Tuesday, July 5, 2016

සිකුරිටි ලඳක් සිතින් කියූ කවි ......


Glass full of Mango juice Lady security looking outside kantha sikurity iwatha bala siteema

කුසගිනි උරුම අපහට ඇති සැනසිල්ල
අහරක් තනන විට හමනා පවන්රැල
මාසේ අගට දෑතට එන සොච්චම් මුදල
ගෙන එයි මගේ මුළු පවුලට හසරැල්ල
    
මිදුලේ අඹ ගහේ තවමත් ගෙඩිපිරිලාද
මහරෑ වවුල් මංකොල්ලය අඩුනැතිද
වවුලන් එලවන්න ටකය මුළු රෑ හොලවනවාද
ලණු වැල් ඇඳේ නොනිදන අප්පච්චිටහතිද

මුළු ගහ අපි දෙන්නේ දාහටදෙදාහට
එනමුදු මෙහේ ගෙඩියක් වැඩිවේසීයකට
අඹරා මේසයට එන මේවීදුරුවකට
නෝනලා ගෙවයි තුන්සීයක් නැතිවම කිසි ගානකට
     
සිසිලස සපිරි මේ සුවිසල් ශාලාවේ
අමුත්තන්ට දොර අරිනට මා මෙහිවේ
"ගුඩ් මෝනිං"ද පවසන්නට මට සිදු වේ
එනමුදු ඔවුන් නෑ ඒ ගැනතැකුවේ
     
කැමැත්තෙන්ම මා දොර මුරකරන්නේ
අහරක් දකින විට කාටද කෙළනූනන්නේ
අප වැන්නන්ට නැ මේවාදිරවන්නේ
නරියගේ මිදී ඔවදනයි හැමවිටසිහිවන්නේ
     
පොඩි නංගියේ මල්ලියේ සැමදා පාසල්යන්න
උනන්දුවෙන් හැම අකුරමඋගනින්න
අපවැනි අයට වෙන මග නෑ ගොඩ යන්න
කන්නන්ගර මැතිඳු දිවරෑ නමදින්න
  
කවි ලිවීමට මට හැකියාවක් නොමැති බව දනිමි. එහෙත් මාගේ මිතුරියකගේ මුහුනුපොතේ දුටු මේ ඡායාරූපය මගේ සිත සසල කරන්නට සමත් විය. මේ පිලිබඳ සටහනක් ලිවීම රස නැත. එයට සරිලන්නේ කවියක්ම පමණි. කවි ලියන අයට මෙහි තිබෙනා ආකාරයට කවිපද සැකසීමට අවශ්‍යනම් පහත සබැඳියාවෙන් එය පහසුවෙන් සිදු කර ගත හැක. 


http://siwpada.blogspot.com/#top




43 comments:

  1. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී....

    ReplyDelete
    Replies
    1. සහතිකවම නාඩියෝ. පොඩි මුදලක් අතට ලැබුණට මේ අයට ගොඩ යන්න බෑ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සුදීක අයියෙ කවි ටික කියෝගෙන එද්දි එකපාරටම මතක් උනේ මේ දුක්ගැනවිල්ල..අදාල නැති උනත් දාන්නං ඈ :D

      වැසි දෙවිඳේ තුරු රජිඳා එපා තෙමන්න
      හෙට උදේම මිටි බඳින්න කඩේට දෙන්න
      එක දවසක් තව රැඳෙන්න එපා වහින්න
      අඬන නංගි නළවගන්න දිවැස් හෙළන්න……

      අප්ප දෙවිඳු අරන් ගියා සුර පුරයට නොවෙද එයා
      අම්ම බුදුන් අරන් ගියා නිවන් පුරට නොවෙද එයා
      ඒ දෙන්න දීල ගියේ සිදාදියට නොවෙද එයා
      දෙවියො බුදුන් බලන් දිනේ අනේ කියන් හෙටද කියා ……

      දර මිටියට කැපුව ගහේ රුක් දෙවියෝ උරණ වෙලා 
      මතු බුදුවන අපෙ අම්මා අප්ප එක්ක එකතු වෙලා
      අප දෙදෙනා තනිකර දා එළොව බලා යන්න වෙලා
      තුන් මාසේ ගෙවෙන දිනේ බණ අහන්න සමා වෙලා ……

      Delete
    2. ඔව් ඇත්තටම. බොරළු ඇනෙන පය රිදවන ගීතයේත් මේ ටික තියෙනවා.

      Delete
    3. සුදීක
      හරිම සංවේදී කවියක්. ගැලපුම, විරිත ... අප්සට් උනාට නිර්මාණාත්මකයි,.. ඔහොම යන් ...

      "ගෙඩි සියයක් බිම හෙලුවත්
      අප්පච්චිට එක ගෙඩියයි ......." නන්දා මාලනී
      KAPS

      Delete
    4. බොහොම ස්තුතියි ඇනෝ

      Delete
  3. ජීව්ත වල හැටි තමයි සුදීක අයියා.

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහරවිට අනිත් අයට නැති හිතේ සතුටක් මේ මිනිස්සු ගාව ඇති.

      Delete
  4. සසල වන කවියක්

    ReplyDelete
    Replies
    1. පින්තූරය දැකලා මගේ හිත සසල වුණා. කවි ලියන්න දක්ෂයෙකු නොවුණත් මගේ අරමුණ ඉටු වී ඇති බව ඔබේ කමෙන්ටුවෙන් පැහැදිලි වේ.

      Delete
  5. හැඟීම්බර කවියක්. මේ තැන් වලට යන එන විට මේ කවිය මතක් වී පොඩි ගාණක් හෝ ඔවුන් අතේ තියා යමු.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම බොහෝ විට කරන දෙයක්. සුපර් මාකට් වල වැඩ කරන මිනිසුනුත් මේ වගේම දුකක් දරාගෙන ඉන්න වෙන කොටසක්. තමන්ට දෙයක් කන්න ලැබුණත් ගෙදර අය මතක් වීම කෙතරම් දුකක්ද?

      Delete
  6. කවි පබැඳුම අතින් දුර්වල වුනත්, අදහස නම් පොහොසත්. මෙවැනි රැකියාවල නිරතව සිටින බොහෝදෙනා, මේ තත්වයේ තමයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට කවි ලියන්න බැරි බව මම දන්නවා. කියන්න ඕනේ දේ කියවුණා කියලා හිතෙනවා.

      Delete
  7. මම හිතන්නේ අපේ අය බොරුවටත් ශෝක වෙනවා.. ඔය මිනිස්සු හොඳ පඩියක් ගන්නවා...

    ReplyDelete
    Replies
    1. හරි හොඳ පඩියක් ගත්තත් ලබා ගන්න බැරි දේවල් තියෙනවා. තමන්ට රස අහරක් කන්න ලැබුණු විට තමන්ගේ පවුලේ අය නැතිව කන්න බැරි තැනක සිටීම. අතීතයේ වැරදුනු තැන්(අධ්‍යාපනය) වගේ (දුප්පත් කම නිසා). අපේ ඔෆිස් එකේ හත අටක් ඉන්නවා. බොහෝ දෙනා හමුදාවෙන් විශ්‍රාම ගත්තු අය. එයාලට ගැටළුවක් නෑ. නමුත් මේ රකියාවම කරන අය ඉන්නවා. අපිටත් ලැබෙන වැටුප ප්‍රමාණවත් නැති කාලෙක මේ මිනිසුන්ට වියදමට සරිලන වැටුපක් ලැබේය කියලා හිතන්න අමාරුයි. දන්නවද කෙනෙකු වෙනුවෙන් අපි රුපියල් 350 ගෙවුවොත් මේ මිනිසුන්ට ලැබෙන්නේ කීයද කියලා ? සමහර ආයතන මේ සුළු සේවකයන්ගේ ඕ.ටී. එක දෙන්නෙත් නෑ. හූරාකෑමට ලක් වෙනවා. මම මේ මිනිස්සු යම් තරමකට ලඟින් ඇසුරු කරන නිසා දන්නා දේවල්.

      Delete
    2. ගොඩක් අයට මේ සිකියුරිටි නෝනට දක්වන ප්‍රේමය අර නිදහස් චරශ්‍රයේ සිකියුරිටි මල්ලි වෙනුවෙන් තිබුනේ නෑ. සමහර විට ඌට ස්ත්‍රී නිමිත්ටහ් නැති නිසා වෙන්ටැති.

      මචෝ මම කාලයක් සිකියුරිටි කොම්පැනියකත් වැඩ කලා. ගොඩක් රැකියා එක්ක බලද්දි මේ අයට ජීවත් වෙන්න සරිලන වැටුපක් ලැබෙනවා. අනික් හේතු දැක්වීම ගැන නම් කියන්න තියෙන්නේ ඔය ඔක්කෝම ගැන හිතන්න ගියොත් ෆයිෆ් ස්ටාර් වලට ගිහින් වේටර්ලා බලාගෙන ඉන්දැද්දි කන්න බොන්නත් බෑ කියලා. උඹ හෝටලේක වැඩ කලා නිසා ඒ ගැනත් දන්නවා ඇති නේ. අනික තමයි ඊට කලින් දෙමව්පියෝ.. දරුවෝ.. නැති බැරි ඝ්නාතී හිතමිත්‍රනදීන් මතක් වෙන එක. එහෙම උනොත් කවදාවත් මේවයෙන් කන්න බොන්න වෙන්නේ නෑ. අර ඉයන් මහත්තයා කිව්වා වගේ හිතට අමාරු නම් කීයක් හරි දුන්නට කමක් නෑ.. ඒත් පිටරවල නම් ඒවා කරන්න යන්න එපා.. මොකෝ ඒ රටවල් වල හැම එකාටම තමන්ගේ රැකියාව ගැන අබිමානයක් තියෙනවා.. මෙහේ කොහොමත් ඉන්නේ හිඟන මානසිකත්වයක් තියෙන මිනිස්සු නේ.. අර නාට්ටි කාරයොත් කීයක් හරි ඉල්ලන්නේ.. මීට පස්සේ නාට්ටි බලලා ඉවර උනාම පිටිපස්සට ගිහින් රුපියල් විස්ස විස්ස වත් දෙන්න ඕන. හරි පවු බං..

      Delete
    3. හරි මොහොතකට අපි හිතමු සිකුයුරිටි සේවාවල් කරන ඇයට ජීවන වියදමට සරිලන වැටුපක් ලැබෙනවා කියලා. දැන් උඹ කියපන් අපේ රටේ ජීවන වියදාට සරිලන වැටුපක් නොලැබෙන අය කවුද කියලා?

      Delete
  8. අනේ මන්ද ඉතිං. මාතලං කියන එකද ඇත්ත සුදීක කියන එකද කියල.
    පද වල පොඩි පොඩි අවුල් තිබුණත් කවි ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒ පඩිය ගන්න විඳින දුක තේරෙනවද ? කොයි තරම් බැණුම් අහනවද? යුද්ධේ තිබුණු කාලේ කොහොමද?

      Delete
  9. ඡායාරූපයේ සැඟවී තියෙන සංවේදී මොහොතක් ලස්සනට අකුරු කරලා. සිව්පද අඩවියට පාර කිව්වටත් ගොඩාක් ස්තූතියි! :)

    ReplyDelete
  10. ඒ මිනිස්සුත් ආශා ඇති ඔහොම තැනකට ගිහින් කාලා,බිලා එන්න.එත් ගන්න වැටුපෙන් කරන්නත් මහා මෙරක් තරම් දේවල් තියෙනකොට මේ වගේ දේවල් රස විඳීම අතහරිනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ් මම මේක සියසින්ම දැක්කා හොටෙල් වල වැඩ කරපු කාලයේ. ඒවායේ වේටර්ලා විදියට වැඩ කරන අය, අපි එක්ක නිතරම කියනවා නිවාඩු වෙලාවල් වලට අර රෙස්ටුරන්ට් එකට ගිහිං කාලා-බීලා ටිප් එකටත් සල්ලි දුන්නා කියලා. එක පැත්තකින් මේක පීඩනයක්. අපේ වගේ රටවල් වල සමහර රැකියා පිළිගැනීමට ලක් වෙන්නේ නැති නිසා, පීඩනයකින් ඔවුන් ඉන්නේ.

      Delete
  11. පින්තූරෙට අගේට ගැලපෙන අදහස් ටික...!

    ReplyDelete
  12. සංවේදී අදහසක් මචං ...

    ReplyDelete
  13. මචං ෆිල්ම් එකේ හෝටලේ කෑමකට ගෙදර අය එක්කන් යන දර්ශනය මතක් උනා
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මොකක්ද ෆිල්ම් එක? උඹ කියන්නේ කොස්තාපල් පුඤ්ඤසෝමද ?

      Delete
    2. ෆිල්ම් එකේ නම තමයි 'මචං'

      Delete
    3. මම හිතුවේ මචං කිව්වේ මට කියලා :)

      Delete
  14. මහත්වරුනි බඳුළු ඔයෙන දිය කඳුලක් අපිත් බොන්න

    මතකද ඒ සිංදුව.. මේක දකිද්දි හුටාං ගාල මතක් වුණේ ඒ සිංදුව...

    බෑ බෑ කියල පැත්තකට වෙලා ඉන්නවට වඩා හොදයි මෙහෙම හරි ට්‍රයි කරන එක.
    අනිත් එක සුදික අයිය ආඩම්බර වෙන්නත් ඕන හැම කෙනාටම සිව්පද ශෛලිය කරන්න අමාරුයි.. ඒකෙ තියන විනය නීති නිසා.. ඒ හිංද ම තමා හුඟක් අය නිදහස් කවියට ප්‍රිය.
    ආරම්භයක් විදියට සෑහෙන්න සාර්ථකයි . අඩුපාඩු ඇතත් ඒ ගැන හිතන්නෙ උවමනා නෑ. හැකි විදයට ලියන්න. හොඳ කවියෙක් වෙන්න පුලුවන් වෙයි දවසක

    ජයවේවා...

    මේ දවස් වල බ්ලොග් වලට එවෙන්නෑ විභාග වැඩ නිසා... ඒ හිංද නිතර දෙවේලේ නොදැක්කට අමනාප වෙන්ට එපා... ;-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිරි ගැන්වීමට සහ දීර්ඝ කමෙන්ටුවට. මට නිතරම කවි ල්ලියන්න හිතෙන්නේ නෑ. නමුත් මේක මගේ මිතුරියගේ වෝල් එකේ දැක්කම මම එක කවියක් කමෙන්ට් එකක් විදියට දැම්මා. එයා ඒක ඩිලීට් කළා. මට ඊයේ මුනගහිලාත් කිව්වා, ඒක ඩිලීට් කළා තරහ වෙන්න එපා කියලා. මම කිව්වා මේ පොස්ට් එක ගැනම. මොනවා වුණත් එයාටත් ස්තූති කරන්න ඕනේ, මේ ඡායාරූපය දැම්මට.

      Delete
  15. ...ඔබ මතු කරපු අදහස සංවේදියි...හැබැයි මගෙ පුද්ගලික අදහස නම් තමන්ගේ මහන්සියෙන් රැකියාවක් කරන කිසිම කෙනෙක් දිහා අපි අනුකම්පාවෙන් බැලිය යුතු නැහැ...එය අගය කල යුතුයි...හොරකම් නොකර කාටවත් බරක් නොවී ජීවත් වෙනවට...

    හිතේ ඇතිවෙන සිතිවිලි කවියකට ගලපගන්න පරිපුර්ණ නිර්මාණකරුවෙක් වෙන්නම ඕනේ නැහැ...ඔබේ උත්සාහය අගය කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ අය මේවා බොහොම සතුටින් බාර ගෙන ඉන්නේ. හොඳ උදාහරණයට අපේ ඔෆිස් එකේ ඉන්න එල්.එස්.ඕ. තරම් මම පොත් කියවලා නැතිව ඇති. හැම වෙලාවකම මොනවා හරි කියවනවා. ඇය ඒ අතින් වාසනාවන්තයි. නමුත් ඔය බොහොමයක් අය තමන්ගේ අසල්වාසීන් දකියි කියන බියෙන් පසු වෙනවා.

      Delete
    2. තමන්ගේ රැකියාවේ තත්වය ගැන බයෙන් පසුවෙන්නට සිදුවීම අපේ වගේ රටවල තියන බොහොම කනගාටුදායක තත්වයක් සුදීක...ඒ නිසා මිනිස්සු කෙටි ක්‍රම වලින් මුදල් උපයන්නට පෙළඹිලා මොන තරම් සමාජයට හානිදාකයක දේවල් වල නිරත වෙනවද...ඒත් ඒ අය සල්ලි නිසා සමාජයේ වැදගත් කියන කොටසට වැටෙනවා...ඒත් තමන්ගේ මහන්සියෙන් මුදල් හොයන මිනිස්සු ඒ ගැන ආඩම්බරයෙන් කථා කරන්න පැකිලෙනවා අනික් මිනිස්සු එයාලව පහත් කරාවි කියල බයට...ඒකයි අපේ රටවල් කවදාවත් දියුණු නොවෙන්නේ...මිනිස්සුන්ගේ ශ්‍රමය නිසි ලෙස අගය නොකරන නිසා...

      Delete
  16. එන්න පරක්කු උනත් බොහොම සංවේදී අදහසක් කියල නොකිය යන්න හිතුනෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දැක්කේ අද. අර කවි ෆොර්මැට් කරන ලින්ක් එක හොයාගෙන ආ ගමන්.

      Delete
  17. ඇත්තටම ගොඩාක් සංවේදී අදහසක් අයියේ...ඇහැට කදුළක් එන්න ඔන් මෙන්න...

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ඔබ ඉතා හොඳ හදවතක් ඇති කෙනෙක්.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...