Saturday, June 16, 2018

පාපන්දු ගැන කථා නොකරම බෑ ......

2018 පාපන්දු ලෝක කුසලානය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.1982 ඉඳන් මේ දක්වා මේ ලෝක කුසලාන තරගාවලි වල තරග වලින් වැඩි හරියක්මා නරඹා තිබෙනවා. මගේ කාළ සටහනත් එක්ක මෙවර තරගාවලියට මගේ තියෙන්නේ අඩු උනන්දුවක් කියළා මටම හිතෙනවා. වෙනද එය ඇරඹෙන්න කළින් විවිධ පුවත්පත් වල අය තීරු ලිපි සියල්ල කියවන්නේ පුදුම කෑදර කමකින්. පසුගිය ලෝක කුසලානය වෙලාවේ මම ඉන් පෙර පැවති තරගාවලි වලදී භාවිතා කරපු පාපන්දුව, සුරතලා, සහ තාක්ෂණය වගේ දේවල් ගැන ලිපි මාලාවක් ලියන්න යෙදුනා. නමුත් මෙවර ඒ සඳහා අවශ්‍ය කාළය හෝ විවේක මානසික තත්වයක් මට නැහැ. නමුත් මේක අත අරින්නත් බෑ. 

මුලින්ම පාපන්දුව ගැන මම තියපු මෙන්න මේ සටහන වෙත ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. මේ ටික නැවතත් මෙතන ලියන්න ඕනේ නැහැනේ, අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ ලිපි දෙක කියවලා දැනුමක් ගන්න. ඉන් පස්සේ අලුතෙන් මෙතැනට එකතු වෙන්නේ මෙවර රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වුණු පාපන්දුව ගැන පුංචි සටහනක්. 

1970 සිට මේ දක්වා ලෝක කුසලාන තරගාවලි සඳහා පන්දුව නිර්මාණය සහ නිල සැපයුම්කරු වෙන්නේ සුප්‍රසිද්ධ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදකයෙකු වන ඇඩිඩාස් සමාගම. ඔවුන් ෆිෆා හී සහකාරක සමාගමක් වශයෙන්ද හඳුන්වා දෙන්න පුළුවන්. ඒ මේ දෙගොල්ලන්ගේ සම්බන්ධතාව 1970 සිට මේ දක්වා පවතින නිසා. ඒ නැතත් පවුන් සත්කාරක සමාගමක් ලෙස ෆිෆා නම් කර තිබෙනවා. ඔවුන් නිෂ්පාදනය කරන මේ විශේෂිත පාපන්දුවට විශේෂිත නමක් එකතු කරන්නත් ඇඩිඩාස් ආයතනය අමතක කරන්නේ නෑ. ඒ සඳහා විශාල පසුබිම් කතාවක් බොහෝවිට තිබෙනවා. නමුත් මෙවර පාපන්දුවත් ඔවුන් නම් කරන්නේ ඔවුන් මුළින් නිර්මාණය කළ ටෙල්ස්ටා නාමයෙන්ම වීම විශේෂයක්. මෙවර නිල පාපන්දුව ඔවුන් නම් කරන්නේ ටෙල්ස්ටා 2018 යනුවෙන්. 

මෙම පාපන්දු නිර්මානයේදී ඔවුන් විවිධ පර්යේෂණ වල නිරත වෙනවා.පසුගිය අවස්ථාවල විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරමින් පන්දුව තෙතමනය නිසා බර වැඩි වීම, වේගයෙන්ගුවනේ පා වීම, ඉපිල්ලීම වැනි කාරණා වෙනුවෙන් විවිධ පර්යේෂණ වල යෙදෙමින්, එය ක්‍රීඩාවට වඩාත් යෝග්‍ය වන ලෙසට නිර්මාණය කරන්න ඔවුන් සමත් වුණා. මෙවර තරගාවලියේදී ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වූ කාරණය වුණේ, ගුවනේ ගමන් ගනිත්දී එය පහත් වීම්. ඒ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කළ ඇඩිඩාස් පර්යේෂකයෝ මෙවර එම කදිම ජය ගන්න සමත් වුණා. නමුත් මේ පන්දුව ග්‍රහණයට අපහසු, එමෙන්ම දිගුදුර පහරවල් වලින් ගෝල් අත්පත් කරගන්නා පන්දුවක් බවට, ලෝක පූජිත ගෝල් රකින්නන් කිහිප දෙනෙකුම අනාවැකි ඵල කර තිබෙනවා. එහෙත් මේ වනවිට ලෝක කුසලානය ආරම්භ වී ඇති බැවින්, ඒ සඳහා කළහැකි දෙයක් නැති බව ඔවුන්ම පවසා තිබෙනවා.  

විශේෂයෙන්ම ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ විසින් එල්ල කරන "නකල් බෝල්" හෝ ගුවනේ ගමන්මග අනුමාණ නොකලහැකි ආකාරයෙන් ගමන් ගැනීම වලකන්න, ඇඩිඩාස් පර්යේෂකයන් ඩොලර් මිලියන ගණනාවක් වැය කරමින් පර්යේෂණ සිදු කොට තිබෙනවා. මේ "නකල්" සංකල්පය පාපන්දුවට ලැබෙන්නේ බේස් බෝල් ක්‍රීඩාවෙන්. එහිදී පන්දුව දඟ කැවීමෙන් හෝ එසේ නොකිරීමෙන් එහි ගමන්මග අනුමාණ නොකලහැකි ලෙස යැවීම බේස්බෝල් පන්දු විසි කරන්නන් කාළයක පාටක් සිදු කරන දෙයක්. පසුව මෙය පාපන්දුවට පහර දෙන අවස්ථාවේ යොදා ගැනීමෙන් එහි ගමන් මග වක්‍ර කිරීමට හෝ එසේ නොකිරීමෙන් පතුරමක ගමන්මග ආකාරයෙන් යැවීමට පාපන්දු දක්ෂයින් සමත් වුණා. වසර කිහිපයකට පෙර තිරගත් වූ "බෙන්ඩ් ඉට් ලයික් බෙකම්" චිත්‍රපටය පසුබිම් වන්නේත් මෙවැනි හැකියාවක් ඇති ඉන්දියානු යුවතියකගේ ජීවිත කතාව වටා. 

හොඳයි පාපන්දුව ගැන එපමණයි, තරගාවලිය, අනාවැකි, සුරතලුන් සහ කණ්ඩායම් ගැන කාළය තිබෙන ආකාරයෙන් සටහන් කිහිපයක් තබන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. දිගු කාලයක් පැවති බ්ලොග් විරාමය අවසන් කර මේ පුංචි සටහන තබන්න මා දිරිමත් කළේ පාපන්දු ලෝක කුසලානය බව මතක් කරන්න ඕනේ.

19 comments:

  1. //"නකල් බෝල්" හෝ ගුවනේ ගමන්මග අනුමාණ නොකලහැකි ආකාරයෙන් ගමන් ගැනීම වලකන්න, ඇඩිඩාස් පර්යේෂකයන් ඩොලර් මිලියන ගණනාවක් වැය කරමින් පර්යේෂණ සිදු කොට තිබෙනවා.//

    නීති විරෝදි නැත්තං බැයි බං ඒක වලක්වන්නේ

    ReplyDelete
    Replies
    1. බෝලයක් ගැන කවුරු හරි විවේචනයක් කලොත්, ඒක මේ සමාගම ලොකුවට ගන්නවා. මොකද ඒ කාරනාවම හේතු වෙන්න පුලුවන් වෙනත් කෙනෙක්(නයිකි වගේ) මෙතැනට රිංගන්න. අනෙක රිසර්ච් වලට යන වියදම ගෙවන්නෙත් පාරිභෝගික අපිනේ.

      Delete
    2. අන්ෙන්කයි. රිසර්ච් වලට යන වියදම ගෙවන්නෙත් පාරිභෝගික අපිනේ.

      අැත්ත තමයි.

      Delete
    3. අටමා : පස්සේ මට මෙහෙමත් හිතුණා. ක්‍රීඩාව සමබර කරන්න බලධාරීන් සමහරවිට ගන්නවා තීරණ. ක්‍රිකට් වල පිතිකරුවන්ට වාසි වැඩියි කියලා තේරුණා පහුකලීනවා. එතකොට බවුන්සර් එකක් යවන්න චාන්ස් එක දුන්නා. මේකෙත් සමහරවිට කෙනෙක් විශේෂ චාන්ස් එකක් ගනියි කියන හේතුව නිසා සමහරවිට මේ බෝලය කෙළින් ගමන් කරවන්න උත්සාහ ගන්න කියළා ඇඩිඩාස් එකට කියන්න ඇති. නමුත් ඒක මගේ හිතලුවක් වෙන්නත් පුළුවන්.

      Delete
  2. ෆුට් බෝලයක් හින්ද හරි බ්ලොග් එක මතක්උනේක මදැයි. මාත් මේ දවස් ටිකේ ඔක බලනව. ඉතුරු විස්තර ටිකත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. උඹට බ්ලොග් එක මතක් වෙන්නේ මොන බෝල වලටද ?

      Delete
  3. පාපන්දු වලට එතරම් කැමැත්තක් නැති උනත්..ලෝක කුසලාන තරග රූපවාහිනියෙ පෙන්වද්දි නම් බලා ඉන්න හිතෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙදි වගේ පුනරූපන මගින් තරග විනිශ්චයන් දෙන ක්‍රමයකුත් පාපන්දු වලට අලුතින් එක් වී තිබෙනවා නේද...

    ReplyDelete
    Replies
    1. ඔව් එක හඳුන්වන්නේ VAR කියලා. ඒකෙ තේරුම Video Assistant Referee කියළා කියන්නේ. ක්‍රිකට් ලෝලී අපිට මේක පුදුමයක් නැතත් පාපන්දු ලෝලීන්ට මේක අමුත්තක්. මේ VAR කණ්ඩායම නිරතුරුවම ඇහැ ගහගෙන ඉන්නවා යම් සිතාමතා කළ වරදක් ප්‍රධාන විනිසුරුට අතපහු වුණාද කියළා. එහෙම අහු වුණොත් ඔහුගේ අතේ තියෙන බෑන්ඩ් එකට වයිබ්‍රේට් කරනවා. එතැනදී ප්‍රධාන විනිසුරු තරගය නවත්වලා, VAR කුටියට දුවනවා. ඉන්පස්සේ කලින් අවස්ථාවේ වෙච්ච වරද නිවැරදි කරනවා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ ගැන විස්තරයක් දාන්නම්.

      Delete
    2. මම හිතන විදියට කණ්ඩායම් දෙකෙන්ම ෆිසිකලි ෆිට්ම ඉන්න කෙනා තමයි විනිසුරු...ඔහු තරගය පැවැත්වෙන විනාඩි 90 ට ඔබ හිතන විදියට කොපමණ දුරක් දුවනවා ඇතිද ?

      Delete
  4. Maradona's Hand of God ගැන ලිව්වද? ගෝලයකට නොගියට හෑන්ඩ් බෝල් මේ පාර තරඟයෙත් තිබුනා

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම ලිවුවේ නෑ. නමුත් ප්‍රධාන සහ පති විනිසුරුවන්ට නෙපෙනෙන දේ ඉස්සර ඔහොම ලිස්සලා ගියාට, ඇද ඒ ගැන බලන්න කණ්ඩායමක්ම ඉන්නවා. සමහර කණ්ඩායම් වලට විනිසිරුවන් පක්ෂග්‍රාහී කියලා තරගය බලත්දී හිතෙනවා.

      Delete
  5. ලොක්කා මේ පාර ජර්මනිය දිනන එකක් නැහැ වගේ. හැබැයි ජර්මනිය උඩට එනවා වැටෙන ඕන වෙලාවක.මෙක්සිකෝ හොඳයි. රුසියාව හිතුවට වඩා හොඳයි වගේ. රොනාල්ඩෝ ගේ ගෝල හොඳ උනාට ඒක වන් මෑණ ටීම් එකක්.

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ළඟින් යන්න බෑ, ඇදගෙන වැටෙනවා. ඌ මහ හොරෙක්. මේක හැකියාවෙන් කරන ක්‍රීඩාවක්. බෝලේ ගෙනියන්න බැරි වුණාට, කික් කරන්න හැකියාව ඌට තියෙනවා.

      Delete
  6. අර කොලොම්බියන් එකා ගේ හෑන්ඩ් බෝල් එක නම් ගොන් වැඩක්

    ReplyDelete
  7. ක්‍රිකට් වලින් පාපන්දු වලට....උබ ගැන හොයලා බලන්නත් බැරි උනා අයියන්ඩි...අඩියක් ගහලා උබට කියන්න ගොඩක් දේ තියනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මෙන්ඩෝ අලුත් පොස්ට් දෙකට කමෙන්ට් කර-කර හිටියට උඹේ මේ කමෙන්ට් එක දැක්කේ පමා වෙලා. මම මේ ක්‍රීඩා දෙකටම එක ලෙස ඇලුම් කරනවා. අනිත් එක මේක දුප්පතුන්ගේ ක්‍රීඩාව. බාල වර්ගයේ හරි බෝලයක් හොයා ගත්තොත්, පුංචි ඉඩක් හමු වුණොත් මේ ක්‍රීඩාව කරන්න පුළුවන්.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...