Saturday, April 9, 2016

ලැබෙනවානම සම්මාන ලැබිය යුත්තේ මේවාටය ......

දෙවන වරටත් පවත්වන්නට යෙදුණු නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලින් පසුවද, පළමු වරට පැවැත්වීමෙන් අනතුරුව පැවතියාට පසු ඇති වූවාට වඩා වෙනස් කතිකාවක් ඇති වී තිබෙන බව පෙනෙන්නට තිබේ. ඒ එයට විවිධ මට්ටමෙන් සහභාගී වුවන් ලියා තිබෙන බ්ලොග් පොස්ට් සහ ඊ-මේල් පණිවුඩ මගින් කෙරෙන සංවාද හරහාය. ඊයේ මමත් අටමාත් මේ ගැන තරමක දුරකථන සංවාදයක් කරනු ලැබූ අතර ඉන්පසුව මෙහි ඇති සංකීර්ණ තත්වය පිළිබඳ යම් තරමක අවුබෝධයක් ඇති වුවා යැයි මට විශ්වාසයක් ඇති විය. 

අපි බ්ලොග් ලියන්නේ ඇයි ?

අප කිසිම කෙනෙක් සම්මාන බලාපොරොත්තුවෙන් බ්ලොග් ලියන්නට පටන් ගත් අය නොවේ යන්න මගේ විශ්වාසයයි. එහෙත් පසුගිය සහ මෙවර සම්මාන උළෙලවල් දැක, ඒ නිසා යම් කෙනෙකු ලිවීම ආරම්භ කළානම් එයද සම්මාන උළෙල ලද ජයක් වේ. මන්ද තමාගේ සැඟවුණු හැකියාවක් ඇතැයි විශ්වාස කරන තවත් කෙනෙකු මේ අවකාශයට එකතු වීම නිසාය. ඔහුට හෝ ඇයට ඔහු පිළිබඳව ඇති තක්සේරුව සම්මාන නොලැබුනද එයට ලැබෙන ප්‍රතිචාර වලින් අවුබෝධ කර ගත හැක. අප සැවොම අයත් වන්නේ ලියන්නට යමක් තිබුණද ,ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ අවකාශයක් නොලැබෙන පිරිසටය. මෙය ලෝකය පුරා හඳුනාගෙන තිබෙන්නේ පුරවැසි මාධ්‍ය ලෙසය. ඒවාට ප්‍රධාන දහරාවේ අයට කල නොහැකි බිම් මට්ටමේ වාර්තාකරණයක යෙදිය හැකිය. නමුත් වාර්තාකරණය බ්ලොග් වල කෙරෙන්නේ ඉතා ස්වල්පවය. නමුත් ෆේස්බුක් ආදී වෙනත් වඩා ඉක්මන් මාධ්‍ය වල ඒවා යහමින් සිදු වෙමින් පවතී. 

කාලයක් තිස්සේ බ්ලොග් කියවීමෙන් මා ලද අවුබෝධය නම් සමහර ප්‍රධාන මාධ්‍ය වලට වඩා රසවත්, ගවේෂණාත්මක, ඉහළ ප්‍රමිතියකින් යුක්ත ලිපි රචනා, කවි, ගීත, පරිවර්තන මේවායේ පළ වන බවය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට වඩා මමනම් බ්ලොග් වලට විශේෂ කැමැත්තක් දක්වන්නේ, මේවා කැපිලි කෙටිලි වලට ලක් කිරීමෙට කිසිවෙකුටත් නොහැකි නිසාය. ඒ පිළිබඳ අත්දැකීම් කිහිපයක්ම මටද ඇත. ලිවීමේ නිදහස මේවායේ උපරිමයෙන් තිබේ. නමුත් ප්‍රධාන මාධ්‍ය ඉක්මවා යාමට තරම් ඉහළ ප්‍රමිතියක් පවත්වා ගැනීම අපගේ වගකීමය. ලැබෙන අවකාශය අවභාවිතා කරන්නන්ද උපරිමයෙන් ඇත. නමුත් ඒවාට වාරණ දමන්නට කිසිවෙකුට නොහැකිය. කෙසේ වෙතත් බ්ලොග් යන්න අන්ධයන් දුටු අලියාට සමාන කල හැක. මා බ්ලොග් යනුවෙන් අවුබෝධ කරගෙන සිටින දෙයට වඩා සහමුලින්ම වෙනස් දෙයක් තවත් කෙනෙකු අවුබෝධ කරගෙන තිබීම අනිවාර්ය සිද්ධියකි. ඒ අය පසුකාලීනව කණ්ඩායම් වශයෙන් ගොනු වීමද වැලක්විය නොහැකි කරුණකි. ඒ රසවින්දනය පැත්තෙන් දක්වන සමානතාවය නිසාය. පහළින් මා දක්වන්නේ එසේ එක්-එක් අය අවුබෝධ කරගන්නා කාණ්ඩ කිහිපයකි
  • තමාගේ රසවින්දනය කවි, රචනා, නිසදැස්, කෙටිකතා, නවකතා (කොටින්ම සාහිත්‍ය )පැත්තට යොමු වුවන් සිතා සිටින්නේ හෝ නැතිනම් සිතන්නට පෙළඹෙන්නේ බ්ලොග් කරණය වඩා ඉහළින් යොදා ගත යුත්තේ එම කටයුතු වලට බවය. ලංකාවේ සාහිත්‍ය සහ පාසල් තරග කෙරෙන්නේ මෙයට අඩු වැඩි වශයෙන් සමාන පදනමකින් බව මගේ විශ්වාසයයි. සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය.
  • තමන්ගේ රසවින්දනය විද්‍යා සහ තාක්ෂණික පැත්තට යොමු වුවන් සිතන්නේ වඩා හොඳ සහ වටිනා ලියවිලි කළ යුත්තේ මේ අංශයෙන් බවය. වඩා ඉහළ පරාසයක් තිබෙන්නේ මේ පැත්තෙන් ලියන්නන්ට බවය. වැඩියෙන් පරිවර්තනයන් සිදු විය යුත්තේ මේ අංශයෙන් බවය. සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය. 
  • තමන්ගේ රසවින්දනය විනෝදාත්මක සහ සරල පැත්තට යොමු වුවන් සිතා සිටින්නේ වැඩි-වැඩියෙන් ලිපි සම්පාදනය විය යුත්තේ මේ පැත්තෙන් බවය. මේ අංශයෙන් ලියවෙන දෙයට ඉහළ ප්‍රතිචාර ලබා දීමට සහ ඒවා සම්පාදනය කරන කොටස විශ්මිත පිරිසක් බව ඔවුන් විශ්වාස කරති. සත්‍ය වශයෙන්ද ලියවීමකින් කෙනෙකු තුළ සිනහ ඇති කිරීම දක්ෂතාවකි. ඔවුන් සිතන්නේ සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය. 
  • වැඩි වශයෙන් ගුප්ත, අභිරහස්, සහ සැඟවුණු දේ පිළිබඳ ඇල්මක් දක්වන්නන් සිතා සිටින්නේ, වැඩි වශයෙන් මේ කාණ්ඩයේ බ්ලොග් කරුවන් බිහි වෙනවානම් කදිමයි යන්නය. එසේ ලියන අය ඉතා ඉහළ රසවින්දනයකින් යුක්ත පිරිසක් බව ඔවුන් විශ්වාස කරයි. ලොව පුරා සැඟවුණු හෝ අභිරහස් පිළිබඳ නිරන්තර සෙවිල්ලකින් පසුවන මෙම පිරිස වඩ-වඩාත් මේ අංශයෙන් ලියවෙන සහ පරිවර්තනයන් සිදු වීම අපේක්ෂා කරයි. ඔවුන්ද සිතන්නේ සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය.
  • 18+ ආරේ රසවින්දනයක් සහිත පිරිසක්ද අප අතරේ සිටිති. සමහරවිට බහුල වශයෙන් සිටින්නේ ඔවුන් විය යුතුය. මන්ද ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කථා කරන්නට බොහෝ දෙනා මැලි වන්නන් වුවද, රසවින්දනයට ඕනෑම කෙනෙකු අකමැත්තක් නොමැති බැවිනි. නමුත් ප්‍රසිද්ධයේ ඒ පිළිබඳ දිරිගන්වන්නට නොයන්නේ, තමන්ගේ කාඩ් එක කුඩු වන නිසාය. මගේ විශ්වාසයනම් වැඩිම මාකට් එකක් ඇත්තේ මේ ආරෙන් ලියන්නන්ට බවය. ඉතිං ඒවාට ප්‍රසිද්ධියේ ඇලූම් කරන, ඒවාම ජීවිතය කරගෙන සිටින්නන් සිතා සිටින්නේ සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය.
  • දේශපාලනය තම ජීවිතය කරගත් පිරිසක්ද අප අතර ඇත. ඔවුන්ට හිරු උදා වන්නේද, හිරු නොව සඳ බැස යන්නේද දේශපාලන කරුණු මත්තෙන්ය. ප්‍රධාන ධාරාවේ මාධ්‍යයේද වඩා බහුලව ඇති මේ අංශයේ ලිපි හැකිතාක්(සමහරවිට තමන් සහයෝගය දක්වන පාර්ශවයට සාධාරණත්වයක් දක්වමින් ලියන) කියවීම ඔවුන්ගේ අරමුණයි. මුහුණුපොතෙහි ඒවාට වෙන්වුණු පිටු වල වැටෙන පොස්ට් වලට කෙස්-පැළෙන තර්ක තම තම නැණ පමණින් ඉදිරිපත් කරයි. ඒවා ඔස්සේ ලියවෙන බ්ලොග් ඉතා අගය කරයි. ලියනවානම් ලිවිය යුත්තේ මේ අංශයෙන් බවද, හොඳ ලියන්නන්ගේ අඩුවක් ඇතැයිද විශ්වාස කරයි. ඔවුන්ගේ විශ්වාසය සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය.
  • ක්‍රීඩාව විශේෂයෙන්ම ක්‍රිකට් තම ජීවිතය කරගත් පිරිසක්ද ඇත. ඒ වෙනුවෙන් ලියන පිරිසක්ද ඇත. ඒ අංශයෙන් ලියවෙන ප්‍රමාණය සහ පරිවර්තනය වන ලිපි ප්රාමනයේ මද කමක් ඔවුන් දක්වයි. වත්පොත් සමාජ ජාලයේ ඒ පිළිබඳව ඇති කාණ්ඩ වල වැටෙන පොස්ට් වලට තමන්ගේ ප්‍රිය ක්‍රීඩකයා/ක්‍රීඩිකාව පැත්තෙන් සිට කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරති.සමහරවිට දේශාපාලනයද ඈඳාගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරති. ඔවුන්ටද හිරු උදා වන්නේද, සඳ බැස යන්නේද ක්‍රිකට් වලිනි. මේ පිළිබඳ ලියවෙන ප්‍රමාණයේ මදකමක් තිබෙන බව ඔවුන්ගේ මතයයි. නව ලියන්නන් එනවානම් ඒ පිළිබඳ මනා අවුබෝධයක් ඇති අය වියයුතු යයි විශ්වාස කරයි. නැතිනම් දැඩි සේ විවේචනය කරයි. ඔවුන්ගේද විශ්වාසය සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය.
  • සංගීතය ජීවිතය කරගත් පිරිසක්ද, සිනමාව ජීවිතය කරගත් පිරිසක්ද, යුද්ධය හෝ සාමය ජීවිතය කරගත් පිරිසක්ද, ඡායාරූපකරණය, රථවාහන, බස් කෝච්චි, පරිසර, ආහාර පාන, සංචාරය, ගැජට් සහ ස්මාර්ට් උපකරණ, විලාසිතා, නිෂ්පාදන, ප්‍රවෘති සහ කාලීන සංවාද, ආර්ථික, සුරතල් සතුන්, ආදී මෙකී නොකී සෑම අංශයකම බ්ලොග් එක්කෝ ලියවෙයි නැතිනම් කලක ලියවී වියැකී ඇත. මේ පිරිස්ද සිතන්නේ වඩාත් වැදගත් කාර්ය සිදු වන්නේ අප අතින් සහ මේ අංශයෙන් බැවින් වඩ-වඩාත් බ්ලොග් පොස්ට් ලියැවිය යුත්තේ මෙකී අංශයන්ගෙන් බවද සම්මාන ලැබෙනවානම සම්මාන ලැබිය යුත්තේ මේවාට බවය.
ඉතිං මෙය අන්ධයන් දුටු අලියාට සමාන කිරීමේ වරදක් තිබේද ? නමුත් මේ සියලුම අංශ වල සටහන් ඉතා උපේක්ෂාවෙන් කියවන පිරිසක්ද සිටී. තමන්ට අදාළ අංශයට ප්‍රතිචාරද දක්වයි. නොදන්නා දේ නොන්දන්නා බවද නිහතමානීව පවසයි. සමහරු නොදන්නා දේ දන්නා බව හඟවන්නට ගොස් අමාරුවේ වැටේ. සමහරුන් පෙන්වා දුන්පසු නිහතමානීව පිළිගනී. සමහරු තමන්ට වරදින බව පිළිගන්නට කැමති නැත. 

වරක් ප්‍රවීණ මාධ්‍යවේදී රංජන් පරණවිතාන මහතා මට ඉතා අගනා අවවාදයක් දෙනු ලැබිණි. ඒ "ඔබගේ කියවීම ප්‍රවෘත්ති, සාහිත්‍ය, දේශපාලනය, කලාව, විද්යාව, ක්‍රීඩා යන සියලුම අංශයන්ගෙන් සිදු කරන්න" යන්නයි. එතැක් පටන් මා කියවීම් සහ රූපවාහිනී රසවින්දනය ඒ අංශ වලට යොමු කරන්නට වග බලා ගන්නා ලද අතර, කාලානුරුපව මේවා ස්පර්ශ කරන ප්‍රමාණයන් අඩු වැඩි කළෙමි. මා දැන් වැඩි වශයන් කරන්නේ ගූගල් කිරීම බවද පැවසිය යුතුය. ඇත්තටම ගූගල් දෙවියෙකි. ගූගල් දෙවියෙකු කර ඇත්තේ එය ඇසුරු කරන ජනතාවමය.

ඉතිං මෙවැනි සංකීර්ණ පරාසයක විහිදුණු ලියැවිලි වලට සම්මාන දීම දැලි පිහියෙන් මීකිරි කනවාට වඩා ටී56න් මී පැණි බොනවා වගේ වැඩකි. එනිසා කෙදිනක සම්මාන උත්සව තිබුණද, තමන්ගේ සයිලෝවේ සිට තීන්දු ගන්නන් සිටින විට, විවේචන චෝදනා හෝ ගර්ජනා ඇති වීම ස්වභාවිකය. 

මගේ විශ්වාසය නම් "ඔබට කුමන අංශයෙන් සම්මාන ලැබුණොත් ඔබ සතුටු වන්නේද ?" යන්න තරගයේ යෙදී සිටින්නන්ගෙන් විමසිය යුතුය. ඉන්පසුව එකී බ්ලොග් කරු එම වර්ෂයේ ඒ අංශයෙන් ලියන ලද බ්ලොග් පොස්ට් විමසා බලා වඩාත් සුදුසු යයි හැඟෙන පොස්ට් තේරීම් කමිටුව විනිශ්චය මණ්ඩලයට යොමු කල යුතුය. එක අයෙකුට වර්ගීකරණ කිහිපයකට ඉදිරිපත් වීමට අවසර දිය යුතුය. ඒ ඒ සම්මාන අංශයට පතල දක්ෂතා දක්වන අය ලවා ඒ ඒ අංශ විනිශ්චය කර ගත යුතුය. එවිට අඩුම තරමෙන් සම්මාන ලබන්නා වත් සතුටට පත් වේ. සම්මානය සඳහා චිත්‍රපට යොමු කරන්නේද එලෙස බව මගේ විශ්වාසයයි. "තමන් පිළිබඳ නිසි තක්සේරුවක් තමන්ට තිබේ" යන්න මෙහි පූර්ව නිගමනයයි. අප බ්ලොග් ලියන අරමුණද එයයි. මේ වැඩි අංශ ගණනාවකට දස්කම් දක්වන්නා හොඳම බ්ලොග් රචකයා විය යුතුයි.ලෝක රූ රැජින තෝරන්නේ මෙවැනි පදනමකිනි. හොඳම චිත්‍රපට තොරන්නේද එවැනි ක්‍රමයකිනි. එක අංශයකට සුදුසුකම් ලැබීම වෙන අංශයකට ලැබෙන ලකුණු අඩු කිරීම ඔහුට හෝ ඇයට කරන අසාධාරණයකි. කණ්ඩායමක් විසින් රචනා කරනා බ්ලොග් පිළිබඳ වෙනමම සලකා බැලිය යුතුය. එවැනි තැනකදී ඒ ලියන අය වෙන, වෙනම තෝරාගැනීමට ලක් කල යුතුය. හොඳම ඒක පුද්ගල බ්ලොග් අඩවිය සහ හොඳම බ්ලොග් අඩවිය යන සම්මාන දෙකක් විය යුතුය. සමහරවිට තනි කෙනෙකුට මේ දෙකම ජය ගත හැකිය. 

60 comments:

  1. විනිශ්චය කරන කෙනා තමන් ප්‍රියකරන මාතෘකා සඳහා වැඩි අවධානයක් යොමු කරනවනම් ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි තමයි. එකම තේම් එකට ලියන අයට කෙසේ වෙතත් විවිධ අංශවලින් ලියන අයට ඒක ලොකු අසාධාරණයක් වෙනව. ඒ අතින් ඔබ කියල තියෙන විදියට අදාල ලේඛකයගෙන් ඒ ගැන අහල සම්මානයක් සඳහා නිර්දේශ කරන එක වටිනව.
    මමනං කැමති එකම තේම් එකට ලියන ඒවට වඩා විවිද මාතෘකා ඔස්සේ ලියන බ්ලොග් කියවන්න.

    T56 න් මීපැණි ‍බොන වැඩේ අපේ විචා අංකල්ට දුන්නොත් හරියයි මම හිතන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. බටේ අග මීපැණි ගාගනු

      Delete


    2. ඕක මොකක්ද

      යහපාලනේට හොදට කඩේ යන මාතලං වගෙ එකෙක් හොයල "වසරේ බ්ලොග්කරු" කියල දීල

      අනා රූනා රූන කටුස්සා ....ටකා ටිකා ටුකා.......කියල අනික් එවුන් දෙතුන් දෙනෙක් අල්ලගෙන දීල දානවා

      Delete
    3. [අනා රූනා රූන කටුස්සා ....ටකා ටිකා ටුකා.......]

      ආ.. කටුස්ස කියල කිව්වට උට ලැබුනද මන්ද.. මට මොකක්ද දන්නේ නැහැ දාපු නම..... හරි චෝයි

      Delete
  2. බොහොම ප්‍රබුද්ධ අදහස් දැක්වීමක් සුදීක. මා හිතනවා මේ ලිපිය නෙලුම්යායේ පලවෙයි කියා.

    ඇත්තෙන්ම, මෙවර මට ලැබුන සම්මානය, මා කිසිසේත් අපේක්ෂාකළ එකක් නෙවෙයි. ඡායාරූප අංශයෙන් හොඳම අඩවිය වීම මා විශ්මයට පත්කලා.

    අනික් අතින් බලන කල, මා ලියන හමුදා තොරතුරු ඇතුලත් ලිපි වෙනුවෙන්, සම්මානයක් සඳහා නිර්දේශ වීමට හැක්කේ, කුමන වර්ගීකරණය යටතේද යන්න, මටත් ගැටළුවක්.

    මීළඟ සම්මාන උළෙලට පෙර, මේ සඳහා ඉතා පුළුල් කතිකාවතක් ඇතිකිරීම කාලෝචිතයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ එදා ගත් ඡායාරුප හොඳ බවට නිර්දේශ වී තිබුණි. ඡායාරුප වලට නිර්දේශ වීමට එම ශිල්පියකු වීම අත්‍යවශ්‍ය නැත.

      Delete
    2. විචාරවිචාරක තුමා : දෙරණේ යන මා නොවන මම වගේ. එතනදී ගායකයා කියන්නේ තමන්ගේ නොවන ගීත.

      Delete
    3. මාතෘකාවට අදාල නැත.කමා කරන්න.
      හිරු 'සඳ ගිරි මුදුන' ද මා නොවන මා වැනිම රස ගුලාවකි.

      Delete
    4. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට. මොකක්ද චැනල් එක ?

      Delete
    5. ITN හරි ජාතිකේ හරි.ඉරිදා රෑ 10ට බලන්න.ඔවැනි වැඩසටහන් සියල්ලේ ඇරඹුම මෙයයි.

      Delete
    6. ඔබේ මාතෘකාවට ලිපි ලියන අය මා දැක ඇත්තේ අඩුවෙනි ... මොකද ඔබ හමුදා පාසලක් වගේ කියල මට වරෙක හිතුනා . ඒකයි ... වර්ගීකරණයක් ඇති නොවෙන්න ඇත්තේ

      Delete
  3. //ඉන්පසුව එකී බ්ලොග් කරු එම වර්ෂයේ ඒ අංශයෙන් ලියන ලද බ්ලොග් පොස්ට් විමසා බලා වඩාත් සුදුසු යයි තේරීම් කමිටුව විනිශ්චය මණ්ඩලයට යොමු කල යුතුය. එක අයෙකුට වර්ගීකරණ කිහිපයකට ඉදිරිපත් වීමට අවසර දිය යුතුය. // ඉතින් මචෝ එහෙමනේ.

    ReplyDelete
    Replies
    1. අපි කලේ එහෙමනේ. නිදහස් සිතුවිලි රවියට දෙකක ,දසත සැරිසර ට දෙකක් නිර්දේශ වුනේ විචාරකට ඡායාරුප නිර්දේශ වුනේ ඒකනේ. හමුදා ගැන අංගයක් නැති නිසා හා කොණ්ඩයා ගේ කටහ්ව ලියු විචාරකට හොඳම බ්ලොග් කරු සම්මාන කුසලතාවයක් දුන්නේ ඒකනේ .

      Delete
    2. බොහොම හොඳයි. ඒ නිර්ණායකය දිගටම පවත්වා ගමු. අජිත් මේ හැම දෙයක්ම සමබරව දකින කෙනෙක් හැටියට තමයි මම තේරුම් ගත්තේ.

      Delete
  4. සම්මාන උළෙලක ප්‍රමිතිය දියුණු කරනු පිණිස බොහොම හරවත් සාකච්ඡාවකට ආරම්භයක්. පැවති බ්ලොග් සම්මාන ප්‍රදානයන් පිළිබඳ තක්සේරුවක්. ඒ සියල්ලටම වඩා බ්ලොග් යනු මොනවාදැයි නිර්වචනය කරන්නට ගත් වෑයමක් විදිහට පළවන බ්ලොග් පෝස්ටුවක්. සුදීක කිව්ව වගේ අජිත් සහ ඊට දිරිදුන්, සහාය දුන් අය සමබරව දකින්නට උත්සාහ කරමින් දැවැන්ත අභියෝගයකට නොසැලී මුහුණ දුන් පිරිසක්

    ReplyDelete
    Replies
    1. සම්තින්ග් ඉස බෙටර් දෑන් නැතින්ග් කියන කතාව වගේ. මුලින් ආරම්භ කර ගත්තම ඒක හරි මගට ගන්න තුන්වෙනි පියවරේදී හැකි වෙන බව පැහැදිලියි. බොහොම ස්තුතියි අගය කිරීමට. අපි කවුරුත් දකින්නේ අපේ කෝණයෙන්. සද්භාවයෙන් කලොත් කිසිම වෑයමක් පරාජය වෙන්නේ නෑ.

      Delete
  5. බ්ලොග් යනු කුමක්ද හා බ්ලොග් කරුවෙක් යනු කවුද කියන එකට නිර්වචනයක් හදලා දෙන්න බැරිද ? මෙච්චර අන්තර්ජාලය පරිහරණය කරණවයි කියන මේ යුගයේදීත් ඕක මෙච්ච අමාරු මොකද කියලා මට හිතාගන්නම බෑ...

    ReplyDelete
    Replies
    1. හනේ සෙන්නා මම අර මගේ ලිපියෙත් කිව්වා වගේ අන්තර්ජාලය පරිහරණය කරන, එහෙත් බ්ලොග් ගැන නොදන්න / පරිහරණය නොකරන මොකුත් නොදන්න කෙනෙකුට, බ්ලොග් කියන එක කියලා දීම, මටනම් මහා වදයක්. මගේ හමුදා යාලුවන් බර ගණනකට කියලා තියනවා, යකෝ මම බ්ලොග් එකක් ලියනවා බලාපියව්, බලලා බනින්න ඕනෙනම් බැනපියව් කියලා. උන් මට කෝල් දාලා කියනවා හරී ෂෝක් කියලා. කමෙන්ට් දැම්මේ නැත්තේ ඇයි කිව්වම කියනවා වෙලාවක් නැතිලු. මොන විකාරද උන් හැමවෙලේම මූණුපොතේ නිදිවදිනවා.

      Delete
    2. මේකට බ්ලොග් කියන්නේ නැතිව පල් හෑලි කිව්වනම් බලයි. නැත්නම් කැලෑ පත්තර කිව්වනම්.

      Delete
  6. Saneadathmaka emenma harawath lipiyak 18 + blog posts walata wadi illumak athi kathawa apith dakapu deyak 😃

    ReplyDelete
    Replies
    1. ඉස්සර හොඳ 18+ ලියන සෙට් එකක් හිටියා. පොඩි මෑන්. සෑම් එහෙම. දැන් මාතා විතරයි.

      Delete
  7. අය්යෙ සම්මාන උළෙලෙ නිසා සිදුවුණ දේවල් නම් බොහොමයි.ගොඩක් බ්ලොග් ලියන්නන් අඳුරගන්න ලැබුන වගේම බ්ලොග් ලියල අතරමග නවත්තල දාල තිබ්බ කීප දෙනෙක්ම ආයේ ලියන්න උනන්දු උන බවත් කියන්න ඕන.ඒක නෙලුම්යාය නිසා වෙච්ච හොඳ වැඩක්. හැබැයි කනගාටුවෙන් කියන්න දෙයකුත් තියනවා නෙලුම් යායේ සම්මාන ලැබුන සමහර බ්ලොග්කරුවන්ගේ සම්මාන වලට අනෙක් අය විවේචන එල්ල කිරීම නිසා කලකිරීම වලට පත්වෙච්ච අයත් ඉන්නවා කියල නම් ආරංචි උනා. මං හිතන්නේ මේ කවුරුත් බලෙන් සම්මාන ඉල්ලගත්තේ නැහැ.එයාලත් නොදන්න විනිශ්චය මණ්ඩලයක් තමා ඒ නිර්මාණ තේරුවෙ. සම්මාන ලැබුනට පසුව ඒ විවේචන එල්ල නොකර සම්මාන නිර්දේශ වෙලා පළකර තිබ්බ අවස්ථාවෙ තමන්ගේ මත ඉදිරිපත් කරලා විසන්දගත්ත නම් හොඳයි කියලයි මට හිතුනෙ.එහෙම නැති උනොත් වෙන්නෙ හොඳ බ්ලොග් නිර්මාණ කරුවන් කලකිරීමට පත්වෙලා බ්ලොග් අවකාශෙන් සමුගන්න එක.අපි මේ මොනවා කිව්වත් සම්මාන වලට බ්ලොග් පෝස්ටු තෝරාගන්න එක ලේසි වැඩක් නෙවේ කීයක් නම් බ්ලොග් පෝසටු කියල කියවන්නද. මේ අතරේ මග හැරෙන බ්ලොග් පෝස්ටු වගේම සමහරවිට මග අරුන බ්ලොග් අඩවි පවා ඇති. විනිශ්චය මණ්ඩලයට හිටි කවුරු උනත් රස්සාවක් කරන පවුලක් බලාගන්න කාර්යබහුල මිනිස්සු මේ දේවල්වලට වෙනම කැපවෙන එකත් ලේසි නැහැ. අපි ඒ දේත් තේරුම් ගන්න වෙනවා. මට හිතෙනවා ඊළඟ සම්මාන උළෙලට කලින් බ්ලොග් කරුවන් හැමෝගෙම අදහස් අරන් පොදු එකඟතාවයකට එන්න පුලුවන්නම් කලකිරීම සහ පසු විවේචන අවම වෙලා මේ දේ තවත් සාර්ථක වේවි..අන්තිමට කියන්න ඕන බ්ලොග් ලියන්න සම්මාන අවශ්‍යම නෑ අපි හැමෝම ලියන්නේ හිතේ සතුටට :)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ උත්තරේ මගේ පොස්ට් එකේ තියෙනවා. තමන් ඉන්න පොල් කට්ටෙන් එලියට ඇවිත් බලන්න ඕනේ. එතකොට පේනවා. තමන්ට තමන් ගැන තක්සේරුවක් තියෙන්නේ ඕනේ.

      Delete
    2. බොහොම ස්තුතියි හංසි ඒක තේරුම් ගත්තට සහ ලස්සනට ලිව්වට. මට හරිම කණගාටුයි සම්මාන ගත්ත අයව විවේචනය කරන එක ගැන. ඒ කිසි කෙනෙක් අපට සම්මාන දෙන්න කියල ඉල්ලුවේ නැහැනේ. වැරැද්ද අපි භාර ගන්න ඕනේ එයාලට එන විවේචන වලට. . (සුදික "පොල් කට්ටෙන් එලියට " :) )

      Delete
    3. සම්මාන දුන්නට විනිශ්චය මණ්ඩලය කවුද කියල අපි දන්නේ නැනේ .. අජිත් අයියේ ...

      Delete
    4. අජිත්...තමුසෙට සල්ලි වැඩි නම් අසරණ දරුවො ටිකකට උදව් කරනවා ඒවත් යොදාගෙන අර වතුර දුන්න වැඩේ වගේ දෙයක් කරලා..මේ කිසිම කමකට නැති සම්මාන රෙද්ද නොකර..මේ වැඩෙන් තමුසෙලා බලාපොරොත්තු වෙන දේවල් වෙන්නෙ නෑ..බ්ලොග් ලියන උන් කල්ලි ගැහිලා අසමගි වෙලා එක එකාට ඇරගන්න එක විතරයි වෙන්නෙ...

      Delete
    5. ඇයි හලෝ දැක්කේ නැත්ද තලව කැලේ ළමයින්ට, මොනරාගල ළමයින්ට, බදුල්ලේ ළමයින්ට කරන ඒවා. අයි විදානේ රතන්පුරේ පාසලකට විදුලිය දෙන්න වයර් ඇදලත් ඉවරයි. තව එකකට විදානේ මුලික වෙලා ෆොටෝ කොපි මැෂිමක දෙනවා. දන්නැති දේ ගැන කතා නොකර ඉන්න.

      Delete
  8. රන්ජන් පරමනාදන් කියලත් ලේකකයෙක් හිටියා නේද කලුතර පැත්තේ?

    ReplyDelete
    Replies
    1. එහෙමද මට නම් හමු වෙලා හෝ, කියවන්න වෙලා නෑ.

      Delete
  9. සියලුම බ්ලොග් තරග බිමට ගෙනත් තෝරනවට වඩා හොඳ නැද්ද කැමති අයට තරඟයට තමාගේ බ්ලොගය ඉදිරිපත් කරන්න හෝ නොකරන්න අවස්ථාවක් දීලා, ඉන් පස්සේ ඉදිරිපත් වන්නන් ගෙන් තෝරන එක. මං දැක්කා සියළුම බ්ලොග් කියවා අවසානයේ තෝරා ගත් ඇතැම් බ්ලොග් හිමිකරුවන් ප්‍රතික්ෂේප කලා කියල තමාගේ සම්මාන, එතකොට අර තෝරන්න කියෙව්ව කෙනාගේ කාලය..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් ලියන්නේ පුද්ගලික තෘප්තිමක් බවකට නම්... මොකටද තරඟයකට ඉදිරිපත්වෙන්නේ? එහෙම ඉදිරිපත් වෙනවා කියන්නේ මොකටද එහෙනම්? මම නම් කියන්නේ මේක අගයකිරීමක්/ඇගයීමක් මිසක් 'තාම' වෙනත් අරමුණක් නැහැය කියල. අනිත් එක එක්කෙනෙක් නෙවෙයි තෝරන්නේ, සමුහයක් එකට එකතු වෙලා. ඒ ඒ අංශ වලට කැමති අය / උනන්දු අය ඒ ඒ අංශ වලට පෝස්ට් නිර්දේශ කරනවා. ඔක්කොම කරන්නේ එක්කෙනෙක් නම් තමයි ප්‍රශ්නේ එන්නේ. මම දන්නා තරමට එහෙම නෙවෙයි. තනි මතයක් තිබීම ප්‍රැක්ටිකල් නැති උනත් 'පොදු මතයක්' තියෙනවා. විනිශ්චයේදීත් එක පවතියි කියා විස්වාස කරනවා.

      Delete
    2. මේක උපරිම සාධාරණ කරන්න උදව් කරන එක තමයි අපිට කරන්න පුළුවන්.

      Delete
    3. \\'තාම' වෙනත් අරමුණක්\\
      ++++++++++++

      Delete
  10. මේක හොඳ සටහනක් සුදීක . මෙවර සංවිධායක මණ්ඩලයේ කැපවීම ඉහළින්ම අගය කරනවා.
    ඉදිරියේදී බ්ලොග් ප්‍රමාණය වැඩි වීමෙන් වෙන්න පුළුවන් අපහසුතා මග හරවන්න කරන්න තියෙන හොඳම දේ තමයි හොඳ කැටගරි ටිකක් හදලා ඒවාට කැමති අයට ඉල්ලන්න කියා හෝ ඕනෑම කෙනෙකුට අදාළ නිර්ණායක යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දීම. මොනා උනත් නිර්දේශිත ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන්න කලින් ඒ බ්ලොග්කරුවන්ගේ කැමැත්ත ලබා ගැනීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඔව්. කැමැත්ත ඕනේ. නැත්නම් නිකං අර "එපා වාහෙට හොදි බෙදනවා" වගේ වැඩක් වෙන්නේ.

      Delete
    2. නිර්දේශ කරපු බ්ලෝග කරුවෝ හැමෝටම සුමිත් ලිව්වා කියල මම හිතන්නේ.

      Delete
    3. ලියන අයගේ පැත්තෙනුත් මෙහෙම කරන්න කියල 'ඉල්ලන්න' පුළුවන්. ඒ කියන්නේ ලේබල්/ටැග් කිරීමක් කරනවා නම් පෝස්ට් එක තෝරන අයට ඒ ඒ අංශ වලින් බලන්න පුළුවන්.

      උදා: පෝස්ට් එක 'සංචාර/ගවේෂණ' කියන ලේබල් යටතේ ටැග කරනවා නම් එහි තිබ්බ පින්තුර හොඳ උනත් ඒ කැටගරියෙන් නොසලකා ඉන්න පුළුවන්. ඒ වගේම 'ජායාරුප/සංචාර' ලේබල් දෙකම තිබේ නම් ඒ කැටගරි දෙක යටතේම සලකලා බලන්න පුළුවන්.

      ඒ කියන්නේ ලිපියේ අන්තර්ගතය ලියන කෙනාගේ පැත්තෙන් තෝරලා දෙනවා. එයින් ඔවුන්ට වෙන අගතිය අවම වෙනවා නේද? මොකද හිතන්නේ?

      Delete
  11. ඔබේ දිගු ලිපිය කියෙව්ව. මාත් අලුත්ම අලුත් බ්ලොග් ලියන්නෙක්. මුහුණු පොතේ කාලයක් තිස්සෙ කුරුටු ගෑ දේවල් පල කළා. බස්සිගේ බ්ලොගය අහම්බෙන් දැක්කම තමයි බ්ලොග් කියන්නෙ මොනවද කියල හෙව්වෙත්. මං විස්වාස කරන විදියටනම් බ්ලොග් මාධ්‍ය මගෙ ඇතුළාන්තයේ විඳවීම් විඳීම් සමනය කරගන්න ප්‍රත්‍යක්ෂ ඔසුවක්. සම්මාන හා අනෙකුත් ඔබ කතා කරන කාරණා ගැන කියන්ටනම් මට තාම බ්ලොග් මාධ්‍ය තුළ අත්දැකීම් මද බව හිතුණා. ආ බවට සටහනක් තියා යන්නැයි ඔබ කියා තිබූ නිසයි මේ කුරුටු ගෑම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඕනෑම දෙයක් තේරුණේ නැතිනම්, ටිකක් බලාගෙන ඉන්න එක තමයි හොඳම ක්‍රමය. පැහැදිලි වෙන්නෙම නැතිනම් කෙනෙකුගෙන් අහ ගන්න එක ඊළඟ පියවර. සටහන තබීම ඉතා වටිනවා.

      Delete
  12. ඔබේ දිගු ලිපිය කියෙව්ව. මාත් අලුත්ම අලුත් බ්ලොග් ලියන්නෙක්. මුහුණු පොතේ කාලයක් තිස්සෙ කුරුටු ගෑ දේවල් පල කළා. බස්සිගේ බ්ලොගය අහම්බෙන් දැක්කම තමයි බ්ලොග් කියන්නෙ මොනවද කියල හෙව්වෙත්. මං විස්වාස කරන විදියටනම් බ්ලොග් මාධ්‍ය මගෙ ඇතුළාන්තයේ විඳවීම් විඳීම් සමනය කරගන්න ප්‍රත්‍යක්ෂ ඔසුවක්. සම්මාන හා අනෙකුත් ඔබ කතා කරන කාරණා ගැන කියන්ටනම් මට තාම බ්ලොග් මාධ්‍ය තුළ අත්දැකීම් මද බව හිතුණා. ආ බවට සටහනක් තියා යන්නැයි ඔබ කියා තිබූ නිසයි මේ කුරුටු ගෑම.

    ReplyDelete
  13. Replies
    1. බොහොම ස්තුතියි අජිත්.

      Delete
  14. සුදීක මචෝ අර අජිත් ට ගෙනත් දුන්න කෙහෙල් කොලේ බත් එකක් එන වෙලාවක ගෙනත් දියන්කෝ

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉවරයි ඉයන්. ආයේ හම්බ වෙන්නේ නැහැ.

      Delete
    2. කොලේ එව්වොත් බත් එක හදාගන්න පුළුවන් නෙහ් ?

      Delete
    3. මේ දවස් වල ගෙනාවොත් පරිප්පුයි, බතුයි, පොල් සම්බෝලයි විතරයි ගේන්න වෙන්නේ. මයිල් ඇතිණිය ගමේ ගිහිං.

      Delete
  15. අපි ලිව්වේ සම්මාන බලාගෙන නොවේය.
    සුදීක කිව්වා වාගේම අපිට ලියන්න දෙයක් ඇත. එත් ප්‍රධාන ධාරාව ඇතුලේ ඉඩක් නැත.(අපි ලියන හැටියට ඉතින් ඒවායේ ඉඩක් ලොවෙත් හම්බුවෙන්නේ නැත)
    ඒ නිසා සම්මාන ලැබීම හෝ නොලැබීම මට නම් ප්‍රශ්නයක් නොවේය.
    පලවෙනි නෙලුම් යායට එන්න බැරිවුණා ට දෙවෙනි එකට කොහොම හරි ආවේ එල්සීඩී තිර හරහා දැක බලා ගත්තු කී බෝඩ් මවුස් හරහා කතා බහ කරපු මිනිස්සු එක්ක මනුස්සයෝ වගේ කතා බහ කරලා අඳුන ගන්න ය.
    ඊළඟ නෙලුම් යායවල් තිබ්බොත් එව්වාට එන්නෙත් ඒ හේතුව නිසාමය.
    සම්මාන උළෙල ගැන මගේ අදහස එසේය.
    -------
    ඔබේ යෝජනා වලත් ගන්න ඕන දෙයක් තියෙන බව පේනවා .
    ඊළඟ නෙලුම් යායවල් වලදී සලකා බලාවි කියලා බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් අපු සමූහයක් වශයෙන් එකතු වීම වැදගත්.

      Delete
  16. මං අජිත්ගේ බ්ලොග් එකෙත් ඇහුවා සෑහෙන්න හොඳ පෝස්ට් හුඟාක් තියන (අන් බ්ලොග් වලටවඩා ) බ්ලොග් එකකට හොඳම බ්ලොග් එක කියලා දෙන එක හරි ඒත් එක අති විශිෂ්ඨ පෝස්ට් එකක් පමණක් තියන බ්ලොග් කාරයෙකුට හොඳම පෝස්ට් එක කියලා දෙන එක සාධාරණ නේද කියල

    ReplyDelete
    Replies
    1. ඔව්. හොඳම බ්ලොග් එක තෝරා ගැනීමට බොහෝ පොස්ට් හොඳ වීම වැදගත්.

      Delete
  17. විග්‍රහය හොඳයි. ප්‍රායෝගිකයි...

    ReplyDelete
  18. හුගකාලෙකට පස්සේ මේ පැත්තට ගොඩ උනේ.
    අය්යන්දී ...ඔය මොන කාරනාව යටතේ ලිව්වත් මේ වගේ දෙයක් (බ්ලොග්) තියන ඒක ගැන මම අදටත් ගොඩක් සතුටු වෙනවා. සම්මානයක් දීලා ඒ අයව උස්සලා ගන්න එකත් වටිනවා.
    මට තමයි මේ සම්මාන උළෙල්දී වැඩිම සම්මාන ගනනක් ලැබුනේ ඇයි දන්නවද මේ බ්ලොග් ඔක්කොම මගේ කියලනේ මම හිතගෙන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙන්ඩා, වෙනදා මට මතක් කරන්නේ උඹනේ. ඇත්තටම අපිව මුලින්ම අගය කරපු උඹට මේ සම්මාන ලැබුණා වගේ ඇති.

      Delete
  19. නෙළුම් යාය ගැන මට ඇත්තේ තදබල විවේචනයක්..තමන්ගෙ හිත මිතුරන්ගෙ බ්ලොග් ටික කියවලා...ඒවට සම්මාන දීලා තමන් කියවන්නෙ නැති ඒවා නිකංම බැහැර කරලා..සමස්ත බ්ලොග් සමාජයටම සම්මාන දුන්නා කියලා පුරසාරම් දොඩන එක හරිම විහිළුවක්...පවතින ආණ්ඩුවට ජැක් ගහලා මේක දිව්වට ආණ්ඩුව පෙරලුන දවසට නෙළුම් යායට හුළං ගහපු එකෙක්වත් හොයාගන්න නෑ..


    එකට කන බොන උන්ට සම්මාන දෙන්න මොනවටද බං සම්මාන උලෙලක්..මොකක්ද නිර්ණායකයන්..කවුද විනිශ්චය මණ්ඩලය..මොකක්ද ප්‍ර‍මිතිය...මෙදා පාර බස්සිට පළමු තැන දෙන්න උන් තීරණය කලේ ඔය සම්මාන උලෙලෙ විනිශ්චය කරලා නෙමෙයි..පටන් ගන්නත් කලින්...මේ වගේ යටින් ගේම් ගහන සම්මාන උලෙලකින් ඵලක් තියේද ?

    ReplyDelete
    Replies
    1. ඔහේ හරියට බලන් හිටිය වගේනේ කතා කරන්නේ. ඔය තෝරපු 57 ම මගේ යාළුවෝ කියල ඔප්පු කරන්න පුලුවන්ද? යාළුවන්ට දෙනවා නම් මම දෙන්නේ. අපි කොහෙවත් කිසිම තැනක කියල නැහැ සමස්ත බ්ලොග් සමාජයටම සම්මාන දෙනවා කියල. නිර්දේශ දාපු හැම ලිපියකම ලියල තියෙනව මග හැරෙන්න පුළුවන් කියල. හැම තැනම කියල තියනවා නෙළුම් යාය වෙබ් අඩවියේ පලවෙච්ච ඒවා සහ වෙනාත් සිඳී වල හැකි තරම් බලල තෝරන්නේ කියල. ආණ්ඩුව පෙරලුනත් ගෙනියන්න උත්සහ කරනවා. නමුත් අර ගිය සැරේ වගේ පොඩි විවේචන්යකටත් මරාගෙන කන්න එන ආණ්ඩුවකින් නම් කරන්න බැරි වෙයි. එහෙම නිදහස යට කරන ඒවාට එන්නේ නොදෙන එක ජනටහ්වගේ වගකීම වගකීම. මොන දේශපාලන පක්ෂේ වුනත් කරන්න ඕනේ එක. අපි ඔහෙලට කියනන් ඕනේ නැහැ කවුද විනිශචය මණ්ඩල, ක්නිර්නයක කිසිං දෙයක්. ඒවා ඕනේ තරම් ලියල තියෙනවා නෙලුම් යායේ . ඇවිල්ල බැලුවනම් කියෙව්වා නම් තේරෙයි. බස්සිට පළමු තැන දෙන්න කලින් ඇවිල්ල බලන්න අපි නිර්දේශ කරපු නම් ටික වත්. ඔහේගේ දේශපාලන පක්ෂෙට දෙන්න ඕනය කියල හිතනවානම් ඒක වැරදිලා.

      Delete
    2. // යාළුවන්ට දෙනවා නම් මම දෙන්නේ.// ඇත්තටම මගේ යාලුවෝ බ්ලොග් ලියන්නේ නැහැනේ. ගිය අවුරුද්දේ සිට අඳුර ගත්ත බ්ලොග් කරුවෝ නම් ඉන්නවා. ඒගොල්ල මව යාළුවෙක් හැටියට ගණන් ගන්නවද දන්නේ නැහැ.

      Delete
    3. @ඇනෝ : විවේචනය කරන්න සාධාරණ අයිතියක් තියෙන්න ඕනේ. එහෙම කෙනෙක්නම් නමින් එන්න ඕනේ.

      @අජිත් : මේ දේවල් වලට උත්තර දුන්නම, ඒ කියන දේ පිළිගත්තා වෙනවා. දන්න අය කරපු දේ දන්නා නිසා නිහඬව ඉඳීම තමයි වටින්නේ.

      Delete
  20. ඔබ කියා තිබෙන කරුණු වල සත්‍ය තාව එකෙන්ම පිලි ගනමි මේ වගේ ලිපියක් මම ද ලීවෙමි ගොහින් බලන්න http://topnetsystem.blogspot.com/2016/04/blog-post.html

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...