Wednesday, December 26, 2018

ඉන්දීය කාන්තාව මුහුණ දෙන අමිහිරි අත්දැකීම නොහොත් ටොයිලට් එකේ ප්‍රේම කතාව ......

නත්තල වෙනුවෙන් විවිධ රූපවාහිනී නාළිකා චිත්‍රපට ප්‍රදර්ශණය කරනවා. බොහෝවිට හින්දි, දමිළ හෝ ඉංග්‍රීසි චිත්‍රපට. ඉඳහිට සිංහල  චිත්‍රපට පෙන්වන අවස්ථාත් නැත්තේම නෑ.දෙරණ නාලිකාව මෙවර නත්තලව වෙනුවෙන්  අපූරු චිත්‍රපටයක් තෝරාගෙන තිබුණා. ඒ  "ටොයිලට් ඒක් ප්‍රේම් කතා". හින්දි භාෂාව පිලිබඳ හසල අත්දැකීමක් නොමැති වුවත්, මෙහි සරල තේරුම ටොයිලට් එකේ ප්‍රේම කතාව කියා හිතා ගන්න පුළුවන්. මට හිතුනේත් ඔබට හිතෙන දෙයමයි. ඒ ටොයිලට් එකක් තුළ සිදු වන ප්‍රේම කතාවක් පිලිබඳ චිත්‍රපටයක් කියා. මා බොහෝ විට බලාපොරොත්තු වුයේ මෙය හාස්‍ය දනවන චිත්‍රපටයක් වනු ඇතැයි කියා වුවද, අවසානයේ එය අනුවේදනීය ප්‍රේම කතාවක් බව පසක් වුණා. නමුත් මෙහි මුල් මිනිත්තු කිහිපය මට අතපසු වුණා. නමුත් පියෝ ටී.වී. හෝ ඩයලොග් වීව් ඇප් එක හරහා තවමත් සිංහල උප සිරස සහිත චිත්‍රපටය නරඹන්න ඔබ ප්‍රමාද නෑ. ඒ මෙය විකාශණය වුණේ ඊයේ(දෙසැම්බර් 25) දින රාත්‍රියේ නිසා. 

පහතින් තියෙන්නේ එහි නිල ට්‍රේලර් කොටස

පණ්ඩිත් කෙනෙකු නැතිනම් නක්ෂත්‍ර කටයුතු ඉටු කර දෙන ගුරෙකුගේ පුතෙකු වන කේශව(ආක්ෂේ කුමාර්) සහ ඔහුගේ පෙම්වතිය වන ජයා(භූමි පෙද්නේකාර්) ප්‍රධාන චරිත වලට පණ පොවන මෙම චිත්‍රයපටය පදනම් වන්නේ සමස්ත භාරතයම තවමත් විසඳුම් සොයන වැසිකිලි ප්‍රශ්නය මතය. 

ජයා ඉපදී හැදී වැඩෙන නිවසට යාබදව වැසිකිලියක් තිබූ නිසා, සාමාන්‍ය ඉන්දීය කාන්තාව එම කර්තව්‍ය ඉටු කරගන්නා ආකාරය ඇයට හුරු කටයුත්තක් වුයේ නෑ. නමුත් මංගල දින රාත්‍රියේදී අසල්වැසි කාන්තාවන් ඇය කැඳවාගෙන යන්නට පැමිණෙන්නේ භාරතයට සූර්යාලෝකය වැටෙන්නට  පැය කිහිපයකට කළින්. ඒ මොහොතේ පටන් ඇය අරගල කරන්නේ ටොයිලට් එකක් නැතිනම් මෙම නිවසේ වාසය නොකරන බවයි. ඇගේ අහිංසක සැමියා නැතිනම් පෙම්වතා ඒ සඳහා විවිධ උත්සායන් කරනවා. 

ඔහු මුලින්ම කරන්නේ දිය සෙම්බුවක් සමගින් ඇයව  පාන්දරින්ම වෙල් යායක් වෙත කැඳවාගෙන යාමයි. නමුත් එයට කණ කොකා හඬන්නේ ඔහුගේම පියා එක් දිනක් මෝටර් සයිකලයකින් ඒ අසළින් ගමන් ගන්නා විට, එහි එලිය නිසා ලේලිය අපහසුතාවයට පත් වීම නිසයි. එම ගම්මානයට පැමිණෙන චිත්‍රපට කන්ඩායමකට අයත් ජංගම වැසිකිලියක් සොරකම් කරන ඔහුව පොලීසියට හසු කර දෙන්නේ ඔහුගේම පියා. ඔවුන් සම්ප්‍රදාය කඩන්න කිසිසේත් කැමැත්ත ඵල කරන්නේ නෑ. ඔහුට ඊළඟ අදහස සපයන්නේ ඔහුගේ මිතුරෙක්. ඒ ඔවුන්ගේ ගම්මානයේ මිනිත්තු හතක කාලයක් නවත්වා තබන දුම්රියේ ටොයිලට් එක භාවිතා කිරීම. ඇය ඉතා කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වුවත්, එක් දිනක් මේ ටොයිලට් දොර වැසෙන්න බඩු ප්‍රවාහනය කරන වෙළෙන්දන් දෙදෙනක් තම බඩු තොගය අසුරනවා. ඇය ඉන් ගැලවී කෙළින්ම යන්නේ තම නිවසටම. ඉන් පසු ටොයිලට් එකක් නැතිනම් යලිත් පැමිණීම ඕ ප්‍රතික්ෂේප කරනවා. මින් අසරණ වන කේශව ඔහුගේ නිවසේ ඉහළ තත්වයේ නාන කාමරයක් සහිත ටොයිලට් එකක් ඉදි කළත්, පියාගේ සහචරයන් විසින් එය සමතලා කරනවා. ඉන්පසු ඔහු නීති මාර්ගයෙන් විසඳුම් සොයනවා. ගම් සභාවේ ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වනවා. නමුත් නාගරික කොමසාරි වරයෙකු ඔහු සමග අත්වැල් බැඳ ගන්නවා ඒ උත්සාහය සාර්ථක කර ගැනීමට. අවසානයේ ඔවුන් දික්කසාදය ඉල්ලා උසාවි යනවා. එදින ලැබෙන තීන්දුවෙන් මෙම චිත්‍රපටය අවසන් වනවා. එය ඔබ නරඹනු ඇතැයි මා විශ්වාස කරනවා. යුටියුබ් හී සම්පූර්ණ දර්ශනය තිබෙනවා.  

17 comments:

  1. පියෝ ටීවී ඔස්සේ චිත්‍රපට නැරඹීම නිතිවිරෝධී නේද? මොකද චිත්‍රපට රුපවාහිනී ප්‍රදර්ශනයෙදී දිස්වනවා ඒවා රෙකෝඩ් කිරීම, නැවත අප්ලෝඩ් කිරීම වගේ දේවල් තහනම් කියලා. ඉතිං එතකොට පියෝටීවී එකෙත් වන්නේ වැඩසටහන පටිගත වීමක්.

    අනික දැන් ටෙලිවිෂන් වල තියෙනවා රුපවාහිනීයේ සජීවව යන වැඩසටහන ටෙලිවිෂනයේ ඇති මෙමරියට පටිගත කරගැනීමේ පහසුකම. මෙහෙදිත් චිත්‍රපට ආදිය රෙකෝඩ් කරගැනීම නිතිවිරෝධී වනවා.

    මේක මා ජිවත්වන රටේ නම් තදටම ක්‍රියාත්මක වන නීතියක්.

    ReplyDelete
    Replies
    1. අපි හරි ආසයි දැනගන්න තව මොනවාද ඔබ ජිවත් වන රටේ තදට තිබෙන්නේ කියලා

      Delete
    2. ඇනෝ 1: මේ කමෙන්ට් එක සද්භාවයෙන් කරන එකක් වෙන්න පුළුවන්. නමුත් මෙය දින්න හැක්කේ හඳ පෙන්වූ විට අත බැලීමක් ලෙස. පියෝ ටී.වී. සහ චැනල් අතර හෝ චැනල් සහ චිත්‍රපට නිෂ්පාදකයන් අතර තිබෙන හුට-පට සාමන්‍ය ප්‍රේක්ෂකයාට වැදගත් නෑ. අවිධිමත් ක්‍රමයකින් හෝ එය නැරඹීමයි කළ හැක්කේ.

      ඇනෝ 2: ඇත්තටම ඒ රට දැන ගැනීමට මමත් කැමතියි.

      Delete
    3. යන්නෙ කොහෙද මල්ලෙ පොල්! ඔක්කොටම කලින් ඔය ඇනෝ PC එකට Original OS ගහල, Original softwares දාලා එමුකො. ඊට පස්සෙ SLT එකට නඩු දාමු 🤣 🤣 🤣

      Delete
  2. බලපු සුපිරිම චිත්‍රපටියක්.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමම තමයි හිතෙන්නේ. මල්ලි වේටින් රූම් කියන ටැමිල් ෆිල්ම් එක බැලුවද ?

      Delete
    2. නෑනේ. හොයාගෙන බලන්නම්..

      Delete
  3. සුපිරි , මෙයාගේ තව එකක් තියෙනවා ඔය වගේම PAD MAN කියල ...
    අපි නම් ඉතින් ඩවුන්ලෝඩ් කරලා හරි බලනවා , ඔහේ ගලාගෙන යන මෙලොඕ රහක් නැති මෙගා කතා වෙනුවට මේ වගේ ඒවාට හඩ කවල දැම්ම නම් කොච්චර හොදද ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම. සමහර මෙගා දැක්කම පුදුම දුකක් හිතෙනවා.

      Delete
    2. PAD MAN කියන්නේ අර සනීපාරක්ෂක තුවා ඉන්දියාවේදීම හදපු කෙනාගේ කතාවද ?

      Delete
  4. ඉන්දියානු ‍ෆිල්ම් දැන් අලුත් තේමා ඔස්සේ සෑහෙන දුරක් ගිහින්.. ඔවුන් දැන් බොහෝ දුරට පුහු චන්ඩියාගෙන්, ගුටිකන දුෂ්ටයාගෙන් සහ ගොබ්බ විහිලු කාරයගෙන් මිදිලා අලුත් අලුත් තේමා ඔස්සේ කතා හදනවා.. මේක හොඳ උදාහරණයක්..

    අපේ වැඩේ කියන්නේ, ඉස්කෝලේ කතාවක් ආවොත් ඉස්කෝලෙ කතා පෝලිමක් එනවා, පන්සක් කතාවක් ආවොත් පන්සල් කතා පෝලිමක් එනවා, ළමයින්ගෙ කතා ආවොත් ළමයින්ගෙ කතා පෝලිමක් එනවා.. එකම තේමාව කරකව කරකව පට්ට ගහනවා එපා වෙනකම්ම... ඔය අස්සෙන් ජයන්ත චන්ද්‍රසිරි ඉඳලා හිටලා වෙනසක් කරලා බෝම්බයක් අතාරිනවා.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකඟයි සෙන්නා. මගේ මතකයට ආවේ අර මමම ලියපු තෙල් බේත් වෙළෙන්දාගේ කතාව.

      Delete
  5. මේකත් ටොයිලට් ගෑන හොඳ ෆිල්ම් එකක්. නෙට්ෆ්ලික්ස් එකේ බලන්ට පුළුවන්
    Halkaa’ An eight-year-old boy’s quest for a clean toilet
    https://scroll.in/reel/889527/halkaa-trailer-an-eight-year-old-boys-quest-for-a-clean-toilet-and-some-privacy

    ReplyDelete
  6. මමත් ඔය ෆිල්ම් එක එදා ටීවී එකේ යනව දැක්කට බලන්න උනේ නෑ. ඩවුන්ලෝඩ් කරපු එකකුත් තියෙනව බලන්න ඕන.

    ReplyDelete
  7. ඉන්දියාව මොන පැත්තෙන් දියුණු උනත් මේ ප්‍රශ්නය දැඩි ව ම තියන එකක්. හැබැයි ඒ කිව්වට මොකද, ලෝකේ පළවෙනි ටොයිලට් මියුසියම් එකත් තියන්නේ ඉන්දියාවේ මයි.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  8. ස්තූතියි, මගඇරිලා තිබ්බේ මේක.. දැන්ම ඩවුන්ලොඩ් වෙන්න දැම්මා

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...