Friday, February 10, 2017

ලෝබයාගේ දේ කූඹියා කෑම හෙවත් මැට්ගේ බෝතලය ඉස්සීමේ මෙහෙයුම ......

මේ කතාව සත්‍ය සිදුවීමක්. මම සේවය කරන ආයතනයේ ගොඩ කාලෙකට කලින් වුණු දෙයක්.  මේක මම අහ ගත්තේ මේ වනවිටත් අප අතරින් වියෝ වූ රණේ මහතාගෙන්. ඔහු තරුණ කාලේ මගෝඩි දෙයියෙක් බව කියන්නට යෙදුන කතා වලින් පැහැදිලි වනවා. රණේලා බොරැල්ලේ බ්‍රාන්ච් එකේ වැඩ කරපු කාලේ නිතරම මල් ශාලාවට ටෙලිෆෝන් කරලා මිනී පෙට්ටියක් ගන්න කෙනෙක් වගේ කතා කරනවාලු. එහෙම කරත්දී මල් ශාලාවේ අය බොහොම උනන්දුවෙන් තමන් ගාව තියෙන මිනි පෙට්ටි ගැනත්, ඒවා භාවිතා කල ඉහළ පෙළේ පුද්ගලයින් ගැනත් පාරම් බාලා කෙසේ හෝ අතේ තියෙන ගාන දැන ගන්න උත්සාහ කරනවාලු. පුලුවාන් තරම් හෙට්ටු කරලා, ගාන හොදටම අඩුවට කතා කරගෙන කට්ටියට ඇති කියලා හිතුණාම කියනවාලු

"අයියේ හැබැයි පොඩි අප්ෂට් එකක් තියෙනවා"

"ඒ මොකක්ද මල්ලි" (ආදරේ වැඩි කමට නෑ කම් වලින් තමයි කතා කරලා තියෙන්නේ)

"තාත්තා හොඳටම අසාධ්‍ය වෙලා දැන් මාස හයක් විතර හොස්පිටල් ඉන්නේ. තාම තාත්තා මැරුණේ නෑ. මැරුණට පස්සේ එන්නම්කෝ කියලා" 

ඒ එක්කම ෆෝන් එක විසන්ධි කරනවාලු. හැබැයි සී.එල්.අයි. එන්න කලින්. දැන් දුන්නොත් නොමිළේ එම්බාම් කරවා ගන්න පුළුවන්.

ඒක පොඩි පඳුරක්. එහෙම නැතුව  ඉතිං ගතියක් නෑනේ. දැන් අපි කථාවට බහිමු. රණේලාගේ ස්වර්ණමය යුගය පසු කරලා තියෙන්නේ ඉබ්බන්වල කිට්ටුව බ්‍රාන්ච් එකක ඉන්න කාලේ. ඒ යුගයේ තමයි එයාගේ දයාබර පෙම්වතිය එහෙමත් මුණ ගැහිලා තියෙන්නේ. මේ කාලේ අපේ රණේ ගැටවරයා. ලිපිකරුවෙකු වශයෙන් සේවය කරලා තියෙන්නේ. ඒ යුගයේ ඔෆිසර්ලා බොහොම සැර පරුෂ පුද්ගලයෝ. ටිකක් ලෙවල් එකෙන් තමයි ඉන්නේ. ආවට ගියාට ඔෆිසර් පට්ටමක් ලැබෙන්නේ නෑ. දැන් ඒකට. ඒ කතා වැඩක් නෑනේ. ඔන්න එක ඔෆිසර් කෙනෙක් ඉඳලා තියෙනවා හරිම මට්ටකුන්ඩලී ටයිප්. කොටින්ම කිව්වොත් කුණු ලෝභයෙක්. මම අලුතෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. ඔය වගේ අය කොතැනත් ඉන්නවා. 

මේ කියන ඔපිසර් තුමාට මැට් කියමුකෝ. මොකද එම්.කේ. කියලා කෙටි කරළා ලිව්වොත් අපි අතර හිටිය හොඳ විනෝදකාමී, සුපිරි වැඩ කාරයෙක්, ඒ වගේම මල පනින සොමි ඩයල් එක ගැන වැරදි අර්ථකතනයක් දුන්නා වෙනවා. මම ලියපු ලොල් කතා කිහිපයක්ම එතුමා කියපුවා. බ්‍රාන්ච් එකකට ඒ කාලේ ඔෆිසර්ලා දෙන්නෙක් නැතිනම් තුන්දෙනෙක් තමයි ඉඳලා තියෙන්නේ. මේ කියන මැට් උන්නැහෙත් එක්කෙනක්. මම කලින් කිව්වනේ ලොභයා කියළා. ඒක කලින් නොකිව්වනම් තමයි හොඳ. දැන් වුණත් ඕනෑනම් මකලා දාන්න පුළුවන්. ඒ වුණාට අමාරුවෙන් ටයිප් කොරපුවානේ. ඔහෙළා කියවන එකනේ. මයෙ මොකෝ. මකන්නෑ. කියෝගන්න එකයි ඇත්තේ. අවුරුද්ද අන්තිමට අපේ වගේ ආයතන වල බ්‍රාන්ච් වලට බොහොම සරු කාලයක්. මොකද ගනුදෙනු කරුවන්, විශේෂයෙන්ම වෙළෙන්දන් විවිධ ත්‍යාග ලබා දෙන කාළේ. මේ කියන මැට්තුමාට ලැබුණා කියන්නකෝ රතු ලේබල් ජොනී වොර්කර් එකක්(අපේ විචාරක තුමාට ලැබුණු එක සිහියට එනවා). මිනිහා මේක දෝතින්ම භාරගෙන කෙළින්ම මිනිහාගේ කබඩ්ගත කරනවා ඒ ශාඛාවේ පියන් උන්නැහේ දුටුවා. මේකෙන් දෙකක් දාගෙන කණ රත් කරගෙන යනහැටි දැන් පියුං උන්නැහේට මැවිලා පේනවා. හවස දෙක තුණ වෙත්දී කට්ටිය මැට් ගාවට ඇවිත් මෙහෙම අහනවලු

"බයිට් වලට මොනවද ගේන්න ඕනේ?"

එතකොට මැට්තුමා මුකුත් නොදන්නා තොත්ත බබා වගේ

"අද බොන්නද ලෑස්තිය. මොනවා හරි හම්බ වුණාද ?" කියලා අහනවලු. මේක  අහලා අපේ රණේලා ඇතුළු පිරිසට පෝක් ඩෙවල් නොහොත් ඌරු ජුවල් වෙලා. ඒත් ඔපිසර් තුමා හින්දා කොරන්න දෙයක් නැති හින්දා පහු බැහැලා.අවුරුද්ද අවසානේ තියෙන පාටියට මේක වඩම්මවයි කියන බලාපොරොත්තුවෙන් හිටියලු.හැබැයි මේක ගෙදර උස්සන් යනවද කියලා කට්ටිය බොහොම සෝදිසියෙන් විශේෂයෙන්ම පියුං උන්නැහේ ඇහැ ගහගෙන ඉඳලා. අන්තිමට අවුරුදු මාරු වෙලා උන්නැහේගේ උපන්දිනේ එහෙමත් පහු වෙලා ගියාලු. මේ අතරේ කොල්ලෝ ගෙන බෝතල් වලින් හීනියට දෙකක් දාගෙන මැට්තුමා ආතල් එකේ මොකුත් නොලැබුණු ගානට ඉන්නවාලු. හැබැයි මිනිහා කබඩ් එක ලොක් කරළා යතුර පණමෙන් සුරකිනවාලු. මේ අතරේ පියුම්ලා රණේලා ගහනවා සැලසුමක්. ඒක අපේ අම්බලන්ගොඩ මලයලා දුන්න සැලසුම වගේම එකක්. 

අන්තිමේදී කට්ටියට දවසක මැට් තුමාටත් ආරාධනය කරනවා ගල් බෝතලයක් හිස් කරන්න. මෙතැන හත් අට දෙනෙක්ම හිටියත් හැමෝම බොහොම ලාවටලු අනුමත වෙන්නේ. නමුත් මැට්තුමා පුරුදු මාත්රාවෙන්ම ඇරලා දාලා. එදා කොහොම හරි ගෙදර යනකොට මිනිහට හොඳටම සූර්ලු. ඊට ටික දිනකට පස්සේ බ්‍රවුන් පේපර් බෑග් එකකින් ඔතපු මැට් තුමාගේ කබඩ් එකේ තිබුණ විස්කි බෝතලය ඉතාම සීරුවෙන් සාගත මල්ලට යනවලු. සඳුදා දවසේ අපේ කතානායක තුමා ඉන්නවලු නයා මැරිච්ච අහුකුන්ටිකයා ගානට. කවුරුත් මොනවත් අහන්නේ නෑ. සීරුවෙන් වැඩ කරගෙන යනවා. 

වෙලා තියෙන දේ හිතා ගන්න අපේ ගල් බලකායේ උදවියටනම් අපහසු නැතිව ඇති. මැට් ගාව තිබුණ රතු ජොනියාගේ දියර හිස් කරලා(ස්ට්‍රොබ් නැති වෙන්නම ඕනේ-මේක මගේ මිතුරෙක් කියපු වචනයක් අර වැඩියෙන් වැටෙනවට දාල තියෙන බොලේ) ,සීරුවෙන් ගල් අරක්කු බෝතලයකුත් තවචුට්ටක් වක්කොරලා තියලා. කොහොමද එහෙම කළේ. මේකත් අර අම්බලන්ගොඩ මලයා දීපු සීන් එක වගේ එකක්. අපේ රහසිගත සංවිධානය මේක උස්සන්න තීරණය කොරලා. උස්සන විදිය ගැන රහසින් සාකච්ඡා කොරලා. අන්තිමේදී මේ අයගේ නිරීක්ෂණයට  හසු වෙලා තියෙනවා මැට් මහතා පොත අත්සන් කොරන්න ලොක්කගේ කාමරේට මිනිත්තු පහකට විතර කළින් ගිහිං එන වගත්, ඒ මොහොතේ පමණක් ඉබ්බාගේ යතුර, ඉබි මල්ලිට තදින් අල්ලා සිටින ලෙසට අණ කොරලා යන බවත්. ඉතිං තවත් දිනයක ඔත්තු සේවාවේ සාමාජිකයින් මැනේජර්ගේ කාමරයේ සිට කබඩ් එක දක්වා සෙනිකව ස්ථානගත වුණා. මැනේජර් ළඟ ඉන්න කෙනා මැට් උන්නහෙව කතාවකට අල්ලා ගත්තා. ඉතිං මිනිහට දනි පනී ගාලා එන්න විදියක් නෑ. මේ අතරේ බෝතලේ ඉස්සුවද පින්වත්නි ? නෑ එහෙම එක පාරට මේවා උස්සන සිරිතක් නෑ. මේක ඉස්සුවේ එතුමා නිවාඩු දවසක බොහොම නිවිහැනහිල්ලේ. ඒ කෝමද අප්පා ඒක කොලේ ? ටිකිරි මොළවලට එන්නේ නැද්ද අදහසක් ?   මොකද කියන්නේ අම්බලන්ගොඩ මලේ කට්ටියට හිතන්න අවස්ථාවක් දෙමුද ? නැත්නම් අර ස්පාඤ්ඤ රජතුමාගේ ඇමති මණ්ඩලය වගේ කියයි. අයියෝ අපි ඕක දැනගෙන හිටියේ කියලා. එහෙනම් දෙමු ට්‍රයි එකක්.

හැබැයි මේවා එහෙම තිබුණානම් කෙලවුන්ස් තමයි
පින්තූරය ගත්තේ :https://www.aliexpress.com
ඔය නෝටි මල්ලිලා, පුතාලා, සේවකයෝ, අරුං-මුං ඉන්න අයට මේක පොරෝජනවත් වෙයි. මෙතැනින් ගිහිං ඩොලර් 11 වැනි සුළු මුදලකට ගන්න පුළුවන්.

55 comments:

  1. නියමයි. ආයෙර් ලියන්න ගත්තාට මගේ ප්‍රණාමය.ඒත් කඩචෝරු, කාපු කෑම ගැන නොලීවාට මගේ විරෝධය.

    අර අහිකුණ්ටිකය ගාව ඉන්න ඇත්තෙ " නයා" වෙන්න ඕනෙ. නෑ, නෑ මට අපේ හැලපෙ, විචාරක තරම් නිවැරදි ව්‍යාකරණ උනන්දුවක් නෑ, ඒත් උත්සහ කරනවා, නිවැරදිව ලියන්න.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් වෙළෙන්දා ආඳා මාලු කාපු කතාව අහල තියෙනව නේද? " හහ්, ෂිංඅල මුනියට, උයල කන්නයි බැදලා කන්නයි ඔදයි. යෙපියල තමා පුෂ්,පුෂ්"

      Delete
    2. මොකක්ද කඩචෝරු කතාව? නයා නිවැරදි කළා, බොහොම ස්තුතියි. ඔන්න ඕක තමයි වේගය මරු කැඳවයි කියන්නේ.

      "අපිලට තමයි ශු, ශු , සිංහල මුනියට මුකුත් නෑ"

      Delete
    3. //මොකක්ද කඩචෝරු කතාව//

      මට රාජකාරි ගවේශණ කතා සැට් එක නැගල යන්නෙ, රටවටේ ගියාම කන්න වෙන්නෙ කඩ වලින් නිසයි. හැලප, ලැවරියා, වණ්ඩු ආප්ප, ඉස්සො වඩේ, උම්බලකඩ වඩේ, පෙට්ටි කඩවල කෑම මේව්වා තමා මට මිස් වෙන්නෙ, ගණන් ගන්න එපා, එච්චර දෙයක් නෙමෙයි, මේ බඩජාරි කමට කියන කතා.

      Delete
    4. ඒවා ලියන්න නම් ලොකු නිහඩතාවක් වගේම විවේකයක් ඕනේ. මේ දවස් වල අපේ සර්වන්ට් ගමේ ගිහිං, ඉතිං තනියෙන් ගේම දෙන ගමන් තමයි මේ ටිකත් කරන්නේ. බලාපොරොත්තු ඇත හරින්න එපා කවදා හරි ලියවෙයි.

      Delete
  2. Replies
    1. දෙපාරක්ම කියෙව්වා එහෙනම්.

      Delete
  3. මේ වගේ ඉල්ලීස සිටානලා අදත් ඉන්නවා බං

    ReplyDelete
    Replies
    1. කවදද නැත්තේ. වැඩේ තියෙන්නේ අපි ඔය වගේ දෙයක් කරන්න ට්‍රයි කලොත් යන්නේ පදාස පිටින් කඩාගෙන, හරියට නාය ගියා වගේ. මටනම් වෙන්නෙම පාඩු.

      Delete
  4. ජොනි වෝකර් රෙඩ් ලේබල් ඉතින් ගල් වගේම තමයි, ආයෙ අමුතුවෙන් ගල් බෝතලේට දාල ගහන්න ඕනෙ නෑ. හැබැයි ඒකෙම බ්ලැක් ලේබල් එක නම් හොඳටම හොඳයි. තව ටිකක් ස්මූත් එකේ ගහන්න නම් ගෝල්ඩ් ලේබල් එක ගහන්න ඕනෙ. හැබැයි ලංකාවෙ ඩ්යුටි ෆ්‍රී නම් ගන්න එපා. ඒකෙ තියෙන්නෙ ඉන්දියාවෙ ගහන බාල බඩු. හැබැයි ලේබලෙනම් තියෙනවා ඔරිජිනල් ස්කොටිෂ් බඩු විධියට. ගහද්දි තමයි වෙනස තේරෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී එකේ විස්කි හොඳයි කියලා අහලා තියෙනවා. ෆ්ලෙමින්ගෝ තමයි ඩුප්ලිකේට්. ඇත්තටම රතු එක සහ ගල් අතර වෙනවසක් නෑ. දවසක් මම හිටපු තැනක, රතු එකක් ඉවර වුණු ගමන් දෙන්නෙක් පොඩ්ඩක් එහා මෙහා වුණා. ඊළඟට ගල් එක කඩලා රතු බෝතලේට දැම්මා. අර නොදැක්ක දෙන්නගෙන් එක්කෙනක් පහුවදා උදේ කියනව, ඊයේ අපි රතු බෝතල් දෙකක්ම ගැහුවා නේද කියලා.

      Delete
    2. ඉස්සර රෙඩ් එක හොඳයි, දැන්නම් රෙඩ් විතරක් නෙමෙයි බ්ලැක් එකත් අවුල්...
      ඩබල් බ්ලැක් එකනම් ශේප්...
      පහුගිය දවස් වල යාළුවෙකුට පිණට ලැබිලා සිංගල් මෝල්ට් බොන්න ලැබුනා කීප වතාවක්ම...
      හැබැයි ඒක අල්ලලා ගියෙත් නැහැ මට...

      ඔය ඔක්කොටම වඩා මට අල්ලලා ගිහින් තියෙන්නේ සුදු පාට බීම, බකාඩි, ස්කයි, ඩන්ස්කා, ස්මර්න්ඕෆ් වලට වැඩිපුර මනාපයි...
      පාට තියෙන වර්ග වලින් වැඩිපුර කැමති බාඩිනෙට්, බැලන්ටයින් වලට...
      සෞදි ඉන්න කාලේ වතාවක් බහ්රේන් ගිහින් ඇති වෙන්න බ්ලු ලේබල් බිව්වා කම්පැණිය ගානේ, පට්ට බීම. මාර ස්මුත්...
      ආයේ ඉතින් බොන එක හීනයක් තමා. හෙහ් හෙහ්...

      Delete
    3. මම මේ පාර ලංකාවට යනකොට ලංකාවෙ ඩියුටි ෆ්‍රී එකේ තිබ්බ ඔෆර් එකකින් ජොනි වෝකර් ගොල්ඩ් ලේබල් 3ක් ගත්තා. ඔෆර් එක අනුව ගෝල්ඩ් ලේබල් 3ම US$ 99, පට්ට ලාභයි. හැබැයි ගහනකොට තමයි වෙනස දැණුනෙ. බඩු බාලයි, ගෝල්ඩ් ගහලා තියෙන එකෙක් හැටියට මම කියන්නෙ, උඹලා ලංකාවෙන් ඩියුටි ෆ්‍රී ලිකර් ගන්න එපා. එන රටින් ගනිල්ලා, දන්න උන්ටත් කියපල්ලා. මට ලංකාවෙ උන් කීප දෙනෙක්ම කිව්වා මේවා ඉන්දියාවෙ හදන්නෙ කියලා. හැබැයි බෝතල්නම් ඔරිජිනල් ස්කොටිෂ් විධියටම තියෙනවා.

      Delete
    4. මම දන්නා තරමට වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී ඒවා හොඳයි. ඒ වගේම ටිකක් ගණන්. ළඟදී ඉබ්බන්වල ආර්පිකෝ එකේ ඉන්දියන් කාරයෝ වගයක් විස්කි තෝරනවා. මමත් පොඩ්ඩක් ඔලුව දමලා බැලුව. එතන ඉන්න සේල්ස් පොර මට පැනපු ගමන් කිව්වා. සර් මේවා මැලේසියන් ඒවා ගන්න එපා කියලා. හැබැයි ඒකා ඉන්දියන් කාරයන්ට ඇඟේ ගහන්නයි හදන්නේ පස්සේ උන් යනකං ඉඳලා මට කියනවා. ඒවා ඉන්දියන් ඒවා කියලා.
      විස්කි බෝතල් දෙකේ කතාව මේක කියවලා බලන්න

      Delete
  5. අපරාදේ ඒ බෝතලේට ගල් අරක්කු හරි දැම්මේ, තේ කහට ටිකක් දාල මුඩිය ආපහු සීල් තියපු වෙන රෙඩ් ලේබල් බෝතලයක් තියන්න තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. එතකොට වැඩේ මාට්ටු. ඒ වගේම මැට් කාරයා අහු වෙන්නේ නෑ.

      Delete
  6. මොන ජාතිය වුණත් හොරාට බොනකොට තමයි ගති

    ReplyDelete
    Replies
    1. එහෙමද? හොරා කනකොට ගති නැද්ද ?

      Delete
  7. අරුන් පොත අස්සන් කරන්න ගිය එකාව කතාවට අල්ලගන්න අතරේ ගත්ත නේද යතුරේ අච්චුව ආණ්ඩුවෙන් දෙන සබන් කෑල්ලකට.. ඊට පස්සේ නිවිහැනහිල්ලේ යතුර කැපුවා බෝතලේ ගැහුවා නෙහ්..

    අම්බලන්ගොඩයා සී ඩී රොම් එක ගන්න කාමරේ අරින්නයි ලාච්චුව අරින්නයි දෙකටම පාවිච්චි කරේ අමාරිස්ගේ යතුරම තමා.. ඒත් හොරකම් කරලා නම් නෙවෙයි.. බොහොම සාධාරනෙන්.. එව්වා ඇවිල්ල මාස්ටර් ප්ලෑන්..හෙහ්..

    ReplyDelete
    Replies
    1. උඹගෙන් හරි උත්තරේ ගන්න බැරි බව මම දන්නවා. සබන් කෑල්ලේ ක්‍රමය බොහොම පැරණි ප්‍රසිද්ධ ක්‍රමයක්. අපි බුද්ධිමත් පාඨකයාගේ අවස්ථාව උදුරා ගන්නේ නැතිව තවත් ටික වෙලාවක් දෙමු. අනික සඳුදා පහු වෙනකං ඉන්න වෙනවා. නිවාඩුවට ගමන් ගිය කට්ටිය ඔෆිස් ඇවිත් බලනකම්.

      Delete
  8. බැංකු ජිවිතේ එක එක ජාතියේ සොමි පොරවල් මටත් ඉඳල තියෙනව. දවසක් විසිට් එකකට ගිය වෙලාවක කෑම කඩයක ගෑනියෙක් දාපු පඩ ෂෝ එකක් නිසා අපි ඉතිං ලඟම තියෙන ගාමන්ට් එකට කෑම පාර්සල් 25ක ඕඩරයක් දීගෙනම ආව (CDMA) එකෙන්. 😂😂😂😂🤡

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අන්ඩර නම් ඕන තරම් දීපුවා අහලා තියෙනවා.

      Delete
    2. නීතියෙන් බාර් කවුන්ටර් වල කාන්තාවන්ට ඉන්න බෑ. නමුත් අරල්ගන්විලයි දෙහිඅත්තකණ්ඩියයි අතරේ තියෙන බාර් එකක හිටියා ගෑණියෙක්. බියර් වල ගණන රෙස්ටුරන්ට් වල ගානට සමානයි. අපි හරි ගාන මේක නේද කිව්වම ගෑණි අපේ මිතුරෙක්ගේ ඇඟට ගොඩ වුණා. බලනකොට එයා බර්ටි ප්‍රේමලාල්ගේ කැච් එකක්.

      Delete
    3. බර්ටිට ගැනු නැත්තේ මල් ශාලා වල විතරයි

      Delete
  9. තමුන්නැහේ අර උඩ ඩොලර් එකොළහට ගන්න පුළුවන් කියල දාල තියන ගැජමැටික් එක ඕඩර් කරන එක බොහොම භයානකයි.. උදේ නැගිටිනකොට බිරින්දෑවරු ඔව්වයේ අංක කරකවල කොයි කොයි එව්වා ලොක් කරලා තියාවිද දන්නේ නැහැ.. හරිම භයානක උපකරණයක්..

    ReplyDelete
    Replies
    1. කවුද නෝනට ඕවගේ නම්බරේ කියන්න යන්නේ.

      Delete
  10. සබං කතාව කියන්න හිතේ තියාගෙන එනකොට අම්බලං ගොඩය ඒක කියල දාලනෙ.

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න තිබුණේ, අපේ පැත්තේ ඕවා ගන්නේ පැරපින් ඉටි වලට කියලා.

      Delete
  11. මට කතාව තේරුනේම නෑ...

    මට්ටකුණ්ඩලී නෙමේ උන්දැගේ පියාණන් තමයි කුණු ලෝබයා..

    ReplyDelete
    Replies
    1. මාතෘකාවෙන් කතාව තේරෙනවා නේ.

      Delete
  12. අනේ මං දන්නේ නැහැ බන්..
    කොහොම හරි බෝතලේ එලියට වඩම්ම ගත්තා නේ..
    ඒ හොඳටම ඇති..

    ReplyDelete
    Replies
    1. වඩම්මපු විදිය තමයි වැඩේ.

      Delete
  13. "ජොනී වෝකර් " මගේ ෆේවරිට්ම බ්‍රෑන්ඩ්වලින් එකක්. බෝතල්වලට ඔය වගේ ගේම් දීල නැතත් සිගරට්වලටනම් ඔය වගේ ගේමක් දීල තියනවා.

    ReplyDelete
    Replies
    1. රතු වලට කට්ටිය වැඩිය කැමති නෑ නේද ? නැතිම වෙලාවක දුන්නොත් නම් ඇත අරින්නේ නැති වෙයි.

      Delete
  14. කවුරුත් උත්තර දෙන්න උත්සාහයක් වත් ගත්තේ නැති නිසාත් (අම්බලන්ගොඩ ඇර), මම අද උත්තර දෙන්න පොරොන්දු වුණා නිසාත් උත්තරේ දාන්නම්. හැබැයි මට සහතිකයි ඉස්සර වගේ හැමෝම බ්ලොග් එකට ආවානම් කවුරු හරි උත්තරේ දෙන්න චාන්ස් එකක් තිබුණා. ඒ ප්‍රවර්ධන කටයුතු කරන්න මෙන්ඩා ඇතුළු පිරිසට තමයි බාර දෙන්න ඕනේ.

    වැඩේ වුණේ මෙහෙමයි. කාලයක් නිරීක්ෂණ කටයුතු වල යෙදුන චරපුරුෂ සේවා වලින් වාර්තා වුණා, හවස අත්සන් කරන්න යන මිනිත්තු පහදී මිනිහා කබඩ් එකේ ඉබ්බා ලොක් කරන්නේ නැති බව. මේ ගැන මැට් නැති වෙලාවල් වල සංවාදයක යෙදුණා. නමුත් හැමෝම කිව්වේ යතුරු කපන වැඩේ. නමුත් ඔය සබන් සෙල්ලම් කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. නැතිනම් ඔරිජිනල් යතුර නැතුව කපන්න බෑ. ඔතන හිටිය ලෝකයෙකුට ආවා හොඳ අදහසක්. අපි මේක අරින්න ඕනේ ඒ යතුරින්ම. නමුත් මේකේ මහ මොළකරු කාටවත් කලබල වෙලා වැඩේ දෙල් කර ගන්න ඉඩ දුන්නේ නෑ. අලුතෙන් ගෙනා ඉබ්බා තරමක් පරණ කරගෙන තමයි වැඩේට බැස්සේ. මොකද අලුත්ම ඉබ්බෙක් දැක්කොත් මිනිහට වැඩේ මාට්ටු වෙන නිසා. මේ අතරේ මැට් ඊළඟ දවසට නිවාඩු දිනයක් එයාලා මේ වැඩේට තෝරා ගත්ත. අර කියපු විදියට කට්ටිය ස්ථානගත වුණා. අලුත් ඉබ්බා කොන්ඩි පට්ටමට දාලා පරණ එකා අතට ගත්තා. වෙනදට වඩා පරක්කු නිසා මැට් උන්නැහේ ඉබ්බා තද කරලා යන්න ගියා. අලුත් ඉබ්බාගේ යතුර එයාලා අතේ. ඇරියා ඉබ්බව. ගත්තා බෝතලේ. හවස සෙට් වුණා. ගල් බෝතලේ අරකට දාලා, තුබුන විදියටම තිබ්බා. ඊට පස්සේ සුරැකිව තියාගෙන හිටිය පරණ ඉබ්බා දාලා ලොක් කළා.

    ඊට ටික කාලෙකට පස්සේ මැට් උන්නැහේ, රණේලත් එක්ක මෙහෙම කියලා

    "විස්කි තියෙනවා නේද, බිවුවම කිසි කරදරයක් නෑ. අපේ ජරාව වගේ නෙවෙයි"

    කට්ටිය ඊට පස්සේ ඕවා මතක් කර කර හිනා වෙනවලු. මම හිතන්නේ මැට් උන්නැහේ තාම දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. චා...මට මතක් උනේ නැහනේ මේ කතාව

      Delete
  15. අලිබබා එකෙන් ඊබේ එකෙන් වගේ වෙබ් අඩවි වලින් බඩු ඔඩර් කරන විදිහ ගැන ලිපියක් ලියන්නකෝ
    ක්‍රෙඩිට් කාඩ් නැති අය
    බඩු වල කොලිටි එක
    හැම දෙයක් ගැනම විස්තරයක්

    ReplyDelete
    Replies
    1. ක්‍රෙඩිට් කාඩ් නැතිව නම් බඩු ගන්න බෑ.

      Delete
  16. ඔය හැම දේකටම දාන ලොක්ස් දැකලා තිබුනට, බෝතල් ලොක් කරන එකක් දැක්කමයි.

    ReplyDelete
  17. //ඒක කලින් නොකිව්වනම් තමයි හොඳ. දැන් වුණත් ඕනෑනම් මකලා දාන්න පුළුවන්. ඒ වුණාට අමාරුවෙන් ටයිප් කොරපුවානේ. ඔහෙළා කියවන එකනේ. මයෙ මොකෝ. මකන්නෑ. කියෝගන්න එකයි ඇත්තේ.// මේ ටික තමයි මට අල්ලලාම ගියේ.. බෝතලේ ඉස්සුවේ ඔෆිස් වෙලාවේ නම් කලින් දවසක ලොක්කට කණ පැලෙන්න බොන්න දුන්නේ ඇයි? අපරාදෙනේ.. හැක්. අම්මප.. ඔය විස්කි.. ඔය..ඔය.. මැට් කාරයා බීපු විස්කි බිව්වම පහුවෙනිදට ගානක්වත් නෑ.. :))

    ReplyDelete
    Replies
    1. කලින් දවසක බොන්න දුන්නේ අනාගත ආයෝජනයක් විදියට වෙන්න පුළුවන්. මේක මම අහපු කතාවක් නිසා හරියටම විස්තර කරන්න අපහසුයි. නැතිනම් අර එළුවාගේ ඇටේ වැටෙනකම බලන් ඉන්දිල්ල වගේ දෙයක් වෙන්නත් පුළුවන්.

      Delete
  18. හපොයි..මට මේ බ්ලොග් එක පේන්නේ කොටු කොටු නේ. මට විතරද එහෙම පෙන්නේ? ඉස්පිලි පාපිලි වෙනුවට තියෙන්නේ කොටු. කියෝගන්න බෑ

    ReplyDelete
    Replies
    1. එහෙම කොටු කොටු වැටෙන්න මොකුත් දෙයක් ලියල නෑනේ මේ පෝස්ට් එකේ.. :)

      Delete
    2. මොබයිල් එකෙන්ද බලන්නේ ?

      Delete
    3. කෙමෙන්ට් එකක් "Publish" කරහම ඒක හරියනවා ඒකයි මම ටෙස්ට් කියලා දාලා ඉන්නේ

      Delete
  19. නිරෝෂන් බණ්ඩාරතිලක කියලා ක්‍රිකට්ර් කෙනෙක් හිටියා නේද ? පලවෙනි ටුවර් එකේදී මොනවා හරි ප්‍රශ්නයක් වෙලා මිනිහට ක්‍රිකට් තහනම් කරාලු (හොරකම් කරලා කියලාලු ) එකත් කුමන්ත්නයක්ලු පරන ක්‍රීඩකයන්ගේ
    මේවා ඔක්කම මම අහපු කතා ..මේ ගැන ඔයා දන්නවනම් විස්තරයක් ලියන්නකෝ

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙන්ඩා....නිරෝශන් හරි ටොප් ක්‍රිකටර්නේ. අමතක වෙලා හිටිය චරිතයක්. අපේ ගෙවල් ගාව හිටියේ කෝසල කුරුප්පුආරච්චිවත් මේ වගේ අමතක වෙන පොරවල්. මුතුමුදලිගේ පුශ්පකුමාරත් ඒ වගේ පොරක්. තව කොච්චර ඉන්නවද. ක්‍රිකට් විතරක් නෙමේ හැම ස්පෝර්ට් එකකම. සුදීක ඇත්තටම මුන් ගැන ලියන්නකෝ.

      Delete
    2. දක්ෂකම තියෙන හැමෝටම අවස්ථාව ලැබෙන්නෙත් නෑ. සමහරු දෙවෙනියා වීමේ පාපය ගෙවනවා. සමහරු අර පළවෙනියා ස්ථානය සාදා ගැනීම නිසා අඩපන වෙනවා. බලන්න චරිත් සේනානායක, වරුණ වරාගොඩ, අවිශ්ක ඒ වගේ අය. කෞෂාල් ලොකුආරච්චි වෙනම හේතුවකට. මට හිතෙනවා දැන් යන විදිය හොඳයි කියලා. මොකද හොඳ කෙනෙක් වුණත් පොඩ්ඩක් ෆේල් වුණු ගමන් හැලෙනවා.

      Delete
    3. නිරෝෂන් ගැන දන්න විස්තරයක් ලියන්නකෝ අයියන්ඩිලා

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...