම පොළවටම සමතලා කල 83 කළු ජූලියට මම කොතරම් සාප කරනවාද කියලා කියන්න උවමනා නැහැනේ!

      Delete
    2. මේ කමෙන්ට් දෙක පොස්ට් එකට තවත් ආලෝකයක් එකතු කළා කියන එකයි මගේ විශ්වාසය. බ්ලොග් වලදී අපට ඒ වගේ අත්දැකීම් ලැබෙනවා. නමුත් මුහුණු පොතේදී මේ වගේ බර කමෙන්ට් වැටෙන්නේ නෑ. හේතුව කොටන්නේ මොබයිල් ඒකෙන් නිසා වෙන්න ඕනේ. මමත් ඔය පොස්ට් එක දැම්මෙත් මොබයිල් එකෙන්. වරදිනවා තමයි ටයිප් කරන්න ගියාම. මොනවා කරන්නද ?

      Delete
  2. මහත්මයා ඇයි මේ තෝසේ කන්න සයිවර් කඩ ගානේ යන්නේ. රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? ඔබේ දරුවනුත් දක්ෂයන් කරන්න ආසයි නේද. එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

    උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

    ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස්‌ එකට.

    ඊට පස්සේ ඔපිස්‌ එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

    පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?

    ReplyDelete
    Replies
    1. දැන් කන්නේ නැති වුණත්, ඉස්සර හැම මසක්ම ගිල දාපු කෙනෙක් තමයි. මට මතක් වුණේ තනමල්විලදී වැව් මාළු හොද්දත් එක්ක කුරක්කන් තලප ගුළි ගිලපු එක. ඉස්සර තාත්තාගෙන් අහලා විතරයි තිබුණේ. හරක් මස් රසයි තමයි. ඒත් සයිවර් කන එක වෙනමම ආතල් එකක්.

      Delete
  3. මට හමුවෙලා තියෙන අතලොස්සක් ජර්මානු ජාතිකයින් හට; එරට අප හොඳින් දන්නා හඳුනන බව පෙන්වන්න; හෙල්මුට් කෝල් ගේ නම මම කියා තිබෙනවා. ඒ නම අහුවාම ඒ අයගෙ මුහුන හොඳින් පිපෙනවා.
    වැඩි හොඳට ඇඩෝල්ෆ් හිට්ලර්ගෙ නම කිව්වාම ඒ අයට හිතෙන්නේ අපි ඔළුව අතගාලා ටොක්කක් දුන්නා කියලයි! මම ඒක අත් දැකලා තියෙනවා!
    දන් බලයි මොකක්ද ආනන්ද බවන් එකයි ඇඩෝල්ෆ් හිට්ලරුයි අතර සම්භන්දෙ කියලා.
    සමහර අවස්ථාවලදි මට දෙමළ මිනිස්සු හමුවෙලා තියෙනවා.
    ඒ අයගෙන් විස්තර ඇහුවාම "අපි කොළඹ තමා හිටියා! අෂූ තුනේ අපේ ගෙවල් ගිණි තිබ්බාම අපි වව්නියාවට ආවා . . !" වගේ කථා කියැවෙන කොට හිතට දැනෙන ලැජ්ජාව වෙන්නම ඕනෑ; අර ජර්මානුවන්ටත් හිට්ලර් ගැන කියන කොට දැනෙනවා ඇත්තේ!

    ReplyDelete
    Replies
    1. අයියා බෝට්ටු පදින්න එන්න කියලා කොල්ලොන්ට අසැබි දේවල් කරනකොට එන ලැජ්ජාව වගේ එකක්ද?

      Delete
    2. ඇත්තටම අපි වගේ ජාතියකින් ඒ වගේ වැරද්දක් වුණු එකයි පුදුමේ.

      Delete
  4. බාල්දියෙන් ඇදගෙන නාන්න ගිය එක යන්තං නැවතිලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් ඒවා ජීවිතයට එකතු වෙන අත්දැකීම්.

      Delete
  5. අයියන්ඩි දුරකතන ඇම‍ටුමක් දෙන්න ..දෝනිට දෙන්න සාම්පල් වගයක් තියනවා

    ReplyDelete
  6. ඔය ක්‍රෑබ් කතාව කොහෙන්ද අහගත්තේ?මිට අවුරුදු තිහකට විතර පෙර අපේ සීයා ඔය කතාව අපිට කියලා තියෙනවා. මේක විහිලුවක් වුනාට ඇත්ත කතාවක් වෙන්න ඇති. එයා වැඩ කලේ සිරි ලංකා පොලෝසියේ හින්දා ඇත්තක් වෙන්නත් ඇති කියලා හිතෙනවා.

    ReplyDelete
  7. රහයි, තෝසේ නෙවෙයි.... පෝස්ටුව.

    ReplyDelete
  8. 82 ඇතිවෙන්න තිබූ කළු ජූලිය නැවැත්වූ ඔබේ පියාණන්ට මගේ ප්‍රණාමය සුදීක. :D

    ReplyDelete
  9. waiting for new post.

    ReplyDelete
  10. CASINO HOTEL CASINO in Las Vegas, NV at 3575 Las Vegas
    See reviews, photos and ratings for CASINO HOTEL CASINO in Las Vegas, NV 천안 출장샵 at 3575 Las 계룡 출장안마 Vegas Blvd 광양 출장샵 S in 목포 출장안마 Las Vegas, NV. Rating: 4 · 의왕 출장안마 ‎2,657 votes

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...