Sunday, April 21, 2019

ලෝක කුසලාන ඉතිහාසයේ සදානුස්මරණීය තරග දහය : අංක 9 - බැංගලෝරයේ ගිණි කෙළි

  බැංගලෝරයේ ගිනිකෙළි
පින්තූරය www.thecricketmonthly.com වෙතිනි

ඉන්දියාවත් පාකිස්තානයත් ලෝක කුසලානයක පිළිමළුන් පිටු දැකීමේ අවස්ථාවක මුණගැසුණු අවස්ථාවක, ගිණි පුලිඟු විසි වීමට ඇති ඉඩ බලාපොරොත්තු විය යුත්තක් වුවත්, මේතරම් විශාල ප්‍රමාණයකින් සිදු වේ යයි අනුමාන කළේ නැත. 

ශ්‍රීනාත් ශ්‍රීපාත් විසින් ද ක්‍රිකට් මන්ත්ලි සඟරාවට රචනා කළ ලිපියෙහි පරිවර්තනයකි. 

 1996 ලෝක කුසලානයේ අර්ධ අවසාන පූර්ව තරගය : ඉන්දියාව සහ පාකිස්තානය බැංගලෝරයේදී

ඉන්දියාවට ලකුණු 39ක ජයක්

සිදු වුයේකුමක්ද ?

පසුගිය වාරයේ ශූරයින් වූ පාකිස්තානය මූලික වටයේ තරග  ඉතා පහසුවෙන්ම ජයගන්නා ලද අතර,  ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයන් හේතුවෙන් ඉන්දියාව පසුකර තිබුණේ දුෂ්කර කාළ පරිච්ඡේදයකි.  නමුත් ඉන්දියාවට ක්‍රීඩා කරන්නට හමු වන්නේ තමන්ගේම ජනතාවක් මධ්‍යයේය, 55,000 අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක්, විස්තර විචාරක සුනිල් ගවෙස්කාර් එය විස්තරකළේ "මීට කලින්  මෙහෙම  ජනසන්නිපාතයක්" තමා දැක නැති බවයි. මේ වනවිට පකිස්තානයේ නායකත්වය දැරූ වසීම් අක්‍රම් අබාධයකට ගොදුරු වී තිබූ නිසා එම වගකීම අමීර් සොහායිල් බාරගෙන තිබුණි. 

ආරම්භක පිතිකරු නව්ජෝට් සිං සිදූගේ ලකුණු 93 නොවන්නට, මන්දගාමීව මැද ඕවර් ක්‍රීඩා කිරීම නිසා ඉන්දියාව ගමන් කළේ මධ්‍යම  ප්‍රමාණයේ ලකුණු ගණනකින් අවසන් වන ඉනිමක පෙරනිමිති පහළ කරමිණි. අවසන් මොහොතේ එල්ල කළ හදිසි ප්‍රහාරය,  අවසන් ඕවර තුන තුළ ලකුණු 51ක්, සඳහා අජේ ජඩේජා පන්දු 25කින් ලබාගත් ලකුණු 45 නිසා ඔවුන්ව ලකුණු 287ක් දක්වා රැගෙන යන්නට හේතු විය. පිළිතුරු වශයෙන් ඉන්දියානු  වේග පන්දු යවන්නන්ගේ ද්විත්ව ප්‍රහාරයට පෙර අතුව පාකිස්තානයේ ආරම්භක පිතිකරුවන්   මුල් ඕවර 10 තුලදී ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉන් පසු පාකිස්තානයේ ගමන මන්දගාමී විය. එක් පන්දුවකට එක් ලකුණකටත් බොහෝ සෙයින් අඩු වේගයකින් ලකුණු රැස් කිරීම ප්‍රමාණවත් වුවත්, ඉන්දීය දඟ පන්දු යවන්නන්ගේ යෙදූ ප්‍රතිරෝධය තුළ ලකුණු ලබා ගැනීම මන්දගාමී විය. ප්‍රවීණ පිතිකරු ජාවෙඩ් මියැන්ඩාඩ් පන්දු 64 කදී ලකුණු 38ක් ලබා ගනිමින් කඩුල්ළේ රැඳී සිටියද, මෙවර අවසන් පන්දුවේදී ලකුණු හයක්(ඔහු ඉන්දියාවට එරෙහිව සාජාහිදී එසේ කළ බව ඔබට මතක ඇතැයි සිතමි) හෝ අවසන් ඕවර් වල දැඩි ප්‍රහාරයක් නොවීය. 

පින්තූරය ගත්තේ www.thecricketmonthly.com වෙබ් අඩවියෙනි

 එය සදානුස්මරණිය වන්නේ ඇයි ?
 
 "1996 ලෝක කුසලානය" සහ "ඉන්දියා-පකිස්තාන" යන වචන කණ්ඩ මනසෙහි චිත්‍රණය කරන දසුන් දෙකක් වන්නේ, "අජේ ජඩේජා වකාර් යුනිස්ගේ අවසන් පන්දු ඕවර් දෙක තුළ පන්දුවෙන්-පන්දුවට ලබාගත් හතරේ, හයේ පහරවල් මගින් තරගය උඩි යටිකුරු කළ ආකාරය" සහ "චින්නසාමි ක්‍රීඩාංගනයේදී වෙන්කටේෂ් ප්‍රසාද්ගේ එක් පන්දුවකට් වේගවත් හතරේ පහරක්එල්ල කළ අමීර් සොහයිල් ඔහුට පිත්තෙන් පන්දුව ගිය දිසාව පෙන්වමින් කළ අවමානය, සහ ඉන්පසු පන්දුවෙන්ම ඔහුගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රසාද් සමත් වීම" යන සිද්ධි දෙකය.   

තවත් අතකින් එය ඉන්දු පකිස්තාන් ක්‍රිකට් වංශ කතාවේ සන්ධිස්ථානයකි : 1989න් පසු පාකිස්තානය ඉන්දියාවේ සංචාරය කළ පළමු අවස්ථාව එය වුණු අතර, කිසිදු ලෝක කුසළාන පිළිමළුන් පිටු දැකීමේ තරගයකදී මේ එදිරිවාදීන් හමු වී නොතිබිණ. එය මියැන්ඩාඩ්ගේ අවසන් ලෝක කුසලාන තරගය වුවා පමණක් නොව, ලෝක කුසලාන හයකට ක්‍රීඩා කරමින් වාර්තාවක්ද එකතු කළ අවුරුදු 22ක දිගු ක්‍රීඩා දිවියද එසේ නිමා කරන්නට ඔහුට සිදු විය.  90 දශකයේ අනිකුත් තරග මෙන්ම, ටෝනි ග්‍රෙග්ගේ සුපිරි වාග් මාලාව ක්‍රීඩාංගනයේ සිදු වන ක්‍රියාදාමයට අමුතුම ගැම්මක් එක් කළේය. 

ඔවුන් මෙසේ පැවසූහ

ජාවෙඩ් [මියැන්ඩාඩ්] අවුරුදු ගණනාවක්  තිස්සේ අපට ඉගැන්වූ පාඩමක්  තිබේ, ඒ පන්දු යවන්නෙකු ඔබට හිසරදයක් වෙයි නම් ඔහුගේ  ඒකාග්‍රතාවය මදක් බිඳ දමන්න, වෙන්කටේෂ් ඔහුගේ ඒකාග්‍රතාවය රඳවාගෙන ඔහු කළ දේම කළේ, මා බවුන්සර් පන්දුවක් බලාපොරොත්තුවෙන් සිටි  මොහොතකය"

- අමීර් සොහායිල් වෙන්කටේෂ් ප්‍රසාද් ඔහුගේ කඩුල්ල දවා ගත් පන්දුව ගැන අදහස් දක්වමින්(2018 දී ස්ටාර් ස්පෝර්ට්ස් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින්)

Friday, April 19, 2019

ලෝක කුසලාන ඉතිහාසයේ සදානුස්මරණීය තරග දහය : අංක 10 - ඔබ අතින් ගිලිහුනේ ලෝක කුසලානයයි ......

එළැඹෙන 2019 ලෝක කුසලානය අභිමුවේ එදා මෙදාතුර පැවති ලෝක කුසලාන තරගාවලි එකොළහ තුළ පවත්වන්නට යෙදුණු තරග අතුරින් වඩාත් උද්වේගකර තරග පිලිබඳ අපූරු සටහනක් සුප්‍රකට ඊ.එස්.පී.එන්. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අයත්, ද ක්‍රිකට් මන්ත්ලි නම් වෙබ් සඟරාවේ ඵල කෙරුණා. ඒ  "Greatest World Cup Matches" යන ශීර්ෂය සහිතව. අද සිට එම ලිපි මාලාවේ පරිවර්තනයක් මෙහි ඵල කිරීමට තීරණය කළා. මේ එහි පළමු වන්නැයි.  

 ඇලන් ගාර්ඩ්නර් විසිත් රචිත "You've Just dropped the World Cup" ලිපියේ සිංහල පරිවර්තනයකි මේ.

1999 දී ලීඩ්ස් හී පැවති ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර සුපිරි හය දෙනාගේ වටයේ තරගය.

ඕස්ට්‍රේලියාව එම තරගය කඩුලු පහකින් ජය ගනු ලැබුවා.
පින්තූරය ගත්තේ : www.thecricketmonthly.com වෙතින්

සිදු වුයේ කුමක්ද ?

මූලික වටයේ තරග වලදී නවසීලන්තය සහ පකිස්තානය හමුවේ ලැබූ පරාජයන් නිසා ඕස්ට්‍රේලියාව පසු වුයේ විශාල පසුබෑමකය. සුපිරි යහ දෙනාගේ වටයට යනවිටත්, තමන්ට ඉදිරියට යාමට නම්  දකුණු අප්‍රිකානු කණ්ඩායම  අනිවාර්යයෙන් පරාජය කලයුතු බව ස්ටීව් වෝගේ කණ්ඩායම දැනගෙන සිටියා.    හර්ෂල් ගිබ්ස්ගේ ලකුණු 100ත් සමග ඔස්ට්‍රේලියාට ලකුණු 272ක් හඹා යාමේ අභියෝගයක් ලැබුණද, ලෝක කුසලාන ඉතිහාසයේදී ගිබ්ස් විසින්  ලබාදුන් සුවිශේෂී දායකත්වය මෙයම නොවීය. ලකුණු 48කට කඩුලු 3ක් දැවී සිටියදී මන්දගාමීව සිටි වෝට එකතු වූ රිකී පොන්ටිං, උවමනාවෙන්ම තීව්‍ර කළ, පන්දු 47කින් ලබාගත් ලකුණු 50 නිසා හඹා යාමට නව ජීවයක් එකතු කළේය. ඉන්පසුව මාරක අවස්ථාව උදා වුයේ, ලකුණු 56ක් ලබා සිටියදී ලාන්ස් ක්ලුස්නර්ගේ පන්දුවක් මිඩ් විකට් කලාපයට ෆ්ලික් කලවිටය. ගිබ්ස් උඩපන්දුව ලබා ගත් නමුත්, එය ගුවනට මුසු කළ මොහොතේදී, එය ඔහුගේ ග්‍රහණයෙන් මිදීනි. "ඔබ අතින් ගිලිහුනේ ලෝක කුසලානයමයි" , වෝගේ (අවාසනාවට අභූත) ප්‍රතිචාරය විය. ඔහු නොදැවුණු ලකුණු 120ක් සමගින් ජයග්‍රණය තහවුරු කළේය. 
මෙය ස්ටීව් වෝගේ ඉනිමේ වීඩියෝ දර්ශනයකි.අවාසනාවකට එය අපගේ
කළාපයේ ප්‍රදර්ශණය සඳහා විවෘත්ත නැත. 
එය සදානුස්මරණීය වන්නේ ඇයි ?


වෝගේ ඉනිම, ඒ දක්වා ඔහු ක්‍රීඩා කර ඇති සීමිත ඕවර් තරග 266 තුළදී ලබාගත් දෙවන ශතකය වෙයි, එය පීඩනයට යටතේ අයිස් මෙන් සිසිලසකින්, සන්සුන්ව පිතිකරණයේ යෙදීමට ඔහුට ඇති  කීර්තිය නොපෙන්වන ලකුණු රැස් කිරීමකි.  පන්දු දෙකක් ඉතිරිව තිබියදී ලද ජය ඕස්ට්‍රේලියාව අර්ධ අවසාන තරගයට ගෙනගිය ගමන් මග විය - පරාජය වූවානම් සිම්බාබ්වේ කණ්ඩායම් අවසන් කණ්ඩායම් හතර සඳහා සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණි - නමුදු ප්‍රතිඵලය තවත් විශාල වශයෙන්සු විශේෂී ඉනිමක් ක්‍රියාත්මක වීමට හේතු විය. එම කණ්ඩායම් දෙකම තවත් දින හතරක අවෑමෙන් දෙවන අවසන් පූර්ව තරගයේදී, බර්මින්හැම්හිදී යලි මුණ ගැසිණි, නමුත් එය අවසාන වුයේ කලබල සහිත ලකුණු සම වීමකිණි,  සුපිරිය හය වටයේදී දකුණු අප්‍රිකාව හමුවේ ලබාගත් ජය නිසා ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගය වෙත යවන ලදී(එම තරගාවලියේදී ධල ලකුණු ලබා ගැනීමේ වේගයට පෙර ඇතුව දෙදෙනා අතර තරගයේ ප්‍රතිඵල සැලකිල්ලට ගැනිණි, එනමුදු ඒ වනවිටත් ඔස්ට්‍රේලියාව එම ලකුණු ලබා ගැනීමේ වාසියද සහිතව පසුවිණි).

ඔවුන් මෙසේ පැවසීය 

"ඔබ තේරුම් ගත්තාද, ඔබ ඔබේ  කණ්ඩායමේ තරගයෙහි වටිනාකම අත්හළ බව"
- ඇත්තටම ස්ටීව් වෝ හර්ෂල් ගිබ්ස්ට පැවසු දෙය(ඔහුගේ ජීවිත කතාවේ සඳහා පරිදි)

"ඔහු අතින් එය ගිලිහිණ, මට එය විශ්වාස කළ නොහැකියි ! එය ඇදහිය නොහැකියි ! ඔහු එය ඉවත දැම්මා, ඔහු හිතුවේ ඔහු එය රැක ගත් බවයි ... හොඳයි, මෙය මේ තරගයේ ගමන් මග වෙනස් කිරීමට හේතු වන බව එක්කන්තයි"
- ටෝනි ග්‍රෙග් විස්තර විචාරය අතරතුර. 

ඇලන් ගාර්ඩ්නර් ඊ.එස්.පී.එන්. ක්‍රික්ඉන්ෆෝ හි නියෝජ්‍ය කතෘ වරයාය. 

කරුණාකර මෙය උපුටා  දක්වනවා නම් මෙම බ්ලොග් අඩවියෙන් උපුටාගත් බව සහ ක්‍රික්ඉන්ෆෝ හී ඵලවූ ලිපියක් බව සඳහන් කිරීමට කාරුණික වන්න. 

ඉඩ ලැබෙන පරිදි කෙසේ හෝ මෙම වාර්තා දහය පරිවර්තනය කිරීමට උත්සාහ කරන්නම්. 

Wednesday, April 3, 2019

අභියෝගයට බය නැති අයට ......

මේක බ්ලොග් පෝස්ට් එකක් විදියට ඔබ වෙත ගෙන එන්න හිතා ගත්තේ ජනවාරි මාසේ වුණත්, මේ දක්වා කල් පසු වුණේ මොන හේතුවකට වුණත්, ඒක එහෙම වුණ එක හොඳයි කියලා මට දැන් හිතෙනවා. මේ එක්කම බ්ලොග් ලිවිල්ලෙන් බුකියට මාරු වෙන්නත් පුංචි අදහසක් ආවා කියමුකෝ. එහෙම වුණේ මං එරන්දිත් දැන් එහෙම කරන නිසා, ඇයගේ පොස්ට් එකකට කමෙන්ට් එකක් විදියට දාන්න යෙදුන මේ සටහන මෙහි සටහන් කරන්නත් එතැනදී මම පොරොන්දු වුණා. ඉතිං මට එතැනදී හිතුණා බ්ලොග් පෝස්ට් එකකදී අපි දාන දේවල් අල්ලගෙන අපිට ගහන උදවිය වගේ අකාරුණික මිනිස්සු බුකියේ නැතිබව එරන්දිගේ පොස්ට් එකකට කමෙන්ට් එකක් විදියට එකතු කරපු මේ පොස්ට් එකට ලැබුණු ප්‍රතිචාර වලින් තේරුණා. එතැන හිටපු ඕඩියන්ස් එක පොස්ට් එකට හරි ගියා කියලත් මට හිතුණා. බුකියේ ලියන අයට බ්ලොග් ලියන්න කියලා පෙරැත්ත කරන මටත් ආපහු බුකිගත වෙන්න හිතුණා කියමුකෝ. ඒකට මේ සටහන තියන ඇපල් වර්ගයේ ෆෝන් එකත් හේතුවක් වුණා. අවංකවම කියනවා නම් මම දැන් ලැප් එක දිග අරින්නේ බොහොම කලාතුරකින්. ඒ තරමට මේක බොහොම පහසු මෙවලමක්. ඒ ගැන පසු සටහනකින් විමසා බලමු. මෙන්න සටහන

නංගි, මේක දැක්කම මම කරපු පොඩි වැඩක් මතක් වුණා. ඒ පොඩි අභියෝගයකට මුහුණ දීපු එකක්. මැහීමට සම්බන්ඳ නිසාත් මෙහි සටහන් කිරීම වටිනවා. එක දෙයක් මුලින්ම කිවුවේ නැතිනම් බලන අයගේ හිතේ ලොකු ප්‍රහේලිකාවක් ඇති වෙනවා. ඒ අපේ ගෙදර ඉන්නේ මමත් දියණියත් විතරයි කියන එක. ඒ අභියෝගය මම භාර ගත්තා. මට සහයෝගය දෙන ලොකු පිරිසකුත් ඉන්නවා. මේ අවුරුද්දේ ජනවාරි පාසල් වාරය ආරම්භ වෙනකොට දුව කනිශ්ඨ ශිය්‍ය නායිකාවක් වෙලා පාසල් යන පළමු දවස. මේකට මම හරි සතුටෙන් හිටියේ. රෝයල් ඉන්ස්ටිටියුට් එකට යන නිසා නිල ඇඳුම් වෙනස්. ක්‍රීම් පාට උඩ කොටසක් තියෙන්නේ. විවිද හේතු ගොඩක් හින්දා අලුත් යුනිෆොම් ශර්ට් එක ගන්න එක ප්‍රමාද වුණා. අන්තිමට යුනිෆෝම් විකුණන ගෑණි මාව අන්දවලා තුන්කාලේ අත් තියෙන උඩ කොටසක් දුන්නේ "මම දැකලා තියෙනවා සිංහල ළමයිත් මේක අඳිනවා" කියලා. මමත් අරං ආවා. කෙල්ල එකහෙලා මේක අඳින්න බෑ කිවුවා. මම උගතෝකෝඨික ප්‍රශ්නයක හිර වුණා. කෙල්ල කියන්නේ පරණ එකක් අඳින්නම් කියලා. තිබුණ කිසිම එකක් අලුත් පාටක් වත් නෑ. අවපාට වෙලා. පැල්ලම් හැම තැනම. මේ වැඩේ කරන්න මගේ හිත කීයටවත් ඉඩ දුන්නේ නෑ. මේ වෙලාවේ මගේ ඇඟ ඇතුලේ ඉන්න DIY යක්ෂයා ආරූඪ වුණා. DIY කියන්නේ Do it Yourself ඔබම කරගන්න වගේ සිංහල තේරුමක් තියෙන ක්‍රියාවලියක්. මේකට මට සහජ වගේම පුරුදු කරගත්ත හැකියාවකුත් තියෙනවා.

හිතා ගත්තා මේකේ අත් දෙක මම හදනවා කියලා. මෙතැනදී වැදගත් වුණු කරුණු කීපයක් සඳහන් කරන්න වටිනවා. ඒ
  • අම්මා පුංචි කාලේ අතින් මහන්න පුරුදු කරපු එක. 
  • මම බෝඩිමක ටේලර් කෙනෙක් (සම වයසේ) එක්ක ඉන්නකොට අවුරුදු කාලෙට බොත්තම් කාස, කලිසම් කමිස වල වාටි මහන්න කරපු උදව්. 
ඉන් පස්සේ 
  • මගේ හොඳම මිතුරෙක් වුණු අලුත්ගම ලාල් ටේලර්ස් එකේ ලාල් එක්ක කාලය ගත කරමින් කරපු නිරීක්ෂණ. 
දවසක් 
  • ක්‍රිකට් ගහන්න අඳින මගේ අත් දිග ටී ෂර්ට් එකක් කපත්දී අක්කා දුන්න පොඩි උපදෙසක් "මල්ලි ඕක ඇලේට කපන්න". 
කියන කාරණා. පරණ එකකින් අතේ වගේම අනිත් කොටසත් මැන ගත්තා. නවලා මහන්න තව අඟල් තුණක් විතර තියලා කැපුවා. බයක් දැණුනේම නෑ.
ඇතුල් පැත්තේ නිමාව පෙනුණේ මෙන්න මේ විදියට. වෘත්තීය මැහුම් කරුවෙක් නොවෙන නිසාත්, කලබලය නිසාත්, මේවායේ අතර පරතරය ටිකක් අවිධිමත්.

පිට පැත්තේ පෙනුම මෙන්න මේ වගේ. නූල් වවල වර්ණයේ නොගැලපීම නිසා අඩුපාඩු පැහැදිලිවපෙනෙනවා. නැති වුණානම් හොයන්නම වෙන්නේ නෑ.

මෙන්න මේ පටි කෑල්ල මුස්ලිම්ඇඳුම් වල නෑ. ඒ කොටසක් කරන්න වෙලාවකතු නෑ. මැෂින් එකක් නැතිව කරන්නත් බෑ. හැබැයි වෙලා තිබුණා නම් අර ත්‍රිකෝණාකාර විවරය කරන්න තිබුණා.
ඉන් පස්සේ ලේන්සුවක් තෙමලා අත් දෙක අවශ්‍ය ගානට නවලා අයන් කලා. ඊළඟට හෙමිහිට මැහුවා. පොඩි ප්‍රශ්නයකට තිබුණේ ඒ හදිසි මොහොතේ දුවගේ මැහුම් කට්ටලයේ හරි පාට නූල් නොතිබුණ එක. 100% ක්ම නැති වුණත් ජාම බේරගන්න මේ ඇති. පොඩි පසුතැවිල්ලක් හිතේ තිබුණා. ඒ අත් කෙලවර ත්‍රිකෝණයක් වගේ ඇතුලට නවලා මහලා බොත්තමක් අල්ලන්න බැරි වුණ එකට. තවමත් එයා ඒක අඳිනවා. මේක ඉවර වෙනකං ළඟට වෙලා බලං හිටපු කෙල්ළගෙන් මට මහමෙරක් වගේ තෑග්ගක් ලැබුණා. ඒ බෙල්ල බදාගෙන දුන්න හාද්දක්. තාත්‍තෙකුට ඊට වඩා වෙන මොනවද ?


බ්ලොග් එකේ ලියන්න හිටපු එකක් මෙතැන කොටලා දැම්මා. කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. ෆොටෝ ගත්තද මතක නෑ. තිබුනොත් දාන්නම්. Moral of the story ඔයාම ලියන්න.

ප.ලි. : අද උදේ මේකේ දෙවෙනි කොටස වුණා. ඒ කෙල්ලගේ ඉස්කෝලේ අවුරුදු උත්සවයට අඳින්න මහපු රෙද්ද-හැට්ටේ ඇඳුමේ රෙද්ද කොටස මහලා තිබුණ රේන්දේ ගාවින් ඒ දුහුල් රෙදි වර්ගයේ නූල් ඇදිලා දෙකට පැලුනා. මේ වෙනකොට අපි ඌබර් කැබ් එකක් ඕඩර් කරලා තිබුණේ යන්න. දෙපාරක් නොහිතා ඒකත් ඒ විදියටම මහලා දැම්මා. ඇහේ කඳුළු පුරවාගෙන "මටමමයි මෙහෙම වෙන්නේ" කියපු එකී කඳුළු පිහ දාගෙන ඉස්කෝලේ ගියා.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...