Sunday, April 17, 2016

පණපිටින් මියැදුනෙමි ...... I Died Alive

මම මියදුනෙමි

එනමුදු මගේ පපුවට හුස්ම වැටිණි

මම නිහැඬියාවෙහි ගැලුෙණමි

එනමුදු එතුළින්ම කටහඬ ප්‍රතිරාව දුනි

මම අඳ වුයෙමි

එනමුදු ඇතුළත දෑසින් හාත්පස පෙනුණේය

මම නිසල වුණෙමි

එනමුදු ජවසම්පන්න සිහින මා ගව් ගණන් දුර ගෙන ගියේය

මම මියදුනෙමි

නමුදු පණපිටින් මියදුනෙමි
____________________________________________

හැරියට් ඇනේනා විසින් රචිත I Died Alive කවියේ පරිවර්තනයකි.
____________________________________________

හැරියට් ඇනේනා උගන්ඩා කවිකාරිය
පින්තූරය : twitter.com
හැරියට් ඇනේනා ග්‍රන්ථ කත්රුවරියක මෙන්ම ප්‍රවෘති පත්‍ර කතුවරියකි. ඇය උතුරු උගන්ඩාවේ ගුළු හීදී උපත ලැබීය. වර්ෂ 2010දී  ජනසන්නිවේදනය පිලිබඳ කළා උපාදිය ඈ ලබා ගන්නේ මකයිඋරේ සරසවියෙනි. මේ වනවිට මානව අයිතිවාසිකම් විෂයෙහි ශාස්ත්‍රපති උපාධිය හදාරණ ඈ, ඩේලි මොනිටර් ප්‍රවෘති පත්‍රයේ උප-කතෘ වරියකි. කාවීත්වය පිලිබඳ හැරියට්ගේ ආශක්ත භාවය හෙළිදරව් වන්නේ  2001 වසරේදී, සම්මාන ලාභී "ඇකොලි දරුවාගේ බහ දීම" නමැති කවිපන්තියෙනි. වසර විස්සක් දිගු උතුරු උගන්ඩාවේ සිවිල් යුද්ධය, ඒ සමග හැදී වැඩෙන ඇයගේ, මුල් රචනා සඳහා පදනම් වේ. ඇය බ්ලොග් කාරියකි



ගූගල් සෙවීම් යන්ත්‍රයෙන් අහම්බෙන් හමු වූ කවි සහ කෙටි කතා පොතක මෙම කවිය අඩංගු වුණා. මෙය එහි තිබූ කෙටිම සටහන. ඉදිරියේදී එම කතා සහ කවි හැකි පරිදි පරිවර්තනය කරන්නම්. 

25 comments:

  1. අපූරුයි... හොඳ අදහසක්... දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. මේක පරිවර්තනයක් නිර්මාණි. ඔව් ඇය රැඩිකල් විදියට හිතන කෙනෙක් බව පේනවා ඇගේ බ්ලොග් අඩවිය කියවීමෙන්.

      Delete
    2. ඔව් ඔයා ඒක කියුවානේ... දිගටම ඒ නිර්මාණ මේ වගේ ගේන්න..සුභ පැතුම්

      Delete
    3. හරි මේ දවස් වල පොඩි තාක්ෂණික ගැටළුවක් තියෙනවා. මගේ නෝට්බුක් එක රෝග ලක්ෂණ පෙන්වනවා. ඒක හදා ගත්තනම දැන් ඒ කොටසත් හමාර කරලා. පහුගිය දවස් දෙකේ ඔෆිස් ගියෙත් නෑ.

      Delete
  2. ඒ පැත්තටත් ගියෙමි............ අදහස අගය කරමි.... පරිවර්ථනය ද පට්ටය... ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු සහෘද්ධය.

      Delete
  3. එයත් බ්ලොග් කාරියක් නිසා එල
    දෙන්න අපිට එයාගේ හැකියාවන් ඔයාගේ බ්ලොග් ඒක හරහා

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ ටිකේ නම් ටිකක් නිදහසක් තියෙනවා. ඒ මා කරන භාහිර කටයුතු අවුරුදු නිවාඩුවට නවත්වා තිබෙන නිසා. මෙන්ඩා කියවීමේ පිපාසයෙන් ඉන්නවා කියලා මම දන්නවා.

      Delete
  4. සුදීක අයියගෙන් තවත් කොකයේ අලුත් යමක්, අපුරුයි අයියා, අයියගේ පාර දිගේ තව ටිකක් හාරලා බැලුව. ස්තුතියි, කවියේ පරිවර්තනේත් අමුතුයි හිතන්න යමක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එයාලා අකුරු කරන්නේ ඔවුන්ගේ අත්දැකීම් නිසා, ඒවා රසවත් වෙන්නම ඕනේ. බොහොම ස්තුතියි. මේක කවියකට ගැලපෙන විදියට පරිවර්තනය කරන්න වුණා.

      Delete
    2. හුටා කොකයේ නෙවේ ලෝකයේ. :D

      Delete
    3. ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට මට ඒක තේරුණා.

      Delete
  5. ඒ බ්ලොග් එක සිංහලෙන් ලියන්ඩද හදන්නෙ

    ReplyDelete
    Replies
    1. නැහැ. එයාගෙත් හොඳ ඒවා තිබුණොත් පරිවර්තනය කරනවා. මට හමු වුණේ ඒ වගේ අප්‍රිකානු කවි සහ කෙටිකතා එකතුවක්. ඒකෙන් පොඩිම එක මේ කවිය. අනිත් ඒවා බලන්න වුණේ නෑ. හිතට වදින ඒවා තිබුණොත් තෝරලා පරිවර්තනය කරන්නම්.

      Delete
  6. ඉංගිරිස් ටිකක් අමාරුයි. ඒත් ඒ තියෙන සමහර දේවල් විතරයි. අවුල කියන්කෙ ඉංගිරිුකවි ඩික්ෂනරි පෙරලල තෝරන්න ගියොත් අවුල් වෙලා නන්න වෙලා නහුටං වෙලා යනේක.
    ඉතිං එකක් දෙකක් මගේ විදියට තෝරගෙන බැලුව. පොඩි නැත් ලොකු නැති අමුතු කික් එකක් තියෙනව ඒවැයි...

    දිගටම ට්‍රාන්ස්ලේසොං කොරනවැයි කිව්ව. අන්න ඒක නං හොඳම හොඳ වැඩක්..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මම කල්පනා කරේ මටත් ඔහොම යුගයක් තිබුණා. දැඩි පරිශ්‍රමයකින් තමයි අද ඉන්න තත්වෙට ආවේ. හිතුවොත් බැරි නෑ.

      Delete
  7. ඔබේ බ්ලොගය මගේ බ්ලොග් රෝල්ට දමා ගත්තා http://topbadfeed.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඒකටත්.

      Delete
  8. Replies
    1. ඇත්තටමද කිව්වේ ? බොහොම ස්තුතියි එහෙනං.

      Delete
    2. බොරුවට කරන්නේ අපහාස පමණි.
      වර්ණනාවන් ඇත්තටය.

      Delete
    3. දැන් මේ කමෙන්ට් එක වර්ණනාවක්ද ? නැතිනම් අපහාසයක්ද ?

      Delete
  9. කෙටි නමුත් හරබරයි. රසවත්.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...