Saturday, January 26, 2019

සුපිරි අටේ මගේ අට ......

මට එක පාරටම නින්දෙන් ඇහැරුණා. ඒ මම පුරුද්දක් විදියට නින්දට යන ගමන් ටී වී එක නරඹනවා. එහෙම නින්දකින් මම සාමන්‍යයෙන් ඇහැරෙන්නේ ලොකු ගාලගෝට්ටියක් ඇහිලා තමයි. ඒ මම නරඹමින් ඉන්න නාලිකාවේ තියෙන දේශපාලන වාද-විවාද වැඩසටහනක උච්ච ස්ථානයේ කරන අඬහැරයන් ඇහිලා. ඒ බොහෝ විට මධ්‍යම රාත්‍රිය ආසන්නයේ. නමුත් මට ඇද ඇහැරුණේ ඉතාම කළින්. මාව ඒ වෙලාවට ඇහැරන්න සමත් ජගතෙක් ඉන්නවා නම් ඒ කවුද ?

ඒ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් එකේ අවසන් අටේ තරගයේ මුළින්ම ගායනය ඉදිරිපත් කරපු ධනංජය සේනානායක.  මේ වැඩසටහන් වලට එස්.එම්.එස්. යැවිල්ල නතර කරළා ගොඩක් කල් වුණත්, මේකාට එස්.එම්.එස්. එකක් යවන්න කිහිප විටක්ම මට හිතුණා. නමුත් තවමත් යැවුවේ නෑ. මෙතැන ඉන්න මේ අට දෙනාගෙන් බොහෝ දෙනෙක් තරගකරු මට්ටම පහු කරපු අය. ඒ කියන්නේ ඔවුන් ගායකයින් මට්ටමේ ඉන්නවා. ධනංජයගේ දත් සෙට් එක මට නිතරම සිහි කරන්නේ, පහුගිය අව්රුද්දෙ අප හැර ගිය විජේසේන අයියාව. ඔහු ගැන පොස්ට් එකක් ලියන්න හිතාගෙන හිටියත්, මේ වැඩේ මගේ අතින් සිද්ධ වෙන්නේ නෑ. එකට මොනවා කරන්නද කියළා මට හිතෙන්නේ නෑ. අද පුංචි විශේෂයක් මම මේ පොස්ට් එක් අකුරු කරන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් නරඹන ගමන්. ඒක ඇති විශිෂ්ඨ රියලිටි . අද සියලු දෙන්න ගායනා කරන්නේ මිල්ටන් මල්ලවාරච්චි ගායකයාගේ ගීත. පිස්සුම හැදෙනවා. මොකද කරුණාරත්න අබේසේකර, විකටර් රත්නායක, මිල්ටන් වගේ සුසංයෝග වලින් හැදුණු ගීත අහන්න ලැබෙනවා කියන්නේ ඉතිං විරල අවස්තාවන් තමයි. ඉතිං විජේසේන අයියා ගැන මට හිතට ආපු පුංචි දෙබසක් මේ විදියට ලියන්න හිතුණා.

විජේසේන අයියේ උඹ  කොහෙද ගියේ ?
 මම යන්න ගියා මල්ලි. උඹ මම උන්නද මළාද කියලවත් බැලුවද ?
මම එහෙම ලිවුවට විජේසේන අයියා කවදාවත් එහෙම කියන්නේ නෑ. මේ සුදීක කවද හරි යන තැන ගැන පුංචි හීනයක් දැකපු කෙනෙක් තමයි විජේසේන අයියා. මම කිසිම මළ ගෙයකදී හඬා වැලපුනේ නෑ. නමුත් එදා මට ඇඬුනා. මට එකකුස උපන් අයියා කෙනෙකු නැති වුණත්, නැන්දාගේ පුතුන් පස් දෙනා අතරින් බාලයාට වැඩිමල් කෙනා. චෙෆ් කෙනක්. රසට උයන්න පුළුවන් පිය පුතු සංගමයක එක් පුරුකක්. ඔහුට වැඩිමහල් සහෝදරයා තමයි ආකාස කඩේ චෙෆ් වුණ පියසිරි අයියා. ලොකු අයියාත් කුක්. එයත් අප අතරින් කලින්ම ගියා. මේ හැම කෙනෙක්ම මට වඩා ගොඩක් වැඩිමහල් අය. ඒ වුණාට විජේසේන අයියා මට ඉතාම සමීප වුණා. ඒ එයාගේ පුංචි නිවහනේ මම කාලයක් තනි රැකපු නිසා. මේ ධනංජය ඇති දක්ෂයෙක් අද විජේසේන අයියට පිං පිණිස මමත් එස්.එම්.එස්. එකක් යවනවා. ඌට තියෙන්නේ විජේසේන අයියගේ හිනාව. ආ අමතක වුණා අර කන්ටිබල් කතාව කිවුවේ විජේසේන අයියා. ඉස්සර අපි දෙන්නගේ මාර හොබී එකක් තිබුණා. මට පොඩි කාලෙදීම පින්සල හුරු වුණා. විජේසේන අයියගේ රැලේ බයික් එක් පේන්ට් කරළා ඉවර වෙලා ඒකෙ ඉරි සහ ලාංචන ඇන්දේ මම. ඉතිං මේ ලෝකේ මගේ හැකියාවල් වලින් වැඩක් ගත්ත ස්වල්ප දෙනාගෙන් කෙනෙක් විජේසේන අයියා. මට කවදාවත් අමතක වෙන්නේ නෑ. 

දෙවෙනියාට මෙතන සින්ග් කළේ රවී රෝයිස්ටර්. මේ යෝධයා සංගීතය උඩු-යටිකුරු කරනවා.නදීක ගුරුගේත් හොල්මන් වෙන එකේ අපිට එහෙම වෙන එක අහන්න දෙයක් නෑ. මේ වැඩසටහන යත්දී ඒකාගේ පියා අතරින් පතර පෙන්නනකොට මුහුණ ටිකක් දැකලා පුරුදුයි. පස්සේ තමයි දැන ගත්තේ අපේ බැංකුවේ ඉඳලා විශ්‍රාම ගත්ත වයි.වී.ඒ සහෝදරයාගේ පුතා කියළා. මේකා  සංගීතයට යමක් කරයි කියළා මට හිතෙනවා. ඒකා අපි නොදැක්ක විවිධ සංගීත භාණ්ඩ වගයක් ගෙනැත් ප්ලේ කරනවා.

ඊළඟට මම රජෙක් දැක්කා. රුපවාහිනි තිරයක රජෙක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ  හදවතේ හිලක් තිබුණු තමන්ගේ දියණියව(ඉසුරි ශාලිකා) දෑතින් ඔසවලා මෙතැනින් ගෙනැත් තබපු පියෙක් කථා කරන දසුන දිහා හදවතින් කඳුළු සලාගෙන මම බලා හිටියා. දියණියක් ලොකු මහත් කරන්න සටනක් දෙන මං වගේ කෙනෙකුට ඔහු රජෙක්ම තමයි. ඔහු කියපු එක් කතාවක් ලියා තබන්න ඕනෙම කියළා හිතෙනවා. මගේ දුවගේ උපන්දිනය විදියට මම සමරන්නේ එයාගේහදවත් සැත්කමින් පස්සේ සිහිය ආපු දවස කියළා. ඉඟිනියාගල වගේ දුෂ්කර ගමක ඉඳන් මේ වගේ වේදිකාවක් උඩට තමන්ගේ දියණියගේ පුංචි අතින් අල්ලන් ගෙනැත් තබපු ඔහු මට ඇත්තටම රජෙක් තමයි. 

මේ වැඩසටහනේ සංගීතය සපයන කණ්ඩායමත් ඇති විශිෂ්ඨයි. ඒ ගැනත් පුංචි සඳහනක් නොකළොත් වරදක් කියළා මට හිතෙන්නේ. ශික්ෂා සංගීත කණ්ඩායම තමයි ඒ නව රිද්මය මුසු කරන්නේ. සංගීතයට ප්‍රිය කරන අය ඉන්නවා නම් මේ කොටස රිවයින්ඩ් කරලා හරි බලන්න. කණේ මී පැණි තමයි. එස්.එම්.එස්. සූදුව අස්සේ මේ වගේ රසයක් ගන්නත් පුළුවන්.


19 comments :

  1. මට ඔය වැඩසටහන් අප්පිරියයි...

    ReplyDelete
    Replies
    1. වැඩසටහන් බැලිල්ල අතඇරලා බොහෝ කැළැල් වුණත්, මේ කොල්ලෝ කෙල්ලන්ගේ ගායන හැකියාව නිසා ආයෙත් බලන්න උද්යෝගය ඇති වුණා. නිකමට යූ ටියුබ් එකේ එකක් දෙකක් බලන්න. ආස හිතෙනවා. සමහරවිට මුල් ගායකයා පරයා යන්න හැකි දක්ෂතා තියෙන අය ඉන්නවා.

      Delete
  2. TV බලන්න වෙන්නෙම නෑ.. මේ දවස්වල උදේ හයේ ඉඳල රෑ දහය වෙනකම් වැඩ.. මේ සටහන නම් ආසාවෙන් කියෙව්වා.. මිල්ටන් ගේ සින්දු නම් අනිවා ෆීලින් ලව්ඩ්.. :D

    ReplyDelete
    Replies
    1. මිල්ටන්ලා දෙන්නා, ජෝති, ක්ලැරන්ස්ලගේ ගීත අමරණීයයි.

      Delete
  3. මමත් ඕක තැනිං තැන බැලුව. රියලටි පටං ගත්ත මුල් කාලෙ පැල් බැඳගෙන බැලුව උනත් දැන් සින්දු කියන උං දැකල රියලටි වැඩසටහන් එපා වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එපා වෙලා තියෙන අතරේ තමයි මමත් මේක දැක්කේ.

      Delete
  4. මමත් රියැලිටි ෂෝ එකක් නම් බලපු කාලයක් මතක නෑ...

    ReplyDelete
    Replies
    1. ඒවා එපා වෙන්නේ ඒ තරමට හැමතැනම තියෙන නිසා.

      Delete
  5. මමත් ඔය රියැලිටි එක බලන්න හැදුවා කීප සැරයක් බලන්නම බෑනෙ. කලින් ඒවා නම් බොහෝම ආසාවෙන් බැලුව මෙදා හරි අමුතුයි.

    ReplyDelete
    Replies
    1. මේ පාර හොඳ සෙට් එකක් ඉන්නවා දෙරණේ. බැලුවට පාඩු නෑ.

      Delete
  6. ඔපෙරා වින්ෆ්‍රි, කරන් ජොහාර් සිට ලංකාවේ එක එක උදෑසනවල්, සැන්දෑවල් , අර මේ ස්ටාර් දක්වා තියන ටෝක් ශෝ සහ තරඟ ඇතුලු රියැලිටි වැඩසටහන් බැලීමට අකමැතියි. විනාඩි දෙකකට වඩා බලන්න බෑ.
    කැමැත්තෙන් බලන්නේ ඒ ජාතියේ එකයි. කම්මල්කරුවෝ ආයුධ හදන තරඟය වන Forged in Fire පමණයි. ඉඳල හිටල Masterchef එකේ පොඩ්ඩක් බැලෙනවා

    ReplyDelete
    Replies
    1. Forged in Fire එකේදී සහභාගී වන අය කොයිතරම් නිහතමානීද කියළා හිතෙනවා. දිනන එකාට ඉතා සිතින් සුබ පතනවා. මමත් ඔය දෙකම බලනවා. මාස්ට් චෙෆ් ඒකෙන් උයන්න ඉගෙන ගත්තා. දැන් ඕනෙනම් ආයුධයක් හදා ගන්නත් පුළුවන්. ඒකෙ ඉන්න ජජස්ලා නම් මරු, වෙපන් ටෙස්ට් එක තමයි ආසම කොටස.

      Delete
  7. දෙරණ ඩ්‍රිම් ස්ටාර් නම් තරහ එන්නැතුව බලන්න පුළුවන් වගේම විස්මය දනවන වැඩ කරන දක්ශයෝ ගයන තැනක්.ධනංජයගෙ සිංදු දෙකක් ඩව්න්ලෝඩ් කරගන නිතර අහනවා. අන්තිම 20 වගේ ගත්තම හොඳටම හොඳයි සෙට් එකම.
    මහ තඩි අවුට් සිං කරන ඒවට ඇඟේ මයිල් කෙලිං වෙලා කිය කිය රඟන සරුවපිත්තල සූදුවක් නොවී වැඩසටහන කරන එකත් ලොකු දෙයක් මේකාලේ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපේ ටොයි මහත්වරු මේ චැනල් එක බලන්නේ නැති එකද ? හේතුව කියල මට දැන් හිතෙනවා. දේශපාලන නොවන හොඳ වැඩසටහන් කිහිපයක්ම දෙරණේ යනවා.

      Delete
  8. නිතර නොබැලුවත් යාළුවෙක් කියපු නිසා රවී රෝයිස්ටර් ගේ කොටස් ටික බැලුවා . පොදුවේ රියැලිටි සංකල්පයට කැමති නැති වුණත් ඒවායෙන් දැන හැදුනුම් කම් නැති ඒත් ලංකාවේ විසිර ඉන්න දක්ෂයින්ට තැනක් ලැබෙනවා කියන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. එවුන් මුලිං එනවට වඩා කොතරම් ඔප මට්ටම් වෙනවද කියළා පැහැදිලි වෙනවා, මුලින් කියපු කොටස් පෙන්වත්දී.

      Delete
  9. රියලිටි වැඩසටහන් එපා වෙලා තිබුනත් ගායන වැඩසටහන් ගැන පැහැදීමක් තියනවා ඇත්තටම වර්තමාන තාරුණ්‍ය ඉතාම දක්ෂයි .
    විචාරක දිියණිය

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 33 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...