Wednesday, February 28, 2018

මොකක්ද සර් ෆ්ලයිට් මෝඩ් කියන්නේ?...... What is Flight Mode sir ?

සති දෙකකට විතර උඩදී මගේ වාහනය ගරාජ් එ්කට දාන්න වුණා. තමන්ගේ වාහනය නැති වුණාම ඉතිං අත-පය කැපුවා වගේ කියළා තමයි ඕන කෙනෙක් කියන්නේ. මටත් එහෙමම දැනුණා. මේ වාහන පොඩ්ඩ නැති කාලේ මාගේ පිහිටට හිටියේ තුන්සක් රිය. ඒක නැති වුණාමත් වැඩි වෙනසක් නෑ. තුන්සක් රියේ පිහිටම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ, වෙනදා කෝල් කරළා ගෙන්න ගත්ත ඒවා දැන් ඇප් එකෙන් ගෙන්නා ගන්න එක. ඇත්තටම මේ පික් මී (PickMe) ඇප් එක තමයි ස්මාර්ට් ෆෝන් එකකින් එදිනෙදා ජීවිතයට වැඩිම ප්‍රයෝජනයක් දෙන යෙදුම විදියට මම දකින්නේ. ඒක විතර ජන ජීවිතය පහසු කරන වෙනත් මෙවලමක් නැති තරම්. ඇත්තටම සම්මාන දෙන්න වටින වැඩක්. මේකත් අයිති වෙන්නේ විශ්වාස කළහැකි තුන්වෙනි පාර්ශවයක් (Trusted Third Party) කියන කැටගරියට. ඉතිං මම පහුගිය කාළයේ ඕසේට පාවිච්චි කළා මේ ඇප් එක සහ සේවාව.  මේ සමාගම අතරමැදියෙක් විදියට කරන සේවය අතිමහත්. මොකද අපි නන්නාඳුනන තුන්සක් රියදුරෙකු  එක්ක ගමනක් යන්න බයයි. ඒ වගේම එම රියදුරන්ටත් අවසානේ මුදල් ලැබෙයි කියන විශ්වාසය තියාගෙන ගමනක් යන්න බයයි. මොකද විවිධ තරාතිරමේ මිනිසුන් මේවාට ගොඩ වෙනවා. ඉතිං මේ අතරමැදියා මේ දෙපාර්ෂාවේ තොරතුරු ගබඩා කර ගැනීමෙන් ඒ අය එකිනෙකාට වංචා කරන්න තියෙන ප්‍රවණතාව අඩු කරනවා.පික් මී ගැන වෙනම සටහනක් පසුව තබන්නම්.

ඉතිං නොයෙක් මාදිලියේ රියැදුරන් අපිට මුණ ගැහෙනවා. මට හමු වුණු අමතුම මාදිලියේ එකෙක් තමයි ධනුෂ්ක. මේ නම තියෙන එවුන් කොහොමත් ටිකක් අමතුයි තමයි. පික් මී ඒකෙන් එවාපු රිසිට් ඒකෙන් මම කොල්ලාගේ පැටිකිරිය කපා ගත්තා. කොල්ලා ගාල්ලේ.කෙටිම වචනයෙන් කියනවානම් උනන්දුවෙක්. 

මේ උනන්දුවා මගෙන් ක්ෂේස්ත්‍ර හතරක් ගැන ප්‍රශ්න වැලක් ඇහුවා. ඒ හතරටම සාර්ථකව පිළිතුරු දෙන්න මට පුළුවන් වුණා. දෙකක් හොඳටම මතකයි. එකක් දේශපාලනය. චන්දෙ ප්‍රතිපල ගැන ඇහුවාම මම කිවුවේ. මේ ප්‍රධාන පක්ෂ හැමෝම එකක හරි පළවෙනියා වෙනවා, තව එකක දෙවෙනියා වෙනවා, තව එකක තුන් වෙනියා වෙනවා, තවත් එකක හතර වෙනියා වෙනවා කියළා. ඉතිං මගේ පුරෝකථනය වැරදුණේ නෑ, මට හිතෙන විදියට. දෙවෙනි ප්‍රශ්නේ ඇහුවේ "මොකක්ද සර් මේ ෆෝන් එකේ තියෙන ෆ්ලයිට් මෝඩ් එක?" මම කොල්ලට දුන්න පළවෙනි උත්තරේ තමයි. "ඔයා මේ ප්‍රශ්නේ ඇහුවේ හරිම කෙනාගෙන් කියළා". 
එහෙම කිවුවේ මේකට උත්තර දෙන්න මේ රටේ ඉන්න හොඳම කෙනා මම කියන අදහසින් නෙවෙයි. නමුත් මට අද වගේ මතකයි ස්ලිට් එකේ එම්.එස්.සී කරන්න මම තෝරා ගන්න එක් ප්‍රධාන හේතුවක් තමයි, ඒ සිලබස් එකට ඇතුලත් වෙලා තිබුණ Mobile Communication කියන සබ්ජෙක්ට් එක. මගේ වාසානාවට ඒක පළවෙනි සෙමෙස්ටර් එකේම කළා. නැතිනම් මට එක එපා වෙන්නත් තිබුණා. දැන් මේක කියවන කී දෙනෙකුට මේ ගැන අවුබෝධයක් තියෙනවද ? ඔබ දන්නවා කියලා හිතා හිටියනං මම මේ පහළින් කියන කරුණු වලින් කීයක් ඔබ දැනගෙන හිටියද කියළා හිතලා බලන්න. අර විෂය ඉගෙන ගත්ත එක මට මේ උත්තරය දෙන්න ලොකු පිටිවහලක් වුණා. මම කොල්ලට තේරෙන භාෂාවෙන් සරල උත්තරයක් දුන්නා. උත්තරේ පටන් ගත්තේ නාරාහේන්පිට ආර්.එම්.වී. එක ඉදිරිපිටදී. අවසන් වුණේ කොහේදීද කියලා මතක නෑ.
"දැන් ඔයා මේ ත්‍රී වීල් එක එලවන්න මැප් එක දිහා බලාගෙන යනවා නේද? එහෙම කරන්නේ ඔයා පාර හරියට දන්නේ නැති වෙලාවට නේද? දන්නවා නම් ඉතිං ඕක දිහා බලාගෙන යන එකේ තේරුමක් නැහැ නේද? මම වුණත් දන්නැති පාරක යනවා නම් කරන්නේ මැප් එක දාගෙන යන එක. ඉතිං ඔය ෆ්ලයිට් වල යන අය යන්නේ පොළොවට අඩි දහදාහ, විසිදාහ, තිස්දාහ වගේ උඩින්. සමහරවිට හැටදාහ යන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ වෙලාවට පොලොව පෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා. ඇයි රෑ දවල් කියළා දෙකක් නෑනේ. පයිලට්ලා මේ ගමන යන්නේ තනිකරම බිම ඉන්න ඔෆිස් වලින් දෙන උපදෙස් වලට. උදාහරනෙකට අඩි තිස්දාහක් උඩින් කිලෝමීටර් සීයක් යන්න කිව්වොත්, එයා බොහොම කීකරුව ඒ විදියට වැඩ කරනවා. ඉතිං මේ උපදෙස් දෙන්න එයාලා බිම ඉන්න ඔෆිසර්ලා එක්ක දිගටම කථා කරනවා. එහෙම කථා කරන්න නම් බිම එක්ක කමියුනිකේෂන් එක දිගටම තියා ගන්න ඕනේ. වැඩියෙන්ම මේ උපදෙස ඕන වෙන්නේ ෆ්ලයිට් එකක් නග්ගන-බස්සන වෙලාවල් වලට. බිම ඉන්න එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් කියළා මහත්තුරු වගයක් තමයි මේ අයට උපදෙස් දෙන්නේ. එයාලා ගනුදෙනු කරන්නේ ලංuගම තියෙන ගුවන්තොටුපලත් එක්ක. එහෙම කෙරෙන උපදෙස් දීමවල් වලට ඒ ගුවන්තොටුපලට ආදායමක් එනවා. ඒ නිසා තමයි ෆ්ලයිට් ආවේ නැති වුණත්, මත්තල එයාර්පෝර්ට් එක හදපු එක හොඳ. දැන් මේ විදියට කමියුනිකේෂන් එක තියා ගන්නකොට කථාව තියෙන්න ඕනේ ඒ දෙන්නා අතරේ විතරයි. දෙන්නෙක් කථා කරනකොට තව කෙනෙක් මැද්දට පැනලා උත්තර දෙන්න හරි, ප්‍රශ්න අහන්න හරි ගියොත්, අර දෙන්නගේ කතාවට ඩිස්ටර්බ් වෙනවා. ඉතිං එයාලා අර කතාව කරනකොට අපි මොබයිල් ෆෝන් පාවිච්චි කළොත් එයාලාගේ කතාවට බාධා වෙනවා. ඉතිං හරි වෙලාවට හරි උපදෙස ආවේ නැත්තනම් බදු බිම. නැත්නම් කැළේ යන්න පුළුවන්. ඉස්සර නම් අපි ප්ලේන් එකකට නැග්ගම කියනවා ඉහලට ගන්නකං ෆෝන් එක ඕෆ් කරන්න කියළා. දැන් කියන්නේ ෆ්ලයිට් මෝඩ් වලට මාරු වෙන්න කියළා. ඉස්සර තිබුණේ මොබයිල් ෆෝන් විතරයි. නමුත් දැන් තියෙන ලැප්ටොප්, ටැබ්ලට්, ස්මාර්ට් ෆෝන්, සමහර ඔරල්ලෝසු පවා, අපේ ටෙලිෆෝන් වගේ වයි-ෆයි වලින් වැඩ. සමහර රිමෝට් පවා වයි-ෆයි වලින් වැඩ කරනවා. අපි ඉතිං ප්ලේන් එකේ යනකොට රිමෝට් නම් ගෙනියන්නේ නෑනේ. ඉතිං ඕෆ් කරන එකයි, ෆ්ලයිට් මෝඩ් දාන එකයි දෙකම එක නේද ? කියළා තමයි ඉස්සර නම් මමත් හිතාගෙන හිටියේ. ෆෝන් එකක් කෙනෙක් ඕෆ් කරළා තිබුණොත් හරි ඉබේම බැට්රි බැහැලා ඕෆ් වුණොත් හරි ඒවායේ සිග්නල් වැඩ කිරිල්ල නතර වෙන්නේ නෑ. ෆෝන් එකක් හැම වෙලාවේම නොවැරදීම කරන වැඩ කීපයක් තියෙනවා. ඒ වැඩ වලට අවශ්‍ය බැට්රි ප්‍රමාණය කවදාවත් ෆෝන් එක අපිට දෙන්නේ නෑ. ෆෝන් එක බැට්රි ලෝ කියළා ඕෆ් වෙන්නේ ඒ වැඩ වලට අවශ්‍ය බැට්රි ප්‍රමාණය තියාගෙන. ඉස්සර තිබුණ සමහර ෆෝන් දෙතුන් පාර ට්‍රයි කරළා ඔන් කරන්න පුළුවන්. මතකද ? ඒ වෙලාවට පාවිච්චි කරන්නේ අන්න අර තියා ගත්ත බැටරි පවර් එක. ඕෆ් වෙලා හරි ඔන් වෙලා හරි තියෙනකොට ෆෝන් එක නිතරම කරනා වැඩක් තමයි, එයාට හොඳටම සිග්නල් එන ටවර් දහයක විස්තර ෆෝන් කම්පනියේ තියෙන සෙන්ටර් එකට දන්වන එක. ඉතිං සෙන්ටර් එක එයාට උපදෙස් දෙනවා ඒ දහයෙන් මෙන්න මේක එක්ක ඔයා ගනුදෙනු කරන්න කියළා. එහෙම තෝර ගන්නේ හොඳටම සිග්නල් තියෙන ටවර් එක විතරක්ම නෙවෙයි. වැඩිය සෙනග නැති එක බළලා එහෙම තෝර ගන්න කියන අවස්ථාත් තියෙනවා. දැන් හිතන්න ඔයා පැයට කිලෝමීටර් සීයක වේගෙන් යනවා. එතකොට ඔයාට සිග්නල් ලැබෙන ටවර් වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනකොට ඔයා කෝල් එකක හිටියත් නැතත් ටවර් මාරු කිරිල්ල සිද්ධ වෙනවා(මේකට කියන්නේ හෑන්ඩ්ඕවර් කියළා. කොල්ලට ඕවා කියන්න ගියේ නෑ). එහෙම මාරු කළා කියළා ෆෝන් එකේ ඉන්න කෙනාට ඒක දැනෙන්න තියෙන්නේ නෑ. (සමහර ටවර් වල ආවරණ කලාපය බොහොම සීමිතයි. මෙහෙම කරන්න හේතු ගොඩක් තියෙනවා. සෙලියුලර් තාක්ෂණය අනුව එහෙම සෙල් එක කුඩා කරන එක බොහොම ලේසියි. අනිත් එක එහෙම කරන එක හොඳයි. මේ සෙල් පුංචි කරන්න ඒකෙ තාක්ෂණය නිසා පුළුවන් වෙලා තියෙනවා. පොඩිම එකට කියන්නේ පිකෝ සෙල් කියලා. ඔයාලගේ ඔෆිස් වල ඇතුලට, නැතිනම් පුද්ගලික රෝහල් වගේ තැන් වල තියෙනේ ඒ වගේ පොඩි සෙල්. මෙන්න මේ පින්තූරේ බලන්න.
පින්තූරය ගත්තේ : researchgate.net

 ඉතිං මේ වගේ ෂඩශ්‍ර ඇතුලේ තව පුංචි ෂඩශ්‍ර අඳින්න පුළුවන් වගේම පුංචි සෙල් නිර්මාණය කරන්න පුළුවන්. මේකේ විශේෂය වෙන්නේ එකම සිග්නල් ෆ්රීකුවන්සි එක භාවිතා කරන ෆෝන් දෙකක් තියෙන දෙන්නෙකුට පැටලෙන්නේ නැතිව ළඟ ඉඳන් කථා කරන්න පුළුවන් වීම. මේවායේ සංඛ්‍යාත පරාසය, අර ජීඑස්එම් 800/900/1800 වගේ ෆෝන් ස්පෙසිකේෂන් වල තියෙන්නේ. මෙන්න මේ පරාස අතරේ වැඩ කරන විදියට තමයි මේ ෆෝන් හදන්නේ. ඒ කියන්නේ එකම සංඛ්‍යාතයකින් වැඩ කරන ෆෝන් එමට තියෙන්න පුළුවන්. ප්‍රශ්ණයක් නෑ. සිග්නල් එන ටවර් වෙනස් කිරීමෙන් දෙන්නටම කරදරයක් නැතිව ගනුදෙනුව කරන් යන්න පුළුවන්. ඒ වගේම වෙනත් ජාලා වලට සම්බන්ධ වුණාම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. ඩිජිටල් නිසා පැටලෙන්නේ නෑ. ඒක මෙතන විස්තර කරන්න යන්නේ නෑ) ඉතිං මේ ටවර් එක්ක  ගනුදෙනුවට හරියට බැට්රි පිච්චෙනවා. ඒ නිසා තමයි සිග්නල් අඩු පැති වලදී බැට්රි ඉක්මනට බහින්නේ. මොකද ටවර් හොයනවනේ එකසිය ගානට. එහෙම වෙලාවට බැට්රි ඉතුරු කර ගන්න ෆෝන් එක ඕෆ් කළා කියලා වැඩක් නෑ. හොඳම දේ ෆ්ලයිට් මෝඩ් නැතිනම් එයාප්ලේන්මෝඩ් එකට මාරු වෙන එක. මොකද  එතකොට ෆෝන් ඒකෙන් කරන සියලුම කමියුනිකේෂන් නවත්වනවා. ෆෝන් සිග්නල් හොහයන එක, වයි - වයි නෙට්වර්ක් හොයන එක, බ්ලු ටූත් සිග්නලන් හොයන එක, කෝල්, එස්.එම්.එස්., ඉන්ටර්නෙට්, (බ්‍රෝඩ්කාස්ට් මැසේජ් ), ජී.පී.එස්. මේ සේරම නවත්වනවා. එතකොට බැට්රි ඉතුරු වෙනවා. අපි එක පාරක් විල්පත්තු ට්‍රිප් එකක් ගියා දවස් තුනක් කැළේ. මම දවස් තුනම ෆෝන් එකේ බැට්රි බැස්ස ගන්නේ නැතිව තියා ගත්තේ සිග්නල් නැති හරියේදී ෆ්ලයිට් මෝඩ් දාලා. ෆොටෝ වීඩියෝ ඇති තරම් ගත්තා. ෆෝන් එකක් ඉක්මනට චාජ් කරගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ ෆ්ලයිට් මෝඩ් වලට මාරු කරළා චාජ් කරන එක. දැන් තියෙන ස්මාර්ට් ෆෝන් වල තියෙන ඇප්ස් නිතරම ඩේටා පාවිච්චි කරගෙන වැඩ. ඒ නිසා තමයි ඒවා ඇරලා තියෙන වෙලාවට බැට්රි බහින්නේ. අනිත් එක කෝල් එකකටම කලින් ටවර් එකත් එක්ක මොබයිල් ෆෝන් එක මැසේජ් 14ක් දෙපැත්තට යවා ගන්නවා. ඒ නිසා තමයි පැරණි පරිගණක මොනිටර් වල සහ  ටී වී වල කෝල් එකක් යන්න කලින් ඉරි යන්නේ.
කොල්ලා අහපු අනිත් ප්‍රශ්නේ තමයි "මොකක්ද අපේ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ සර්?"
මම දුන්නේ කෙටි  උත්තරයක්. මේ  ඉන්න ටීම් එක හොඳයි. එයාල කවදා හරි මැච් දිනනකම් අපි ඉවසලා ඉන්න ඕනේ. අපිට ඕනේ හැටියට වැඩ පෙන්නන්න එයාලට බෑ. හතුරුසිංහ / තිලාන් දෙන්නා මොනවා හරි කරයි. අපේ අයට ඉංග්‍රීසියෙන් කියන ඒවා තේරුම් ගන්න අපහසු නිසා සිංහල කොච්ලා ඉන්න එක හොඳයි. යොවුන් ආසියානු කුසලානයේදී මට නික් පෝතාස් එක්ක කථා කරන්න ලැබුණා. මිනිහා කියන්නේ අන්ඩර් නයින්ටීන් ටීම් එකේ කාටවත් ඉංග්‍රීසි බෑ කියලා. ඉතිං මිනිහා සිංහල ඉගෙන ගන්නවලු. වැඩේ තියෙන්නේ කියන දේ තේරෙන්නේ නැතිව කොහොමද ඉගෙන ගන්නේ. මේකත් එක ප්‍රශ්ණයක් තමයි.
රතු පාටින් තිනෙන්නේ කොල්ලට නොකියපු ඔබට වැදගත් තොරතුරු. අනිත් ප්‍රශ්නේ මට මතක නෑ.ඔය මෙලෝ විචාරයක් නැතිව කල්පනාවේ ඉන්න කෙනෙකුටත් ෆ්ලයිට් මෝඩ් කියලා කියන්න පුළුවන්.

26 comments :

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. "ඕෆ් වෙලා හරි ඔන් වෙලා හරි තියෙනකොට ෆෝන් එක නිතරම කරනා වැඩක් තමයි,
    එයාට හොඳටම සිග්නල් එන ටවර් දහයක විස්තර ෆෝන් කම්පනියේ තියෙන සෙන්ටර් එකට දන්වන එක"

    Im not agree with you. correct me if i am wrong.
    Cellular signal broadcast reciever controls by the system OS services.
    system services are running on top of the OS.
    if OS shut down, it means all the services should definitely close.

    "ෆෝන් එකක් කෙනෙක් ඕෆ් කරළා තිබුණොත් හරි ඉබේම බැට්රි බැහැලා ඕෆ් වුණොත්
    හරි ඒවායේ සිග්නල් වැඩ කිරිල්ල නතර වෙන්නේ නෑ"

    So how could this possible?

    ReplyDelete
    Replies
    1. ඔබේ සැකය සාධාරණයි. මේ මම ඉගෙන ගත් දේ. මම උත්සාහ කරන්නම් නෝට් එක තිබුණොත් ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න. මම ඉගෙන ගත්තේ 2006 දී. ඒ වෙනකොට තිබුණු තත්වය තමයි කිත්සිරි සමරසිංහ මහතා කියා දුන්නේ.

      Delete
  3. මචන් ෆෝන් එක ඔෆ් උනහම ටවර් සර්ච් කරන එක නවතිනවා නේද , ආයෙත් ඔන් වෙනකොට නේද ලග තියන ටවර් එක්ක සම්බන්ද වෙලා තමන්ට ලගම ටවර් එකට කනෙක්ට් වෙන්නේ

    ෆික් මී නං මරු , රට පුරාම නැති එක නං මහ පාඩුවක්

    ReplyDelete
    Replies
    1. අටමා බලාගෙන් ඕක තම්බියෙක්ගේලු කෝමපැණිය. තම්බි පෙහොසත් වෙනවාලු. ඒක හින්නදා ලගම තියෙන වීල් පාක් එකේන නැගපන්.

      Delete
    2. මේක ස්මාර්ට් ෆෝන් එන්න කලින් තිබුණ ටෙක්ස්ට් ෆෝන් - සහ වී.ජී.ඒ. කැමරා එක්ක ෆෝන් තිබුණ කාලේ කියළා දුන්නු දේ.

      Delete
  4. ෆෝන් එකක් ඕෆ් කලහමත් ටවර් එකට සිග්නල් යනවද?
    ඉස්සර ෆෝන් වල පිටිපස්සෙ අලවන්න ආපු ලයිට් පත්තුවෙන ස්ටිකර් වලින්නං කෝල් නොකරන වෙලාවට කොමියුනිකේට් වෙන හැටි බලාගන්න පුලුවන් කම තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ඔය ස්ටිකර් එකක් මමත් අලෝගෙන හිටියා 1998 දී විතර. දවසක් රෑ කළුවරේ ෆෝන් එකේ කෝල් එකක් අරගෙන යනකොට, බල්ලෝ මට එලව-එලවා බිරුවා. මං බය වුණු තරමක්. අපේ යාළුවො ඒකට කිව්වේ අඹ පොත්ත කියලා. ඒකෙ තියෙනේ චූටි ඇන්ටනාවක්. ඒකෙන් ගන්න පවර් එකෙන්, අර චූටි එල්.ඊ.ඩී. බල්බ් එක දල්වනවා.

      Delete
  5. ෆ්ලයිට් මොඩ් එක ගැන දල වශයෙන් දැනගන හිටියත්, හරියටම දැනගත්තෙ අදයි. බොහොම වටින ලිපියක්. බොහොම ස්තූතියි. +++++++++

    ReplyDelete
    Replies
    1. හසිත බොහොම ස්තුතියි. කාළෙකින් ලිව්වේ නෑ නේද ?

      Delete
  6. ඔෆ් උනහම හෝ ඔෆ් කලවිට හෑන්ඩ්ඕවර් වීම සිදු නොවේ. ඔෆ් අවස්ථාවේ ඇති දුරකතනයකට හෑන්ඩ්ඕවර් වීම අවශ්‍ය නොවේ.

    ReplyDelete
    Replies
    1. ඕෆ් කළත් සිග්නල් සෙවීම සිදු වන බවයි මම කියන්නේ. හෑන්ඩ් ඕවර් කරන්නේ, කෝල් එකක ඉන්න ගමන් සෙල් එක මාරු වුණාම.

      Delete
  7. ෆ්ලයිට් මොඩ් ගැන මෙච්චර දේවල් දැනගෙන හිටියේ නැහැ.ස්තුතියි අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්.

      Delete
  8. Nice post but phone switched off not get any power ,

    ReplyDelete
    Replies
    1. Circuit will disconnects from power, only after removing the battery. It only turn off the display and keypad. But silently it works.

      Delete
  9. Replies
    1. Are you talking about Flight Crash .. huh

      Delete
  10. දවසක් මගේ ෆෝන් එකේ වැරදීමකින් ෆ්ලයිට් මෝඩ් වැටිලා එය යතා තත්වයට පත්කරගන්න නම් හොඳ කට්ටක් කෑවා. ඒකෙ නියම උපයෝගිතාවය කියල දුන්නට ඔබතුමාට ස්තූතියි .
    විචාරක දියණිය

    ReplyDelete
  11. අන්න ආයමත් පරන සුදික අයියන්ඩි....මම බ්ලොග් කියවන්න පටන් ගත්ත කලෙ උබ ලියපු ලිපි මතක් උනා...බොක්කෙන් එල ද බ්‍රා...

    ReplyDelete
  12. ගොඩක් වටින ලිපියක්

    ReplyDelete
  13. මම ඊයේ ලිපියක් කියෙව්වා. එකේ කියවුනේ අපේ ලැප් එකේ, ෆෝන් එකේ තියන කැමරා වලින්, මයික් වලින් අපිව බලමින්, අහමින් ඉන්නවා කියලා. මේක ඇත්ත ද? වෙන එකක් තියා මාර්ක් සකර්බර්ග් පවා කැමරාවේ ටේප් එකක් අලවන් ඉන්නවා කියලා තමා තිබුනේ...

    ඔය නික් පෝතාස් කියන කතාව ඔච්චරටම ඇත්ත ද? මම හිතන්නේ නෑ ඔක්කොවන්ටම බැරිව ඇති කියලා...

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 33 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...