Thursday, March 30, 2017

සම්මාන නොහොත් ගම්මාලු ......

තුන්වෙනි වරටත් නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල ඉතා ඉහළ මට්ටමින් පැවැත්විණි. පළමුවෙන්ම අඛණ්ඩව මෙය පවත්වාගෙන යාම වෙනුවෙනුත්, පසුගිය අඩුපාඩු මකාගෙන තත්වය උසස් කිරීම වෙනුවෙනුත්, එහි සංවිධායක මණ්ඩලයට, විශේෂයෙන්ම අජිත් ධර්මකීර්ති, කල්‍යාන ඇතුළු ඒ සඳහා දායකත්වය දැක්වූ සියල්ලන්ට මගේ ප්‍රණාමය සහ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. ඒ හුදෙක් මමද එහි සම්මාන ලාභියෙක් වීම නිසා නොව, තමන්ගේ වියදමින් සිංහලෙන් කියවන දනන්ගේ දැනුම සුපෝෂණයට කැපවුණු අමුතු තාලයේ මිනිසුන් කොටසක් අතරින් කිහිප දෙනෙකු තෝරා ඇගයීමට ලක් කිරීම වෙනුවෙනි.  

මෙයට පෙර අතුව සම්මාන උළෙලවල් දෙකක් සිදු කෙරුණු අතර, දෙවෙනිවර මටත් දෙවෙනි ස්ථානයක් හිමි විය. ඒ ගෘහස්ථ කටයුතු කාණ්ඩයෙන්ය. තවත් එකකට මගේ නම නිර්දේශ වූ අතර, එයින් නම ඉවත් කරගැනීමට නිහතමානීවා කටයුතු කිරීමට මට සිදු වුයේ, මා කල පරිවර්තනයක් සඳහා විද්‍යා හා තාක්ෂණ අංශයෙන් නිර්දේශ වීම නිසාය.  ඒ පිලිබඳ සංවිධායක මණ්ඩලයේ කිසිදු විරෝධයක් නොවිණි. වෙනත් කෙනෙකුට ලැබිය යුතු ගෞරවයක්, සුදුසුකම් නොලබා මට ලැබේනම් එය දැනුවත් කිරීම මගේ යුතුකම බව මම සලකමි.  වරක් සිංහල අවුරුදු උත්සවයක වොලිබෝල් තරගාවලියකදී, මා චියර් කලේ මගේ ක්‍රීඩා සමාජයේ වැඩි මිතුරන් පිරිසක් ක්‍රීඩා කළ කණ්ඩායමටය. මා ජීවත් වූ ප්‍රදේශය අනුව මා ක්‍රීඩා කලයුතු වූයේ,  මගේ විරුද්ධවාදීන් බොහොමයක් ඇති කන්ඩායමකටය. එම තරගාවලිය අන්තර් ග්‍රාමසේවක වසම් තරගයකි. මා පුරුදු පරිදි චියර් කිරීමේ නිරත විය. අවසානයේ මගේ මිතුරන්ට ජයග්‍රහණයද, පසමිතුරන්ට අනු ශූරතාවයත් හිමි විය.  පසුදිනක මගේ නිවසට පසමිතුරු කණ්ඩායමේ ක්‍රීඩා කල ලෙසට සහතිකයක් ලැබී තිබුණි. මා චියර් කර තිබුණේ, මට විරුද්ධවය. එනිසා ඒ සහතිකයට මා මගේ සහතික ගොන්නට එකතු කර ගත්තේ නැත. මන්ද හදවතට එකඟව එයට මා හිමිකම් නොකියන නිසාය. පසුගිය වසරේ එකී සම්මානයද එලෙසය. 

මේ අස්සේ මට තවත් සිද්දියක් සිහියට  නැගේ. ඒ මා කළුතර ඥානෝදය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාළයේ සිදු වූ සිදුවීමකි. මාත් ඉන්දකත් විහාගය අවසන් වී පාසල ඇති පටුතුමග දිගේ නගරය දෙසට ඇදී එන්නට වීමු. එච්.පී.ටී. නමැති නිවාස දේපොළ වෙළඳ සමාගමේ කාර්යාලයක් මේ පටුමගේ පිහුටුවා තිබුණි. ඒ අසලා මාර්ගයේ කාන්තා පර්ස් එකක් තිබෙනු දැක, එය අහුලාගත් මා එය ඉහලට ඔසවා, මෙය කාගේද අසන්නට ප්‍රථමයෙන්, ඉන්දකයා "අපි දෙන්නා මේක බෙදා ගමු" වචනය පේලිය කියා නිම කරන්නට පෙර, එය අයිති කාන්තාව අප අසල සිටි නිසා, සියල්ල යහපත් අතට සිදු විණි. එදා සිට මට අයිති නැති දේ නොගැනීම මගේ සිරිත විය. මේ සඳහා තවත් බොහෝ උදාහරණ සැපයිය හැක. මේ ඒ සඳහා වෙලාව නොවේ. මේ බ්ලොග් සටහනද මේ වනවිට යල්පීනු තත්වයට පත් වන්න ආසන්නය. කුමක් කරන්නද, මගේ රාජකාරියේ ස්වභාවය සහ ගෘහසේවිකාව හදිසියේ සේවයෙන් ඉවත් වීම තුල මාගේ විවේකය සීමා වී ඇත. එහෙත් මා මෙය ලිය අවසන් කල යුතුමය. ඒ මෙය කියවූ ඔබ වෙනුවෙනි. මා වෙනුවෙන් සම්මාන ගන්නට පාර කැපුවෝ ඔබ වෙති.

හොඳයි අප දැන් මෙහි මාතෘකාව දෙසට හැරෙමු. එය "සාම්මාන නොහොත් ගම්මාලු" යනුවෙ මා නම් කළේ මන්දැයි මෙය කියවා අවසන් කරන මොහොත වනවිට ඔබට තේරුම් යනවා ඇත. ගම්මාලු නමැති වෘක්ෂය දැකිය හැක්කේ කඳුකර ප්‍රදේශ වළය. හරියටම කීවොත් ඌව කඳුකරයේය. ශ්‍රී ලාංකකියන් මෙම වෘක්ෂයේ කොටස්   ප්‍රධාන වශයෙන් කාර්යයන් දෙකක් සඳහා භාවිතා කරති. "ගසක් කැපුවා" යයි කීවොත්, එය ළී සඳහා හෝ දර සඳහා යන අපගේ පුරුදු භාවිතාව ඕනෑම කෙනෙකුගේ සිහියට එයි. සත්‍ය වශයෙන්ම මෙහි වැඩි භාවිතාව සිදු වන්නේ ළී දඬු නැතිනම් දැව නිෂ්පාදනයටය. වැඩිමනත් භාවිතා කරන්නේ යටලී, පඩිපෙළ අත්වැල් හෝ ජනෙල් දොරවල් සඳහාය. මෙය තද රතු පති ලීයකි. වාර්නිෂ් ආලේප කලවිට කදිම ගාම්භීර නිමාවක් දැකිය හැක. වරක් හපුතලේ ප්‍රදේශයේ කල රාජකාරි ගමනකදී, එහි තිබෙන රෙස්ට් හවුස් එකක පඩිපෙළ අත්වැල සහ යටලී මෙම දැවයෙන් කර ඇති බව අසා දැන ගතිමි. ඒ එහි සිත්ගන්නා නිමාව නිසාය.

නමුත් ගම්මාලු වල වැදගත් යෙදවුම වන්නේ, ඖෂධයක් ලෙසය. එය දිව්‍ය ඖෂධයකි. සමහරවිට මේ සඳහා වෙනත් ගම්මාලු වර්ගයක් යොදා ගන්නවාද යන්න මා සහතිකවම නොදනිමි. එනමුදු ගම්මාලු මැරෙන්නට යන, ජීවිතය ගැන බලාපොරොත්තු අත්හල රෝගීන් සඳහා භාවිතා කරන බව අසා ඇත්තෙමි. නිදා සිටින එවැනි රෝගියෙකුගේ දෙතොළ මත ගම්මාලු ඉස්ම රැඳවු විට දුන්නක් සේ නැගිටින බව අසා ඇත්තෙමි. මේ අස්සේ තවත් පඳුරු කතාවක් සිහියට එයි. දැනට විශ්‍රාම ගත් මා සේවය කරන ආයතනයේ, එක් පැරණි සේවක මහතෙකු වරක් කාගේ හෝ බසකට අනුව එය අධික මාත්‍රාවෙන් පරිභෝජනා කර රෝහල් ගත කිරීමට පවා සිදු වී ඇත. ඒ එහි වාජීකරණ ගුණයක් ඇතැයි, කෙනෙකු පැවසු ගමන තමන්ගේ එරියස් එකක් කවර් කරන්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි. අදද එය මාගේ මුහුණට සිනාවක් ගෙන එන කදිම අනුස්මරණයකි. ඒ එම පුද්ගලයාගේ රාජකාරි කල අවසන් කාළයේ ලිංගිකත්වය වෙත තිබූ නැඹුරුව සිහිපත් වීම නිසාය.

ඉතිං මේ සම්මාන උළෙලට ගම්මාලු වල ඇති සම්බන්ධය කුමක්ද ? අර ලයිෆ්බෝයි වෙළඳ දැන්වීමේ මෙන් "මොකක්ද සම්බන්ධෙ" යනුවෙන් කෙනෙකුට අසනු හැකිය. හොඳයි මා විස්තර කරන්නම්. මෙම සම්මාන උළෙලේ මට දැනෙන අරමුණ, තමන්ගේ කාලය, ධනය සහ ඩේටා වැයකරමින්, සෙසු ලෝකය දැනුවත් කරන්නට උත්සාහ කරන ස්වෙච්චා රචකයන් ගොන්නක් අතුරින්, වඩාත් සිත්ගන්නා ලියවීම් කළ අයගේ උද්‍යෝගය අගයනු සඳහාය. එමගින් මන්දෝත්සාහී තවත් පිරිසකට නව ජීවයක් සැපයීමද සිදු වේ. නමුත් කලක් තිස්සේ බ්ලොග්කරණයේ යෙදි, බ්ලොග් අඩවිය වසා දමන්නට ඔන්න මෙන්න තත්වයේ කෙනෙකුගේ ඉඳහිට කෙරෙන ලියවිල්ලකට මෙවැනි සම්මානයක්, මරණාසන්න පුද්ගලයෙකුට ගම්මාලු සැපයීම මෙන් ක්‍රියාවකි. එමගින් ඔවුන්ගේ පණ ගිලිහී යා නොදී රැක ගත හැක. සමහරවිට දිගු කලක් අල්ලා සිටින්නටද හැකිය. හෙම්බෙන් හෝ ඇවිද්ද පයට සම්මානයක් හිමිකරදීම එවැනි ක්‍රියාවකි. මා බ්ලොග්කරණයේ රැදී සිටින්නට එය නව ජීවනයකි. එනමුදු ගම්මාලු නැතත් අපට මේවා වසා දමන්නට නොදී සිටින එක් පුද්ගලයෙකු වේ. ක්‍රිකට් වලට පර්සි මෙන් බ්ලොග් වලට නම් මෙන්ඩා එවැනි පුද්ගලයෙකී. ඇත්තටම ඔහු සිංහල බ්ලොග් ලෝකයට බලපෑමක් කළහැකි පුද්ගලයෙකි. ඒ දිරිගැන්වීම මගිනි. ඒ ගැන බොහෝ තැන්වල දැනටමත් කථා වී තිබේ. එනමුදු ඇවිද්ද පය ලියන සුදීකට ඔහු සුවිශේෂී පුද්ගලයෙකි. මා නිද්‍රාවට පත් සෑම මොහොතකම කමෙන්ට් නමැති වතුර බාල්දියෙන් ගැසුවේ මෙන්ඩාය. මා ඔහු ගැන විශේෂයෙන් සඳහන් කළේ මේ  බ්ලොග් අඩවියට මෙන්ඩා දක්වන ආදරය නිසාය. එයට හේතුව කුමක්දැයි මා කිසිදින මේ කෙසඟ, කාල වර්ණ පුද්ගලයාගෙන් විමසීමක් කර නැත. මන්ද ඒ ඔහුගේ කැමැත්ත නිසාය.

නමුත් මේ සම්මානය මා අතට පත් කරන්න වෙහෙස මහන්සි වූ බොහෝ දෙනෙක් සිටී. ඒ මගේ දෙවම්පියන්, සියළුම ගුරු බවතුන්, ලිවීමට මා දිරිමත් කළ හිතවතුන්(චන්දිමා, ප්‍රසාද්, සුරේෂ්), මගේ බ්ලොග් අඩවිය නිරතුරු කියවා කමෙන්ට් කරන ඔබසැම, විශේෂයෙන් මේ අප්‍රිකානු කථාවට පෙම් බැඳී අරුණ පෙරේරා, සෙන්නා, අජිත් සහ කල්‍යාන සහ මනෝජ්  සිහිපත් කලහැකිය. මෙහි නම් සඳහන් නොකළ එනමුදු කමෙන්ට් කළ තවත් බොහෝ දෙනෙකු වේ. ඒ සියළුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය හිමි වේ. දැන් ගම්මාලු බී යළිත් නැගීසිටි මා  කුමක් හෝ මෙහි ලියා තැබිය යුතුය. එය මගේ යුතුකමය. එසේ නම් බලාපොරොත්තුවෙන් හිඳින්න. මාගේ බ්ලොග් චාරිකාවේ දෙවෙනි ඉණිම නොබෝ දිනකින් අරඹමි. එතෙක් ඔබ සැමට පුංචි විරාමයක්.

සම්මාන ලැබුණු "ගොවිපලේදී" බ්ලොග් ලිපි මාලාව සඳහා මෙතැනින් පිවිසෙන්න
 

80 comments:

  1. සම්මානයට උණුසුම් සුභ පැතුම්. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත. එහම තමයි හිතාගෙන ඉන්නේ.

      Delete
  2. මෙන්ඩව හම්බුනේම නෑනේ..
    මක් කරන්නද.. කස්ටිය වැඩිලකමට කතා කරල ඉවර කරගන්න බැරි වෙන්ප ඇති මහිතේ..
    සුබ පැතුම් සුදික අයියා...
    :-) :-)

    ReplyDelete
    Replies
    1. ඊලග සැරෙත් නෙලුම් යාය කරන්න කියමු අපි සෙට් වෙමු

      Delete
    2. කොහේද මහේෂයා කඩදාසිය ලිපේ දාලානේ ඇවිත් තිබුණේ. මම නවාතැන් දෙන්නත් අහලා, මේකා බෑ කිවුවනේ. :)

      Delete
  3. සුබ පැතුම් ... දැක්කට කතා කරන්න නම් බැරි උනා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. එන පාරවත් බලමු.

      Delete
  4. ජයග්‍රහණයට සුබ පැතුම්...!
    සම්මාන හා ගම්මාලු...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හෙන්රි අයියා. මේකට හැම අතින්ම ගැලපෙන යෙදුම තමයි ගම්මාලු. නෙලුම්යායට හෙන්රි අයියාගේ අත්දැකීම් එකතු වුණොත්, සම්මාන උළෙල වඩාත් වෘත්තීය මට්ටමින් පවත්වන්න පුළුවන්. මමත් සහයෝගය දෙන්නම්.

      Delete
    2. සැඟවුණ අරමුණු හා සංවිධායකයින්ගේ පැටිකිරිය සොයා බලන්න වෙනවා.
      සම්මාන දීමේ අදහස අගෙයි. මං හිතන්නෙ ඒක අජිත්ගෙ. දැං ඒ සංකල්පය හයි-ජැක් කරලා නේද?

      Delete
    3. මේකෙන් අපි ඈත් වුණොත් නිකම්ම හයි-ජැක් වේවි. අපිට අපේ සීමාවේ ඉඳගෙන වැඩේ කරන්න පුළුවන්. උදාහරණෙකට මට සම්මානේ ලැබුණා. අරයා දෙනවා, මෙයා දෙනවා, කියලා මම ගෙදර හිටියනම් පාඩුව මටමයි. අපි මේවට මොනවත් බලාපොරොත්තු නොවෙන බව ඇත්ත. ඒ වුණාට අපේ තැන අපි වෙනත් කෙනෙකුට දෙන්න ඕනේ නෑනේ.ඒ නිසා මම ආවා. සම්මානේ ගත්තා. කවුද දුන්නේ කියන එක මෙතැන සඳහන් කළෙත් නෑ, ඡායාරුප දැම්මෙත් නෑ. මේ වගේ දේවල් දියුණු වෙලා එනකොට, ඒවාට එකතු විවිධ බලාපරොත්තු සහිත පුද්ගලයෝ එකතු වෙනවා. තනිකරම දෙස්පානයෙන් වියුක්ත වෙලා වැඩක් කර ගන්නත් අමාරුයි අද තියෙන තත්වේ හැටියට. ඒ අයගෙන් පුළුවන් උපකාරයක් ගත්තට කමක් නෑ. හැබැයි කඩේ යන්න ඕනේ නෑ. ඒකත් එක්-එක්කෙනාගේ කැමැත්ත. හැබැයි අපි කණ්ඩායම් වලට බෙදෙන එක නරකයි.

      Delete
  5. මාත් එක පාරක් සමස්ථ ලංකා වොලිබෝල් තරගාවලියෙදි (ඕක තිබ්බේ අපේ ගමේ) අවසාන තරගෙට ආපු වෙන්නපුපුවේ සැට් එකට චියර් කරා අපි හැමදාම උදේට අගර දගර බලන අල්ලපු ඉස්කෝලේ කෙල්ලන්ව පරාද කරන්න.. අන්තිමට උං පැරදිල ඇඩුවා. ඒ ටීම් එකේ කෝච් ඇවිත් අපිට කිව්වා පුතා උඹල තමන්ගේ ගමේ උන්වටවත් නොසලකන මහ පඩත්තර ජාතියක් කියලා.. ඊට පස්සේ ඉදල ඒ ඉස්කෝලේ කෙල්ලෝ අපිට සැට් වෙන්නෙම නෑ.. හැක්.. ඒක ටිකක් හිතට වද දෙන කාරණයක්..

    උඹ වගේම මාත් හෙන ධාර්මිකයි. අනුන්ගේ කිසිම දෙයක් ගන්නේ නෑ. ඕක පොඩි කාලේ ඉදලම තිබුනා. ගෙවල් ගාව කඩෙන් ඉතිරු සල්ලි වලට රුපියලක් වැඩියෙන් දුන්නත් ආයි දුවල ගිහිල්ල දීල එනවා. ඔය වගේ ටවුමේ හැමදාම බඩු ගන්න කඩෙන් දෙපාරක් විතර මට පන්සීයේ ඉතුරුවට දාහේ ඉතිරි දීපු අවස්ථා දෙකක් තිබුනා. ඒ දෙවතාවෙම මං හෙන ධාර්මිකව ඒ මුදල ආයි දුන්නා. හැබැයි මං දාහක් දීපු වෙලාවක මේ යකා පන්සීයක ඉතුරු සල්ලි දුන්නම මං දාහ දුන්න කිව්වම ඒක විශ්වාස කරේම නෑ. කොච්චර කිව්වත් දුන්නෙත් නෑ. ගිය සතියේ හාල් තොග කඩෙන් දාහක් දීල හාල් කිලෝ අටක් ගත්ත වෙලාවේ මට රුපියල් පන්දාහක ඉතිරි දුන්නා. ඉතිං මං දුන්නද කියල නේ අහන්නේ. ආයිත් අහල දුන්නෑ බං.. මං ඒක අරගෙන ආවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව බිසිනස් කරන ජීවිකාව කරන කාටවත් මං මොන තත්වයක් යටතේ වත් ඒ දේ කරන්නෑ. මං ඒ අයට ගාන අඩු කරන්න කියලවත් කියන්නෑ. ඉතිං මං හෙන ධාරිමිකයි නේද? හැක්.

    ඔය ගම්මාලුවා ඉන්නවා නේද උඹ දැං ගිහිල්ල බලහං මං අන්තිමට පෝස්ට් එකක් දැම්මෙ ගිය දෙසැම්බර්.. ඒකේ අන්තිමට කමෙන්ට් දෙකේදි මට මරණ තර්ජන කරල තියෙනවා. ඒ වගේම මෙන්ඩා නොලියා හැම එකාටම තග දානවා. ඒක සාමාන්‍ය දෙයක්.. ඔය කැහැටු මෙන්ඩා කවදාවත් බ්ලොග් දාල යන එකෙක් නෙමයි.

    හරි සම්මාන ගැන.. සම්මාන තම්බල කන්නයැ බං.. හැක්.. චියර්ස්.. ජය වේවා.. කෝම හරි බ්ලොග් එක ලියවෙනවං අවුලක් නැ. හැබැයි පුතේ අර මට එපා කරපු හෙඩිමෙන් එන කතා නං සොරි තමයි හොදේ..

    ReplyDelete
    Replies
    1. ලැච්චරර්තුමා අති දර්මිස්ටර් බව යාළුවෝ කියනවා මටත් ඇහිලා තියනවා

      Delete
    2. //පුතා උඹල තමන්ගේ ගමේ උන්වටවත් නොසලකන මහ පඩත්තර ජාතියක් කියලා//
      මේක ඇත්තම කතාවක්ද බං. නැත්නම් මට කෝචෝක් එකට ලිව්වද ?

      Delete
    3. නෑ බං ඇත්තටම උන දෙයක්.. 17න් පහල ෆයිනල් මැච් එකේදී මැච් එක ගහන්නෙත් ගමේදී. ඒත් අල්ලපු ඉස්කෝලේ කොල්ලෝ ටික වෙන්නප්පුවේ කවදාවත් දැකල නැති ටීම් එකකට චියර් කරල අර කෙල්ලෝ අඩවල කෝච්වත් අඩවල කරපු දේ හරි නෑනේ.. ඒ කෝච් තාමත් මගේ මුන බලන්නෑ.. හැක්..

      Delete
    4. උඹත් රවිය වගේ බේගල් ඇදබාන්න ගත්තද මෙතන. හැක්..

      Delete
    5. මේ දවස් වල මම හොයන්නේ උල තියන්න අර ද්රැකියා කියන එකා සහ කෑම එකට හුනෙක් දාලා දෙන්න සරත් ලංකාප්රිය අයියන්ඩි

      Delete
    6. @දේශකයා : එහෙනං මේක කෝ ඉන්සිඩන්ට් එකක්.

      @ප්‍රා ජේ : බොහොම ධර්මිෂ්ඨයි. ජේ.ආර්. පප්පා වගේ.

      @ප්‍රසන්න : මේක බ්ලොග් පොස්ට් එකක් තරම් දිගයි තමයි.

      @මෙන්ඩා : ඩ්‍රැකියා කියලා ලියන විදිය දන්නේ නැත්ද ? මුලින්ම ඩ්‍රැගන් කියලා ලියලා. පස්සේ දෙකක් බැක්ස්පේස් කරනවා. ඊට පස්සේ කියා කියලා ලියනවා. ඩ්‍රැගන් + කියා = ඩ්‍රැකියා

      Delete
    7. ඩ්‍රැකියා
      හරේ ...එල ද බ්‍රා අයියන්ඩි

      Delete
  6. අමුතු තාලයේ මිනිසාට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. කෙන්ඩේ ජෙල් කරලා රැවුල කපලා ඉස්කෝලයක් ලගට ගියොත් 11 වසර කෙල්ලෝ පස්සෙන් එයි කියලා තමයි මාව දකින අය කියන්නේ

      Delete
    2. මොකක්ද 11 වසරේ විශේෂත්වය ?

      Delete
  7. Replies
    1. බොහොම ස්තුතියි. උඹ කොහෙද මළේ ?

      Delete
  8. ගිටාර් පන්ති යනව කියල ආරංචියි. සම්මානයට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවේ පන්ති යන්න ඕනේ ඇති කියලා. හැබැයි මම එදා නිකං ගිටාර් එක ගහනකොට හැමෝම යස අගේට අත්වැල් ඇල්ලුවේ. :)

      බොහොම ස්තුතියි ඉයන්.

      Delete
  9. හමුවීම සතුටක්... සුබ පැතුම් සුදීක...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරු රසි. මම ගොඩක් දුක් වෙන දෙයක් තමයි, ඔයාගේ පොත එළිදැක්වීමට එන්න බැරි වීම. අටමයි මායි ප්ලෑන් කරගෙන හිටියේ එන්න. මොකක්දෝ හේතුවක් නිසා මගඇරුණා.

      Delete
  10. සම්මානයට පෙරළා දිය හැකි හොඳම සම්මානයක්.. ගම්මාළු! :) සුදිකට ජයවේවා! මෙන්ඩ ට ජය වේවා! :)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හැම අතින්ම ගැලපෙන යෙදුම. බොහොම ස්තුතියි කණේ(අපේ අක්කගේ පුතාගේ නමත් කලණ, අපි ආදරේට කියනෙන් කණේ කියලා)

      Delete
  11. ලැබුණු සම්මානයට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ ලැබුණු කෑල්ල ? බොහොම ස්තුතියි.

      Delete
  12. සුබ පැතුම්...!
    මෙන්ඩා ගැන කියලා තියෙන කතාව "එළ ද බ්‍රා"

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ්. මෙන්ඩා ඉතිං එළද බ්‍රා නේ

      Delete
  13. //මාගේ බ්ලොග් චාරිකාවේ දෙවෙනි ඉණිම නොබෝ දිනකින් අරඹමි//

    කෙසඟ, කාල වර්ණ පුද්ගලයාද දෙවෙනි ඉණිම නොබෝ දිනකින් අරඹනු ඇත

    ReplyDelete
    Replies
    1. මට බ්ලොග් එකක් නැති නිසා ඉනිමක් නම් නැති වෙයි ඇනෝ එත් ලිපියක් ලියන්න ආසා හිතුනා කමියා පොරොන්දු උනා ඒක එයාගේ බ්ලොග් එකේ දාලා දෙන්නම් කියලා

      Delete
    2. @ඇනෝ : මොකක් ගැනද කියන්නේ ?

      @මෙන්ඩා : යසයි. එහෙම ලියලා පුළුවන් නම් දිගටම ලියන එකයි. ඒ වුණත් මම කැමතියි, බ්ලොග් නැති කමෙන්ට් කරුවන්ට. මෙන්ඩා, ප්‍රසන්න, ප්‍රා ජේ.

      Delete
    3. අනිවා මට කවදවත් බ්ලොග් එකක් නැහැ මම හැමදාමත් ඔයාලගේ ආදරණිය කමෙන්ට්ර්

      Delete
  14. ඔබට උණුසුම් සුභපැතුම්..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ආවේ නෑ නේද ?

      Delete
  15. හිතන්නේ නැතුව උනත් ඔයාලා ලියන සමහර පොඩි දේවල් ගොඩක් ප්‍රොයෝජනවත් වෙනවා ...
    හැම බ්ලොග් එකකම හැම ලිපියකම අපිට ඉගන ගන්න පොඩි හරි දෙයක් තියනවා

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති. මම හැමවිටම වටිනා දෙයක් දෙන්න උත්සාහ කරනවා.

      Delete
  16. සුභපැතුම් සුදීක.. ඒ වගේ අපූරු කතාවක් අයෙත් පටාන් ගන්න.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. එසේම වේවා !!! ඒ පොතේ තවත් කෙටි කතාවක් පරිවර්තනය කරන්න ඉන්නේ.

      Delete
  17. ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිරංජන් !!!

      Delete
  18. තමන්ගේ වියදමින් සම්මාන උළෙලක් කරනවා කිව්වේ නෙලුම් අජියා ගෙදරින් සල්ලි ගෙනල්ලා කරනවා කියලා හිතුවද ? උබල මහ මරි මෝඩ හරක් ටිකක්. මේ ආණ්ඩුවට උබලව අපුරුවට කඩේ යවනවා උබල දන්නෙත් නැ කඩේ ගියාද කියල. මේකේ සම්මාන ලැබෙන උන් දිහා බැලුවම අපිට හිනා යනවා. නින්දෙන් ඇහැරිලා වගේ එක පාරටම ලියන්න මතක් උන උන්ටත් සම්මාන දීලා. නෙලුම් යාය කියන්නේ නියම සුදුස්සාට සම්මාන නොදෙන, කඩේ යන ලොල්ලන්ට සම්මාන දෙන එකකට. ඒ නිසා උබට සම්මානයක් ලැබුනා කියලා මෙතන ලොකු එක දෙන්න එපා. එක උබටයි, නෙලුම් යාය කියල උබලව කඩේ යවන උන්ටයි විතරයි ලොකු. නෙලුම් මගුල නිසා බ්ලොග් ලියන උන් බේද උනා මිස වෙන කිසිම හොද දෙයක් වෙලා නෑ. තේරුම් ගනින් දැන්වත්.

    ReplyDelete
    Replies
    1. මගේ සටහනේ තමන්ගේ කියන වචනේ පාවිච්චි කරපු තැන් මෙන්න

      //තමන්ගේ වියදමින් සිංහලෙන් කියවන දනන්ගේ දැනුම සුපෝෂණයට කැපවුණු අමුතු තාලයේ මිනිසුන් කොටසක්//

      මේකෙන් කිව්වේ ලියන එවුන් ගැන.

      //එහි වාජීකරණ ගුණයක් ඇතැයි, කෙනෙකු පැවසු ගමන තමන්ගේ එරියස් එකක් කවර් කරන්නට//

      මේකෙන් කිව්වේ ඒ පුද්ගලයා ගැන

      //තමන්ගේ කාලය, ධනය සහ ඩේටා වැයකරමින්, සෙසු ලෝකය දැනුවත් කරන්නට උත්සාහ කරන ස්වෙච්චා රචකයන් ගොන්නක් අතුරින්, වඩාත් සිත්ගන්නා ලියවීම් කළ අයගේ උද්‍යෝගය අගයනු සඳහාය//

      මේකෙන් කිව්වෙත් ලියන එවුන් ගැන. දැන් කොතනද මම කිව්වේ සම්මාන දෙන අය තමන්ගේ වියදමින් සම්මාන දෙනවා කියලා. අපි කාලයට ඉඩ දෙමු. එතකොට ඔයාගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබේවි.

      Delete
    2. //කඩේ යන ලොල්ලන්ට සම්මාන දෙන එකක// කඩේ ගිය බ්ලොග් අඩවි හා සම්මාන බ්ලොග් අඩවි සංසන්දනය කරන්න බලන්න. කරලා පෙන්වන්න ඇනෝ ඔය ලොල් බෝග අඩවි මොනවාද කියල සම්මන ලැබුණු?

      Delete
    3. ඇනෝ මෙන්න ලිස්ට් එක. කෝ පෙන්නමු බලන්න ලොල් අඩවි සම්මාන ලැබුණු. ස්තුතියි දිල්රුක් කන්නන්ගර අපක්ෂපාති ලිපියක් ලිව්වට.
      https://kolambagamaya.blogspot.co.uk/2017/03/2016_26.html

      Delete
    4. රණ්ඩු වෙන්න එපා අජිත් අයියන්ඩි අල්ලා දාන්න ...ඕවට රණ්ඩු වේවි කෙමෙන්ට් දාන්න ඔයාට වෙලාවක් නැහැ ...ඊලග පාර එක මිට වඩා හොදට කරමු ...

      Delete
  19. සුබ පැතුම් සුදික

    ReplyDelete
    Replies
    1. එසේම වේවා නලීන්. එදා හරියට කථා කරන්නත් බැරි වුණා.

      Delete
  20. Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජයියා. කාලෙකට පස්සේ දැක්කේ.

      Delete
  21. හමුවීම සතුටක්.. සුබ පතුම්..

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේමයි. බොහොම ස්තුතියි ධනුවා.

      Delete
  22. යළිත් දිනෙක හමුවෙන්නට සිතන්නෙම්
    මමත් මෙලෙස සුභ පැතුමක් තබන්නෙම්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතිය මගේ මෙලෙසින් ලියන්නම්
      එන පාරත් හමු වෙන්නට පතන්නම්

      Delete
  23. ලැබුනු සම්මනයට සුදීක අයියට හදපිරි සුභ පැතුම්.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනා. මේ පාර දකින්න බැරි වුණා. අපි පස්සේ වෙලාවක හමු වෙමු.

      Delete
  24. ලැබුනු සම්මනයට සුදීක අයියට හදපිරි සුභ පැතුම්.
    ජය වේවා!!!

    ReplyDelete
  25. හමුවිමට ලැබිම සතුටක් හා ඊටත්වඩා සතුටක් ගෙදර යාගන්ඩ බැරිව මහ ? අතරමං වෙන්ඩ ගිය කොළොම්පුරයාව දෙහිවල නගරසභාව ළගට ගෙනවිත් ඇරලවිමයි. ඔබට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. කිට්ටුව පාත බ්ලොග් ලියන එකෙක් ඉන්න එකම මදැයි.

      Delete
  26. සුබ පැතුම් සුදීක අයියා...
    මෙන්ඩා, ප්‍රසා වගේ උදවිය තමයි අපේ බ්ලොග්වල ජීව ගුණය පවත්වාගෙන යන්නේ...

    ReplyDelete
    Replies
    1. වටිනාම කමෙන්ට් කරුවන් වෙන්නේ, තනිකරම කියවා කමෙන්ට් කරන අය. ලියන අපි-අපිම කමෙන්ට් කර ගැනීම එතරම් අලංකාර නෑ.

      Delete
  27. අයියන්ඩි මම පොස්ට් එකක් ලියලා කමියට යැව්වා ...ඌ බ්ලොග් එක නවත්තලා නේද? මගේ ලිපිය ඔයාට එවොත් ඔයාගේ බ්ලොග් එකේ මට පොඩි ඉඩක් දෙන්න පුලුවන්ද ? වර්ඩ් එකේ ටයිප් කරලා තියෙන්නේ. මේල් ඒඩ්රස් එක දෙන්නකෝ ඔයාට එවන්න.

    ReplyDelete
    Replies
    1. ඔය උඩ තියෙන්නේ මේල් ඇඩ්‍රස් එක. අටමා දැන් කරන්නෙත් අලුත් අයගේ ඒවා දාන එක. අටමටත් කොපියක් දාන්න.

      Delete
    2. හුජ්ජ කොල්ලෝ මිරිජ්ජ බිලා වමනේ දාන කොට මාර ලොල් ....

      Delete
    3. http://kalahitha.blogspot.com/2017/04/hearts-are-truly-touchable-arent-they.html

      Delete
  28. mageth unusum suba pathum. me blog eka mata chrome walin balanna ba. kotu kotu penawa. mata witharada danne na. mona unath digatama liyanna gaththa thiranaya harima hodai.

    ReplyDelete
  29. දැන් ඉතින් ආය ලියමු

    ReplyDelete
  30. Replies
    1. එක හුස්මට කියෙව්වා. මරු. හැබැයි කොමෙන්ට් දාන්න විධිහක් නැහැ.

      Delete
  31. සතුටුයි ඔයා ගැන අයියේ.. !

    ReplyDelete
  32. සතුටුයි ඔයා ගැන අයියේ.. !

    ReplyDelete
  33. ලිපි ටික හෙමීට කියවගෙන යන ගමන් ඉන්නේ. අපි තාම බ්ලොග් වලට නවකයෝනේ.. තේරෙනවා අඩුයි මේකේ වැඩ තාම..

    ReplyDelete
  34. ඉක්මනට ලිව්වේ නැත්නම් ගෙදර එනවා හොයාගෙන ..(අඩියක් අරන් දෙන්න වෙයි )

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...