Monday, June 27, 2016

කෙටිම කෙටි ලොල් කතා අංක 38 : අයියේ හොටෙල් එක තියෙන්නේ කොහෙද ? ...... Where is the hotel bro ?

දිගු නිහැඬියාවකට පස්සේ ලියන බ්ලොග් පොස්ට් එකක් වගේම, ලොල් කතාවක්. මේ කතාව අහලා බොහොම කලක් ගෙවුණත්, අද ලැබුණු විවේකයේදී ලියන්න හොඳ මාතෘකාවක් හිතට ආවේම නෑ. පස්සේ මගේ දියණියට ලැබුණු ත්‍යාග වවුචර් පතක් දැක්කම මට මේ කතාව මතයට ආවා. 

කාර්යාලයක සේවය කරන පිරිස වැඩි වශයෙන්ර රස කථා ගෙන එන්නේ තමන්ගේ ගමන් මාර්ගයේ දකින කියන, අත්විඳින්නට ලැබෙන අත්දැකීම් මාර්ගයෙන්. එයට අමතරම රියදුරු වරුන් ළඟ රස කථා බොහොමයක් තියෙනවා. මේ කාණ්ඩයට වැටෙන තවත් පිරිසක් තමයි ආරක්ෂක අංශයේ සේවකයන්. කාර්යාලයට යන එන පුදගයලන් වගේම, එතැනින් ගමන් කරන යාන වාහන වගේම, ජනතාව ගැනත් නිරන්තර ඇස යොමු කරගෙන සිටින පිරිසක් තමයි මේ ආරක්ෂක සේවකයන්. මේ අය අපත් සමග මේ කතාවන් බෙදා ගන්නේ දිවා ආහාර විවේකයේදී නැතිනම්, අපි වාහනයක් එනතරු බලාගෙන ඉන්න වෙලාවට. 

අපේ ඔෆිස් එකේ ඉන්න බොහොමයක් ආරක්ෂක නිලධාරීන් හමුදා සේවයෙන් විශ්‍රාම ගත්ත උදවිය. ඒ අය හමුදා කෑම්ප් වල අත්දැකීම් පවා අපත් සමග බෙදා ගන්නවා. ඒ සමහර කථා මෙහි සටහන් කර තබන්නට අවශ්‍ය පරිසාධන මට්ටමට පහල ඒවා. ඒවා හුදෙක් හමුදාවේ අත්දැකීම් නිසා නොවෙයි. ඒවායේ අන්තර්ගතය පිලිබඳ මා පනවාගෙන තිබෙන ස්වයං වාරණය. දැන් මට කියන්න එපා අනේ ඔන්න ඔහේ දාපං බං කියලා. වැඩි ආගත නාගත නැතිව අපි කෙලින්ම කතාවට බහිමු.

දවසක් උපහාසයත්, තැතිගන්මත් අතර මුහුණක් ඇතිව, තේකක් බී කඩයේ සිට එන අප වෙත දිව ආවේ අපේ සිකුරිටි ගාඩ්ලාගෙන් බාල වයස් කාරයා වෙච්ච නිලන්ත. මිනිහා මූණ රතු, කරගෙන හති අරින ගමන්, හිනාව මැඩ ගන්න උත්සාහ ගන්න ගමන් කතාවක් කියන්න හදනවා. නමුත් වචන පිට වෙන්නේ නැත්තේ අතරින් පතර බකස් ගාලා පණින හිනාව නිසා. මිනිහාට කොහොමත් එවරෙඩි ටයිප් මූණක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ සුචා වගේ මූණක්. මිනිස්සුන්ට අපහාස කරන්න නරක නිසා මම ඒ ගැන වැඩි විස්තරයක් කරන්නේ නෑ. අර සුචා ගැන විස්තරය කියෙව්වොත් ඒ ගැන දැන ගන්න පුළුවන්. 

සර්... සර්... හරි වැඩේනේ වුණේ. මම මෙතැන කොට්ටම්බා ගහ යටට වෙලා ඉන්නකොට කපල් එකක් ආවා. කොල්ලා මගෙන් ඇහුවා "හොටෙල් එක තියෙන්නේ කොහෙද" අයියේ කියලා. මම කිවුවා "ඔය අයිනේ තියෙන පාරෙන් යන්න" කියලා. තව විනාඩි පහකින් විතර උන් දෙන්නා මෙන්න ආපහු එනවා. මම ඇහුවා "ඇයි මල්ලි කාමර නැද්ද?" කියලා. ඒ පාර කොල්ලට තද වුණා. "කාමර ... අපිට ඔනැති කාමරයක් නෑ. අපි ආවේ ඔඩෙල් එකට යන්න. තමුසෙගෙ කුපාඩි කමට ඒක හොටෙල් වගේ ඇහිලා තියෙන්නේ" කියලා යන්න ගියා. ඇයි සර් මෙතැනට එන හුඟක් අය හිතන්නේ අපේ ඔෆිස් එක තමයි රෝලන්කා හෝටලේ කියලා. මොකද බෝඩ් එක තියෙන්නේ අපේ බිල්ඩිම අයිනේ නේ.

අපිට එතකොට තමයි වැඩේ මීටර් වුණේ. අපේ මිනිහට කපල් එක දැක්කම ඔඩෙල් හොටෙල් වගේ ඇහිලා. ඔන්න මම යටින් මැප් එක දානව. රතු පාටින් මාක් කරලා තියෙන්නේ රෝ ලංකා හෝටලය. මේ හරිය හොඳට දන්නා කට්ටියට නම් හොඳට වැඩේ මීටර් වෙයි.

23 comments:

  1. සිකුරුට්ටට කන්න උනේ නැති එක මදැයි. හැක්..

    ReplyDelete
    Replies
    1. කෙනෙකුට කේන්ති යනවා නම් යන්නේ උගේ හිනාවට. නැතිනම් කේන්තිය නිවෙනවා. කොල්ලට තද වුණත්, මේ පැටලිල්ලට හිතෙන හිනා යන්න ඇති.

      Delete
  2. මගේ යාලුවෙක් ඔඩෙල් එකෙන් කොත්තුවක් කාල මලා.

    ReplyDelete
    Replies
    1. මොන ඔඩෙල් එකෙන්ද දන්නේ නෑ කෑවේ ?

      Delete
  3. හැබැයි සමහර කපල් පාරේ යන්නේ ඔඩෙල් හොටෙල් කොයි එක හම්බ වුනත් කමක් නෑ කියන ගානට.

    ReplyDelete
    Replies
    1. ඔඩෙල් අහුවුණොත් එහෙමයි, හොටෙල් හම්බුනොත් එහෙමයි. හැබැයි සුද්දෝ ලංකාවට ආවොත් කාමරයක් හොයා ගන්න සෑහෙන මහන්සි වෙන්න වෙනවා. මොකද කෑම විකුණන තැනුත් හොටෙල් නේ.

      Delete
  4. අද කාලේ හොටෙල් යන අය පයින් එන එකක් නැහැ...
    ඇත්තටම සිකියුරිටි කොළුවා කුපාඩි කමටම වෙන්න ඇති හොටෙල් එකට යන පාර පෙන්නන්න ඇත්තේ...
    අර කපල් එකත් එදා වෙන්න ඇති පළවෙනි වතාවට ඔඩෙල් එකට යන්න එන්න ඇත්තේ... :)

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් කෙනෙකුට බස් හෝල්ට් එකක් එහා මෙහා වෙනවා. කොස්වත්ත හන්දියේ ඔඩෙල් එක එක්කෝ පහුකරගෙන ඇවිත්, නැතිනම් කලින් බැහැලා. කැම්පස් එකේ මතුගම කෙල්ලන්ගේ (Fresh) වෙලාව ඇහුවත් කියනවාලු, හා අයියේ මම ඔයාට කැමතියි කියලා.

      Delete
  5. මචං ඒ හෝටලේ කාමර හොඳද?

    ReplyDelete
    Replies
    1. එක පාරක් ඕනයා නම් කිවුවා ඔකේ කාමර හොඳයි කියලා. ඉයන්ටද ? යාළුවෙකුටද ?

      Delete
  6. අපි ඔය වැඩේට කිව්වෙ "කුටිගතවෙනව" කියල. ඔව්ව ආවේනික වචන. ඒ කාලෙ දවසක් වීඩියෝ සෙන්ටර් එකක ඉන්නකොට පොරක් ආව , වීඩියෝ සෙන්ටර් එකේ කොල්ලට කිව්ව "මල්ලි මට හොඳ නිලක් දෙන්න" කියල. ඌ ඉල්ලල තියෙන්නෙ "වැළක්" එහෙමත් නැත්තං "ත්රිබලක්". "මස් කඩයක්" කියලත් කියනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වම මතක් වෙන්නේ ගල්කිස්සේ බීච් එකේ තියෙන පොල් අතු කුටි.

      Delete
  7. කොල්ලා කෙල්ලගෙන් පස්සෙන් ගුටි කෑවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ගුටි කෑවානම් කන්නේ, හෝටලේට එක්කන් ගිහිං නිකම්ම ආපු එකට.

      Delete
  8. මැප් එක බලාගෙන දැන් හොයාගෙන එන්ඩ ලේසියි. බෝග ලියන සුදික මහත්තයා කිව්වම හරිනේ..

    ReplyDelete
    Replies
    1. පෙන්නයි.... පෙන්නයි. :)

      Delete
  9. /* අපේ ඔෆිස් එකේ ඉන්න බොහොමයක් ආරක්ෂක නිලධාරීන් හමුදා සේවයෙන් විශ්‍රාම ගත්ත උදවිය. */

    මගේත් බාප්පා කෙනෙකු කලින් ම විශ්‍රාම ලබා බැංකුවේ ගිනි නිවන අංශයේ වැඩ කළා!

    ReplyDelete
    Replies
    1. නෙවිල් හරිස්චන්ද්‍ර ද ? තවම ඉන්නවා. මගේ හොඳ යාලුවා. මරදගහමුල නේද ගම ?

      Delete
    2. නෑ, උපාලි ජයසිංහ. පදිංචිය වීදාගම, බණ්ඩාරගම.

      Delete
  10. Google map දාගෙන ගියා නම් අහන්න ඕන නැහැනේ...

    ReplyDelete
    Replies
    1. හැමෝටම ඒ වගේ පහසුකම් නෑනේ. අනික තිබුනත් පාවිච්චි කරන්නේ බොහොමයක් අඩුවෙන්.

      Delete
  11. පව් උන් දෙන්න තවම රණ්ඩු වෙනවා ඇති. කෙල්ලට ඔඩෙල් යන්න ඕනේ ඇති. කොල්ලට හොඩෙල් යන් ඕනේ ඇති

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...